යෙදුමෙන් කියවන්න

9. සුප‍්පාරකජාතකවණ‍්ණනා 463 අට‍්ඨකථා

9. සුප‍්පාරකජාතකවණ‍්ණනා (463)

9. සුප්පාරක ජාතකය (463)

උම‍්මුජ‍්ජන‍්ති නිමුජ‍්ජන‍්තීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො පඤ‍්ඤාපාරමිං ආරබ‍්භ කථෙසි. එකදිවසඤ‍්හි සායන‍්හසමයෙ තථාගතස‍්ස ධම‍්මං දෙසෙතුං නික‍්ඛමනං ආගමයමානා භික‍්ඛූ ධම‍්මසභායං නිසීදිත්‍වා “ආවුසො, අහො සත්‍ථා මහාපඤ‍්ඤො පුථුපඤ‍්ඤො හාසපඤ‍්ඤො ජවනපඤ‍්ඤො තික‍්ඛපඤ‍්ඤො නිබ‍්බෙධිකපඤ‍්ඤො තත්‍ර තත්‍ර උපායපඤ‍්ඤාය සමන‍්නාගතො විපුලාය පථවීසමාය, මහාසමුද‍්දො විය ගම‍්භීරාය, ආකාසො විය විත්‍ථිණ‍්ණාය, සකලජම‍්බුදීපස‍්මිඤ‍්හි උට‍්ඨිතපඤ‍්හො දසබලං අතික‍්කමිත්‍වා ගන‍්තුං සමත්‍ථො නාම නත්‍ථි. යථා මහාසමුද‍්දෙ උට‍්ඨිතඌමියො වෙලං නාතික‍්කමන‍්ති, වෙලං පත්‍වාව භිජ‍්ජන‍්ති, එවං න කොචි පඤ‍්හො දසබලං අතික‍්කමති, සත්‍ථු පාදමූලං පත්‍වා භිජ‍්ජතෙවා”ති දසබලස‍්ස මහාපඤ‍්ඤාපාරමිං වණ‍්ණෙසුං. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, තථාගතො ඉදානෙව පඤ‍්ඤවා, පුබ‍්බෙපි අපරිපක‍්කෙ ඤාණෙ පඤ‍්ඤවාව, අන්‍ධො හුත්‍වාපි මහාසමුද‍්දෙ උදකසඤ‍්ඤාය ‘ඉමස‍්මිං ඉමස‍්මිං සමුද‍්දෙ ඉදං නාම ඉදං නාම රතන’න‍්ති අඤ‍්ඤාසී”ති වත්‍වා අතීතං ආහරි.

උමමුජ්ජන්ති නිමුජ්ජන්ති යන මේ ගාථාව ශාස්තෘන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් ප්‍රඥා පාරමිතාව අරබයාදේශනා කළ සේක. එක් දවසක් සවස් කාලයෙහි තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන්නට නික්ම පැමිණීම අපේක්‍ෂා කරන්නා වූ භික්‍ෂූහු දම්සභාවෙහි හිඳ ඇවැත්නි, පුදුමයකි. ශාස්තෲන් වහන්සේ මහත්වූ ප්‍රඥා ඇති සේක. පුළුල් වූ ප්‍රඥා ඇති සේක. දිළියෙන ප්‍රඥා ඇති සේක. දිවෙන ප්‍රඥා ඇති සේක. තියුණු ප්‍රඥා ඇති සේක. විනිවිද යන ප්‍රඥා ඇති සේක. ඒ ඒ තන්හි උපාය ඥානයෙන් යුක්ත වූ උන්වහන්සේ පුළුල් වූ බැවින් මහපොළොව මෙන්ද මහමුහුද මෙන් ගැඹුරින්ද පැතිරුණ බැවින් අහස මෙන්ද වූයේ මුළු දඹදිව තලයෙහි නැගුණ ප්‍රශ්න දසබලධාරී බුදුන් ඉක්මවා යන්නට සමත් වූයේ නම් නැත. යම්සේ මහ මුහුදෙහු උපන් රළ ඉවුර ඉක්මවා නොයයිද වෙරළට පැමිණම බිඳේද මෙසේ කවරෙකුවත් නුවණින් බුදුන් නොඉක්මවයි. ශාස්තෲන් වහන්සේගේ පාමුලට පැමිණ බිඳෙයි ම යයි බුදුරදුන්ගේ මහා ප්‍රඥා පාරමිතාව වර්ණනා කළාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් වූ කථාවෙකින් යුක්ත වූවාහු දැයි විමසා මෙනම් වූවෙකිනැයි කී කල්හි මහණෙනි, බුදුරජු නුවණැති වූයේ දැන් පමණක් නොවේ. නොපිරිපුන් ඤාණය ඇති පෙරද නුවණැති වූයේම යයිද අන්‍ධයෙක් වීද මහමුහුදෙහි ජලය පිළිබඳ හැඳිනීමෙන් මේ මුහුදෙහි මෙනම් වූ මෙනම් වූ රත්න වේයයි දත්තේ යයි කියා අතීත ප්‍රවෘත්තිය නෙහැර පා වදාළ සේක.

අතීතෙ කුරුරට‍්ඨෙ කුරුරාජා නාම රජ‍්ජං කාරෙසි, කුරුකච‍්ඡං නාම පට‍්ටනගාමො අහොසි. තදා බොධිසත‍්තො කුරුකච‍්ඡෙ නියාමකජෙට‍්ඨකස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති පාසාදිකො සුවණ‍්ණවණ‍්ණො, “සුප‍්පාරකකුමාරො”තිස‍්ස නාමං කරිංසු. සො මහන‍්තෙන පරිවාරෙන වඩ‍්ඪන‍්තො සොළසවස‍්සකාලෙයෙව නියාමකසිප‍්පෙ නිප‍්ඵත‍්තිං පත්‍වා අපරභාගෙ පිතු අච‍්චයෙන නියාමකජෙට‍්ඨකො හුත්‍වා නියාමකකම‍්මං අකාසි, පණ‍්ඩිතො ඤාණසම‍්පන‍්නො අහොසි. තෙන ආරුළ‍්හනාවාය බ්‍යාපත‍්ති නාම නත්‍ථි. තස‍්ස අපරභාගෙ ලොණජලපහටානි ද‍්වෙපි චක‍්ඛූනි නස‍්සිංසු. සො තතො පට‍්ඨාය නියාමකජෙට‍්ඨකො හුත්‍වාපි නියාමකකම‍්මං අකත්‍වා “රාජානං නිස‍්සාය ජීවිස‍්සාමී”ති රාජානං උපසඞ‍්කමි. අථ නං රාජා අග‍්ඝාපනියකම‍්මෙ ඨපෙසි. සො තතො පට‍්ඨාය රඤ‍්ඤො හත්‍ථිරතනඅස‍්සරතනමුත‍්තසාරමණිසාරාදීනි අග‍්ඝාපෙසි.

අතීතයෙහි භරු රට භරු නම් රජු රාජ්‍යය කරවීය. (එහි) භරු කච්ඡ නම් පටුන් ගමක් වීය. එකල්හි බෝධිසත්ත්ව තෙමේ භරු කච්ඡයෙහි නැව්පතියාගේ පුතු වී උපන්නේය. පැහැපත් වූ රන්වන් වූ ඔහුට සුප්පාරක යයි නම් කළාහුය. ඔහු මහත් පිරිවරින් වැඩෙන්නේ සොළොස් අවුරුදු කාලයෙහිම නැව් මෙහෙයවීමේ ශිල්පයෙහි නිමාවට පැමිණ මෑත කාලයෙහි පියා ඇවෑමෙන් නැව්පතියා වී නැව් මෙහෙයවීමේ කාර්යය කළේය. ඔහු පණ්ඩිතය. නුවණින් සමන්විතය. ඔහු නැගි නැවෙහි විපතක් නම් නැත. මෑත කාලයෙහි ලුණු වතුරෙන් පහර ලද ඔහුගේ දෙඇස් නැසුනි. ඔහු එතැන් පටන් නැව් මෙහෙයවන්නන්ගේ ප්‍රධානියා වී මෙහෙයවීමේ කටයුතු නොකර රජු ඇසුරුකොට ජීවත් වන්නෙමියි. රජු වෙත එළඹියේය. ඉක්බිති රජු ඔහුට මිල නියම කිරීමේ කාර්යයෙහි තැබීය. ඔහු එතැන් පටන් රජුගේ ඇත් රුවන්, අස් රුවන්, මුතු, මැණික් ආදීන් මිල නියම කරයි.

අථෙකදිවසං “රඤ‍්ඤො මඞ‍්ගලහත්‍ථී භවිස‍්සතී”ති කාළපාසාණකූටවණ‍්ණං එකං වාරණං ආනෙසුං. තං දිස‍්වා රාජා “පණ‍්ඩිතස‍්ස දස‍්සෙථා”ති ආහ. අථ නං තස‍්ස සන‍්තිකං නයිංසු. සො හත්‍ථෙන තස‍්ස සරීරං පරිමජ‍්ජිත්‍වා “නායං මඞ‍්ගලහත්‍ථී භවිතුං අනුච‍්ඡවිකො, පාදෙහි වාමනධාතුකො එස, එතඤ‍්හි මාතා විජායමානා අඞ‍්කෙන සම‍්පටිච‍්ඡිතුං නාසක‍්ඛි, තස‍්මා භූමියං පතිත්‍වා පච‍්ඡිමපාදෙහි වාමනධාතුකො හොතී”ති ආහ. හත්‍ථිං ගහෙත්‍වා ආගතෙ පුච‍්ඡිංසු. තෙ “සච‍්චං පණ‍්ඩිතො කථෙතී”ති වදිංසු. තං කාරණං රාජා සුත්‍වා තුට‍්ඨො තස‍්ස අට‍්ඨ කහාපණෙ දාපෙසි.

ඉක්බිති එක්දිනක් රජුගේ මඟුල් ඇතා වන්නේ යයි කළුගල් කුලක පැහැ ඇති එක් ඇතෙකු ගෙන ආවාහුය. රජු ඌ දැක පණ්ඩිතයාට දකුවවු යයි කීය. ඉක්බිති හෙතෙම ඔහු සමීපයට ගෙන ගියේය. හෙතෙම අතින් ඌගේ ශරීරය පිරිමැද මොහු මඟුල් ඇතා වීමට සුදුසු නොවේ. මෙතෙම පාදයන්ගෙන් කුරු වූ මූල ප්‍රකෘති ඇත්තෙකි. මව මොහු වදන්නී ඇකයෙන් පිළිගැනීමට නොහැකි වීය. එහෙයින් බිම වැටී පසුපාදයන්හි කුරු වූ ප්‍රකෘති ඇත්තේ වී යයි කීය. ඔවුහු ඇතු ගෙන ආ අයගෙන් විමසූහ. ඔවුහු පණ්ඩිතයා ඇත්තක් කියයි යයි කීවාහුය. රජ ඒ කාරණය අසා සතුටු වී ඔහුට කහවනු අටක් දෙවීය.

පුනෙකදිවසං “රඤ‍්ඤො මඞ‍්ගලඅස‍්සො භවිස‍්සතී”ති එකං අස‍්සං ආනයිංසු. තම‍්පි රාජා පණ‍්ඩිතස‍්ස සන‍්තිකං පෙසෙසි. සො තම‍්පි හත්‍ථෙන පරාමසිත්‍වා “අයං මඞ‍්ගලඅස‍්සො භවිතුං න යුත‍්තො, එතස‍්ස හි ජාතදිවසෙයෙව මාතා මරි, තස‍්මා මාතු ඛීරං අලභන‍්තො න සම‍්මා වඩ‍්ඪිතො”ති ආහ. සාපිස‍්ස කථා සච‍්චාව අහොසි. තම‍්පි සුත්‍වා රාජා තුස‍්සිත්‍වා අට‍්ඨ කහාපණෙ දාපෙසි. අථෙකදිවසං “රඤ‍්ඤො මඞ‍්ගලරථො භවිස‍්සතී”ති රථං ආහරිංසු. තම‍්පි රාජා තස‍්ස සන‍්තිකං පෙසෙසි. සො තම‍්පි හත්‍ථෙන පරාමසිත්‍වා “අයං රථො සුසිරරුක‍්ඛෙන කතො, තස‍්මා රඤ‍්ඤො නානුච‍්ඡවිකො”ති ආහ. සාපිස‍්ස කථා සච‍්චාව අහොසි. රාජා තම‍්පි සුත්‍වා අට‍්ඨෙව කහාපණෙ දාපෙසි. අථස‍්ස මහග‍්ඝං කම‍්බලරතනං ආහරිංසු. තම‍්පි තස‍්සෙව පෙසෙසි. සො තම‍්පි හත්‍ථෙන පරාමසිත්‍වා “ඉමස‍්ස මූසිකච‍්ඡින‍්නං එකට‍්ඨානං අත්‍ථී”ති ආහ. සොධෙන‍්තා තං දිස‍්වා රඤ‍්ඤො ආරොචෙසුං. රාජා සුත්‍වා තුස‍්සිත්‍වා අට‍්ඨෙව කහාපණෙ දාපෙසි.

නැවත එක්දිනක් මඟුල් අසු වන්නේ යයි එක් අශ්වයෙකු ගෙන ආවාහුය. රජු ඌද පණ්ඩිතයාගේ සමීපයට යැවීය. හෙතෙම අතින් ස්පර්ශ කර මේ අශ්වයා මංගල අශ්වයා වීමට නුසුදුසුය. මොහු උපන් දවසෙහිම මව මළාය. එහෙයින් මව්කිරි නොලබන්නේ මනාව නොවැඩුනේ යයි කීය. ඉක්බිති අශ්වයා ගෙන ආ මිනිස්සුද ඔහුගේ කථාව සත්‍ය යයි කීහ. රජු එයද අසා සතුටු වී කහවනු අටක්ම දෙවීය. ඉක්බිති එක් දවසක මගුල් රිය වන්නේ යයි රථයක් ගෙන ආවේය. රජු එයද ඔහුගේ සමීපයට යැවීය. ඔහු එය අතින් ස්පර්ශ කර මේ රථය සිදුරු සහිත ගසකින් කරන ලදි. එහෙයින් රජුට නුසුදුසු යයි කීවේය. ඔහුගේ ඒ කථාවද සත්‍යයම වීය. රජු එයද අසා කහවනු අටක්ම දෙවීය. ඉක්බිති ඔහුට බොහෝ වටනා වූ උතුම් ලොම්වලින් කළ වස්ත්‍රයක් ගෙන ආවාහුය. එයද ඔහුටම යැවීය. ඔහු එය අතින් පිරිමැද මෙහි මීයන් විසින් සිඳින ලද එක්තැනක් ඇතැයි කීය. පිරිසිදු කරන්නෝ එය දැක රජුට දැන්වූහ. රජු සතුටු වී කහවනු අටක්ම දෙවීය.

සො චින‍්තෙසි “අයං රාජා එවරූපානිපි අච‍්ඡරියානි දිස‍්වා අට‍්ඨෙව කහාපණෙ දාපෙසි, ඉමස‍්ස දායො න‍්හාපිතදායො, න‍්හාපිතජාතිකො භවිස‍්සති, කිං මෙ එවරූපෙන රාජුපට‍්ඨානෙන, අත‍්තනො වසනට‍්ඨානමෙව ගමිස‍්සාමී”ති. සො කුරුකච‍්ඡපට‍්ටනමෙව පච‍්චාගමි. තස‍්මිං තත්‍ථ වසන‍්තෙ වාණිජා නාවං සජ‍්ජෙත්‍වා “කං නියාමකං කරිස‍්සාමා”ති මන‍්තෙසුං. “සුප‍්පාරකපණ‍්ඩිතෙන ආරුළ‍්හනාවා න බ්‍යාපජ‍්ජති, එස පණ‍්ඩිතො උපායකුසලො, අන්‍ධො සමානොපි සුප‍්පාරකපණ‍්ඩිතොව උත‍්තමො”ති තං උපසඞ‍්කමිත්‍වා “නියාමකො නො හොහී”ති වත්‍වා “තාතා, අහං අන්‍ධො, කථං නියාමකකම‍්මං කරිස‍්සාමී”ති වුත‍්තෙ “සාමි, අන්‍ධාපි තුම‍්හෙයෙව අම‍්හාකං උත‍්තමා”ති පුනප‍්පුනං යාචියමානො “සාධු තාතා, තුම‍්හෙහි ආරොචිතසඤ‍්ඤාය නියාමකො භවිස‍්සාමී”ති තෙසං නාවං අභිරුහි. තෙ නාවාය මහාසමුද‍්දං පක‍්ඛන්‍දිංසු. නාවා සත‍්ත දිවසානි නිරුපද‍්දවා අගමාසි, තතො අකාලවාතං උප‍්පාතිතං උප‍්පජ‍්ජි, නාවා චත‍්තාරො මාසෙ පකතිසමුද‍්දපිට‍්ඨෙ විචරිත්‍වා ඛුරමාලීසමුද‍්දං නාම පත‍්තා. තත්‍ථ මච‍්ඡා මනුස‍්සසමානසරීරා ඛුරනාසා උදකෙ උම‍්මුජ‍්ජනිමුජ‍්ජං කරොන‍්ති. වාණිජා තෙ දිස‍්වා මහාසත‍්තං තස‍්ස සමුද‍්දස‍්ස නාමං පුච‍්ඡන‍්තා පඨමං ගාථමාහංසු –

ඔහු සිතීය. මේ රජු මෙවැනි ආශ්චර්යයන් දැක කහවනු අටක්ම දෙවීය. මොහුගේ පරිත්‍යාගය කරණවෑමි දීමක් වැනිය. කරණවෑමියෙකුට ජාතක වූවෙකු වන්නේ යයි සිතා මට මෙබඳු වූ රාජ උපස්ථානයෙන් කවර ප්‍රයෝජනයක්ද, තමාගේ වාසස්ථානයටම යන්නෙමියි හෙතෙම භරුකච්ඡ පටුනටම පෙරළා ගියේය. ඔහු එහි වසන කල්හි වෙළෙන්දෝ නැව් සකසා කවරෙක් නැවිපතියා කරන්නෙමුදැයි කථා කරන්නාහු සුප්පාරක පණ්ඩිතයා විසින් නැංවූ නැව් විපතට පත් නොවේ. මෙතෙම පණ්ඩිතය. උපායෙහි දක්‍ෂය. අන්‍ධ වූයේද සුප්පාරක පණ්ඩිතයාම උතුම් යයි ඔහු වෙත එළඹ අපගේ නැව්පතියා වෙවයි කියා, දරුවනි, මම අන්‍ධ වෙමි. කෙසේ නම් මෙහෙයවීමේ කාර්යය කරන්නෙමි දැයි කී කල්හි ස්වාමීනි, අන්‍ධ වූයේද තෙපිම අපිට උතුම් යයි නැවත නැවතත් අයදිනු ලබන්නේ දරුවනි මැනවි. නුඹලා විසින් දෙනු ලබන සංඥාවෙන් නියමුවා වන්නෙමියි ඔවුන්ගේ නැවට නැංගේය. ඔවුහු නැවෙන් මහමුහුදට පැන වැදුනාහුය. නැව සත් දවසක් උවදුරු රහිතව ගියේය. අනතුරුව අකල් සුළඟක් උපන්නේය. නැව සතර මාසයක් මහමුහුද මත හැසිරී ඛුරමාල නම් මුහුදට පැමිණියා එහි මිනිස් සිරුර හා සමාන සිරුර ඇති මත්ස්‍යයෝ දැලිපිහි වැනි නාසයන් ජලයෙහි දිය මතුපිටට ගෙනඒම හා කිමිදීම කරත්. වෙළෙන්දෝ ඔවුන් දැක මහා සත්ත්වයන්ගේ ඒ මුහුදෙහි නම විමසන්නාහු පළමුවන ගාථාව කීවාහුය.

“උම‍්මුජ‍්ජන‍්ති නිමුජ‍්ජන‍්ති, මනුස‍්සා ඛුරනාසිකා; සුප‍්පාරකං තං පුච‍්ඡාම, සමුද‍්දො කතමො අය”න‍්ති.

උම්මුජ්ජන්ති නිමුජ්ජන්ති මනුස්සා ඛුර නාසිකා, සුප්පාර තනතං පුච්ඡාම සමුද්දො කතමො අයං

1. දැලිපිහියක බඳු මුවහත වැනි නාස ඇති මනුෂ්‍යයෝ මතුවෙති. ගිලෙති. මේ කවර මුහුදක් දැයි සුප්පාරක පඬිතුමන් විමසමු.

එවං තෙහි පුට‍්ඨො මහාසත‍්තො අත‍්තනො නියාමකසුත‍්තෙන සංසන්‍දිත්‍වා දුතියං ගාථමාහ –

ඔවුන් විසින් විමසන ලද මහාසත්ත්වයා තමාගේ මෙහෙයවීමේ සූත්‍රයෙන් ගලපා දෙවන ගාථාව කීවේය.

“කුරුකච‍්ඡා පයාතානං, වාණිජානං ධනෙසිනං; නාවාය විප‍්පනට‍්ඨාය, ඛුරමාලීති වුච‍්චතී”ති.

2. භරුකච්ඡ නම් පටුන්ගමින් නික්මුන, ධනය සොයන වෙළඳුන්ගේ නැව විනාශයට පත් වූ මේ මුහුද ඛුරමාලී යයි කියනු ලැබේ.

තත්‍ථ පයාතානන‍්ති කුරුකච‍්ඡපට‍්ටනා නික‍්ඛමිත්‍වා ගච‍්ඡන‍්තානං. ධනෙසිනන‍්ති තුම‍්හාකං වාණිජානං ධනං පරියෙසන‍්තානං. නාවාය විප‍්පනට‍්ඨායාති තාත තුම‍්හාකං ඉමාය විදෙසං පක‍්ඛන්‍දනාවාය කම‍්මකාරකං පකතිසමුද‍්දං අතික‍්කමිත්‍වා සම‍්පත‍්තො අයං සමුද‍්දො “ඛුරමාලී”ති වුච‍්චති, එවමෙතං පණ‍්ඩිතා කථෙන‍්තීති.

එහි පයාතානං යනු භරුකච්ඡ පටුනෙන් නික්මී යන්නවුන්ගේ. ධනෙසිනං යනු ධනය සොයන්නා වූ ඔබලා වැනි වෙළෙඳුන්ගේ. නාවාය විප්පනට්ඨාය යනු දරුවනි, නුඹලාගේ විදේශයට යන්නා වූ මේ නැවෙහි. දිවිපැවැත්ම සඳහා කරන්නා ප්‍රකෘති මුහුද ඉක්මවා පැමිණි මේ මුහුද. ඛුරමාලීති වුච්චතී යනු මෙය මෙනම් ඇත්තේ යයි පණ්ඩිතයෝ කියති යි.

තස‍්මිං පන සමුද‍්දෙ වජිරං උස‍්සන‍්නං හොති. මහාසත‍්තො “සචාහං ‘අයං වජිරසමුද‍්දො’ති එවං එතෙසං කථෙස‍්සාමි, ලොභෙන බහුං වජිරං ගණ‍්හිත්‍වා නාවං ඔසීදාපෙස‍්සන‍්තී”ති තෙසං අනාචික‍්ඛිත්‍වාව නාවං ලග‍්ගාපෙත්‍වා උපායෙනෙකං යොත‍්තං ගහෙත්‍වා මච‍්ඡගහණනියාමෙන ජාලං ඛිපාපෙත්‍වා වජිරසාරං උද‍්ධරිත්‍වා නාවායං පක‍්ඛිපිත්‍වා අඤ‍්ඤං අප‍්පග‍්ඝභණ‍්ඩං ඡඩ‍්ඩාපෙසි. නාවා තං සමුද‍්දං අතික‍්කමිත්‍වා පුරතො අග‍්ගිමාලිං නාම ගතා. සො පජ‍්ජලිතඅග‍්ගික‍්ඛන්‍ධො විය මජ‍්ඣන‍්හිකසූරියො විය ච ඔභාසං මුඤ‍්චන‍්තො අට‍්ඨාසි. වාණිජා –

ඒ මුහුදෙහි දියමන්තී උපදී. ඉදින් මම මේ දියමන්ති මුහුද යයි මෙසේ මොවුන්ට කියන්නේ නම් ලෝභයෙන් බොහෝ දියමන්ති ගෙන නැව ගිලවන්නාහු යයි ඔවුන්ට නොකියාම නැව නැංගුරම්ලා උපායෙන් එක් යොතක් ගෙන මසුන් ගන්නා ක්‍රමයෙන් දෑල ලවා දියමන්ති උඩට ගෙන නැවෙහි දමා අන් ස්වල්ප වූ වටිනාකම් ඇති දෙය බැහැරට දැම්මවීය. නැව ඒ මුහුද ඉක්මවා ඔබ්බෙහි වූ අග්ගිමාලි නම් මුහුදට ගියාය. ඒ මුහුද දිළියෙන ගිනිකඳක් මෙන්ද මධ්‍යාහ්නයේ සූර්යයා මෙන්ද කාන්තිය මුදමින් සිටියේය. වෙළෙන්දෝ.

“යථා අග‍්ගීව සූරියොව, සමුද‍්දො පටිදිස‍්සති; සුප‍්පාරකං තං පුච‍්ඡාම, සමුද‍්දො කතමො අය”න‍්ති. –

3. යම් සේ ගින්න මෙන්ද සූර්යයා මෙන්ද මුහුද පෙනෙන්නේය. මේ කවර මුහුදක් දැයි සුප්පාරක පඬිතුමන් විමසමු.

ගාථාය තං පුච‍්ඡිංසු; මහාසත‍්තොපි තෙසං අනන‍්තරගාථාය කථෙසි –

යන ගාථාවෙන් ඔහු විමසූහ. මහා සත්ත්වයෝද අනතුරු ගාථාවෙන් (මෙසේ) කීවේය.

“කුරුකච‍්ඡා පයාතානං, වාණිජානං ධනෙසිනං; නාවාය විප‍්පනට‍්ඨාය, අග‍්ගිමාලීති වුච‍්චතී”ති.

4. භරුකච්ඡ නම් පටුන්ගමින් නික්මුන, ධනය සොයන වෙළෙදුන්ගේ නැව විනාශයට පත්වූ, මේ මුහුද අග්ගිමාලී යයි කියනු ලැබේ.

තස‍්මිං පන සමුද‍්දෙ සුවණ‍්ණං උස‍්සන‍්නං අහොසි. මහාසත‍්තො පුරිමනයෙනෙව තතොපි සුවණ‍්ණං ගාහාපෙත්‍වා නාවායං පක‍්ඛිපාපෙසි. නාවා තම‍්පි සමුද‍්දං අතික‍්කමිත්‍වා ඛීරං විය දධිං විය ච ඔභාසන‍්තං දධිමාලිං නාම සමුද‍්දං පාපුණි. වාණිජා –

ඒ මුහුදෙහි රන් ඉතා බහුල වූයේ වීය. මහා සත්ත්වයෝ පෙර පරිදිම එයිනුදු රන් ගෙන්වාගෙන නැවෙහි දැමීය. නැව ඒ මුහුදද ඉක්මවා කිරි මෙන්ද දීකිරි මෙන්ද බබලන්නා වූ දධිමාලි නම් මුහුදට පැමිණියේය. වෙළෙන්දෝ

“යථා දධීව ඛීරංව, සමුද‍්දො පටිදිස‍්සති; සුප‍්පාරකං තං පුච‍්ඡාම, සමුද‍්දො කතමො අය”න‍්ති. –

5. යම්සේ මුහුද කිරි මෙන්ද දීකිරි මෙන්ද පෙනෙන්නේය. මේ කවර මුහුදක් දැයි සුප්පාරක පඬිතුමන් විමසමු.

ගාථාය තස‍්සපි නාමං පුච‍්ඡිංසු. මහාසත‍්තො අනන‍්තරගාථාය ආචික‍්ඛි –

යන මේ ගාථාවෙන් එහි නම විමසූහ. මහා සත්ත්වයෝ අනතුරු ගාථාවෙන් කීවේය.

“කුරුකච‍්ඡා පයාතානං, වාණිජානං ධනෙසිනං; නාවාය විප‍්පනට‍්ඨාය, දධිමාලීති වුච‍්චතී”ති.

6. භරුකච්ඡ පටුන්ගමින් නික්මුන, ධනය සොයන වෙළෙඳුන්ගේ නැව විනාශයට පත්වුන, මේ මුහුද දධිමාලී යයි කියනු ලැබේ.

තස‍්මිං පන සමුද‍්දෙ රජතං උස‍්සන‍්නං අහොසි. සො තම‍්පි උපායෙන ගාහාපෙත්‍වා නාවායං පක‍්ඛිපාපෙසි . නාවා තම‍්පි සමුද‍්දං අතික‍්කමිත්‍වා නීලකුසතිණං විය සම‍්පන‍්නසස‍්සං විය ච ඔභාසමානං නීලවණ‍්ණං කුසමාලිං නාම සමුද‍්දං පාපුණි. වාණිජා –

ඒ මුහුදෙහි රිදී ඉතා බහුල වූයේය. හෙතෙම එයද උපායෙන් ගෙන නැවෙහි දැම්මවීය. නැව ඒ මුහුදද ඉක්මවා නිල්පැහැ කුසතන මෙන්ද ධාන්‍යයෙන් යුක්ත වූවාක් මෙන්ද බබලන්නා වූ නිල්පැහැ ඇති කුසමාලී නම් මුහුදට පැමිණියේය. වෙළෙන්දෝ.

“යථා කුසොව සස‍්සොව, සමුද‍්දො පටිදිස‍්සති; සුප‍්පාරකං තං පුච‍්ඡාම, සමුද‍්දො කතමො අය”න‍්ති. –

7. යම් සේ මුහුද කුසතණ මෙන්ද ධාන්‍ය මෙන්ද පෙනෙන්නේය. මේ කවර මුහුදක් දැයි සුප්පාරක පඬිතුමන් විමසමු.

ගාථාය තස‍්සපි නාමං පුච‍්ඡිංසු. සො අනන‍්තරගාථාය ආචික‍්ඛි –

යන ගාථාවෙන් ඒ මුහුදේද නම විමසූහ. හෙතෙම අනතුරු ගාථාවෙන් මෙසේ කීවේය.

“කුරුකච‍්ඡා පයාතානං, වාණිජානං ධනෙසිනං; නාවාය විප‍්පනට‍්ඨාය, කුසමාලීති වුච‍්චතී”ති.

8. භරුකච්ඡ පටුන් ගමින් නික්මුන, ධනය සොයන වෙළෙඳුන්ගේ නැව විනාශයට පත්වුන මේ මුහුද කුසමාලී යයි කියනු ලැබේ.

තස‍්මිං පන සමුද‍්දෙ නීලමණිරතනං උස‍්සන‍්නං අහොසි. සො තම‍්පි උපායෙනෙව ගාහාපෙත්‍වා නාවායං පක‍්ඛිපාපෙසි. නාවා තම‍්පි සමුද‍්දං අතික‍්කමිත්‍වා නළවනං විය වෙළුවනං විය ච ඛායමානං නළමාලිං නාම සමුද‍්දං පාපුණි. වාණිජා –

ඒ මුහුදෙහි නිල් මැණික් බහුල වූයේ වීය. හෙතෙම එයද උපායෙන් ගෙන්වාගෙන නැවෙහි දැම්මවීය. නැව ඒ මුහුදද ඉක්මවා බට වනයක් මෙන් ද උණ වනයක් මෙන් ද වැටහෙන්නා වූ නළමාලී නම් මුහුදට පැමිණියේය. වෙළෙන්දෝ.

“යථා නළොව වෙළූව, සමුද‍්දො පටිදිස‍්සති; සුප‍්පාරකං තං පුච‍්ඡාම, සමුද‍්දො කතමො අය”න‍්ති. –

9. යම් සේ මුහුද බට වනයක් මෙන්ද උණ වනයක් මෙන්ද පෙනෙන්නේය. මේ කවර මුහුදක් දැයි සුප්පාරක පඬිතුමන් විමසමු.

ගාථාය තස‍්සපි නාමං පුච‍්ඡිංසු. මහාසත‍්තො අනන‍්තරගාථාය කථෙසි –

යන ගාථවෙන් ඒ මුහුදේද නම විමසූහ. මහාසත්‍ව තෙමේ අනතුරුව එන ගාථාවෙන් මෙසේ කීවේය.

“කුරුකච‍්ඡා පයාතානං, වාණිජානං ධනෙසිනං; නාවාය විප‍්පනට‍්ඨාය, නළමාලීති වුච‍්චතී”ති.

10. භරුකච්ඡ පටුන්ගමින් නික්මුන, ධනය සොයන, වෙළඳුන්ගේ නැව විනාශයට පත්වුන, මේ මුහුද නළමාලී යයි කියනු ලැබේ.

තස‍්මිං පන සමුද‍්දෙ මසාරගල‍්ලං වෙළුරියං උස‍්සන‍්නං අහොසි. සො තම‍්පි උපායෙන ගාහාපෙත්‍වා නාවායං පක‍්ඛිපාපෙසි. අපරො නයො – නළොති විච‍්ඡිකනළොපි කක‍්කටකනළොපි, සො රත‍්තවණ‍්ණො හොති. වෙළූති පන පවාළස‍්සෙතං නාමං, සො ච සමුද‍්දො පවාළුස‍්සන‍්නො රත‍්තොභාසො අහොසි, තස‍්මා “යථා නළොව වෙළුවා”ති පුච‍්ඡිංසු. මහාසත‍්තො තතො පවාළං ගාහාපෙසීති.

ඒ මුහුදෙහි වෛදූය්‍යී මැණික් බහුල වූයේය. හෙතෙම එයද ගෙන්වා නැවෙහි දැම්මවීය. වෙනත් තිදෙනෙක් බට දැයි. ගොණුසු බටදැයි කකුළු බටදැයි වේ. එය රත්පැහැ වෙයි. වේළු යනු පබලුවලට මේ නමකි. ඒ මුහුද පබලු බහුල වූයේ රතුපාට කාන්ති ඇත්තේ වීය. එහෙයින් බට හෝ උණ හෝදැයි විචාළාහුය. මහා සත්ත්ව තෙමේ පබලු ගන්නට සැලැස්වීය.

වාණිජා නළමාලිං අතික‍්කන‍්තා බලවාමුඛසමුද‍්දං නාම පස‍්සිංසු. තත්‍ථ උදකං කඩ‍්ඪිත්‍වා කඩ‍්ඪිත්‍වා සබ‍්බතො භාගෙන උග‍්ගච‍්ඡති. තස‍්මිං සබ‍්බතො භාගෙන උග‍්ගතෙ උදකං සබ‍්බතො භාගෙන ඡින‍්නපපාතමහාසොබ‍්භො විය පඤ‍්ඤායති, ඌමියා උග‍්ගතාය එකතො පපාතසදිසං හොති, භයජනනො සද‍්දො උප‍්පජ‍්ජති සොතානි භින්‍දන‍්තො විය හදයං ඵාලෙන‍්තො විය ච. තං දිස‍්වා වාණිජා භීතතසිතා –

වෙළෙන්දෝ නළමාලී මුහුද ඉක්මවූවාහු වළභාමුඛ නම් වූ මුහුද දුටහ. එහි ජලය කැඩී හැමපසින් උඩට නැගේ. එහි හැම පසින් නැගුන ජලය හැමපසින්ම සිදුන ඉවුරු ඇති මහා දියවළක් මෙන් පෙනේ. නැගුණා වූ රළ කරණකොට එක් පසකින් ප්‍රපාතයක් හා සමාන වේ. බිය එළවන සුළු ශබ්දයක් උපදී. කන් බිඳින්නාක් මෙන්ද හදවත පලන්නාක් මෙන්ද වීය. වෙළෙන්දෝ එය දැක බියෙන් තැති ගත්තාහු.

“මහබ‍්භයො භිංසනකො, සද‍්දො සුය්‍යතිමානුසො; යථා සොබ‍්භො පපාතොව, සමුද‍්දො පටිදිස‍්සති; සුප‍්පාරකං තං පුච‍්ඡාම, සමුද‍්දො කතමො අය”න‍්ති. –

11. මහත් වූ බිය ඇති. බිය උපදවන, අමනුෂ්‍යයන්ගේ හඬ අස්වන්නා වූ, මුහුද දියවළක් මෙන්ද ප්‍රපාතයක් මෙන්ද පෙනෙන්නේය. මේ කවර මුහුදක් දැයි සුප්පාරක පඬිතුමන් විමසමු.

ගාථාය තස‍්සපි නාමං පුච‍්ඡිංසු.

යන ගාථාවෙන් ඒ මුහුදේ නම විමසූහ.

තත්‍ථ සුය්‍යතිමානුසොති සුය්‍යති අමානුසො සද‍්දො.

එහි සුය්‍යතමානුසො යනු මිනිසුන් පිළිබඳව නොවූ මහමුහුද අසනු ලැබේ.

“කුරුකච‍්ඡා පයාතානං, වාණිජානං ධනෙසිනං; නාවාය විප‍්පනට‍්ඨාය, බලවාමුඛීති වුච‍්චතී”ති. –

12. භරුකච්ඡ නම් පටුන්ගමින් නික්මුන, ධනය සොයන වෙළඳුන්ගේ නැව විනාශයට පත්වුන මේ මුහුද වළභාමුඛී යයි කියනු ලැබේ.

බොධිසත‍්තො අනන‍්තරගාථාය තස‍්ස නාමං ආචික‍්ඛිත්‍වා “තාතා, ඉමං බලවාමුඛසමුද‍්දං පත්‍වා නිවත‍්තිතුං සමත්‍ථා නාවා නාම නත්‍ථි, අයං සම‍්පත‍්තනාවං නිමුජ‍්ජාපෙත්‍වා විනාසං පාපෙතී”ති ආහ. තඤ‍්ච නාවං සත‍්ත මනුස‍්සසතානි අභිරුහිංසු. තෙ සබ‍්බෙ මරණභයභීතා එකප‍්පහාරෙනෙව අවීචිම‍්හි පච‍්චමානසත‍්තා විය අතිකාරුඤ‍්ඤං රවං මුඤ‍්චිංසු. මහාසත‍්තො “ඨපෙත්‍වා මං අඤ‍්ඤො එතෙසං සොත්‍ථිභාවං කාතුං සමත්‍ථො නාම නත්‍ථි, සච‍්චකිරියාය තෙසං සොත්‍ථිං කරිස‍්සාමී”ති චින‍්තෙත්‍වා තෙ ආමන‍්තෙත්‍වා ආහ – “තාතා, ඛිප‍්පං මං ගන්‍ධොදකෙන න‍්හාපෙත්‍වා අහතවත්‍ථානි නිවාසාපෙත්‍වා පුණ‍්ණපාතිං සජ‍්ජෙත්‍වා නාවාය ධුරෙ ඨපෙථා”ති. තෙ වෙගෙන තථා කරිංසු. මහාසත‍්තො උභොහි හත්‍ථෙහි පුණ‍්ණපාතිං ගහෙත්‍වා නාවාය ධුරෙ ඨිතො සච‍්චකිරියං කරොන‍්තො ඔසානගාථමාහ –

බෝධිසත්‍ව තෙමේ අනතුරු ගාථාවෙන් ඒ මුහුදේ නම කියා දරුවෙනි, මේ වළභාමුඛී මුහුදට පැමිණ නවතින්නට සමත් නැවක් නම් නැත. මෙය වෙත පැමිණි නැව ගිලී විනාශයට පත් වේ යයි කීය. ඒ නැවට මිනිස්සු සත් සියයක් නැංගාහුය. ඒ සියල්ලෝම මරණ බියෙන් බියපත් වූවාහු එක් පහරින්ම අවීචියෙහි පැසෙන්නා වූ සත්ත්වයන් මෙන් ඉතා අසරණ නාදයක් මිදුවාහුය. මහාසත්ත්ව තෙමේ මාහැර අනිකෙක් මොවුන් සැපවත් කරන්නට සමර්ථයෙක් නම් නැත. සත්‍යක්‍රියාවෙන් ඔවුන්ට සුවය කරන්නෙමියි සිතා ඔවුන් අමතා දරුවනි, වහා මා සුවඳ දියෙන් නහවා සුදු වස්ත්‍ර හඳවා පිරුණු පාත්‍රයක් සරසා පිළියෙල කරවා නැවෙහි හිසෙහි තබවයි කීය. ඔවුහු වේගයෙන් එසේ කළාහුය. මහා සත්ත්වයෝ දෙඅතින් පිරුණු පාත්‍රය ගෙන නැව්හිසෙහි සිටියේ සත්‍යක්‍රියා කරන්නේ අවසාන ගාථාව කීය.

“යතො සරාමි අත‍්තානං, යතො පත‍්තොස‍්මි විඤ‍්ඤුතං; නාභිජානාමි සඤ‍්චිච‍්ච, එකපාණම‍්පි හිංසිතං; එතෙන සච‍්චවජ‍්ජෙන, සොත්‍ථිං නාවා නිවත‍්තතූ”ති.

13. යම්කලෙක පටන් තමා සිහිකරමිද යම් කලක පටන් නුවණැති බවට පත්වූයෙමිද එතැන් පටන් දැන දැන එක් සතෙකුද පෙළු බවක් නොදනිමි. මේ සත්‍ය වචනයේ බලයෙන් නැව සුවසේ (නිරුපද්‍රිතව) ආපසු හැරේවා.

තත්‍ථ යතොති යතො පට‍්ඨාය අහං අත‍්තානං සරාමි, යතො පට‍්ඨාය චම‍්හි විඤ‍්ඤුතං පත‍්තොති අත්‍ථො. එකපාණම‍්පි හිංසිතන‍්ති එත්‍ථන‍්තරෙ සඤ‍්චිච‍්ච එකං කුන්‍ථකිපිල‍්ලිකපාණම‍්පි හිංසිතං නාභිජානාමි. දෙසනාමත‍්තමෙවෙතං, බොධිසත‍්තො පන තිණසලාකම‍්පි උපාදාය මයා පරසන‍්තකං න ගහිතපුබ‍්බං, ලොභවසෙන පරදාරං න ඔලොකිතපුබ‍්බං, මුසා න භාසිතපුබ‍්බා, තිණග‍්ගෙනාපි මජ‍්ජං න පිවිතපුබ‍්බන‍්ති එවං පඤ‍්චසීලවසෙන පන සච‍්චකිරියං අකාසි, කත්‍වා ච පන පුණ‍්ණපාතියා උදකං නාවාය ධුරෙ අභිසිඤ‍්චි.

එහි යතො යනු යම්දිනක පටන් මම තමා සිහි කරමිද යම් දිනක පටන් මම නුවණැති බවට පත් වූයෙමිද යන අර්ථයි. එක පාණම්පි හිංසිතං යනු මේ අතර දැන දැන එක් කුරු කුහුඹු ප්‍රාණියෙකුදු හිංසාවට ලක් කළ බවක් නොදනිමි. මෙය දේශනා මාත්‍රයක්මය. බෝධිසත්ත්වයෝ වනාහි තණපතක් වෙනුවෙන්ද මා විසින් අන්සතු දෙයක් නොගත් විරූය. ආශාවෙන් අන් අඹුවන් දෙස නො බැලූවිරූය. බොරු නො කීවිරූය. තණගින්ද මත්පැන් පානය නො කළවිරූ ය යි මෙසේ පන්සිල් වශයෙන් සත්‍ය ක්‍රියා කළේය. එසේ කොටද පිරුණු පාත්‍රයෙන් ජලය නැව් හිසෙහි ඉස්සේය.

චත‍්තාරො මාසෙ විදෙසං පක‍්ඛන්‍දනාවා නිවත‍්තිත්‍වා ඉද‍්ධිමා විය සච‍්චානුභාවෙන එකදිවසෙනෙව කුරුකච‍්ඡපට‍්ටනං අගමාසි. ගන‍්ත්‍වා ච පන ථලෙපි අට‍්ඨුසභමත‍්තං ඨානං පක‍්ඛන්‍දිත්‍වා නාවිකස‍්ස ඝරද‍්වාරෙයෙව අට‍්ඨාසි. මහාසත‍්තො තෙසං වාණිජානං සුවණ‍්ණරජතමණිපවාළමුත‍්තවජිරානි භාජෙත්‍වා අදාසි. “එත‍්තකෙහි වො රතනෙහි අලං, මා පුන සමුද‍්දං පවිසථා”ති තෙසං ඔවාදං දත්‍වා යාවජීවං දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා දෙවපුරං පූරෙසි.

සිව්මසක් විදෙස්හි පැනගිය නැව ආපසු හැරී සෘද්ධිමතකු සෘද්ධි බලයෙන් මෙන් එක් දවසකින් භරුකච්ඡ පටුන් ගමට ගියේය. ගොස්ද අට ඉස්බක් තැන පොළොවෙහි පැන නැවියාගේ ගෙදොරහි සිටියේය. මහා සත්ත්වයෝ ඒ වෙළදුන්ට රන්-රිදී-මැණික්-පබළු-දියමන්ති බෙදා දුන්නේය. තෙපි මෙපමණක් රත්නයන්ගෙන් සෑහෙව. නැවත මුහුදට නොපිවිසෙවු යි ඔවුන්ට අවවාද දී දිවි ඇති තෙක් දානාදී පිං කොට දෙව්ලෝ පිරවීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “එවං, භික‍්ඛවෙ, පුබ‍්බෙපි තථාගතො මහාපඤ‍්ඤොයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පරිසා බුද‍්ධපරිසා අහෙසුං, සුප‍්පාරකපණ‍්ඩිතො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මෙසේ පෙරද තථාගතයන් වහන්සේ මහා නුවණැති වූයේම යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල පිරිස බුද්ධ පිරිසයි. සුප්පාරක පණ්ඩිතයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.

සුප‍්පාරකජාතකවණ‍්ණනා නවමා.

ජාතකුද‍්දානං –

මාතුපොසක ජුණ‍්හො ච, ධම‍්ම උදය පානීයො; යුධඤ‍්චයො දසරථො, සංවරො ච සුප‍්පාරකො; එකාදසනිපාතම‍්හි, සඞ‍්ගීතා නව ජාතකා.

එකාදසකනිපාතවණ‍්ණනා නිට‍්ඨිතා.

එකොළොස්වන නිපාතය නිමියේය.