8. සංවරජාතකවණ්ණනා 462 අට්ඨකථා
8. සංවරජාතකවණ්ණනා (462)
8. සංවර ජාතකය (462)
ජානන්තො නො මහාරාජාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං ඔස්සට්ඨවීරියං භික්ඛුං ආරබ්භ කථෙසි. සො කිර සාවත්ථිවාසී කුලපුත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා පබ්බජිත්වා ලද්ධූපසම්පදො ආචරියුපජ්ඣායවත්තං පූරෙන්තො උභයානි පාතිමොක්ඛානි පගුණානි කත්වා පරිපුණ්ණපඤ්චවස්සො කම්මට්ඨානං ගහෙත්වා “අරඤ්ඤෙ වසිස්සාමී”ති ආචරියුපජ්ඣායෙ ආපුච්ඡිත්වා කොසලරට්ඨෙ එකං පච්චන්තගාමං ගන්ත්වා තත්ථ ඉරියාපථෙ පසන්නමනුස්සෙහි පණ්ණසාලං කත්වා උපට්ඨියමානො වස්සං උපගන්ත්වා යුඤ්ජන්තො ඝටෙන්තො වායමන්තො අච්චාරද්ධෙන වීරියෙන තෙමාසං කම්මට්ඨානං භාවෙත්වා ඔභාසමත්තම්පි උප්පාදෙතුං අසක්කොන්තො චින්තෙසි “අද්ධා අහං සත්ථාරා දෙසිතෙසු චතූසු පුග්ගලෙසු පදපරමො, කිං මෙ අරඤ්ඤවාසෙන, ජෙතවනං ගන්ත්වා තථාගතස්ස රූපසිරිං පස්සන්තො මධුරධම්මදෙසනං සුණන්තො වීතිනාමෙස්සාමී”ති. සො වීරියං ඔස්සජිත්වා තතො නික්ඛන්තො අනුපුබ්බෙන ජෙතවනං ගන්ත්වා ආචරියුපජ්ඣායෙහි චෙව සන්දිට්ඨසම්භත්තෙහි ච ආගමනකාරණං පුට්ඨො තමත්ථං කථෙත්වා තෙහි “කස්මා එවමකාසී”ති ගරහිත්වා සත්ථු සන්තිකං නෙත්වා “කිං, භික්ඛවෙ, අනිච්ඡමානං භික්ඛුං ආනයිත්ථා”ති වුත්තෙ “අයං, භන්තෙ, වීරියං ඔස්සජිත්වා ආගතො”ති ආරොචිතෙ සත්ථා “සච්චං කිරා”ති පුච්ඡිත්වා “සච්චං, භන්තෙ”ති වුත්තෙ “කස්මා භික්ඛු වීරියං ඔස්සජි, ඉමස්මිඤ්හි සාසනෙ නිබ්බීරියස්ස කුසීතපුග්ගලස්ස අග්ගඵලං අරහත්තං නාම නත්ථි, ආරද්ධවීරියා ඉමං ධම්මං ආරාධෙන්ති, ත්වං ඛො පන පුබ්බෙ වීරියවා ඔවාදක්ඛමො, තෙනෙව කාරණෙන බාරාණසිරඤ්ඤො පුත්තසතස්ස සබ්බකනිට්ඨො හුත්වාපි පණ්ඩිතානං ඔවාදෙ ඨත්වා සෙතච්ඡත්තං පත්තොසී”ති වත්වා අතීතං ආහරි.
ජානන්තො නො මහා රාජ යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක් හරනා ලද වීර්යය ඇති එක් භික්ෂුවක අරබයා දේශනා කළ සේක. ඒ සැවැත්නුවර වැසි කුලපුත්‍රයා ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා පැවිදි වී ආචාර්ය උපාධ්‍යාය වත් පුරන්නේ උභය ප්රාතිමෝක්ෂයෙන් ප්‍රගුණ කොට පිරිපුන් පස්වස් ඇත්තේ කමටහන් ගෙන වනයෙහි වසන්නෙමියි ආචාර්ය උපාධ්‍යායන් විමසා කොසොල්රට එක් පසල් ගමකට ගොස් එහි ඉරියව් පැවැත්වීමෙහි ප්‍රසන්න වූ මිනිසුන් විසින් පන්සලක් කොට උපස්ථාන කරන්නේ වෑයම් කරන්නේ අතිශයින් අරඹන ලද වීර්යයෙන් තෙමසක් කමටහන් වඩා ආලෝකය පමණදු උපදවන්නට නොහැකි වන්නේ මෙසේ සිතුවේය. ඒකාන්තයෙන් මම බුදුන් විසින් දේශනා කළ සිව්වැදෑරුම් පුද්ගලයන් අතර පදපරමයෙක් වෙමි. මට වන වාසයෙන් කවර ප්‍රයෝජනයක්දැයි ජේතවනයට ගොස් බුදුරදුන්ගේ රූපශ්‍රීය බලමින් මිහිරි වූ ධර්මදේශනාව අසමින් ගෙවන්නෙමියි වීර්යය අත්හැර එතැනින් නික්මුනේ පිළිවෙලින් ජේතවනයට ගොස් ආචාර්ය උපාධ්‍යායන් විසින් දැක පුරුදු මිත්‍රයන් හා දැඩි මිත්‍රයන් විසින්ද පැමිණි කරුණ විමසන ලද්දේ ඒ කරුණ කියා ඔවුන් විසින් කුමක් හෙයින් මෙසේ කළෙහි දැයි ගර්හා කොට බුදුන් සමීපයට පමුණුවා මහණෙනි, කුමක් හෙයින් නොකැමති වන්නා වූ භික්ෂුවක් ගෙන එව්දැයි කී කල්හි ස්වාමීනි, මෙතෙමේ වීර්යය හැර ආවේ යයි දැන් වූ කල්හි ශාස්තෲන් වහන්සේ ඇත්තදැයි විමසා ස්වාමීනි, සත්‍යයයි කී කල්හි භික්ෂුව කුමක් හෙයින් වීර්යය හළේද? මේ ශාසනයෙහි වීර්යය නැති කුසීත පුද්ගලයාට අග්‍රඵලය වූ රහත් බව නම් නැත. පටන් ගන්නා ලද වීර්යය ඇත්තෝ මාර්ගඵල ලබාගැනීම සංඛ්‍යාත ධර්මය ලබා ගනිත්. ඔබ පළමුව වීර්යයවත්ව අවවාද ක්ෂම වීය. ඒ කරුණින්ම බරණැස් රජගේ පුතුන් සියයෙහි සියල්ලන්ට වඩා කනිෂ්ඨ වී පණ්ඩිතයන්ගේ අවවාදයෙහි සිට රජ බවට පත් වූවෙහියි පවසා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ සංවරකුමාරො නාම පුත්තසතස්ස සබ්බකනිට්ඨො අහොසි. රාජා එකෙකං පුත්තං “සික්ඛිතබ්බයුත්තකං සික්ඛාපෙථා”ති එකෙකස්ස අමච්චස්ස අදාසි. සංවරකුමාරස්ස ආචරියො අමච්චො බොධිසත්තො අහොසි පණ්ඩිතො බ්යත්තො රාජපුත්තස්ස පිතුට්ඨානෙ ඨිතො. අමච්චා සික්ඛිතසිප්පෙ රාජපුත්තෙ රඤ්ඤො දස්සෙසුං. රාජා තෙසං ජනපදං දත්වා උය්යොජෙසි. සංවරකුමාරො සබ්බසිප්පස්ස නිප්ඵත්තිං පත්වා බොධිසත්තං පුච්ඡි “තාත, සචෙ මං පිතා ජනපදං පෙසෙති, කිං කරොමී”ති? “තාත, ත්වං ජනපදෙ දීයමානෙ තං අග්ගහෙත්වා ‘දෙව අහං සබ්බකනිට්ඨො, මයිපි ගතෙ තුම්හාකං පාදමූලං තුච්ඡං භවිස්සති, අහං තුම්හාකං පාදමූලෙයෙව වසිස්සාමී’ති වදෙය්යාසී”ති. අථෙකදිවසං රාජා සංවරකුමාරං වන්දිත්වා එකමන්තං නිසින්නං පුච්ඡි “කිං තාත, සිප්පං තෙ නිට්ඨිත”න්ති? “ආම, දෙවා”ති. “තුය්හම්පි ජනපදං දෙමී”ති. “දෙව තුම්හාකං පාදමූලං තුච්ඡං භවිස්සති, පාදමූලෙයෙව වසිස්සාමී”ති. රාජා තුස්සිත්වා “සාධූ”ති සම්පටිච්ඡි. සො තතො පට්ඨාය රඤ්ඤො පාදමූලෙයෙව හුත්වා පුනපි බොධිසත්තං පුච්ඡි “තාත අඤ්ඤං කිං කරොමී”ති? “තාත රාජානං එකං පුරාණුය්යානං යාචාහී”ති. සො “සාධූ”ති උය්යානං යාචිත්වා තත්ථ ජාතකෙහි පුප්ඵඵලෙහි නගරෙ ඉස්සරජනං සඞ්ගණ්හිත්වා පුන “කිං කරොමී”ති පුච්ඡි. “තාත, රාජානං ආපුච්ඡිත්වා අන්තොනගරෙ භත්තවෙතනං ත්වමෙව දෙහී”ති. සො තථා කත්වා අන්තොනගරෙ කස්සචි කිඤ්චි අහාපෙත්වා භත්තවෙතනං දත්වා පුන බොධිසත්තං පුච්ඡිත්වා රාජානං විඤ්ඤාපෙත්වා අන්තොනිවෙසනෙ දාසපොරිසානම්පි හත්ථීනම්පි අස්සානම්පි බලකායස්සපි වත්තං අපරිහාපෙත්වා අදාසි, තිරොජනපදෙහි ආගතානං දූතාදීනං නිවාසට්ඨානාදීනි වාණිජානං සුඞ්කන්ති සබ්බකරණීයානි අත්තනාව අකාසි. එවං සො මහාසත්තස්ස ඔවාදෙ ඨත්වා සබ්බං අන්තොජනඤ්ච බහිජනඤ්ච නාගරෙ ච රට්ඨවාසිනො ච ආගන්තුකෙ ච ආයවත්තනෙ ච තෙන තෙන සඞ්ගහවත්ථුනා ආබන්ධිත්වා සඞ්ගණ්හි, සබ්බෙසං පියො අහොසි මනාපො.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරවන කල්හි ඔහුට පුතුන් සියයකට කණිටු වූ සංවර නම් වූ කුමාරයෙක් විය. රජු එක් එක් පුතාට උගැන්විය යුත්ත උගන්වව යි එක් එක් අමාත්‍යවරයාට දුන්නේය. සංවර කුමාරයාගේ ආචාර්ය වූ ඇමතියා බෝධිසත්ත්වයෝ වූහ. පණ්ඩිත වූ දක්ෂ වූ ඔහු රජකුමරුගේ පිය තනතුරෙහි සිටියේය. අමාත්‍යයෝ උගන්වන ලද ශිල්ප ඇති ඒ රාජපුත්‍රයන් රජුට දැක්වූහ. රජු ඔවුන්ට ජනපද දී පිටත්කර හැරීය. සංවර කුමාරයා සියළු ශිල්පයන්හි නිමාවට පැමිණ බෝසතුන් විචාළේය. පියාණනි, ඉදින් පියා මා ජනපදයට යවයිද එවිට කුමක් කරම්ද? දරුව, ඔබ ජනපදයක් දෙනවිට එය නොගෙන දේවයන් වහන්ස, මම සියල්ලන්ටම බාල වෙමි. මාද ගියකල්හි ඔබගේ පාමුල හිස් වන්නේය. මම පාමුලම වසන්නෙමියි කියන්නේය යි. ඉක්බිති එක් දිනයක රජු, වැඳ එකත්පස්ව සිටි සංවර කුමාරයාගෙන් විචාළේය. දරුව, කිම ඔබගේ ශිල්ප ඉගෙනීම අවසන්දැයි. එසේය දේවයන් වහන්ස. තොපට ජනපදයක් තෝරා ගනුවයි. දේවයන් වහන්ස, ඔබේ පාමුල හිස් වන්නේය. පාමුලම වසන්නෙමියි. රජු සතුටු වී මැනවයි පිළිගත්තේය. එතැන් පටන් රජුගේ පාමුලෙහිම වී බෝධිසත්ත්වයන්ගෙන් විචාළේය. පියාණනි, අන් කවරක් කරමිදැයි. රජුගෙන් එක් පැරණි උයනක් ඉල්වවයි කීය. හෙතෙම මැනවයි උයනක් ඉල්ලා එහි හටගත් මල්-ගෙඩිවලින් නුවර ඉසුරුවත් ජනයාට සංග්‍රහ කර නැවත කුමක් කරමි දැයි විචාළේය. දරුව, රජු විමසා ඇතුළත නගරයෙහි බත්වැටුප් තොපට දෙවයි කීය. ඔහු එසේ කොට ඇතුල් නගරයෙහි කිසිවෙකුගේ කිසිවක් නොනසා බත් වැටුප් දී නැවත බෝසතුන් විමසා රජුට දන්වා ඇතුල් නිවසෙහි දාස පුරුෂයන්ට ද අශ්වයන්ට ද බලසෙනඟට ද පිළිවෙල නොපිරිහෙලා දුන්නේය. වෙනත් ජනපදයෙන් ආවා වූ දූතයන්ට වාසස්ථාන ආදියද වෙළදුන්ට තීරුබදු දැයි සියලු කටයුතු තමා ම කළේය. මෙසේ හෙතෙම මහාසත්ත්වයන්ගේ අවවාදයෙහි සිට සියලු ඇතුළත ජනයා ද පිටත ජනයා ද නගරයෙහි ද රටෙහි ද වැසියන්ය. නොයෙක් තැනින් ආ ආගන්තුකයන්ට ඒ ඒ සංග්‍රහ වස්තුවෙන් සම්බන්ධ කරව. සංග්‍රහ කෙළේය. සියල්ලන්ට ප්‍රිය මනාප වීය.
අපරභාගෙ රාජානං මරණමඤ්චෙ නිපන්නං අමච්චා පුච්ඡිංසු “දෙව, තුම්හාකං අච්චයෙන සෙතච්ඡත්තං කස්ස දෙමා”ති? “තාත, මම පුත්තා සබ්බෙපි සෙතච්ඡත්තස්ස සාමිනොව. යො පන තුම්හාකං මනං ගණ්හාති, තස්සෙව සෙතච්ඡත්ථං දදෙය්යාථා”ති. තෙ තස්මිං කාලකතෙ තස්ස සරීරපරිහාරං කත්වා සත්තමෙ දිවසෙ සන්නිපතිත්වා “රඤ්ඤා ‘යො තුම්හාකං මනං ගණ්හාති, තස්ස සෙතච්ඡත්තං උස්සාපෙය්යාථා’ති වුත්තං, අම්හාකඤ්ච අයං සංවරකුමාරො මනං ගණ්හාතී”ති ඤාතකෙහි පරිවාරිතා තස්ස කඤ්චනමාලං සෙතච්ඡත්තං උස්සාපයිංසු. සංවරමහාරාජා බොධිසත්තස්ස ඔවාදෙ ඨත්වා ධම්මෙන රජ්ජං කාරෙසි. ඉතරෙ එකූනසතකුමාරා “පිතා කිර නො කාලකතො, සංවරකුමාරස්ස කිර සෙතච්ඡත්තං උස්සාපෙසුං, සො සබ්බකනිට්ඨො, තස්ස ඡත්තං න පාපුණාති, සබ්බජෙට්ඨකස්ස ඡත්තං උස්සාපෙස්සාමා”ති එකතො ආගන්ත්වා “ඡත්තං වා නො දෙතු, යුද්ධං වා”ති සංවරමහාරාජස්ස පණ්ණං පෙසෙත්වා නගරං උපරුන්ධිංසු. රාජා බොධිසත්තස්ස තං පවත්තිං ආරොචෙත්වා “ඉදානි කිං කරොමා”ති පුච්ඡි. මහාරාජ, තව භාතිකෙහි සද්ධිං යුජ්ඣනකිච්චං නත්ථි, ත්වං පිතු සන්තකං ධනං සතකොට්ඨාසෙ කාරෙත්වා එකූනසතං භාතිකානං පෙසෙත්වා “ඉමං තුම්හාකං කොට්ඨාසං පිතු සන්තකං ගණ්හථ, නාහං තුම්හෙහි සද්ධිං යුජ්ඣාමී”ති සාසනං පහිණාහීති. සො තථා අකාසි. අථස්ස සබ්බජෙට්ඨභාතිකො උපොසථකුමාරො නාම සෙසෙ ආමන්තෙත්වා “තාතා, රාජානං නාම අභිභවිතුං සමත්ථා නාම නත්ථි, අයඤ්ච නො කනිට්ඨභාතිකො පටිසත්තුපි හුත්වා න තිට්ඨති, අම්හාකං පිතු සන්තකං ධනං පෙසෙත්වා ‘නාහං තුම්හෙහි සද්ධිං යුජ්ඣාමී’ති පෙසෙසි, න ඛො පන මයං සබ්බෙපි එකක්ඛණෙ ඡත්තං උස්සාපෙස්සාම, එකස්සෙව ඡත්තං උස්සාපෙස්සාම, අයමෙව රාජා හොතු, එථ තං පස්සිත්වා රාජකුටුම්බං පටිච්ඡාදෙත්වා අම්හාකං ජනපදමෙව ගච්ඡාමා”ති ආහ. අථ තෙ සබ්බෙපි කුමාරා නගරද්වාරං විවරාපෙත්වා පටිසත්තුනො අහුත්වා නගරං පවිසිංසු.
මෑත කාලයෙහි රජු මරණ මඤචකයෙහි හොත් කල්හි ඇමතියෝ විචාළහ. දේවයන් වහන්ස, නුඹවහන්සේගේ ඇවෑමෙන් සේසත කවරෙකුට දෙමුදැයි. දරුවනි, මගේ පුත්‍රයෝ සියල්ලෝම සේසතට හිමිකරුවෝ වෙති. යමෙක් නුඹලාගේ සිත ගනීද ඔහුටම දෙන්නහුයයි. ඔවුහු ඒ රජු කළුරිය කළ කල්හි ඔහුගේ සිරුරට කළයුතු ගෞරවය කර සත්වන දිනයෙහි එකතු වී රජු විසින් යමෙක් නුඹලාගේ සිත ගන්නේද ඔහුට සේසත ඔසවව් යයි කියන ලදි. මේ සංවර කුමාරයා (අපගේ) සිත ගනී යයි නෑයන් විසින් පිරිවරන ලද්දේ ඔහුට රන්මාලාව ද සේසත ද ඔසවුවාහුය. සංවර මහරජු බෝසතුන්ගේ අවවාදයෙහි සිට දැහැමිව රාජ්‍යය කරවීය. සෙසු එකුන්සිය කුමාරවරු - අපගේ පියා කළුරිය කළේය. සංවර කුමරුට (ඇමතියෝ) සේසත් ඔසවූහ. ඔහු සියල්ලන්ටම බාල වූයේය. ඔහුට සේසත නොපැමිණේ. සියල්ලන්ගේම වැඩිමහල් වූවහුට ඡත්රය ඔසවමුයි සියල්ලෝම එකතුව අවුත් අපට ඡත්රය හෝ දෙව. යුද්ධ හෝ කරවයි සංවර මහරජුට පණිවුඩ යවා නගරය වැටලූහ. රජ බෝධිසත්ත්වයන්ට ඒ පුවත දන්වා දැන් කුමක් කරමුදැයි විචාළේය. මහරජ ඔබගේ සොහොවුරන් සමග යුද්ධ කිරීමක් නැත. ඔබ පියා සතු ධනය කොටස් සතක් කරවා එකුන්සිය සොහොවුරන්ට යවා මේ තොපගේ පියා සතු කොටස ගනුව. මම තොප සමග යුද නොකරන්නෙමියි හසුන් යවවු යයි කීවේය. ඔහු එසේ කෙළේය. ඉක්බිති ඔහුගේ සියල්ලන්ට වැඩිමහල් වූ උපෝසථ කුමාරයා සෙස්සන් අමතා දරුවනි, රජවරුන් අභිභවනය කරන්නට සමර්ථයෙක් නම් නැත. අපගේ මේ බාල සොහොවුරා සතුරෙක් වී නොසිටී. අපගේ පියා සතු දේ එවා මම තොප සමඟ යුද්ධ නොකරමියි පණිවුඩ එවීය. අපි සියල්ලෝම එක් අවස්ථාවකම ඡත්රය නොඔසවන්නෙමු. එකෙකුටම ඡත්රය ඔසවන්නෙමු. මොහුම රජ වේවා! එව්. ඔහු දැක රජපවුල පිළිගෙන භාරගෙන අපගේ ජනපදයටම යමු යයි කීය. ඉක්බිති ඒ සියළුම කුමාරයෝ නගරය හරවා පිළිමළුන් නොවී නගරයට පිවිසුනාහුය.
රාජාපි තෙසං අමච්චෙහි පණ්ණාකාරං ගාහාපෙත්වා පටිමග්ගං පෙසෙති. කුමාරා නාතිමහන්තෙන පරිවාරෙන පත්තිකාව ආගන්ත්වා රාජනිවෙසනං අභිරුහිත්වා සංවරමහාරාජස්ස නිපච්චකාරං දස්සෙත්වා නීචාසනෙ නිසීදිංසු. සංවරමහාරාජා සෙතච්ඡත්තස්ස හෙට්ඨා සීහාසනෙ නිසීදි, මහන්තො යසො මහන්තං සිරිසොභග්ගං අහොසි, ඔලොකිතොලොකිතට්ඨානං කම්පි. උපොසථකුමාරො සංවරමහාරාජස්ස සිරිවිභවං ඔලොකෙත්වා “අම්හාකං පිතා අත්තනො අච්චයෙන සංවරකුමාරස්ස රාජභාවං ඤත්වා මඤ්ඤෙ අම්හාකං ජනපදෙ දත්වා ඉමස්ස න අදාසී”ති චින්තෙත්වා තෙන සද්ධිං සල්ලපන්තො තිස්සො ගාථා අභාසි –
රජුද ඔවුන්ට ඇමතියන් ලවා සත්කාර ගන්වා ඉදිරියෙහි ඇති මාර්ගයට යැවීය. කුමාරවරු මහත් වූ පිරිවර සමග පයින්ම අවුත් රජ නිවෙස්නට නැගී සංවර මහරජුට යටහත් බව දක්වා පහත් ආසනයෙහි හිඳගත්හ. සංවර මහරජු සේසත යට සිංහාසනයෙහි හුන්නේය. මහත් වූ යසසද මහත් වූ ශ්‍රී සෞභාග්‍යයද වීය. බැලූ බැලූ තැන කම්පා වෙයි. උපොසථ කුමාරයා සංවර මහරජුගේ ශ්‍රී සම්පත් බලා අපගේ පියා තමා ඇවෑමෙන් සංවර කුමාරයාගේ රජ පැමිණෙන බව දැනගෙන මෙන් අපට ජනපද දී මොහුට නොදුන්නේය යි සිතා ඔහු සමග කථා කරනුයේ ගාථා තුනක් කීවේය.
“ජානන්තො නො මහාරාජ, තව සීලං ජනාධිපො; ඉමෙ කුමාරෙ පූජෙන්තො, න තං කෙනචි මඤ්ඤථ.
ජානන්තො නො මහාරාජ - තව සීලං ජනාධිපො, ඉමෙ කුමාරෙ පූජෙන්තො - න තං කෙනචි මඤ්ඤථ
1. මහරජ අපගේ පියරජ තෙමේ ඔබට රාජ්‍ය ලැබෙන බව දන්නේ, මේ කුමාරයන් පුදන්නේ ඔබ කුඩා ජනපදයකින් පිදිය යුතුයයි නොසිතීය.
“තිට්ඨන්තෙ නො මහාරාජෙ, අදු දෙවෙ දිවඞ්ගතෙ; ඤාතී තං සමනුඤ්ඤිංසු, සම්පස්සං අත්ථමත්තනො.
2. අපගේ මහරජු සිටින කල්හිද නැතහොත් දෙවිලොවට ගිය කල්හිද තමාගේ අභිවෘද්ධිය දක්නා වූ ඤාතීහු ඔබ කැමති වූහ.
“කෙන සංවර වත්තෙන, සඤ්ජාතෙ අභිතිට්ඨසි; කෙන තං නාතිවත්තන්ති, ඤාතිසඞ්ඝා සමාගතා”ති.
3. සංවර රජතුමනි, කවර යහපත් පැවැත්මකින් සහෝදර කුමාරවරුන් අභිබවා සිටින්නෙහිද? රැස්වූ ඤාති සමූහයා කවර කරුණකින් ඹබ ඉක්මවා නොපවතිත්ද?
තත්ථ ජානන්තො නොති ජානන්තො නු. ජනාධිපොති අම්හාකං පිතා නරින්දො. ඉමෙති ඉමෙ එකූනසතෙ කුමාරෙ. පාළිපොත්ථකෙසු පන “අඤ්ඤෙ කුමාරෙ”ති ලිඛිතං. පූජෙන්තොති තෙන තෙන ජනපදෙන මානෙන්තො. න තං කෙනචීති ඛුද්දකෙනාපි කෙනචි ජනපදෙන තං පූජෙතබ්බං න මඤ්ඤිත්ථ, “අයං මම අච්චයෙන රාජා භවිස්සතී”ති ඤත්වා මඤ්ඤෙ අත්තනො පාදමූලෙයෙව වාසෙසීති. තිට්ඨන්තෙ නොති තිට්ඨන්තෙ නු, ධරමානෙයෙව නූති පුච්ඡති, අදු දෙවෙති උදාහු අම්හාකං පිතරි දිවඞ්ගතෙ අත්තනො අත්ථං වුඩ්ඪිං පස්සන්තා සද්ධිං රාජකාරකෙහි නෙගමජානපදෙහි ඤාතයො තං “රාජා හොහී”ති සමනුඤ්ඤිංසු. වත්තෙනාති සීලාචාරෙන. සඤ්ජාතෙ අභිතිට්ඨසීති සමානජාතිකෙ එකූනසතභාතරො අභිභවිත්වා තිට්ඨසි. නාතිවත්තන්තීති න අභිභවන්ති.
එහි ජානන්තො නො යනු දන්නේ නොවේද? ජනාධිපො යනු අපගේ පියා වූ රජු. ඉමෙ යනු මේ එකුන් සියයක් වූ කුමාරයන්. පාලි පොත්වල අඤ්ඤෙ කුමාරෙ යිද ලියවී ඇත. පූජෙන්තො යනු ඒ ඒ ජනපදයෙන් බුහුමන් කරන්නේ. නතං කෙනචි යනු කුඩා වූ ද කිසියම් ජනපදයකින් ඔහු පිදිය යුතුයයි නොසිතුවේය. මෙතෙම මගේ ඇවෑමෙන් රජු වන්නේය යි දැනම මෙන් තමාගේ පාමුල වාසය කරවීය. තිට්ඨන්තෙනො යනු ජීවත්ව සිටින කාලයේදීම නොවේදැයි විමසයි. ආදු දෙවෙ යනු නැතිනම් අපගේ පියා දෙව්ලොව ගිය කල්හි තමාගේ ප්‍රයෝජනය අභිවෘද්ධිය දකින්නාහු රාජ්‍යය කවන්නවුන් සමග නියම්ගම් ජනපදවැසියන් සමඟ වූ ඤාතීහු රජවේවායි කැමති වූවාහුයයි. වත්තෙන යනු සිල්වත් පැවැත්මෙන්. සඤ්ජාතෙ අධිතිට්ඨසි යනු සමාන උපත් ඇති එකුන් සියයක් සහෝදරයන් අභිභවනය කර සිටිහි. නාතිවත්තතී අභිභවනය නොකරත්.
තං සුත්වා සංවරමහාරාජා අත්තනො ගුණං කථෙන්තො ඡ ගාථා අභාසි –
ඒ අසා සංවර මහරජු තමාගේ ගුණ කියන්නේ ගාථා සයක් කීවේය.
“න රාජපුත්ත උසූයාමි, සමණානං මහෙසිනං; සක්කච්චං තෙ නමස්සාමි, පාදෙ වන්දාමි තාදිනං.
4. රාජපුත්‍රය, මම ඊර්ෂ්‍යා නොකරමි. මහතෙදැති ශ්‍රමණයන්ට නමස්කාර කරන්නෙමි. තාදී ගුණයෙන් උතුමන්ට වදිමි.
“තෙ මං ධම්මගුණෙ යුත්තං, සුස්සූසමනුසූයකං; සමණා මනුසාසන්ති, ඉසී ධම්මගුණෙ රතා.
5. ඔවුහු මා ගුණදහම්වලින් යුක්ත වුවකැයිද කීකරු වූවකැයිද ඇහුම්කන් දෙන්නෙකැයිද දැන තවුස් ගුණදහම්හි ඇළුණු ශ්‍රමණයෝ මට අනුශාසනා කරති.
“තෙසාහං වචනං සුත්වා, සමණානං මහෙසිනං; න කිඤ්චි අතිමඤ්ඤාමි, ධම්මෙ මෙ නිරතො මනො.
6. මම ඒ මහර්ෂි වූ ශ්‍රමණයන්ගේ වචනය අසා කිසිවකු ඉක්මවා නොසිතමි. මගේ සිත දහම්හි ඇලුනේ වෙයි.
“හත්ථාරොහා අනීකට්ඨා, රථිකා පත්තිකාරකා; තෙසං නප්පටිබන්ධාමි, නිවිට්ඨං භත්තවෙතනං.
7. ඇතරුවෝ, හමුදාවෙහි නිරත වූවෝ, රියෙහි යන්නෝ පාබල හමුදාවෙහි නිරත වූවෝ යයි යමෙක් වෙත්ද ඔවුන්ගේ බත් වැටුප් නිරතුරුව බාධා නොකරමි.
“මහාමත්තා ච මෙ අත්ථි, මන්තිනො පරිචාරකා; බාරාණසිං වොහරන්ති, බහුමංසසුරොදනං.
8. මට මහ අමාත්‍යයෝද මන්ත්‍රීවරුද පිරිවරද ඇත්තාහ. බරණැසු නුවර බොහෝ මස්-සුරා-ජලය ආදිය ඇත්තක් කොට ව්‍යවහාර කරති.
“අථොපි වාණිජා ඵීතා, නානාරට්ඨෙහි ආගතා; තෙසු මෙ විහිතා රක්ඛා, එවං ජානාහුපොසථා”ති.
9. එතකුදු වුවත් නොයෙක් රටවලින් පැමිණි ආඪ්‍ය වූ වෙළෙන්දෝ වෙත්ද ඔවුන් කෙරෙහි රක්ෂාවරණය කරන ලදි. උපෝසථ කුමාරය. මෙසේ දනුවයි.
තත්ථ න රාජපුත්තාති අහං රාජපුත්ත, කඤ්චි සත්තං “අයං සම්පත්ති ඉමස්ස මා හොතූ”ති න උසූයාමි. තාදිනන්ති තාදිලක්ඛණයුත්තානං සමිතපාපතාය සමණානං මහන්තානං සීලක්ඛන්ධාදීනං ගුණානං එසිතතාය මහෙසීනං ධම්මිකසමණබ්රාහ්මණානං පඤ්චපතිට්ඨිතෙන පාදෙ වන්දාමි, දානං දදන්තො ධම්මිකඤ්ච නෙසං රක්ඛාවරණගුත්තිං පච්චුපට්ඨපෙන්තො සක්කච්චං තෙ නමස්සාමි, මනෙන සම්පියායන්තො ච පූජෙමීති අත්ථො. තෙ මන්ති තෙ සමණා මං “අයං ධම්මකොට්ඨාසෙ යුත්තපයුත්තො සුස්සූසං අනුසූයකො”ති තථතො ඤත්වා මං ධම්මගුණෙ යුත්තං සුස්සූසං අනුසූයකං අනුසාසන්ති, “ඉදං කර, ඉදං මා කරී”ති ඔවදන්තීති අත්ථො. තෙසාහන්ති තෙසං අහං. හත්ථාරොහාති හත්ථිං ආරුය්හ යුජ්ඣනකා යොධා. අනීකට්ඨාති හත්ථානීකාදීසු ඨිතා. රථිකාති රථයොධා. පත්තිකාරකාති පත්තිනොව. නිවිට්ඨන්ති යං තෙහි සජ්ජිතං භත්තඤ්ච වෙතනඤ්ච, අහං තං නප්පටිබන්ධාමි, අපරිහාපෙත්වා දදාමීති අත්ථො.
එහි න රාජ පුත්තා යනු රාජපුත්‍රය, මම මේ සම්පත් මොහුට නොවේවායි කිසි සත්ත්වයෙකුට ඊර්ෂ්‍යා නොකරමි. තාදිනං යනු තාදි ලක්ෂණයෙන් යුත් සන්සිඳුවන ලද පව් ඇති හෙයින් ශ්රමණයන් නම් වූ මහත් වූ ශීලාදී ගුණයන්ගෙන් සෙවුනා බැවින් මහේසී නම් වූ දැහැමි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ පාදයන් පසඟ පිහිටුවා වදිමි. දන් දෙන්නේ ඔවුන්ට ධාර්මික රක්ෂාවරණය දෙන්නේ, උපස්ථාන කරන්නේ ඔවුන් සකසා නමස්කාර කරමි. සිතින්ම ප්‍රිය කරන්නේ පූජා කරමි යන අර්ථයයි. තෙමං යනු ඒ ශ්‍රමණයෝ මේ ගුණදහම්හි යුතු වූවෙකු කොට කීකරු වූවෙකු ඇහුම්කන් දෙන්නෙකු කොට ඇත්තෙකැයි ඇති සැටියෙන් දැන ගුණදහමින් යුතු මා කීකරු වූවෙකු කොට. අනුසාසන්ති යනු මෙය කර මෙය නොකරවයි අවවාදකරත් යන අර්ථයි. තෙසාහං යනු තෙසං+අහං (ඔවුන්ට මම) වේ. හත්ථාරූහා යනු ඇතුපිට නැගී යුද්ධ කරන යෝධයෝ. අණිකට්ඨා යනු ඇත් සේනාව ආදීන්හි සිටියාහු. රථිකා යනු රියෙන් ගොස් සටන් කරන යෝධයෝ. පත්තිකරා යනු පයින් යන්නෝ. නිබද්ධං යනු එවුන් සදන ලද යම් බතක්ද වැටුපක්ද වී නම් එය නොපිරිහෙලා පවත්වා ගෙන යමි. දෙමි යන අර්ථයි.
මහාමත්තාති භාතික, මය්හං මහාපඤ්ඤා මන්තෙසු කුසලා මහාඅමච්චා චෙව අවසෙසමන්තිනො ච පරිචාරකා අත්ථි. ඉමිනා ඉමං දස්සෙති “තුම්හෙ මන්තසම්පන්නෙ පණ්ඩිතෙ ආචරියෙ න ලභිත්ථ, අම්හාකං පන ආචරියා පණ්ඩිතා උපායකුසලා, තෙ නො සෙතච්ඡත්තෙන යොජෙසු”න්ති. බාරාණසින්ති භාතික, මම ඡත්තං උස්සාපිතකාලතො පට්ඨාය “අම්හාකං රාජා ධම්මිකො අන්වද්ධමාසං දෙවො වස්සති, තෙන සස්සානි සම්පජ්ජන්ති, බාරාණසියං බහුං ඛාදිතබ්බයුත්තකං මච්ඡමංසං පායිතබ්බයුත්තකං සුරොදකඤ්ච ජාත”න්ති එවං රට්ඨවාසිනො බහුමංසසුරොදකං කත්වා බාරාණසිං වොහරන්ති. ඵීතාති හත්ථිරතනඅස්සරතනමුත්තරතනාදීනි ආහරිත්වා නිරුපද්දවා වොහාරං කරොන්තා ඵීතා සමිද්ධා. එවං ජානාහීති භාතික උපොසථ අහං ඉමෙහි එත්තකෙහි කාරණෙහි සබ්බකනිට්ඨොපි හුත්වා මම භාතිකෙ අභිභවිත්වා සෙතච්ඡත්තං පත්තො, එවං ජානාහීති.
මහාමත්තා යනු සොහොවුර මට මහ නුවණැති මන්ත්‍රයන්හි දක්ෂ මහා අමාත්‍යයෝද ඔවුන්ගෙන් අන්‍ය වූ මන්ත්‍රීවරුද පිරිවැරුවෝද ඇත්තාහ. මෙයින් මේ කරුණ දක්වයි. තෙපි මන්ත්රයන් ප්‍රගුණ කළ පණ්ඩිත ආචාර්යයන් නොලබහුය. අපගේ ආචාර්යයෝ වනාහි පණ්ඩිතය, උපායයෙහි දක්ෂය. ඔවුහු අප සේසතෙහි යෙදවූහ. බාරාණසිං යනු සොහොවුර මා ඡත්රය එසවූ කල් පටන් අපගේ රජු ධාර්මිකය. අඩමසකට වරක් වැසි වසී. එහෙයින් සස්‍යයෝ වැඩෙති. බරණැස්නුවර බොහෝ කෑ යුතු මාළු-මස් පිවිය යුතු සුරා-ජලය ඇත්තක්ද වී යයි. මෙසේ රටවැසියෝ බොහෝ මස්-සුරා-ජලය අධිකකොට ඇත්තක් කර බරණැස යයි ව්‍යවහාර කරත්. පීතා යනු ඇත්රුවන් අස් රුවන් මුතුරුවන් ආදිය ගෙනවුත් උපද්‍රව රහිතව වෙළදාම් කන්නාහු ඵීතා. සමෘද්ධිමත් වූවාහු. එවං ජනාහි. සොහොවුර උපොසථ උපෝසථය, මම මේ මෙපමණක් කාරණාවන්ගෙන් සියල්ලන්ටම බාලයා වී නමුත් මගේ සොහොවුරන් මැඩපවත්වා සේසතට පැමිණියේයයි මෙසේ දනුවයි.
අථස්ස ගුණං සුත්වා උපොසථකුමාරො ද්වෙ ගාථා අභාසි –
ඉක්බිති ඔහුගේ ගුණයන් අසා උපෝසථ කුමාරයා ගාථා දෙකක් කීවේය.
“ධම්මෙන කිර ඤාතීනං, රජ්ජං කාරෙහි සංවර; මෙධාවී පණ්ඩිතො චාසි, අථොපි ඤාතිනං හිතො.
10. සංවර රජතුමනි, ඔබ පරපුරෙන් පැමිණි (ඤාතීන්ගේ) රාජ්‍යය කරව. තවද නුවණැති වූයේ පණ්ඩිත වූයේ නෑදෑයන්ට හිතවත් වූයේද වෙහි.
“තං තං ඤාතිපරිබ්යූළ්හං, නානාරතනමොචිතං; අමිත්තා නප්පසහන්ති, ඉන්දංව අසුරාධිපො”ති.
11. නෑදෑයන් විසින් පිරිවරන ලද්දා වූ නන් වැදෑරුම් රත්නයන්ගෙන් ගැවසී ගත් ඔබ අසුරයන්ට අධිපති වූ වේපචිත්ති, අසුරයා ඉන්ද්‍ර මෙන්, සතුරෝ මැඩ නොපවත්වති.
තත්ථ ධම්මෙන කිර ඤාතීනන්ති තාත සංවර මහාරාජ, ධම්මෙන කිර ත්වං එකූනසතානං ඤාතීනං අත්තනො ජෙට්ඨභාතිකානං ආනුභාවං අභිභවසි, ඉතො පට්ඨාය ත්වමෙව රජ්ජං කාරෙහි, ත්වමෙව මෙධාවී චෙව පණ්ඩිතො ච ඤාතීනඤ්ච හිතොති අත්ථො. තං තන්ති එවං විවිධගුණසම්පන්නං තං. ඤාතිපරිබ්යූළ්හන්ති අම්හෙහි එකූනසතෙහි ඤාතකෙහි පරිවාරිතං. නානාරතනමොචිතන්ති නානාරතනෙහි ඔචිතං සඤ්චිතං බහුරතනසඤ්චයං. අසුරාධිපොති යථා තාවතිංසෙහි පරිවාරිතං ඉන්දං අසුරරාජා නප්පසහති, එවං අම්හෙහි ආරක්ඛං කරොන්තෙහි පරිවාරිතං තං තියොජනසතිකෙ කාසිරට්ඨෙ ද්වාදසයොජනිකාය බාරාණසියා රජ්ජං කාරෙන්තං අමිත්තා නප්පසහන්තීති දීපෙති.
එහි ධම්මෙන කිර යනු දරුව සංවර මහරජතුමනි, ඔබ නෑ වූ එකුන් සියයක් වැඩිමහල් සොහොවුරන්ගේ ආනුභාවය (බලය) අභිභවනය කළෙහිය. මෙතැන් පටන් ඔබම රාජ්‍යය කරව. ඔබ වූ කලී බුද්ධිමත් වූයේ පණ්ඩිත වූයේ ඤාතීන්ට හිතවත් වූයේයයි අර්ථයි. තං තං යනු මෙසේ විවිධ ගුණයන්ගෙන් යුක්ත වූ ඔබ. ඤාති පරිබ්බුළ්හං යනු අප විසින්. එකුන් සියයක් ඤාතීන් විසින් පිරිවරන ලද. නානාරතන මොචිතං යනු නොයෙක් රත්නයන් රැස්කළ- ගැවසී ගත්. බොහෝ රත්න සමූහයක් ඇති. අසුරාධිපො යනු යම් සේ තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවරන ලද ඉන්ද්රයා අසුර රජු මැඩ නොපවත්වයිද මෙසේ අප වැනි ආරක්ෂාව කරන්නවුන් විසින් පිරිවරන ලද, යොදුන් තුන්සියයක් වූ කසීරට දොළොස් යොදුන් වූ බරණැස රාජ්‍යය කරන ඔබ සතුරෝ බාධා නොකරන්නාහුයයි දක්වයි.
සංවරමහාරාජා සබ්බෙසම්පි භාතිකානං මහන්තං යසං අදාසි. තෙ තස්ස සන්තිකෙ මාසඩ්ඪමාසං වසිත්වා “මහාරාජ ජනපදෙසු චොරෙසු උට්ඨහන්තෙසු මයං ජානිස්සාම, ත්වං රජ්ජසුඛං අනුභවා”ති වත්වා අත්තනො අත්තනො ජනපදං ගතා. රාජාපි බොධිසත්තස්ස ඔවාදෙ ඨත්වා ආයුපරියොසානෙ දෙවනගරං පූරෙන්තො අගමාසි.
සංවර මහරජු සොහොවුරන් සියල්ලන්ටම මහත් වූ ඉසුරු දුන්නේය. ඔවුහු ඔහු සමීපයෙහි මාස එකහමාරක් වාසය කර මහරජ, ජනපදයන්හි සොරු නැගී සිටි කල්හි අපි දනිමු. ඔබ රජසැප අනුභව කරවයි කියා තමාගේ ජනපදවලට ගියෝය. රජුද බෝසතුන්ගේ අවවාදයෙහි සිට ආයුෂ කෙළවර දෙව්ලොව පුරවන්නේ (එහි) ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “භික්ඛු එවං ත්වං පුබ්බෙ ඔවාදක්ඛමො, ඉදානි කස්මා වීරියං න අකාසී”ති වත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ සො භික්ඛු සොතාපත්තිඵලෙ පතිට්ඨහි.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණ, මෙසේ ඔබ පෙර අවවාද ක්ෂම වී දැන් කුමක් හෙයින් වීර්ය නොකරහිදැයි කියා සත්‍යයන් දේශනා කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි ඒ භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය.
තදා සංවරමහාරාජා අයං භික්ඛු අහොසි, උපොසථකුමාරො සාරිපුත්තො, සෙසභාතිකා ථෙරානුථෙරා, පරිසා බුද්ධපරිසා, ඔවාදදායකො අමච්චො පන අහමෙව අහොසින්ති.
එකල්හි සංවර මහරජු මේ භික්ෂුව වීය. උපෝසථ කුමාරයා සැරියුත් හිමි වීය. සෙසු සහෝදරයෝ ස්ථවිර-කුඩා ස්ථවිරයෝ වූහ. පිරිස බුද්ධ පිරිසයි. අවවාද දුන් ඇමතියා මම ම වූයෙමියි වදාළ සේක.
සංවරජාතකවණ්ණනා අට්ඨමා.