6. මහාකණ්හ ජාතකං
1710. කණ‍්හො කණ‍්හො ච ඝොරො ච සුක‍්කදාඨො පතාපවා, බද‍්ධො පඤ‍්චහි රජ‍්ජූහි කිං ධීර සුනඛො තව.
1710. ප්‍රාඥය, ඉතා කළු පැහැති බියකරු වූ සුදුදත් ඇති ප්‍රතාපවත් වූ පස් රැහැනකින් බඳනා ලද තොපගේ බල්ලා කුමක් කෙරේ ද?
1711. කායං මිගානං අත්‍ථාය උසීනර භවිස‍්සති, මනුස‍්සානං අනයො හුත්‍වා තදා කණ‍්හො පමොක‍්ඛති.
1711. උසීනර රජතුමනි, මේ බල්ලා මෘගමාංස බුදින්නට ආවේ නො වේ. මනුෂ්‍යමාංස බුදින්නට ආවෙකි. මනුෂ්‍යයන්ගේ විනාශය කරන්නෙක් ව මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1712. පත‍්තහත්‍ථා සමණකා මුණ‍්ඩා සංඝාටිපාරුතා, නඞ‍්ගලෙහි කසිස‍්සන‍්ති තදා කණ‍්හො පමොක‍්ඛති.
1712. පාත්‍රය ගෙන හිස මුඩු කොට සඟළ සිවුර පොරොවා ගත් ශ්‍රමණ ප්‍රතිරූපකයෝ නගුලින් සී සාති. (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එ කලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය,
1713. තපස‍්සිනියො පබ‍්බජිතා මුණ‍්ඩා සංඝාටි පාරුතා, යදා ලොකෙ ගමිස‍්සන‍්ති තදා කණ‍්හො පමොක‍්ඛති.
1713. පැවිදි වූ භික්‍ෂුණීහු හිස මුඩු කොට සඟළ සිවුර පොරොවා ගෙන පස්කම් සුව විඳිමින් හැසිරෙත්. (යම් කලෙකැ මොවුන් මරා මස් කන ලද්දේ ද) එකල මෙතෙම මගේ අතින් මිදෙන්නේ ය.
1714. දීඝුත‍්තරොට‍්ඨා ජටිලා පඞ‍්කදන‍්තා රජස‍්සිරා, ඉණං වොදාය ගච‍්ඡන‍්ති තදා කණ‍්හො පමොක‍්ඛති.
1714. උඩුරැවුල වැඩුනා වූ ජටා සහිත වූ මල සහිත දත් ඇති ධූලි සහිත හිස් ඇති තවුසෝ මුදල් පොලී කොට ජීවත් වෙති. (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ, මෙ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1715. අධිච‍්ච වෙදෙ සාවිත‍්තිං යඤ‍්ඤතන‍්ත්‍රඤ‍්ච බ්‍රාහ‍්මණා, භතිකාය යජිස‍්සන‍්ති තදා කණ‍්හො පමොක‍්ඛති.
1715. බමුණෝ වේදය ද සාවිත්‍රිය ද යාග විධි ද හදාරා කුලිය සඳහා යාග කරති. (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1716. මාතරං පිතරං වාපි ජිණ‍්ණකෙ ගතයොබ‍්බනෙ, පහූ සන‍්තා න භරන‍්ති තදා කණ‍්හො පමොක‍්ඛති.
1716. ජරාවටපත් වූ මහලු වූ මව්පියන් වත්කම තිබිය දී (යම් කෙනෙක්) පෝෂණය නො කෙරෙත් ද, (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මෙතෙම මගේ අතින් මිදෙන්නේ ය.
1717. මාතරං පිතරං වාපි ජිණ‍්ණකෙ ගතයොබ‍්බනෙ, බාලා තුම‍්හෙති වක‍්ඛන‍්ති තදා කණ‍්හො පමොක‍්ඛති.
1717. ජරාවට පත් මහලු වූ මව්පියන්ට තෙපි බාලයෝ යැ යි කියත් ද (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1718. ආචරියභරියං සඛාභරියං මාතුලානිං පිතුච‍්ඡයං, යදා ලොකෙ ගමිස‍්සන‍්ති තදා කණ‍්හො පමොක‍්ඛති.
1718. ඇදුරු බිරිඳ, මිතුරු බිරිඳ, මයිලණුවන්ගේ බිරිඳ, සහ පියාගේ සොහොවුරිය යන මොවුන් සමග ලෝකයෙහි ආචාරධර්‍ම විරෝධී ව යම් කෙනෙක් හැසිරෙත් ද (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1719. අසිචම‍්මං ගහෙත්‍වාන ඛග‍්ගං පග‍්ගය‍්හ බ්‍රාහ‍්මණා පන්‍ථඝාතං කරිස‍්සන‍්ති තදා කණ‍්හො පමොක‍්ඛති.
1719. බමුණෝ කඩුව හා පළිහ ගෙන කඩු ඔසොවාගෙන මං පැහැරීම කෙරෙත් ද, (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1720. සුක‍්කච‍්ඡවි වෙධවෙරා ථුල‍්ලබාහු අපාතුභා, මිථුභෙදං කරිස‍්සන‍්ති තදා කණ‍්හො පමොක‍්ඛති.
1720. ආලේපයන්ගෙන් ඡවිවර්‍ණය සකස් කර ගත් ධනවත් වැන්දඹුවන් හා හැසිරෙන ස්ථුල හස්තයන් ඇති ස්ත්‍රී ධූර්‍තයෝ (ඒ වැන්දඹුවන් හා) මිත්‍ර භේදයට පැමිණෙත් ද (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1721. මායාවිනො නෙකතිකා අසප‍්පුරිසචින‍්තකා, යදා ලොකෙ භවිස‍්සන‍්ති තදා කණ‍්හො පමොක‍්ඛතීති.
1721. ලෝකයා රවටන වංචාකාරී දුර්‍ජනයෝ යම් කලෙක ලොවෙහි ඇති වන්නාහු ද, (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.