4. කාමජාතකං
1686. කාමං කාමයමානස‍්ස තස‍්ස චෙ තං සමිජ‍්ඣති, අද‍්ධා පීතිමනො හොති ලද‍්ධා මච‍්චො යදිච‍්ඡති.
1686. ඉදින් වස්තුකාමය පතන ඒ පුඟුලාට එය සමෘද්ධ වී නම් මනුෂ්‍ය තෙම යමක් කැමති වේ නම් එය ලැබැ ඒකාන්තයෙන් ප්‍රීති සිත් ඇත්තෙක් වේ.
1687. කාමං කාමයමානස‍්ස තස‍්ස වෙ තං සමිජ‍්ඣති, තතො නං අපරං කාමෙ ඝම‍්මෙ තණ‍්හංව වින්‍දති.
1687. ඉදින් වස්තුකාමය පතන පුඟුලාට එය සමෘද්ධ වී නම්, ඉක්බිති හේ ග්‍රීෂ්මයෙහි තැවුණහු පැන් පවස මෙන් අනෙක් කාමවස්තූන් විඳිනේ යැ.
1688. ගවංව සිඞ‍්ගිනො සඞ‍්ගං වඩ‍්ඪමානස‍්ස වඩ‍්ඪති, එවං මන්‍දස‍්ස පොසස‍්ස බාලස‍්ස අවිජානතො, භිය්‍යො තණ‍්හා පිපාසා ච වඩ‍්ඪමානස‍්ස වඩ‍්ඪති.
1688. වැඩෙන අඟ ඇති ගවයාගේ සිරුර හා සමග අඟ වැඩෙන්නා සේ මන්‍දබුද්ධික වූ කිසිත් නො දත් වැඩෙන මෝඩ පුරුෂයාගේ ආසාව නමැති පිපාසය ද බොහෝ සෙයින් වැඩේ.
1689. පථව්‍යා සාලියවකං ගවාස‍්සං දාසපොරිසං, දත්‍වාපි නාලමෙකස‍්ස ඉති විද‍්වා සමඤ‍්චරෙ.
1689. පොළොවෙහි සාලියවාදි ධාන්‍ය ද ගවාදි සතුන් ද දාසිදාසයන් ද එක් කෙනකුට දුන්නත් ඔහු එතෙකිනු දු සෑහීමට පත් නොවන බව දැනැ නැණැත්තේ සමචර්‍ය්‍යායෙහි හැසිරෙන්නේ ය:
1690. රාජා පසය‍්හ පඨවිං විජෙත්‍වා සසාගරන‍්තං මහිමාවසන‍්තො; ඔරං සමුද‍්දස‍්ස අතිත‍්තරූපො පාරං සමුද‍්දස‍්සපි පත්‍ථයෙථ.
1690. රජ තෙම බලාත්කාරයෙන් පොළොව දිනා සාගරය සීමා කොට ඇති පොළොවට අධිපති ව වසනුයේ සයුරෙන් මෙතෙර නො සෑහී සයුරෙන් එතෙර ද පතන්නේ ය.
1691. යාව අනුස‍්සරං කාමෙ මනසා තිත‍්ති නාජ‍්ඣගා, තතො නිවත‍්තා පටික‍්කම‍්ම දිස‍්වා, තෙ වෙ තිත‍්තා යෙ පඤ‍්ඤාය තිත‍්තා.
1691. යමෙක් වස්තුකාමයන් සිහි කරන්නේ සිතින් තෘප්තියට නො යේ ද, (සෑහීමක් නො ලබා ද,) කාමාශාවන්ගෙන් මිදෙන ප්‍රතිකර්‍මය දැනැ යම් කෙනෙක් නුවණින් විමසා තෘප්තිමත් වූ නම් ඒකාන්තයෙන් ඔහු මැනැවින් තෘප්ත වූහ.
1692. පඤ‍්ඤාය තිත‍්තිනං සෙට‍්ඨං න සො කාමෙහි තප‍්පති, පඤ‍්ඤාය තිත‍්තං පුරිසං තණ‍්හා න කුරුතෙ වසං.
1692. තෘප්ති අතුරෙන් ප්‍රඥාව නිසා ලබන තෘප්තීය උසස් වේ. හේ කාමාසා නිසා නො තැවේ. තෘෂ්ණා තොමෝ ප්‍රඥාව නිසා තෘප්ත පුරුෂයා වසඟ නො කරයි.
1693. අපචිනෙථෙව කාමානි අප‍්පිච‍්ඡස‍්ස අලොලුපො, සමුද‍්දමත‍්තො පුරිසො න සො කාමෙහි තප‍්පති.
1693. කාමයන්හි ලොල් නො වූ අල්පේච්ඡ පුද්ගලයාගේ කාමාසා නැසෙන්නේ ම ය. (මහත් ප්‍රඥාවෙන් යුත් බැවින්) සමුද්‍රය වැනි වූ ඒ පුරුෂයා (වස්තුකාම ක්ලේශකාම) කාමයන් නිසා නො තැවේ.
1694. රථකාරොව චම‍්මස‍්ස පරීකත‍්තං උපාහනං, යං යං චජති කාමානං තං තං සම‍්පජ‍්ජතෙ සුඛං, සබ‍්බෙඤ‍්ච සුඛමිච‍්ඡෙය්‍ය සබ‍්බෙ කාමෙ පරිච‍්චජෙ.
1694. හම කපමින් වහන් සකස්කරන සම්කරුවකු සේ කාමයන් අතුරෙන් යමක් යමක් හරනේ ද ඒ ඒ (කොටස) සැප එළව යි. ඉදින් පූර්‍ණ සැපත රුස්නේ නම් කාමයන් සියල්ල අත් හරින්නේ ය.
1695. අට‍්ඨ තෙ භාසිතා ගාථා සබ‍්බා හොන‍්ති සහස‍්සියො, පතිගණ‍්හ මහාබ්‍රහ‍්මෙ සාධෙතං තව භාසිතං.
1695. ඔබ විසින් ගාථා අටක් කියන ලද, (ඒ ගාථා) සියල්ල දහස බැගින් වටනේ ය. පූජ්‍ය වූ බමුණ, (මේ අටදහස) පිළිගත මැනැව, ඔබගේ තෙල භාෂිතය මැනැවි.
1696. න මෙ අත්‍ථො සහස‍්සෙහි සතෙහි නහුතෙහි වා, පච‍්ඡිමං භාසතො ගාථං කාමෙ මෙ න රතො මනො.
1696. දහසෙකින් හෝ සියයෙකින් හෝ දසදහසෙකින් හෝ මට වැඩෙක් නැත. පැසුළුගය කියන මගේ සිත කාමයෙහි නො ඇලුණේ ය.
1697. භද‍්දො වතායං මාණවකො සබ‍්බලොකවිදූ මුනි, යො තණ‍්හං දුක‍්ඛජනනිං පරිජානාති පණ‍්ඩිතොති.
1697. මුළුලොව නුවණින් වටහා ගත් මුනි වූ යමෙක් සියලු දුක් උපදවන තෘෂ්ණාව මනාලෙස දනී ද, පණ්ඩිත වූ ඒ මේ මාණවක තෙම ඒකාන්තයෙන් යහපත් වේ.