යෙදුමෙන් කියවන්න

3. සමුද‍්දවාණිජ ජාතකං

1674. කසන‍්ති වපන‍්ති තෙ ජනා මනුජා කම‍්මඵලූපජීවිනො, නයිමස‍්ස දීපකස‍්ස භාගිනො ජම‍්බුදීපා ඉදමෙව නො වරං.

1674. දඹදිවැ වෙසෙන ඒ ජනයා සී සාති, වපුරති. කර්‍මානුරූප ව ජීවත් වන මනුෂ්‍යයෝ මේ දූපතේ සැපතට කොටස්කරුවෝ නො වෙති. දඹදිවට වඩා අපට මේ දූපත උතුම් වන්නේ ය.

1675. තිපඤ‍්චරත‍්තූපගමම‍්භි චන්‍දෙ වොගො මහා හොහිති සාගරස‍්ස, උපලාපයං දීපමිමං උළාරං මා වො වධි ගච‍්ඡථ ලෙණමඤ‍්ඤං.

1675. (අද සිට) හඳ පසළොස් රැයක් ඉක්මැ ගිය කලැ සයුරේ (රළ) වේගය වැඩි වෙයි. මේ මහ දූපත යට කරමින් තොප නො නසාවා! රැකවරණැති අන් තැනකට යවු.

1676. න ජාතයං සාගරවාරිවෙගො උප‍්පාටයෙ දීපමිමං උළාරං; තං මෙ නිමිත‍්තෙහි බහූහි දිට‍්ඨං මා භෙථ කිං සොචථ මොදථව‍්හො

1676. මේ සයුරේ ජල වේගය, මේ මහ දූපත යට නො කරයි. බොහෝ නිමිතිවලින් මා එය දැක තිබේ. බය නො වවු. දුක් වනුයේ කුමට ද? සතුටු වවු.

1677. පහූතභක‍්ඛං බහුඅන‍්නපානං පත‍්තත්‍ථ ආවාසමිමං උළාරං: න වො භයං පටිපස‍්සාමි කිඤ‍්චි ආපුත‍්ත පුත‍්තෙහි පමොදථව‍්හො.

1677. කෑ යුතු බොහෝ දේ තිබෙන ආහාරපාන බහුල මේ මහනිවෙසැ සම්පත් ඇත. ඔබට සිදු වන කිසිදු බියෙක් නො පෙනේ. පුතුන්ගේ පුතුන් දක්වා ප්‍රමුදිත වවු.

1678. යො ත්‍වෙවයං දක‍්ඛිණස‍්සං දිසායං ඛෙමන‍්ති පක‍්කොසති තස‍්ස සච‍්චං; න උත‍්තරො වෙදි භයාහයස‍්ස මා භෙථ කිං සොචථ මොදථව‍්හො.

1678. දකුණු දෙසැ සිට යම් දෙවියෙක් ආරක්‍ෂා සහිතය යි කියා ද ඔහුගේ කීම සත්‍ය වේ. උතුරු දෙසෙහි සිටැ බිය උපදී යයි කී බස සත්‍ය නො වේ. බිය නො වවු, දුක් වනුයේ කුමට ද? ප්‍රමුදිත වවු.

1679. යථා ඉමෙ විප‍්පවදන‍්ති යක‍්ඛා එකො භයං සංසති ඛෙමමෙකො තදිඞ‍්ඝ මය‍්හං වචනං සුණාථ; ඛිප‍්පං ලහුං මා විනස‍්සිම‍්හ සබ‍්බෙ

1679. මේ යක්‍ෂයෝ ඔවුනොවුනට විරුද්ධ ව බෙණෙති. එකෙක් බිය සහිත යයි කියයි. එකෙක් බිය රහිත යයි කියයි. එ හෙයින් මගේ කීම අසවු. හැමදෙන වහා නො නැසෙම්හ.

1680. සබ‍්බෙ සමාගම‍්ම කරොම නාවං දොණිං දළ‍්හං සබ‍්බයන‍්තූපපන‍්නං: සචෙ අයං දක‍්ඛිණො සච‍්චමාහ මොඝං පටික‍්කොසති උත‍්තරො අයං.

1680. හැම දෙන එකතු වැ යන්ත්‍රොපකරණ සියල්ල සම්පූර්‍ණ ශක්ති සම්පන්න නැවක් සාදමු. ඉදින් දකුණු දිග දේව පුත්‍රයා සත්‍යයක් කීයේ නම් මේ උතුරු දිග දේව පුත්‍රයා කීයේ හිස් බසෙකි.

1681. සචෙ වනො හොහිති ආපදත්‍ථා ඉමඤ‍්ච දීපං න පරිච‍්චජෙම; සචෙ ච ඛො උත‍්තරො සච‍්චමාහ මොඝං පටික‍්කොසති දක‍්ඛිණො අයං. තමෙව නාවං අභිරුය‍්හ සබ‍්බෙ එවං මයං සොත්‍ථි තාරෙමු පාරං,

1681. අපට ඒ ප්‍රකාශය අවැඩ පිණිස වන්නී ය. මේ දූපත ද අත් නො හරිමු. ඉදින් උතුරුදිග් දෙවියා සත්‍යයක් කීයේ නම්, දකුණුදිග් දෙවියා කීයේ හිස් බසෙකි. හැම දෙන ඒ නැවට නැඟ අපි සුවසේ එතෙරට තරණය කරමු. (එතෙරට යමු.)

1682. න චෙ සුගණ‍්හං පඨමෙන සෙට‍්ඨං කනිට‍්ඨ මාපාථගතං ගහෙත්‍වා යො චීධ මජ‍්ඣං පටිචෙය්‍ය ගණ‍්හති: සචෙ නාරො සෙට‍්ඨමුපෙති ඨානං

1682. ප්‍රථමයා කී දේ ශ්‍රේෂ්ඨ යයි දැඩි ලෙස ගැනීමත්, පශ්චිමයා කී දේ ශ්‍රේෂ්ඨ යයි දැඩි ලෙස ගැනීමත් මනා නො වේ. යමෙක් විමසා සත්‍ය වූවක් නුවණින් ගනී ද, ඒ මනුෂ්‍යයා ඒකාන්තයෙන් උසස් තැනට පැමිණෙයි.

1683. යථාපි තෙ සාගරවාරිමජ‍්ඣෙ සකම‍්මුනා සොත්‍ථිං වහිංසු වාණිජා; අනාගතත්‍ථං පටිවිජ‍්ඣියාන අප‍්පම‍්පි නාච‍්චෙතිස භූරිපඤ‍්ඤො.

1683. මුහුද මැද ඒ වෙළෙන්දෝ තම කර්‍මාන්තය නිසා අභයස්ථානයට සුවසේ පැමිණියෝ ද, එසේ නුවණැත්තේ අනාගත අභිවෘද්ධිය වටහා ගෙන එය ඉක්මවා නො යයි. (ඒ අනුව ක්‍රියා කරයි.)

1684. බාලා ච මොහෙන රසානුගිද‍්ධා අනාගතං අප‍්පටිවිජ‍්ඣියත්‍ථං; පච‍්චුප‍්පන‍්නෙ සීදන‍්ති අත්‍ථජාතෙ සමුද‍්දමජ‍්ඣෙ යථා තෙ මනුස‍්සා.

1684. සයුර මැද නැසුණ ඒ මනුෂ්‍යයන් මෙන්, මෝඩයෝ ද රසයෙහි ඇලී ගිජු වැ අනාගත අභිවෘද්ධිය නො තකා ලද සැපතෙහි මුළාවට පත් වැ තම පිහිට නො ලබන්නෝ වෙත්.

1685. අනාගතං පටිකයිරාථ කිච‍්චං මාමං කිච‍්චං කිච‍්චකාලෙ ව්‍යධෙසි, තං තාදිසං පටිගත කිච‍්චකාරිං න තං කිච‍්චං කිච‍්චකාලෙ ව්‍යධෙති.

1685. ආයත්‍යභිවෘද්ධිය ගෙන දෙන කාර්‍ය්‍ය පළමු ව කටයුත්තේ ය. එ ලෙස කාර්‍ය්‍ය කරන ප්‍රාඥයා, තමාට හිතකර කාර්‍ය්‍යය කරන්නට යෝග්‍ය අවස්ථාව පැමිණි කලැ පළමු වැ කළමනා කාර්‍ය්‍යය පළමුවැ කළ හෙයින් පීඩාවට පත් නො වේ.

3. සමුද‍්දවාණිජ ජාතකං.

3. සමුද්දවාණිජ ජාතක යි.