යෙදුමෙන් කියවන්න

6. යුධඤ‍්චයජාතකවණ‍්ණනා 460 අට‍්ඨකථා

6. යුධඤ‍්චයජාතකවණ‍්ණනා (460)

6. යුද්ධඤ්ජය ජාතකය (460)

මිත‍්තාමච‍්චපරිබ්‍යූළ‍්හන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මහාභිනික‍්ඛමනං ආරබ‍්භ කථෙසි. එකදිවසඤ‍්හි ධම‍්මසභායං සන‍්නිපතිතා භික‍්ඛූ “ආවුසො, සචෙ දසබලො අගාරං අජ‍්ඣාවසිස‍්ස, සකලචක‍්කවාළගබ‍්භෙ චක‍්කවත‍්තිරාජා අභවිස‍්ස සත‍්තරතනසමන‍්නාගතො චතුරිද‍්ධීහි සමිද‍්ධො පරොසහස‍්සපුත‍්තපරිවාරො , සො එවරූපං සිරිවිභවං පහාය කාමෙසු දොසං දිස‍්වා අඩ‍්ඪරත‍්තසමයෙ ඡන‍්නසහායොව කණ‍්ටකමාරුය‍්හ නික‍්ඛමිත්‍වා අනොමනදීතීරෙ පබ‍්බජිත්‍වා ඡබ‍්බස‍්සානි දුක‍්කරකාරිකං කත්‍වා සම‍්මාසම‍්බොධිං පත‍්තො”ති සත්‍ථු ගුණකථං කථයිංසු. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, තථාගතො ඉදානෙව මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තො, පුබ‍්බෙපි ද‍්වාදසයොජනිකෙ බාරාණසිනගරෙ රජ‍්ජං පහාය නික‍්ඛන‍්තොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

මිත්තා මච්ච පරිබ්බූළ්හං යන මේ ගාථාව ශාස්තෲන් වහනසේ ජේතවනයෙහි වාසය කරන සේක් මහා අභිනිෂ්ක්‍රමණය අරබයා දේශනා කළ සේක. එක් දිනයක් දම්සභා මණ්ඩපයෙහි රැස් වූ භික්‍ෂූන් වහන්සේලා ඇවැත්නි, ඉදින් දසබලධාරී බුදුරජ ගිහිගෙයි විසුයේ නම් සියළු සක්වල ගැබහි සක්විති රජ වන්නේය. සත්රුවනින් යුක්ත වූ සතර වැදෑරුම් සෘද්ධියෙන් යුක්ත වූයේ දහසකට වැඩි පුත්‍රයන් පිරිවර කොට ඇති හෙතෙම මෙබඳු වූ ශ්‍රී සම්පත්තිය හැර කාමයෙහි දොස් දැක මධ්‍යම රාත්‍රී කාලයෙහි ඡන්න ඇමතියා සහායකොට ඇත්තේ කන්ථක අසුපිට නැගී නික්මී අනෝමා ගංතෙරදී පැවිදි වී සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කර සම්මා සම්බුදු බවට පත්වූයේ යයි ශාස්තෲන් වහන්සේගේ ගුණ කථා කීවාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කවර කථාවෙකින් යුක්ත වූවෝදැයි විමසා මෙනම් වූවනකැයි කී කල්හි මහණෙනි, තථාගතයන් වහන්සේ මහාභිනිෂ්ක්‍රමණයෙන් නික්මුනේ දැන් පමණක් නොවේ. පෙරද දොළොස් යොදුන් වූ බරණැස්නුවර රාජ්‍යය හැර නික්මුණේම යැයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ රම‍්මනගරෙ සබ‍්බදත‍්තො නාම රාජා අහොසි. අයඤ‍්හි බාරාණසී උදයජාතකෙ (ජා· 1.11.37 ආදයො) සුරුන්‍ධනනගරං නාම ජාතා, චූළසුතසොමජාතකෙ (ජා· 2.17.195 ආදයො) සුදස‍්සනං නාම, සොණනන්‍දජාතකෙ (ජා· 2.20.92 ආදයො) බ්‍රහ‍්මවඩ‍්ඪනං නාම, ඛණ‍්ඩහාලජාතකෙ (ජා· 2.22.982 ආදයො) පුප‍්ඵවතී නාම, සඞ‍්ඛබ්‍රාහ‍්මණජාතකෙ (ජා· 1.10.39 ආදයො) මොළිනී නාම, ඉමස‍්මිං පන යුධඤ‍්චයජාතකෙ රම‍්මනගරං නාම අහොසි. එවමස‍්සා කදාචි නාමං පරිවත‍්තති. තත්‍ථ සබ‍්බදත‍්තරඤ‍්ඤො පුත‍්තසහස‍්සං අහොසි. යුධඤ‍්චයස‍්ස නාම ජෙට‍්ඨපුත‍්තස‍්ස උපරජ‍්ජං අදාසි. සො දිවසෙ දිවසෙ මහාදානං පවත‍්තෙසි. එවං ගච‍්ඡන‍්තෙ කාලෙ බොධිසත‍්තො එකදිවසං පාතොව රථවරමාරුය‍්හ මහන‍්තෙන සිරිවිභවෙන උය්‍යානකීළං ගච‍්ඡන‍්තො රුක‍්ඛග‍්ගතිණග‍්ගසාඛග‍්ගමක‍්කටකසුත‍්තජාලාදීසු මුත‍්තාජාලාකාරෙන ලග‍්ගිතඋස‍්සවබින්‍දූනි දිස‍්වා “සම‍්ම සාරථි, කිං නාමෙත”න‍්ති පුච‍්ඡිත්‍වා “එතෙ දෙව, හිමසමයෙ පතනකඋස‍්සවබින්‍දූනි නාමා”ති සුත්‍වා දිවසභාගං උය්‍යානෙ කීළිත්‍වා සායන‍්හකාලෙ පච‍්චාගච‍්ඡන‍්තො තෙ අදිස‍්වාව “සම‍්ම සාරථි, කහං නු ඛො එතෙ උස‍්සවබින්‍දූ, න තෙ ඉදානි පස‍්සාමී”ති පුච‍්ඡි. “දෙව, තෙ සූරියෙ උග‍්ගච‍්ඡන‍්තෙ සබ‍්බෙව භිජ‍්ජිත්‍වා පථවියං පතන‍්තී”ති සුත්‍වා සංවෙගප‍්පත‍්තො හුත්‍වා “ඉමෙසං සත‍්තානං ජීවිතසඞ‍්ඛාරාපි තිණග‍්ගෙ උස‍්සවබින්‍දුසදිසාව, මයා බ්‍යාධිජරාමරණෙහි අපීළිතෙයෙව මාතාපිතරො ආපුච‍්ඡිත්‍වා පබ‍්බජිතුං වට‍්ටතී”ති උස‍්සවබින්‍දුමෙව ආරම‍්මණං කත්‍වා ආදිත‍්තෙ විය තයො භවෙ පස‍්සන‍්තො අත‍්තනො ගෙහං අගන‍්ත්‍වා අලඞ‍්කතපටියත‍්තාය විනිච‍්ඡයසාලාය නිසින‍්නස‍්ස පිතු සන‍්තිකංයෙව ගන‍්ත්‍වා පිතරං වන්‍දිත්‍වා එකමන‍්තං ඨිතො පබ‍්බජ‍්ජං යාචන‍්තො පඨමං ගාථමාහ –

අතීතයෙහි රම්‍ය නම් වූ නගරයෙහි සබ්බදත්ත නම් රජෙක් වීය. මෙය උදයභද්‍ර ජාතකයෙහි සුරුන්‍දන නම් වීය. චුල්ලසුතසෝම ජාතකයෙහි සුදස්සන නම් වීය. සොනනන්‍ද ජාතකයෙහි බ්‍රහ්මවද්ධන නම් වීය. ඛණ්ඩහාල ජාතකයෙහි පුප්ඵවතී නම් වීය. මේ යුද්ධඤ්ජය ජාතකයෙහි රම්ම නම් නගරය වීය. මෙසේ කිසිදිනක මෙහි නම වෙනස් වේ. එහි සබ්බදත්ත රජුට පුතුන් දහසක් වීය. යුද්ධඤ්ජය නම් වූ වැඩිමහල් පුතුට යුවරජ තනතුර දුන්නේය. ඔහු දිනපතා මහදන් පැවැත්වීය. මෙසේ කල් ගතවන කල්හි බෝධිසත්ත්ව තෙමේ එක් දවසක් උදෑසනම උතුම් රථයකට නැගී මහත් වූ ශ්‍රී සම්පත්තියෙන් උද්‍යාන ක්‍රීඩාවට යන්නේ ගස් අග තණ අග අතු අග මකුළුදැල් ආදියෙහි මුතුදැල් ආකාරයෙන් ලැගුනු පිනිබිඳු දැක යහළු රථාචාරියෙනි මේ කුමක්දැයි විමසා, දේවයන් වහන්ස, මේ හිම වැටෙන කාලයෙහි වැටෙන්නා වූ පිනිබින්‍දු නමැයි අසා දවල් කාලය උයනෙහි ක්‍රීඩා කර සවස් කාලයෙහි පෙරළා පැමිණෙන්නේ ඒවා නොදැක යහළු රථාචාරියෙනි, ඒ පිනිබිඳු කොහිද? ඒවා දැන් නොදකිමියි විචාළේය. දේවයන් වහන්ස, ඒවා හිරු උදාවන කල්හි සියල්ලම කැඩී පොළොවෙහි වැටෙත් යයි අසා සංවේගයට පත් වී මේ සත්ත්වයන්ගේ ජීවිත සංස්කාරයෝද තණඅග පිනිබිඳු වැනි වෙති. මා විසින් රෝග-දිරීම-මරණය යන මේවායෙන් නොපෙළන ලද්දේම මව්පියන් විමසා පැවිදිවීමට වටනේයයි පිනිබිඳුම අරමුණු කොට භවත්‍රය ගිනිගත් කල්හි මෙන් දකින්නේ සිය මාලිගයට ගොස් අලංකාර කර සරසන ලද විනිශ්චය ශාලාවෙහි හුන් පියා සමීපයටම ගොස් පියා වැඳ එකත්පස්ව සිටියේ පැවිද්ද සඳහා අවසර ඉල්ලන්නේ,

“මිත‍්තාමච‍්චපරිබ්‍යූළ‍්හං , අහං වන්‍දෙ රථෙසභං; පබ‍්බජිස‍්සාමහං රාජ, තං දෙවො අනුමඤ‍්ඤතූ”ති.

මිත්තා මච්ච පරිබ්බූළ්හං අහං වන්‍දෙ රථෙසභං, පබ්බජිස්සං හොතජ - තං දෙවො අනුමඤ්ඤතුති

1. මම මිතුරන් හා ඇමතිවරුන් පිරිවරා ගත් පිය රජතුමන් වඳිමි. මහරජතුමනි, මම පැවිදි වෙමි. දේවයන් වහන්ස එය අනුදනීවායි, පළමු ගාථාව කීවේය.

තත්‍ථ පරිබ්‍යූළ‍්හන‍්ති පරිවාරිතං. තං දෙවොති තං මම පබ‍්බජ‍්ජං දෙවො අනුජානාතූති අත්‍ථො.

එහි පරිබ්බූළහං යනු පිරිවරන ලද. තං දෙවො යනු මගේ පැවිද්ද දේවයන් වහන්ස අනු දනීවා යි අර්ථයි.

අථ නං රාජා නිවාරෙන‍්තො දුතියං ගාථමාහ –

ඉක්බිති රජු ඔහු වළක්වන්නේ දෙවන ගථාව කීවේය.

“සචෙ තෙ ඌනං කාමෙහි, අහං පරිපූරයාමි තෙ; යො තං හිං සති වාරෙමි, මා පබ‍්බජ යුධඤ‍්චයා”ති.

2. යුද්ධඤ්ජය කුමාරයෙනි, ඉදින් ඔබට කාමයන්ගෙන් අඩුවක් වේනම් එය මම සම්පූර්ණ කරමි. යමෙක් ඔබට හිංසා කරයි නම් ඔහු එය වළක්වාලමි. පැවිදි නොවෙව.

තං සුත්‍වා කුමාරො තතියං ගාථමාහ –

ඒ අසා කුමාරයා තෙවන ගාථාව කීවේය.

“න මත්‍ථි ඌනං කාමෙහි, හිංසිතා මෙ න විජ‍්ජති; දීපඤ‍්ච කාතුමිච‍්ඡාමි, යං ජරා නාභිකීරතී”ති.

3. මට කාමයන්ගෙන් අඩුවක් නොමැත. හිංසා කරන්නෝද මට ගැත්තාහ. යම්හෙයකින් මා ජරාවෙහි නොවිසුරුවයිද මම මට පහනක් වන්නට කැමති වෙමි. පරලොව ගමන් සඳහා ආරක්‍ෂාව සලසා ගන්නට රිස්සෙමි.

තත්‍ථ දීපඤ‍්චාති තාත නෙව මය‍්හං කාමෙහි ඌනං අත්‍ථි, න මං හිංසන‍්තො කොචි විජ‍්ජති, අහං පන පරලොකගමනාය අත‍්තනො පතිට‍්ඨං කාතුමිච‍්ඡාමි. කීදිසං? යං ජරා නාභිකීරති න විද‍්ධංසෙති, තමහං කාතුමිච‍්ඡාමි, අමතමහානිබ‍්බානං ගවෙසිස‍්සාමි, න මෙ කාමෙහි අත්‍ථො, අනුජානාථ මං, මහාරාජාති වදති.

එහි දීපඤ්ච යනු පියාණනි, මට කාමයන්ගෙන් අඩුවක් නොමැත. මට හිංසා කරන කිසිවෙකුත් නොමැත. මම වනාහි පරලොව ගමන සඳහා තමාට පිහිටක් කරන්නට කැමැත්තෙමි. කෙබඳුද? යං ජරා නාභි කීරති. යම් හෙයකින් ජරාව මා මැඩ නොපවත්නේද එලෙස කරනු කැමැත්තෙමි. අමාමහ නිවන සොයන්නෙමි. මට කාමයන්ගෙන් වැඩක් නැත. මහරජතුමනි, මා අනුදනුවයි කියයි.

ඉති පුනප‍්පුනං කුමාරො පබ‍්බජ‍්ජං යාචි, රාජා “මා පබ‍්බජා”ති වාරෙති. තමත්‍ථමාවිකරොන‍්තො සත්‍ථා උපඩ‍්ඪං ගාථමාහ –

මෙසේ නැවත නැවත කුමාරයා පැවිද්ද ඉල්ලීය. රජ පැවිදි නොවවයි වළක්වයි. ඒ කරුණ ප්‍රකට කරන්නා වූ ශාස්තෲන් වහන්සේ ගාථා අර්ධයක් කීවේය.

“පුත‍්තො වා පිතරං යාචෙ, පිතා වා පුත‍්තමොරස”න‍්ති.

4. පුත්‍රයා පියාගෙන් යදින්නේ ය. පියා තම ඖරස පුත්‍රයාගෙන් යදින්නේ ය.

තත්‍ථ වා-කාරො සම‍්පිණ‍්ඩනත්‍ථො. ඉදං වුත‍්තං හොති – “එවං, භික‍්ඛවෙ, පුත‍්තො ච පිතරං යාචති, පිතා ච ඔරසං පුත‍්තං යාචතී”ති.

එහි “වා” කාරය කෙටිකිරීම අර්ථ කොට ඇත. මෙය කියන ලද්දේ වෙයි. මහණෙනි, මෙසේ පුතා පියාගෙන් ඉල්ලයි. පියාද ඖරස පුත්‍රයාගෙන් ඉල්ලයි.

සෙසං උපඩ‍්ඪගාථං රාජා ආහ –

සෙසු ගාථා අර්ධය රජ කීවේය.

“නෙගමො තං යාචෙ තාත, මා පබ‍්බජ යුධඤ‍්චයා”ති.

දරුව, යුද්ධඤ්ජය කුමාරය. නියම්ගම් වැසියෝ ද යදිති. පැවිදි නොවන්න.

තස‍්සත්‍ථො – අයං තෙ තාත නිගමවාසිමහාජනො යාචති, නගරජනොපි මා ත්‍වං පබ‍්බජාති.

එහි අර්ථය. දරුව, මේ තොපගේ නියම් ගම්වැසි මහජනයා ද ඔබ පැවිදි නොවවයි යදියි.

කුමාරො පුනපි පඤ‍්චමං ගාථමාහ –

කුමාරයා පස්වන ගාථාව කීවේය.

“මා මං දෙව නිවාරෙහි, පබ‍්බජන‍්තං රථෙසභ; මාහං කාමෙහි සම‍්මත‍්තො, ජරාය වසමන්‍වගූ”ති.

5. පියරජතුමනි, පැවිදිවන්නා වූ මා නොවළක්වනු මැනවි. මම කාමයන්ගෙන් මත්වූයේ ජරාවෙහි වසඟයට පත්වූවෙක් නොවෙම්වා.

තත්‍ථ වසමන්‍වගූති මා අහං කාමෙහි සම‍්මත‍්තො පමත‍්තො ජරාය වසගාමී නාම හොමි, වට‍්ටදුක‍්ඛං පන ඛෙපෙත්‍වා යථා ච සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණප‍්පටිවිජ‍්ඣනකො හොමි,. තථා මං ඔලොකෙහීති අධිප‍්පායො.

එහි වසමන්‍වගූ යනු මම කාමයන්ගෙන් මත් වූවෙකු නොවෙමි. ජරාවෙහි වසඟයට ගියේ වෙමි. සංසාර දුක් ගෙවා යම්සේ සර්වඥතා ඥානය අවබෝධ කරන්නෙක් වෙම්ද එලෙස මා දෙස බලවයි යන අදහසයි.

එවං වුත‍්තෙ රාජා අප‍්පටිභාණො අහොසි. මාතා පනස‍්ස “පුත‍්තො තෙ, දෙවි, පිතරං පබ‍්බජ‍්ජං අනුජානාපෙතී”ති සුත්‍වා “කිං තුම‍්හෙ කථෙථා”ති නිරස‍්සාසෙන මුඛෙන සුවණ‍්ණසිවිකාය නිසීදිත්‍වා සීඝං විනිච‍්ඡයට‍්ඨානං ගන‍්ත්‍වා යාචමානා ඡට‍්ඨං ගාථමාහ –

මෙසේ කී කල්හි රජ නොවැටහෙන්නෙක් වීය. මොහුගේ මව, දෙවීනි, තොපගේ පුතු පියාගෙන් පැවිද්ද අනුදන්වන්නේ යයි අසා තෙපි කුමක් කියව්දැයි විසඥ වූ මුවින් රන් දෝලාවෙහි හිඳ වහා විනිශ්චය ස්ථානයට ගොස් අයදින්නී සවන ගාථාව කීවාය.

“අහං තං තාත යාචාමි, අහං පුත‍්ත නිවාරයෙ; චිරං තං දට‍්ඨුමිච‍්ඡාමි, මා පබ‍්බජ යුධඤ‍්චයා”ති.

6. දරුව, මම ඔබගෙන් යදිමි. පුත්‍රය මම ඔබ වළක්වමි. මම ඔබ බොහෝ කලක් දකිනු කැමැත්තෙමි. යුද්ධඤ්ජය පැවිදි නොවව.

තං සුත්‍වා කුමාරො සත‍්තමං ගාථමාහ –

කුමාරයා ඒ අසා සත්වන ගාථාව කීවේය.

“උස‍්සාවොව තිණග‍්ගම‍්හි, සූරියුග‍්ගමනං පති; එවමායු මනුස‍්සානං, මා මං අම‍්ම නිවාරයා”ති.

7. හිරු උදාවෙහි තණ අග පිනිබිඳු මෙන් මනුෂ්‍යයන්ගේ ආයුෂද එසේමය. මෑණියනි, මා නොවළක්වන්න.

තස‍්සත්‍ථො – අම‍්ම, යථා තිණග‍්ගෙ උස‍්සවබින්‍දු සූරියස‍්ස උග‍්ගමනං පතිට‍්ඨාතුං න සක‍්කොති, පථවියං පතති, එවං ඉමෙසං සත‍්තානං ජීවිතං පරිත‍්තං තාවකාලිකං අචිරට‍්ඨිතිකං, එවරූපෙ ලොකසන‍්නිවාසෙ කථං ත්‍වං චිරං මං පස‍්සසි, මා මං නිවාරෙහීති.

එහි අර්ථය. මෑණියනි, හිරු උදාවෙහිදී තණ අග පිනි බිඳු සිටීමට යම්සේ අපොහොසත් වේද පොළොවෙහි වැටේද මෙසේ මේ සත්ත්වයන්ගේ ජීවිතය ස්වල්පය. තාවකාලිකය. බොහෝකල් නොපවත්නේය. මෙබඳු වූ ලොව විසීමක් ඇතිකල්හි ඔබ කෙසේ නම් මා බොහෝ කල් දක්නෙහි. මා නොවැළැක්වුව මැනවි.

එවං වුත‍්තෙපි සා පුනප‍්පුනං යාචියෙව. තතො මහාසත‍්තො පිතරං ආමන‍්තෙත්‍වා අට‍්ඨමං ගාථමාහ –

මෙසේ කියන කල්හිද ඇය නැවත නැවතත් යාඥා කළේමය. අනතුරුව මහාසත්ත්ව තෙමේ පියා අමතා අටවන ගාථාව කීවේය.

“තරමානො ඉමං යානං, ආරොපෙතු රථෙසභ; මා මෙ මාතා තරන‍්තස‍්ස, අන‍්තරායකරා අහූ”ති.

8. රජතුමනි, මැය (මේ මව) වහා යානයට නංවන්න. සසර තරණය කරන්නා වූ මට බාධා කරන්නියක නොවේවා!

තස‍්සත්‍ථො – තාත රථෙසභ, ඉමං මම මාතරං තරමානො පුරිසො සුවණ‍්ණසිවිකායානං ආරොපෙතු, මා මෙ ජාතිජරාබ්‍යාධිමරණකන‍්තාරං තරන‍්තස‍්ස අතික‍්කමන‍්තස‍්ස මාතා අන‍්තරායකරා අහූති.

එහි අර්ථය. පිය රජතුමනි, ඔබ එතර කරවන පුරුෂයෙක් වී මේ මව රන් දෝලාවට නංවන්න. මා මෙ මම නහමක් ජාති ජරා ව්‍යාධි මරණ නම් කාන්තාරය. තරන්තස්ස ඉක්මවන්නා වූ, මාතා අන්තරායකරා අහු-මව බාධා කරන්නියක වේවා.

රාජා පුත‍්තස‍්ස වචනං සුත්‍වා “ගච‍්ඡ, භද‍්දෙ, තව සිවිකාය නිසීදිත්‍වා රතිවඩ‍්ඪනපාසාදං අභිරුහා”ති ආහ. සා තස‍්ස වචනං සුත්‍වා ඨාතුං අසක‍්කොන‍්තී නාරීගණපරිවුතා ගන‍්ත්‍වා පාසාදං අභිරුහිත්‍වා “කා නු ඛො පුත‍්තස‍්ස පවත‍්තී”ති විනිච‍්ඡයට‍්ඨානං ඔලොකෙන‍්තී අට‍්ඨාසි. බොධිසත‍්තො මාතු ගතකාලෙ පුන පිතරං යාචි. රාජා පටිබාහිතුං අසක‍්කොන‍්තො “තෙන හි තාත, තව මනං මත්‍ථකං පාපෙහි, පබ‍්බජාහී”ති අනුජානි. රඤ‍්ඤො අනුඤ‍්ඤාතකාලෙ බොධිසත‍්තස‍්ස කනිට‍්ඨො යුධිට‍්ඨිලකුමාරො නාම පිතරං වන්‍දිත්‍වා “තාත, මය‍්හං පබ‍්බජ‍්ජං අනුජානාථා”ති අනුජානාපෙසි. උභොපි භාතරො පිතරං වන්‍දිත්‍වා කාමෙ පහාය මහාජනපරිවුතා විනිච‍්ඡයතො නික‍්ඛමිංසු. දෙවීපි මහාසත‍්තං ඔලොකෙත්‍වා “මම පුත‍්තෙ පබ‍්බජිතෙ රම‍්මනගරං තුච‍්ඡං භවිස‍්සතී”ති පරිදෙවමානා ගාථාද‍්වයමාහ –

රජු පුත්‍රයාගේ වචනය අසා සොඳුර යව. ඔබගේ දෝලාවෙහි හිඳ ඇලීම වඩවන පහයටම නඟුව යයි කීවේය. ඇය ඔහුගේ වචනය අසා සිටින්නට නොහැකි වන්නී ස්ත්‍රී සමූහයා විසින් පිරිවරන ලද්දී ගොස් පහයට නැගී පුත්‍රයාගේ කවර ප්‍රවෘත්තියක් දැයි විනිශ්චය ස්ථානය බලන්නී සිටියාය. බෝධිසත්ත්‍ව තෙමේද මව ගිය කල්හි නැවතත් පියාගෙන් ඉල්ලීය. රජු ඔහු වළක්වන්නට නොහැකි වන්නේ දරුව, එසේනම් ඔබගේ සිතැඟිය මුදුන්පත් කරව පැවිදි වෙවයි අනුදත්තේය. අනුදත් කල්හි බෝසතුන්ගේ බාල සොහොවුරු යුධිට්ඨිල කුමාරයා පියා වැඳ පියාණනි, මටද පැවිද්ද අනුදනුව යයි අනුදන්ව වීය. සොහොයුරන් දෙදෙනාම පියා වැඳ කාමයන් හැර මහජනයා පිරිවරා විනිශ්චය ස්ථානයෙන් නික්මුනාහුය. දේවිය මහාසත්ත්වයන් බලා මගේ පුතා පැවිදි වූ කල්හි රම්‍ය නගරය හිස් වන්නේ යයි හඬන්නී ගාථා දෙකක් කීවාය.

“අභිධාවථ භද‍්දන‍්තෙ, සුඤ‍්ඤං හෙස‍්සති රම‍්මකං; යුධඤ‍්චයො අනුඤ‍්ඤාතො, සබ‍්බදත‍්තෙන රාජිනා.

9. සබ්බදත්ත රජු විසින් යුද්ධඤ්ජය කුමරු (පැවිද්ද සඳහා) අනුදත්තේය. (තෙපි) ඉදිරියට යව්. (පුත) ඔබට යහපතක් වේවා යි (කියව්) රම්‍ය නගරය හිස්වූවක් වන්නේය.

“යොහු සෙට‍්ඨො සහස‍්සස‍්ස, යුවා කඤ‍්චනසන‍්නිභො; සොයං කුමාරො පබ‍්බජිතො, කාසායවසනො බලී”ති.

10. තරුණ වූ, රන් හා සමාන වූ, පුතුන් දහසකට ශ්‍රේෂ්ඨ වූ යම් කුමාරයෙක් වීද බලවත් වූ ඒ මේ කුමාරයා කහවත් හඳිනා වූ පැවිද්දෙක් වීය.

තත්‍ථ අභිධාවථාති පරිවාරෙත්‍වා ඨිතා නාරියො සබ‍්බා වෙගෙන ධාවථාති ආණාපෙති. භද‍්දන‍්තෙති එවං ගන‍්ත්‍වා “භද‍්දං තව හොතූ”ති වදථ. රම‍්මකන‍්ති රම‍්මනගරං සන්‍ධායාහ. යොහු සෙට‍්ඨොති යො රඤ‍්ඤො පුත‍්තො සහස‍්සස‍්ස සෙට‍්ඨො අහොසි, සො පබ‍්බජිතොති පබ‍්බජ‍්ජාය ගච‍්ඡන‍්තං සන්‍ධායෙවමාහ.

එහි අභිධාවථ යනු පිරිවරා සිටි සියළු ස්ත්‍රීන්ට වේගයෙන් දුවහු යයි අණකරවයි. භද්දන්තෙ යනු ගොස් ඔහුට “ඔබට යහපතක් වේවායි කියව්. රම්මකං යනු රම්‍ය නගරය සඳහා කීය. යොහු සෙට්ඨො යනු යමෙක් රජුගේ පුතුන් දහසකට ශ්‍රේෂ්ඨ වීද ඔහුයි. පබ්බජිතො යනු පැවිද්ද පිණිස යන්නා වූ ඔහු සඳහාම කීවේය.

බොධිසත‍්තොපි න තාව පබ‍්බජති. සො හි මාතාපිතරො වන්‍දිත්‍වා කනිට‍්ඨං යුධිට‍්ඨිලකුමාරං ගහෙත්‍වා නගරා නික‍්ඛම‍්ම මහාජනං නිවත‍්තෙත්‍වා උභොපි භාතරො හිමවන‍්තං පවිසිත්‍වා මනොරමෙ ඨානෙ අස‍්සමපදං කරිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඣානාභිඤ‍්ඤං නිබ‍්බත‍්තෙත්‍වා වනමූලඵලාදීහි යාවජීවං යාපෙත්‍වා බ්‍රහ‍්මලොකපරායණා අහෙසුං. තමත්‍ථං ඔසානෙ අභිසම‍්බුද‍්ධගාථාය දීපෙති –

බෝධිසත්ත්‍ව තෙමේද යම්තාක් පැවිදි නොවීද හෙතෙම මව්පියන් වැඳ බාල වූ යුධිට්ඨිල කුමාරයා ද ගෙන නගරයෙන් නික්මී මහජනයා නවත්වා දෙදෙනාම හිමවතට පිවිස සිත්කළු තැනක ආශ්‍රමයක් කොට තවුස් පැවිද්දෙන් පැවිදි වී ධ්‍යාන අභිඥාවන් උපදවා වන මුල් ගෙඩි ආදියෙන් දිවි ඇති තෙක් යැපෙන්නේ බඹලොව පිහිටකොට ඇත්තේ වීය. ඒ කරුණ අවසානයෙහි බුද්ධ ගාථාවෙන් දක්වයි.

“උභො කුමාරා පබ‍්බජිතා, යුධඤ‍්චයො යුධිට‍්ඨිලො; පහාය මාතාපිතරො, සඞ‍්ගං ඡෙත්‍වාන මච‍්චුනො”ති.

11. යුද්ධඤ්ජය හා යුධිට්ඨිල යන කුමාරවරු දෙදෙනා මව්පියන් අත්හැර මාරයාගේ බැමි සිඳ දමා පැවිදි වූහ.

තත්‍ථ මච‍්චුනොති මාරස‍්ස. ඉදං වුත‍්තං හොති – භික‍්ඛවෙ, යුධඤ‍්චයො ච යුධිට‍්ඨිලො ච තෙ උභොපි කුමාරා මාතාපිතරො පහාය මාරස‍්ස සන‍්තකං රාගදොසමොහසඞ‍්ගං ඡින්‍දිත්‍වා පබ‍්බජිතාති.

එහි මච්චුනො යනු මාරයාගේ මෙය කියන ලද්දේ වෙයි. මහණෙනි, යුද්ධඤ්ජය යුධිට්ඨිල යන මේ කුමාරවරු දෙදෙනා මව්පියවරුන් හැර මාරයා සතු වූ රාග දෝස මෝහ නම් බැමි සිඳ පැවිදි වූවාහුයි.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා “න භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තථාගතො රජ‍්ජං ඡඩ‍්ඩෙත්‍වා පබ‍්බජිතොයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මාතාපිතරො මහාරාජකුලානි අහෙසුං, යුධිට‍්ඨිලකුමාරො ආනන්‍දො, යුධඤ‍්චයො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෘන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශ කර මහණෙනි, දැන් පමණක් නොවේ. තථාගතයන් වහන්සේ පෙරද රාජ්‍යය හැර පැවිදි වූයේම යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි මව්පියෝ මහාරාජකුලයෝ වූහ. යුධිට්ඨිල කුමාරයා ආනන්‍ද වීය. යුද්ධඤ්ජය මම ම වීමියි වදාළ සේක.

යුධඤ‍්චයජාතකවණ‍්ණනා ඡට‍්ඨා.