යෙදුමෙන් කියවන්න

1. මාතුපොසකජාතකවණ‍්ණනා 455 අට‍්ඨකථා

1. මාතුපොසකජාතකවණ‍්ණනා (455)

1. මාතුපෝසක ජාතකය (455)

තස‍්ස නාගස‍්ස විප‍්පවාසෙනාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මාතුපොසකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු සාමජාතකවත්‍ථුසදිසමෙව. සත්‍ථා පන භික‍්ඛූ ආමන‍්තෙත්‍වා “මා භික‍්ඛවෙ, එතං භික‍්ඛුං උජ‍්ඣායිත්‍ථ, පොරාණකපණ‍්ඩිතා තිරච‍්ඡානයොනියං නිබ‍්බත‍්තාපි මාතරා වියුත‍්තා සත‍්තාහං නිරාහාරතාය සුස‍්සමානා රාජාරහං භොජනං ලභිත්‍වාපි ‘මාතරා විනා න භුඤ‍්ජිස‍්සාමා’ති මාතරං දිස‍්වාව ගොචරං ගණ‍්හිංසූ”ති වත්‍වා තෙහි යාචිතො අතීතමාහරි.

තස්ස නාගස්ස විප්පවාසෙන යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ මව්පෝෂණය කළ භික්‍ෂුවක අරබයා දේශනා කළ සේක. වර්තමාන කථා පුවත සාම ජාතකයෙහි කථා ප්‍රවෘත්තිය හා සමානය. ශාස්තෲන් වහන්සේ භික්‍ෂූන් අමතා මහණෙනි, මේ භික්‍ෂුවට නොබනිව්. පැරණි පණ්ඩිතයෝ තිරිසන් යෝනියෙහි උපන්නාහුද මවගෙන් වෙන් වූවාහු සත්දිනක් නිරාහාරව වියලෙන්නාහු රජුන්ට සුදුසු බොජුන් ලැබද මව නැතිව අනුභව නොකරන්නෙමුයි කියා මව දැකම ගොදුරු ගත්තාහු යයිද කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො හිමවන‍්තපදෙසෙ හත්‍ථියොනියං නිබ‍්බත‍්තිත්‍වා සබ‍්බසෙතො අහොසි අභිරූපො දස‍්සනීයො පාසාදිකො ලක‍්ඛණසම‍්පන‍්නො අසීතිහත්‍ථිසහස‍්සපරිවාරො. සො ජරාජිණ‍්ණං මාතරං පොසෙසි, මාතා පනස‍්ස අන්‍ධා. සො මධුරමධුරානි ඵලාඵලානි හත්‍ථීනං දත්‍වා මාතු සන‍්තිකං පෙසෙසි. හත්‍ථී තස‍්සා අදත්‍වා අත‍්තනාව ඛාදන‍්ති. සො පරිග‍්ගණ‍්හන‍්තො තං පවත‍්තිං ඤත්‍වා “යූථං ඡඩ‍්ඩෙත්‍වා මාතරමෙව පොසෙස‍්සාමී”ති රත‍්තිභාගෙ අඤ‍්ඤෙසං හත්‍ථීනං අජානන‍්තානං මාතරං ගහෙත්‍වා චණ‍්ඩොරණපබ‍්බතපාදං ගන‍්ත්‍වා එකං නළිනිං උපනිස‍්සාය ඨිතාය පබ‍්බතගුහායං මාතරං ඨපෙත්‍වා පොසෙසි. අථෙකො බාරාණසිවාසී වනචරකො මග‍්ගමූළ‍්හො දිසං වවත්‍ථපෙතුං අසක‍්කොන‍්තො මහන‍්තෙන සද‍්දෙන පරිදෙවි. බොධිසත‍්තො තස‍්ස සද‍්දං සුත්‍වා “අයං පුරිසො අනාථො, න ඛො පන මෙතං පතිරූපං, යං එස මයි ඨිතෙ ඉධ විනස‍්සෙය්‍යා”ති තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තං භයෙන පලායන‍්තං දිස‍්වා “අම‍්භො පුරිස, නත්‍ථි තෙ මං නිස‍්සාය භයං, මා පලායි, කස‍්මා ත්‍වං පරිදෙවන‍්තො විචරසී”ති පුච‍්ඡිත්‍වා “සාමි, අහං මග‍්ගමූළ‍්හො, අජ‍්ජ මෙ සත‍්තමො දිවසො”ති වුත‍්තෙ “භො පුරිස, මා භායි, අහං තං මනුස‍්සපථෙ ඨපෙස‍්සාමී”ති තං අත‍්තනො පිට‍්ඨියං නිසීදාපෙත්‍වා අරඤ‍්ඤා නීහරිත්‍වා නිවත‍්ති. සොපි පාපො “නගරං ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙස‍්සාමී”ති රුක‍්ඛසඤ‍්ඤං පබ‍්බතසඤ‍්ඤං කරොන‍්තොව නික‍්ඛමිත්‍වා බාරාණසිං අගමාසි.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝසත් තෙම හිමවත පෙදෙසෙහි ඇත් කුලයෙහි ඉපදී මුළුමනින්ම සුදු වූයේ වීය. මනා රූ ඇත්තේය. අසූදහසක් ඇතුන් පිරිවරකොට ඇත. ඔහුගේ මව අන්ධය. හෙතෙම මිහිරි මිහිරි ලොකු කුඩා ගෙඩි ඇතුන්ට දී මව සමීපයට යවයි. ඇත්තු ඇයට නොදී තමාම කත්. හෙතෙම පරීක්‍ෂා කරනුයේ ඒ ප්‍රවෘත්තිය දැන සමූහය හැර මගේ මව පෝෂණය කරන්නෙමි යයි රාත්‍රී කාලයෙහි අන් ඇතුන් නොදනිද්දීම මව ගෙන චණ්ඩෝර නම් පර්වතය මුලට ගොස් එක් නෙලුම්විලක් ඇසුරුකොට තිබූ පර්වත ගුහාවෙක මව තබා පෝෂණය කෙළේය. ඉක්බිති බරණැස් වැසි එක් වනචරයෙක් (වැද්දෙක්) මංමුළා වූයේ දිසාව තීරණය කරන්නට අපොහොසත් වූයේ මහත් වූ ශබ්දයෙන් කෑගැසුවේය. බෝසත් තෙමේ ඒ ශබ්දය අසා මේ පුරුෂයා අනාථ වූවෙකි. යම් හෙයකින් මා ඇති කල්හි මෙහිදී නැසේනම් එය නුසුදුසු යයි ඔහු සමීපයට ගොස් බියෙන් පලායන ඔහු දැක එම්බා පුරුෂය, මා නිසා තොපට බියක් නැත. පලානොයව. කුමක් හෙයින් තොප හඬමින් හැසිරෙහිදැයි විමසා ස්වාමීනි, මම මංමුළා වූවෙක්මි. අද මගේ සත්වන දවස යයි කී කල්හි එම්බා පුරුෂය, බිය නොවෙව. මම ඔබ මනුෂ්‍ය වාසයෙහි තබන්නෙමියි ඔහු තමාගේ පිටෙහි හිඳුවා වනයෙන් බැහැරකොට පෙරළා පැමිණියේය. ඒ පවිටු පුරුෂයා ද මම නගරයට ගොස් රජුට දන්වන්නෙමියි. ගස් සළකුණු ද පර්වත සළකුණු ද කරන්නේම නික්මී බරණැසට ගියේය.

තස‍්මිං කාලෙ රඤ‍්ඤො මඞ‍්ගලහත්‍ථී කාලමකාසි. රාජා “සචෙ කෙනචි කත්‍ථචි ඔපවය‍්හං කාතුං යුත‍්තරූපො හත්‍ථී දිට‍්ඨො අත්‍ථි, සො ආචික‍්ඛතූ”ති භෙරිං චරාපෙසි. සො පුරිසො රාජානං උපසඞ‍්කමිත්‍වා “මයා, දෙව, තුම‍්හාකං ඔපවය‍්හො භවිතුං යුත‍්තරූපො සබ‍්බසෙතො සීලවා හත්‍ථිරාජා දිට‍්ඨො, අහං මග‍්ගං දස‍්සෙස‍්සාමි, මයා සද‍්ධිං හත්‍ථාචරියෙ පෙසෙත්‍වා තං ගණ‍්හාපෙථා”ති ආහ. රාජා “සාධූ”ති “ඉමං මග‍්ගදෙසකං කත්‍වා අරඤ‍්ඤං ගන‍්ත්‍වා ඉමිනා වුත‍්තං හත්‍ථිනාගං ආනෙථා”ති තෙන සද‍්ධිං මහන‍්තෙන පරිවාරෙන හත්‍ථාචරියං පෙසෙසි. සො තෙන සද‍්ධිං ගන‍්ත්‍වා බොධිසත‍්තං නළිනිං පවිසිත්‍වා ගොචරං ගණ‍්හන‍්තං පස‍්සි. බොධිසත‍්තොපි හත්‍ථාචරියං දිස‍්වා “ඉදං භයං න අඤ‍්ඤතො උප‍්පන‍්නං, තස‍්ස පුරිසස‍්ස සන‍්තිකා උප‍්පන‍්නං භවිස‍්සති, අහං ඛො පන මහාබලො හත්‍ථිසහස‍්සම‍්පි විද‍්ධංසෙතුං සමත්‍ථො හොමි, කුජ‍්ඣිත්‍වා සරට‍්ඨකං සෙනාවාහනං නාසෙතුං, සචෙ පන කුජ‍්ඣිස‍්සාමි, සීලං මෙ භිජ‍්ජිස‍්සති, තස‍්මා අජ‍්ජ සත‍්තීහි කොට‍්ටියමානොපි න කුජ‍්ඣිස‍්සාමී”ති අධිට‍්ඨාය සීසං නාමෙත්‍වා නිච‍්චලොව අට‍්ඨාසි. හත්‍ථාචරියො පදුමසරං ඔතරිත්‍වා තස‍්ස ලක‍්ඛණසම‍්පත‍්තිං දිස‍්වා “එහි පුත‍්තා”ති රජතදාමසදිසාය සොණ‍්ඩාය ගහෙත්‍වා සත‍්තමෙ දිවසෙ බාරාණසිං පාපුණි. බොධිසත‍්තමාතා පන පුත‍්තෙ අනාගච‍්ඡන‍්තෙ “පුත‍්තො මෙ රාජරාජමහාමත‍්තාදීහි නීතො භවිස‍්සති, ඉදානි තස‍්ස විප‍්පවාසෙන අයං වනසණ‍්ඩො වඩ‍්ඪිස‍්සතී”ති පරිදෙවමානා ද‍්වෙ ගාථා අභාසි –

එකල්හි රජුගේ මංගල ඇතා කළුරිය කළේය. රජු ඉදින් කවරෙකු විසින් හෝ කිසිතැනක නැගීමට සුදුසු ඇතෙකු දක්නා ලද්දේ ඇත්ද ඔහු කියවයි බෙර හැසිරවීය. ඒ පුරුෂයා රජු වෙත එළඹ දේවයන් වහන්ස, මම ඔබවහන්සේට නැගීමට සුදුසුවන මුළුමනින්ම සුදු හීලෑ ඇත් රජකු දැක්කෙමි. මම මාර්ගය කියන්නෙමි. මා සමග ඇත් ඇදුරන් යවා ගෙන්වා ගනුව යයි කීවේය. රජු මැනවයි මොහු මාර්ගදේශකයා කර වනයට ගොස් මොහු විසින් කියන ලද ඇත්රජු ගෙන එවයි ඒ වනචාරියා සමග මහත් වූ පිරිවරින් හස්ත්‍යචාර්යයා යැවීය. හෙතෙම ඔහු සමග ගොස් පියුම්විලට පිවිස ගොදුරු ගන්නා වූ බෝසතුන් දුටුවේය. බෝධිසත්වයන් ද හස්ත්‍යාචාර්යයා දැක මේ බිය අනිකෙකුගෙන් උපන්නේ නොවේ. ඒ පුරුෂයා වෙතින් උපන්නක් වන්නේය. මම වූ කලී මහත් බල ඇත්තෙමි. ඇතුන් දහසක්ද නසන්නට පොහොසත් වෙමි. කිපී රටවල් සහිත බලසේනා වාහන නසන්නට පොහොසත් වෙමි. ඉදින් කිපෙන්නෙමි නම් මගේ සිල් බිඳෙන්නේය. එහෙයින් අද කොටනු ලබන්නේද නොකිපෙමි යි අධිෂ්ඨාන කොට හිස නමා නිසලව සිටියේය. හස්ත්‍යාචාර්යයා පියුම්විලට බැස ඔහුගේ ලක්‍ෂණ සම්පත් දැක එව පුතැයි රිදීදමක් හා සමාන වූ සොඬින් ගෙන සත්වන දවසෙහි බරණැසට පැමිණියේය. බෝසතුන් මව පුතු නොඑන කල්හි මගේ පුතා රාජමහාමාත්‍යයන් විසින් ගෙනයන ලද්දේ වන්නේය. දැන් ඔහුගේ පිටත වාසය කිරීමෙන් මේ වනලැහැබ හඬන්නේ යයි විලාප නගමින් ගාථා දෙකක් කීවාය.

“තස‍්ස නාගස‍්ස විප‍්පවාසෙන, විරූළ‍්හො සල‍්ලකී ච කුටජා ච; කුරුවින්‍දකරවීරා භිසසාමා ච, නිවාතෙ පුප‍්ඵිතා ච කණිකාරා.

තස්ස නාගස්ස විප්පවාසෙන - විරූළ්හා සල්ලකීව කූටජාච, කුරුවින්‍දකර වරාභි සසාමා - නිවාතෙ පුප්ඵිතාච කණිකාරා

1. ඒ ඇතුගේ වෙන්වීම නිසා නිසැකයෙන්ම ඉඳුසල් ගස් ද කෙළිඳ ගස් ද කුරුඳු ගස් ද ඉළුක් වැනි මහතෘණ ද බොඩහමු ගස් ද හඬමින් වැඩෙත්. පර්වත පාමුල කිණිහිරි ගස් මල් පිපී ගියහ.

“කොචිදෙව සුවණ‍්ණකායුරා, නාගරාජං භරන‍්ති පිණ‍්ඩෙන; යත්‍ථ රාජා රාජකුමාරො වා, කවචමභිහෙස‍්සති අඡම‍්භිතො”ති.

2. රන් අබරණ ඇති යම් රාජ-රාජමහාමාත්‍යයෝ ඇත් රජු ආහාරයෙන් පෝෂණය කරත්ද, රජුද රාජකුමාරයාද යම් ඇතෙකු පිට නැගුනේ බිය රහිතව සතුරන්ගේ යුද සැට්ට බිඳින්නේද?

තත්‍ථ විරූළ‍්හාති වඩ‍්ඪිතා නාම, නත්‍ථෙත්‍ථ සංසයොති අසංසයවසෙනෙවමාහ. සල‍්ලකී ච කුටජා චාති ඉන්‍දසාලරුක‍්ඛා ච කුටජරුක‍්ඛා ච. කුරුවින්‍දකරවීරා භිසසාමා චාති කුරුවින්‍දරුක‍්ඛා ච කරවීරනාමකානි මහාතිණානි ච භිසානි ච සාමාකානි චාති අත්‍ථො. එතෙ ච සබ‍්බෙ ඉදානි වඩ‍්ඪිස‍්සන‍්තීති පරිදෙවති. නිවාතෙති පබ‍්බතපාදෙ. පුප‍්ඵිතාති මම පුත‍්තෙන සාඛං භඤ‍්ජිත්‍වා අඛාදියමානා කණිකාරාපි පුප‍්ඵිතා භවිස‍්සන‍්තීති වුත‍්තං හොති. කොචිදෙවාති කත්‍ථචිදෙව ගාමෙ වා නගරෙ වා. සුවණ‍්ණකායුරාති සුවණ‍්ණාභරණා රාජරාජමහාමත‍්තා. භරන‍්ති පිණ‍්ඩෙනාති අජ‍්ජ මාතුපොසකං නාගරාජං රාජාරහස‍්ස භොජනස‍්ස සුවඩ‍්ඪිතෙන පිණ‍්ඩෙන පොසෙන‍්ති. යත්‍ථාති යස‍්මිං නාගරාජෙ රාජා නිසීදිත්‍වා. කවචමභිහෙස‍්සතීති සඞ‍්ගාමං පවිසිත්‍වා පච‍්චාමිත‍්තානං කවචං අභිහනිස‍්සති භින්‍දිස‍්සති. ඉදං වුත‍්තං හොති – “යත්‍ථ මම පුත‍්තෙ නිසින‍්නො රාජා වා රාජකුමාරො වා අඡම‍්භිතො හුත්‍වා සපත‍්තානං කවචං හනිස‍්සති, තං මෙ පුත‍්තං නාගරාජානං සුවණ‍්ණාභරණා අජ‍්ජ පිණ‍්ඩෙන භරන‍්තී”ති.

එහි විරූළ්හා යනු වැඩුනේ නම් වේ. මෙහි සැකයක් නැතැයි සැක රහිත වශයෙන් මෙසේ කීය. සල්ලකී ච යනු ඉඳුසල් හා කෙළිඳ ගස් ද, කුරුවින්‍ද කරවරා භිසස්මා යනු කුරුවින්‍ද ගස් ද කරවර නම් වූ මහ තණකොළ ද බොඩහමු ගස් ද සාමාත නම් ධාන්‍ය වර්ගයදැයි අර්ථයි. මේ සියල්ලෝම දැන් වඩ්ඪිස්සන්ති වැලපෙත්. නිවාතෙ යනු පර්වත පාමුල. පුප්ඵිතා යනු මගේ පුත්‍රයා විසින් අතු කඩා නොකනු ලබන කිණිහිරි ගස් මල් පිපුණාක් මෙන් වැඩුනේ වේ යයි කියන ලද්දේ වෙයි. කොචි දෙව යනු කිසියම් ගමක හෝ නගරයක හෝ. සුවණ්ණකායූරා යනු රන් අබරණ ඇති රාජ රාජමහාමාත්‍යයෝය. භරන්ති පිණ්ඩෙන යනු අද මාතෘපෝෂක ඇත්රජු රජුන්ට සුදුසු වූ භෝජනයන්ටත් වඩා වඩනා ලද ආහාරයෙන් පෝෂණය කරත්. යත්‍ථ යනු යම් ඇත්රජෙකු පිට රජු හිඳ. කවචම භි භෙස්සති යනු යුද්ධයට පිවිස පසමිතුරන්ගේ යුදසැට්ටය විනාශ කරන්නේ ය. බිඳින්නේ ය. මෙය කියන ලද්දේ වෙයි. යමෙක් මගේ පුතු මත හුන් රජු හෝ රාජ කුමාරයා හෝ බිය නොවී පස මිතුරන්ගේ යුද සැට්ටය විනාශ කරන්නේ ය. එය හඟිමින් ඇත් රජුම රජවරු අද ආහාරයෙන් පෝෂණය කරත්.

හත්‍ථාචරියොපි අන‍්තරාමග‍්ගෙව රඤ‍්ඤො සාසනං පෙසෙසි. තං සුත්‍වා රාජා නගරං අලඞ‍්කාරාපෙසි. හත්‍ථාචරියො බොධිසත‍්තං කතගන්‍ධපරිභණ‍්ඩං අලඞ‍්කතපටියත‍්තං හත්‍ථිසාලං නෙත්‍වා විචිත්‍රසාණියා පරික‍්ඛිපාපෙත්‍වා රඤ‍්ඤො ආරොචාපෙසි. රාජා නානග‍්ගරසභොජනං ආදාය ගන‍්ත්‍වා බොධිසත‍්තස‍්ස දාපෙසි. සො “මාතරං විනා ගොචරං න ගණ‍්හිස‍්සාමී”ති පිණ‍්ඩං න ගණ‍්හි. අථ නං යාචන‍්තො රාජා තතියං ගාථමාහ –

ඇත් ගොව්වාද අතරමගදීම රජුට හස්නක් යැවීය. රජු නගර අලංකාර කරවීය. ඇත්ගොව්වා බෝධිසත්ත්‍වයන් කරන ලද සුවඳ පිරිබඩ ඇත්තේ අලංකාර කර සරසන ලද ඇත්හලට පමුණුවා විසිතුරු තිරයෙන් වටකොට රජුට දැන්වීය. රජු නොයෙක් අග්‍රරස ඇති භෝජන රැගෙන බෝසතුන්ට යැවීය. ඔහු මව හැර ගොදුරු නොගන්නෙමියි ආහාර නොගත්තේය. ඉක්බිති ඔහුගෙන් යදින්නා වූ රජු තෙවන ගාථාව කීවේය.

“ගණ‍්හාහි නාග කබළං, මා නාග කිසකො භව; බහූනි රාජකිච‍්චානි, තානි නාග කරිස‍්සසී”ති.

3. ඇතුනි, ආහාර ගනුව. ඇතුනි, කෙට්ටු නොවෙව. ඇතුනි, ඇතුන් විසින් යමක් කරන්නෙහිද රාජකාරි බොහෝ ඇත.

තං සුත්‍වා බොධිසත‍්තො චතුත්‍ථං ගාථමාහ –

ඒ අසා බෝධිසත්ත්ව තෙමේ සිව්වන ගාථාව කීවේය.

“සා නූනසා කපණිකා, අන්‍ධා අපරිණායිකා; ඛාණුං පාදෙන ඝට‍්ටෙති, ගිරිං චණ‍්ඩොරණං පතී”ති.

4. ඒකාන්තයෙන් දිළිඳු වූ, අන්ධ වූ, අසරණ වූ ඇය (මගේ මව් ඇතින්නිය) චණ්ඩොරණ පර්වතයෙහි දැවකණු පයින් ගටනේයයි සිතමි.

තත්‍ථ සා නූනසාති මහාරාජ, නූන සා එසා. කපණිකාති පුත‍්තවියොගෙන කපණා. ඛාණුන‍්ති තත්‍ථ තත්‍ථ පතිතං රුක‍්ඛකලිඞ‍්ගරං. ඝට‍්ටෙතීති පරිදෙවමානා තත්‍ථ තත්‍ථ පාදෙන පොථෙන‍්තී නූන පාදෙන හනති . ගිරිං චණ‍්ඩොරණං පතීති චණ‍්ඩොරණපබ‍්බතාභිමුඛී, පබ‍්බතපාදෙ පරිප‍්ඵන්‍දමානාති අත්‍ථො.

එහි සා නූන සා යනු මහරජ, ඒකාන්තයෙන් ඒ මේ ඇතිනිය. කපණියා යනු පුත්‍රයාගෙන් වෙන්වීමෙන් බැගෑපත් වූ ඛාණු යනු ඒ ඒ තැන වැටුන ලී කොට ය. ඝට්ටෙති යනු වැලපෙනු ලබන්නී ඒ ඒ තැන පාදයෙන් තලන්නී ගිරිං චණ්ඩොරණම්පති යනු චණ්ඩොරණ පර්වතයම අභිමුඛ වූවා පර්වත පාමුල කම්පාවන්නී යන අර්ථය.

අථ නං පුච‍්ඡන‍්තො රාජා පඤ‍්චමං ගාථමාහ –

ඉක්බිති රජු ඔහුගෙන් විමසන්නේ පස්වන ගාථාව කීය.

“කා නු තෙ සා මහානාග, අන්‍ධා අපරිණායිකා; ඛාණුං පාදෙන ඝට‍්ටෙති, ගිරිං චණ‍්ඩොරණං පතී”ති.

5. මහඇතුනි, අන්ධ වූ, පිළිසරණක් නැති කවර වූ තැනැත්තියක් චණ්ඩොරණ පර්වතයෙහි දැවකණු පයින් ගටයිද?

බොධිසත‍්තො ඡට‍්ඨං ගාථමාහ –

බෝධිසත්ත්‍ව තෙමේ සයවන ගාථාව කීවේය.

“මාතා මෙ සා මහාරාජ, අන්‍ධා අපරිණායිකා; ඛාණුං පාදෙන ඝට‍්ටෙති, ගිරිං චණ‍්ඩොරණං පතී”ති.

6. මහරජතුමනි, අන්ධ වූ අසරණ වූ මගේ මව වූ ඇය චණ්ඩොරණ පර්වතයෙහි දැව කණු පයින් ගටන්නීය.

රාජා ඡට‍්ඨගාථාය තමත්‍ථං සුත්‍වා මුඤ‍්චාපෙන‍්තො සත‍්තමං ගාථමාහ –

රජු සවන ගාථාවෙහි ඒ අරුත අසා ඌ මුදවන්නේ සත්වන ගාථාව කීවේය.

“මුඤ‍්චථෙතං මහානාගං, යොයං භරති මාතරං; සමෙතු මාතරා නාගො, සහ සබ‍්බෙහි ඤාතිභී”ති.

7. යමෙක් තම මව පෝෂණය කරයිද ඒ මේ මහ ඇතු මුදව. ඇතා සියළු නෑදෑයන් සමඟද මව හා එක් වේවා!

තත්‍ථ යොයං භරතීති අයං නාගො “අහං, මහාරාජ, අන්‍ධං මාතරං පොසෙමි, මයා විනා මය‍්හං මාතා ජීවිතක‍්ඛයං පාපුණිස‍්සති, තාය විනා මය‍්හං ඉස‍්සරියෙන අත්‍ථො නත්‍ථි, අජ‍්ජ මෙ මාතු ගොචරං අලභන‍්තියා සත‍්තමො දිවසො”ති වදති, තස‍්මා යො අයං මාතරං භරති, එතං මහානාගං ඛිප‍්පං මුඤ‍්චථ. සබ‍්බෙහි ඤාතිභීති සද‍්ධිං එස මාතරා සමෙතු සමාගච‍්ඡතූති.

එහි යොයං භරති යනු මේ ඇතු, මහරජතුමනි, මම අන්ධ වූ මව පෝෂණය කරමි. මා නැතිව මගේ මව ජීවිතක්‍ෂයට පත්වන්නීය. ඇය නැතිව මට සම්පතින් වැඩක් නැත. අද මගේ මව ගොදුරු නොගන්නී සත්වන දවසයයි කියයි. එහෙයින් යම්බඳු වූ මෙතෙම මව පෝෂණය කරයි. මේ මහඇතු වහා මුදව. සබ්බෙහි ඤාාතීහු යනු මොහු මව සමඟ එක්වේවා. හමුවේවා!යි.

අට‍්ඨමනවමා අභිසම‍්බුද‍්ධගාථා හොන‍්ති –

“මුත‍්තො ච බන්‍ධනා නාගො, මුත‍්තමාදාය කුඤ‍්ජරො; මුහුත‍්තං අස‍්සාසයිත්‍වා, අගමා යෙන පබ‍්බතො.

8. කසී රජු විසින් යැවූ, බැම්මෙන් මිදුන ඇතා මොහොතක් විශ්‍රාම ගෙන පර්වතය යම් තැනකද (එහි) ගියේය.

“තතො සො නළිනිං ගන‍්ත්‍වා, සීතං කුඤ‍්ජරසෙවිතං; සොණ‍්ඩායූදකමාහත්‍වා, මාතරං අභිසිඤ‍්චථා”ති.

9. ඉක්බිති හෙතෙම ඇතුන් විසින් සෙවුනා ලද සිසිල් වූ පියුම්විලට ගොස් සොඬින් වතුර ගෙන මවට ඉස්සේය.

සො කිර නාගො බන්‍ධනා මුත‍්තො ථොකං විස‍්සමිත්‍වා රඤ‍්ඤො දසරාජධම‍්මගාථාය ධම‍්මං දෙසෙත්‍වා “අප‍්පමත‍්තො හොහි, මහාරාජා”ති ඔවාදං දත්‍වා මහාජනෙන ගන්‍ධමාලාදීහි පූජියමානො නගරා නික‍්ඛමිත්‍වා තදහෙව තං පදුමසරං පත්‍වා “මම මාතරං ගොචරං ගාහාපෙත්‍වාව සයං ගණ‍්හිස‍්සාමී”ති බහුං භිසමුළාලං ආදාය සොණ‍්ඩපූරං උදකං ගහෙත්‍වා ගුහාලෙණතො නික‍්ඛමිත්‍වා ගුහාද‍්වාරෙ නිසින‍්නාය මාතුයා සන‍්තිකං ගන‍්ත්‍වා සත‍්තාහං නිරාහාරතාය මාතු සරීරස‍්ස ඵස‍්සපටිලාභත්‍ථං උපරි උදකං සිඤ‍්චි, තමත්‍ථං ආවිකරොන‍්තො සත්‍ථා ද‍්වෙ ගාථා අභාසි. බොධිසත‍්තස‍්ස මාතාපි “දෙවො වස‍්සතී”ති සඤ‍්ඤාය තං අක‍්කොසන‍්තී දසමං ගාථමාහ –

ඒ ඇතා බැම්මෙන් මිදුනේ මදක් විවේක ගෙන රජුට දසරාජ ධර්ම ගාථාවෙන් දහම් දෙසා මහරජ, අප්‍රමාද වේවායි අවවාද දී මහජනයා විසින් සුවඳ-මල් ආදියෙන් පුදනු ලබන්නේ නගරයෙන් නික්මී එදවසම පියුම්විලට ගොස් මගේ මව ගොදුරු ගන්වාම තෙමේ ගන්නෙමි යයි බොහෝ නෙළුම් අල ගෙන සොඬ පුරා ජලය ගෙන ගුහා ලෙණෙන් නික්මී ගුහාදොර හුන් මව සමීපයට ගොස් සත්දිනක් ආහාර රහිත බව නිසා ස්පර්ශ ලැබීම පිණිස මවගේ ශරීරය මත්තෙහි ජලය ඉස්සේය. ඒ බව ප්‍රකට කරන්නා වූ ශාස්තෘන් වහන්සේ ගාථා දෙකක් වදාළ සේක. බෝසත් මවද වැස්ස වසින්නේ යයි දැන එයට ආක්‍රොෂ කරන්නේ දසවන ගාථාව කීවාය.

“කොයං අනරියො දෙවො, අකාලෙනපි වස‍්සති; ගතො මෙ අත්‍රජො පුත‍්තො, යො මය‍්හං පරිචාරකො”ති.

10. නොකල්හි වසින්නා වූ මේ නොහොබිනා වැස්ස කුමක්ද? යමෙක් මට උපස්ථායක වීද ඒ මගේ පුතා ගියේය.

තත්‍ථ අත්‍රජොති අත‍්තතො ජාතො.

එහි අත්‍රජ යනු තමා වෙතින් උපන්.

අථ නං සමස‍්සාසෙන‍්තො බොධිසත‍්තො එකාදසමං ගාථමාහ –

ඉක්බිති බෝධිසත්‍ව තෙමේ ඇය අස්වසමින් එකොළොස්වන ගාථාව කීය.

“උට‍්ඨෙහි අම‍්ම කිං සෙසි, ආගතො ත්‍යාහමත්‍රජො; මුත‍්තොම‍්හි කාසිරාජෙන, වෙදෙහෙන යසස‍්සිනා”ති.

11. මෑණියෙනි, නැගිටින්න. කුමක් හෙයින් නිදහිද? ඔබගේ පුතා පැමිණියේය. පිරිස් ඇති නුවණැත්තා වූ කසීරට රජ විසින් මුදන ලද්දේ වෙමි.

තත්‍ථ ආගතො ත්‍යාහන‍්ති ආගතො තෙ අහං. වෙදෙහෙනාති ඤාණසම‍්පන‍්නෙන. යසස‍්සිනාති මහාපරිවාරෙන තෙන රඤ‍්ඤා මඞ‍්ගලහත්‍ථිභාවාය ගහිතොපි අහං මුත‍්තො, ඉදානි තව සන‍්තිකං ආගතො උට‍්ඨෙහි ගොචරං ගණ‍්හාහීති.

එහි අගතො ත්‍යාහං යනු ඒ මම ආවේ වෙමි. වෙදෙහෙන යනු නුවණැති, යසස්සිනා යනු මහත් පිරිවර ඇති ඒ රජු විසින් මංගල ඇතු ලෙසින් ගන්නා ලද්දා වූ මම මුදන ලද්දේ දැන් ඔබ සමීපයට ආවේ වෙමි. නැගී සිටුව. ගොදුරු ගනුවයි කීය.

සා තුට‍්ඨමානසා රඤ‍්ඤො අනුමොදනං කරොන‍්තී ඔසානගාථමාහ –

සතුටු සිත් ඇති ඇය රජුට අනුමෝදනා කරමින් අවසාන ගාථාව කීවාය.

“චිරං ජීවතු සො රාජා, කාසීනං රට‍්ඨවඩ‍්ඪනො; යො මෙ පුත‍්තං පමොචෙසි, සදා වුද‍්ධාපචායික”න‍්ති.

12. හැමදා වැඩිහිටියන්ට සළකන මගේ පුතා යමෙක් නිදහස් කළේද, කසීරට වැසියන්ගේ රට වඩන්නා වූ ඒ රජු දිගුකල් දිනේවා.

තදා රාජා බොධිසත‍්තස‍්ස ගුණෙ පසීදිත්‍වා නළිනියා අවිදූරෙ ගාමං මාපෙත්‍වා බොධිසත‍්තස‍්ස ච මාතු චස‍්ස නිබද‍්ධං වත‍්තං පට‍්ඨපෙසි. අපරභාගෙ බොධිසත‍්තො මාතරි කාලකතාය තස‍්සා සරීරපරිහාරං කත්‍වා කාරණ‍්ඩකඅස‍්සමපදං නාම ගතො. තස‍්මිං පන ඨානෙ හිමවන‍්තතො ඔතරිත්‍වා පඤ‍්චසතා ඉසයො වසිංසු, තං වත‍්තං තෙසං අදාසි. රාජා බොධිසත‍්තස‍්ස සමානරූපං සිලාපටිමං කාරෙත්‍වා මහාසක‍්කාරං පවත‍්තෙසි . සකලජම‍්බුදීපවාසිනො අනුසංවච‍්ඡරං සන‍්නිපතිත්‍වා හත්‍ථිමහං නාම කරිංසු.

රජු බෝසතුන්ගේ ගුණයෙහි පැහැදී පියුම්විල නුදුරෙහි ගමක් ඉදිකොට බෝසතුන්ටද ඔහුගේ මවටද නිරතුරුව බත් වෘති එළවීය. මෑත කාලයෙහි බෝසත් තෙමේ මව කළුරිය කල්හි ඇයගේ සිරුර පෙරහරකොට කරණ්ඩක නම් ආශ්‍රමයට ගියේය. එහි පන්සියයක් තවුසෝ හිමවතින් බැස වාසය කළාහුය. බෝසතුන්ට තැබූ බත් වෘතිය ඔවුන්ට දුන්නේය. රජු බෝධිසත්ත්‍වයන් හා සමාන ගල් පිළිමයක් කරවා මහත් වූ සත්කාර කරවීය. දඹදිව වාසීහු වසරක් පාසා රැස් වී ඇතා වෙනුවෙන් වූ උත්සවය කළාහුය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ මාතුපොසකභික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා රාජා ආනන්‍දො අහොසි, පාපපුරිසො දෙවදත‍්තො, හත්‍ථාචරියො සාරිපුත‍්තො, මාතා හත්‍ථිනී මහාමායා, මාතුපොසකනාගො පන අහමෙව අහොසින‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා සත්‍යයන් ප්‍රකාශ කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි මව පෝෂණය කළ භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල්හි රජු ආනන්‍ද වීය. පවිටු පුරුෂයා දෙව්දත් වීය. හස්ත්‍යචාර්යයා සැරියුත් වීය. ඇතින්නිය මහමායා දේවියයි. මවට උපස්ථාන කළ ඇතා වනාහි මම ම වීමි යයි වදාළ සේක.

මාතුපොසකජාතකවණ‍්ණනා පඨමා.