6. මහාකණ්හජාතකවණ්ණනා 469 අට්ඨකථා
6. මහාකණ්හජාතකවණ්ණනා (469)
6. මහාකණ්හ ජාතකය (469)
කණ්හො කණ්හො චාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො ලොකත්ථචරියං ආරබ්භ කථෙසි. එකදිවසඤ්හි භික්ඛූ ධම්මසභායං නිසීදිත්වා “යාවඤ්චිදං, ආවුසො, සත්ථා බහුජනහිතාය පටිපන්නො අත්තනො ඵාසුවිහාරං පහාය ලොකස්සෙව අත්ථං චරති, පරමාභිසම්බොධිං පත්වා සයං පත්තචීවරමාදාය අට්ඨාරසයොජනමග්ගං ගන්ත්වා පඤ්චවග්ගියත්ථෙරානං ධම්මචක්කං (සං· නි· 5.1081; මහාව· 13 ආදයො; පටි· ම· 2.30) පවත්තෙත්වා පඤ්චමියා පක්ඛස්ස අනත්තලක්ඛණසුත්තං (සං· නි· 3.59; මහාව· 20 ආදයො) කථෙත්වා සබ්බෙසං අරහත්තං අදාසි. උරුවෙලං ගන්ත්වා තෙභාතිකජටිලානං අඩ්ඪුඩ්ඪානි පාටිහාරියසහස්සානි දස්සෙත්වා පබ්බාජෙත්වා ගයාසීසෙ ආදිත්තපරියායං (සං· නි· 4.235; මහාව· 54) කථෙත්වා ජටිලසහස්සානං අරහත්තං අදාසි, මහාකස්සපස්ස තීණි ගාවුතානි පච්චුග්ගමනං ගන්ත්වා තීහි ඔවාදෙහි උපසම්පදං අදාසි. එකො පච්ඡාභත්තං පඤ්චචත්තාලීසයොජනමග්ගං ගන්ත්වා පුක්කුසාතිකුලපුත්තං අනාගාමිඵලෙ පතිට්ඨාපෙසි, මහාකප්පිනස්ස වීසයොජනසතං පච්චුග්ගමනං කත්වා අරහත්තං අදාසි, එකො පච්ඡාභත්තං තිංසයොජනමග්ගං ගන්ත්වා තාව කක්ඛළං ඵරුසං අඞ්ගුලිමාලං අරහත්තෙ පතිට්ඨාපෙසි, තිංසයොජනමග්ගං ගන්ත්වා ආළවකං යක්ඛං සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙත්වා කුමාරස්ස සොත්ථිං අකාසි. තාවතිංසභවනෙ තෙමාසං වසන්තො අසීතියා දෙවතාකොටීනං ධම්මාභිසමයං සම්පාදෙසි, බ්රහ්මලොකං ගන්ත්වා බකබ්රහ්මුනො දිට්ඨිං භින්දිත්වා දසන්නං බ්රහ්මසහස්සානං අරහත්තං අදාසි, අනුසංවච්ඡරං තීසු මණ්ඩලෙසු චාරිකං චරමානො උපනිස්සයසම්පන්නානං මනුස්සානං සරණානි චෙව සීලානිච මග්ගඵලානි ච දෙති, නාගසුපණ්ණාදීනම්පි නානප්පකාරං අත්ථං චරතී”ති දසබලස්ස ලොකත්ථචරියගුණං කථයිංසු. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “අනච්ඡරියං, භික්ඛවෙ, සොහං ඉදානි අභිසම්බොධිං පත්වා ලොකස්ස අත්ථං චරෙය්යං, පුබ්බෙ සරාගකාලෙපි ලොකස්ස අත්ථං අචරි”න්ති වත්වා අතීතං ආහරි.
කණ්හො කණ්හො ච යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජෙතවනයෙහි වාසය කරන සේක් ලෝකාර්ථචර්යාව අරභයා දේශනා කළ සේක. එක දවසක භික්ෂූහු දම්සභාවෙහි හිඳ ඇවැත්නි, යම් පමණ ශාස්තෲන් වහන්සේ බොහෝ ජනයාගේ හිත පිණිස පිළිපන්නේද තමාගේ පහසු විහරණය අතැර ලෝකයාගේම ප්‍රයෝජනය (සඳහා) හැසිරෙත්. උතුම් වූ සම්මා සම්බුදු බවට පැමිණ තෙමේ පාත්‍ර සිවුරු ගෙන අටළොස් යොදුන් මඟ ගොස් පස්වග තෙරුන්ට දම්සක් පවත්වා පුර පක්ෂයෙහි පස්වැනි දින අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කර සියල්ලන්ටම අර්හත් බව දුන් සේක. උරුවෙල් දනව්වට ගොස් තුන්බෑ ජටිලයන්ට තුන්දහස් පන්සියයක් ප්රාතිහාර්යයන් දක්වා පැවිදි කරවා ගයා ශීර්ෂයෙහිදී ආදිත්තපරියාය සූත්‍රය දේශනාකොට ජටිලයන් දහසට අර්හත් බව ලබා දුන් සේක. මහා කස්සපයන්ට ගවු තුනක් පෙර ගමන් කොට අවවාද තුනකින් උපසම්පදාව දුන් සේක. සවස් කාලයෙහි හුදකලාව පන්සාළිස් යොදුන් මග ගොස් පුක්කුසාති කුලපුත්‍රයා අනාගාමී ඵලයෙහි පිහිටවූහ. යොදුන් දෙසියයක් පෙරගමන් කොට මහා කප්පිනට අර්හත් බව දුන් සේක. පසුබත් කාලයෙහි තනිවම තිස් යොදුන් මගක් ගොස් එපමණ කර්කශ වූ පරුෂ වූ අංගුලිමාලයා අර්හත් බවෙහි පිහිටවූහ. තිස්යොදුන් මගක් ගොස් ආලවකයා සෝවාන් ඵලයෙහි පිහිටුවා කුමාරයා සුවපත් කළ සේක. තවුතිසා භවනයෙහි තෙමසක් වසන්නේ අසූකෙළක් දෙවියන්ට ධර්මාවබෝධය සම්පාදනය කළ සේක. බඹලොවට ගොස් බක බ්‍රහ්මයාගේ මිථ්‍යාදෘෂ්ටිය බිඳ දසදහසක් බ්‍රහ්මයන්ට අර්හත් බව දුන් සේක. අවුරුදු පතා මණ්ඩලත්රයෙහි චාරිකාවෙහි හැසිරෙන සේක්. හේතුසම්පත් ඇති මිනිසුන්ට පිහිටද සිල්ද මාර්ගඵලයන්ද දෙයි. නාග සුපර්ණාදීන්ටද නන්වැදෑරුම් වැඩ පිණිස හැසිරෙන සේකැයි දසබලධාරීන් වහන්සේගේ ලෝකාර්ථචර්යා වර්ණනාව වර්ණනා කළාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්තව සිටියාහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, ඒ මම දැන් බුද්ධත්වයට පත්වී ලෝකයාගේ වැඩ පිණිස හැසිරෙන්නේ ය යන මෙය ආශ්චර්යයක් නොවේ. යම් බඳු වූ මම පෙර රාග සහිත කාලයෙහිද ලෝකාර්ථ චර්යාවෙහි හැසිරුනෙමි යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ කස්සපසම්මාසම්බුද්ධකාලෙ බාරාණසියං උසීනකො නාම රාජා රජ්ජං කාරෙසි. කස්සපසම්මාසම්බුද්ධෙ චතුසච්චදෙසනාය මහාජනං කිලෙසබන්ධනා මොචෙත්වා නිබ්බානනගරං පූරෙත්වා පරිනිබ්බුතෙ දීඝස්ස අද්ධුනො අච්චයෙන සාසනං ඔසක්කි. භික්ඛූ එකවීසතියා අනෙසනාහි ජීවිකං කප්පෙන්ති, භික්ඛූ ගිහිසංසග්ගං කරොන්ති, පුත්තධීතාදීහි වඩ්ඪන්ති. භික්ඛුනියොපි ගිහිසංසග්ගං කරොන්ති, පුත්තධීතාදීහි වඩ්ඪන්ති. භික්ඛූ භික්ඛුධම්මං, භික්ඛුනියො භික්ඛුනිධම්මං, උපොසකා උපාසකධම්මං, උපාසිකා උපාසිකධම්මං, බ්රාහ්මණා බ්රාහ්මණධම්මං විස්සජ්ජෙසුං. යෙභුය්යෙන මනුස්සා දස අකුසලකම්මපථෙ සමාදාය වත්තිංසු, මතමතා අපායෙසු පරිපූරෙසුං. තදා සක්කො දෙවරාජා නවෙ නවෙ දෙවෙ අපස්සන්තො මනුස්සලොකං ඔලොකෙත්වා මනුස්සානං අපායෙසු නිබ්බත්තිතභාවං ඤත්වා සත්ථු සාසනං ඔසක්කිතං දිස්වා “කිං නු කරිස්සාමී”ති චින්තෙත්වා “අත්ථෙකො උපායො, මහාජනං තාසෙත්වා භීතභාවං ඤත්වා පච්ඡා අස්සාසෙත්වා ධම්මං දෙසෙත්වා ඔසක්කිතං සාසනං පග්ගය්හ අපරම්පි වස්සසහස්සං පවත්තනකාරණං කරිස්සාමී”ති සන්නිට්ඨානං කත්වා මාතලිදෙවපුත්තං මොචප්පමාණදාඨං චතූහි දාඨාහි විනිග්ගතරස්මියා භයානකං කත්වා ගබ්භිනීනං දස්සනෙනෙව ගබ්භපාතනසමත්ථං ඝොරරූපං ආජානෙය්යප්පමාණං කාළවණ්ණං මහාකණ්හසුනඛං මාපෙත්වා පඤ්චබන්ධනෙන බන්ධිත්වා රත්තමාලං කණ්ඨෙ පිළන්ධිත්වා රජ්ජුකොටිකං ආදාය සයං ද්වෙ කාසායානි නිවාසෙත්වා පච්ඡාමුඛෙ පඤ්චධා කෙසෙ බන්ධිත්වා රත්තමාලං පිළන්ධිත්වා ආරොපිතපවාළවණ්ණජියං මහාධනුං ගහෙත්වා වජිරග්ගනාරාචං නඛෙන පරිවට්ටෙන්තො වනචරකවෙසං ගහෙත්වා නගරතො යොජනමත්තෙ ඨානෙ ඔතරිත්වා “නස්සති ලොකො, නස්සති ලොකො”ති තික්ඛත්තුං සද්දං අනුසාවෙත්වා මනුස්සෙ උත්තාසෙත්වා නගරූපචාරං පත්වා පුන සද්දමකාසි.
අතීතයෙහි කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උසීනර නම් රජු රාජ්‍යය කරවීය. කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිව්සස් දේශනාවෙන් මහජනයා බන්ධනයන්ගෙන් මුදවා නිර්වාණ නම් නගරය පුරවා පිරිනිවන් පෑ කල්හි දීර්ඝ කාලයක් ඇවෑමෙන් ශාසනය පසුබැස්සේය. භික්ෂූහු එක්විසි අනේසන ධර්මයන්ගෙන් ජීවිකාව කරති. භික්ෂුණීහු සංසර්ග කරති. දූ පුතුන් සමඟ වැඩෙත්. භික්ෂූහු භික්ෂු ධර්මයද භික්ෂුණීහු භික්ෂුණී ධර්මයද උපාසකයෝ උපාසක ධර්මයද උපාසිකාවෝ උපාසිකා ධර්මයද අත්හළහ. මිනිස්සු බොහෝ සෙයින් දශඅකුසල කර්ම පථයන් සමාදන් වී පැවතුනාහුය. මළ මළ ඇත්තෝ අපාය පිරවූහ. එකල්හි ශක්‍ර දිව්‍යරාජයා අළුත් දිව්‍ය පුත්‍රයන් නොදක්නේ මිනිස් ලොව බලා මිනිසුන්ගේ අපායෙහි උපදීම දැන ශාස්තෲන් වහන්සේගේ ශාසනය පිරිහුන බව දැක කුමක් කරන්නෙමිදැයි සිතන්නේ “එක් උපායක් ඇත. මහජනයා බියට පත්කර තැතිගන්වා බියට පත්වූ බව දැන අස්වසා ධර්මය දේශනා කර පිරිහුන ශාසනය ඔසවා තවත් අවුරුදු දහසක් පවත්නා ලෙසට කරන්නෙමියි සනිටුහන් කර, මාතලී දිව්‍ය පුත්‍රයා කෙසෙල්ගෙඩි පමණ දළ ඇති දළ සතරින් නික්මෙන රස්මි ඇති, බියකරු වූ. දුටුපමණින්ම ගැබිණියන්ගේ ගැබ්හෙළීමට සමත් වූ. භයානක ස්වරූප ඇති අජානීය අශ්වයෙකු පමණ වූ කළුපැහැ ඇති මහත් ලෙස කළු වූ සුනඛයෙකු කොට පස්වැදෑරුම් බැම්මෙන් බැඳ තෙමේ රත්මල් පළඳවා රැහැන් කෙළවර ගෙන කසට පැහැ වස්ත්‍ර දෙකක් හැඳ පිටුපස කෙස් බැඳ රත්මල් පැළඳ පබළු පැහැ ඇති දුනුදිය නංවන ලද මහ දුන්නක් ගෙන නියෙන් හෙණහඬ නංවන්නේ වැද්දෙකුගේ වේශය ගෙන නගරයෙන් යොදුනක් පමණ තැන බැස ලොව නැසේ. ලොව වැනසේ යි තුන්වරක් ශබ්දය අස්වා මිනිසුන් තැති ගන්වා නගරය සමීපයට පැමිණ නැවත ශබ්දය කළේය.
මනුස්සා සුනඛං දිස්වා උත්රස්තා නගරං පවිසිත්වා තං පවත්තිං රඤ්ඤො ආරොචෙසුං. රාජා සීඝං නගරද්වාරානි පිදහාපෙසි. සක්කොපි අට්ඨාරසහත්ථං පාකාරං උල්ලඞ්ඝිත්වා සුනඛෙන සද්ධිං අන්තොනගරෙ පතිට්ඨහි. මනුස්සා භීතතසිතා පලායිත්වා ගෙහානි පවිසිත්වා නිලීයිංසු. මහාකණ්හොපි දිට්ඨදිට්ඨෙ මනුස්සෙ උපධාවිත්වා සන්තාසෙන්තො රාජනිවෙසනං අගමාසි. රාජඞ්ගණෙ මනුස්සා භයෙන පලායිත්වා රාජනිවෙසනං පවිසිත්වා ද්වාරං පිදහිංසු. උසීනකරාජාපි ඔරොධෙ ගහෙත්වා පාසාදං අභිරුහි. මහාකණ්හො සුනඛො පුරිමපාදෙ උක්ඛිපිත්වා වාතපානෙ ඨත්වා මහාභුස්සිතං භුස්සි. තස්ස සද්දො හෙට්ඨා අවීචිං, උපරි භවග්ගං පත්වා සකලචක්කවාළං එකනින්නාදං අහොසි. විධුරජාතකෙ (ජා· 2.22.1346 ආදයො) හි පුණ්ණකයක්ඛරඤ්ඤො, කුසජාතකෙ (ජා· 2.20.1 ආදයො) කුසරඤ්ඤො, භූරිදත්තජාතකෙ (ජා· 2.22.784 ආදයො) සුදස්සනනාගරඤ්ඤො, ඉමස්මිං මහාකණ්හජාතකෙ අයං සද්දොති ඉමෙ චත්තාරො සද්දා ජම්බුදිපෙ මහාසද්දා නාම අහෙසුං.
මිනිස්සු බල්ලා දැක තැතිගත්තාහු නගරයට පිවිස ඒ පුවත රජුට දැන්වූහ. රජු වහා නුවර දොරටු වැස්සවීය. ශක්‍රයාද අටළොස් රියන් උස ප්‍රාකාරයෙන් පැන බල්ලා සමඟ ඇතුල් නගරයෙහි සිටියේය. මිනිස්සු බියෙන් තැතිගත්තාහු ගෙවලට පිවිස දොරවල් වැසුවාහුය. මහා කෘෂ්ණයාද දුටු දුටු මිනිසුන් පසුපස හඹා දුවගොස් තැති ගන්වන්නේ රජමැදුරට ගියේය. රජ මිදුලෙහි මිනිස්සු බියෙන් පලාගොස් රජමැදුරට පිවිස දොර වැසූහ. උසීනර රජුද අන්තඃපුර ස්ත්‍රීන් ගෙන ප්‍රාසාදයට නැංගේය. මහා කෘෂ්ණයා පෙරපාදයන් ඔසවා ජනේලයෙහි තබා මහබිරුමක් බිරුවේය. ඔහුගේ බිරුම් හඬ යටින් අවීචියද උඩින් භවාග්‍රය දක්වා ගත්තේය. සියළු සක්වල ඒකනින්නාද වීය. විධුර ජාතකයෙහි පූර්ණ යක්ෂ රජුගේද කුස ජාතකයෙහි කුස රජුගේද භූරිදත්ත ජාතකයෙහි සුදස්සන නා රජුගේද මේ මහාකණ්හ ජාතකයෙහි මේ ශබ්දයදැයි මේ සතර ශබ්දයෝ දඹදිව මහා ශබ්දයෝ නම් වූහ.
නගරවාසිනො භීතතසිතා හුත්වා එකපුරිසොපි සක්කෙන සද්ධිං කථෙතුං නාසක්ඛි, රාජායෙව සතිං උපට්ඨාපෙත්වා වාතපානං නිස්සාය සක්කං ආමන්තෙත්වා “අම්භො ලුද්දක, කස්මා තෙ සුනඛො භුස්සතී”ති ආහ. “ඡාතභාවෙන, මහාරාජා”ති. “තෙන හි තස්ස භත්තං දාපෙස්සාමී”ති අන්තොජනස්ස ච අත්තනො ච පක්කභත්තං සබ්බං දාපෙසි. තං සබ්බං සුනඛො එකකබළං විය කත්වා පුන සද්දමකාසි. පුන රාජා පුච්ඡිත්වා “ඉදානිපි මෙ සුනඛො ඡාතොයෙවා”ති සුත්වා හත්ථිඅස්සාදීනං පක්කභත්තං සබ්බං ආහරාපෙත්වා දාපෙසි. තස්මිං එකප්පහාරෙනෙව නිට්ඨාපිතෙ සකලනගරස්ස පක්කභත්තං දාපෙසි. තම්පි සො තථෙව භුඤ්ජිත්වා පුන සද්දමකාසි. රාජා “න එස සුනඛො, නිස්සංසයං එස යක්ඛො භවිස්සති, ආගමනකාරණං පුච්ඡිස්සාමී”ති භීතතසිතො හුත්වා පුච්ඡන්තො පඨමං ගාථමාහ –
නුවරවැසියෝ බියෙන් තැති ගත්තෝ වී එක් පුරුෂයෙකුද ශක්‍රයා සමග කථා කරන්නට අපොහොසත් වූහ. රජු සිහිය එළවා ජනේලය ඇසුරුකොට සිට ශක්‍රයා අමතා එම්බා වැද්ද, කුමක් හෙයින් ඔබගේ බල්ලා බුරන්නේදැයි විමසීය. කුසගින්න නිසාවෙනි. එසේනම් ඔහුට බත් දෙවමියි කීය. ඇතුලත ජනයාටද තමාටද පැසුණු බත් සියල්ල දෙවීය. බල්ලා ඒ සියල්ල එක් පිඩක් මෙන් කොට නැවත ශබ්ද කළේය. නැවත රජු විමසා දැනුදු මගේ සුනඛයා කුසගිනි වූයේම යයි අසා ඇත්-අස් ආදීන්ට පැසුණු බත් සියල්ල ගෙන්වා දෙවීය. එයද එකපැහැර නිමවූ කල්හි සියළු නගරයට පැසුණු බත්ද දෙවීය. බල්ලා එයද එසේම අනුභව කොට නැවත ශබ්දය කෙළේය. රජු මොහු බල්ලෙක් නො වේ. නිසැකවම යක්ෂයෙකි. මොහුගේ පැමිණීමේ කරුණු විමසන්නෙමිය බියෙන් තැතිගත්තේ ම විමසන්නේ පළමු ගාථාව කීවේය.
“කණ්හො කණ්හො ච ඝොරො ච, සුක්කදාඨො පභාසවා; බද්ධො පඤ්චහි රජ්ජූහි, කිං රවි සුනඛො තවා”ති.
කණ්හො කණ්හොච ඝොරොච සුක්කදාඨො පතාපවා, බද්ධො පඤ්චහි රජ්ජූභි කිං ධීර සුනඛො තවාති
1. ප්‍රාඥ වූ කෘෂණය ඉත් කළු පැහැති භයානක වූ, සුදු දත් ඇති, ප්රතාපවත් වූ, රැහැන් පහකින් බඳනා ලද, ඔබගේ බල්ලා කුමක් කෙරේද?
තත්ථ කණ්හො කණ්හොති භයවසෙන දළ්හීවසෙන වා ආමෙඩිතං. ඝොරොති පස්සන්තානං භයජනකො. පභාසවාති දාඨා නික්ඛන්තරංසිපභාසෙන පභාසවා. කිං රවීති කිං විරවි. තවෙස එවරූපො කක්ඛළො සුනඛො කිං කරොති, කිං මිගෙ ගණ්හාති, උදාහු තෙ අමිත්තෙ, කිං තෙ ඉමිනා, විස්සජ්ජෙහි නන්ති අධිප්පායෙනෙවමාහ.
එහි කණ්හො කණ්හො යනු බිය නිසා හෝ දැඩි කිරීම් වශයෙන් හෝ එක වචනය දෙවරක් කියන ලදි. ඝොරො යනු දක්නවුනට බිය එළවන. පතාප වා යනු දත්වලින් නික්මෙන රස්මි තේජසින් හෝ ප්‍රතාප ඇති කිං ධීර යනු ධෛර්යවන්තය. වීර්යවන්තය. ඔබගේ මෙබඳු වූ නපුරු බල්ලා කුමක් කෙරේද? කිම මුවන් ගනීද? නැතහොත් පසමිතුරන් ගනීද? ඔබ විසින් කවර කරුණක් නිසා ඔහු පිටත්කර හරින්නෙහිද යන අදහසින් මෙසේ කීය.
තං සුත්වා සක්කො දුතියං ගාථමාහ –
ඒ අසා ශක්‍රයා දෙවන ගාථාව කීවේය.
“නායං මිගානමත්ථාය, උසීනක භවිස්සති; මනුස්සානං අනයො හුත්වා, තදා කණ්හො පමොක්ඛතී”ති.
2. උසීනර රජතුමනි, මොහු මුව (මස්) න් සඳහා පැමිණියේ නො වන්නේය. මිනිසුන්ට මහත් වූ විනාශයක් කරන්නෙක් වී එකලට (විනාශ කළ යුත්තන් වෙත පැමිණි පසු) මේ කෘෂ්ණයා මා අතින් මිදේ.
තස්සත්ථො – අයඤ්හි “මිගමංසං ඛාදිස්සාමී”ති ඉධ නාගතො, තස්මා මිගානං අත්ථො න භවිස්සති, මනුස්සමංසං පන ඛාදිතුං ආගතො, තස්මා තෙසං අනයො මහාවිනාසකාරකො හුත්වා යදා අනෙන මනුස්සා විනාසං පාපිතා භවිස්සන්ති, තදා අයං කණ්හො පමොක්ඛති, මම හත්ථතො මුච්චිස්සතීති.
එහි අර්ථය බල්ලා මෘගයන්ගේ මස් කන්නෙමියි මෙහි පැමිණියේ නොවේ. එහෙයින් මෘගයන් සඳහා පැමිණියේ නො වන්නේය. මිනිස් මස් කනු පිණිස පැමිණියේ වෙයි. එනිසා ඔවුන්ට අනයො මහාවිනාස ඇති කරන්නෙක් හුත්වා වී. යම්දිනක බල්ලා විසින් මනුෂ්‍යයන් විනාශයට පමුණුවන ලද්දෝ වෙත්ද එකල්හි මෙතෙමේ කණ්හො පමොක්ඛති මගේ අතින් මිදෙන්නේද යනුයි.
අථ නං රාජා “කිං පන තෙ භො ලුද්දක-සුනඛො සබ්බෙසංයෙව මනුස්සානං මංසං ඛාදිස්සති, උදාහු තව අමිත්තානඤ්ඤෙවා”ති පුච්ඡිත්වා “අමිත්තානඤ්ඤෙව මෙ, මහාරාජා”ති වුත්තෙ “කෙ පන ඉධ තෙ අමිත්තා”ති පුච්ඡිත්වා “අධම්මාභිරතා විසමචාරිනො, මහාරාජා”ති වුත්තෙ “කථෙහි තාව නෙ අම්හාක”න්ති පුච්ඡි. අථස්ස කථෙන්තො දෙවරාජා දස ගාථා අභාසි –
ඉක්බිති රජු ඔහුට (කියනුයේ) එම්බා වැද්ද, කිම ඔබගේ බල්ලා සියළුම මිනිසුන්ගේ මස් කන්නේද නැතහොත් ඔබගේ පසමිතුරන්ගේම දැයි අසා මහරජතුමනි, සතුරන්ගේම යයි කී කල්හි තොපට කවරෙක් සතුරන්දැයි විමසා මහරජතුමනි, අධර්මයෙහි ඇළුණු, විෂම හැසිරීම් ඇති අයගේ යයි කී කල්හි පළමුකොට ඔවුන් කවුරුන්දැයි අපට කියවයි විචාළේය. ඉක්බිති දිව්‍ය රාජයා ඔහුට කියන්නේ ගාථා දහයක් කීවේය.
“පත්තහත්ථා සමණකා, මුණ්ඩා සඞ්ඝාටිපාරුතා; නඞ්ගලෙහි කසිස්සන්ති, තදා කණ්හො පමොක්ඛති.
3. යම්දිනක පාත්‍රය ගත් අත් ඇති, හිස මුඩු කළ, සඟල සිවුරු පෙරවූ ශ්‍රමණ ප්‍රතිරූපකයෝ නඟුල්වලින් සී සාතිද එකල්හි මේ කෘෂ්ණතෙම (කළුවා) (මගේ අතින්) මිදෙන්නේය.
“තපස්සිනියො පබ්බජිතා, මුණ්ඩා සඞ්ඝාටිපාරුතා; යදා ලොකෙ ගමිස්සන්ති, තදා කණ්හො පමොක්ඛති.
4. යම්දිනක පැවිදි වී හිස මුඩුකළ සඟල සිවුරු පෙරවූ භික්ෂුණීහු යම්කලෙක ලෝකයෙහි පස්කම් සුව විඳිමින් හැසිරෙත්ද එකල්හි මෙතෙම මගේ අතින් මිදෙන්නේය.
“දීඝොත්තරොට්ඨා ජටිලා, පඞ්කදන්තා රජස්සිරා; ඉණං චොදාය ගච්ඡන්ති, තදා කණ්හො පමොක්ඛති.
5. යම්දිනක දිගු ලෙස වවනා ලද උඩුරැවුල ඇති, ජටාවන් දරන මඩපැහැ ඇති දත්වලින් යුත්, ධූලි සහිත හිස් ඇති, තවුසෝ ණය ගෙන ජීවත්වේද එකල්හි මෙතෙම මගේ අතින් මිදෙන්නේ ය.
“අධිච්ච වෙදෙ සාවිත්තිං, යඤ්ඤතන්තඤ්ච බ්රාහ්මණා; භතිකාය යජිස්සන්ති, තදා කණ්හො පමොක්ඛති.
6. යම්දිනක බමුණෝ වේදයද සාවිත්රියද යාග විධියද හදාරා කුලිය සඳහා යාග කෙරෙත්ද එකල්හි මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය
“මාතරං පිතරං චාපි, ජිණ්ණකං ගතයොබ්බනං; පහූ සන්තො න භරන්ති, තදා කණ්හො පමොක්ඛති.
7. යම්දිනක බොහෝ ධනය ඇත්තෝ ජරාවට පත්වූ පහවූ යොවුන් බව ඇති අය මව ද පියා ද පෝෂණය නොකරත්ද එකල්හි මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
“මාතරං පිතරං චාපි, ජිණ්ණකං ගතයොබ්බනං; බාලා තුම්හෙති වක්ඛන්ති, තදා කණ්හො පමොක්ඛති.
8. ජරාවට පත් වූ මහලු වූ මවිපියන්ට තෙපි බාලයෝ යයි කියත්ද? එකල මේ කණ්හ තෙමේ මගේ අතින් මිදෙන්නේය.
“ආචරියභරියං සඛිං, මාතුලානිං පිතුච්ඡකිං; යදා ලොකෙ ගමිස්සන්ති, තදා කණ්හො පමොක්ඛති.
9. යම්දිනක යමෙක් ගුරුවරයාගේ බිරිඳ, යහළුවාගේ බිරිඳ, නැන්දනිය හා පියාගේ සොහොවුරිය යන මෑලා සමග ආචාරධර්ම විරෝධීව හැසිරෙත්ද එකල්හි මේ කණ්හ තෙම මා අතින් මිදෙන්නේය.
“අසිචම්මං ගහෙත්වාන, ඛග්ගං පග්ගය්හ බ්රාහ්මණා; පන්ථඝාතං කරිස්සන්ති, තදා කණ්හො පමොක්ඛති.
10. යම්දිනක බ්‍රාහ්මණයෝ කඩුව හා පළිහ ගෙන කඩුව අමෝරා මංපැහැරීම කරත්ද එකල්හි මේ කණ්හ තෙම මා අතින් මිදෙන්නේය.
“සුක්කච්ඡවී වෙධවෙරා, ථූලබාහූ අපාතුභා; මිත්තභෙදං කරිස්සන්ති, තදා කණ්හො පමොක්ඛති.
11. ආලේපයන්ගෙන් ඡවි වර්ණය සකස් කරගත් ධනවත් වැන්දඹුවන් හා හැසිරෙන මහත් බාහු ඇති, ස්රත්රී ධූර්තයෝ ඒ වැන්දඹුවන් හා මිත්‍ර භේදයට පැමිණෙත් ද එකල මේ කණ්හ තෙම මා අතින් මිදෙන්නේය.
“මායාවිනො නෙකතිකා, අසප්පුරිසචින්තකා; යදා ලොකෙ භවිස්සන්ති, තදා කණ්හො පමොක්ඛතී”ති.
12. යම්දිනක මායාකාරී වූ කපටි අසත්පුරුෂයෝ ලොවෙහි ඇති වෙත්ද එකල්හි මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේය.
තත්ථ සමණකාති “මයං සමණාම්හා”ති පටිඤ්ඤාමත්තකෙන හීළිතවොහාරෙනෙවමාහ. කසිස්සන්තීති තෙ තදාපි කසන්තියෙව. අයං පන අජානන්තො විය එවමාහ. අයඤ්හිස්ස අධිප්පායො – එතෙ එවරූපා දුස්සීලා මම අමිත්තා, යදා මම සුනඛෙන එතෙ මාරෙත්වා මංසං ඛාදිතං භවිස්සති, තදා එස කණ්හො ඉතො පඤ්චරජ්ජුබන්ධනා පමොක්ඛතීති. ඉමිනා උපායෙන සබ්බගාථාසු අධිප්පායයොජනා වෙදිතබ්බා.
එහි සමණකා යනු අපි ශ්‍රමණයෝ වෙමුයි ප්‍රතිඥා කළ පමණින්ම පිළිකුල් කටයුතු ව්‍යවහාරයෙන්ම මෙසේ කීය. කසිස්සන්ති යනු ඔවුහු එකල්හිද සී සාත්ම ය. මෙතෙමේ එය නොදන්නාක් මෙන් මෙසේ කීවේය. මෙය මෙහි අදහසයි. මේ දුස්ශීලයෝ මගේ සතුරෝ ය. යම්දිනක මගේ බල්ලා විසින් මොවුන් මරා මස්කෑවේ වන්නේද එකල්හි මෙතෙම කණ්හො කෘෂ්ණයා මේ රැහැන් පහකින් කරන ලද බැඳීමෙන් පමොක්ඛතී යනු මුදන්නේ ය යන මේ ක්‍රමයෙන් සියළු ගාථාවන්හි අපේක්ෂිත පද පිළිවෙල යෙදීම දතයුතුය.
පබ්බජිතාති බුද්ධසාසනෙ පබ්බජිතා. ගමිස්සන්තීති අගාරමජ්ඣෙ පඤ්ච කාමගුණෙ පරිභුඤ්ජන්තියො විචරිස්සන්ති. දීඝොත්තරොට්ඨාති දාඨිකානං වඩ්ඪිතත්තා දීඝුත්තරොට්ඨා. පඞ්කදන්තාති පඞ්කෙන මලෙන සමන්නාගතදන්තා. ඉණං චොදායාති භික්ඛාචරියාය ධනං සංහරිත්වා වඩ්ඪියා ඉණං පයොජෙත්වා තං චොදෙත්වා තතො ලද්ධෙන ජීවිකං කප්පෙන්තා යදා ගච්ඡන්තීති අත්ථො.
පබ්බජිතා යනු බුදුසසුනෙහි පැවිදි වූවාහු ගමිස්සනති ගෙවල් මැද පස්කම් රසයෙන් භුක්ති විඳිමින් හැසිරෙත්. දීඝුත්තරට්ඨො යනු දත් වැඩුන බැවින් දිගු දත් නිසා උස්වූ තොල් ඇත්තේ වීය. පංකදන්තා යනු මඩවලින් අපිරිසිදු දෙයින් යුක්ත වූ දත් ඇත්තාහු. ඉණං වොදාය යනු යම්කලෙක පිඬුසිඟා හැසිරීමෙන් එකතුකොට වැඩුන දෙයින් ණය යොදවා එය පිරිසිදු කොට (ණය අත් හරවා) ඉන් ලබන ලද දෙයින් ජීවිකාව කරන්නාහු යම් ජීවිතය ගෙන යත්ද යන අර්ථයි.
සාවිත්තින්ති සාවිත්තිඤ්ච අධියිත්වා. යඤ්ඤතන්තඤ්චාති යඤ්ඤවිධායකතන්තං, යඤ්ඤං අධියිත්වාති අත්ථො. භතිකායාති තෙ තෙ රාජරාජමහාමත්තෙ උපසඞ්කමිත්වා “තුම්හාකං යඤ්ඤං යජිස්සාම, ධනං දෙථා”ති එවං භතිඅත්ථාය යදා යඤ්ඤං යජිස්සන්ති. පහූ සන්තොති භරිතුං පොසෙතුං සමත්ථා සමානා. බාලා තුම්හෙති තුම්හෙ බාලා න කිඤ්චි ජානාථාති යදා වක්ඛන්ති. ගමිස්සන්තීති ලොකධම්මසෙවනවසෙන ගමිස්සන්ති. පන්ථඝාතන්ති පන්ථෙ ඨත්වා මනුස්සෙ මාරෙත්වා තෙසං භණ්ඩග්ගහණං.
සාවිත්තිං යනු සාවිත්‍රී වේදවාක්යයන් ඉගෙනගෙන. යඤ්ඤ තන්ත්රඤ්වා යනු ත්‍රිවිධ යාගයන් විධානය කරන්නා වූ තන්ත්රය යාග සූත්‍රය ඉගෙන ගෙනැයි යන අර්ථයි. භතිකාය යනු ඒ ඒ රාජරාජ මහාමාත්‍යාදීන් වෙත එළඹ තොපට යාග කරන්නෙමු. ධනය දෙව් යයි මෙසේ වැටුප් සඳහා යම් දිනක යාග කරත්ද? පහූසන්තා යනු ඇතිදැඩි කිරීමට පෝෂණය කිරීමට සමර්ථ වූවෝම. බාලා තුම්හෙ යනු තෙපි අඥානයෝය. කිසිවක් නො දන්නාහුය යි යම්දිනක කියත්ද? ගමිස්සන්ති යනු ලෝකධර්මයන් සෙවුනා වශයෙන් ඔවුන් වෙත යන්නාහුද? පන්ථ ඝාතං යනු මාර්ගයෙහි තබා මිනිසුන් මරා ඔවුන්ගේ බඩු ගැනීමයි.
සුක්කච්ඡවීති කසාවචුණ්ණාදිඝංසනෙන සමුට්ඨාපිතසුක්කච්ඡවිවණ්ණා. වෙධවෙරාති විධවා අපතිකා, තාහි විධවාහි වෙරං චරන්තීති වෙධවෙරා. ථූලබාහූති පාදපරිමද්දනාදීහි සමුට්ඨාපිතමංසතාය මහාබාහූ. අපාතුභාති අපාතුභාවා, ධනුප්පාදරහිතාති අත්ථො. මිත්තභෙදන්ති මිථුභෙදං, අයමෙව වා පාඨො. ඉදං වුත්තං හොති – යදා එවරූපා ඉත්ථිධුත්තා “ඉමා අම්හෙ න ජහිස්සන්තී”ති සහිරඤ්ඤා විධවා උපගන්ත්වා සංවාසං කප්පෙත්වා තාසං සන්තකං ඛාදිත්වා තාහි සද්ධිං මිත්තභෙදං කරිස්සන්ති , විස්සාසං භින්දිත්වා අඤ්ඤං සහිරඤ්ඤං ගමිස්සන්ති, තදා එස තෙ චොරෙ සබ්බෙව ඛාදිත්වා මුච්චිස්සති. අසප්පුරිසචින්තකාති අසප්පුරිසචිත්තෙහි පරදුක්ඛචින්තනසීලා. තදාති තදා සබ්බෙපිමෙ ඝාතෙත්වා ඛාදිතමංසො කණ්හො පමොක්ඛතීති.
සුක්කච්ඡවී යනු කහ සුණු ආදිය ඉලීමෙන් ඇතිකරන ලද සුදුවන් සම්පැහැ ඇත්තෝ. වෙධවෙරා යනු කණවැන්දුම් වූවෝ, සැමියන් නැත්තෝ, ඒ කණවැන්දුම් ස්ත්‍රීන් සමග වෛරයෙන් හැසිරෙත්නුයි වෙධවෙරා වෙයි. ථුල්ලබාහු යනු පා පිරිමැදීම් ආදියෙන් නංවන ලද මස් ඇති හෙයින් මහාබාහු නම් වේ. අපාතුභා යනු නොපහලවන බැවින් දුනුපා රහිතයෝ යන අර්ථයි. මිථුභෙදං යනු මිත්රභේදයයි. පෙළද මෙයම වේ. මෙය කියන ලද්දේ වෙයි. යම්දිනක මෙවැනි ස්ත්‍රී ධූර්තයෝ මෑලා අප අත් නොහරින්නාහු යයි රත්රන් සහිතව වැන්දඹුවන් වෙත එළඹ සංවාසයෙහි යෙදී ඈලා සතු දේ කා ඈලා සමග මිත්‍රභේදය කරන්නාහ. විශ්වාසකොට අනිකාලාගේ රන් ගබඩාවට යන්නාහ. එකල්හි මෙතෙමේ (මේ කණ්හයා) ඒ සියළු සොරුන් කා මිදෙන්නේය. අසප්පුරිස චින්තකා යනු සත්පුරුෂ නොවූ සිතුවිලිවලින් අනුන්ට දුකක් පිළිබඳ සිත් සිතන සුළු. තදා යන එකල්හි මේ සියල්ලන්ම ඝාතනය කරන ලද මස් ඇති කණ්හයා මිදෙයි යනුයි.
එවඤ්ච පන වත්වා “ඉමෙ මය්හං, මහාරාජ, අමිත්තා”ති තෙ තෙ අධම්මකාරකෙ පක්ඛන්‍දිත්‍වා ඛාදිතුකාමතං විය කත්වා දස්සෙති. සො තතො මහාජනස්ස උත්රස්තකාලෙ සුනඛං රජ්ජුයා ආකඩ්ඪිත්වා ඨපිතං විය කත්වා ලුද්දකවෙසං විජහිත්වා අත්තනො ආනුභාවෙන ආකාසෙ ජලමානො ඨත්වා “මහාරාජ, අහං සක්කො දෙවරාජා, ‘අයං ලොකො විනස්සතී’ති ආගතො, පමත්තා හි මහාජනා, අධම්මං වත්තිත්වා මතමතා සම්පති අපායෙ පූරෙන්ති, දෙවලොකො තුච්ඡො විය විතො, ඉතො පට්ඨාය අධම්මිකෙසු කත්තබ්බං අහං ජානිස්සාමි, ත්වං අප්පමත්තො හොහි, මහාරාජා”ති චතූහි සතාරහගාථාහි ධම්මං දෙසෙත්වා මනුස්සානං දානසීලෙසු පතිට්ඨාපෙත්වා ඔසක්කිතසාසනං අඤ්ඤං වස්සසහස්සං පවත්තනසමත්ථං කත්වා මාතලිං ආදාය සකට්ඨානමෙව ගතො. මහාජනා දානසීලාදීනි පුඤ්ඤානි කත්වා දෙවලොකෙ නිබ්බත්තිංසු.
මෙසේ කියා මහරජතුමනි! මොවුහු මගේ සතුරන් යයි ඒ ඒ පසමිතුරන් පැන කනු කැමැත්තන් මෙන් දක්වවයි කීය. අනතුරුව මහජනයා තැතිගත් කල්හි බල්ලා රැහැනින් ඇද තැබුවෙකු මෙන් කොට වැදි වේශය අත්හැර තමාගේ බලමහිමයෙන් අහසෙහි දැල්වෙමින් සිට මහරජතුමනි, මම ශක්රදිව්ය රාජයා වෙමි. මේ ලොව වැනසෙන්නේ යයි (කියමින්) ආවෙම් මහජනයා අධර්මයෙහි පැවතී මළමළාහු දැන් අපාය පුරවත්. දෙව්ලොව හිස් වූවාක් මෙන් වීය. මෙතැන් පටන් නොදැමියන් විෂයෙහි කළ යුත්ත මම දන්නෙමි. ඔබ නොපමා වූවෙක් වෙහි යි. සත්සියයක් වටනා ගාථාවන්ගෙන් ධර්මය දේශනා කර මිනිසුන් දානයෙහි හා ශීලයන්හි පිහිටුවා පසුබසින්නා වූ සසුන තවත් අවුරුදු දහසක් පැවැත්මට සමර්ථ වූවක්කොට මාතලී දිව්‍ය පුත්‍රයා ගෙන සිය වාසස්ථානයටම ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං භික්ඛවෙ පුබ්බෙපාහං ලොකස්ස අත්ථමෙව චරාමී”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා මාතලි ආනන්දො අහොසි, සක්කො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මම පෙරද ලෝකයාට අභිවෘද්ධිය පිණිසම හැසුරුනෙමියි වදාරා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි මාතලී දිව්‍යපුත්‍රයා ආනන්ද වීය. ශක්‍රයා නම් මම ම වූයෙමි යි වදාළ සේක.
මහාකණ්හජාතකවණ්ණනා ඡට්ඨා.