2. භද්දසාලජාතකවණ්ණනා 465 අට්ඨකථා
2. භද්දසාලජාතකවණ්ණනා (465)
2. භද්දසාල ජාතකය (465)
කා ත්වං සුද්ධෙහි වත්ථෙහීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ඤාතත්ථචරියං ආරබ්භ කථෙසි. සාවත්ථියඤ්හි අනාථපිණ්ඩිකස්ස නිවෙසනෙ පඤ්චන්නං භික්ඛුසතානං නිබද්ධභොජනං පවත්තති, තථා විසාඛාය ච කොසලරඤ්ඤො ච. තත්ථ පන කිඤ්චාපි නානග්ගරසභොජනං දීයති, භික්ඛූනං පනෙත්ථ කොචි විස්සාසිකො නත්ථි, තස්මා භික්ඛූ රාජනිවෙසනෙ න භුඤ්ජන්ති, භත්තං ගහෙත්වා අනාථපිණ්ඩිකස්ස වා විසාඛාය වා අඤ්ඤෙසං වා විස්සාසිකානං ඝරං ගන්ත්වා භුඤ්ජන්ති. රාජා එකදිවසං පණ්ණාකාරං ආහටං “භික්ඛූනං දෙථා”ති භත්තග්ගං පෙසෙත්වා “භත්තග්ගෙ භික්ඛූ නත්ථී”ති වුත්තෙ “කහං ගතා”ති පුච්ඡිත්වා “අත්තනො විස්සාසිකගෙහෙසු නිසීදිත්වා භුඤ්ජන්තී”ති සුත්වා භුත්තපාතරාසො සත්ථු සන්තිකං ගන්ත්වා “භන්තෙ, භොජනං නාම කිං පරම”න්ති පුච්ඡි. විස්සාසපරමං මහාරාජ, කඤ්ජිකමත්තකම්පි විස්සාසිකෙන දින්නං මධුරං හොතීති. භන්තෙ, කෙන පන සද්ධිං භික්ඛූනං විස්සාසො හොතීති? “ඤාතීහි වා සෙක්ඛකුලෙහි වා, මහාරාජා”ති. තතො රාජා චින්තෙසි “එකං සක්යධීතරං ආනෙත්වා අග්ගමහෙසිං කරිස්සාමි, එවං මයා සද්ධිං භික්ඛූනං ඤාතකෙ විය විස්සාසො භවිස්සතී”ති. සො උට්ඨායාසනා අත්තනො නිවෙසනං ගන්ත්වා කපිලවත්ථුං දූතං පෙසෙසි “ධීතරං මෙ දෙථ, අහං තුම්හෙහි සද්ධිං ඤාතිභාවං ඉච්ඡාමී”ති.
කාත්වං සුද්ධෙහි වත්ථෙහි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් ඤාතීන් කෙරෙහි හිතෛශීව හැසිරීම අරභයා දේශනා කළ සේක. සැවැත්නුවර අනේපිඬු සිටුතුමාගේ නිවසෙහි පන්සියයක් භික්ෂූන් වහන්සේලාට නිරතුරුව බොජුන් (පිළියෙල වූයේව) පවතී. විශාඛාවගේද කොසොල් රජුගේද (නිවෙස්වල) එසේමය. එතන්හි යම්කිසි නොයෙක් උතුම් රස බොජුන් දෙයි. මෙහි භික්ෂූන්ට විශ්වාසවන්ත වූවෙක් නැත. එහෙයින් භික්ෂූහු රජමාලිගයෙහි නොවළදත්. බත් ගෙන අනේපිඬු සිටුගේ හෝ විශාකාවගේ හෝ වෙනත් විශවාසවන්තයෙකුගේ හෝ ගෙට ගොස් අනුභව කරත්. රජු එක්දිනක් ගෙනෙන ලද පඬුරු භික්ෂූන්ට දෙවයි දානශාලාවට යවා, දාන ශාලාවෙහි භික්ෂුන් නැතැයි කී කල්හි, කොහි ගියෝදැයි විමසා තමාගේ විශ්වාසවන්තයන්ගේ නිවෙස්වල හිඳ වළදත් යයි අසා, අනුභව කරන ලද උදේ ආහාර ඇත්තේ ශාස්තෘන් වහන්සේ සමීපයට ගොස් ස්වාමීනි, බොජුන් කවරක් නම් උතුම්කොට ඇත්තේදැයි විචාළේය. මහරජතුමනි, විශ්වාසයම උතුම් කොට ඇත්තේය. විශ්වාසවන්තයා විසින් දෙන ලද කැඳ පමණක් වුවද මිහිරි වේ යයි. ස්වාමීනි, කවරෙකු සමග භික්ෂූන්ගේ විශ්වාසය වන්නේදැයි. මහරජතුමනි, නෑදෑයන් සමග හෝ ශෛක්ෂ (රහත් මගඵල හැර සෙසු මාර්ගඵල ලැබූ) කුලයන් සමඟ වේ. ඉක්බිති රජු සිතීය. එක් ශාක්‍යවංශික රජදුවක ගෙන්වා අගමෙහෙසිය කරන්නෙමි. මෙසේ මා සමග භික්ෂූන්ගේ නෑදෑයන් කෙරෙහි මෙන් විශ්වාසය වන්නේ යයි. හෙතෙම අසුනෙන් නැගිට තමාගෙ නිවෙස්නට ගොස් කිඹුල්වත් නුවරට දූතයෙකු යැවීය. මට දුවක් දෙත්වා! මම නුඹලා සමඟ ඤාතීත්වය කැමැත්තෙමියි.
සාකියා දූතවචනං සුත්වා සන්නිපතිත්වා මන්තයිංසු “මයං කොසලරඤ්ඤො ආණාපවත්තිට්ඨානෙ වසාම, සචෙ දාරිකං න දස්සාම, මහන්තං වෙරං භවිස්සති, සචෙ දස්සාම, කුලවංසො නො භිජ්ජිස්සති, කිං නු ඛො කාතබ්බ”න්ති. අථ නෙ මහානාමො ආහ – “මා චින්තයිත්ථ, මම ධීතා වාසභඛත්තියා නාම නාගමුණ්ඩාය නාම දාසියා කුච්ඡිස්මිං නිබ්බත්ති. සා සොළසවස්සුද්දෙසිකා උත්තමරූපධරා සොභග්ගප්පත්තා පිතු වංසෙන ඛත්තියජාතිකා, තමස්ස ‘ඛත්තියකඤ්ඤා’ති පෙසෙස්සාමා”ති. සාකියා “සාධූ”ති සම්පටිච්ඡිත්වා දූතෙ පක්කොසාපෙත්වා “සාධු, දාරිකං දස්සාම, ඉදානෙව නං ගහෙත්වා ගච්ඡථා”ති ආහංසු. දූතා චින්තෙසුං “ඉමෙ සාකියා නාම ජාතිං නිස්සාය අතිමානිනො, ‘සදිසී නො’ති වත්වා අසදිසිම්පි දදෙය්යුං, එතෙහි සද්ධිං එකතො භුඤ්ජමානමෙව ගණ්හිස්සාමා”ති. තෙ එවමාහංසු “මයං ගහෙත්වා ගච්ඡන්තා යා තුම්හෙහි සද්ධිං එකතො භුඤ්ජති, තං ගහෙත්වා ගමිස්සාමා”ති. සාකියා තෙසං නිවාසට්ඨානං දාපෙත්වා “කිං කරිස්සාමා”ති චින්තයිංසු. මහානාමො ආහ – “තුම්හෙ මා චින්තයිත්ථ, අහං උපායං කරිස්සාමි, තුම්හෙ මම භොජනකාලෙ වාසභඛත්තියං අලඞ්කරිත්වා ආනෙත්වා මයා එකස්මිං කබළෙ ගහිතමත්තෙ ‘දෙව, අසුකරාජා පණ්ණං පහිණි, ඉමං තාව සාසනං සුණාථා’ති පණ්ණං දස්සෙය්යාථා”ති. තෙ “සාධූ”ති සම්පටිච්ඡිත්වා තස්මිං භුඤ්ජමානෙ කුමාරිකං අලඞ්කරිංසු.
ශාක්‍යයෝ දූතයාගේ වචනය අසා රැස් වී සාකච්ඡා කළාහුය. අපි කොසොල් රජුගේ අණ පවත්නා තැන වසමු. ඉදින් දැරියක නොදෙමු නම් මහත් වූ වෛරයක් වන්නේය. ඉදින් දෙමු නම් අපගේ කුල පරපුර නැසෙන්නේය. කවරක් නම් කළ යුත්තේදැයි. ඉක්බිති මහානාම ශාක්‍යයා ඔවුන්ට කීවේය. (නහමක්) නොසිතවු. නාගමුණ්ඩා නම් දාසියගේ කුස උපන් සොළොස් වයස් ප්‍රමාණයෙහි සිටි උතුම් රූ දරන්නී වූ සොඳුරු බැවින් අගතැන්පත් පිය පරපුරෙන් ක්ෂත්රියවංශික වූ වාසභ ඛත්තියා නම් මගේ දුවක් වේ. ඒ ක්ෂත්රිය කන්‍යාව ඔහුට යවන්නෙමුයි. ශාක්‍යයෝ මැනවයි පිළිගෙන දූතයන් කැඳවා මැනවි දැරියක දෙන්නෙමු. දැන්ම ඇය ගෙන යව් යයි කීහ. දූතයෝ සිතූහ. මේ ශාක්‍යයෝ ජාතිය නිසා අතිශයින් අහංකාර ඇත්තෝය. සුදුසු තැනැත්තියක යයි අපට කියා නුසුදුසු තැනැත්තියක දෙන්නාහුද විය හැකිය. මොවුන් සමඟ එකට අනුභව කරන්නීම ගනිමුයි. ඔවුහු මෙසේ කීවාහුය. අපි (කන්‍යාවක) ගෙන යන්නමෝ තෙපි සමඟ යම් කන්‍යාවක් එකට අනුභව කරයිද ඇය ගෙන යමුයි. ශාක්‍යයෝ ඔවුන්ට වාසය කිරීම සඳහා ස්ථානයක් දෙවා කුමක් කරමුදැයි සිතූහ. මහානාමී කීවේය. තෙපි නහමක් නොසිතවු. මම උපායක් කරන්නෙමි. තෙපි, මම ආහාර ගන්නා වේලාවෙහි වාසභ ඛත්තියාවන් අලංකාරකොට ගෙනවුත් මා එක් බත්පිඩක් ගත්කල්හි දේවයන් වහන්ස, අසවල් රජු හසුනක් එවීය. පළමුකොට එම හසුන අසව යයි හසුනක් දක්වන්නාහු යයි. ඔවුහු මැනවයි පිළිගෙන ඔහු අනුභව කරන කල්හි කුමාරිය අලංකාර කොට හැන්දවූහ.
මහානාමො “ධීතරං මෙ ආනෙථ, මයා සද්ධිං භුඤ්ජතූ”ති ආහ. අථ නං අලඞ්කරිත්වා තාවදෙව ථොකං පපඤ්චං කත්වා ආනයිංසු. සා “පිතරා සද්ධිං භුඤ්ජිස්සාමී”ති එකපාතියං හත්ථං ඔතාරෙසි. මහානාමොපි තාය සද්ධිං එකපිණ්ඩං ගහෙත්වා මුඛෙ ඨපෙසි. දුතියපිණ්ඩාය හත්ථෙ පසාරිතෙ “දෙව, අසුකරඤ්ඤා පණ්ණං පහිතං, ඉමං තාව සාසනං සුණාථා”ති පණ්ණං උපනාමෙසුං. මහානාමො “අම්ම, ත්වං භුඤ්ජාහී”ති දක්ඛිණහත්ථං පාතියායෙව කත්වා වාමහත්ථෙන ගහෙත්වා පණ්ණං ඔලොකෙසි. තස්ස තං සාසනං උපධාරෙන්තස්සෙව ඉතරා භුඤ්ජි. සො තස්සා භුත්තකාලෙ හත්ථං ධොවිත්වා මුඛං වික්ඛාලෙසි. තං දිස්වා දූතා “නිච්ඡයෙනෙසා එතස්ස ධීතා”ති නිට්ඨමකංසු, න තං අන්තරං ජානිතුං සක්ඛිංසු. මහානාමො මහන්තෙන පරිවාරෙන ධීතරං පෙසෙසි. දූතාපි නං සාවත්ථිං නෙත්වා “අයං කුමාරිකා ජාතිසම්පන්නා මහානාමස්ස ධීතා”ති වදිංසු. රාජා තුස්සිත්වා සකලනගරං අලඞ්කාරාපෙත්වා තං රතනරාසිම්හි ඨපෙත්වා අග්ගමහෙසිට්ඨානෙ අභිසිඤ්චාපෙසි. සා රඤ්ඤො පියා අහොසි මනාපා.
මහානාම තෙමේ මගේ දුව ගෙන එව්. මා සමඟ අනුභව කෙරේවායි කීය. ඉක්බිති ඇය අලංකාරකොට එකෙනෙහිම යයි මදක් ප්‍රමාද කොට ගෙන ආවාහුය. ඇය පියා සමග අනුභව කරන්නෙමියි එකම තලියට අත බහාලීය. මහානාම ශාක්‍යයා ඇය සමග එක් පිඬක් ගෙන මුවෙහි තැබීය. දෙවන පිඬ සඳහා අත දිගුකළ කල්හිම දේවයන් වහන්ස අසවල් නම් රජු විසින් හසුනක් එවන ලදි. මේ හසුන පළමුව අසව යයි හසුන එළවූහ. මහානාම තෙමේ දරුව, ඔබ අනුභව කරවයි දකුණු අත තලියෙහිම කොට වම්අතින් හසුන ගෙන හසුන බැලීය. ඔහුම හසුන විමසනු ලබන කල්හිම අන් තැනැත්තිය අනුභව කළාය. හෙතෙම ඇය අනුභව කළ කල්හි අත සෝදා මුව සේදීය. දූතයෝ නිශ්චිත වශයෙන්ම මැය මොහුගේ ‘දුව’ යි තීරණයට එළඹයාහුය. එහි වෙනස දැනගන්නට නොහැකිවිය. මහානාම තෙමේ මහත් වූ පිරිවර සමග දූව පිටත් කර හැරීය. දූතයෝද ඇය සැවැත්නුවර පමුණුවා මේ කුමරිය උසස් ජාති ඇත්තීය. මහානාම රජුගේ දුව යයි කීහ. රජු සතුටු වී සියළු නගරය අලංකාර කරවා ඇය රුවන් රැසක් මත තබා අගමෙහෙසි තනතුරෙහි අභිෂේක කරවූවාය. ඇය රජුට ප්‍රිය වූවාය. කැමති වූවාය.
අථස්සා න චිරස්සෙව ගබ්භො පතිට්ඨහි. රාජා ගබ්භපරිහාරමදාසි. සා දසමාසච්චයෙන සුවණ්ණවණ්ණං පුත්තං විජායි. අථස්ස නාමග්ගහණදිවසෙ රාජා අත්තනො අය්යකස්ස සන්තිකං පෙසෙසි “සක්යරාජධීතා වාසභඛත්තියා පුත්තං විජායි, කිමස්ස නාමං කරොමා”ති. තං පන සාසනං ගහෙත්වා ගතො අමච්චො ථොකං බධිරධාතුකො, සො ගන්ත්වා රඤ්ඤො අය්යකස්සාරොචෙසි. සො තං සුත්වා “වාසභඛත්තියා පුත්තං අවිජායිත්වාපි සබ්බං ජනං අභිභවති, ඉදානි පන අතිවිය රඤ්ඤො වල්ලභා භවිස්සතී”ති ආහ. සො බධිරඅමච්චො “වල්ලභා”ති වචනං දුස්සුතං සුත්වා “විටටූභො”ති සල්ලක්ඛෙත්වා රාජානං උපගන්ත්වා “දෙව, කුමාරස්ස කිර ‘විටටූභො’ති නාමං කරොථා”ති ආහ. රාජා “පොරාණකං නො කුලදත්තිකං නාමං භවිස්සතී”ති චින්තෙත්වා “විටටූභො”ති නාමං අකාසි. තතො පට්ඨාය කුමාරො කුමාරපරිහාරෙන වඩ්ඪන්තො සත්තවස්සිකකාලෙ අඤ්ඤෙසං කුමාරානං මාතාමහකුලතො හත්ථිරූපකඅස්සරූපකාදීනි ආහරියමානානි දිස්වා මාතරං පුච්ඡි “අම්ම, අඤ්ඤෙසං මාතාමහකුලතො පණ්ණාකාරො ආහරියති, මය්හං කොචි කිඤ්චි න පෙසෙසි, කිං ත්වං නිම්මාතා නිප්පිතාසී”ති? අථ නං සා “තාත, සක්යරාජානො මාතාමහා දූරෙ පන වසන්ති, තෙන තෙ කිඤ්චි න පෙසෙන්තී”ති වත්වා වඤ්චෙසි.
ඉක්බිති නොබෝ කලකින්ම ඇයට ගැබක් පිහිටියේය. රජු ගැබ් ආරක්ෂාව දෙවවීය. ඇය දසමසක් ඇවෑමෙන් රන්වන් පුතෙකු වැදුවාය. ඉක්බිති ඔහුට නම් තබන දිනයේදී රජු තමාගේ මිත්තනිය සමීපයට යැව්වේය. ශාක්‍ය රජදියණිය වූ වාසභ ඛත්තියා පුතෙකු වැදුවාය. ඔහුට කවර නමක් කරන්නෝදැයි. ඒ හසුන ගෙන ගිය ඇමතියා මදක් බිහිරි ස්වරූප ඇත්තේය. ඔහු ගොස් රජුගේ මිත්තනියට දැන්වීය. ඇය එය අසා “වාසභඛත්තියාව පුතෙකු නො ලැබද සියළු (අන්තඃපුර) ජනයා අභිභවනය කළාය. දැන් වනාහි රජුට අතිශයින් විශ්වාසවන්ත වන්නීයයි කීවාය. බිහිරි ඇමතියා, වල්ලභ යන වචනය වැරදි ලෙස අසා ‘විඩූඩභ’ යයි සලකා රජු වෙත එළඹ දේවයන් වහන්ස, කුමාරයාට ‘විඩූඩභ’ යයි නම් කරව් යයි කීහ. රජු අපගේ පැරණි පරපුරට දෙන ලද නමක් වන්නේය යයි සිතා ‘විඩූඩභ’ යයි නම් කළේය. එතැන් පටන් කුමාරයා කුමාර පෙරහරින් (ලීලාවෙන්) වැඩෙන්නේ සත්වයස් කාලයෙහි අන් කුමාරයන්ගේ මවගේ පියාගේ (සීයා) කුලයෙන් ඇත් රූ- අස් රූ ආදිය ගෙනඑනු දැක මවගෙන් විමසීය. මෑණියනි, අන් අයගේ මවගේ පියාගේ කුලයෙන් පඬුරු ගෙන එයි. මට කිසිවෙක් කිසිවක් නො එවයි. කිම ඔබ මව්පියන් නැත්තියකදැයි. ඉක්බිති ඇය ඔහුට කියන්නී. දරුව, ඔබගේ මවගේ පියෝ දුර වසති. එහෙයින් ඔවුහු කිසිවක් නො එවතියි කියා රැවටීය.
පුන සොළසවස්සිකකාලෙ “අම්ම, මාතාමහකුලං පස්සිතුකාමොම්හී”ති වත්වා “අලං තාත, කිං තත්ථ ගන්ත්වා කරිස්සසී”ති වාරියමානොපි පුනප්පුනං යාචි. අථස්ස මාතා “තෙන හි ගච්ඡාහී”ති සම්පටිච්ඡි. සො පිතු ආරොචෙත්වා මහන්තෙන පරිවාරෙන නික්ඛමි. වාසභඛත්තියා පුරෙතරං පණ්ණං පෙසෙසි “අහං ඉධ සුඛං වසාමි, සාමිනො කිඤ්චි අන්තරං මා දස්සයිංසූ”ති. සාකියා විටටූභස්ස ආගමනං ඤත්වා “වන්දිතුං න සක්කා”ති තස්ස දහරදහරෙ කුමාරකෙ ජනපදං පහිණිංසු. කුමාරෙ කපිලවත්ථුං සම්පත්තෙ සාකියා සන්ථාගාරෙ සන්නිපතිංසු. කුමාරො සන්ථාගාරං ගන්ත්වා අට්ඨාසි. අථ නං “අයං තෙ, තාත, මාතාමහො, අයං මාතුලො”ති වදිංසු සො සබ්බෙ වන්දමානො විචරි. සො යාවපිට්ඨියා රුජනප්පමාණා වන්දිත්වා එකම්පි අත්තානං වන්දමානං අදිස්වා “කිං නු ඛො මං වන්දන්තා නත්ථී”ති පුච්ඡි. සාකියා “තාත, තව කනිට්ඨකුමාරා ජනපදං ගතා”ති වත්වා තස්ස මහන්තං සක්කාරං කරිංසු. සො කතිපාහං වසිත්වා මහන්තෙන පරිවාරෙන නික්ඛමි. අථෙකා දාසී සන්ථාගාරෙ තෙන නිසින්නඵලකං “ඉදං වාසභඛත්තියාය දාසියා පුත්තස්ස නිසින්නඵලක”න්ති අක්කොසිත්වා පරිභාසිත්වා ඛීරොදකෙන ධොවි. එකො පුරිසො අත්තනො ආවුධං පමුස්සිත්වා නිවත්තො තං ගණ්හන්තො විටටූභකුමාරස්ස අක්කොසනසද්දං සුත්වා තං අන්තරං පුච්ඡිත්වා “වාසභඛත්තියා දාසියා කුච්ඡිස්මිං මහානාමසක්කස්ස ජාතා”ති ඤත්වා ගන්ත්වා බලකායස්ස කථෙසි. “වාසභඛත්තියා කිර දාසියා ධීතා”ති මහාකොලාහලං අහොසි.
නැවත සොළොස් වයස් කාලයෙහි මෑණියෙනි, මවගේ පියාගේ කුලය දකිනු කැමැත්තේ වෙමියි කීය. දරුව, කම් නැත. එහි කුමක් කරන්නෙහිදැයි වළක්වනු ලබන්නේද නැවත නැවතත් ඉල්ලීය. ඉක්බිති ඔහුගේ මව එසේ නම් යවයි. පිළිගත්තේය. ඔහු පියාට දන්වා මහත් වූ පිරිවර සමග නික්මුණේය. වාසභඛත්තියා කුමරිය පළමුවම මම මෙහි සුවසේ වසමි. ස්වාමීහූ කිසි වෙනසක් නො දක්වන්නාහුයයි හසුනක් යැවීය. ශාක්‍යයෝ විඩූඩභගේ පැමිණීම දැන වැඳීමට නොහැකියයි ඔහුට වඩා ළදරු ළදරු කුමාරයන් ජනපදයට යැවූහ. කුමාරයා කිඹුල්වතට පැමිණි කල්හි ශක්‍යයෝ නගරශාලාවෙහි රැස්වූහ. කුමාරයා නගර ශාලාවට ගොස් සිටියේය. ඉක්බිති ඔහුට දරුව, මේ ඔබගේ මුත්තණුය. මේ මාමායයි කීහ. හෙතෙම සියල්ලන්ට වඳිමින් හැසිරුණේය. ඔහු පිට රිදෙන තෙක් වැඳ තමාට වඳින්නා වූ එකෙකුදු නොදැක කිම? මට වඳින්නා වූ කෙනෙක් නැත්දැයි විචාළේය. දරුව, බාල කුමාරයෝ ජනපදයට (පිටිසර) ගියෝ යයි කියා ඔහුට මහත් වූ සත්කාර කළහ. හෙතෙම දින කීපයක් වාසයකොට මහත් වූ පිරිවර සමඟ නික්මුනේය. ඉක්බිති එක් දාසියක් නගරසභා ශාලාවෙහි ඔහු හුන් අසුන. මේ වාසභඛත්තියා නම් වූ දාසියගේ පුතු හුන් අසුන යයි අපහාස කර කිරිදියෙන් සේදුවාය. එක් පුරුෂයෙක් තමාගේ ආයුධය අමතක වී (ගියේ) පෙරලා පැමිණියේ ඒ ආයුධය ගන්නේ විඩූඪභ කුමාරයාට අපහාස කරන ශබ්දය අසා එම වෙනස අසා වාසභ ඛත්තියා තොමෝ දාසියගේ කුසෙහි මහානාම ශාක්‍යයාට උපන්නේ යයි දැන ගොස් බලසෙනඟට කීවේය. වාසභඛත්තියා වූ කලී දාසියකගේ දුවක යයි මහත් වූ හඬගෑමක් වීය.
කුමාරො තං සුත්වා “එතෙ තාව මම නිසින්නඵලකං ඛීරොදකෙන ධොවන්තු, අහං පන රජ්ජෙ පතිට්ඨිතකාලෙ එතෙසං ගලලොහිතං ගහෙත්වා මම නිසින්නඵලකං ධොවිස්සාමී”ති චිත්තං පට්ඨපෙසි. තස්මිං සාවත්ථිං ගතෙ අමච්චා සබ්බං පවත්තිං රඤ්ඤො ආරොචෙසුං. රාජා “සබ්බෙ මය්හං දාසිධීතරං අදංසූ”ති සාකියානං කුජ්ඣිත්වා වාසභඛත්තියාය ච පුත්තස්ස ච දින්නපරිහාරං අච්ඡින්දිත්වා දාසදාසීහි ලද්ධබ්බපරිහාරමත්තමෙව දාපෙසි. තතො කතිපාහච්චයෙන සත්ථා රාජනිවෙසනං ආගන්ත්වා නිසීදි. රාජා සත්ථාරං වන්දිත්වා “භන්තෙ, තුම්හාකං කිර ඤාතකෙහි දාසිධීතා මය්හං දින්නා, තෙනස්සා අහං සපුත්තාය පරිහාරං අච්ඡින්දිත්වා දාසදාසීහි ලද්ධබ්බපරිහාරමත්තමෙව දාපෙසි”න්ති ආහ. සත්ථා “අයුත්තං, මහාරාජ, සාකියෙහි කතං, දදන්තෙහි නාම සමානජාතිකා දාතබ්බා අස්ස. තං පන මහාරාජ, වදාමි වාසභඛත්තියා ඛත්තියරාජධීතා ඛත්තියස්ස රඤ්ඤො ගෙහෙ අභිසෙකං ලභි, විටටූභොපි ඛත්තියරාජානමෙව පටිච්ච ජාතො, මාතුගොත්තං නාම කිං කරිස්සති, පිතුගොත්තමෙව පමාණන්ති පොරාණකපණ්ඩිතා දලිද්දිත්ථියා කට්ඨහාරිකායපි අග්ගමහෙසිට්ඨානං අදංසු, තස්සා ච කුච්ඡිම්හි ජාතකුමාරො ද්වාදසයොජනිකාය බාරාණසියා රජ්ජං කත්වා කට්ඨවාහනරාජා නාම ජාතො”ති කට්ඨවාහනජාතකං (ජා· 1.1.7) කථෙසි . රාජා සත්ථු ධම්මකථං සුත්වා “පිතුගොත්තමෙව කිර පමාණ”න්ති සුත්වා තුස්සිත්වා මාතාපුත්තානං පකතිපරිහාරමෙව දාපෙසි.
කුමාරයා ඒ අසා මොවුහු මා හුන් අසුන කිරිදියෙන් සෝදත්වා. මම රාජ්‍යයෙහි පිහිටි කල්හි මොවුන්ගේ ගෙල ලේ ගෙන මගේ අසුන සෝදමියි සිත තැබීය. ඔහු සැවැත්නුවරට ගියකල්හි ඇමතියෝ සියළු පුවත රජුට දැන්වූහ. රජු මට දාසියකගේ දුවක් දුන්නේයයි ශාක්‍යයන්ට කිපී වාසභඛත්තියාටද පුතුටද දුන් වරප්‍රසාද සිඳ දාසදාසීන් විසින් ලද යුතු පමණම දෙවීය. ඉන් කීපදිනක් ඇවෑමෙන් ශාස්තෲන් වහන්සේ රජමැදුරට ගොස් හුන් සේක. රජු අවුත් වැඳ ස්වාමීනි, ඔබවහන්සේගේ නෑයන් විසින් මට දාසියකගේ දුවක දෙන ලද්දීය. එහෙයින් මම පුතු සහිත වූ ඇයගේ සියළු වරප්‍රසාද සිඳ දාසදාසීන් විසින් ලද යුතු ප්‍රමාණයම දෙවීමි යයි කීවේය. ශාස්තෲන් වහන්සේ මහරජතුමනි, ශාක්‍යයන් විසින් අයුත්තක් කරන ලදි. (කන්‍යාවක) දෙනු ලබන්නේ සමජාති වූවකම දිය යුතුය. මහරජතුමනි, මැය පිළිබඳව ඔබට මෙසේ කියමි. වාසභ ඛත්තියා ක්ෂත්රිය රාජදුවකි. ක්ෂත්රිය රජෙකුගේ මාලිගයෙහිදී අභිෂේක ලැබුවාය. විඩූඩභද ක්ෂත්රි රජකුම නිසා උපන්නේය. මවගේ ගෝත්‍රය නම් කුමක් කරන්නේද? පියාගේ ගෝත්රයමය ප්‍රමාණයයි. පැරණි පණ්ඩිතයෝ දඬුගෙන යන්නා වූ දිළිඳු ස්ත්‍රියකට අගමෙහෙසි තනතුර දුන්හ. ඇයගේ කුස උපන් කුමාරයා දොළොස් යොදුන් වූ බරණැස්හි රාජ්‍යයට පැමිණ කට්ඨහාරික නම් රජ වූයේයයි කියා කට්ඨහාරි ජාතකය වදාළ සේක. රජු ධර්ම කථා අසා පියාගේ ගෝත්‍රයම ප්‍රමාණයයි සතුටට පත්වී මව හා පුතු යන දෙදෙනාට පළමු වරප්‍රසාදම දෙවීය.
රඤ්ඤො පන බන්ධුලො නාම සෙනාපති මල්ලිකං නාම අත්තනො භරියං වඤ්ඣං “තව කුලඝරමෙව ගච්ඡාහී”ති කුසිනාරමෙව පෙසෙසි. සා “සත්ථාරං දිස්වාව ගමිස්සාමී”ති ජෙතවනං පවිසිත්වා තථාගතං වන්දිත්වා එකමන්තං ඨිතා “කහං ගච්ඡසී”ති ච පුට්ඨා “සාමිකො මෙ, භන්තෙ, කුලඝරං පෙසෙසී”ති වත්වා “කස්මා”ති වුත්තා “වඤ්ඣා අපුත්තිකා, භන්තෙ”ති වත්වා සත්ථාරා “යදි එවං ගමනකිච්චං නත්ථි, නිවත්තාහී”ති වුත්තා තුට්ඨා සත්ථාරං වන්දිත්වා නිවෙසනමෙව පුන අගමාසි. “කස්මා නිවත්තසී”ති පුට්ඨා “දසබලෙන නිවත්තිතාම්හී”ති ආහ. සෙනාපති “දිට්ඨං භවිස්සති තථාගතෙන කාරණ”න්ති ආහ. සා න චිරස්සෙව ගබ්භං පටිලභිත්වා උප්පන්නදොහළා “දොහළො මෙ උප්පන්නො”ති ආරොචෙසි. “කිං දොහළො”ති? “වෙසාලියා නගරෙ ලිච්ඡවිරාජානං අභිසෙකමඞ්ගලපොක්ඛරණිං ඔතරිත්වා න්හත්වා පානීයං පිවිතුකාමාම්හි, සාමී”ති. සෙනාපති “සාධූ”ති වත්වා සහස්සථාමධනුං ගහෙත්වා තං රථං ආරොපෙත්වා සාවත්ථිතො නික්ඛමිත්වා රථං පාජෙන්තො වෙසාලිං පාවිසි.
රජුගේ බන්ධුල නම් සෙනෙවියා මල්ලිකා නම් වූ තම බිරිඳට තී වඳය. ඔබගේම කුලගෙයටම යවයි කුසිනාරාවට යැවීය. ඇය ශාස්තෲන් වහන්සේ දැක යන්නෙමියි ජේතවනයට පිවිස තථාගතයන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නී කොහි යන්නෙහිදැයි විචාරන ලද්දී ස්වාමීනි, මගේ සැමියා කුලගෙට යවයි යයි කීය. කුමක් හෙයින් දැයි කී කල්හි ස්වාමීනි, වඳවූවා පුත්‍රයන් නැතිවූවායි කියා ශාස්තෲන් වහන්සේ විසින් ඉදින් මෙසේ යෑමෙන් වැඩක් නැත. නවතුවයි කීවා සතුටුවූවා. ශාස්තෲන් වහන්සේ වැඳ නිවෙසටම ගියාය. කුමක් හෙයින් පෙරළා පැමිණියෙහිදැයි අසන ලද්දී ස්වාමීනි, බුදුරදුන් විසින් පෙරළා හරවන ලදිමි. සෙනවියා තථාගතයන් වහන්සේ විසින් කරුණ දක්නා ලද්දේ වන්නේ යයි කීවේය. ඇය වැඩිකල් නොගොස්ම ගැබ් ලැබ උපන් දොළදුකක් ඇත්තී මට දොළදුකක් උපන්නේ යයි දැන්වීය. කවර දොළදුකක් දැයි ස්වාමීනි, විශාලා නගරයෙහි සමූහ රජකුලයන්ගේ අභිෂේක මංගල පොකුණට බැස නා පැන් බොනු කැමැත්තී වෙමියි කීවාය. සෙනවියා මැනවයි කියා දහසකට බල ඇති දුන්න ගෙන ඇය රියට නංවා සැවැත්නුවරින් නික්මී රථය මෙහෙයවන්නේ විශාලාවට පිවිසියේය.
තස්මිඤ්ච කාලෙ කොසලරඤ්ඤො බන්ධුලසෙනාපතිනා සද්ධිං එකාචරියකුලෙ උග්ගහිතසිප්පො මහාලි නාම ලිච්ඡවී අන්ධො ලිච්ඡවීනං අත්ථඤ්ච ධම්මඤ්ච අනුසාසන්තො ද්වාරසමීපෙ වසති. සො රථස්ස උම්මාරෙ පටිඝට්ටනසද්දං සුත්වා “බන්ධුලමල්ලස්ස රථපතනසද්දො එසො, අජ්ජ ලිච්ඡවීනං භයං උප්පජ්ජිස්සතී”ති ආහ. පොක්ඛරණියා අන්තො ච බහි ච ආරක්ඛා බලවා, උපරි ලොහජාලං පත්ථටං, සකුණානම්පි ඔකාසො නත්ථි. සෙනාපති පන රථා ඔතරිත්වා ආරක්ඛකෙ ඛග්ගෙන පහරන්තො පලාපෙත්වා ලොහජාලං ඡින්දිත්වා අන්තොපොක්ඛරණියං භරියං ඔතාරෙත්වා න්හාපෙත්වා පායෙත්‍වා සයම්පි න්හත්වා මල්ලිකං රථං ආරොපෙත්වා නගරා නික්ඛමිත්වා ආගතමග්ගෙනෙව පායාසි. ආරක්ඛකා ගන්ත්වා ලිච්ඡවීනං ආරොචෙසුං. ලිච්ඡවිරාජානො කුජ්ඣිත්වා පඤ්ච රථසතානි ආරුය්හ “බන්ධුලමල්ලං ගණ්හිස්සාමා”ති නික්ඛමිංසු. තං පවත්තිං මහාලිස්ස ආරොචෙසුං. මහාලි “මා ගමිත්ථ, සො හි වො සබ්බෙ ඝාතයිස්සතී”ති ආහ. තෙපි “මයං ගමිස්සාමයෙවා”ති වදිංසු. තෙන හි චක්කස්ස යාව නාභිතො පථවිං පවිට්ඨට්ඨානං දිස්වා නිවත්තෙය්යාථ, තතො අනිවත්තන්තා පුරතො අසනිසද්දං විය සුණිස්සථ, තම්හා ඨානා නිවත්තෙය්යාථ, තතො අනිවත්තන්තා තුම්හාකං රථධුරෙසු ඡිද්දං පස්සිස්සථ, තම්හා ඨානා නිවත්තෙය්යාථ, පුරතො මාගමිත්ථාති. තෙ තස්ස වචනෙන අනිවත්තිත්වා තං අනුබන්ධිංසුයෙව.
ඒ කාලයේ කොසොල් රජුද බන්ධුල සෙනවියා ද සමග එක් ගුරු කුලයෙහි උගන්නා ලද ශිල්ප ඇති මහාලී නම් අන්ධ ලිච්ඡවියෙක් ලිච්ඡවීන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශසනා කරන්නේ දොරටුව සමීපයෙහිම වාසය කරයි. හෙතෙම රිය එළිපත්තෙහි ගැටෙන හඬ අසා බන්ධුලමල්ල සෙනවියාගේ රියෙහි ශබ්දය වන අද ලිච්ඡවීන්ට බියක් උපදින්නේ යයි කීය. පොකුණෙහි ඇතුළතත් පිටතත් ආරක්ෂාව බලවත්ය. මත්තෙහි ලෝහමය දැලක් ඇතුරුවේ වෙයි. කුරුල්ලන්ටද අවකාශයක් නැත. සෙනවියා රියෙන් බැස ආරක්ෂකයන්ට කඩුවෙන් ගසමින් පලවා හැර ලෝහමය දැල සිඳ ඇතුල් පොකුණෙහි බිරිඳ නහවා දිය පොවා තමාද නා මල්ලිකාව රියට නංවා නගරයෙන් නික්මී පැමිණි මාර්ගයෙන්ම පිටත්ව ගියේය. ආරක්ෂකයෝ ගොස් ලිච්ඡවීන්ට දැන්වූවාහුය. ඒ ලිචිඡවී රජවරු කිපී පන්සියයක් වූවාහු පන්සියයක් රථයන්ට නැගී බන්ධුලමල්ල ගන්නෙමුයි නික්මුනාහුය. ඒ පුවත මහාලිට දැන්වූවාහුය. මහාලි (කියනුයේ) නොයව්. ඔහු තෙපි සැවොම නසන්නේ යැයි කීවේය. ඔවුහුද අපි යන්නමෝම යයි කීවාහුය. එසේනම් බන්ධුලමල්ලගේ රියසක යම්තාක් නැබෙන් (පොළොවට) පිවිසි තැන (එලෙසට) දැක නවතිවු. එතකින් නොනවතින්නාහු නම් ඉදිරියෙන් හෙණහඬක් වැනි ශබ්දයක් අසන්නාහුද එතැනින් නවතිවු. එතකින් නොනවතින්නාහු තොපලාගේ රිය හිස්වල සිදුරක් දක්නහුද එතැනින් නවතිවුමය. ඉදිරියට නොයවු යි කීය. ඔවුහු ඔහුගේ වචනයෙන් නොනැවතී ඔහු ලුහුබැන්දාහුමය.
මල්ලිකා දිස්වා “රථා, සාමි, පඤ්ඤායන්තී”ති ආහ. තෙන හි එකස්ස රථස්ස විය පඤ්ඤායනකාලෙ මම ආරොචෙය්යාසීති. සා යදා සබ්බෙ එකො විය හුත්වා පඤ්ඤායිංසු, තදා “එකමෙව සාමි රථසීසං පඤ්ඤායතී”ති ආහ. බන්ධුලො “තෙන හි ඉමා රස්මියො ගණ්හාහී”ති තස්සා රස්මියො දත්වා රථෙ ඨිතොව ධනුං ආරොපෙති, රථචක්කං යාව නාභිතො පථවිං පාවිසි, ලිච්ඡවිනො තං ඨානං දිස්වාපි න නිවත්තිංසු. ඉතරො ථොකං ගන්ත්වා ජියං පොථෙසි, අසනිසද්දො විය අහොසි. තෙ තතොපි න නිවත්තිංසු, අනුබන්ධන්තා ගච්ඡන්තෙව. බන්ධුලො රථෙ ඨිතකොව එකං සරං ඛිපි. සො පඤ්චන්නං රථසතානං රථසීසං ඡිද්දං කත්වා පඤ්ච රාජසතානි පරිකරබන්ධනට්ඨානෙ විජ්ඣිත්වා පථවිං පාවිසි. තෙ අත්තනො විද්ධභාවං අජානිත්වා “තිට්ඨ රෙ, තිට්ඨ රෙ”ති වදන්තා අනුබන්ධිංසුයෙව. බන්ධුලො රථං ඨපෙත්වා “තුම්හෙ මතකා, මතකෙහි සද්ධිං මය්හං යුද්ධං නාම නත්ථී”ති ආහ. තෙ “මතකා නාම අම්හාදිසා නෙව හොන්තී”ති වදිංසු. “තෙන හි සබ්බපච්ඡිමස්ස පරිකරං මොචෙථා”ති. තෙ මොචයිංසු. සො මුත්තමත්තෙයෙව මරිත්වා පතිතො. අථ නෙ “සබ්බෙපි තුම්හෙ එවරූපා, අත්තනො ඝරානි ගන්ත්වා සංවිධාතබ්බං සංවිදහිත්වා පුත්තදාරෙ අනුසාසිත්වා සන්නාහං මොචෙථා”ති ආහ. තෙ තථා කත්වා සබ්බෙ ජීවිතක්ඛයං පත්තා.
මල්ලිකා (ඒ බව) දැක ස්වාමීනි, කරත්ත පෙනෙ යයි කීවාය. එසේනම් එක්ම රථයක් ලෙස පෙනෙන කල්හි දන්වවයි කීය. ඇය යම්විටෙක සියළු රිය එකක් මෙන් වී දැක්කේද එවිට ස්වාමීනි, එකම රිය හිසක් පෙනේ යයි කීවාය. බන්ධුල සෙනවියා එසේනම් මේ රැහැන් ගනුවයි ඇයට රැහැන් දී රියෙහි සිටියේ දුන්න නැංවීය. රිය සක නැබ දක්වා පොළොවට පිවිසියේය. ලිච්ඡවීහු ඒ තැන දැකද නොනැවතුනාහුය. අනිකා මදක් ගොස් දුනුදිය අපොළාපීය. හෙණ හඬ වැනි ශබ්දයක් වීය. ලුහුබඳින්නෝ එතැනින් ද නොනැවතුනාහුය. බන්ධුල සෙනවියා යන්නා වූ රථයෙහි සිටියේම එක් හීයක් විද්දේය. ඒ හීය පන්සියයක් රියෙහි රිය හිස සිදුරුකොට පන්සියයක් රජුන් සන්නාහය බඳනා තැනින් (පටිය බඳනා තැන) විද පොළොවට පිවිසියේය. ඔවුහු තමාට විදින ලද බව නොදැන බොල සිටුව. බොල සිටුවයි කියන්නාහු ලුහුබැන්දාමය. බන්ධුල සෙනවියා රිය තබා තෙපි මළෝය. මළවුන් සමඟ මගේ යුද්ධයක් නැතැයි කීය. මළ තැනැත්තෝ අප වැනි වෙත්දැයි (ඇසූහ) එසේනම් සියල්ලන්ට අන්තිම වූවහුගේ සන්නාහය මුදහු යයි කීය. ඔවුහු මිදුවාහුය. ඔහු මිදූ මොහොතින්ම මැරී වැටුනේය. ඉක්බිති තෙපි සියල්ලෝම මෙබඳු වූවෝය. තමාගේ ගෙවලට ගොස් සංවිධානය කටයුතු යමක් වේනම් එය සංවිධානය කර අඹුදරුවන්ට අනුශාසනා කර සන්නාහය මුදව් යයි කීවේය. ඔවුහු එසේ කොට සියල්ලෝම ජීවිතක්ෂයට පත්වූහ.
බන්ධුලොපි මල්ලිකං සාවත්ථිං ආනෙසි. සා සොළසක්ඛත්තුං යමකෙ පුත්තෙ විජායි, සබ්බෙපි සූරා ථාමසම්පන්නා අහෙසුං, සබ්බසිප්පෙ නිප්ඵත්තිං පාපුණිංසු. එකෙකස්සපි පුරිසසහස්සපරිවාරො අහොසි . පිතරා සද්ධිං රාජනිවෙසනං ගච්ඡන්තෙහි තෙහෙව රාජඞ්ගණං පරිපූරි. අථෙකදිවසං විනිච්ඡයෙ කූටඩ්ඩපරාජිතා මනුස්සා බන්ධුලං ආගච්ඡන්තං දිස්වා මහාරවං විරවන්තා විනිච්ඡයඅමච්චානං කූටඩ්ඩකාරණං තස්ස ආරොචෙසුං. සොපි විනිච්ඡයං ගන්ත්වා තං අඩ්ඩං තීරෙත්වා සාමිකමෙව සාමිකං, අස්සාමිකමෙව අස්සාමිකං අකාසි. මහාජනො මහාසද්දෙන සාධුකාරං පවත්තෙසි. රාජා “කිමිද”න්ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා තුස්සිත්වා සබ්බෙපි තෙ අමච්චෙ හාරෙත්වා බන්ධුලස්සෙව විනිච්ඡයං නිය්යාදෙසි. සො තතො පට්ඨාය සම්මා විනිච්ඡිනි. තතො පොරාණකවිනිච්ඡයිකා ලඤ්ජං අලභන්තා අප්පලාභා හුත්වා “බන්ධුලො රජ්ජං පත්ථෙතී”ති රාජකුලෙ පරිභින්දිංසු. රාජා තං කථං ගහෙත්වා චිත්තං නිග්ගහෙතුං නාසක්ඛි, “ඉමස්මිං ඉධෙව ඝාතියමානෙ ගරහා මෙ උප්පජ්ජිස්සතී”ති පුන චින්තෙත්වා “පයුත්තපුරිසෙහි පච්චන්තං පහරාපෙත්වා තෙ පලාපෙත්වා නිවත්තකාලෙ අන්තරාමග්ගෙ පුත්තෙහි සද්ධිං මාරෙතුං වට්ටතී”ති බන්ධුලං පක්කොසාපෙත්වා “පච්චන්තො කිර කුපිතො, තව පුත්තෙහි සද්ධිං ගන්ත්වා චොරෙ ගණ්හාහී”ති පහිණිත්වා “එත්ථෙවස්ස ද්වත්තිංසාය පුත්තෙහි සද්ධිං සීසං ඡින්දිත්වා ආහරථා”ති තෙහි සද්ධිං අඤ්ඤෙපි සමත්ථෙ මහායොධෙ පෙසෙසි. තස්මිං පච්චන්තං ගච්ඡන්තෙයෙව “සෙනාපති කිර ආගච්ඡතී”ති සුත්වාව පයුත්තකචොරා පලායිංසු. සො තං පදෙසං ආවාසාපෙත්වා ජනපදං සණ්ඨපෙත්වා නිවත්ති.
බන්ධුල සෙනවියාද මල්ලිකාව සැවැත් නුවරට ගෙන ආවේය. ඇය සොළොස් වතාවක් නිවුන් දරුවන් වැදුවාය. සියල්ලෝම සූරයෝය. බලසම්පන්නයෝ වූහ. සියළු ශිල්පයන්හි පරතෙරට පත්වූවාහුය. එකෙකාට පුරුෂයන් දහසක පිරිවර වීය. පියා සමග රජමැදුරට යන්නා වූ ඔවුන්ගේ රජමිදුල පිරුනේය. ඉක්බිති එක්දිනයක විනිශ්චයෙහි බොරු නඩුවකින් පැරදුන මිනිස්සු එන්නා වූ බන්ධුල සෙනවියා දැක මහහඬින් කෑගසන්නෝ විනිශ්චයෙහි නිරත ඇමතිවරුන්ගේ බොරු චෝදනා පිළිබඳ කරුණ ඔහුට දැන්වූහ. හෙතෙම විනිශ්චය ශාලාවට ගොස් නඩුව අසා (තීරණය කොට) හිමිකරුම හිමිකරු කළේය. මහජනයා මහා ශබ්දයෙන් සාධුකාර පැවැත්වූහ. රජු මේ කුමක්දැයි විමසා ඒ කරුණ අසා සතුටට පත්වී ඒ සියළු ඇමතියන් නෙරපා බන්ධුල සෙනෙවියාටම නඩු විමසීම පවරා දුන්නේය. ඔහු එතැන් පටන් මනාව විනිශ්චය කළේය. එතැන් පටන් පැරණි විනිශ්චයකරුවෝ අල්ලස් නොලබන්නාහු ලාභයෙන් පිරිහී බන්ධුල සෙනෙවියා රාජ්‍යය ප්‍රාර්ථනා කරයි යයි රජු හා භේද ඇති කළාහුය. රජු ඔවුන්ගේ කථාව පිළිගෙන සතට නිග්‍රහ කරන්නට නොහැකි වීය. මොහු මෙහිදීම නසනු ලබන කල්හි නින්දාවක් උපදින්නේ යයි නැවත සිතා ඔත්තුකරුවන් ලවා පිටිසර ජනපදය මංපහරවා බන්ධුල සෙනෙවියා කැඳවා ප්‍රත්‍යන්ත දේශය කිපියේය. ඔබගේ පුතුන් සමඟ ගොස් සොරුන් ගනුව යයි යවා එහිදීම දෙතිසක් පුත්‍රයන් සමග මොහුගේ හිස සිඳගෙන එව් යයි කියා ඔවුන් සමග වෙනත් දක්ෂ මහා යෝධයන්ද යැවීය. ඔහු ප්‍රත්‍යන්ත දේශයට ගිය කල්හිම සෙනවියා එයි යයි යොදවන ලද සොරු පළා ගියාහුය. හෙතෙම ඒ ප්‍රදේශය සොරුන් නොවස්නා තැනක් බවට පත්කර ජනපදය සන්සිදුවා පෙරළා පැමිණියේය.
අථස්ස නගරතො අවිදූරෙ ඨානෙ තෙ යොධා පුත්තෙහි සද්ධිං සීසං ඡින්දිංසු. තං දිවසං මල්ලිකාය පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං ද්වෙ අග්ගසාවකා නිමන්තිතා හොන්ති. අථස්සා පුබ්බණ්හසමයෙ “සාමිකස්ස තෙ සද්ධිං පුත්තෙහි සීසං ඡින්දිංසූ”ති පණ්ණං ආහරිත්වා අදංසු. සා තං පවත්තිං ඤත්වා කස්සචි කිඤ්චි අවත්වා පණ්ණං උච්ඡඞ්ගෙ කත්වා භික්ඛුසඞ්ඝමෙව පරිවිසි. අථස්සා පරිචාරිකා භික්ඛූනං භත්තං දත්වා සප්පිචාටිං ආහරන්තියො ථෙරානං පුරතො චාටිං භින්දිංසු. ධම්මසෙනාපති “උපාසිකෙ, භෙදනධම්මං භින්නං, න චින්තෙතබ්බ”න්ති ආහ. සා උච්ඡඞ්ගතො පණ්ණං නීහරිත්වා “ද්වත්තිංසපුත්තෙහි සද්ධිං පිතු සීසං ඡින්නන්ති මෙ ඉමං පණ්ණං ආහරිංසු, අහං ඉදං සුත්වාපි න චින්තෙමි, සප්පිචාටියා භින්නාය කිං චින්තෙමි, භන්තෙ”ති ආහ. ධම්මසෙනාපති “අනිමිත්තමනඤ්ඤාත”න්තිආදීනි (සු· නි· 579) වත්වා ධම්මං දෙසෙත්වා උට්ඨායාසනා විහාරං අගමාසි. සාපි ද්වත්තිංස සුණිසායො පක්කොසාපෙත්වා “තුම්හාකං සාමිකා අත්තනො පුරිමකම්මඵලං ලභිංසු, තුම්හෙ මා සොචිත්ථ මා පරිදෙවිත්ථ, රඤ්ඤො උපරි මනොපදොසං මා කරිත්ථා”ති ඔවදි.
ඉක්බිති නගරයෙන් නුදුරු තැනකදී ඒ යෝධයෝ පුතුන්ද සමග ඔහුගේ හිස සිඳූහ. එදවස මල්ලිකාව විසින් පන්සියයක් භික්ෂූන් සමග අග්‍රශ්‍රාවක දෙනම ආරාධනා කරන ලද්දාහු වෙති. ඉක්බිති පෙරවරුයෙහිදීම පුතුන් සමග ඇයගේ සැමියාගේ හිස සිඳින ලද බවට පණිවුඩය ගෙනවිත් දුන්නාහුය. ඇය එම පුවත දැන කිසිවෙකුට කිසිවක් නොකියා හසුන ඉනෙහි තබා භික්ෂු සංඝයාටම වැළඳවූවාය. ඉක්බිති ඇයගේ සේවක ස්ත්‍රීහු භික්ෂූන්ට බත් පිළිගන්වා ගිතෙල් සැළියක් ගෙන එන්නෝ තෙරවරුන්ගේ ඉදිරියේ සැළිය බින්දාහුය. ධර්ම සේනාපති සැරියුත් තෙරණුවෝ බිඳෙනසුළු දෙය බිඳුනේය. (ඒ පිළිබඳව) නොසිතිය යුතු යයි දෙසූහ. ඇය හසුන ඉනෙන් බැහැරට ගෙන දෙතිසක් පුත්‍රයන් සමග පියාගේ හිස සිඳින ලදැයි මට මේ හසුන ගෙන ආවාහුය. මම මෙය අසාද නොසිතුවෙමි. ස්වාමීනි, ගිතෙල් සැළියක් බිඳුන පසු කුමක් නම් සිතන්නෙම්දැයි කීවාය. ධර්මසේනාපති සැරියුත් තෙරණුවෝ අනිමිත්ත මනඤ්ඤාතං ආදී වූ ගාථා කියා ධර්මය දේශනාකොට අසුනෙන් නැගිට විහාරයට වැඩියහ. ඇයද දෙතිසක් ලේලිවරුන් කැඳවා නුඹලාගේ නිරපරාධී වූ සැමියෝ තමාගේ පෙර කරන ලද කර්මයක ප්‍රතිඵල ලැබූහ. තෙපි ශෝක නොකරවු. රජු කෙරෙහිද සිත දූෂණය නොකරව් යයි අවවාද කළාය.
රඤ්ඤො චරපුරිසා තං කථං සුත්වා තෙසං නිද්දොසභාවං රඤ්ඤො කථයිංසු. රාජා සංවෙගප්පත්තො තස්සා නිවෙසනං ගන්ත්වා මල්ලිකඤ්ච සුණිසායො චස්සා ඛමාපෙත්වා මල්ලිකාය වරං අදාසි. සා “ගහිතො මෙ හොතූ”ති වත්වා තස්මිං ගතෙ මතකභත්තං දත්වා න්හත්වා රාජානං උපසඞ්කමිත්වා වන්දිත්වා “දෙව, තුම්හෙහි මෙ වරො දින්නො, මය්හඤ්ච අඤ්ඤෙන අත්ථො නත්ථි, ද්වත්තිංසාය මෙ සුණිසානං මම ච කුලඝරගමනං අනුජානාථා”ති ආහ. රාජා සම්පටිච්ඡි. සා ද්වත්තිංසාය සුණිසානං සකකුලං පෙසෙත්වා සයං කුසිනාරනගරෙ අත්තනො කුලඝරං අගමාසි. රාජා බන්ධුලසෙනාපතිනො භාගිනෙය්යස්ස දීඝකාරායනස්ස නාම සෙනාපතිට්ඨානං අදාසි. සො පන “මාතුලො මෙ ඉමිනා මාරිතො”ති රඤ්ඤො ඔතාරං ගවෙසන්තො විචරති. රාජාපි නිප්පරාධස්ස බන්ධුලස්ස මාරිතකාලතො පට්ඨාය විප්පටිසාරී චිත්තස්සාදං න ලභති, රජ්ජසුඛං නානුභොති.
රජුගේ චරපුරුෂයෝ ඒ කථාව අසා ගොස් ඔවුන්ගේ නිදොස් බව රජුට කීවාහුය. සංවේගයට පත්වූයේ ඇගේ නිවහනට අවුත් මල්ලිකාවද ඇගේ ලේලිවරුන්ද ක්ෂමා කරවා මල්ලිකාවට වරයක් දුන්නේය. ඇය ගත්තක් වේවායි කියා ඔහු ගිය කල්හි මතක බත දී නා රජු වෙත එළඹ දේවයන් වහන්ස, ඔබ විසින් මට වරයක් දෙන ලදි. මටද අනිකකින් වැඩක් නැත. දෙතිසක් වූ මගේ ලේලිවරුන්ගේද මගේද කුලගෙට යෑම අනුදනිවු යි කීය. රජු පිළිගත්තේය. ඇය දෙතිසක් ලේලිවරුන් තම තමාගේ නිවෙස්වලට යවා තමා කුසිනාරා නගරයෙහි තමාගේ කුලගෙට ගියාය. රජු බන්ධුල සේනාපතියාගේ බෑණනුවන් වූ දීඝකාරායන නම් වූවහුට සේනාපති තනතුර දුන්නේය. හෙතෙම මොහු විසින් මගේ මාමණ්ඩිය මරවන ලද්දේ යයි රජුගේ දෝෂයක් සිදුරක් සොයමින් හැසිරෙයි. රජු නිරපරාධී වූ බන්ධුල සෙනවියා මරවන ලද කළ පටන් විපිළසර වූයේ සිතෙහි සතුටක් නො ලබයි. රජසැප අනුභව නොකරයි.
තදා සත්ථා සාකියානං වෙළුං නාම නිගමං උපනිස්සාය විහරති. රාජා තත්ථ ගන්ත්වා ආරාමතො අවිදූරෙ ඛන්ධාවාරං නිවාසෙත්වා “මහන්තෙන පරිවාරෙන සත්ථාරං වන්දිස්සාමා”ති විහාරං ගන්ත්වා පඤ්ච රාජකකුධභණ්ඩානි දීඝකාරායනස්ස දත්වා එකකොව ගන්ධකුටිං පාවිසි. සබ්බං ධම්මචෙතියසුත්තනියාමෙනෙව (ම· නි· 2.364 ආදයො) වෙදිතබ්බං. තස්මිං ගන්ධකුටිං පවිට්ඨෙ දීඝකාරායනො තානි පඤ්ච රාජකකුධභණ්ඩානි ගහෙත්වා විටටූභං රාජානං කත්වා රඤ්ඤො එකං අස්සං එකඤ්ච උපට්ඨානකාරිකං මාතුගාමං නිවත්තෙත්වා සාවත්ථිං අගමාසි. රාජා සත්ථාරා සද්ධිං පියකථං කථෙත්වා නික්ඛන්තො සෙනං අදිස්වා තං මාතුගාමං පුච්ඡිත්වා තං පවත්තිං සුත්වා “අහං භාගිනෙය්‍යං අජාතසත්තුං ආදාය ආගන්ත්වා විටටූභං ගහෙස්සාමී”ති රාජගහනගරං ගච්ඡන්තො විකාලෙ ද්වාරෙසු පිහිතෙසු නගරං පවිසිතුමසක්කොන්තො එකිස්සාය සාලාය නිපජ්ජිත්වා වාතාතපෙන කිලන්තො රත්තිභාගෙ තත්ථෙව කාලමකාසි. විභාතාය රත්තියා “දෙව කොසලනරින්ද, ඉදානි අනාථොසි ජාතො”ති විලපන්තියා තස්සා ඉත්ථියා සද්දං සුත්වා රඤ්ඤො ආරොචෙසුං. සො මාතුලස්ස මහන්තෙන සක්කාරෙන සරීරකිච්චං කාරෙසි.
ශාස්තෲන් වහන්සේ ශාක්‍යයන්ගේ උලුම්ප නම් වූ නියම්ගම ඇසුරුකොට වාසය කරති. රජ එහි ගොස් ආරාමය නුදුරෙහි කඳවුරු බැඳ මහත් වූ පිරිවර සමග ශාස්තෲන් වහන්සේ වඳින්නෙමියි විහාරයට ගොස් රාජ්‍යත්වයේ උපකරණ පස දීඝකාරානයට දී තනිවම ගඳකිළියට පිවිසියේය. සියල්ල ධම්මචේතිය සූත්‍රයෙහි ආ පරිදිම දතයුතුයි. ඔහු ගඳකිළියට පිවිසි කල්හි කාරායණ සෙනවියා ඒ රාජ උපකරණ ගෙන විඩූඩභ කුමාරයා රජු බවට පත්කොට රජුට එක් අශ්වයෙකුද එක් උපස්ථායිකා ස්ත්රියකද නවතා සැවැත්නුවරට ගියේය. රජු ශාස්තෲන් වහන්සේ සමග ප්‍රියකථා කථාකර නික්මුනේ සේනාව නො දැක ඒ ස්ත්‍රිය විමසා ඒ පුවත අසා බෑණනුවන් ගෙන අවුත් විඩූඩභ ගන්නෙමියි නගරයට යන්නේ නොකල්හි දොරටු වැසූ කල්හි නගරයට පැමිණ එක් ශාලාවක වැද හොවා වාතයෙන් හා අවුවෙන් ක්ලාන්ත වූයේ රාත්‍රියෙහි දී එහිම කළුරිය කෙළේය. රැය පහන් වූ කල්හි දේවයන් වහන්ස, කොසොල් රජු අනාථ වූයේ යයි හඬන්නා වූ ඒ ස්ත්‍රියගේ ශබ්දය අසා රජුට දැන්වූවාහු ය. හෙතෙම මියගිය රජුගේ ශරීරකෘත්‍යය මහත් වූ සත්කාර සහිතව කරවීය.
විටටූභොපි රජ්ජං ලභිත්වා තං වෙරං සරිත්වා “සබ්බෙපි සාකියෙ මාරෙස්සාමී”ති මහතියා සෙනාය නික්ඛමි. තං දිවසං සත්ථා පච්චූසසමයෙ ලොකං වොලොකෙන්තො ඤාතිසඞ්ඝස්ස විනාසං දිස්වා “ඤාතිසඞ්ගහං කාතුං වට්ටතී”ති චින්තෙත්වා පුබ්බණ්හසමයෙ පිණ්ඩාය චරිත්වා පිණ්ඩපාතපටික්කන්තො ගන්ධකුටියං සීහසෙය්යං කප්පෙත්වා සායන්හසමයෙ ආකාසෙන ගන්ත්වා කපිලවත්ථුසාමන්තෙ එකස්මිං කබරච්ඡායෙ රුක්ඛමූලෙ නිසීදි. තතො අවිදූරෙ විටටූභස්ස රජ්ජසීමාය අන්තො සන්දච්ඡායො නිග්රොධරුක්ඛො අත්ථි, විටටූභො සත්ථාරං දිස්වා උපසඞ්කමිත්වා වන්දිත්වා “භන්තෙ, කිංකාරණා එවරූපාය උණ්හවෙලාය ඉමස්මිං කබරච්ඡායෙ රුක්ඛමූලෙ නිසීදථ, එතස්මිං සන්දච්ඡායෙ නිග්රොධරුක්ඛමූලෙ නිසීදථ, භන්තෙ”ති වත්වා “හොතු, මහාරාජ, ඤාතකානං ඡායා නාම සීතලා”ති වුත්තෙ “ඤාතකානං රක්ඛණත්ථාය සත්ථා ආගතො භවිස්සතී”ති චින්තෙත්වා සත්ථාරං වන්දිත්වා සාවත්ථිමෙව පච්චාගමි. සත්ථාපි උප්පතිත්වා ජෙතවනමෙව ගතො.
විඩූඩභ ද රාජ්‍යය ලැබ ඒ වෛරය සිහිකර සියළුම ශාක්‍යයන් මරන්නෙමියි මහත් වූ සෙනග සමගින් නික්මුණි. ශාස්තෲන් වහන්සේ එදවස අළුයම් කාලයෙහි ලෝකය බලන සේක් නෑ සමූහයාගේ විනාශය දැක ඤාතීන්ට සංග්‍රහ කිරීමට වටනේයයි සිතා පෙරවරු කාලයෙහි පිණ්ඩපාතයෙහි හැසිරී පිණ්ඩපාතයෙන් ඉවත් වූයේ ගඳකිළියෙහි සිංහසෙය්‍යාව කර සවස් කාලයෙහි අහසින් අවුත් කිඹුල්වත සමීපයෙහි එක් මිශ්‍ර වූ පැහැයෙන් යුත් සෙවන ඇති ගසක් මුල හුන් සේක. ඉන් නුදුරෙහි විඩූඩභගේ රාජ්‍ය සීමාවෙහි මහත් වූ ඝන සෙවන ඇති නුග ගසක් ඇත. විඩූඩභ රජු ශාස්තෲන් වහන්සේ දැක උන්වහන්සේ වෙත එළඹ වැඳ ස්වාමීනි, කවර කරුණක් නිසා මෙබඳු උණුසුම් වේලාවෙහි මේ නන්පැහැ සෙවනැති ගසමුල හුන්නෙහුද? ස්වාමීනි, මේ ඝන වූ සෙවනැති නුග ගසමුල හිඳින්නහු යයි කියා, මහරජ, වේවා! ඤාතීන්ගේ සෙවනද සීතලයයි කී කල්හි නෑදෑයන්ගේ ආරක්ෂාව පිණිස ශාස්තෲන් වහන්සේ පැමිණියේ වන්නේයයි සිතා ශාස්තෲන් වහන්සේ වැඳ සැවැත් නුවරටම පෙරළා ගියේය. ශාස්තෲන් වහන්සේද අහසට පැන නැගී ජේතවනයටම වැඩි සේක.
රාජා සාකියානං දොසං සරිත්වා දුතියං නික්ඛමිත්වා තථෙව සත්ථාරං පස්සිත්වා පුන නිවත්තිත්වා තතියවාරෙ නික්ඛමිත්වා තත්ථෙව සත්ථාරං පස්සිත්වා නිවත්ති. චතුත්ථවාරෙ පන තස්මිං නික්ඛන්තෙ සත්ථා සාකියානං පුබ්බකම්මං ඔලොකෙත්වා තෙසං නදියං විසපක්ඛිපනපාපකම්මස්ස අප්පටිබාහිරභාවං ඤත්වා චතුත්ථවාරෙ න අගමාසි. විටටූභරාජා ඛීරපායකෙ දාරකෙ ආදිං කත්වා සබ්බෙ සාකියෙ ඝාතෙත්වා ගලලොහිතෙන නිසින්නඵලකං ධොවිත්වා පච්චාගමි. සත්ථරි තතියවාරෙ ගමනතො පච්චාගන්ත්වා පුනදිවසෙ පිණ්ඩාය චරිත්වා නිට්ඨාපිතභත්තකිච්චෙ ගන්ධකුටියං පවිසන්තෙ දිසාහි සන්නිපතිතා භික්ඛූ ධම්මසභායං නිසීදිත්වා “ආවුසො, සත්ථා අත්තානං දස්සෙත්වා රාජානං නිවත්තාපෙත්වා ඤාතකෙ මරණභයා මොචෙසි, එවං ඤාතකානං අත්ථචරො සත්ථා”ති භගවතො ගුණකථං කථයිංසු. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව තථාගතො ඤාතකානං අත්ථං චරති, පුබ්බෙපි චරියෙවා”ති වත්වා අතීතං ආහරි.
රජු ශාක්‍යයන්ගේ දෝෂය සිහිකොට දෙවන වරටද තෙවන වරටද නික්මී එපරිද්දෙන්ම ශාස්තෲන් වහන්සේ දැක පෙරළා පැමිණියේය. සිව්වන වාරයෙහි ඔහු නික්මුන කල්හි ශාක්‍යයන්ගේ පෙර කර්මය දැක, ඔවුන් ගංගාවෙහි විෂ හෙලීමෙහි පාපකර්මයේ නොවැළැක්විය හැකි බව දැන සිව්වන වර නොගියේය. විඩුඩභ රජු කිරිබොන දරුවන් ආදී කොට සියළු ශාක්‍යයන් ඝාතනය කර බෙල්ලෙන් වැගිරුන ලෙයින් අසුන සෝදා පෙරළා ගියේය. ශාස්තෲන් වහන්සේ තෙවනවර යෑමෙන් පෙරළා අවුත් දෙවන දවස්හි පිඬු පිණිස හැසිරී නිමවන ලද බත් කිස ඇතිව ගඳකිළියෙහි විවේක ගන්නා කල්හි විවිධ දිශාවන්ගෙන් රැස්වූ භික්ෂූහු දම්සභාවෙහි හිඳ ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ තමා දක්වා රජු නවත්වා නෑයන් මරණ බියෙන් මුදවීය. ශාස්තෲන් වහන්සේ මෙසේ නෑයන්ට වැඩ පිණිස හැසිරුනේ යයි භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කථාව කථා කළාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කවර නම් කථාවකින් හුන්නහුදැයි විමසා මෙනම් වූවක නැයි කී කල්හි මහණෙනි, තථාගතයන් වහන්සේ දැන්ම නෑදෑයන්ගේ වැඩ පිණිස හැසිරෙනුයේ නොවේ. පෙරද හැසුරුනේම යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තො නාම රාජා දස රාජධම්මෙ අකොපෙත්වා ධම්මෙන රජ්ජං කාරෙන්තො එකදිවසං චින්තෙසි “ජම්බුදීපතලෙ රාජානො බහුථම්භෙසු පාසාදෙසු වසන්ති, තස්මා බහූහි ථම්භෙහි පාසාදකරණං නාම අනච්ඡරියං, යංනූනාහං එකථම්භකං පාසාදං කාරෙය්යං, එවං සබ්බරාජූනං අග්ගරාජා භවිස්සාමී”ති. සො වඩ්ඪකී පක්කොසාපෙත්වා “මය්හං සොභග්ගප්පත්තං එකථම්භකං පාසාදං කරොථා”ති ආහ. තෙ “සාධූ”ති සම්පටිච්ඡිත්වා අරඤ්ඤං පවිසිත්වා උජූ මහන්තෙ එකථම්භකපාසාදාරහෙ බහූ රුක්ඛෙ දිස්වා “ඉමෙ රුක්ඛා සන්ති, මග්ගො පන විසමො, න සක්කා ඔතාරෙතුං, රඤ්ඤො ආචික්ඛිස්සාමා”ති චින්තෙත්වා තථා අකංසු. රාජා “කෙනචි උපායෙන සණිකං ඔතාරෙථා”ති වත්වා “දෙව, යෙන කෙනචි උපායෙන න සක්කා”ති වුත්තෙ “තෙන හි මම උය්යානෙ එකං රුක්ඛං උපධාරෙථා”ති ආහ. වඩ්ඪකී උය්යානං ගන්ත්වා එකං සුජාතං උජුකං ගාමනිගමපූජිතං රාජකුලතොපි ලද්ධබලිකම්මං මඞ්ගලසාලරුක්ඛං දිස්වා රඤ්ඤො සන්තිකං ගන්ත්වා තමත්ථං ආරොචෙසුං. රාජා “උය්යානෙ රුක්ඛො නාම මම පටිබද්ධො, ගච්ඡථ භො තං ඡින්දථා”ති ආහ. තෙ “සාධූ”ති සම්පටිච්ඡිත්වා ගන්ධමාලාදිහත්ථා උය්යානං ගන්ත්වා රුක්ඛෙ ගන්ධපඤ්චඞ්ගුලිකං දත්වා සුත්තෙන පරික්ඛිපිත්වා පුප්ඵකණ්ණිකං බන්ධිත්වා දීපං ජාලෙත්වා බලිකම්මං කත්වා “ඉතො සත්තමෙ දිවසෙ ආගන්ත්වා රුක්ඛං ඡින්දිස්සාම, රාජා ඡින්දාපෙති, ඉමස්මිං රුක්ඛෙ නිබ්බත්තදෙවතා අඤ්ඤත්ථ ගච්ඡතු, අම්හාකං දොසො නත්ථී”ති සාවෙසුං.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු දසරාජ ධර්මයන් කඩ නොකොට දැහැමිව රාජ්‍යය කරවන්නේ එක් දිනක් මෙසේ සිතීය. දඹදිව් තලයෙහි බොහෝ රජවරු බොහෝ ටැම් ඇති ප්‍රාසාදයන්හි වාසය කරති. එහෙයින් බොහෝ ටැම් ඇති ප්රාසාදයන් ඉදිකිරීම පුදුමයට කරුණු නොවේ. යම් හෙයකින් මම එක්ටැම් පහයක් ඉදිකරවන්නේ නම් යෙහෙකි. මෙසේ සියළු රජවරුන්ට ප්‍රධාන රජු වන්නෙමියි. හෙතෙම වඩුවකු කැඳවා මට අතිශයින් දැකුම්කළු වූ එක්ටැම් ගෙයක් කරව් යයි කීවේය. ඔවුහු මැනවයි පිළිගෙන වනයට පිවිස සෘජු වූ විශාල වූ එක්ටැම් පහයට සුදුසු බොහෝ ගස් දැක මේ ගස් වෙයි. නමුදු මාර්ගය විෂම වේ. පහළට ගෙනයාමට නොහැකිය. රජුට කියන්නෙමු යයි සිතා එසේ කළාහුය. රජු යම්කිසි උපායකින් වහා පහළට ගෙන එව්යයි කියා දේවයන්වහන්ස, කිසියම් උපායකින් නොහැකි යයි කී කල්හි එසේනම් මගේ උයනෙහි එක් ගසක් සොයා බලව් යයි කීවේය. වඩුවා උයනට ගොස් මනාව වැඩුනු සෘජු වූ ගම්නියම්ගම් විසින් පුදන ලද රජ ගෙදරිනුදු ලබන ලද පූජාවන් ඇති එක් මඟුල් සල්රුකක් දැක රජු සමීපයට ගොස් ඒ බව දැන්වූයේය. රජු උයනේ ගසක් නම් මට අයත් වූවෙකි. යව්. එය කපව් යයි කීවේය. ඔවුහු මැනවයි පිළිගෙන සුවඳ මල් ආදිය ගත් අත් ඇත්තෝ උයනට ගොස් ගස වෙත පසඟුල් දී නූලකින් වටකර මල්කෙමියක් බැඳ පහන් දල්වා පූජාවන් කර මෙයින් සත්වන දවස්හි අවුත් ගස කපන්නෙමු. රජු කප්පවයි මේ ගසෙහි අධිගෘහිත දේවතාවා අන්තැනක යේවා. අපගේ දෝෂයක් නැතැයි ඇස්සවූහ.
අථ තස්මිං නිබ්බත්තො දෙවපුත්තො තං වචනං සුත්වා “නිස්සංසයං ඉමෙ වඩ්ඪකී ඉමං රුක්ඛං ඡින්දිස්සන්ති, විමානං මෙ නස්සිස්සති, විමානපරියන්තිකමෙව ඛො පන මය්හං ජීවිතං, ඉමඤ්ච රක්ඛං පරිවාරෙත්වා ඨිතෙසු තරුණසාලරුක්ඛෙසු නිබ්බත්තානං මම ඤාතිදෙවතානම්පි බහූනි විමානානි නස්සිස්සන්ති. විමානපරියන්තිකමෙව මම ඤාතීනං දෙවතානම්පි ජීවිතං, න ඛො පන මං තථා අත්තනො විනාසො බාධති, යථා ඤාතීනං, තස්මා නෙසං මයා ජීවිතං දාතුං වට්ටතී”ති චින්තෙත්වා අඩ්ඪරත්තසමයෙ දිබ්බාලඞ්කාරපටිමණ්ඩිතො රඤ්ඤො සිරිගබ්භං පවිසිත්වා සකලගබ්භං එකොභාසං කත්වා උස්සිසකපස්සෙ රොදමානො අට්ඨාසි. රාජා තං දිස්වා භීතතසිතො තෙන සද්ධිං සල්ලපන්තො පඨමං ගාථමාහ –
ඉක්බිති එහි අධිගෘහිත දේවපුත්‍රයා ඒ වචනය අසා නිසැකයෙන්ම මේ වඩුවෝ මේ ගස කපන්නෝ ය. මගේ විමානය විනාශ වන්නේ ය. මගේ ජීවිතය ද විමානය කෙළවරකොට ඇත්තේමය. මේ ගස පිරිවරා සිටි තරුණ සල්ගස්වල උපන් මගේ ඤාති දෙවියන්ටද යම්සේ නෑදෑයන්ගේ පෙළීමක් වේද එය විනාශයකි. මවිසින් ඔවුන්ට ජීවිත දානය දෙන්නට වටනේ යයි සිතා මධ්‍යම රාත්‍රී කාලයෙහි දිව්‍යමය අලංකාරයන්ගෙන් සැරසුනේ රජුගේ සිරියහන් ගැබට පිවිස සියළු ගැබ එකළුකොට ඇඳෙහි කොට්ටය තබන පැත්තෙහි හඬමින් සිටියේය. රජු එය දැක බියෙන් තැති ගත්තේ ඔහු සමඟ කථා කරන්නේ පළමු ගාථාව කීවේය.
“කා ත්වං සුද්ධෙහි වත්ථෙහි, අඝෙ වෙහායසං ඨිතා; කෙන ත්යාස්සූනි වත්තන්ති, කුතො තං භයමාගත”න්ති.
කා ත්වං සුද්ධෙහි වත්ථෙහි අඝෙ වෙභාසයං ඨිතා, තෙන ත්යාස්සුනි වත්තන්ති - කුතො තං භයමාග තනති
1. පිරිසිදු වස්ත්රයන්ගෙන් යුතු, අහසෙහි සිටින ඔබ කවරෙක්ද?ඔබ කුමක් හෙයින් කඳුළු වගුරුවයිද? ඔබ වෙත කවරෙකුගෙන් බිය පැමිණියෙහිද?
තත්ථ කා ත්වන්ති නාගයක්ඛසුපණ්ණසක්කාදීසු කා නාම ත්වන්ති පුච්ඡති. වත්ථෙහීති වචනමත්තමෙවෙතං, සබ්බෙපි පන දිබ්බාලඞ්කාරෙ සන්ධායෙවමාහ. අඝෙති අප්පටිඝෙ ආකාසෙ. වෙහායසන්ති තස්සෙව වෙවචනං. කෙන ත්යාස්සූනි වත්තන්තීති කෙන කාරණෙන තව අස්සූනි වත්තන්ති. කුතොති ඤාතිවියොගධනවිනාසාදීනං කිං නිස්සාය තං භයමාගතන්ති පුච්ඡති.
එහි කා ත්වං යනු යක්ෂ, නාග, සුපර්ණක, ශක්‍ර ආදීන් අතර ඔබ කවරෙක්දැයි විමසයි. වත්ථෙහි යනු මේ වචන මාත්‍රයකි. සියළුම දිව්‍යාභරණයන් සඳහාම කීවේය. අඝෙ යනු ගැටීම් නැති අහසෙහි. වේහාසයං යනු එයටම වෙනත් වචනයකි. කෙන ත්යාස්සුනි යනු කවර කරුණකින් තොපගේ කඳුළු පවතිත්ද. කුතො යනු නෑයන්ගෙන් වෙන්වීම ධන විනාශ ආදීන්ගේ කවරක් නිසා ඔබගේ භයමාගතං යනු බිය පැමිණියේ දැයි විමසයි.
තතො දෙවරාජා ද්වෙ ගාථා අභාසි –
ඒ අසා දෙව්රජු ගාථා දෙකක් කීවේය.
“තවෙව දෙව විජිතෙ, භද්දසාලොති මං විදූ; සට්ඨි වස්සසහස්සානි, තිට්ඨතො පූජිතස්ස මෙ.
2. දේවයන් වහන්ස, ඔබගේම රාජ්‍යයෙහි වාසය කරන මා භද්දසාල යයි දනිත්. (මිනිසුන්ගෙන්) පිදුම් ලද මට අවුරුදු සැටදහසක් ඉක්ම ගියේය.
“කාරයන්තා නගරානි, අගාරෙ ච දිසම්පති; විවිධෙ චාපි පාසාදෙ, න මං තෙ අච්චමඤ්ඤිසුං; යථෙව මං තෙ පූජෙසුං, තථෙව ත්වම්පි පූජයා”ති.
3. මහරජතුමනි, නගරයන් ද ගෙවල් ද නොයෙක් ප්රාසාදයන් ද කරවන්නෝ මා ඉක්මවා නොසිතූහ. (නොවෙහෙසූහ) යම් සේ ඔවුහු මා පිදුවාහුද ඔබද එසේම පුදව යි.
තත්ථ තිට්ඨතොති සකලබාරාණසිනගරෙහි චෙව ගාමනිගමෙහි ච තයා ච පූජිතස්ස නිච්චං බලිකම්මඤ්ච සක්කාරඤ්ච ලභන්තස්ස මය්හං ඉමස්මිං උය්යානෙ තිට්ඨන්තස්ස එත්තකො කාලො ගතොති දස්සෙති. නගරානීති නගරපටිසඞ්ඛරණකම්මානි. අගාරෙචාති භූමිගෙහානි. දිසම්පතීති දිසානං පති, මහාරාජ. න මං තෙති තෙ නගරපටිසඞ්ඛරණාදීනි කරොන්තා ඉමස්මිං නගරෙ පොරාණකරාජානො මං නාතිමඤ්ඤිසුං නාතික්කමිංසු න විහෙඨයිංසු, මම නිවාසරුක්ඛං ඡින්දිත්වා අත්තනො කම්මං න කරිංසු, මය්හං පන සක්කාරමෙව කරිංසූති අවච. යථෙවාති තස්මා යථෙව තෙ පොරාණකරාජානො මං පූජයිංසු, එකොපි ඉමං රුක්ඛං න ඡින්දාපෙසි, ත්වඤ්චාපි මං තථෙව පූජය, මා මෙ රුක්ඛං ඡෙදයීති.
එහි තිට්ඨතො යනු සියළු බරණැස් නුවර ඔබගේම යම් නියම්ගම් වැසියන් විසින් ද ඔබ විසින් ද පුදනා ලද්දා වූ නිතර පූජා කටයුතු ද සත්කාර ද ලබන්නා වූ මේ උයනෙහි සිටින්නා වූ මට මෙතෙක් කාලයක් ගියේයයි දක්වයි. නගරානි යනු නගරයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු. අගාරෙ ච යනු බිම පිහිටි ගෙවල්. දිසම්පති දිශාවන්ට අධිපති වූ මහරජතුමනි, න මනෙත යනු ඔවුහු නුවර ප්‍රතිසංස්කරණය කරන්නා වූ මේ නගරයෙහි විසූ පැරණි රජවරු නාතිමඤ්ඤිංසු නො ඉක්මවූහ. නොපෙලූහ. මා වසන්නා වූ ගස කපා තමාගේ කටයුතු නො කළහ. මට සත්කාරම කළාහුය යි කීවේය. යථෙව යනු එහෙයින් යම් පරිද්දකින් පැරණි රජවරු මා පිදුවාහුද එකෙකුද මේ ගස නො කැප්පවීය. ඔබද එසේම මට පූජා කරව. මගේ ගස නො කපහි යි.
තතො රාජා ද්වෙ ගාථා අභාසි –
අනතුරුව රජු ගාථා දෙකක් කීවේය.
“තං ඉවාහං න පස්සාමි, ථූලං කායෙන තෙ දුමං; ආරොහපරිණාහෙන, අභිරූපොසි ජාතියා.
4. ඔබගේ ගස කඳින් මහත් වූයේය. ඇතිවූ තැන් පටන් ආරෝහ පරිනාහ බව නිසා දැකුම්කළු වෙහිය. ඔබගේ මේ ගස වැනි වෙන ගසක් නොදකිමි.
“පාසාදං කාරයිස්සාමි, එකත්ථම්භං මනොරමං; තත්ථ තං උපනෙස්සාමි, චිරං තෙ යක්ඛ ජීවිත”න්ති.
5. දේවතාවනි, මම සිත්කළු එක්ටැම් පහයක් කරවන්නෙමි. ඔබ එහි පමුණුවන්නෙමි. තොප එහි බොහෝකල් ජීවත් වන්නෙහිය.
තත්ථ කායෙනාති පමාණෙන. ඉදං වුත්තං හොති – තව පමාණෙන තං විය ථූලං මහන්තං අඤ්ඤං දුමං න පස්සාමි, ත්වඤ්ඤෙව පන ආරොහපරිණාහෙන සුජාතසඞ්ඛාතාය සමසණ්ඨානඋජුභාවප්පකාරාය ජාතියා ච අභිරූපො සොභග්ගප්පත්තො එකථම්භපාසාදාරහොති. පාසාදන්ති තස්මා තං ඡෙදාපෙත්වා අහං පාසාදං කාරාපෙස්සාමෙව. තත්ථ තන්ති තං පනාහං සම්ම දෙවරාජ, තත්ථ පාසාදෙ උපනෙස්සාමි, සො ත්වං මයා සද්ධිං එකතො වසන්තො අග්ගගන්ධමාලාදීනි ලභන්තො සක්කාරප්පත්තො සුඛං ජීවිස්සසි, නිවාසට්ඨානාභාවෙන මෙ විනාසො භවිස්සතීති මා චින්තයි, චිරං තෙ යක්ඛ ජීවිතං භවිස්සතීති.
එහි කායන යනු ප්‍රමාණයෙන්. මෙය කියන ලද්දේ වෙයි. ප්‍රමාණයෙන් ඔබගේ ඒ ගස මෙන් තර වූ මහත් වූ අන් ගසක් නොදකිමි. ඒ ගසම ආරෝහ පරිනාහ බැවින්ද මනාව හටගත් බැවින්ද මනාව පිහිටි සෘජුබව නිසාද වැඩුන තැන් පටන් දැකුම්කළුය. ඉතා දර්ශනීයය. එක්ටැම් පහයට සුදුසුයයි. පාසාදං යනුයි. එහෙයින් එය කප්පවා මම ප්‍රාසාදයක් කරන්නෙමිමය. තත්ථ තං යනු යහළු දෙව්රජුනි, මම ඔබව ඒ ප්‍රාසාදය වෙත පමුණුවන්නෙමි. ඒ ඔබ මා සමඟ එක්ව වසන්නේ උසස් සුවඳ මල් ආදිය ලබන්නේ සත්කාරයට පාත්‍ර වූයේ සැපසේ ජීවත් වෙහි. වාසස්ථානයක් නොමැති හෙයින් මගේ වැනසීම වන්නේ යයි නොසිතුව. ඔබගේ ජීවිත දිගුකලක් පැවතීම වන්නේයයි.
තං සුත්වා දෙවරාජා ද්වෙ ගාථා අභාසි –
ඒ අසා දෙව්රජු ගාථා දෙකක් කීවේය.
“එවං චිත්තං උදපාදි, සරීරෙන විනාභාවො; පුථුසො මං විකන්තිත්වා, ඛණ්ඩසො අවකන්තථ.
6. මගේ ශරීරය හා බැඳුන භද්දසාල ගස සමග මගේ නැසීම පැතීමේ සිත ඔබට උපන්නේය. මා කඩ කඩ වශයෙන් වෙන්කොට කපා පීඩාවට පත්කරවු.
“අග්ගෙ ච ඡෙත්වා මජ්ඣෙ ච, පච්ඡා මූලම්හි ඡින්දථ; එවං මෙ ඡිජ්ජමානස්ස, න දුක්ඛං මරණං සියා”ති.
7. (ගසෙහි) අගද කපා මැදද කපා පසුව මුල සිඳවු. මෙසේ සිඳිනු ලබන්නා වූ මට මරණය දුකක් නො වන්නේය.
තත්ථ එවං චිත්තං උදපාදීති යදි එවං චිත්තං තව උප්පන්නං. සරීරෙන විනාභාවොති යදි තෙ මම සරීරෙන භද්දසාලරුක්ඛෙන සද්ධිං මම විනාභාවො පත්ථිතො. පුථුසොති බහුධා. විකන්තිත්වාති ඡින්දිත්වා. ඛණ්ඩසොති ඛණ්ඩාඛණ්ඩං කත්වා අවකන්තථ. අග්ගෙ චාති අවකන්තන්තා පන පඨමං අග්ගෙ, තතො මජ්ඣෙ ඡෙත්වා සබ්බපච්ඡා මූලෙ ඡින්දථ. එවඤ්හි මෙ ඡිජ්ජමානස්ස න දුක්ඛං මරණං සියා, සුඛං නු ඛණ්ඩසො භවෙය්‍යාති යාචති.
එහි එවං චිත්තං උදපාදි යනු ඉදින් මෙවැනි සිතක් ඔබට උපන්නේය. සරීරෙන විනා භාවො යනු ඉදින් ඔබ විසින් මගේ සිරුර හා සමාන වූ භද්දසාල ගස සමග මගේ විනාශය පතන ලදි. පුථු සො යනු ඉක්බිති ඔහු නොයෙක් අයුරින්. විකන්තෙත්වා සිඳ. ඛණ්ඩසො යනු කඩ කඩ කොට පීඩාවට පත් කරව්. අග්ගෙවා යනු පීඩාවට පත් කරන්නේ පළමුව අගෙහිද අනතුරුව මැදද සිඳ සියල්ලට පසුව මුල සිඳිවු. මෙසේ සිඳිනු ලබන මට මරණය දුකක් නො වන්නේය. කඩින් කඩ කැපීම සැපයක් වන්නේයයි ඉල්වයි.
තතො රාජා ද්වෙ ගාථා අභාසි –
ඉක්බිති රජු ගාථා දෙකක් කීවේය.
“හත්ථපාදං යථා ඡින්දෙ, කණ්ණනාසඤ්ච ජීවතො; තතො පච්ඡා සිරො ඡින්දෙ, තං දුක්ඛං මරණං සියා.
8. දිවි ඇති කල්හි යම්සේ අත්පා ද, කන් නාසා ද සිඳින්නේද ඉන්පසුව හිස සිඳින්නේද ඒ මරණය දුකක් වන්නේය.
“සුඛං නු ඛණ්ඩසො ඡින්නං, භද්දසාල වනප්පති; කිංහෙතු කිං උපාදාය, ඛණ්ඩසො ඡින්නමිච්ඡසී”ති.
9. වනස්පති වූ භද්දසාල ගස කඩ කඩ කොට කැපීම සැපයක්ද? කවර හේතුවක් නිසා කඩ කඩ කොට කැපීම කැමති වන්නෙහිද?
තත්ථ හත්ථපාදන්ති හත්ථෙ ච පාදෙ ච. තං දුක්ඛන්ති එවං පටිපාටියා ඡිජ්ජන්තස්ස චොරස්ස තං මරණං දුක්ඛං සියා. සුඛං නූති සම්ම භද්දසාල, වජ්ඣප්පත්තා චොරා සුඛෙන මරිතුකාමා සීසච්ඡෙදං යාචන්ති, න ඛණ්ඩසො ඡෙදනං, ත්වං පන එවං යාචසි, තෙන තං පුච්ඡාමි “සුඛං නු ඛණ්ඩසො ඡින්න”න්ති. කිංහෙතූති ඛණ්ඩසො ඡින්නං නාම න සුඛං, කාරණෙන පනෙත්ථ භවිතබ්බන්ති තං පුච්ඡන්තො එවමාහ.
එහි හත්ථපාදං යනු අත්ද, පාදයන්ද තං දුකඛං යනු මෙසේ පිළිවෙලින් සිඳින්නා වූ සොරාට ඒ මරණ දුක වන්නේය. සුඛං නො යනු යහළු භද්දසාලය, වරදට පත් සොරු සැපසේ මැරෙනු කැමැත්තෝ හිස සිඳීම ඉල්වත්. කඩ කඩ කොට කැපීම නොඉල්වත්. ඔබ මෙසේ සිඳීම යදිහි. එහෙයින් ඔබ විමසමි. සුඛං නු ඛණ්ඩසො ජින්නං යයි. කිං හේතු යනු කඩ කඩ කොට සිඳීම නම් සැපයක් නොවේ. මෙහි කරුණකින් විය යුතුයයි එය විමසන්නේ මෙසේ කීය.
අථස්ස ආචික්ඛන්තො භද්දසාලො ද්වෙ ගාථා අභාසි –
ඉක්බිති ඔහුට කියන්නා වූ භද්දසාල ගාථා දෙකක් කීවේය.
“යඤ්ච හෙතුමුපාදාය, හෙතුං ධම්මූපසංහිතං; ඛණ්ඩසො ඡින්නමිච්ඡාමි, මහාරාජ සුණොහි මෙ.
10. මහරජ, හේතුව කරුණු සහිත වේ. යම් හේතුවක් නිසා කඩ කඩ කොට සිඳීම කැමති වෙමිද මා කියන ඒ හේතුව අසව.
“ඤාතී මෙ සුඛසංවද්ධා, මම පස්සෙ නිවාතජා; තෙපිහං උපහිංසෙය්ය, පරෙසං අසුඛොචිත”න්ති.
11. මගේ සමීපයෙහි මගේ රැකවරණය ලද එහෙයින්ම සුවසේ වැඩුන මගේ ඤාතීහු වෙති. මම ඔවුන්ද හිංසාවට ලක් කරන්නෙම් නම් අන්‍යයන්ට දුක් ඇති කිරීමකි.
තත්ථ හෙතුං ධම්මූපසංහිතන්ති මහාරාජ, යං හෙතුසභාවයුත්තමෙව, න හෙතුපතිරූපකං, හෙතුං උපාදාය ආරබ්භ සන්ධායාහං ඛණ්ඩසො ඡින්නමිච්ඡාමි, තං ඔහිතසොතො සුණොහීති අත්ථො. ඤාතී මෙති මම භද්දසාලරුක්ඛස්ස ඡායාය සුඛසංවද්ධා මම පස්සෙ තරුණසාලරුක්ඛෙසු නිබ්බත්තා මයා කතවාතපරිත්තාණත්තා නිවාතජා මම ඤාතකා දෙවසඞ්ඝා අත්ථි, තෙ අහං විසාලසාඛවිටපො මූලෙ ඡින්දිත්වා පතන්තො උපහිංසෙය්යං, සංභග්ගවිමානෙ කරොන්තො විනාසෙය්යන්ති අත්ථො. පරෙසං අසුඛොචිතන්ති එවං සන්තෙ මයා තෙසං පරෙසං ඤාතිදෙවසඞ්ඝානං අසුඛං දුක්ඛං ඔචිතං වඩ්ඪිතං, න චාහං තෙසං දුක්ඛකාමො, තස්මා භද්දසාලං ඛණ්ඩසො ඛණ්ඩසො ඡින්දාපෙමීති අයමෙත්ථාධිප්පායො.
එහි හෙතුං ධම්මූපසංහිතං යනු මහරජතුමනි, යම් හේතුවක් වේද එය ඊටම සුදුසු කරුණු මත වේ. හේතුවට සුදුසු නොවන කරුණක් නිසා නොවේ. හේතුව අරමුණු කොට ඛණ්ඩසො ජින්න මිච්ඡාමි යි කීවෙමි. එය යොමුකරන ලද කන් ඇතිව අසව යන අර්ථයි. ඤාති මෙ යනු මගේ භද්දසාල ගසේ ඡායාවෙහි සුවසේ වැඩුනා වූ. මම පස්සෙ - මා සමීපයෙහි තරුණ සල් ගස්වල අධිගෘහිත වූ, මා විසින් සුළඟින් ආරක්ෂා කරන ලද නිවාතජා - මගේ නෑදෑ වූ දේව සමූහයා ඇත. පැතුරුණු අතුපතර ඇති මා මුලින් සිඳ හෙලන්නේ ඔවුන් හිංසාවට පත්කරන්නේය. නැසුන විමන් ඇත්තවුන් බවට පත් කරන්නේ විනාශ කරන්නේය යන අර්ථයි. පරෙසං අසුඛොචිතං යනු මෙසේ ඇති කල්හි මවිසින් ඒ අන්‍ය වූ නෑ දේව සමූහයාට දුකක් රැස් කළේ වර්ධනය කළේ වෙයි. මම ඔවුන්ට දුක් කැමති වන්නේ නොවෙමි. එහෙයින් භද්දසාල ගස කඩ කඩ කොට සිඳීම කැමති වෙමියි මේ මෙහි අදහසයි.
තං සුත්වා රාජා “ධම්මිකො වතායං, දෙවපුත්තො, අත්තනො විමානවිනාසතොපි ඤාතීනං විමානවිනාසං න ඉච්ඡති, ඤාතීනං අත්ථචරියං චරති, අභයමස්ස දස්සාමී”ති තුස්සිත්වා ඔසානගාථමාහ –
රජු ඒ අසා මේ දේවපුත්‍රයා ඒකාන්තයෙන්ම දැහැමි වූවෙකි. තමාගේ විමානය විනාශ වීමෙනුදු ඤාතීන්ට වැඩදායී වූ හැසිරීමක හැසිරෙයි. මොහුට අභය දෙමියි සතුටු වී අවසාන ගාථාව කීය.
“චෙතෙය්යරූපං චෙතෙසි, භද්දසාල වනප්පති; හිතකාමොසි ඤාතීනං, අභයං සම්ම දම්මි තෙ”ති.
12. වනස්පතියෙකු වූ භද්දසාලය, සිතිය යුත්තක්ම සිතුවෙහිය. නෑදෑයන්ට යහපත කැමැත්තෙහිය. යහළුව, ඔබට අභය දෙමි යි.
තත්ථ චෙතෙය්යරූපං චෙතෙසීති ඤාතීසු මුදුචිත්තතාය චින්තෙන්තො චින්තෙතබ්බයුත්තකමෙව චින්තෙසි. ඡෙදෙය්යරූපං ඡෙදෙසීතිපි පාඨො. තස්සත්ථො – ඛණ්ඩසො ඡින්නමිච්ඡන්තො ඡෙදෙතබ්බයුත්තකමෙව ඡෙදෙසීති. අභයන්ති එතස්මිං තෙ සම්ම, ගුණෙ පසීදිත්වා අභයං දදාමි, න මෙ පාසාදෙනත්ථො, නාහං තං ඡෙදාපෙස්සාමි, ගච්ඡ ඤාතිසඞ්ඝපරිවුතො සක්කතගරුකතො සුඛං ජීවාති ආහ.
එහි චෙතබ්බරූපං චෙතෙසි යනු යහළු භද්දසාලය, ඤාතීන් කෙරෙහි මොලොක් සිත් ඇති හෙයින් සිතන්නේ සිතිය යුත්තක්ම සිතුවෙහිය. ජෙදස්ස රූපං ජෙදෙසි යනුවෙන්ද පෙළ වෙයි. එහි අර්ථය කඩ කඩ වශයෙන් සිඳීම කැමති වන්නේ සිඳිය යුත්තම සිදුවීය යනුයි. අභයං යනු යහළුව, ඔබගේ මේ ගුණයෙහි පැහැදී අභය දෙමි. මට ප්‍රාසාදයෙන් වැඩක් නැත. මම ඒ ගස නොසිඳුවන්නෙමි. යව නෑදෑ සමූහයා පිරිවරන ලද්දේ සත්කාරයන් හා ගරු කිරීම් කරන ලද්දේ සැපසේ ජීවත් වේවායි කීවේය.
දෙවරාජා රඤ්ඤො ධම්මං දෙසෙත්වා අගමාසි. රාජා තස්සොවාදෙ ඨත්වා දානාදීනි පුඤ්ඤානි කත්වා සග්ගපුරං පූරෙසි.
දේවරජු රජුට ධර්මය දේශනාකර ගියේය. රජු ඔහුගේ අවවාදයෙහි සිට දානාදී පිංකම් කර දෙව්ලොව පිරවීය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, භික්ඛවෙ, පුබ්බෙපි තථාගතො ඤාතත්ථචරියං අචරියෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්දො අහොසි, තරුණසාලෙසු නිබ්බත්තදෙවතා බුද්ධපරිසා, භද්දසාලදෙවරාජා පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, තථාගතයන් වහන්සේ මෙසේ පෙරද ඤාතීන්ට වැඩදායී හැසිරීමෙහි හැසිරෙයි යයි වදාරා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි රජු ආනන්ද තෙර වීය. තරුණ සල්ගස්වල උපන් දෙවියෝ බුද්ධ පිරිස වූහ. භද්දදාල දෙව්රජු මම ම වීමි යයි වදාළ සේක.
භද්දසාලජාතකවණ්ණනා දුතියා.