යෙදුමෙන් කියවන්න

5. ජනසන්‍ධජාතකවණ‍්ණනා 468 අට‍්ඨකථා

5. ජනසන්‍ධජාතකවණ‍්ණනා (468)

5. ජනසන්‍ධ ජාතකය (468)

දස ඛලූති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොසලරඤ‍්ඤො ඔවාදත්‍ථාය කථෙසි. එකස‍්මිඤ‍්හි කාලෙ රාජා ඉස‍්සරියමදමත‍්තො කිලෙසසුඛනිස‍්සිතො විනිච‍්ඡයම‍්පි න පට‍්ඨපෙසි, බුද‍්ධුපට‍්ඨානම‍්පි පමජ‍්ජි. සො එකදිවසෙ දසබලං අනුස‍්සරිත්‍වා “සත්‍ථාරං වන්‍දිස‍්සාමී”ති භුත‍්තපාතරාසො රථවරමාරුය‍්හ විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා නිසීදි. අථ නං සත්‍ථා “කිං මහාරාජ චිරං න පඤ‍්ඤායසී”ති වත්‍වා “බහුකිච‍්චතාය නො භන‍්තෙ බුද‍්ධුපට‍්ඨානස‍්ස ඔකාසො න ජාතො”ති වුත‍්තෙ “මහාරාජ, මාදිසෙ නාම ඔවාදදායකෙ සබ‍්බඤ‍්ඤුබුද‍්ධෙ ධුරවිහාරෙ විහරන‍්තෙ අයුත‍්තං තව පමජ‍්ජිතුං, රඤ‍්ඤා නාම රාජකිච‍්චෙසු අප‍්පමත‍්තෙන භවිතබ‍්බං, රට‍්ඨවාසීනං මාතාපිතුසමෙන අගතිගමනං පහාය දස රාජධම‍්මෙ අකොපෙන‍්තෙන රජ‍්ජං කාරෙතුං වට‍්ටති, රඤ‍්ඤො හි ධම‍්මිකභාවෙ සති පරිසාපිස‍්ස ධම‍්මිකා හොන‍්ති, අනච‍්ඡරියං ඛො පනෙතං, යං මයි අනුසාසන‍්තෙ ත්‍වං ධම‍්මෙන රජ‍්ජං කාරෙය්‍යාසි, පොරාණකපණ‍්ඩිතා අනුසාසකආචරියෙ අවිජ‍්ජමානෙපි අත‍්තනො මතියාව තිවිධසුචරිතධම‍්මෙ පතිට‍්ඨාය මහාජනස‍්ස ධම‍්මං දෙසෙත්‍වා සග‍්ගපථං පූරයමානා අගමංසූ”ති වත්‍වා තෙන යාචිතො අතීතං ආහරි.

දස ඛලු ඉමානි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් කොසොල් රජුට අවවාද පිණිස දේශනා කළ සේක. එක් කලෙක රජු ඉසුරු මදින් මත්වූයේ කෙලෙස් සැප ඇසුරු කළේ නඩු විසඳීමද පටන් නොගත්තේය. බුදුරදුන්ට උවටැන් කිරීමෙහිද පමා විය. හෙතෙම එක් දිනයක් දසබලධාරීන් වහන්සේ සිහිකොට වඳින්නෙමියි (සිතා) අනුභව කරන ලද උදය ආහාර ඇත්තේ උතුම් රියකට නැග විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේ වැඳ හුන්නේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට (කියනුයේ) මහරජතුමනි, කිම බොහෝ කලකින් දැකීමක් නොවෙහි යයි කියා බොහෝ කටයුතු ඇති හෙයින් බුද්ධෝපස්ථානය සඳහා අවකාශයක් නොවූයේ යයි කී කල්හි මහරජතුමනි, අවවාද දෙන්නා වූ මා වැනි සර්වඥ බුදුවරයෙකු සමීප විහාරයෙහි වසන කල්හි ඔබ පමා වන්නට නුසුදුසුය. රාජ කාර්යයන්හි අප්‍රමාදී වූ රජු විසින් රටවැසියන්ට මව හා පියා සමානව අගතිගාමී වීම හැර දසරාජ ධර්මයන් කෝප නොකරමින් රාජ්‍යය කරන්නට වටනේ යයිද රජු දැහැමි බැව්හි පිහිටි කල්හි ඔහුගේ පිරිසද දැහැමි වෙත් යයි ද. යම් හෙයකින් මා ඔබට අනුශාසනා කරන කල්හි දැහැමිව රාජ්‍යය කරන්නේ ය යන මෙය ආශ්චර්යයක් නො වේ. පැරණි පණ්ඩිතයෝ අනුශාසනා කරන්නා වූ ආචාර්යවරුන් නැති කල්හිද සිය කැමැත්තෙන්ම තුන්වැදෑරුම් සුචරිත ධර්මයෙහි පිහිටා මහජනයාට ධර්මය දේශනා කර පිරිස සහිතව ස්වර්ගය පුරවන්නාහු දෙව්ලොව ගියාහු යයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති, “ජනසන්‍ධකුමාරො”තිස‍්ස නාමං කරිංසු. අථස‍්ස වයප‍්පත‍්තස‍්ස තක‍්කසිලතො සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා ආගතකාලෙ රාජා සබ‍්බානි බන්‍ධනාගාරානි සොධාපෙත්‍වා උපරජ‍්ජං අදාසි. සො අපරභාගෙ පිතු අච‍්චයෙන රජ‍්ජෙ පතිට‍්ඨාය චතූසු නගරද‍්වාරෙසු නගරමජ‍්ඣෙ රාජද‍්වාරෙ චාති ඡ දානසාලායො කාරාපෙත්‍වා දිවසෙ දිවසෙ ඡ සතසහස‍්සානි පරිච‍්චජිත්‍වා සකලජම‍්බුදීපං සඞ‍්ඛොභෙත්‍වා මහාදානං පවත‍්තෙන‍්තො බන්‍ධනාගාරානි නිච‍්චං විවටානි කාරාපෙත්‍වා ධම‍්මභණ‍්ඩිකං සොධාපෙත්‍වා චතූහි සඞ‍්ගහවත්‍ථූහි ලොකං සඞ‍්ගණ‍්හන‍්තො පඤ‍්ච සීලානි රක‍්ඛන‍්තො උපොසථවාසං වසන‍්තො ධම‍්මෙන රජ‍්ජං කාරෙසි. අන‍්තරන‍්තරා ච රට‍්ඨවාසිනො සන‍්නිපාතාපෙත්‍වා “දානං දෙථ, සීලං සමාදියථ, භාවනං භාවෙථ, ධම‍්මෙන කම‍්මන‍්තෙ ච වොහාරෙ ච පයොජෙථ, දහරකාලෙයෙව සිප‍්පානි උග‍්ගණ‍්හථ, ධනං උප‍්පාදෙථ, ගාමකූටකම‍්මං වා පිසුණවාචාකම‍්මං වා මා කරිත්‍ථ, චණ‍්ඩා ඵරුසා මා අහුවත්‍ථ, මාතුපට‍්ඨානං පිතුපට‍්ඨානං පූරෙථ, කුලෙ ජෙට‍්ඨාපචායිනො භවථා”ති ධම‍්මං දෙසෙත්‍වා මහාජනෙ සුචරිතධම‍්මෙ පතිට‍්ඨාපෙසි. සො එකදිවසං පන‍්නරසීඋපොසථෙ සමාදින‍්නුපොසථො “මහාජනස‍්ස භිය්‍යො හිතසුඛත්‍ථාය අප‍්පමාදවිහාරත්‍ථාය ධම‍්මං දෙසෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා නගරෙ භෙරිං චරාපෙත්‍වා අත‍්තනො ඔරොධෙ ආදිං කත්‍වා සබ‍්බනගරජනං සන‍්නිපාතාපෙත්‍වා රාජඞ‍්ගණෙ අලඞ‍්කරිත්‍වා අලඞ‍්කතරතනමණ‍්ඩපමජ‍්ඣෙ සුපඤ‍්ඤත‍්තවරපල‍්ලඞ‍්කෙ නිසීදිත්‍වා “අම‍්භො, නගරවාසිනො තුම‍්හාකං තපනීයෙ ච අතපනීයෙ ච ධම‍්මෙ දෙසෙස‍්සාමි, අප‍්පමත‍්තා හුත්‍වා ඔහිතසොතා සක‍්කච‍්චං සුණාථා”ති වත්‍වා ධම‍්මං දෙසෙසි.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්‍වයන් වහන්සේ ඔහුගේ අගමෙහෙසියගේ කුසෙහි උපන්නේ ය. ඔහුට ජනසන්‍ධ කුමාරයා යයි නම් කළාහුය. ඉක්බිති ඔහු නිසි වයසට පත් වූ කල්හි තක්‍ෂිලාවෙන් සියළු ශිල්ප ඉගෙන ආ කල්හි රජු සියළු සිරගෙවල් (සිරකරුවන් නිදහස් කිරීමෙන්) පිරිසිදු කොට යුවරජ තනතුර දුන්නේ ය. හෙතෙම මෑත කාලයෙහි පියා ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා නගරයෙහි සිවු දොරටුවල, නගරය මැද රජමැදුර දොරටුවෙහි යයි දානශාලා සයක් කරවා දිනපතා සය ලක්‍ෂයක් වියදම් කර සියළු දඹදිව කළඹවා මහදන් පවත්වන්නේ සිරගෙවල් නිතර විවෘත වූ ඒවා කොට දහම් ගැට බිඳුවා. සතර සංග්‍රහ වස්තූන්ගෙන් ලෝකයට සංග්‍රහ කරන්නේ පන්සිල් රකින්නේ පෙහෙවස් වසමින් දැහැමිව රාජ්‍යය කරවීය. අතරතුර රටවැසියන් රැස්කරවා දන් දෙවු. සිල් සමාදන් වවු. ධර්මයෙහි හැසිරෙවු. දැහැමිව කර්මාන්තයන්හි ද වෙළඳාමෙහි ද යෙදෙවු. තරුණ කාලයෙහිදීම ශිල්ප උගනිවු. ධනය ඉපිදවවු. ගම්වල වංචා කටයුතු හෝ කේලාම් මගින් බිඳුවීම් හෝ නොකරවු. සැඩපරුෂ වූවෝ නොවවු. මවට උපස්ථාන කිරීම පියාට උපස්ථාන කිරීම පුරවු. කුලදෙටුවන් පුදන්නෝ වෙහු යි ධර්මය දේශනා කර මහජනයා සුසිරිත් දහම්හි පිහිටුවීය. හෙතෙම එක් පසළොස්වක පොහොය දිනයක සමාදන්වන ලද පෙහෙවස් ඇත්තේ මහජනයාට වැඩියක් වැඩියක් හිතසුව පිණිස නොපමාව වාසය කරනු පිණිස ධර්මය දේශනා කරන්නෙමියි සිතා නගරයෙහි බෙර හසුරුවා තමාගේ අන්තඃපුර ස්ත්‍රීන් ආදී කොට නුවරවැසි සියළු ජනයා රැස්කරවා රජ මිදුලෙහි අලංකාර කරන ලද රුවන්මය මණ්ඩප මැද පනවන ලද උතුම් පළගෙහි (අසුනෙහි) හිඳ එම්බා නුවර වැසියෙනි, තොප විසින් පසුතැවිලි විය යුතුද පසුතැවිලි නොවිය යුතුද ධර්මයන් දේශනා කරන්නෙමි අප්‍රමාද වූවාහු වී යොමු කරන ලද කන් ඇත්තාහු මනාව අසවු යැයි කියා ධර්මය දේශනා කළේය.

සත්‍ථා සච‍්චපරිභාවිතං මුඛරතනං විවරිත්‍වා තං ධම‍්මදෙසනං මධුරෙන සරෙන කොසලරඤ‍්ඤො ආවි කරොන‍්තො –

ශාස්තෲන් වහන්සේ සත්‍යයෙන් වඩනා ලද උතුම් මුව විවෘත කර ඒ දේශනාව මිහිරි හඬින් කොසොල් රජුට ප්‍රකට කරන සේක්.

“දස ඛලු ඉමානි ඨානානි, යානි පුබ‍්බෙ අකරිත්‍වා; ස පච‍්ඡා මනුතප‍්පති, ඉච‍්චෙවාහ ජනසන්‍ධො.

දසඛලු ඉමානි ඨානානි යානි පුබ්බෙ අකරිත්‍වා, සපච්ඡා මනු තප්පති ඉච්චාහ රාජා ජනසන්‍ධො

1. යමෙක් පළමුව කළයුතු යම් මේ දසකරුණු නොකර හෙතෙම පසුව පසුතැවිලි වෙයි යයි ජනසන්ද රජු කීවේය.

“අලද‍්ධා විත‍්තං තප‍්පති, පුබ‍්බෙ අසමුදානිතං; න පුබ‍්බෙ ධනමෙසිස‍්සං, ඉති පච‍්ඡානුතප‍්පති.

2. පළමුව (තරුණ වියෙහිදී) රැස් නොකරන ලද ධනය නොලැබ තැවෙයි. මවිසින් පෙරකල්හි ධනය නොසෙවුවෙමියි කියා පසුව පසුතැවිලි වේ.

“සක්‍යරූපං පුරෙ සන‍්තං, මයා සිප‍්පං න සික‍්ඛිතං; කිච‍්ඡා වුත‍්ති අසිප‍්පස‍්ස, ඉති පච‍්ඡානුතප‍්පති.

3. පෙර මා විසින් හැකියාව ඇත්තේම ශිල්පයන් ඉගෙනීම නොකරන ලදි. (ඉගන ගන්නා ලද) ශිල්පයෙන් තොර වූවහුට දිවිපැවැත්ම දුකකැයි පසුතැවිලි වේ.

“කූටවෙදී පුරෙ ආසිං, පිසුණො පිට‍්ඨිමංසිකො; චණ‍්ඩො ච ඵරුසො චාපි, ඉති පච‍්ඡානුතප‍්පති.

4. (මම) පෙර (තලාකූට මානකූට ආදී) වංචනික කටයුතු ඇත්තේ වූයෙමි. කේලාම් කීවෙමි. නොහමුවෙහි දොස් කියන්නෙක් (පිටෙහි මස්කන) සත්ත්වයන් කෙරෙහි කාරුණික පැවැත්ම නැත්තෙක් වූයෙමි යි සිතා පසුතැවිලි වේ.

“පාණාතිපාතී පුරෙ ආසිං, ලුද‍්දො චාපි අනාරියො; භූතානං නාපචායිස‍්සං, ඉති පච‍්ඡානුතප‍්පති.

“බහූසු වත සන‍්තීසු, අනාපාදාසු ඉත්‍ථිසු; පරදාරං අසෙවිස‍්සං, ඉති පච‍්ඡානුතප‍්පති.

5. විවාහයට පත් නොවූ බොහෝ ස්ත්‍රීන් ඇති කල්හි අන් අඹුවන් සේවනය කළෙමි යයි සිතා පසුතැවිලි වේ.

“බහුම‍්හි වත සන‍්තම‍්හි, අන‍්නපානෙ උපට‍්ඨිතෙ; න පුබ‍්බෙ අදදං දානං, ඉති පච‍්ඡානුතප‍්පති.

6. ලබන ලද බොහෝ ආහාරපාන ඇතිකල්හිදී පවා පෙර දන් නො දුන්නෙමි යයි සිතා පසුතැවිලි වේ.

“මාතරං පිතරං චාපි, ජිණ‍්ණකං ගතයොබ‍්බනං; පහු සන‍්තො න පොසිස‍්සං, ඉති පච‍්ඡානුතප‍්පති.

7. බොහෝ ධනය ඇත්තේ නමුදු දිරාපත් වූ පහවූ යොවුන් බව ඇති මව ද පියා ද පෝෂණය නො කළෙමියි කියා පසුතැවිලි වේ.

“ආචරියමනුසත්‍ථාරං , සබ‍්බකාමරසාහරං; පිතරං අතිමඤ‍්ඤිස‍්සං, ඉති පච‍්ඡානුතප‍්පති.

8. අනුශාසනා කරන්නා වූ ආචාර්යවරයාද කැමති සියළු දේ ගෙන දෙන්නා වූ පියාද ඉක්මවා සිතුවෙමියි සිතා පසුතැවිලි වේ.

“සමණෙ බ්‍රාහ‍්මණෙ චාපි, සීලවන‍්තෙ බහුස‍්සුතෙ; න පුබ‍්බෙ පයිරුපාසිස‍්සං, ඉති පච‍්ඡානුතප‍්පති.

9. ශ්‍රමණයන් වහන්සේලා ද බ්‍රාහ්මණයන් ද සිල්වතුන් ද බොහෝ ඇසූපිරූ තැන් ඇති අයද පෙර ඇසුරු නොකළෙමියි සිතා පසුතැවිලි වේ.

“සාධු හොති තපො චිණ‍්ණො, සන‍්තො ච පයිරුපාසිතො; න ච පුබ‍්බෙ තපො චිණ‍්ණො, ඉති පච‍්ඡානුතප‍්පති.

10. තපස පුරුදු පුහුණු කරන ලද්දේ මැනවි. සිල්වතුන් ආශ්‍රය කිරීමද මැනවි. පෙර ඒ තපස පුරුදු නොකරන ලද්දේ වෙමියි සිතා පසුතැවිලි වේ.

“යො ච එතානි ඨානානි, යොනිසො පටිපජ‍්ජති; කරං පුරිසකිච‍්චානි, ස පච‍්ඡා නානුතප‍්පතී”ති. – ඉමා ගාථා ආහ;

11. යමෙක් මේ කරුණු නුවණින් විමසා බලා පිළිපදීද පුරුෂයන් විසින් කළයුතු කටයුතු කරන්නා වූ හෙතෙම පසුව පසුතැවිලි නොවේ යි.

තත්‍ථ ඨානානීති කාරණානි. පුබ‍්බෙති පඨමමෙව අකරිත්‍වා. ස පච‍්ඡා මනුතප‍්පතීති සො පඨමං කත‍්තබ‍්බානං අකාරකො පුග‍්ගලො පච‍්ඡා ඉධලොකෙපි පරලොකෙපි තප‍්පති කිලමති. “පච‍්ඡා වා අනුතප‍්පතී”තිපි පාඨො. ඉච‍්චෙවාහාති ඉති එවං ආහාති පදච‍්ඡෙදො, ඉති එවං රාජා ජනසන්‍ධො අවොච. ඉච‍්චස‍්සුහාතිපි පාඨො. තත්‍ථ අස‍්සු-කාරො නිපාතමත‍්තං ඉති අස‍්සු ආහාති පදච‍්ඡෙදො. ඉදානි තානි දස තපනීයකාරණානි පකාසෙතුං බොධිසත‍්තස‍්ස ධම‍්මකථා හොති. තත්‍ථ පුබ‍්බෙති පඨමමෙව තරුණකාලෙ පරක‍්කමං කත්‍වා අසමුදානිතං අසම‍්භතං ධනං මහල‍්ලකකාලෙ අලභිත්‍වා තප‍්පති සොචති, පරෙ ච සුඛිතෙ දිස‍්වා සයං දුක‍්ඛං ජීවන‍්තො “පුබ‍්බෙ ධනං න පරියෙසිස‍්ස”න‍්ති එවං පච‍්ඡා අනුතප‍්පති, තස‍්මා මහල‍්ලකකාලෙ සුඛං ජීවිතුකාමා දහරකාලෙයෙව ධම‍්මිකානි කසිකම‍්මාදීනි කත්‍වා ධනං පරියෙසථාති දස‍්සෙති.

මේ ගාථාවන් කීවේය. ඨානානි යනු කාරණාවන්ය. පුබ්බෙ යනු පළමුව. අකරිත්‍වා ස පච්ඡාමනුතප්පති යනු පළමුව කළයුතු කාරණාවන් නොකළ ඒ පුද්ගලයා පසු මෙලොවදී ද පරලොවදී ද තැවෙයි. ක්ලාන්ත වෙයි. පච්ඡා වා අනුතප්පති යනුද පෙළ වේ. ඉච්චාහ යනු ජනසන්‍ධ රජු මෙසේ කීවේය. ඉච්චසුහා යනුද පෙළකි. එහි ‘සු’ කාරය නිපාතයක් පමණි. ඉච්චාසු+ආහ යනු පද බෙදීමයි. දැන් ඒ තැවීමට හේතුවන කරුණු දහය කීම ම බෝසතුන්ගේ ධර්මකථාව වෙයි. එහි පුබ්බෙ යනු පළමුවම. තරුණ කාලයෙහි උත්සාහකොට. අසමුදානිතං හටනොගත් ධනය මහළු කල නොලැබ තැවෙයි. ශෝක කරයි. සුවපත් වූ අන්‍යයන් දැක තෙමේ දුකසේ ජීවත්වන්නේ පෙර ධනය නොසෙවුවෙමි යි. මෙසේ පසුව තැවුලියට පත්වේ. එහෙයින් මහළු කළ සුවසේ ජීවත්වනු කැමැත්තෝ තරුණ කාලයෙහිදීම දැහැමි කෘෂිකර්ම ආදිය කොට ධනය සොයවු යයි දක්වයි.

පුරෙ සන‍්තන‍්ති පුරෙ දහරකාලෙ ආචරියෙ පයිරුපාසිත්‍වා මයා කාතුං සක්‍යරූපං සමානං හත්‍ථිසිප‍්පාදිකං කිඤ‍්චි සිප‍්පං න සික‍්ඛිතං. කිච‍්ඡාති මහල‍්ලකකාලෙ අසිප‍්පස‍්ස දුක‍්ඛා ජීවිතවුත‍්ති, නෙව සක‍්කා තදා සිප‍්පං සික‍්ඛිතුං, තස‍්මා මහල‍්ලකකාලෙ සුඛං ජීවිතුකාමා තරුණකාලෙයෙව සිප‍්පං සික‍්ඛථාති දස‍්සෙති. කුටවෙදීති කූටජානනකො ගාමකූටකො වා ලොකස‍්ස අනත්‍ථකාරකො වා තුලාකූටාදිකාරකො වා කූටට‍්ටකාරකො වාති අත්‍ථො. ආසින‍්ති එවරූපො අහං පුබ‍්බෙ අහොසිං. පිසුණොති පෙසුඤ‍්ඤකාරණො. පිට‍්ඨිමංසිකොති ලඤ‍්ජං ගහෙත්‍වා අසාමිකෙ සාමිකෙ කරොන‍්තො පරෙසං පිට‍්ඨිමංසඛාදකො. ඉති පච‍්ඡාති එවං මරණමඤ‍්චෙ නිපන‍්නො අනුතප‍්පති , තස‍්මා සචෙ නිරයෙ න වසිතුකාමාත්‍ථ, මා එවරූපං පාපකම‍්මං කරිත්‍ථාති ඔවදති.

පුරෙ සන්තං යනු පෙර තරුණ කාලයෙහි ආචාර්යවරුන් ඇසුරුකොට මා විසින් කරන්නට හැකි ස්වරූපයේ ඇත්ශිල්ප ආදී වූ කිසි ශිල්පයක් පුහුණු නොවුනි. කිච්ඡා යනු මහළු කල ශිල්ප නැත්තහුට දිවිපැවැත්ම දුකකි. එකල්හි ශිල්ප ඉගෙනීමට නොහැකිය. එහෙයින් මහළු කල සැපසේ ජීවත්වනු කැමැත්තෝ තරුණ කාලයෙහිදීම ශිල්පයන් ඉගෙන ගනිමු යයි දක්වයි. කූට වෙදී යනු වංචනික කටයුතු දන්නා වු ගැමි සොරෙක් හෝ ලෝකයට අවැඩ කරන්නා වූ තරාදි ආදියෙන් වංචා කරන්නෙක් හෝ බොරු නඩු ගෙන යන්නෙක් හෝ යන අර්ථයි. ආසිං යනු මම පෙර මෙවැන්නෙක් වීමි. පිසුණෝ කේලාම් කියා එකිනෙකා බිඳුවන්නෙක්. පිට්ඨිමංසිකො අල්ලස් ගෙන හිමිකරු නොවන්නන් හිමිකරුවන් කරමින් අනුන්ගේ පිටෙහි මස් කපන්නෙක් ඉති පච්ඡා යනු මෙසේ මරණ මංචකයෙහි හොත්තේ පසුතැවිලි වේ. එහෙයින් ඔහු ඒකාන්තයෙන් නිරයෙහි වසනු නොකැමති වන්නහු නම් මේ පවිටු ක්‍රියා නොකරවු යයි අවවාද කරයි.

ලුද‍්දොති දාරුණො. අනාරියොති න අරියො නීචසමාචාරො. නාපචායිස‍්සන‍්ති ඛන‍්තිමෙත‍්තානුද‍්දයවසෙන නීචවුත‍්තිකො නාහොසිං. සෙසං පුරිමනයෙනෙව යොජෙතබ‍්බං. අනාපාදාසූති ආපාදානං ආපාදො, පරිග‍්ගහොති අත්‍ථො. නත්‍ථි ආපාදො යාසං තා අනාපාදා, අඤ‍්ඤෙහි අකතපරිග‍්ගහාසූති අත්‍ථො. උපට‍්ඨිතෙති පච‍්චුපට‍්ඨිතෙ. න පුබ‍්බෙති ඉතො පුබ‍්බෙ දානං න අදදං. පහු සන‍්තොති ධනබලෙනාපි කායබලෙනාපි පොසිතුං සමත්‍ථො පටිබලො සමානො. ආචරියන‍්ති ආචාරෙ සික‍්ඛාපනතො ඉධ පිතා “ආචරියො”ති අධිප‍්පෙතො. අනුසත්‍ථාරන‍්ති අනුසාසකං. සබ‍්බකාමරසාහරන‍්ති සබ‍්බෙ වත්‍ථුකාමරසෙ ආහරිත්‍වා පොසිතාරං. අතිමඤ‍්ඤිස‍්සන‍්ති තස‍්ස ඔවාදං අගණ‍්හන‍්තො අතික‍්කමිත්‍වා මඤ‍්ඤිස‍්සං.

ලුද්දො යනු දරුණු. අනාරියො යනු උතුම් නොවූ. පහත් හැසිරීම් ඇති. නාවදායිස්සං යනු ඉවසීම. මෛත්‍රිය, කරුණාව වශයෙන් පහත් පැවතුම් ඇත්තෙක් නොවීමි. සෙස්ස පළමු පරිද්දෙන්ම යෙදිය යුතුය. අනපාදාසු යනු විපත්තීන් ඇති කරන්නා සහකරු යයි යන අර්ථයි. යම් තැනැත්තියකට පෝෂණය කරන්නෙක් නැත්ද ඈලා අනාපාද නම් වේ. අන්‍යයන් විසින් නොකරන ලද අයත් කරගැනීම් ඇත්තන් කෙරෙහි යන අර්ථයි. උපට්ඨිතෙ යනු එළඹි කල්හි. න පුබ්බෙ යනු මින් පෙර දන් නොදුනිමි. පහූසන්තො යනු ධන බලයෙන්ද කාය බලයෙන්ද පෝෂණය කරන්නට සමර්ථ වූයේම ශක්තිමත් වූයේම ආචරියං යනු හැසිරීමෙහි හික්මවීම නිසා පියාද ආචාර්යය යයි අදහස් කෙෙර්. අනුසත්‍ථාරං යනු අනුශාසනා කරන. සබ්බකාම රස හරං යනු සියළු කාම වස්තු රසයන් ගෙනවුත් දී පෝෂණය කරන. අති මඤ්ඤිස්සං යනු ඔහුගේ අවවාදයන් නොගන්නේ ඔහු ඉක්මවා සිතුවෙමි.

න පුබ‍්බෙති ඉතො පුබ‍්බෙ ධම‍්මිකසමණබ්‍රාහ‍්මණෙපි ගිලානාගිලානෙපි චීවරාදීනි දත්‍වා අප‍්පටිජග‍්ගනෙන න පයිරුපාසිස‍්සං. තපොති සුචරිතතපො. සන‍්තොති තීහි ද‍්වාරෙහි උපසන‍්තො සීලවා. ඉදං වුත‍්තං හොති – තිවිධසුචරිතසඞ‍්ඛාතො තපො චිණ‍්ණො එවරූපො ච උපසන‍්තො පයිරුපාසිතො නාම සාධු සුන්‍දරො. න පුබ‍්බෙති මයා දහරකාලෙ එවරූපො තපො න චිණ‍්ණො, ඉති පච‍්ඡා ජරාජිණ‍්ණො මරණභයතජ‍්ජිතො අනුතප‍්පති සොචති. සචෙ තුම‍්හෙ එවං න සොචිතුකාමා, තපොකම‍්මං කරොථාති වදති. යො ච එතානීති යො පන එතානි දස කාරණානි පඨමමෙව උපායෙන පටිපජ‍්ජති සමාදාය වත‍්තති, පුරිසෙහි කත‍්තබ‍්බානි ධම‍්මිකකිච‍්චානි කරොන‍්තො සො අප‍්පමාදවිහාරී පුරිසො පච‍්ඡා නානුතප‍්පති, සොමනස‍්සප‍්පත‍්තොව හොතීති.

න පුබ්බෙ යනු මින් පෙර දැහැමි බ්‍රාහ්මණ ශ්‍රමණයන් කෙරෙහිද ගිලන් නොගිලුන් කෙරෙහිද සිවුරු ආදිය දී පිළිදැගුම් නොකිරීමෙන්. ඇසුරු නොකළෙමි. තපො යනු සුසිරිත් නම් වූ තපසයි. සන්තො යනු කය ආදී වූ දොරටුවලින් සන්සිඳුනේ සිල්වත් වූයේ, මෙය කියන ලද්දේ වෙයි. ත්‍රිවිධ සුචරිත සංඛ්‍යාත වූ තපස පුරුදු කරන ලද්දේද මෙබඳු වූ උපශාන්තයා ඇසුරු කිරීමද යෙහෙකි. සුන්‍දරය. න පුබ්බෙ යනු මා විසින් තරුණ කාලයෙහි මෙබඳු තපසක් පුරුදු නොකරන ලදි. පසුව ජරාවෙන් දිරාපත් වූයේ මරණ බියෙන් තැති ගත්තේ තැවෙයි. ශෝක කරයි. ඉදින් තෙපි මෙසේ ශෝක කරනු නොකැමැත්තෝද තවුස්කම් කරවු යයි කියයි. යොච එතානි යනු යමෙක් මේ කරුණු දහය පළමුව උපක්‍රමයෙන් පිළිපදීද සමාදන් වී පවතීද පුරුෂයන් විසින් කළයුතු දැහැමි කටයුතු කරන්නේ අප්‍රමාදීව වාසය කරන ඒ පුරුෂයා පසුව නොතැවෙයි. සොම්නසට පතු වූයේම වෙයි යනුයි.

ඉති මහාසත‍්තො අන්‍වද‍්ධමාසං ඉමිනා නියාමෙන මහාජනස‍්ස ධම‍්මං දෙසෙසි. මහාජනොපිස‍්ස ඔවාදෙ ඨත්‍වා තානි දස ඨානානි පූරෙත්‍වා සග‍්ගපරායණොව අහොසි.

මෙසේ මහාසත්ත්ව තෙමේ මේ ක්‍රමයෙන් අඩමසකට වරක් මහජනයාට ධර්මය දේශනා කළේය. මහජනයාද ඔහුගේ අවවාදයෙහි සිට ඒ දසකරුණු සම්පූර්ණ කොට දෙව්ලොව පිහිටකොට ඇත්තෝ වූවාය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “එවං, මහාරාජ, පොරාණකපණ‍්ඩිතා අනාචරියකාපි අත‍්තනො මතියාව ධම‍්මං දෙසෙත්‍වා මහාජනං සග‍්ගපථෙ පතිට‍්ඨාපෙසු”න‍්ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා පරිසා බුද‍්ධපරිසා අහෙසුං, ජනසන්‍ධරාජා පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා මහරජතුමනි, මෙසේ පැරණි පණ්ඩිතයෝ ආචාර්යවරු නැත්තේම තමාගේ අදහසින් ධර්මය දේශනා කර මහජනයා දෙව්ලොවෙහි පිහිටවූහයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි පිරිස බුද්ධ පිරිස වීය. ජනසන්‍ධ රජු මම ම වීමි යයි වදාළ සේක.

ජනසන්‍ධජාතකවණ‍්ණනා පඤ‍්චමා.