යෙදුමෙන් කියවන්න

2. භද‍්දසාල ජාතකං

1662. කා ත්‍වං සුද‍්ධෙහි වත්‍ථෙහි අඝෙ වෙහාසයං ඨිතා, කෙන ත්‍යාස‍්සූනි වත‍්තන‍්ති කුතො තං භයමාගතං.

1662. පවිත්‍ර වස්ත්‍රවලින් සැරසී අහසේ සිටින තෙපි කවරහු ද? කුමක් හෙයින් කඳුළු වගුරුවහු ද? කුමක් හෙයින් බියපත් වූවහු ද?

1663. තවෙව දෙව විජිතෙ භද‍්දසාලොති මං විදූ, සට‍්ඨිං වස‍්සසහස‍්සානි තිට‍්ඨතො පූජිතස‍්ස මෙ.

1663. දේවයන් වහන්ස, ඔබතුමාගේ රාජ්‍යයේ වාසය කරන, පිදුම් ලද මට අවුරුදු හැටදහසක් ගෙවී ගියේ ය. මා භද්දසාලය යි දත්හ.

1664. කාරයන‍්තා නගරානි අගාරෙ ච දිසම‍්පති, විවිධෙ චාපි පාසාදෙ න මන‍්තෙ අව‍්වමඤ‍්ඤිසුං. යථෙව මං තෙ පූජෙසුං තථෙව ත්‍වම‍්පි පූජය.

1664. මහරජ, පැරැණි රජවරු නගර ද නිවාස ද පහයන් ද කරවන්නෝ මා නො වෙහෙසූහ. යම්සේ ඔහු මා පිදු ද එසේ තෙපි ද මා පුදව.

1665. තව අහං න පස‍්සාමි ථුල‍්ලං කායෙන තෙ දුමං. ආරොහපරිණාහෙන අභිරූපොසි ජාතියා.

1665. පහයට ගැළැපෙන කඳ මහත් වූ අන් රුකක් මම නො දකිමි. වැඩුණු තැන් සිට මනා පෙනුමැති රුක ආරෝහ පරිණාහ සම්පන්න වෙයි.

1666. පාසාදං කාරයිස‍්සාමි එකත්‍ථම‍්භං මනොරමං, තත්‍ථ තං උපනෙස‍්සාමි චිරං තෙ යක‍්ඛ ජීවිතං.

1666. සිත් ගන්නා පෙනුමැති එකස්තම්භ මාළිගාවක් කරවන්නෙමි. තොප එහි පමුණුවන්නෙමි, තෙපි (එහි) බොහෝ කල් ජීවත් වන්නහු ය.

1667. එවං චිත‍්තං උදපාදි සරීරෙන විනාභාවො, පුථුසො මං විකන‍්තෙත්‍වා ඛණ‍්ඩසො අවකන‍්තථ

1667. (මාගේ) ශරීරය වෙන් කරන්නා වූ මෙබඳු සිතක් (තොපට) පහළ විය. (මේ නිසා) මා කඩ කඩ කොට කපන්නාහු ය.

1668. අග‍්ගෙ ච ඡෙත්‍වා මජ‍්ඣෙ ච පච‍්ඡා මූලඤ‍්ච ඡින්‍දථ, එවං මෙ ඡිජ‍්ජමානස‍්ස න දුක‍්ඛං මරණං සියා.

1668. (රුකෙහි) අග ද මැද ද සිඳ පසුව මුල සිඳිවු, මෙලෙස සිඳිනු ලබන (කල) මට මරණය දුක් නො වේ.

1669. හත්‍ථපාදං යථා ඡින්‍දෙ කණ‍්ණනාසඤ‍්ච ජීවිතෙ තතො පච‍්ඡා සිරො ඡින්‍දෙ තං දුක‍්ඛං මරණං සියා.

1669. පණ ඇත්තහුගේ අත්පා කන්නාසා යම්සේ සිඳින්නේ ද ඉනික්බිතී හිස සිඳින්නේ ද (එයින්) මරණය දුක් වන්නේ ය.

1670. සුඛන‍්නු ඛණ‍්ඩසො ඡින‍්නං භද‍්දසාල වනස‍්පති කිං හෙතු කිං උපාදාය ඛණ‍්ඩසො ඡින‍්නමිච‍්ඡසි.

1670. වනස්පති වූ භද්‍රසාල රුක කඩ කඩ වසයෙන් කැපීම සැපයෙක් ද? කඩ කඩ වශයෙන් කැපීම කැමැති වන්නේ කවර කරුණක් නිසා ද?

1671. යඤ‍්ච හෙතුං උපාදාය හෙතු ධම‍්මූපසංහිතං ඛණ‍්ඩසො ඡින‍්නමිච‍්ඡාමි මහාරාජ සුණොහි මෙ.

1671. මහරජ හේතුව කරුණු සහිත වේ. කඩ කඩ වශයෙන් කැපීම රිසි වෙමි. මා කියන හේතුව අසනු මැනැවි.

1672. ඤාතී මෙ සුඛසංවද‍්ධා මම පස‍්සෙ නිවාතජා තෙ’පිහං උපහිංසෙය්‍යං පරෙසං අසුඛොචිතං,

1672. මාගේ රැක වරණය ලැබැ ගස ඇසුරේ සුවසේ වැඩුණු මගේ ඥාතීහු වෙත්. මම අන්‍ය වූ ඒ ඥාතීන්ගේ කඳුළු වගුරුවන ලද්දෙම් වෙමි.

1673. චෙතබ‍්බරූපං චෙතෙසි භද‍්දසාල වනස‍්පති, හිතකාමොසි ඤාතීනං අභයං සම‍්ම දදාමි තෙ’ති.

1673. වනස්පතියකු වූ භද්‍රසාලය, සිතුවමනා දෙයක් සිතුවෙහි ය. නෑයන්ට යහපත කැමැත්තෙහි ය. මිතුර තොපට අභය දෙමි.

2. භද‍්දසාල ජාතකං.

2. භද්දසාල ජාතක යි.