7. දසරථජාතකවණ්ණනා 461 අට්ඨකථා
7. දසරථජාතකවණ්ණනා (461)
7. දසරථ ජාතකය (461)
එථ ලක්ඛණ සීතා චාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො එකං මතපිතිකං කුටුම්බිකං ආරබ්භ කථෙසි. සො හි පිතරි කාලකතෙ සොකාභිභූතො සබ්බකිච්චානි පහාය සොකානුවත්තකොව අහොසි. සත්ථා පච්චූසසමයෙ ලොකං ඔලොකෙන්තො තස්ස සොතාපත්තිඵලූපනිස්සයං දිස්වා පුනදිවසෙ සාවත්ථියං පිණ්ඩාය චරිත්වා කතභත්තකිච්චො භික්ඛූ උය්යොජෙත්වා එකං පච්ඡාසමණං ගහෙත්වා තස්ස ගෙහං ගන්ත්වා වන්දිත්වා නිසින්නං මධුරවචනෙන ආලපන්තො “කිං සොචසි උපාසකා”ති වත්වා “ආම, භන්තෙ, පිතුසොකො මං බාධතී”ති වුත්තෙ “උපාසක, පොරාණකපණ්ඩිතා අට්ඨවිධෙ ලොකධම්මෙ තථතො ජානන්තා පිතරි කාලකතෙ අප්පමත්තකම්පි සොකං න කරිංසූ”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
එථ ලක්ඛණ සීතා ච යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන්නේ එක් පියා මළ කෙළෙඹියෙකු අරභයා දේශනා කළ සේක. ඔහු පියා කළුරිය කළ කල්හි ශෝකයෙන් මඩනා ලද්දේ සියළු කටයුතු අත්හැර ශෝකය අනුව පවතින්නෙක් වීය. බුදුරජාණෝ අළුයම් කාලයෙහි ලොව බලන්නේ ඔහුගේ සෝවාන් ඵලයට පැමිණීමේ හේතුසම්පත් දැක දෙවන දවස්හි සැවැත්නුවර පිඬු පිණිස හැසිරී කරන ලද බත් කිස ඇත්තේ භික්ෂූන් පිටත්කර යවා අනුව යන්නා වූ එක් භික්ෂුවක් ගෙන ඔහුගේ ගෙට ගොස්, වැඳ සිටි ඔහුට මිහිරි වචනයෙන් අමතන්නේ උපාසකය, කුමක් හෙයින් ශෝක කරන්නෙහිදැයි කියා. එසේය ස්වාමීනි, පියා මළ ශෝකය මා පීඩාවට පත් කරයි යි කී කල්හි උපාසකය, පෙර පණ්ඩිතයන් අෂ්ටලෝක ධර්මයන් තත් වූ පරිදි දැනගෙන පියා මළ කල්හි ස්වල්ප වූද ශෝකයක් නොකළාහු යයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පෑ සේක.
අතීතෙ බාරාණසියං දසරථමහාරාජා නාම අගතිගමනං පහාය ධම්මෙන රජ්ජං කාරෙසි. තස්ස සොළසන්නං ඉත්ථිසහස්සානං ජෙට්ඨිකා අග්ගමහෙසී ද්වෙ පුත්තෙ එකඤ්ච ධීතරං විජායි. ජෙට්ඨපුත්තො රාමපණ්ඩිතො නාම අහොසි, දුතියො ලක්ඛණකුමාරො නාම, ධීතා සීතා දෙවී නාම. අපරභාගෙ මහෙසී කාලමකාසි. රාජා තස්සා කාලකතාය චිරතරං සොකවසං ගන්ත්වා අමච්චෙහි සඤ්ඤාපිතො තස්සා කත්තබ්බපරිහාරං කත්වා අඤ්ඤං අග්ගමහෙසිට්ඨානෙ ඨපෙසි. සා රඤ්ඤො පියා අහොසි මනාපා. සාපි අපරභාගෙ ගබ්භං ගණ්හිත්වා ලද්ධගබ්භපරිහාරා පුත්තං විජායි, “භරතකුමාරො”තිස්ස නාමං අකංසු. රාජා පුත්තසිනෙහෙන “භද්දෙ, වරං තෙ දම්මි, ගණ්හාහී”ති ආහ. සා ගහිතකං කත්වා ඨපෙත්වා කුමාරස්ස සත්තට්ඨවස්සකාලෙ රාජානං උපසඞ්කමිත්වා “දෙව, තුම්හෙහි මය්හං පුත්තස්ස වරො දින්නො, ඉදානිස්ස වරං දෙථා”ති ආහ. ගණ්හ, භද්දෙති. “දෙව, පුත්තස්ස මෙ රජ්ජං දෙථා”ති වුත්තෙ රාජා අච්ඡරං පහරිත්වා “නස්ස, වසලි, මය්හං ද්වෙ පුත්තා අග්ගික්ඛන්ධා විය ජලන්ති, තෙ මාරාපෙත්වා තව පුත්තස්ස රජ්ජං යාචසී”ති තජ්ජෙසි. සා භීතා සිරිගබ්භං පවිසිත්වා අඤ්ඤෙසුපි දිවසෙසු රාජානං පුනප්පුනං රජ්ජමෙව යාචි.
අතීතයෙහි බරණැස් නුවර දසරථ නම් මහරජ අගතිගාමී බව අත්හැර දැහැමිව රාජ්‍යය කරවීය. ඔහුගේ සොළොස් දහසක් ස්ත්රීන්ට ප්‍රධාන වූ අගමෙහෙසිය පුතුන් දෙදෙනෙකුද එක් දුවක්ද වැදුවාය. වැඩිමහල් පුතා රාම පණ්ඩිතයා නම් වීය. දෙවැන්නා ලක්ඛණ කුමාරයා නම් වීය. දුව සීතා දේවී නම් වීය. මෑත කාලයෙහි අගමෙහෙසිය කළුරිය කළාය. රජු ඇය කළුරිය කල්හි බොහෝ කලක් ශෝකයෙහි වසඟයට ගොස් අමාත්‍යයන් විසින් අවබෝධ කරවන ලද්දේ ඇයට කළයුතු අවසන් කටයුතු කොට අන් තැනැත්තියක් අග්‍රමහේෂී තනතුරෙහි තැබීය. ඇය රජුට ප්‍රිය වූවාය. සිත් ගත්තීය. ඇයද මෑත කාලයෙහි ගැබ්ගෙන ලබන ලද ගැබ ආරක්ෂා ඇත්තී පුත්‍රයෙකු වැදුවාය. ඔහුට ‘භරත’ කුමාරයායි නම් කළාහුය. රජ පුත්‍ර ස්නේහයෙන් සොඳුර, තොපට වරයක් දෙමි. ගනුව යයි කීවේය. ඇය ගන්නා ලද්දක් කොට තබා කුමාරයාගේ අවුරුදු සත අට වයස් කාලයෙහි රජු වෙත එළඹ, දේවයන් වහන්ස, ඔබ විසින් මගේ පුතාට වරයක් දෙන ලදි. දැන් ඔහුට එය දෙවයි කීය. සොඳුර, ගනුවයි. දේවයන් වහන්ස මගේ පුතාට රාජ්‍යය දෙවයි. රජු අසුරු ගසා වසලිය නැසේවා! මගේ පුතුන් දෙදෙනා ගිනිකඳන් මෙන් දිළිසෙති. ඔවුන් මරවා ඔබගේ පුතාට රාජ්‍යය ඉල්ලන්නෙහිදැයි තර්ජනය කෙළේය. බියට පත් වූ ඇය සිරියහන් ගැබට පිවිස අන් දවස්හිදී නැවත නැවතත් රජුගෙන් රාජ්‍යයම ඉල්වීය.
රාජා තස්සා තං වරං අදත්වාව චින්තෙසි “මාතුගාමො නාම අකතඤ්ඤූ මිත්තදුබ්භී, අයං මෙ කූටපණ්ණං වා කූටලඤ්ජං වා කත්වා පුත්තෙ ඝාතාපෙය්යා”ති. සො පුත්තෙ පක්කොසාපෙත්වා තමත්ථං ආරොචෙත්වා “තාතා, තුම්හාකං ඉධ වසන්තානං අන්තරායොපි භවෙය්ය, තුම්හෙ සාමන්තරජ්ජං වා අරඤ්ඤං වා ගන්ත්වා මම මරණකාලෙ ආගන්ත්වා කුලසන්තකං රජ්ජං ගණ්හෙය්යාථා”ති වත්වා පුන නෙමිත්තකෙ බ්රාහ්මණෙ පක්කොසාපෙත්වා අත්තනො ආයුපරිච්ඡෙදං පුච්ඡිත්වා “අඤ්ඤානි ද්වාදස වස්සානි පවත්තිස්සතී”ති සුත්වා “තාතා, ඉතො ද්වාදසවස්සච්චයෙන ආගන්ත්වා ඡත්තං උස්සාපෙය්යාථා”ති ආහ. තෙ “සාධූ”ති වත්වා පිතරං වන්දිත්වා රොදන්තා පාසාදා ඔතරිංසු. සීතා දෙවී “අහම්පි භාතිකෙහි සද්ධිං ගමිස්සාමී”ති පිතරං වන්දිත්වා රොදන්තී නික්ඛමි. තයොපි ජනා මහාපරිවාරා නික්ඛමිත්වා මහාජනං නිවත්තෙත්වා අනුපුබ්බෙන හිමවන්තං පවිසිත්වා සම්පන්නොදකෙ සුලභඵලාඵලෙ පදෙසෙ අස්සමං මාපෙත්වා ඵලාඵලෙන යාපෙන්තා වසිංසු.
රජු ඇයට ඒ වරය නොදීම සිතුවේය. ස්ත්‍රිය නම් කළගුණ නොදන්නීය. මිත්රද්රෝහීය. මැය කපටි සහගත ලෙස ගිවිසුම් කර හෝ කපටි ලෙස අල්ලස් දී හෝ මගේ පුතුන් මරවන්නේ යයි සිතීය. හෙතෙම පුතුන් කැඳවා දරුවෙනි, මෙහි වසන්නා වූ නුඹලාට අනතුරක් වන්නේය. තෙපි සමීප රාජ්‍යයට හෝ වනයට හෝ ගොස් මා මළ කල්හි අවුත් කුලය සතුවූ රාජ්‍යය ගනුව යයි කියා - නැවත නිමිති කියන්නන් කැඳවා තමාගේ ආයුෂ කාලය විමසා දොළොස් වසරකට වඩා පවතින්නේය යි අසා දරුවෙනි, මෙයින් දොළොස් වසරක් ඇවෑමෙන් අවුත් සේසත් නංවන්නහු යයි කීය. ඔවුහු මැනවයි කියා පියා වැඳ හඬමින් පහයෙන් බැස්සාහුය. සීතා දේවියද මමද සොහොයුරන් සමගම යන්නෙමියි පියා වැඳ හඬන්නී නික්මුනාය. ඒ තිදෙනට මහජනයා විසින් පිරිවරන ලද්දාහු නගරයෙන් නික්ම මහජනයා නවත්වා පිළිවෙලින් හිමාලයට පිවිස ජලයෙන් යුත් ලොකු කුඩා ගෙඩි සුලභ වූ ප්‍රදේශයක ආශ්රමයක් කරවා ලොකු කුඩා ගෙඩිවලින් යැපෙන්නාහු වාසය කළහ.
ලක්ඛණපණ්ඩිතො ච සීතා ච රාමපණ්ඩිතං යාචිත්වා “තුම්හෙ අම්හාකං පිතුට්ඨානෙ ඨිතා, තස්මා අස්සමෙයෙව හොථ, මයං ඵලාඵලං ආහරිත්වා තුම්හෙ පොසෙස්සාමා”ති පටිඤ්ඤං ගණ්හිංසු. තතො පට්ඨාය රාමපණ්ඩිතො තත්ථෙව හොති. ඉතරෙ ද්වෙ ඵලාඵලං ආහරිත්වා තං පටිජග්ගිංසු. එවං තෙසං ඵලාඵලෙන යාපෙත්වා වසන්තානං දසරථමහාරාජා පුත්තසොකෙන නවමෙ සංවච්ඡරෙ කාලමකාසි. තස්ස සරීරකිච්චං කාරෙත්වා දෙවී “අත්තනො පුත්තස්ස භරතකුමාරස්ස ඡත්තං උස්සාපෙථා”ති ආහ. අමච්චා පන “ඡත්තස්සාමිකා අරඤ්ඤෙ වසන්තී”ති න අදංසු. භරතකුමාරො “මම භාතරං රාමපණ්ඩිතං අරඤ්ඤතො ආනෙත්වා ඡත්තං උස්සාපෙස්සාමී”ති පඤ්චරාජකකුධභණ්ඩානි ගහෙත්වා චතුරඞ්ගිනියා සෙනාය තස්ස වසනට්ඨානං පත්වා අවිදූරෙ ඛන්ධාවාරං කත්වා තත්ථ නිවාසෙත්වා කතිපයෙහි අමච්චෙහි සද්ධිං ලක්ඛණපණ්ඩිතස්ස ච සීතාය ච අරඤ්ඤං ගතකාලෙ අස්සමපදං පවිසිත්වා අස්සමපදද්වාරෙ ඨපිතකඤ්චනරූපකං විය රාමපණ්ඩිතං නිරාසඞ්කං සුඛනිසින්නං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං ඨිතො රඤ්ඤො පවත්තිං ආරොචෙත්වා සද්ධිං අමච්චෙහි පාදෙසු පතිත්වා රොදති. රාමපණ්ඩිතො පන නෙව සොචි, න පරිදෙවි, ඉන්ද්රියවිකාරමත්තම්පිස්ස නාහොසි. භරතස්ස පන රොදිත්වා නිසින්නකාලෙ සායන්හසමයෙ ඉතරෙ ද්වෙ ඵලාඵලං ආදාය ආගමිංසු. රාමපණ්ඩිතො චින්තෙසි “ඉමෙ දහරා මය්හං විය පරිග්ගණ්හනපඤ්ඤා එතෙසං නත්ථි, සහසා ‘පිතා වො මතො’ති වුත්තෙ සොකං සන්ධාරෙතුං අසක්කොන්තානං හදයම්පි තෙසං ඵලෙය්ය, උපායෙන තෙ උදකං ඔතාරෙත්වා එතං පවත්තිං ආරොචෙස්සාමී”ති. අථ නෙසං පුරතො එකං උදකට්ඨානං දස්සෙත්වා “තුම්හෙ අතිචිරෙන ආගතා, ඉදං වො දණ්ඩකම්මං හොතු, ඉමං උදකං ඔතරිත්වා තිට්ඨථා”ති උපඩ්ඪගාථං තාව ආහ –
ලක්ඛණ පණ්ඩිතයාද සීතා දේවියද රාම පණ්ඩිතයන් අයැද තෙපි අපගේ පිය තනතුරෙහි සිටියේය. එහෙයින් අසපුවෙහිම සිටුව. අපි ලොකු කුඩා ගෙඩි ගෙනවිත් තොප පෝෂණය කරන්නෙමුයි ප්‍රතිඥාවක් ගත්තේය. එතැන් පටන් රාම පණ්ඩිතයා එහිම වෙයි. අන්‍යයෝ ලොකු කුඩා ගෙඩි ගෙනවුත් ඔහු පෝෂණය කළාහුය. මෙසේ ඔවුන් ලොකු කුඩා ගෙඩිවලින් යැපී වසන කල්හි දසරථ මහරජු පුත්‍ර ශෝකයෙන් නවවන අවුරුද්දෙහි කළුරිය කෙළේය. දේවිය ඔහුගේ සිරුර දවා තමාගේ පුතු වූ භරත කුමාරයාට සේසත් ඔසවවයි කීවාය. ඇමතියෝ සේසතෙහි ස්වාමිවරු වනයෙහි වසත් යයි නොදුන්නාහුද? භරත කුමාරයා මගේ සොහොවුරු රාම පණ්ඩිතයා වනයෙන් ගෙන්වා සේසත් නංවාලමියි පස්වැදෑරුම් රාජ්‍යත්වයේ උපකරණ ගෙන සිව්රඟ සෙනඟ සමග ඔහු වසන තැනට ගොස් නුදුරෙහි කඳවුරු බැඳ ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග ලක්ඛණ පණ්ඩිතයාද සීතා දේවිය ද වනයට ගියකල්හි ආශ්රමයට පිවිස ආශ්‍රම දොරටුවෙහි මනාව තබන ලද රන්රුවක් මෙන් සැක නැතිව සුවසේ හුන් රාම පණ්ඩිතයා වෙත එළඹ වැඳ එකත්පස්ව සිටියේ රජුගේ තොරතුරු කියා ඇමතිවරුන් සමඟ පාදයන්හි වැටී හැඬුවේය. රාම පණ්ඩිතයා ශෝක නොකළේමය. නොහැඬීය. ඉඳුරන්ගේ වෙනස්වීම පමණක් හෝ නොවීය. භරත කුමරු හඬා සිටිකල්හි සවස් කාලයෙහි අන් දෙදෙනා ලොකු කුඩා ගෙඩි රැගෙන ආවාහුය. රාම පණ්ඩිතයා සිතීය. මේ දෙදෙන තරුණය. මම මෙන් විමසීමේ නුවණ මොවුන්ට නැත. තොපගේ පියා මළේයයි වහා කී කල්හි ශෝකය දරන්නට නොහැකි වන්නා වූ ඔවුන්ගේ හදවතද පැලෙන්නේය. උපක්‍රමයෙකින් ඔවුන්ට ජලයට බස්සවා මේ පුවත අස්වන්නෙමි යි. ඉක්බිති ඔවුන්ට ඉදිරියේ වූ එක් ජලය ඇති තැනක් පෙන්වා තෙපි බොහෝ වේලා ගතකොට පැමිණියෝ වෙති. මෙය ඔබලාට දඬුවම වේවා! මේ ජලයට බැස සිටුවයි පළමුකොට ගාථා අර්ධයක් කීය.
“එථ ලක්ඛණ සීතා ච, උභො ඔතරථොදක”න්ති.
එථ ලක්ඛණ සීතාච - උභො ඔතරථොදකං
තස්සත්ථො – එථ ලක්ඛණ සීතා ච ආගච්ඡථ, උභොපි ඔතරථ උදකන්ති;
1. ලක්ඛණ, සීතා, දෙදෙනා මෙහි එව්. දෙදෙනාම ජලයට බසිව්.
තෙ එකවචනෙනෙව ඔතරිත්වා අට්ඨංසු. අථ නෙසං පිතු පවත්තිං ආරොචෙන්තො සෙසං උපඩ්ඪගාථමාහ –
එහි අර්ථය එථ ලක්ඛණ සීතා ච යනු දෙදෙනාම පැමිණෙත්වා! මේ ජලයට බසිවු යි. ඔවුහු එක් වචනයෙන්ම බැස සිටියාහුය. ඉක්බිති ඔවුන්ට ඒ ප්‍රවෘත්තිය දන්වන්නේ සෙසු ගාථා අර්ධය කීවේය.
“එවායං භරතො ආහ, රාජා දසරථො මතො”ති.
දසරථ රජු මළේ යයි මේ භරත කුමරු කීවේයයි.
තෙ පිතු මතසාසනං සුත්වාව විසඤ්ඤා අහෙසුං. පුනපි නෙසං කථෙසි, පුනපි තෙ විසඤ්ඤා අහෙසුන්ති එවං යාවතතියං විසඤ්ඤිතං පත්තෙ තෙ අමච්චා උක්ඛිපිත්වා උදකා නීහරිත්වා ථලෙ නිසීදාපෙත්වා ලද්ධස්සාසෙසු තෙසු සබ්බෙ අඤ්ඤමඤ්ඤං රොදිත්වා පරිදෙවිත්වා නිසීදිංසු. තදා භරතකුමාරො චින්තෙසි – “මය්හං භාතා ලක්ඛණකුමාරො ච භගිනී ච සීතා දෙවී පිතු මතසාසනං සුත්වාව සොකං සන්ධාරෙතුං න සක්කොන්ති, රාමපණ්ඩිතො පන නෙව සොචති, න පරිදෙවති, කිං නු ඛො තස්ස අසොචනකාරණං, පුච්ඡිස්සාමි න”න්ති. සො තං පුච්ඡන්තො දුතියං ගාථමාහ –
ඔවුහු පියා මළ පණිවුඩය අසා විසඥ වූහ. නැවතද ඔවුන්ට කීවේය. නැවත විසඥ වූහ යි. මෙසේ තෙවන වර දක්වා විසඥ වූ කල්හි ඇමතියන් ඔවුන් ඔසවා ජලයෙන් බැහැරකොට පොළොවෙහි හිඳුවා අස්වැසිලි ලද කල්හි සියල්ලෝ ඔවුනොවුන් හඬා වැළපී හුන්නාහුය. භරත කුමාරයා සිතුවේය. මාගේ සොහොවුරු ලක්ඛණ කුමාරයා ද සොහොවුරී සීතා දේවිය ද පියා මළ පණිවුඩය අසාම ශෝකය දරන්නට නොහැකි වෙත්. රාම පණ්ඩිතයා ශෝක නොකරයි. නො වැළපෙයි. ඔහුගේ ශෝක නොකරන කරුණ කිම? ඔහුගෙන් විමසන්නෙමියි. හෙතෙම ඔහු විමසන්නේ දෙවන ගාථාව කීවේය.
“කෙන රාමප්පභාවෙන, සොචිතබ්බං න සොචසි; පිතරං කාලකතං සුත්වා, න තං පසහතෙ දුඛ”න්ති.
2. රාම කුමරුනි, කවර ආනුභාවයක් නිසා ශෝක විය යුත්ත පිළිබඳව ශෝක නොකෙරෙහිද? පියා කළුරිය කළ බව අසා ඒ දුක ඔබව නොපෙළාද?
තත්ථ පභාවෙනාති ආනුභාවෙන. න තං පසහතෙ දුඛන්ති එවරූපං දුක්ඛං කෙන කාරණෙන තං න පීළෙති, කිං තෙ අසොචනකාරණං, කථෙහි තාව නන්ති.
එහි පභාවෙන යනු ආනුභාවයෙන්. නතං පසහතෙ යනු මෙවැනි වූ දුක කවර කරුණකින් නොපෙළයිද? ඔබගේ නොකරන කරුණ කිම? පළමුකොට එය කියව.
අථස්ස රාමපණ්ඩිතො අත්තනො අසොචනකාරණං කථෙන්තො –
ඉක්බිති රාම පණ්ඩිතයා ඔහුට තමාගේ ශෝක නොකිරීමේ කරුණු කියන්නේ.
“යං න සක්කා නිපාලෙතුං, පොසෙන ලපතං බහුං; ස කිස්ස විඤ්ඤූ මෙධාවී, අත්තානමුපතාපයෙ.
3. බොහෝකොට කථාකරන පුරුෂයෙකු විසින් යම් මේ ජීවිතය පාලනය කරන්නට නොහැකිද? පණ්ඩිත වූ බුද්ධිමත් ඔහු කවර කරුණකට තමා තවන්නේද?
“දහරා ච හි වුද්ධා ච, යෙ බාලා යෙ ච පණ්ඩිතා; අඩ්ඪා චෙව දලිද්දා ච, සබ්බෙ මච්චුපරායණා.
4. දරුවෝද, යම් බඳු වැඩිහිටියෝද, යම් බාලයෝද, යම් පණ්ඩිතයෝද, ධනවන්තයෝද, දිළින්දෝද යන මේ සියල්ලෝ මරු පිහිටකොට ඇත්තෝ වෙති.
“ඵලානමිව පක්කානං, නිච්චං පතනතො භයං; එවං ජාතාන මච්චානං, නිච්චං මරණතො භයං.
5. පැසුණු ගෙඩිවලට නිරතුරුව වැටීමේ බිය වේද? මෙසේ උපන් උපන් සත්ත්වයන්ට නිරතුරුව මරණයෙන් බිය ඇති වේ.
“සායමෙකෙ න දිස්සන්ති, පාතො දිට්ඨා බහුජ්ජනා; පාතො එකෙ න දිස්සන්ති, සායං දිට්ඨා බහුජ්ජනා.
6. උදෑසන දුටු බොහෝ ජනයෝ සවස නොපෙනෙත්. සවස දුටු බොහෝ දෙනෙක් උදේ නොපෙනෙත්.
“පරිදෙවයමානො චෙ, කිඤ්චිදත්ථං උදබ්බහෙ; සම්මූළ්හො හිංසමත්තානං, කයිරා තං විචක්ඛණො.
7. ඒකාන්තයෙන් හඬනු ලබන්නේ කිසි ප්‍රයෝජනයක් උපදවන්නේ නම් නුවණැති පුද්ගලයා මුලාවට පත්වී තමාට හිංසා කරන මේ හැඬීම කරන්නේය.
“කිසො විවණ්ණො භවති, හිංසමත්තානමත්තනො; න තෙන පෙතා පාලෙන්ති, නිරත්ථා පරිදෙවනා.
8. තමා විසින් තමාට කරන හිංසාවක් වේ. කෙට්ටු වීමක් වේ. දුර්වර්ණ වේ. ඒ හැඬීම නිසා මියගිය අය නොරැකෙති. වැළපීම නිරර්ථකය.
“යථා සරණමාදිත්තං, වාරිනා පරිනිබ්බයෙ; එවම්පි ධීරො සුතවා, මෙධාවී පණ්ඩිතො නරො; ඛිප්පමුප්පතිතං සොකං, වාතො තූලංව ධංසයෙ.
9. ගිනිගත් ගෙය ජලයෙන් නිවන්නේ යම්සේද? මෙසේ ධෛර්යයෙන් යුත්, බහුශ්‍රැත වූ, බුද්ධිමත්, පණ්ඩිත මිනිසා උපන් ශෝකය සුළඟ පුළුන් පහ කරන්නාක් මෙන් වහා පහ කරන්නේය.
“මච්චො එකොව අච්චෙති, එකොව ජායතෙ කුලෙ; සංයොගපරමාත්වෙව, සම්භොගා සබ්බපාණිනං.
10. සත්ත්වයා හුදකලාවම පරලොව යයි. හුදකලාවම කුලයෙහි උපදී. සියළු ප්‍රාණීන්ගේ එක්වීම කර්මය අනුව සිදුවේ.
“තස්මා හි ධීරස්ස බහුස්සුතස්ස, සම්පස්සතො ලොකමිමං පරඤ්ච; අඤ්ඤාය ධම්මං හදයං මනඤ්ච, සොකා මහන්තාපි න තාපයන්ති.
11. එහෙයින් ධෛර්යයෙන් යුක්ත වූ, බහුශ්‍රැත වූ, මෙලොවද පරලොවද දන්නහු විසින් ධර්මය දැන මහත් වූ ශෝක ඇත්තේද හදවතද සිතද නොතවත්.
“සොහං දස්සඤ්ච භොක්ඛඤ්ච, භරිස්සාමි ච ඤාතකෙ; සෙසඤ්ච පාලයිස්සාමි, කිච්චමෙතං විජානතො”ති. –
12. ඒ මම සුදුස්සන්ට යසස ද තනතුරු ද දෙමි. නෑයන් පෝෂණය කරමි. ඉතිරි වූ දෙය (සම්පත්තියද) පාලනය කරමි. මෙය දැනුවත්හුගේ කටයුත්තයි.
ඉමාහි දසහි ගාථාහි අනිච්චතං පකාසෙති.
මේ ගාථාවන්ගෙන් අනිත්‍ය බව ප්‍රකාශ කළේය.
තත්ථ නිපාලෙතුන්ති රක්ඛිතුං. ලපතන්ති ලපන්තානං. ඉදං වුත්තං හොති – “තාත භරත, යං සත්තානං ජීවිතං බහුම්පි විලපන්තානං පුරිසානං එකෙනාපි මා උච්ඡිජ්ජීති න සක්කා රක්ඛිතුං, සො දානි මාදිසො අට්ඨ ලොකධම්මෙ තථතො ජානන්තො විඤ්ඤූ මෙධාවී පණ්ඩිතො මරණපරියොසානජීවිතෙසු සත්තෙසු කිස්ස අත්තානමුපතාපයෙ, කිංකාරණා අනුපකාරෙන සොකදුක්ඛෙන අත්තානං සන්තාපෙය්යා”ති.
එහි පාලෙතුං යනු ආරක්ෂා කරන්නට. ලපතං යනු කථා කරන්නවුන්ගේ. මෙය කියන ලද්දේ වෙයි. දරුව, භරත කුමාරය, යම් හෙයකින් සත්ත්වයන්ගේ ජීවිතය බොහෝකොට වැළපෙන්නා වූ පුරුෂයන් අතර එකෙකු විසින්ද විනාශ නොවේවායි රකින්නට නොහැකිය. දැන් මා වැනි අෂ්ටලෝක ධර්මයන් ඇති පරිදි දන්නා වූ ප්‍රාඥ වූ බුද්ධිමත් වූ පණ්ඩිතයා, මරණයෙන් කෙළවර කොට ඇති ජීවිතයන් ඇති කල්හි, මළ කල්හි. කිස්ස අත්තාන මුපතාපයෙ යනු කවර කරුණකින් උපකාර රහිත වූ සිය දුකින් තමා තවන්නේය යි.
දහරා චාති ගාථා “මච්චු නාමෙස තාත භරත, නෙව සුවණ්ණරූපකසදිසානං දහරානං ඛත්තියකුමාරකාදීනං, න වුද්ධිප්පත්තානං මහායොධානං, න බාලානං පුථුජ්ජනසත්තානං, න බුද්ධාදීනං පණ්ඩිතානං, න චක්කවත්තිආදීනං ඉස්සරානං, න නිද්ධනානං දලිද්දාදීනං ලජ්ජති, සබ්බෙපිමෙ සත්තා මච්චුපරායණා මරණමුඛෙ සංභග්ගවිභග්ගා භවන්තියෙවා”ති දස්සනත්ථං වුත්තා.
දහරා ච යනු ගාථාවෝ දරුව, භරතය, මේ මරු නම් රන් රුව සමාන වූ දරුවන් ක්ෂත්රීය කුමාරයන් ආදීන් වැඩිවියට පත් වූවන්ද මහා යෝධයන්ද බාලයන්ද පුහුදුන් සත්ත්වයන්ද බුද්ධි ආදී පණ්ඩිතයන් ද සක්විති රජු ආදීන් ද ඉසුරුමතුන් ද අහර නොලබන දිළින්දන් ද ලජ්ජා නැතිව බස්ම වන්නේය. මේ සියළු සත්ත්වයෝම මච්චු පරායණා මරණය හමුවෙහි බිඳී ගිය වෙන් වෙන්ව බිඳීගිය අයම වෙත් යයි දක්වනු පිණිස කියන ලදි.
නිච්චං පතනතොති ඉදං වුත්තං හොති – යථා හි තාත භරත, පක්කානං ඵලානං පක්කකාලතො පට්ඨාය “ඉදානි වණ්ටා ඡිජ්ජිත්වා පතිස්සන්ති, ඉදානි පතිස්සන්තී”ති පතනතො භයං නිච්චං ධුවං එකංසිකමෙව භවති, එවං ආසඞ්කනීයතො එවං ජාතානං මච්චානම්පි එකංසිකංයෙව මරණතො භයං, නත්ථි සො ඛණො වා ලයො වා යත්ථ තෙසං මරණං න ආසඞ්කිතබ්බං භවෙය්‍යාති.
පපතනා යනු වැටීම් වශයෙන් මෙය කියන ලද්දේ වෙයි. දරුව භරතය, යම්සේ පැසුන ගෙඩි පැසුන කල පටන් දැන් නටුවෙන් සිඳී වැටෙන්නේය. දැන් වැටෙන්නේ යයි. වැටීමෙන් වන බිය නිත්‍යය. සැමදා පවත්නේය. ඒකාන්ත වෙයි. මෙසේ සැක කටයුතු බව නිසා මෙසේ උපන් සත්ත්වයන්ට ඒකාන්තයෙන්ම මරණයෙන් බියක් නැතැයි යන ඒ ඇසිල්ල හෝ සුළු කාලය හෝ යම්තැනක ඔවුන්ගේ සැක නොකටයුතු වන්නේය.
සායන්ති විකාලෙ. ඉමිනා රත්තිභාගෙ ච දිට්ඨානං දිවසභාගෙ අදස්සනං, දිවසභාගෙ ච දිට්ඨානං රත්තිභාගෙ අදස්සනං දීපෙති. කිඤ්චිදත්ථන්ති “පිතා මෙ, පුත්තො මෙ”තිආදීහි පරිදෙවමානොව පොසො සම්මූළ්හො අත්තානං හිංසන්තො කිලමෙන්තො අප්පමත්තකම්පි අත්ථං ආහරෙය්ය. කයිරා තං විචක්ඛණොති අථ පණ්ඩිතො පුරිසො එවං පරිදෙවං කරෙය්ය, යස්මා පන පරිදෙවන්තො මතං වා ආනෙතුං අඤ්ඤං වා තස්ස වඩ්ඪිං කාතුං න සක්කොති, තස්මා නිරත්ථකත්තා පරිදෙවිතස්ස පණ්ඩිතා න පරිදෙවන්ති.
සායං යනු සවස් වරුවෙහි. මොහු විසින් රාත්‍රී කාලයෙහි දුටුවහුනට දවල් කාලයෙහිද දවල් කාලයෙහි දුටුවහුනට රාත්‍රී කාලයෙහිද නොදැක්ම දක්වයි. කඤ්චි දත්ථං යනු මගේ පියා මගේ පුතා ආදී වශයෙන් වැලපෙනු ලබන්නා වූ පුරුෂයා මුළා වූයේ තමාට හිංසා කරන්නේ ක්ලාන්ත වන්නේ ස්වල්ප වූද ප්‍රයෝජනයක් ගෙන එන්නේද? කයිරාචෙනං විචක්ඛණො යනු ඉක්බිති පණ්ඩිත පුරුෂයා වැළපීම කරන්නේය. යම් හෙයකින් හඬන්නේ මළ තැනැත්තා ගෙන ඒමට හෝ ඔහුට අන් අභිවෘද්ධියක් කරන්නට නොහැකි වෙයි. ඒ නිරර්ථක බව නිසා පණ්ඩිතයෝ විලාපයට විලාප නොදෙත්.
අත්තානමත්තනොති අත්තනො අත්තභාවං සොකපරිදෙවදුක්ඛෙන හිංසන්තො. න තෙනාති තෙන පරිදෙවෙන පරලොකං ගතා සත්තා න පාලෙන්ති න යාපෙන්ති. නිරත්ථාති තස්මා තෙසං මතසත්තානං අයං පරිදෙවනා නිරත්ථකා. සරණන්ති නිවාසගෙහං. ඉදං වුත්තං හොති – යථා පණ්ඩිතො පුරිසො අත්තනො වසනාගාරෙ ආදිත්තෙ මුහුත්තම්පි වොසානං අනාපජ්ජිත්වා ඝටසතෙන ඝටසහස්සෙන වාරිනා නිබ්බාපයතෙව, එවං ධීරො උප්පතිතං සොකං ඛිප්පමෙව නිබ්බාපයෙ. තූලං විය ච වාතො යථා සණ්ඨාතුං න සක්කොති, එවං ධංසයෙ විද්ධංසෙය්යාති අත්ථො.
අත්තානමත්තනො යනු තමාගේ ශරීරය ශෝකය වැළපීම සංඛ්‍යාත දුකින් හිංසා කරනු ලබන්නේ. න තෙන යනු ඒ වැළපීමෙන් පරලොව ගිය සත්ත්වයෝ ආරක්ෂා නොකෙරෙත්. නො යැපෙත්. නිරත්ථා යනු එහෙයින් ඒ මියගිය සත්ත්වයන් වෙනුවෙන් මේ වැළපීම නිරර්ථකය. සරණං යනු වස්නා ගෙයයි. මෙය කියන ලද්දේ වෙයි. යම්සේ පණ්ඩිත පුරුෂයා තමා වසන ගෙය ගිනිගත් කල්හි මොහොතකුදු වෙහෙසකට නොපැමිණ කළ සියයෙන්ද දහසින්ද ජලයෙන් එය නිවන්නේමය. මෙසේ ධෛර්ය සම්පන්න තැනැත්තා උපන් ශෝකය වහා නිවන්නේය. වාතය පුළුන් මෙන් යම් සේ සිටින්නට නොහැක්කේද මෙසේ පහකරන්නේය. විශේෂයෙන් පහ කරන්නේය යන අර්ථයි.
මච්චො එකොව අච්චෙතීති එත්ථ තාත භරත, ඉමෙ සත්තා කම්මස්සකා නාම, තථා හි ඉතො පරලොකං ගච්ඡන්තො සත්තො එකොව අච්චෙති අතික්කමති, ඛත්තියාදිකුලෙ ජායමානොපි එකොව ගන්ත්වා ජායති. තත්ථ තත්ථ පන ඤාතිමිත්තසංයොගෙන “අයං මෙ පිතා, අයං මෙ මාතා, අයං මෙ මිත්තො”ති සංයොගපරමාත්වෙව සම්භොගා සබ්බපාණීනං, පරමත්ථෙන පන තීසුපි භවෙසු කම්මස්සකාවෙතෙ සත්තාති අත්ථො.
එකොව මච්චො යනු දරුව, භරතය, මෙලොව මේ සත්ත්වයෝ කර්ම කළ අය වෙති. ඒ එසේමය. මෙලොවින් පරලොවට යන්නා වූ සත්ත්ව තෙමේ හුදකලාව. අච්චෙති යයි. ක්ෂත්රීය ආදී කුලයෙහි උපදින්නේද හුදකලාවම ගොස් උපදී. ඒ ඒ තැන ඤාති-මිත්‍ර එක්ව විසීම් වශයෙන් මේ මගේ පියා මේ මගේ මව මේ මිත්‍රයායි. සංයෝග පරමාත්වෙව සම්භොගා සබ්බ පාණිනං පරමාර්ථ වශයෙන් තුන් භවයෙහි මේ සත්ත්වයෝ කර්ම කළාහුම වෙති. අර්ථයි.
තස්මාති යස්මා එතෙසං සත්තානං ඤාතිමිත්තසංයොගං ඤාතිමිත්තපරිභොගමත්තං ඨපෙත්වා ඉතො පරං අඤ්ඤං නත්ථි, තස්මා. සම්පස්සතොති ඉමඤ්ච පරඤ්ච ලොකං නානාභාවවිනාභාවමෙව සම්මා පස්සතො. අඤ්ඤාය ධම්මන්ති අට්ඨවිධලොකධම්මං ජානිත්වා. හදයං මනඤ්චාති ඉදං උභයම්පි චිත්තස්සෙව නාමං. ඉදං වුත්තං හොති –
තස්මා යනු ඒ සත්ත්වයන්ගේ ඤාති මිත්‍ර එක්වීමද ඤාතිමිත්‍ර ආදීන් සමග එකට අනුභවයද හැර මින්මතු අනිකෙක් නැත. එහෙයින් සම්පස්සතො මෙලොවද පරලොවද වෙනස්වන බවද විනාශ වන බවද දක්නේ. අඤ්ඤුය ධම්මං යනු අෂ්ටලෝක ධර්මය දැන හදයං මනඤ්ච යනු මේ දෙකම සිතටම නම් වේ. මෙය කියන ලද්දේ වෙයි.
“ලාභො අලාභො යසො අයසො ච, නින්දා පසංසා ච සුඛඤ්ච දුක්ඛං; එතෙ අනිච්චා මනුජෙසු ධම්මා, මා සොච කිං සොචසි පොට්ඨපාදා”ති. (ජා· 1.4.114) –
ලාභය ද- අලාභය ද අයස ද, නින්දාව ද ප්‍රශංසාව ද සැප ද දුක ද යන මේ ධර්මයෝ මිනිසුන් අතර අනිත්‍යයහ. ශෝක නොකරව. කවර හෙයින් ශෝක කෙරෙහිද?
ඉමෙසං අට්ඨන්නං ලොකධම්මානං යෙන කෙනචි චිත්තං පරියාදීයති, තස්ස ච අනිච්චතං ඤත්වා ඨිතස්ස ධීරස්ස පිතුපුත්තමරණාදිවත්ථුකා මහන්තාපි සොකා හදයං න තාපයන්තීති. එතං වා අට්ඨවිධං ලොකධම්මං ඤත්වා ඨිතස්ස හදයවත්ථුඤ්ච මනඤ්ච මහන්තාපි සොකා න තාපයන්තීති එවම්පෙත්ථ අත්ථො දට්ඨබ්බො.
මේ අෂ්ටලෝක ධර්මයන්ගෙන් යම්කිසිවක් නිසා සිත මඩිනු ලැබේද එහි අනිත්‍ය බව දැන සිටියහුගේ. ධීරස්ස පිය පුතු ආදීන්ගේ මරණය වස්තු කර ඇති මහත් වූද ශෝකයෝ හදවත නොතවත්. මෙසේ මෙහි අර්ථය දත යුතුය.
සොහං දස්සඤ්ච භොක්ඛඤ්චාති ගාථාය – තාත භරත, අන්ධබාලානං සත්තානං විය මම රොදනපරිදෙවනං නාම න අනුච්ඡවිකං, අහං පන පිතු අච්චයෙන තස්ස ඨානෙ ඨත්වා කපණාදීනං දානාරහානං දානං, ඨානන්තරාරහානං ඨානන්තරං, යසාරහානං යසං දස්සාමි, පිතරා මෙ පරිභුත්තනයෙන ඉස්සරියං පරිභුඤ්ජිස්සාමි, ඤාතකෙ ච පොසෙස්සාමි, අවසෙසඤ්ච අන්තොපරිජනාදිකං ජනං පාලෙස්සාමි, ධම්මිකසමණබ්රාහ්මණානං ධම්මිකං රක්ඛාවරණගුත්තිං කරිස්සාමීති එවඤ්හි ජානතො පණ්ඩිතපුරිසස්ස අනුරූපං කිච්චන්ති අත්ථො.
සොහං දස්සඤ්ච භොක්ඛං ච යි ගාථාවෙහි දරුව, භරතය අඳබාල සත්ත්වයන් විසින් මෙන් මගේ හැඬීමද වැලපීමද නුසුදුසුය. මම වනාහී පියා ඇවෑමෙන් ඔහුගේ තැන සිට දිළින්දන් ආදී වූ දීමට සුදුසු වූවනට දානයද තනතුරු සුදුසු වන අයට තනතුරුද කීර්තිය සුදුසු අයට කීර්තියද දෙන්නෙමි. මගේ පියා විසින් පරිභෝග කළ අයුරින් සම්පත් පරිභෝජනය කරමි. නෑයන් පෝෂණය කරමි. අන්‍ය වූ ඇතුළත පිරිවර ජනයා ආදී වූ ජනයා පාලනය කරන්නෙමි. දැහැමි ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දැහැමි ආරක්ෂාවරණය-රැකීම කරන්නෙමියි. මෙය දැනුවත් වූ පණ්ඩිත පුරුෂයාගේ සුදුසු කටයුත්ත යයි අර්ථයි.
පරිසා ඉමං රාමපණ්ඩිතස්ස අනිච්චතාපකාසනං ධම්මදෙසනං සුත්වා නිස්සොකා අහෙසුං. තතො භරතකුමාරො රාමපණ්ඩිතං වන්දිත්වා “බාරාණසිරජ්ජං සම්පටිච්ඡථා”ති ආහ. තාත ලක්ඛණඤ්ච, සීතාදෙවිඤ්ච ගහෙත්වා ගන්ත්වා රජ්ජං අනුසාසථාති. තුම්හෙ පන, දෙවාති. තාත, මම පිතා “ද්වාදසවස්සච්චයෙන ආගන්ත්වා රජ්ජං කාරෙය්යාසී”ති මං අවොච, අහං ඉදානෙව ගච්ඡන්තො තස්ස වචනකරො නාම න හොමි, අඤ්ඤානිපි තීණි වස්සානි අතික්කමිත්වා ආගමිස්සාමීති. “එත්තකං කාලං කො රජ්ජං කාරෙස්සතී”ති? “තුම්හෙ කාරෙථා”ති. “න මයං කාරෙස්සාමා”ති. “තෙන හි යාව මමාගමනා ඉමා පාදුකා කාරෙස්සන්තී”ති අත්තනො තිණපාදුකා ඔමුඤ්චිත්වා අදාසි. තෙ තයොපි ජනා පාදුකා ගහෙත්වා රාමපණ්ඩිතං වන්දිත්වා මහාජනපරිවුතා බාරාණසිං අගමංසු. තීණි සංවච්ඡරානි පාදුකා රජ්ජං කාරෙසුං. අමච්චා තිණපාදුකා රාජපල්ලඞ්කෙ ඨපෙත්වා අඩ්ඩං විනිච්ඡිනන්ති. සචෙ දුබ්බිනිච්ඡිතො හොති, පාදුකා අඤ්ඤමඤ්ඤං පටිහඤ්ඤන්ති. තාය සඤ්ඤාය පුන විනිච්ඡිනන්ති. සම්මා විනිච්ඡිතකාලෙ පාදුකා නිස්සද්දා සන්නිසීදන්ති. රාමපණ්ඩිතො තිණ්ණං සංවච්ඡරානං අච්චයෙන අරඤ්ඤා නික්ඛමිත්වා බාරාණසිනගරං පත්වා උය්යානං පාවිසි. තස්ස ආගමනභාවං ඤත්වා කුමාරා අමච්චගණපරිවුතා උය්යානං ගන්ත්වා සීතං අග්ගමහෙසිං කත්වා උභින්නම්පි අභිසෙකං අකංසු. එවං අභිසෙකප්පත්තො මහාසත්තො අලඞ්කතරථෙ ඨත්වා මහන්තෙන පරිවාරෙන නගරං පවිසිත්වා පදක්ඛිණං කත්වා චන්දකපාසාදවරස්ස මහාතලං අභිරුහි. තතො පට්ඨාය සොළස වස්සසහස්සානි ධම්මෙන රජ්ජං කාරෙත්වා ආයුපරියොසානෙ සග්ගපුරං පූරෙසි.
පිරිස රාම පණ්ඩිතයාගේ අනිත්‍යය ප්‍රකාශ කරන්නා වූ ධර්මදේශනාව අසා ශෝක නැත්තෝ වූහ. ඉක්බිති භරත කුමාරයා රාම පණ්ඩිතයා වැඳ බරණැස රාජ්‍යය භාරගන්න යයි කීවේය. දරුව, ලක්ඛණ ද සීතා දේවිය ද ගෙන ගොස් රාජ්‍යය විචාරවයි කීවේය. දේවයන් වහන්ස, නුඹ කුමක් කරන්නේදැයි විමසීය. දරුව, මගේ පියා දොළොස් වසරක් ඇවෑමෙන් අවුත් රාජ්‍යය කරන්නෙහි යයි මට කීවේය. මමද දැන් යන්නේ ඔහුගේ වචනය කරන්නේ නොවෙමි. ඉතිරි තුන් වසර ඉක්මවා එන්නෙමියි. එතෙක් කල් කවරෙක් රාජ්‍යය කරන්නෙහිදැයි. තෙපි කරව් යයි. අපි නොකරමුයි. එසේ නම් මගේ පැමිණීම තෙක් මේ පාවහන් රාජ්‍යය කරන්නේ යයි තමාගේ තෘණ පාවහන් මුදා දුන්නේය. ඒ තිදෙනා පාවහන් ගෙන පණ්ඩිතයා වැඳ මහජනයා විසින් පිරිවරන ලද්දෝ බරණැසට ගියාහුය. අවුරුදු තුනක් පාවහන් රාජ්‍යය කරවීය. ඇමතියෝ තෘණ පාවහන් රජපළගෙහි (සිංහාසනයේ) තබා නඩුව විනිශ්චය කරති. ඉදින් නපුරු ලෙස විනිශ්චය කරන ලද්දේ වෙයිද පාවහන් එකිනෙක වැදෙයි. ඒ සළකුණින් නැවත විනිශ්චය කරත්. මනාව විසඳූ කල්හි පාවහන් නිශ්ශබ්දව හිඳිත්. රාම පණ්ඩිතයා තුන් වසර ඇවෑමෙන් වනයෙන් නික්ම බරණැස් නගරයට පැමිණ උයනට පිවිසියේය. ඔහු ආ බව දැන කුමාරයෝ ඇමතියන් පිරිවරා උයනට ගොස් සීතාව අගමෙහෙසිය කර දෙදෙනාම අභිෂේක කළහ. මෙසේ අභිෂේකයට පත් මහාසත්ත්ව තෙමේ අලංකාර කරන ලද රියෙහි සිට මහත් වූ පිරිවර සමග නගරයට පිවිස පැදකුණු කොට සුනන්දන ප්‍රාසාදයෙහි මතුමහල් තලයට නැග එතැන් පටන් අවුරුදු සොළොස් දහසක් ධර්මයෙන් රාජ්‍යය කරවා දිව්‍යලෝකය පිරවීය.
“දස වස්සසහස්සානි, සට්ඨි වස්සසතානි ච; කම්බුගීවො මහාබාහු, රාමො රජ්ජමකාරයී”ති. –
13. රනින් කළ මිහිඟු බෙරයක් වැනි ගෙල ඇති, මහත් වූ බාහු ඇති රාම තෙමේ අවුරුදු සොළොස් දහසක් රාජ්‍යය කරවීය.
අයං අභිසම්බුද්ධගාථා තමත්ථං දීපෙති.
තත්ථ කම්බුගීවොති සුවණ්ණාළිඞ්ගසදිසගීවො. සුවණ්ණඤ්හි කම්බූති වුච්චති.
[missing trans]
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා සච්චානි පකාසෙත්වා ජාතකං සමොධානෙසි, සච්චපරියොසානෙ කුටුම්බිකො සොතාපත්තිඵලෙ පතිට්ඨහි. තදා දසරථමහාරාජා සුද්ධොදනමහාරාජා අහොසි, මාතා මහාමායාදෙවී, සීතා රාහුලමාතා, භරතො ආනන්දො, ලක්ඛණො සාරිපුත්තො, පරිසා බුද්ධපරිසා, රාමපණ්ඩිතො පන අහමෙව අහොසින්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි කෙළෙඹියා සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල්හි දසරථ මහරජු සුද්ධෝදන මහරජු වීය. මව මාහාමායා වූවාය. සීතාව රාහුල මාතාවයි. භරත කුමරු ආනන්ද තෙර වීය. ලක්ඛණ සැරියුත් තෙර වීය. පිරිස බුද්ධ පිරිසයි. රාම පණ්ඩිතයා මම ම වීමි යයි යනුවෙන් වදාළ සේක.
දසරථජාතකවණ්ණනා සත්තමා.