3. ධම්මජාතකං
1557. යසොකරො පුඤ්ඤකරොහමස්මි සදත්ථුතො සමණබ්රාහ්මණානං මග්ගාරහො දෙවමනුස්සපුජිතො ධම්මො අහං දෙහි අධම්ම මග්ගං
1557. මම දෙවිමිනිසුන්ට යශස ගෙන දෙන්නෙක්මි. මම පින් කරන්නෙක්මි. මහණ බමුණන් විසින් නිතර පසස්නා ලද්දෙමි. මාර්ගය ලබන්නට සුදුස්සෙක්මි. දෙවිමිනිසුන්ගේ පිදුම් ලද්දෙම් වෙමි. අධර්ම නම් දිව්යපුත්රය, මම ධර්ම දිව්‍යපුත්‍රයා වෙමි. මට මඟ දුන මැනැවි.
1558. අධම්මයානං දළ්හමාරුහිත්වා අසන්තසන්තො බලවාහමස්මි, ස කිස්ස හෙතුම්භි තවජ්ජ දජ්ජං මග්ගං අහං ධම්ම අදින්නපුබ්බං.
1558. (දැහැමි නම් දේවපුත්‍රය,) මම නො දැහැමි දෙවියා වෙමි. මම ශක්තිමත් අධර්ම යානයට නැඟ ගතිමි. බලවතෙක් වීමි. මිතුර, කිසිවෙකුටත් නුදුන් විරූ මඟ කවර හෙයින් අද මම ඔබට දෙම් ද?
1559. ධම්මො හවෙ පාතුරහොසි පුබ්බෙ පච්ඡා අධම්මො උදපාදි ලොකෙ, ජෙට්ඨො ච සෙට්ඨො ච සනන්තනො ච උය්යාහි ජෙට්ඨස්ස කනිට්ඨ මග්ගා.
1559. ලොවෙහි පළමු වැ ධර්මය පහළ විය. පසු වැ අධර්මය පහළ විය. (එ හෙයින්) ධර්මය ජේෂ්ඨ වෙයි. ශ්‍රේෂ්ඨ වෙයි. පැරැණි ද වෙයි. අධර්ම දිව්‍ය පුත්‍රය, ඔබ කනිටු ය. වැඩි මහලු ධර්ම දිව්‍ය පුත්‍ර වූ මාගේ මගෙන් ඉවත් වෙව.
1560. න යාචනාය නපි පාටිරූපා න අරහති තෙහං දදෙය්ය මග්ගං යුද්ධඤ්ච නො හොතු උභින්නමජ්ජ යුද්ධස්මි යො ජෙස්සති තස්ස මග්ගො.
1560. යැදීම නිසා ඔබට මග දෙන්නෙම් නම් යෝග්‍ය නො වේ. සුදුසු වචන කීම නිසා මඟ දීම යෝග්‍ය නැත. අද අප දෙදෙනාගේ සටන වේවා ! සටනින් යමෙක් දිනන්නේ ද ඔහුට මඟ (හිමි) වේ.
1561. සබ්බා දිසා අනුවිසටොහමස්මි මහබ්බලො අමිතයසො අතුල්ලො, ගුණෙහි සබ්බෙහි උපෙතරූපො ධම්මො අධම්ම ත්වං කථං විජෙස්සසි.
1561. මම සියලු දිසාවන්හි පැතිරැ ගියෙමි, මහ බලැත්තෙමි, අප්‍රමාණ යශස් ඇත්තෙමි. මා හා සමානයෙක් නැත. හැම ගුණයන්ගෙන් සම්පූර්ණ වූ (මම) ධර්ම දිව්‍ය පුත්‍රයා වෙමි. තෙපි කෙසේ දිනන්නෙහි ද?
1562. ලොහෙන වෙ හඤ්ඤති ජාතරූපං න ජාතරූපෙන හනන්ති ලොභං, සචෙ අධම්මො හඤ්ඤති ධම්මමජ්ජ අයො සුවණ්ණං විය දස්සනෙය්යං.
1562. අයෝමය මිටියෙන් රන් ඒකාන්තයෙන් නැසේ. රනින් යකඩ නො නැසේ. අධර්මය අද ඔබේ ධර්මය නසයි. යමුවා මිටිය දැකුම්කලු රන් නසන්නා මෙනි.
1563. සචෙ තුවං යුද්ධබලො අධම්ම න තුය්හ වද්ධා ච ගරූ ච අත්ථි, මග්ගං ච තෙ දම්මි පියාප්පියෙන වාචා දුරුත්තානිපි තෙ ඛමාමි.
1563. අධර්ම දේවපුත්‍රය, ඔබ සටන බලය කොට ඇත්තාව. ඔබට වැඩිහිටියෝ ද ගරුකටයුත්තෝ ද නැත. ඔබට මඟ දෙනුයේ ප්‍රිය අප්‍රිය දෙදෙනාගෙන් ප්‍රියයකු ලෙසින් දෙමි. නපුරු ලෙස ඔබ කී වචන ද ඉවසමි.
1564. ඉදඤ්ච සුත්වා වචනං අධම්මො අවංසිරො පතිතො උද්ධපාදො, යුද්ධත්ථිකො චෙ න ලභාමි යුද්ධං එත්තාවතා හොති හතො අධම්මො.
1564. අධර්ම දිව්‍ය පුත්‍රයා මෙ බස් අසා, යුද්ධය රිසි වුවත් යුද්ධය (කරන්නට) නො ලබමි යි හිස යටිකුරු වැ පා උඩුකුරු වැ වැටුණි. මෙ පමණෙකින් අධර්ම දිව්‍ය පුත්‍රයා නටුයේ ය.
1565. ඛන්තිබලො යුද්ධබලං විජෙත්වා හන්ත්වා අධම්මං නිහනිත්ව භුම්මා, පායාසි විත්තො අභිරුය්හ සන්දනං මග්ගෙනෙව අතිබලො සච්චනික්කමො.
1565. යුද්ධය ජය ගෙන, අධර්ම දිව්‍ය පුත්‍රයා නසා බිමැ හෙළා සත්‍යය පරාක්‍රම කොට ඇති ක්ෂාන්ති බලය මැ ඇති දෙව් පුත් තෙම සතුටු සිතැති ව දිව්‍ය රථයට නැගී මගින් ම ගියේ ය.
1566. මාතාපිතා සමණබ්රාහ්මණා ච අසම්මානිතා යස්ස සකෙ අගාරෙ, ඉධෙව නික්ඛිප්ප සරීරදෙහං කායස්ස භෙදා නිරයං වජන්ති, යථා අධම්මො පතිතො අවංසිරො.
1566. යම් කෙනෙක් සිය නිවෙසෙහි මවුපියන්ට ද මහණ බමුණන්ට ද සැලැකිලි නො කෙරෙත් ද, ඔවුහු අධර්ම දිව්‍ය පුත්‍රයා නිරයට පිවිසියා සේ මරණින් මත්තේ නිරා වදිත්.
1567. මාතාපිතා සමණබ්රාහ්මණා ච, සුසම්මානිතා යස්ස සකෙ අගාරෙ, ඉධෙව නික්ඛිප්ප සරීරදෙහං කායස්ස භෙදා සුගතිං වජන්ති යථාපි ධම්මො අභිරුය්හ සන්දනන්ති.
1567. යම් කෙනෙක් සිය නිවෙසෙහි මවුපියන්ට ද මහණ බමුණන්ට ද මැනැවින් සලකත් ද ඔවුහු, ධර්ම දිව්‍ය පුත්‍රයා දිව්‍ය රථයට නැග ගියා සේ, මරණින් මත්තේ දෙව්ලොවැ උපදිත්.