5. ජනසන්‍ධ ජාතකං
1698. දස ඛලු ඉමානි ඨානානි යානි පුබ‍්බෙ අකාරිත්‍වා, ස පච‍්ඡා මනුතප‍්පති ඉච‍්චාහ රාජා ජනසන්‍ධො.
1698. පළමු වැ කටයුතු මේ කරුණු දහය නො කිරීම නිසා හෙතෙම පසුතැවේ යයි ජනසන්‍ධ රජ තෙමේ මෙසේ කීය.
1699. අලද‍්ධා චිත‍්තං තපති පුබ‍්බෙ අසමුදානිතං න පුබ‍්බෙ ධනමෙසිස‍්සං ඉති පච‍්ඡානුතප‍්පති.
1699. තරුණ කාලයෙහි ධනය රැස් නො කොට ධන රහිත වැ මහලු වියට පත් වැ, (දුකසේ දිවි පවත්වනුයේ) තරුණ කල්හි ධනය රැස් නො කෙළෙමි යි සිතමින් පසුතැවේ.
1700. සක්‍යරූපං පුරෙ සන‍්තං මයා සිප‍්පං න සික‍්ඛිතං, කිච‍්ඡා වුත‍්ති අසිප‍්පස‍්ස ඉති පච‍්ඡානුතප‍්පති.
1700. බාල වියේ ගුරුන් ඇසුරේ උගන්නට හැකියාව තිබිය දී මා ඉගෙනීම නො කරන ලදී. ශිල්ප රහිතයාට දිවි පැවැත්ම දුක් සහිතය යි සිතමින් පසුතැවේ.
1701. කූටවෙදී පුරෙ ආසිං පිසුනො පිට‍්ඨිමංසිකො, චණ‍්ඩො ච ඵරුසො චාසිං ඉති පච‍්ඡානුතප‍්පති.
1701. පෙරැ කූටකම් (තුලාකූට, මානකුටාදිය) දත්තෙකිම් වීමී. කේලාම් කීමි, අල්ලස් ගතිමි, චණ්ඩ පරුෂ වීමි යයි (මරණාසන්නයෙහි) සිතමින් පසුතැවේ.
1702. පාණාතිපාතී පුරෙ ආසිං ලුද‍්දො චාසිං අනාරියො, භූතානං නාවදායිස‍්සං ඉති පච‍්ඡානුතප‍්පති.
1702. පෙරැ පරපණ නැසුයෙමි, පහත් වූ රුදුරුකම් ඇත්තෙක් වීමි, සතුන් කෙරේ කාරුණික පැවැත්ම නැත්තෙකිම් වීමි යි සිතමින් පසුතැවේ.
1703. බහූසු වත සන‍්තීසු අනපාදාසු ඉත්‍ථිසු, පරදාරං අසෙවිස‍්සං ඉති පච‍්ඡානුතප‍්පති.
1703.සරණෙකැ නො ගිය බොහෝ ස්ත්‍රීන් සිටිය දී පරදාරාවන් සේවනය කෙළෙමි යි සිතමින් පසුතැවේ.
1704. බහුම‍්හි වත සන‍්තම‍්හි අන‍්නපානෙ උපට‍්ඨිතෙ, න පුබ‍්බෙ අදදිං දානං ඉති පච‍්ඡානුතප‍්පති.
1704. පෙර බොහෝ ආහාරපාන තිබිය දී පවා දන් නො දුන්නෙමි යි සිතමින් පසුතැවේ.
1705. මාතරං පිතරං වාපි ජිණ‍්ණකෙ ගතයොබ‍්බනෙ, පහූ සන‍්තො න පොසිස‍්සං ඉති පච‍්ඡානුතප‍්පති.
1705. වත්කම තිබිය දී, මහලු වූ දිරාපත් වූ මව හෝ පියා හෝ පෝෂණය නො කෙළෙමි යි සිතමින් පසුතැවේ.
1706. ආචරියමනුසත්‍ථාරං සබ‍්බකාමරසාහරං, පිතරං අතිමඤ‍්ඤිස‍්සං ඉති පච‍්ඡානුතප‍්පති.
1706. ආචාරධර්‍මයන් පුහුණු කරවන ආචාර්‍ය්‍ය වූ, කැමැති සියලු දේ දෙමින් (තමා) පෝෂණය කළ පියාණන්ගේ අවවාද නො පිළිගත්තෙමි යි සිතමින් පසුතැවේ.
1707. සමණෙ බ්‍රාහ‍්මණෙ චාපි සීලවන‍්තෙ බහුස‍්සුතෙ, න පුබ‍්බෙ පයිරුපාසිස‍්සං ඉති පච‍්ඡානුතප‍්පති,
1707. සිල්වත් උගත් මහණබමුණන් පෙර ආශ්‍රය නො කෙළෙමි යි සිතමින් පසුතැවේ.
1708. සාධු හොති තපො චිණ‍්ණො සන‍්තො ච පයිරුපාසිතො, න ච පුබ‍්බෙ තපො චිණෙණා ඉති පච‍්ඡානුතප‍්පති.
1708. පෙරැ ත්‍රිවිධ සුචරිත සඞ්ඛ්‍යාත තපස පුරුදු කිරීම ද සිල්වතුන් ඇසුරු කිරීම ද කළේ නම් යහපත (එය) නො කෙළෙමියි සිතමින් පසුතැවේ.
1709. යො ච එතානි ඨානානි යොනිසො පටිපජ‍්ජති, කරං පුරිසකිච‍්චානි ස පච‍්ඡා නානුතප‍්පතී’ති.
1709. යමෙක් මේ කරුණු නුවණින් විමසා පිළිපදී ද (පුරුෂයන් විසින් කළයුතු ධාර්මික කෘත්‍යයන් කරන හෙයින්) අප්‍රමාද ගුණය ඇති හෙතෙම නො පසුතැවේ.