යෙදුමෙන් කියවන්න

5. පානීයජාතකවණ‍්ණනා 459 අට‍්ඨකථා

5. පානීයජාතකවණ‍්ණනා (459)

5. පානීය ජාතකය (459)

මිත‍්තො මිත‍්තස‍්සාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කිලෙසනිග‍්ගහං ආරබ‍්භ කථෙසි. එකස‍්මිඤ‍්හි සමයෙ සාවත්‍ථිවාසිනො පඤ‍්චසතා ගිහිසහායකා තථාගතස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා පබ‍්බජිත්‍වා උපසම‍්පන‍්නා අන‍්තොකොටිසන්‍ථාරෙ වසන‍්තා අඩ‍්ඪරත‍්තසමයෙ කාමවිතක‍්කං විතක‍්කෙසුං. සබ‍්බං හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. භගවතො ආණත‍්තියා පනායස‍්මතා ආනන්‍දෙන භික‍්ඛුසඞ‍්ඝෙ සන‍්නිපාතිතෙ සත්‍ථා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදිත්‍වා අනොදිස‍්සකං කත්‍වා “කාමවිතක‍්කං විතක‍්කයිත්‍ථා”ති අවත්‍වා සබ‍්බසඞ‍්ගාහිකවසෙනෙව “භික‍්ඛවෙ, කිලෙසො ඛුද‍්දකො නාම නත්‍ථි, භික‍්ඛුනා නාම උප‍්පන‍්නුප‍්පන‍්නා කිලෙසා නිග‍්ගහෙතබ‍්බා, පොරාණකපණ‍්ඩිතා අනුප‍්පන‍්නෙපි බුද‍්ධෙ කිලෙසෙ නිග‍්ගහෙත්‍වා පච‍්චෙකබොධිඤාණං පත‍්තා”ති වත්‍වා අතීතං ආහරි.

මිත්තො මිත්තස්ස යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රම්හි වාසය කරන සේක් කෙලෙස් නිග්‍රහයක් අරබයා දේශනා කළ සේක. එක් සමයෙක්හි සැවත්නුවර වැසි පන්සියයක් ගිහි යහළුවෝ තථාගතයන් වහන්සේගේ බණ අසා පැවිදි වී උපසම්පදා වූවාහු ඇතුළත විහාර සීමාවෙහිම වසන්නාහු මධ්‍යම රාත්‍රී කාලයෙහි කාමුක සිතුවිල්ලක් සිතුවාහුය. සියල්ල යට කී පරිද්දෙන්ම විස්තර කළ යුතුය. භාග්‍යවතුන් වහන්සේගේ ඇණවීමෙන් ආයුෂ්මත් ආනන්‍ද හිමි විසින් භික්‍ෂු සංඝයා රැස්වූ කල්හි ශාස්තෲන් වහන්සේ පැනවූ ආසනයෙහි හිඳ කෙනෙකු නියම නොකර කාමුක සිතුවිලි සිතුවෙහුදැයි නොකියා සියල්ලන්ට සංග්‍රහ වශයෙන් මෙන් මහණෙනි, කෙලෙස් කුඩා යයි නම් නැත. භික්‍ෂුව විසින් උපනුපන් කෙලෙස් නිග්‍රහ කටයුතුමය. පැරණි පණ්ඩිතයෝ බුදුන් නූපන් කල්හි කෙලෙස් නිග්‍රහකොට පසේ බුද්ධත්‍වයට පත්වූවෝ යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ කාසිරට‍්ඨෙ එකස‍්මිං ගාමකෙ ද‍්වෙ සහායකා පානීයතුම‍්බානි ආදාය ඛෙත‍්තං ගන‍්ත්‍වා එකමන‍්තං ඨපෙත්‍වා ඛෙත‍්තං කොට‍්ටෙත්‍වා පිපාසිතකාලෙ ආගන‍්ත්‍වා පානීයං පිවන‍්ති. තෙසු එකො පානීයත්‍ථාය ආගන‍්ත්‍වා අත‍්තනො පානීයං රක‍්ඛන‍්තො ඉතරස‍්ස තුම‍්බතො පිවිත්‍වා සායං අරඤ‍්ඤා නික‍්ඛමිත්‍වා න‍්හායිත්‍වා ඨිතො “අත්‍ථි නු ඛො මෙ කායද‍්වාරාදීහි අජ‍්ජ කිඤ‍්චි පාපං කත”න‍්ති උපධාරෙන‍්තො ථෙනෙත්‍වා පානීයස‍්ස පිවිතභාවං දිස‍්වා සංවෙගප‍්පත‍්තො හුත්‍වා “අයං තණ‍්හා වඩ‍්ඪමානා මං අපායෙසු ඛිපිස‍්සති, ඉමං කිලෙසං නිග‍්ගණ‍්හිස‍්සාමී”ති පානීයස‍්ස ථෙනෙත්‍වා පිවිතභාවං ආරම‍්මණං කත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා පච‍්චෙකබොධිඤාණං නිබ‍්බත‍්තෙත්‍වා පටිලද‍්ධගුණං ආවජ‍්ජෙන‍්තො අට‍්ඨාසි. අථ නං ඉතරො න‍්හායිත්‍වා උට‍්ඨිතො “එහි, සම‍්ම, ඝරං ගච‍්ඡාමා”ති ආහ. “ගච‍්ඡ ත්‍වං, මම ඝරෙන කිච‍්චං නත්‍ථි, පච‍්චෙකබුද‍්ධා නාම මය”න‍්ති. “පච‍්චෙකබුද‍්ධා නාම තුම‍්හාදිසා න හොන‍්තී”ති. “අථ කීදිසා පච‍්චෙකබුද‍්ධා හොන‍්තී”ති? “ද‍්වඞ‍්ගුලකෙසා කාසායවත්‍ථවසනා උත‍්තරහිමවන‍්තෙ නන්‍දමූලකපබ‍්භාරෙ වසන‍්තී”ති. සො සීසං පරාමසි, තං ඛණඤ‍්ඤෙවස‍්ස ගිහිලිඞ‍්ගං අන‍්තරධායි, සුරත‍්තදුපට‍්ටං නිවත්‍ථමෙව, විජ‍්ජුලතාසදිසං කායබන්‍ධනං බද‍්ධමෙව, අලත‍්තකපාටලවණ‍්ණං උත‍්තරාසඞ‍්ගචීවරං එකංසං කතමෙව, මෙඝවණ‍්ණං පංසුකූලචීවරං දක‍්ඛිණඅංසකූටෙ ඨපිතමෙව, භමරවණ‍්ණො මත‍්තිකාපත‍්තො වාමඅංසකූටෙ ලග‍්ගිතොව අහොසි. සො ආකාසෙ ඨත්‍වා ධම‍්මං දෙසෙත්‍වා උප‍්පතිත්‍වා නන්‍දමූලකපබ‍්භාරෙයෙව ඔතරි.

අතීතයෙහි බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි කසීරට එක් ගමක යහළුවෝ දෙදෙනෙක් පැන් පිරුණු ලබු කබල් දෙකක් ගෙන කෙතට ගොස් පසෙකින් තබා කුඹුරකොට පිපාසය ඇතිවූ කල්හි අවුත් පැන් බොති. ඔවුන් අතුරෙන් එකෙක් පැන් බීම පිණිස අවුත් තමාගේ පැන් රකින්නේ අනිකාගේ ලබු කබලෙන් පැන් බී සවස වනයෙන් නික්මී නා සිටියේ අද මා විසින් කය ආදී දොරටුවලින් කිසියම් පවක් කරන ලද්දැයි විමසන්නේ සොරකම් කර පැන් බිව් බව දැක සංවේගයට පත්වී මේ තෘෂ්ණාව වැඩෙන්නී මා අපායෙහි හෙලන්නේ ය. මේ කෙලෙස් යටපත් කරන්නෙමි යි සොරකම් කර පැන් බිව් බව අරමුණු කොට විදර්ශනා වඩා පසේබුදු නුවණ උපදවා ලබන ලද නුවණ ආවර්ජනය කරමින් සිටියේය. ඉක්බිති අනිකා හා නැගී සිටියේ ඔහුම (කියන්නේ) යහළුව එන්න, ගෙදර යමුයි කීය. ඔබ යන්න. මට ගෙදරින් වැඩක් නැත. අපි පසේබුදුවරු වන්නමෝයි කීය. පසේබුදුවරු නම් ඔබ වැන්නෝ වෙත්ද? නැවත කෙසේනම් වෙත්දැයි. දෑගුල් පමණ කෙස් ඇති, කසාවත් පොරවන්නාහු උතුරු හිමාලයෙහි නන්‍දමූලක පර්වතයෙහි වසත් යයි. හෙතෙම හිස පිරිමැද්දේය. එකෙණෙහිම ඔහුගේ ගිහි ස්වරූපය අතුරුදහන් වීය. රතුපැහැ දෙපට සිවුරක් හැන්දේමය. විදුලිය හා සමාන බඳපටියක් බැඳුනේමය. ලාකඩ වැනි පළොල් පැහැ ඇති උතුරුසළු සිවුරක් ඒකාංශ කර පෙරවූයේමය. වලාකුළු පැහැති පාංශකූල සිවුරක් දකුණු අංශයෙහි තිබුයේමය. බඹර පැහැ ඇති මැටි පාත්‍රය වම් අංශයෙහි ලැගුනේම වීය. ඔහු ආකාශයෙහි සිට ධර්මය දේශනා කර නන්‍දමලක පර්වතයෙහිම බැස්සේය.

අපරොපි කාසිගාමෙයෙව කුටුම‍්බිකො ආපණෙ නිසින‍්නො එකං පුරිසං අත‍්තනො භරියං ආදාය ගච‍්ඡන‍්තං දිස‍්වා තං උත‍්තමරූපධරං ඉත්‍ථිං ඉන්‍ද්‍රියානි භින්‍දිත්‍වා ඔලොකෙත්‍වා පුන චින‍්තෙසි “අයං ලොභො වඩ‍්ඪමානො මං අපායෙසු ඛිපිස‍්සතී”ති සංවිග‍්ගමානසො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා පච‍්චෙකබොධිඤාණං නිබ‍්බත‍්තෙත්‍වා ආකාසෙ ඨිතො ධම‍්මං දෙසෙත්‍වා නන්‍දමූලකපබ‍්භාරමෙව ගතො.

අනිකාද කසී ගමම කෙළෙඹියෙක් වූයේ වෙළෙදසැලහි හුන්නේ එක් පුරුෂයෙක් තමාගේ භාර්යාව ගෙන යන්නී දැක උසස් රූපයක් දරන්නා වූ ඒ ස්ත්‍රිය පිළිබඳව ඉඳුරන් බිඳ බලා නැවත සිතීය. මේ මාගේ ලෝභය වැඩෙන්නේ මා අපායයන්හි හෙලන්නී යයි කළකිරුණ සිත් ඇත්තේ විදර්ශනා වඩා පසේ බුදුනුවණ උපදවා අහසෙහි සිටියේ ධර්මය දේශනා කර නන්‍දමුලක පර්වතයටම ගියේය.

අපරෙපි කාසිගාමවාසිනොයෙව ද‍්වෙ පිතාපුත‍්තා එකතො මග‍්ගං පටිපජ‍්ජිංසු. අටවීමුඛෙ පන චොරා උට‍්ඨිතා හොන‍්ති. තෙ පිතාපුත‍්තෙ ලභිත්‍වා පුත‍්තං ගහෙත්‍වා “ධනං ආහරිත්‍වා තව පුත‍්තං ගණ‍්හා”ති පිතරං විස‍්සජ‍්ජෙන‍්ති, ද‍්වෙ භාතරො ලභිත්‍වා කනිට‍්ඨං ගහෙත්‍වා ජෙට‍්ඨං විස‍්සජ‍්ජෙන‍්ති, ආචරියන‍්තෙවාසිකෙ ලභිත්‍වා ආචරියං ගහෙත්‍වා අන‍්තෙවාසිකං විස‍්සජ‍්ජෙන‍්ති, අන‍්තෙවාසිකො සිප‍්පලොභෙන ධනං ආහරිත්‍වා ආචරියං ගණ‍්හිත්‍වා ගච‍්ඡති. අථ තෙ පිතාපුත‍්තාපි තත්‍ථ චොරානං උට‍්ඨිතභාවං ඤත්‍වා “ත්‍වං මං ‘පිතා’ති මා වද, අහම‍්පි තං ‘පුත‍්තො’ති න වක‍්ඛාමී”ති කතිකං කත්‍වා චොරෙහි ගහිතකාලෙ “තුම‍්හෙ අඤ‍්ඤමඤ‍්ඤං කිං හොථා”ති පුට‍්ඨා “න කිඤ‍්චි හොමා”ති සම‍්පජානමුසාවාදං කරිංසු. තෙසු අටවිතො නික‍්ඛමිත්‍වා සායං න‍්හායිත්‍වා ඨිතෙසු පුත‍්තො අත‍්තනො සීලං සොධෙන‍්තො තං මුසාවාදං දිස‍්වා “ඉදං පාපං වඩ‍්ඪමානං මං අපායෙසු ඛිපිස‍්සති, ඉමං කිලෙසං නිග‍්ගණ‍්හිස‍්සාමී”ති විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා පච‍්චෙකබොධිඤාණං නිබ‍්බත‍්තෙත්‍වා ආකාසෙ ඨිතො පිතු ධම‍්මං දෙසෙත්‍වා නන්‍දමූලකපබ‍්භාරමෙව ගතො.

අන්‍ය වූද කසී ගම්වැසි පියපුතු දෙදෙනෙක් එකට මාර්ගයට පිළිපන්ය. මහවන දොරහි සොරු සිටියෝ වෙති. ඔවුහු පියපුතුන් ලැබ පුතු ගෙන ධනය ගෙනවුත් ඔබේ පුතා ගනුවයි පිටත් කර හරිත්. සොහොයුරන් දෙදෙනෙක් ලැබ බාල සොහොයුරා ගෙන වැඩිමල් තැනැත්තා පිටත්කර හරිත්. ආචාර්ය-අන්තෙවාසිකයන් ලැබ ආචාර්යවරයා ගෙන අතවැසියා පිටත් කර හරිත්. අතැවැසියා ශිල්ප ලෝභයෙන් ධනය ගෙන අවුත් ආචාර්යවයා ගෙන යයි. ඉක්බිති ඒ පියපුත්‍රයෝ එහි සොරුන් සිටි බව දැන ඔබ මගේ පියා යයි නොකියව. මමද ඔබ පුතු යයි නොකියමි යි කථිකා කර සොරුන් විසින් අල්ලා ගත් කල්හි තෙපි එකිනෙකාට කවරෙක් වෙහු දැයි විමසන ලද්දාහු කවරෙකු හෝ නොවෙමුයි දැන දැන බොරු කීම කළාහුය. ඔවුන් වනයෙන් නික්මී සවස් කාලයෙහි නා සිටි කල්හි පුතා තමාගේ සීලය පරීක්‍ෂා කරන්නේ ඒ මුසාවාදය දැක මේ පාපය වැඩෙන්නේ මා අපායයන්හි හෙලන්නේය. මේ කෙලෙස්වලට නිග්‍රහ කරන්නෙමියි විවසුන් වඩා පසේබුදු නුවණ උපදවා අහසෙහි සිටියේ පියාට ධර්මය දේශනා කර නන්‍දමුලක පර්වතයටම ගියේය.

අපරොපි කාසිගාමෙයෙව පන එකො ගාමභොජකො මාඝාතං කාරාපෙසි. අථ නං බලිකම‍්මකාලෙ මහාජනො සන‍්නිපතිත්‍වා ආහ “සාමි, මයං මිගසූකරාදයො මාරෙත්‍වා යක‍්ඛානං බලිකම‍්මං කරිස‍්සාම, බලිකම‍්මකාලො එසො”ති. තුම‍්හාකං පුබ‍්බෙ කරණනියාමෙනෙව කරොථාති මනුස‍්සා බහුං පාණාතිපාතමකංසු. සො බහුං මච‍්ඡමංසං දිස‍්වා “ඉමෙ මනුස‍්සා එත‍්තකෙ පාණෙ මාරෙන‍්තා මමෙවෙකස‍්ස වචනෙන මාරයිංසූ”ති කුක‍්කුච‍්චං කත්‍වා වාතපානං නිස‍්සාය ඨිතකොව විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා පච‍්චෙකබොධිඤාණං නිබ‍්බත‍්තෙත්‍වා ආකාසෙ ඨිතො මහාජනස‍්ස ධම‍්මං දෙසෙත්‍වා නන්‍දමූලකපබ‍්භාරමෙව ගතො.

කසී ගමම එක් ගම්මුලාදෑණියෙක් ප්‍රාණඝාතය කරවීය. ඉක්බිති ඔහු පූජාව කරන කල්හි මහජනයා රැස්වී කීවේය. ස්වාමීනි, අපි මුව-ඌරු ආදීන් මරා යක්‍ෂයන්ට පූජාවන් කරන්නෙමු. මේ පූජාවන් කරන කාලයයි. තෙපි පෙර කළ ආකාරයෙන්ම කරවයි මිනිස්සු බොහෝ පරපණ නැසීම කළාහුය. ඔහු බොහෝ මාලු-මස් දැක මේ මිනිස්සු මෙපමණක් ප්‍රාණීන් මරන්නාහු මගේ එකම වචනයකින්ම මැරූහයි කුකුස් කර වාකවුළුව ඇසුරුකර සිටියේම විවසුන් වඩා පසේබුදු නුවණ උපදවා අහසෙහි සිටියේ ධර්මය දේශනා කර නන්‍දමුලක පර්වතයටම ගියේය.

අපරොපි කාසිරට‍්ඨෙයෙව ගාමභොජකො මජ‍්ජවික‍්කයං වාරෙත්‍වා “සාමි, පුබ‍්බෙ ඉමස‍්මිං කාලෙ සුරාඡණො නාම හොති, කිං කරොමා”ති මහාජනෙන වුත‍්තො “තුම‍්හාකං පොරාණකනියාමෙනෙව කරොථා”ති ආහ. මනුස‍්සා ඡණං කත්‍වා සුරං පිවිත්‍වා කලහං කරොන‍්තා හත්‍ථපාදෙ භඤ‍්ජිත්‍වා සීසං භින්‍දිත්‍වා කණ‍්ණෙ ඡින්‍දිත්‍වා බහුදණ‍්ඩෙන බජ‍්ඣිංසු. ගාමභොජකො තෙ දිස‍්වා චින‍්තෙසි “මයි අනනුජානන‍්තෙ ඉමෙ ඉමං දුක‍්ඛං න වින්‍දෙය්‍යු”න‍්ති. සො එත‍්තකෙන කුක‍්කුච‍්චං කත්‍වා වාතපානං නිස‍්සාය ඨිතකොව විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා පච‍්චෙකබොධිඤාණං නිබ‍්බත‍්තෙත්‍වා “අප‍්පමත‍්තා හොථා”ති ආකාසෙ ඨත්‍වා ධම‍්මං දෙසෙත්‍වා නන්‍දමූලකපබ‍්භාරමෙව ගතො.

කසී රටම අන් ගම් දෙටුවෙක් මත්පැන් විකිණීම නවත්වා ස්වාමීනි, පෙර මෙකල්හි මත්පැන් සැණකෙළියක් වෙයි. කුමක් කරමුදැයි මහජනයා විසින් කී කල්හි තෙපි පැරණි අයුරින්ම කරව් යයි කීය. මිනිස්සු සැණකෙළිය කර රා බී කළහ කරන්නාහු අත් පා බිඳ හිස පලා කන් සිඳ බොහෝදෙන දඬුවමින් බැන්දාහුය. ගම් මුළාදෑණියා ඔවුන් දැක සිතුවේය. මා විසින් අනුදන්නා කල්හි මොවුහු මේ දුක නොවිඳිය යුත්තාහ යි ඔහු එපමණකින් කුකුස්කොට විවසුන් වඩා පසේ බුදුනුවණ උපදවා අප්‍රමාද වහු යයි ආකාශයෙහි සිට ධර්මය දේශනා කර නන්‍දමුලක පර්වතයටම ගියේය.

අපරභාගෙ තෙ පඤ‍්ච පච‍්චෙකබුද‍්ධා භික‍්ඛාචාරත්‍ථාය බාරාණසිද‍්වාරෙ ඔතරිත්‍වා සුනිවත්‍ථා සුපාරුතා පාසාදිකෙහි අභික‍්කමාදීහි පිණ‍්ඩාය චරන‍්තා රාජද‍්වාරං සම‍්පාපුණිංසු. රාජා තෙ දිස‍්වා පසන‍්නචිත‍්තො රාජනිවෙසනං පවෙසෙත්‍වා පාදෙ ධොවිත්‍වා ගන්‍ධතෙලෙන මක‍්ඛෙත්‍වා පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන පරිවිසිත්‍වා එකමන‍්තං නිසීදිත්‍වා “භන‍්තෙ, තුම‍්හාකං පඨමවයෙ පබ‍්බජ‍්ජා සොභති, ඉමස‍්මිං වයෙ පබ‍්බජන‍්තා කථං කාමෙසු ආදීනවං පස‍්සිත්‍ථ, කිං වො ආරම‍්මණං අහොසී”ති පුච‍්ඡි. තෙ තස‍්ස කථෙන‍්තා –

මෑත කාලයෙහි ඒ පසේ බුදුවරු පස්දෙනාම පිඬු පිණිස බරණැස් නුවර දොර බැස මනාව හැඳ පෙරව ප්‍රසාද එළවන පෙර මග යෑම් ආදියෙන් පිඬු පිණිස හැසිරෙන්නාහු රජදොරට පැමිණියාහුය. රජු උන්වහන්සේලා දැක ප්‍රසන්න වූ සිත් ඇත්තේ රජ මැදුරට පිවිසවා පා ධෝවනය කර සුවඳතෙල් ප්‍රණීත කෑම්බීම්වලින් වළදවා එකත්පස්ව හිඳ ස්වාමීනි, ඔබවහන්සේලාගේ පළමු වයසෙහි පැවිදිවීම හොබනේය. මේ වයසෙහි පැවිදි වන්නෝ කෙසේනම් කාමයන්හි ආදීනව දක්නහුද? තොපට කවර අරමුණක් වූයේදැයි විචාළේය. ඔවුහු ඔහුට කියන්නාහු.

“මිත‍්තො මිත‍්තස‍්ස පානීයං, අදින‍්නං පරිභුඤ‍්ජිසං; තෙන පච‍්ඡා විජිගුච‍්ඡිං, තං පාපං පකතං මයා; මා පුන අකරං පාපං, තස‍්මා පබ‍්බජිතො අහං.

මිත්තො මිත්තස්ස පාණීයං අදින්නං පරිභුඤ්ජිසං, තෙන පච්ඡා විජිගුච්ඡිං තං පාපං පකතං මයා, මා පුන අකරං පාපං තස්මා පබ්බජිතො අහං

1. මහරජතුමනි, මම එකෙකු හා මිත්‍රවීමි. ඒ මම ඒ මිත්‍රයාගේ නුදුන් පැන් බිව්වෙමි. මවිසින් කරන ලද එම පාපය පසුව පිළිකුල් කෙළෙමි. නැවත පව් නොකරමියි (අධිෂ්ඨාන කර) එහෙයින් මම පැවිදි වූයෙමි.

“පරදාරඤ‍්ච දිස‍්වාන, ඡන්‍දො මෙ උදපජ‍්ජථ; තෙන පච‍්ඡා විජිගුච‍්ඡිං, තං පාපං පකතං මයා; මා පුන අකරං පාපං, තස‍්මා පබ‍්බජිතො අහං.

2. අනිකෙකුගේ බිරිඳක දැක ඇය කෙරෙහි මට ඇල්මක් උපනි. මවිසින් කරන ලද ඒ පාපය පසුව පිළිකුල් කෙළෙමි. නැවත පව් නොකරමියි (අධිෂ්ඨාන කර) එහෙයින් මම පැවිදි වූයෙමි.

“පිතරං මෙ මහාරාජ, චොරා අගණ‍්හු කානනෙ; තෙසාහං පුච‍්ඡිතො ජානං, අඤ‍්ඤථා නං වියාකරිං.

3. මහරජතුමනි, මගේ පියා වනයෙහිදී සොරුන් අල්ලා ගත්තේය. (ඔවුන් විසින්) විමසන ලද මම දැන දැනම වෙනත් අයුරකින් ඔවුන්ට විස්තර කෙළෙමි. මවිසින් කරන ලද ඒ පාපය පසුව පිළිකුල් කෙළෙමි. නැවත පව් නොකරමියි (අධිෂ්ඨාන කර) එහෙයින් මම පැවිදි වූයෙමි.

“තෙන පච‍්ඡා විජිගුච‍්ඡිං, තං පාපං පකතං මයා; මා පුන අකරං පාපං, තස‍්මා පබ‍්බජිතො අහං.

“පාණාතිපාතමකරුං, සොමයාගෙ උපට‍්ඨිතෙ; තෙසාහං සමනුඤ‍්ඤාසිං.

4. සෝම යාගය එළඹ සිටි කල්හි පරපණ නැසීම කෙළෙමු. මම ඔවුන් අනුදත්තෙමි. නැවත එම පව නොකරමියි මම පැවිදි වූයෙමි.

“තෙන පච‍්ඡා විජිගුච‍්ඡිං, තං පාපං පකතං මයා; මා පුන අකරං පාපං, තස‍්මා පබ‍්බජිතො අහං.

“සුරාමෙරයමාධුකා, යෙ ජනා පඨමාසු නො; බහූනං තෙ අනත්‍ථාය, මජ‍්ජපානමකප‍්පයුං; තෙසාහං සමනුඤ‍්ඤාසිං.

5. පළමුව අප ගමෙහි රහමෙර මිහිරි පානයකැයි පානය කරන්නෝ වූවහුද බොහෝ වූ ඔවුන්ගේ අවැඩ පිණිස වූ මත්පැන් පානය කරවූහ. මම ඔවුන් අනුදත්තෙමි. නැවත එම පව නොකරමියි මම පැවිදි වූයෙමි.

“තෙන පච‍්ඡා විජිගුච‍්ඡිං, තං පාපං පකතං මයා; මා පුන අකරං පාපං, තස‍්මා පබ‍්බජිතො අහ”න‍්ති. –

ඉමා පටිපාටියා පඤ‍්ච ගාථා අභාසිංසු. රාජාපි එකමෙකස‍්ස බ්‍යාකරණං සුත්‍වා “භන‍්තෙ, අයං පබ‍්බජ‍්ජා තුම‍්හාකං යෙවානුච‍්ඡවිකා”ති ථුතිමකාසි.

මේ පිළිවෙලින් ගාථා පහක් කීවාහුය. රජුද එක් එක් පසේ බුදුවරයාගේ විස්තරය අසා ස්වාමීනි, මේ පැවිද්ද නුඹ වහන්සේලාටම සුදුසු වන්නාහු යයි ස්තුති කළේය.

තත්‍ථ මිත‍්තො මිත‍්තස‍්සාති මහාරාජ, අහං එකස‍්ස මිත‍්තො හුත්‍වා තස‍්ස මිත‍්තස‍්ස සන‍්තකං පානීයං ඉමිනා නියාමෙනෙව පරිභුඤ‍්ජිං. තස‍්මාති යස‍්මා පුථුජ‍්ජනා නාම පාපකම‍්මං කරොන‍්ති, තස‍්මා අහං මා පුන අකරං පාපං, තං පාපං ආරම‍්මණං කත්‍වා පබ‍්බජිතොම‍්හි. ඡන්‍දොති මහාරාජ, ඉමිනාව නියාමෙන මම පරදාරං දිස‍්වා කාමෙ ඡන්‍දො උප‍්පජ‍්ජි. අගණ‍්හූති අගණ‍්හිංසු. ජානන‍්ති තෙසං චොරානං “අයං කිං තෙ හොතී”ති පුච‍්ඡිතො ජානන‍්තොයෙව “න කිඤ‍්චි හොතී”ති අඤ‍්ඤථා බ්‍යාකාසිං. සොමයාගෙති නවචන්‍දෙ උට‍්ඨිතෙ සොමයාගං නාම යක‍්ඛබලිං කරිංසු, තස‍්මිං උපට‍්ඨිතෙ. සමනුඤ‍්ඤාසින‍්ති සමනුඤ‍්ඤො ආසිං. සුරාමෙරයමාධුකාති පිට‍්ඨසුරාදිසුරඤ‍්ච පුප‍්ඵාසවාදිමෙරයඤ‍්ච පක‍්කමධු විය මධුරං මඤ‍්ඤමානා. යෙ ජනා පඨමාසු නොති යෙ නො ගාමෙ ජනා පඨමං එවරූපා ආසුං අහෙසුං. බහූනං තෙති තෙ එකදිවසං එකස‍්මිං ඡණෙ පත‍්තෙ බහූනං අනත්‍ථාය මජ‍්ජපානං අකප‍්පයිංසු.

එහි මිත්තො මිත්තස්ස යනු මහරජ, මම එක් අයෙකුට මිත්‍රයෙක් වී ඒ මිත්‍රයා සතු වූ පැන් මේ ක්‍රමයෙන් පානය කෙළෙමි. තස්මා යනු යම් හෙයකින් පෘථග්ජනයෝ පව් කරත්ද එහෙයිනි. මම මා පුන අකරං යනු ඒ පාපය අරමුණුකොට පැවිදි වූයේ වෙමි යි. ජන්‍දො යනු මහරජ, මේ ක්‍රමයෙන් මා අන් අඹුවක දැක කාමයෙහි ඇලීම ඉපදුනි. අගණ්හුං යනු ගත්තාහුය. ජානං යනු ඒ සොරුන් විසින් මොහු තොපගේ කවරෙක් දැයි විමසන ලද්දේ දන්නේම කිසිවෙක් නොවෙයි යයි අන් පරිද්දකින් කීවෙමි. සොමයාගෙ යනු අළුත් උත්සවය පැමිණි කල්හි සොම යාග නම් වූ යක්‍ෂයන්ට පූජාව කළාහුය. එය එළඹි කල්හි. සමනුඤ්ඤුසිං යනු එකඟ වූයේ වෙමි. සුරාමෙරය මධුකා යනු පිටි ආදියෙන් පෙරන ලද සුරා ද මල් ආදිය පැසවීමෙන් කරන ලද මෙරයද පැසුණු මී මෙන් මිහිරිකොට හඟින්නා වූ යම් ජනයෙක් වේද? පඨමාසු නො යනු අපගේ ගමෙහි යම් ගම්වැසියෙක් පළමුව මෙවැනි වූවාහුද ආසුං වූවාහුද. බහුන්නං තෙ යනු ඔවුහු එක් දිනයක එක් උත්සවයක් පැමිණි කල්හි බොහෝ දෙනාගේ අවැඩ පිණිස මත්පැන් කැප කළාහුය.

රාජා තෙසං ධම‍්මං සුත්‍වා පසන‍්නචිත‍්තො චීවරසාටකෙ ච භෙසජ‍්ජානි ච දත්‍වා පච‍්චෙකබුද‍්ධෙ උය්‍යොජෙසි. තෙපි තස‍්ස අනුමොදනං කත්‍වා තත්‍ථෙව අගමංසු. තතො පට‍්ඨාය රාජා වත්‍ථුකාමෙසු විරත‍්තො අනපෙක‍්ඛො හුත්‍වා නානග‍්ගරසභොජනං භුඤ‍්ජිත්‍වා ඉත්‍ථියො අනාලපිත්‍වා අනොලොකෙත්‍වා විරත‍්තචිත‍්තො උට‍්ඨාය සිරිගබ‍්භං පවිසිත්‍වා නිසින‍්නො සෙතභිත‍්තියං කසිණපරිකම‍්මං කත්‍වා ඣානං නිබ‍්බත‍්තෙසි. සො ඣානප‍්පත‍්තො කාමෙ ගරහන‍්තො –

රජු ඔවුන්ගේ ධර්මය අසා පැහැදුන සිත් ඇත්තේ සිවුරු ද සළු ද බෙහෙත් ද දී පසේ බුදුවරුන් පිටත්කර හැරීය. උන්වහන්සේලාද ඔහුට අනුමෝදනා කර එහිම ගියාහුය. රජු එතැන් පටන් කාම වස්තූන් කෙරෙහි නො ඇලුනේ අපේක්‍ෂා රහිත වූයේ වී නොයෙක් අගනා වූ රස භෝජනයන් අනුභව කර ස්ත්‍රීන් සමඟ කථාබහ නොකර, නොබලා, නොඇලුන සිත් ඇත්තේ නැගිට සිරියහන් ගැබට පිවිස හුන්නේ සුදු බිත්තෙහිය භාවනාවට ගන්නා අරමුණු පිරියම් කර ධ්‍යාන ඉපිදවීය. ඔහු ධ්‍යානයට පැමිණියේ කාමයට ගරහන්නේ.

“ධිරත්‍ථු සුබහූ කාමෙ, දුග‍්ගන්‍ධෙ බහුකණ‍්ටකෙ; යෙ අහං පටිසෙවන‍්තො, නාලභිං තාදිසං සුඛ”න‍්ති. – ගාථමාහ;

6. මම කාම සම්පත් සේවනය කරන්නේ ධ්‍යානසුවය වැනි වූ සැපතක් නොලදමි. දුගඳ වූ පසමිතුරන් නමැති බොහෝ කටු ඇති මහත් වූ කාමයට නින්දා වේවා!

තත්‍ථ බහුකණ‍්ටකෙති බහූ පච‍්චාමිත‍්තෙ. යෙ අහන‍්ති යො අහං, අයමෙව වා පාඨො. තාදිසන‍්ති එතාදිසං කිලෙසරහිතං ඣානසුඛං.

යන ගාථාව කීවේය. එහි බහු කණ්ඨක යනු බොහෝ පසමිතුරන් ඇති. යෙ අහං යනු යම් බඳු වූ මම. අයමෙව යනුද පෙළයි. තාදිසං යනු මෙබඳු වූ කෙලෙස් රහිත ධ්‍යාන සුවයයි.

අථස‍්ස අග‍්ගමහෙසී “අයං රාජා පච‍්චෙකබුද‍්ධානං ධම‍්මකථං සුත්‍වා උක‍්කණ‍්ඨිතරූපො අහොසි, අම‍්හෙහි සද‍්ධිං අකථෙත්‍වාව සිරිගබ‍්භං පවිට‍්ඨො, පරිග‍්ගණ‍්හිස‍්සාමි තාව න”න‍්ති චින‍්තෙත්‍වා සිරිගබ‍්භද‍්වාරෙ ඨිතා රඤ‍්ඤො කාමෙසු ගරහන‍්තස‍්ස උදානං සුත්‍වා “මහාරාජ, ත්‍වං කාමෙ ගරහසි, කාමසුඛසදිසං නාම සුඛං නත්‍ථී”ති කාමෙ වණ‍්ණෙන‍්තී ඉතරං ගාථමාහ –

ඉක්බිති ඔහුගේ අගමෙහෙසිය මේ රජු පසේ බුදුවරුන්ගේ ධර්මකථාව අසා උකටලී වූයේ අප සමඟ කථා නොකර සිරියහන් ගැබට පිවිසියේය. පළමුකොට ඔහු පරීක්‍ෂා කරන්නමෙියි සිතා සිරියහන් ගැබ දොරටු ගොස් දොරටුවෙහි සිටියා රජුගේ කාමයන්ට ගරහන්නා වූ ප්‍රීති වාක්‍යයන් අසා මහරජ ඔබ කාමයන්ට ගර්හා කෙරෙහිය. කම්සුවය වැනි සුවයක් නැතැයි කාමය වර්ණනා කරන්නී වෙනත් ගාථාවක් කීවේය.

“මහස‍්සාදා සුඛා කාමා, නත්‍ථි කාමා පරං සුඛං; යෙ කාමෙ පටිසෙවන‍්ති, සග‍්ගං තෙ උපපජ‍්ජරෙ”ති.

7. කාමයෝ සැප ඇත්තෝය. මහත් වූ ආස්වාද ඇත්තෝය. කාමයට වැඩි වූ සැපයක් නොමැත. යමෙක් කම්සැප සේවනය කරත්ද ඔවුහු දෙව්ලොව උපදිත්.

තත්‍ථ මහස‍්සාදාති මහාරාජ, එතෙ කාමා නාම මහාඅස‍්සාදා, ඉතො උත‍්තරිං අඤ‍්ඤං සුඛං නත්‍ථි. කාමසෙවිනො හි අපායෙ අනුපගම‍්ම සග‍්ගෙ නිබ‍්බත‍්තන‍්තීති අත්‍ථො.

එහි මහස්සාදා යනු මහරජ, මේ කාමයෝ නම් මෙයින් මත්තෙහි අන් සැපයක් නැත. කාමයන් සේවනය කරන්නෝ අපායෙහි නොගොස් දෙව්ලොව උපදිත් යන අර්ථයයි.

තං සුත්‍වා බොධිසත‍්තො තස‍්සා “නස‍්ස වසලි, කිං කථෙසි, කාමෙසු සුඛං නාම කුතො අත්‍ථි, විපරිණාමදුක‍්ඛා එතෙ”ති ගරහන‍්තො සෙසගාථා අභාසි –

ඒ අසා බෝධිසත්ත්‍ව තෙමේ ඇයට කියනුයේ වසලිය, නැසෙන්නෙහිද? කුමක් කියහිද? කාමයන්හි සැපක් නම් කොයින්ද? මොව්හු වෙනස්වීමේ දුක් සහිතයෝයි නින්දා කරන්නේ සෙසු ගාථාවන් කීවේය.

“අප‍්පස‍්සාදා දුඛා කාමා, නත්‍ථි කාමා පරං දුඛං; යෙ කාමෙ පටිසෙවන‍්ති, නිරයං තෙ උපපජ‍්ජරෙ.

8. කාමයෝ ස්වල්ප වූ ආශ්වාස ඇත්තෝය. කාමයන්ට වැඩි වූ දුකක් නැත. යමෙක් කාමයන් ඇසුරු කරත්ද ඔවුහු නිරයේ උපදිත්.

“අසී යථා සුනිසිතො, නෙත‍්තිංසොව සුපායිකො; සත‍්තීව උරසි ඛිත‍්තා, කාමා දුක‍්ඛතරා තතො.

9. මනාව මුවහත් කළ කඩුවද, මනාව පන පොවන ලද සිරිය ද ආයුධය ද හදවතෙහි පහර දෙන ලද්දේ යම් සේද, කාමයෝ ඊටත් වඩා අතිශයින් දුක් සහිත වෙයි.

“අඞ‍්ගාරානංව ජලිතං, කාසුං සාධිකපොරිසං; ඵාලංව දිවසංතත‍්තං, කාමා දුක‍්ඛතරා තතො.

10. පුරුෂයෙකුගේ ප්‍රමාණයටත් වඩා වැඩි දැල්වෙන්නා වූ අඟුරු වලත් දවස පුරා ගිනියම් කළ හී වැළත් යම් සේද? කාමයෝ ඊටත් වඩා අතිශයින් දුක් සහිත වෙති.

“විසං යථා හලාහලං, තෙලං පක‍්කුථිතං යථා; තම‍්බලොහවිලීනංව, කාමා දුක‍්ඛතරා තතො”ති.

11. හලාහල විෂ යම්සේද අතිශයින් රත්කළ තෙල් යම්සේද උණුකරන ලද තඹ මෙන් ඊටත් වඩා කාමයෝ අතිශයින් දුක් සහිත වෙති.

තත්‍ථ නෙත‍්තිංසොති නික‍්කරුණො, ඉදම‍්පි එකස‍්ස ඛග‍්ගස‍්ස නාමං. දුක‍්ඛතරාති එවං ජලිතඞ‍්ගාරකාසුං වා දිවසං තත‍්තං ඵාලං වා පටිච‍්ච යං දුක‍්ඛං උප‍්පජ‍්ජති, තතොපි කාමායෙව දුක‍්ඛතරාති අත්‍ථො. අනන‍්තරගාථාය යථා එතානි විසාදීනි දුක‍්ඛාවහනතො දුක‍්ඛානි, එවං කාමාපි දුක‍්ඛා, තං පන කාමදුක‍්ඛං ඉතරෙහි දුක‍්ඛෙහි දුක‍්ඛතරන‍්ති අත්‍ථො.

එහි නෙත්තිංසො යනු කරුණා රහිත මෙයද කඩුවට එක් නමෙකි. දුක්ඛතරා යනු මෙසේ දිලියෙන අඟුරුවල හෝ දවස පුරා රත්කළ හී වැළ හෝ නිසා යම් දුකක් උපදීද එයටත් වඩා කාමයෝම අතිශයින් දුක් ඇත්තෝයි යන අර්ථයි. අනතුරු ගාථාවෙහි යම්සේ මේ විෂ ආදීන් දුක් කැඳවන බැවින් දුක් ඇත්තෝ වෙති. මෙසේ කාමයෝද දුක් සහිතයහ. ඒ කාම දුක වෙනත් දුක්වලටත් වඩා අතිශය දුකක් යයි යන අර්ථයි.

එවං මහාසත‍්තො දෙවියා ධම‍්මං දෙසෙත්‍වා අමච‍්චෙ සන‍්නිපාතෙත්‍වා “භොන‍්තො අමච‍්චා, තුම‍්හෙ රජ‍්ජං පටිපජ‍්ජථ, අහං පබ‍්බජිස‍්සාමී”ති වත්‍වා මහාජනස‍්ස රොදන‍්තස‍්ස පරිදෙවන‍්තස‍්ස උට‍්ඨාය ආකාසෙ ඨත්‍වා ඔවාදං දත්‍වා අනිලපථෙනෙව උත‍්තරහිමවන‍්තං ගන‍්ත්‍වා රමණීයෙ පදෙසෙ අස‍්සමං මාපෙත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ආයුපරියොසානෙ බ්‍රහ‍්මලොකපරායණො අහොසි.

මහාසත්ත්‍ව තෙමේ මෙසේ දේවියට ධර්මදේශනා කර ඇමතියන් එකතු කරවා පිංවත් ඇමතිවරුනි, තෙපි රාජ්‍යය පිළිපදුව. මම පැවිදි වන්නෙමියි කියා මහජනයා හඬා වැළපෙද්දී නැගී සිට අහසෙහි සිට අවවාද දී වායු මාර්ගයෙන්ම උතුරු හිමාලයට ගොස් රමණීය පෙදෙසක ආශ්‍රමයන් කරවා තවුස් පැවිද්දෙන් පැවිදි වී ආයු කෙළවර බඹලොව පිහිට කොට ඇත්තේ වීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “භික‍්ඛවෙ, කිලෙසො ඛුද‍්දකො නාම නත්‍ථි, අප‍්පමත‍්තකොපි පණ‍්ඩිතෙහි නිග‍්ගහිතබ‍්බොයෙවා”ති වත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ පඤ‍්චසතා භික‍්ඛූ අරහත‍්තෙ පතිට‍්ඨහිංසු. තදා පච‍්චෙකබුද‍්ධා පරිනිබ‍්බායිංසු, දෙවී රාහුලමාතා අහොසි, රාජා පන අහමෙව අහොසින‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා මහණෙනි, කුඩා වූ කෙලෙස් නම් නැත. ස්වල්ප වූද කෙලෙස් පණ්ඩිතයන් විසින් නිග්‍රහ කටයුතුමය යි කියා සත්‍යයන් ප්‍රකාශකොට ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාව අවසානයෙහි පන්සියයක් භික්‍ෂූහු රහත් බැව්හි පිහිටියාහුය. එකල්හි පසේ බුදුවරු පිරිනිවන් පෑහ. දේවිය රාහුල මව වූවාය. රජු වනාහි මම ම වීමි යි වදාළ සේක.

පානීයජාතකවණ‍්ණනා පඤ‍්චමා.