යෙදුමෙන් කියවන්න

4. කාමජාතකවණ‍්ණනා 467 අට‍්ඨකථා

4. කාමජාතකවණ‍්ණනා (467)

4. කාම ජාතකය (467)

කාමං කාමයමානස‍්සාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අඤ‍්ඤතරං බ්‍රාහ‍්මණං ආරබ‍්භ කථෙසි. එකො කිර සාවත්‍ථිවාසී බ්‍රාහ‍්මණො අචිරවතීතීරෙ ඛෙත‍්තකරණත්‍ථාය අරඤ‍්ඤං කොටෙසි. සත්‍ථා තස‍්ස උපනිස‍්සයං දිස‍්වා සාවත්‍ථිං පිණ‍්ඩාය පවිසන‍්තො මග‍්ගා ඔක‍්කම‍්ම තෙන සද‍්ධිං පටිසන්‍ථාරං කත්‍වා “කිං කරොසි බ්‍රාහ‍්මණා”ති වත්‍වා “ඛෙත‍්තට‍්ඨානං කොටාපෙමි භො, ගොතමා”ති වුත‍්තෙ “සාධු, බ්‍රාහ‍්මණ, කම‍්මං කරොහී”ති වත්‍වා අගමාසි. එතෙනෙව උපායෙන ඡින‍්නරුක‍්ඛෙ හාරෙත්‍වා ඛෙත‍්තස‍්ස සොධනකාලෙ කසනකාලෙ කෙදාරබන්‍ධනකාලෙ වපනකාලෙති පුනප‍්පුනං ගන‍්ත්‍වා තෙන සද‍්ධිං පටිසන්‍ථාරමකාසි. වපනදිවසෙ පන සො බ්‍රාහ‍්මණො “අජ‍්ජ, භො ගොතම, මය‍්හං වප‍්පමඞ‍්ගලං, අහං ඉමස‍්මිං සස‍්සෙ නිප‍්ඵන‍්නෙ බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දස‍්සාමී”ති ආහ. සත්‍ථා තුණ‍්හීභාවෙන අධිවාසෙත්‍වා පක‍්කාමි. පුනෙකදිවසං බ්‍රාහ‍්මණො සස‍්සං ඔලොකෙන‍්තො අට‍්ඨාසි. සත්‍ථාපි තත්‍ථ ගන‍්ත්‍වා “කිං කරොසි බ්‍රාහ‍්මණා”ති පුච‍්ඡිත්‍වා “සස‍්සං ඔලොකෙමි භො ගොතමා”ති වුත‍්තෙ “සාධු බ්‍රාහ‍්මණා”ති වත්‍වා පක‍්කාමි. තදා බ්‍රාහ‍්මණො චින‍්තෙසි “සමණො ගොතමො අභිණ‍්හං ආගච‍්ඡති, නිස‍්සංසයං භත‍්තෙන අත්‍ථිකො, දස‍්සාමහං තස‍්ස භත‍්ත”න‍්ති. තස‍්සෙවං චින‍්තෙත්‍වා ගෙහං ගතදිවසෙ සත්‍ථාපි තත්‍ථ අගමාසි. අථ බ්‍රාහ‍්මණස‍්ස අතිවිය විස‍්සාසො අහොසි. අපරභාගෙ පරිණතෙ සස‍්සෙ “ස‍්වෙ ඛෙත‍්තං ලායිස‍්සාමී”ති සන‍්නිට‍්ඨානං කත්‍වා නිපන‍්නෙ බ්‍රාහ‍්මණෙ අචිරවතියා උපරි සබ‍්බරත‍්තිං කරකවස‍්සං වස‍්සි. මහොඝො ආගන‍්ත්‍වා එකනාළිමත‍්තම‍්පි අනවසෙසං කත්‍වා සබ‍්බං සස‍්සං සමුද‍්දං පවෙසෙසි. බ්‍රාහ‍්මණො ඔඝම‍්හි පතිතෙ සස‍්සවිනාසං ඔලොකෙත්‍වා සකභාවෙන සණ‍්ඨාතුං නාහොසි, බලවසොකාභිභූතො හත්‍ථෙන උරං පහරිත්‍වා පරිදෙවමානො රොදන‍්තො නිපජ‍්ජි.

කාමං කාමය මානස්ස යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් එක්තරා බ්‍රාහ්මණයෙක් අරභයා දේශනා කළ සේක. සැවැත්නුවර වැසි එක් බ්‍රාහ්මණයෙක් අචිරවතී ගංගා තීරයෙහි කුඹුරු කිරීම පිණිස වනය කෙටවීය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ හේතු සම්පත් දැක සැවැත්නුවර පිණ්ඩපාතයෙහි පිවිසෙන්නේ මාර්ගයෙන් ඉවත් වී ඔහු සමග පිළිසඳර කොට බ්‍රාහ්මණය, කුමක් කරහිදැයි කියා භවත් ගෞතමයෙනි, කෙතකට සුදුසු තැනක් කොටවමියි කී කල්හි බ්‍රාහ්මණය, මැනවි. කර්මාන්තය කරවයි කියා වැඩිය සේක. මේ ක්‍රමයෙන් සිඳූ ගස් ඉවත්කොට කෙත පිරිසිදු කරන කාලයෙහි සී සාන කාලයෙහි කුඹුර බඳින කල්හි වපුරන කල්හි යයි නැවත නැවත ගොස් ඔහු සමග පිළිසඳරෙහි යෙදුන සේක. බ්‍රාහ්මණයා වපුරන කාලයෙහි භවත් ගෞතමයනි, අද මගේ වප් මගුලයි. මම මෙහි ධාන්‍යයන් උපන් කල්හි බුද්ධප්‍රමුඛ මහා සංඝයාට මහා දානයක් දෙන්නෙමි යි කීවේය. ශාස්තෲන් වහන්සේ ඉවසා වැඩි සේක. නැවත එක්දිනක් ධාන්‍යයන් බලන්නා වූ බ්‍රාහ්මණයා වෙත ගොස් බ්‍රාහ්මණය, කුමක් කරහිදැයි විමසා භවත් ගෞතමයෙනි, ධාන්‍ය බලමියි කී කල්හි බ්‍රාහ්මණය මැනවයි කියා වැඩිය සේක. එකල්හි බ්‍රාහ්මණයා සිතුවේය. ශ්‍රමණ භවත් ගෞතමයෝ නිතර පැමිණෙති. නිසැකයෙන්ම බතින් වැඩක් ඇත්තෙකි. ඔහුට බත් දෙන්නෙමියි. ඔහු මෙසේ සිතා ගෙට ගිය දවසෙහි ශාස්තෲන් වහන්සේද එහි වැඩිය සේක. ඉක්බිති බ්‍රාහ්මණයාට අතිශයින් විශ්වාසයක් උපන්නේය. මෑත කාලයෙහි ධාන්‍ය පැසුන කල්හි කෙත කපන්නෙමුයි සනිටුහන් කර බ්‍රාහ්මණයා නිදිගත් කල්හි මුළු රැයෙහි අචිරවතී ගංගාව මත්තෙහි හිමවැස්සක් වැස්සේය. මහත් දිය ප්‍රවාහයක් පැමිණ එක් නැළියක් පමණද ඉතිරි නොකර සියළු ධාන්‍ය මුහුදට පිවිසවීය. බ්‍රාහ්මණයා දිය ප්‍රවාහය පැමිණි කල්හි ධාන්‍ය විනාශය බලා ස්වකීය ප්‍රකෘති ස්වභාවයෙන්ම සිටින්නට නොහැකි වීය. බලවත් වූ ශෝකයෙන් මඩනා ලද්දේ අතින් පපුවට ගසා හඬමින් ගෙදරට ගොස් වැලපෙමින් හොත්තේය.

සත්‍ථා පච‍්චූසසමයෙ සොකාභිභූතං බ්‍රාහ‍්මණං දිස‍්වා “බ්‍රාහ‍්මණස‍්සාවස‍්සයො භවිස‍්සාමී”ති පුනදිවසෙ සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පිණ‍්ඩපාතපටික‍්කන‍්තො භික‍්ඛූ විහාරං පෙසෙත්‍වා පච‍්ඡාසමණෙන සද‍්ධිං තස‍්ස ගෙහද‍්වාරං අගමාසි. බ්‍රාහ‍්මණො සත්‍ථු ආගතභාවං සුත්‍වා “පටිසන්‍ථාරත්‍ථාය මෙ සහායො ආගතො භවිස‍්සතී”ති පටිලද‍්ධස‍්සාසො ආසනං පඤ‍්ඤපෙසි. සත්‍ථා පවිසිත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසීදිත්‍වා “බ්‍රාහ‍්මණ, කස‍්මා ත්‍වං දුම‍්මනොසි, කිං තෙ අඵාසුක”න‍්ති පුච‍්ඡි. භො ගොතම, අචිරවතීතීරෙ මයා රුක‍්ඛච‍්ඡෙදනතො පට‍්ඨාය කතං කම‍්මං තුම‍්හෙ ජානාථ, අහං “ඉමස‍්මිං සස‍්සෙ නිප‍්ඵන‍්නෙ තුම‍්හාකං දානං දස‍්සාමී”ති විචරාමි, ඉදානි මෙ සබ‍්බං තං සස‍්සං මහොඝො සමුද‍්දමෙව පවෙසෙසි, කිඤ‍්චි අවසිට‍්ඨං නත්‍ථි, සකටසතමත‍්තං ධඤ‍්ඤං විනට‍්ඨං, තෙන මෙ මහාසොකො උප‍්පන‍්නොති. “කිං පන, බ්‍රාහ‍්මණ, සොචන‍්තස‍්ස නට‍්ඨං පුනාගච‍්ඡතී”ති. “නො හෙතං භො ගොතමා”ති. “එවං සන‍්තෙ කස‍්මා සොචසි, ඉමෙසං සත‍්තානං ධනධඤ‍්ඤං නාම උප‍්පජ‍්ජනකාලෙ උප‍්පජ‍්ජති, නස‍්සනකාලෙ නස‍්සති, කිඤ‍්චි සඞ‍්ඛාරගතං අනස‍්සනධම‍්මං නාම නත්‍ථි, මා චින‍්තයී”ති. ඉති නං සත්‍ථා සමස‍්සාසෙත්‍වා තස‍්ස සප‍්පායධම‍්මං දෙසෙන‍්තො කාමසුත‍්තං (සු· නි· 772 ආදයො) කථෙසි. සුත‍්තපරියොසානෙ සොචන‍්තො බ්‍රාහ‍්මණො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. සත්‍ථා තං නිස‍්සොකං කත්‍වා උට‍්ඨායාසනා විහාරං අගමාසි. “සත්‍ථා අසුකං නාම බ්‍රාහ‍්මණං සොකසල‍්ලසමප‍්පිතං නිස‍්සොකං කත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙසී”ති සකලනගරං අඤ‍්ඤාසි. භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, දසබලො බ්‍රාහ‍්මණෙන සද‍්ධිං මිත‍්තං කත්‍වා විස‍්සාසිකො හුත්‍වා උපායෙනෙව තස‍්ස සොකසල‍්ලසමප‍්පිතස‍්ස ධම‍්මං දෙසෙත්‍වා තං නිස‍්සොකං කත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාපෙසී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපාහං එතං නිස‍්සොකමකාසි”න‍්ති වත්‍වා අතීතං ආහරි.

ශාස්තෲන් වහන්සේ අලුයම් කාලයෙහි ශෝකයෙන් මඩනා ලද බමුණා දැක බමුණාට පිහිට වන්නෙමියි දෙවන දවස්හි සැවැත්නුවර පිඬු පිණිස හැසිරී පිණ්ඩපාතයෙන් වැළකුණු සේක් භික්‍ෂූන් විහාරයට යවා පිටුපසින් පැමිණෙන එක් භික්‍ෂුවක සමග ඔහුගේ ගෙදොරට වැඩි සේක. බමුණා (බුදුරදුන්) පැමිණි බව අසා පිළිසඳර සඳහා මගේ යහළුවා පැමිණියේ වන්නේයැයි ලබන ලද අස්වැසිලි ඇත්තේ අසුනක් පැනවීය. ශාස්තෲන් වහන්සේ පිවිස පණවන ලද ආසනයෙහි බ්‍රාහ්මණය, කුමක් හෙයින් දුබල වූයෙහිද? තොපට කවර අපහසුවක්දැයි විචාළේය. භවත් ගෞතමයෙනි, අචිරවතී ගංතෙර මා විසින් ගස් සිඳීමෙහි පටන් කරන ලද කර්මාන්තය නුඹ වහන්සේ දන්නහුය. මම මෙහි ශස්‍යයන් උපන්කල්හි නුඹවහන්සේට දානයක් දෙන්නෙමියි හැසුරුනෙමි. දැන් ඒ මගේ සියළු ශස්‍යය මහත් ජල ප්‍රවාහය මුහුදට පිවිසවීය. කිසිවක් ඉතිරි වූයේ නොවෙයි. ගැල් සියයක් පමණ ධාන්‍ය විනාශ වීය. එහෙයින් මට මහත් වූ ශෝකයක් උපන්නේයයි කීය. බ්‍රාහ්මණය, කිම ශෝක වන්නහුගේ විනාශ වූ දෙය නැවත පැමිණෙන්නේද? භවත් ගෞතමය, එය එසේ නොවේ. මෙසේ ඇති කල්හි කුමක් හෙයින් ශෝක කරහිද? මේ සත්ත්වයන්ට ධන ධාන්‍ය නම් උපදින කල්හි උපදී. නැසෙන කල්හි නැසේ. සංස්කාර ගතවූ කිසිවක් නොනැසෙන ස්වභාව ඇත්තේ නම් නැත. නොසිතුවයි මෙසේ ශාස්තෲන් වහන්සේ ඔහු සනසා ඔහුට සුදුසු ධර්මයක් දේශනා කරන සේක් කාමසූත්‍රයදේශනා කළ සේක. සුත්‍රය අවසානයට යන කල්හි බ්‍රාහ්මණයා සෝවාන් ඵලයෙහි පිහිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහු ශෝක නැති අයෙකු කොට අසුනෙන් නැගී විහාරයට වැඩි සේක. ශාස්තෲන් වහන්සේ ශෝකය නැමති හුලෙන් යුක්ත වූ අසවල් බ්‍රාහ්මණයා ශෝක නැති අයෙකු කොට සෝවාන් ඵලයෙහි පිහිටුවූයේ යයි සියළු නුවර දත්තේය. භික්‍ෂූහු දම් සභාවෙහිදී ඇවැත්නි, දසබලධාරීන් වහන්සේ බමුණා සමඟ මිතුරු බව කොට විශ්වාසයෙක් වී උපක්‍රමයෙන්ම ශෝක නැමති හුලෙන් යුක්ත වූ ඔහුට ධර්මය දේශනා කර ශෝක නැත්තෙකු කර සෝවාන් ඵලයෙහි පිහිටූ සේක යයි කථාවෙක් නැංවූවාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා, මෙනම් වූවෙකනැයි කීකල්හි මහණෙනි, මම මොහු ශෝක නැතියෙක් කළේ දැන් පමණක් නොවේ. පෙරද කළෙමි යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තස‍්ස රඤ‍්ඤො ද‍්වෙ පුත‍්තා අහෙසුං. සො ජෙට‍්ඨකස‍්ස උපරජ‍්ජං අදාසි, කනිට‍්ඨස‍්ස සෙනාපතිට‍්ඨානං. අපරභාගෙ බ්‍රහ‍්මදත‍්තෙ කාලකතෙ අමච‍්චා ජෙට‍්ඨකස‍්ස අභිසෙකං පට‍්ඨපෙසුං. සො “න මය‍්හං රජ‍්ජෙනත්‍ථො, කනිට‍්ඨස‍්ස මෙ දෙථා”ති වත්‍වා පුනප‍්පුනං යාචියමානොපි පටික‍්ඛිපිත්‍වා කනිට‍්ඨස‍්ස අභිසෙකෙ කතෙ “න මෙ ඉස‍්සරියෙනත්‍ථො”ති උපරජ‍්ජාදීනිපි න ඉච‍්ඡි. “තෙන හි සාදූනි භොජනානි භුඤ‍්ජන‍්තො ඉධෙව වසාහී”ති වුත‍්තෙපි “න මෙ ඉමස‍්මිං නගරෙ කිච‍්චං අත්‍ථී”ති බාරාණසිතො නික‍්ඛමිත්‍වා පච‍්චන‍්තං ගන‍්ත්‍වා එකං සෙට‍්ඨිකුලං නිස‍්සාය සහත්‍ථෙන කම‍්මං කරොන‍්තො වසි. තෙ අපරභාගෙ තස‍්ස රාජකුමාරභාවං ඤත්‍වා කම‍්මං කාතුං නාදංසු, කුමාරපරිහාරෙනෙව තං පරිහරිංසු. අපරභාගෙ රාජකම‍්මිකා ඛෙත‍්තප‍්පමාණග‍්ගහණත්‍ථාය තං ගාමං අගමංසු. සෙට‍්ඨි රාජකුමාරං උපසඞ‍්කමිත්‍වා “සාමි, මයං තුම‍්හෙ පොසෙම, කනිට‍්ඨභාතිකස‍්ස පණ‍්ණං පෙසෙත්‍වා අම‍්හාකං බලිං හාරෙථා”ති ආහ. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා “අහං අසුකසෙට‍්ඨිකුලං නාම උපනිස‍්සාය වසාමි, මං නිස‍්සාය එතෙසං බලිං විස‍්සජ‍්ජෙහී”ති පණ‍්ණං පෙසෙසි. රාජා “සාධූ”ති වත්‍වා තථා කාරෙසි.

අතීතයෙහි බ්‍රහ්මදත්ත රජුට පුත්තු දෙදෙනෙක් වූහ. ඔහු වැඩිමහල් කුමාරයාට යුවරජ තනතුර දුන්නේය. කණිටු කුමාරයාට සෙන්පති තනතුර දුන්නේය. මෑත කාලයෙහි බ්‍රහ්මදත්ත රජු කාලක්‍රියා කළ කල්හි ඇමතියෝ වැඩිමහල් කුමාරයා අභිෂේකයෙහි පිහිටවූහ. හෙතෙම මට රාජ්‍යයෙන් වැඩක් නැතැයි යුවරජ තනතුර ආදියද නොකැමති වීය. එසේ වී නම් යහපත් බොජුන් බුදිමින් මෙහිම වාසය කරව යයි කී කල්හි මට මේ නගරයෙහි වැඩක් නැතැයි බරණැස් නුවරින් නික්මී ප්‍රත්‍යන්තයට ගොස් එක් සිටු කුලයක් ඇසුරුකොට සිය අතින් කර්මාන්ත කරමින් වාසය කෙළේය. මෑත කාලයෙහි ඔවුහු ඔහුගේ කුමාර බව දැන වැඩ කිරීමට නොදුන්හ. කුමාර ලීලාවෙන්ම ඔහු රැක ගත්හ. මෑත කාලයෙහි රාජකාරියෙහි නිරත පුද්ගලයෝ කුඹුරු ප්‍රමාණය ගැනීම පිණිස ඒ ගමට ගියාහුය. සිටුතුමා රාජ කුමාරයා වෙත එළඹ ස්වාමීනි, අපි ඔබ පෝෂණය කරමු. බාල සොහොවුරාට හසුනක් යවා අප අයබදුවලින් මුදව යයි කීය. හෙතෙම මැනවයි පිළිගෙන මම අසවල් සිටුකුලය ඇසුරුකොට වසමි. මා නිසා මොවුන්ගේ අයබදු අත්හරුව යයි හසුනක් යැවීය. රජු මැනවයි කියා එසේ කරවීය.

අථ නං සකලගාමවාසිනොපි ජනපදවාසිනොපි උපසඞ‍්කමිත්‍වා “මයං තුම‍්හාකඤ‍්ඤෙව බලිං දස‍්සාම, අම‍්හාකම‍්පි සුඞ‍්කං විස‍්සජ‍්ජාපෙහී”ති ආහංසු. සො තෙසම‍්පි අත්‍ථාය පණ‍්ණං පෙසෙත්‍වා විස‍්සජ‍්ජාපෙසි. තතො පට‍්ඨාය තෙ තස‍්සෙව බලිං අදංසු. අථස‍්ස මහාලාභසක‍්කාරො අහොසි, තෙන සද‍්ධිඤ‍්ඤෙවස‍්ස තණ‍්හාපි මහතී ජාතා. සො අපරභාගෙපි සබ‍්බං ජනපදං යාචි, උපඩ‍්ඪරජ‍්ජං යාචි, කනිට‍්ඨොපි තස‍්ස අදාසියෙව. සො තණ‍්හාය වඩ‍්ඪමානාය උපඩ‍්ඪරජ‍්ජෙනපි අසන‍්තුට‍්ඨො “රජ‍්ජං ගණ‍්හිස‍්සාමී”ති ජනපදපරිවුතො තං නගරං ගන‍්ත්‍වා බහිනගරෙ ඨත්‍වා “රජ‍්ජං වා මෙ දෙතු යුද‍්ධං වා”ති කනිට‍්ඨස‍්ස පණ‍්ණං පහිණි. කනිට‍්ඨො චින‍්තෙසි “අයං බාලො පුබ‍්බෙ රජ‍්ජම‍්පි උපරජ‍්ජාදීනිපි පටික‍්ඛිපිත්‍වා ඉදානි ‘යුද‍්ධෙන ගණ‍්හාමී’ති වදති, සචෙ ඛො පනාහං ඉමං යුද‍්ධෙන මාරෙස‍්සාමි, ගරහා මෙ භවිස‍්සති, කිං මෙ රජ‍්ජෙනා”ති. අථස‍්ස “අලං යුද‍්ධෙන, රජ‍්ජං ගණ‍්හතූ”ති පෙසෙසි. සො රජ‍්ජං ගණ‍්හිත්‍වා කනිට‍්ඨස‍්ස උපරජ‍්ජං දත්‍වා තතො පට‍්ඨාය රජ‍්ජං කාරෙන‍්තො තණ‍්හාවසිකො හුත්‍වා එකෙන රජ‍්ජෙන අසන‍්තුට‍්ඨො ද‍්වෙ තීණි රජ‍්ජානි පත්‍ථෙත්‍වා තණ‍්හාය කොටිං නාද‍්දස.

ඉක්බිති සියළු ගම්වැසියෝ ද ජනපදවාසීහු ද ඔහු වෙත එළඹ අපි තොපටම අයබදු දෙමි. අප ද අයබදුවලින් නිදහස් කරව යයි කීවාහුය. හෙතෙමේද ඔවුන් සඳහාද හසුනක් යවා නිදහස් කරවීය. එතැන් පටන් ඔවුහු ඔහුටම අයබදු දුන්හ. ඉක්බිති ඔහුටම මහත් වූ ලාභසත්කාර උපන්නේය. ඒ සමගම ඔහුගේ තෘෂ්ණාවද මහත් වූවාය. හෙතෙම මෑත කාලයෙහි ඒ මුළු ජනපදයම ඉල්වීය. රාජ්‍යයෙන් භාගයක් ඉල්වීය. බාල සොහොවුරාද ඔහුට දුන්නේමය. ඔහු තෘෂ්ණාව වැඩෙනකල්හි යුවරජකමෙන් සතුටු නොවූයේ රාජ්‍යය ගන්නෙමියි ජනපද පිරිවරා ගොස් පිටත නගරයෙහි සිට මට රාජ්‍යය හෝ දෙව. යුද්ධය හෝ කරවයි බාල සොහොවුරාට හසුනක් යැවීය. බාල සොහොවුරා සිතීය. මේ අඥානයා පෙර රාජ්‍යයද යුවරජ තනතුරද ප්‍රතික්‍ෂේප කර දැන් යුද්ධයෙන් ගනිමි යයි කියයි. ඉදින් මම මොහු යුද්ධයෙන් මරන්නෙම් නම් මට නින්දාවක් වන්නේය. මට රාජ්‍යයෙන් කවර ප්‍රයෝජනයක්දැයි. ඉක්බිති “යුද්ධයෙන් කම් නැත. රාජ්‍යය ගනුව” යයි ඔහුට කියා යැවීය. හෙතෙම රාජ්‍යය ගෙන බාල සොහොවුරාට යුවරාජ්‍යය දී එතැන් පටන් රාජ්‍යය කරන්නේ තෘෂ්ණාවට වසඟ වූවෙක් වී එක් රාජ්‍යයකින් සතුටු නොවූයේ රාජ්‍යයන් දෙකතුනක් ප්‍රාර්ථනය කොට තෘෂ්ණාවෙහි කෙළවරක් නො දුටුවේය.

තදා සක‍්කො දෙවරාජා “කෙ නු ඛො ලොකෙ මාතාපිතරො උපට‍්ඨහන‍්ති, කෙ දානාදීනි පුඤ‍්ඤානි කරොන‍්ති, කෙ තණ‍්හාවසිකා”ති ඔලොකෙන‍්තො තස‍්ස තණ‍්හාවසිකභාවං ඤත්‍වා “අයං බාලො බාරාණසිරජ‍්ජෙනපි න තුස‍්සති, අහං සික‍්ඛාපෙස‍්සාමි න”න‍්ති මාණවකවෙසෙන රාජද‍්වාරෙ ඨත්‍වා “එකො උපායකුසලො මාණවො ද‍්වාරෙ ඨිතො”ති ආරොචාපෙත්‍වා “පවිසතූ”ති වුත‍්තෙ පවිසිත්‍වා රාජානං ජයාපෙත්‍වා “කිංකාරණා ආගතොසී”ති වුත‍්තෙ “මහාරාජ තුම‍්හාකං කිඤ‍්චි වත‍්තබ‍්බං අත්‍ථි, රහො පච‍්චාසීසාමී”ති ආහ. සක‍්කානුභාවෙන තාවදෙව මනුස‍්සා පටික‍්කමිංසු. අථ නං මාණවො “අහං, මහාරාජ, ඵීතානි ආකිණ‍්ණමනුස‍්සානි සම‍්පන‍්නබලවාහනානි තීණි නගරානි පස‍්සාමි, අහං තෙ අත‍්තනො ආනුභාවෙන තෙසු රජ‍්ජං ගහෙත්‍වා දස‍්සාමි, පපඤ‍්චං අකත්‍වා සීඝං ගන‍්තුං වට‍්ටතී”ති ආහ. සො තණ‍්හාවසිකො රාජා “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා සක‍්කානුභාවෙන “කො වා ත්‍වං, කුතො වා ආගතො, කිං වා තෙ ලද‍්ධුං වට‍්ටතී”ති න පුච‍්ඡි. සොපි එත‍්තකං වත්‍වා තාවතිංසභවනමෙව අගමාසි.

එකල්හි ශක්‍රදෙව්රජු ලෝකයෙහි කවරෙක් මව්පියන්ට උපස්ථාන කෙරෙත්ද කවරෙක් දානාදී පිංකම් කෙරෙත්ද කවරෙක් තෘෂ්ණාවට වසඟ වූවෝ වෙත්දැයි බලන්නේ ඔහුගේ තෘෂ්ණාවසඟ බව දැන මේ මෝඩයා බරණැස් රාජ්‍යයෙන් සතුටු නොවේ. ඔහු හික්මවන්නෙමියි මානවකයෙකු (තරුණයෙකු) ගේ වේශයෙන් රජ දොරටුවෙහි සිට උපායෙහි දක්‍ෂ එක් මානවකයෙක් දොරටු සිටියේ යයි දන්වා, පිවිසෙවයි කී කල්හි පිවිස රජුට ජය පතා කවර කරුණක් වෙනුවෙන් පැමිණියෙහිදැයි කී කල්හි මහරජතුමණි, ඔබට කිවයුතු කිසිවක් ඇත. රහසිගතව කීමට බලාපොරොත්තු වෙමියි කීය. ශක්‍රයාගේ ආනුභාවයෙන් මිනිස්සු එකෙනෙහිම ඉවත්ව ගියාහුය. ඉක්බිති තරුණයා (කියනුයේ) මහරජතුමණි, මම සමෘද්ධිමත් වූ මිනිසුන්ගෙන් ගැවසී ගත් සේනා හා යුද්ධ රථයන්ගෙන් යුත් නගර තුනක් දකිමි. මම තමාගේ බලමහිමයෙන් ඒවායේ රාජ්‍යය ගෙන තොපට දෙමි. ප්‍රමාද නොකර වහා යෑමට වටනේ යයි කීය. ලෝභ වසඟ වූ රජු මැනවයි පිළිගෙන ශක්‍රයාගේ බලමහිමයෙන් ඔබ කවරෙක් වෙහිද ඔබ කොහි සිට පැමිණියේද ඔබ කවරක් ලබන්නට වටනේදැයි නො ඇසීය. හෙතමේද මෙපමණක් කියා තව්තිසා භවනයටම ගියේය.

රාජා අමච‍්චෙ පක‍්කොසාපෙත්‍වා “එකො මාණවො ‘අම‍්හාකං තීණි රජ‍්ජානි ගහෙත්‍වා දස‍්සාමී’ති ආහ, තං පක‍්කොසථ, නගරෙ භෙරිං චරාපෙත්‍වා බලකායං සන‍්නිපාතාපෙථ, පපඤ‍්චං අකත්‍වා තීණි රජ‍්ජානි ගණ‍්හිස‍්සාමී”ති වත්‍වා “කිං පන තෙ, මහාරාජ, තස‍්ස මාණවස‍්ස සක‍්කාරො වා කතො, නිවාසට‍්ඨානං වා පුච‍්ඡිත”න‍්ති වුත‍්තෙ “නෙව සක‍්කාරං අකාසිං, න නිවාසට‍්ඨානං පුච‍්ඡිං, ගච‍්ඡථ නං උපධාරෙථා”ති ආහ. උපධාරෙන‍්තා නං අදිස‍්වා “මහාරාජ, සකලනගරෙ මාණවං න පස‍්සාමා”ති ආරොචෙසුං. තං සුත්‍වා රාජා දොමනස‍්සජාතො “තීසු නගරෙසු රජ‍්ජං නට‍්ඨං, මහන‍්තෙනම‍්හි යසෙන පරිහීනො, ‘නෙව මෙ පරිබ‍්බයං අදාසි, න ච පුච‍්ඡි නිවාසට‍්ඨාන’න‍්ති මය‍්හං කුජ‍්ඣිත්‍වා මාණවො අනාගතො භවිස‍්සතී”ති පුනප‍්පුනං චින‍්තෙසි. අථස‍්ස තණ‍්හාවසිකස‍්ස සරීරෙ ඩාහො උප‍්පජ‍්ජි, සරීරෙ පරිඩය‍්හන‍්තෙ උදරං ඛොභෙත්‍වා ලොහිතපක‍්ඛන්‍දිකා උදපාදි. එකං භාජනං පවිසති, එකං නික‍්ඛමති, වෙජ‍්ජා තිකිච‍්ඡිතුං න සක‍්කොන‍්ති, රාජා කිලමති. අථස‍්ස බ්‍යාධිතභාවො සකලනගරෙ පාකටො අහොසි.

රජ අමාත්‍යයන් කැඳවා එක් මානවකයෙක් අපට රාජ්‍ය තුනක් ගෙන දෙමියි කීවේය. ඔහු කැඳවවු. නුවරෙහි බෙර හසුරුවා බලසෙනඟ රැස්කරවු. ප්‍රමාද නොකර රාජ්‍යයන් තුන ගන්නෙමියි කියා මහරජතුමනි, කිම? තොප ඒ මානවකයාට සත්කාර හෝ කරන ලදද? වාසය කරන තැන හෝ විමසන ලදදැයි කී කල්හි සත්කාර නොකළෙමි. වාසය කරන තැන නො විමසුවෙමි. යවු ඔහු සොයා බලවු යයි කීවේය. (ඔවුහු) සොයන්නාහු නොදැක මහරජතුමනි, සියළු නගරයෙහි මානවකයා නොදකිමුයි දැන්වූහ. රජු ඒ අසා දොම්නසට පත් වූයේ නගර තුනෙහි රාජ්‍යය නැසුනි. මහත් වූ යසසින් පිරිහුනේ වෙමි. මා විසින් වියදම නොදුන්නේය. වසන තැන නොවිමසුවේ යයි මානවකයා මා කෙරෙහි කිපී ගියේ වන්නේ යයි නැවත නැවතත් සිතුවේය. ඉක්බිති තෘෂ්ණා වසඟ වූ ඔහුගේ සිරුරෙහි ඩහදිය උපන්නේය. සිරුර දැවෙන කල්හි බඩ කැළඹී ලේ අතීසාරය හටගත්තේය. එක් බඳුනක් පිවිසෙයි. එකක් පිටවෙයි. වෛද්‍යවරු ප්‍රතිකාර කරන්නට අපොහොසත් වෙති. රජු ක්ලාන්ත වෙයි. ඉක්බිති ඔහුගේ රෝගී බව සියළු නගරයෙහි ප්‍රකට වීය.

තදා බොධිසත‍්තො තක‍්කසිලතො සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා බාරාණසිනගරෙ මාතාපිතූනං සන‍්තිකං ආගතො තං රඤ‍්ඤො පවත‍්තිං සුත්‍වා “අහං තිකිච‍්ඡිස‍්සාමී”ති රාජද‍්වාරං ගන‍්ත්‍වා “එකො කිර තරුණමාණවො තුම‍්හෙ තිකිච‍්ඡිතුං ආගතො”ති ආරොචාපෙසි. රාජා “මහන‍්තමහන‍්තා දිසාපාමොක‍්ඛවෙජ‍්ජාපි මං තිකිච‍්ඡිතුං න සක‍්කොන‍්ති, කිං තරුණමාණවො සක‍්ඛිස‍්සති, පරිබ‍්බයං දත්‍වා විස‍්සජ‍්ජෙථ න”න‍්ති ආහ. තං සුත්‍වා මාණවො “මය‍්හං වෙජ‍්ජකම‍්මෙන වෙතනං නත්‍ථි, අහං තිකිච‍්ඡාමි, කෙවලං භෙසජ‍්ජමූලමත‍්තං දෙතූ”ති ආහ. තං සුත්‍වා රාජා “සාධූ”ති පක‍්කොසාපෙසි. මාණවො රාජානං වන්‍දිත්‍වා “මා භායි, මහාරාජ, අහං තෙ තිකිච‍්ඡාමි, අපිච ඛො පන මෙ රොගස‍්ස සමුට‍්ඨානං ආචික‍්ඛාහී”ති ආහ. රාජා හරායමානො “කිං තෙ සමුට‍්ඨානෙන, භෙසජ‍්ජං එව කරොහී”ති ආහ. මහාරාජ, වෙජ‍්ජා නාම “අයං බ්‍යාධි ඉමං නිස‍්සාය සමුට‍්ඨිතො”ති ඤත්‍වා අනුච‍්ඡවිකං භෙසජ‍්ජං කරොන‍්තීති. රාජා “සාධු තාතා”ති සමුට‍්ඨානං කථෙන‍්තො “එකෙන මාණවෙන ආගන‍්ත්‍වා තීසු නගරෙසු රජ‍්ජං ගහෙත්‍වා දස‍්සාමී”තිආදිං කත්‍වා සබ‍්බං කථෙත්‍වා “ඉති මෙ තාත, තණ‍්හං නිස‍්සාය බ්‍යාධි උප‍්පන‍්නො, සචෙ තිකිච‍්ඡිතුං සක‍්කොසි, තිකිච‍්ඡාහී”ති ආහ. කිං පන මහාරාජ, සොචනාය තානි නගරානි සක‍්කා ලද‍්ධුන‍්ති? “න සක‍්කා තාතා”ති. “එවං සන‍්තෙ කස‍්මා සොචසි, මහාරාජ, සබ‍්බමෙව හි සවිඤ‍්ඤාණකාවිඤ‍්ඤාණකවත්‍ථුං අත‍්තනො කායං ආදිං කත්‍වා පහාය ගමනීයං , චතූසු නගරෙසු රජ‍්ජං ගහෙත්‍වාපි ත්‍වං එකප‍්පහාරෙනෙව න චතස‍්සො භත‍්තපාතියො භුඤ‍්ජිස‍්සසි, න චතූසු සයනෙසු සයිස‍්සසි, න චත‍්තාරි වත්‍ථයුගානි අච‍්ඡාදෙස‍්සසි, තණ‍්හාවසිකෙන නාම භවිතුං න වට‍්ටති, අයඤ‍්හි තණ‍්හා නාම වඩ‍්ඪමානා චතූහි අපායෙහි මුච‍්චිතුං න දෙතීති.

එකල්හි බෝධිසත්ත්වයෝ තක්‍ෂිලාවෙන් සියළු ශිල්ප ඉගෙන බරණැස් නුවර මව්පියන් සමීපයට පැමිණියේ රජුගේ ඒ ප්‍රවෘත්තිය අසා මම ප්‍රතිකාර කරන්නෙමියි රජ දොරටුවට ගොස් එක් මානවකයෙක් ඔබට ප්‍රතිකාර කරන්නට ආවේ යයි දන්වා යැවීය. රජු, මහත් මහත් වූ දිසාපාමොක් වෛද්‍යවරුද මට ප්‍රතිකාර කරන්නට නොහැකි වෙති. තරුණ මානවකයෙක් කුමක් කරන්නේදැයි වියදම දී ඔහු පිටත් කර හරිවු යයි කීවේය. මානවකයා ඒ අසා මට වෛද්‍යවරයා සඳහා වූ වැටුපෙන් වැඩක් නැත. මම ප්‍රතිකාර කරන්නෙමි. හුදෙක් බෙහෙත් මිල පමණක් දෙවයි කීවේය. රජු ඒ අසා මැනවයි කැඳවාපීය. මානවකයා රජු මැද මහරජතුමනි, බිය නොවන්න. මම ඔබට ප්‍රතිකාර කරමි. එතකුදු වුවත් මට රෝගයේ හටගැනීමට හේතුවූ කරුණු කියවයි කීය. රජු ලැජ්ජාවට පත්වූයේ තොපට හටගැනීමට හේතුවූ කරුණින් කවර ප්‍රයෝජනයක්ද? බෙහෙත් කරවයි කීය. මහරජ, වෛද්‍යවරු මේ රෝගය මේ නිසා හටගත්තේ යයි දැන ඊට සුදුසු වූ බෙහෙතක් කරත්යි කීය. රජු දරුව මැනවයි රෝගය හට ගැනීමට කරුණු කියන්නේ එක් මානවකයෙකු අවුත් නගර තුනක රාජ්‍යය ගෙන දෙමියි ආදීකොට සියල්ල කියා දරුව, මෙසේ මාගේ තෘෂ්ණාව නිසා රෝගය උපන්නේය. ඉදින් ප්‍රතිකාර කරන්නට පොහොසත් නම් ප්‍රතිකාර කරව යයි කීවේය. මහරජතුමනි, කිම ශෝක කිරීමෙන් ඒ නගර ලබන්නට හැකිද? දරුව, නොහැකිය. මෙසේ ඇතිකල්හි කුමක් හෙයින් ශෝක කෙරෙහිද. මහරජතුමනි, තමාගේ ශරීරය ආදීකොට ඇති සියළු අවිඤ්ඤානක වස්තු අත්හැර යා යුතුය. ඔබ නගර සතරක රාජ්‍යය ගෙන ද එකවර බත් තලි සතරක් අනුභව නො කරන්නෙහි ය. ඇඳන් සතරක නො නිදන්නෙහිය. වස්ත්‍ර යුගලයන් සතරක් නොඅඳින්නෙහිය. තෘෂ්ණාවට වසඟ වූවෙකු නම් වන්නට නොසුදුසුය. මේ තෘෂ්ණාව වැඩෙන්නී සතර අපායෙන් මිදෙන්නට නො දෙන්නීය යි.

ඉති නං මහාසත‍්තො ඔවදිත්‍වා අථස‍්ස ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අභාසි –

මෙසේ මහා සත්ත්වතෙමේ ඔහුට අවවාද දී ඉක්බිති ඔහුට ධර්මය දේශනා කරන්නේ,

“කාමං කාමයමානස‍්ස, තස‍්ස චෙ තං සමිජ‍්ඣති; අද‍්ධා පීතිමනො හොති, ලද‍්ධා මච‍්චො යදිච‍්ඡති.

කාමං කාමය මානස්ස - තස්ස චෙතං සමිජ්ක්‍ධති, අද්ධා පීතිමනො හොති - ලද්ධා මච්ඡො යදිච්චති

1. ඉදින් වස්තුකාමය හා ක්ලේශ කාමය පතන්නා වූ පුද්ගලයාට එය සමෘද්ධ වේනම්, මිනිසා යමක් කැමති වේනම් එය ලබන ලද්දේ ඒකාන්තයෙන් සතුටු සිත් ඇත්තෙක් වේ.

“කාමං කාමයමානස‍්ස, තස‍්ස චෙ තං සමිජ‍්ඣති; තතො නං අපරං කාමෙ, ඝම‍්මෙ තණ‍්හංව වින්‍දති.

2. ඉදින් වස්තුකාමය හා ක්ලේශකාමය පතන්නා වූ පුද්ගලයාට එය සමෘද්ධ වේනම්, අනතුරුව ග්‍රීෂ්ම කාලයෙහි පීඩාවට පත් වූවහුගේ පිපාසය මෙන් අන්‍ය වූ කාම වස්තූන් විඳින්නේය.

“ගවංව සිඞ‍්ගිනො සිඞ‍්ගං, වඩ‍්ඪමානස‍්ස වඩ‍්ඪති; එවං මන්‍දස‍්ස පොසස‍්ස, බාලස‍්ස අවිජානතො; භිය්‍යො තණ‍්හා පිපාසා ච, වඩ‍්ඪමානස‍්ස වඩ‍්ඪති.

3. වැඩෙන්නා වූ අං ඇති, ගවයාගේ අඟ ගවයාගේ වැඩීමත් සමඟ වැඩේ. මෙසේ මන්‍දබුද්ධික වූ මෝඩ වූ නොදන්නා වූ වැඩෙන්නා වූ පුරුෂයාගේ තෘෂ්ණාවද (ග්‍රීෂ්මයෙහි) පිපාසය මෙන් බෙහෙවින් වැඩේ.

“පථබ්‍යා සාලියවකං, ගවාස‍්සං දාසපොරිසං; දත්‍වා ච නාලමෙකස‍්ස, ඉති විද‍්වා සමං චරෙ.

4. පොළොවෙහි හැල්වී, යව ආදී වූ ධාන්‍ය ද ගව අශ්වයන්ද, දාස පුරුෂයන්ද එකෙකුට දී නමුත් සෑහීමකට පත්නොවන බව දැන නුවණැති තැනැත්තා කාය සමාචාර ආදියෙහි හැසිරෙන්නේය.

“රාජා පසය‍්හ පථවිං විජිත්‍වා, සසාගරන‍්තං මහිමාවසන‍්තො; ඔරං සමුද‍්දස‍්ස අතිත‍්තරූපො, පාරං සමුද‍්දස‍්සපි පත්‍ථයෙථ.

5. රජු බලහත්කාරයෙන් පොළොව දිනා සයුර කෙළවර කොට ඇති පොළොවට අධිපතිව වාසය කරන්නේ මුහුදෙන් මෙතරට තෘප්තිමත් නොවූයේ මුහුදෙන් එතරද පතන්නේය.

“යාව අනුස‍්සරං කාමෙ, මනසා තිත‍්ති නාජ‍්ඣගා; තතො නිවත‍්තා පටික‍්කම‍්ම දිස‍්වා, තෙ වෙ සුතිත‍්තා යෙ පඤ‍්ඤාය තිත‍්තා.

6. යමෙක් කාම වස්තූන් සිහි කරන්නේ සිතින් තෘප්තියට නොගියේද (ඔහු අනතුරුව) ඒ කාමයන්ගෙන් නැවතී (ආදීනවයන් දැක) ඉන් ඉවත්වී යමෙක් ප්‍රඥාවෙන් තෘප්තිමත් වෙත්ද, ඔවුහු ඒකාන්තයෙන් තෘප්තිමත් වූවාහු වෙති.

“පඤ‍්ඤාය තිත‍්තිනං සෙට‍්ඨං, න සො කාමෙහි තප‍්පති; පඤ‍්ඤාය තිත‍්තං පුරිසං, තණ‍්හා න කුරුතෙ වසං.

7. තෘප්තිමත් වන්නවුන් අතර ප්‍රඥාවෙන් තෘප්තිමත් වීම උතුම්ය. හෙතෙම කාමය නිසා නොතැවේ. තෘෂ්ණාව ප්‍රඥාවෙන් තෘප්තිමත් පුරුෂයා වසඟ නොකරයි.

“අපචිනෙථෙව කාමානං, අප‍්පිච‍්ඡස‍්ස අලොලුපො; සමුද‍්දමත‍්තො පුරිසො, න සො කාමෙහි තප‍්පති.

8. කාමයන් විනාශ කරව. අල්පේච්ඡ වෙව. ලොල් නොවන්නේය. ප්‍රඥාවෙන් මුහුද වැනි ඒ පුරුෂයා කාමයන් නිසා නොතැවේ.

“රථකාරොව චම‍්මස‍්ස, පරිකන‍්තං උපාහනං; යං යං චජති කාමානං, තං තං සම‍්පජ‍්ජතෙ සුඛං; සබ‍්බඤ‍්චෙ සුඛමිච‍්ඡෙය්‍ය, සබ‍්බෙ කාමෙ පරිච‍්චජෙ”ති.

9. සම් කපමින් පාවහන් තනන සම්කරුවෙකු මෙන් යමක් යමක් හරනේද එය එය සැප එළවයි. ඉදින් සියළු සැප කැමැත්තේද සියළු කාමයන් හරනේය.

මේ ගාථාවෙන් කීහ.

තත්‍ථ කාමන‍්ති වත්‍ථුකාමම‍්පි කිලෙසකාමම‍්පි. කාමයමානස‍්සාති පත්‍ථයමානස‍්ස. තස‍්ස චෙ තං සමිජ‍්ඣතීති තස‍්ස පුග‍්ගලස‍්ස තං කාමිතවත්‍ථු සමිජ‍්ඣති චෙ, නිප‍්ඵජ‍්ජති චෙති අත්‍ථො. තතො නං අපරං කාමෙති එත්‍ථ නන‍්ති නිපාතමත‍්තං. අපරන‍්ති පරභාගදීපනං. කාමෙති උපයොගබහුවචනං. ඉදං වුත‍්තං හොති – සචෙ කාමං කාමයමානස‍්ස තං කාමිතවත්‍ථු සමිජ‍්ඣති, තස‍්මිං සමිද‍්ධෙ තතො පරං සො පුග‍්ගලො කාමයමානො යථා නාම ඝම‍්මෙ ගිම‍්හකාලෙ වාතාතපෙන කිලන‍්තො තණ‍්හං වින්‍දති, පානීයපිපාසං පටිලභති, එවං භිය්‍යො කාමතණ‍්හාසඞ‍්ඛාතෙ කාමෙ වින්‍දති පටිලභති, රූපතණ‍්හාදිකා තණ‍්හා චස‍්ස වඩ‍්ඪතියෙවාති. ගවංවාති ගොරූපස‍්ස විය. සිඞ‍්ගිනොති මත්‍ථකං පදාලෙත්‍වා උට‍්ඨිතසිඞ‍්ගස‍්ස. මන්‍දස‍්සාති මන්‍දපඤ‍්ඤස‍්ස. බාලස‍්සාති බාලධම‍්මෙ යුත‍්තස‍්ස. ඉදං වුත‍්තං හොති – යථා වච‍්ඡකස‍්ස වඩ‍්ඪන‍්තස‍්ස සරීරෙනෙව සද‍්ධිං සිඞ‍්ගං වඩ‍්ඪති, එවං අන්‍ධබාලස‍්සපි අප‍්පත‍්තකාමතණ‍්හා ච පත‍්තකාමපිපාසා ච අපරාපරං වඩ‍්ඪතීති.

එහි කාමං යනු වස්තුකාමයද ක්ලේශ කාමයද වේ. කාමයමානස්ස යනු පතන්නහුගේ තස්ස චෙතං සමිජ්ඣතී යනු ඒ පුද්ගලයාගේ ඒ කාමී බැවින් යුත් වස්තුව සමෘද්ධි වන්නේද නිපදවන්නේදැයි අර්ථයි. තතො නං අපරං කාමෙති යන මෙහි නං යනු නිපාත මාත්‍රයකි. අපරං යනු දෙවන කොටස දැක්වීමයි. කාමෙ යනු සම්බන්ධ කිරීමෙහි බහුවචනයි. මෙය කියන ලද්දේ වෙයි. ඉදින් කාමවස්තුව කැමති වන්නහුට ඒ කැමති වූ වස්තුව සමෘද්ධ වෙයිද එය සමෘද්ධ වූ කල්හි ඉන් අනතුරුව ඒ පුද්ගලයා කැමති වන්නේ යම්සේද. සම්මෙ ග්‍රීෂ්ම කාලයෙහි වාතයෙන් හා අව්වෙන් ක්ලාන්ත වූයේ තණ්හං වින්‍දති පැන් පවස ලබයිද මෙසේ බොහෝකොට කාමතෘෂ්ණා සංඛ්‍යාත ඒ කාමයන් විඳියි. ලබයි. රූප තෘෂ්ණාව ආදී වූ ඔහුගේ තෘෂ්ණාව වැඩෙත්මය. ගවං චා යනු ගවයෙකුගේ මෙන්. සඞ්ගිනො යනු හිසමත පළා නැගී සිටි අඟෙහි මන්‍දසස යනු මඳ වූ ප්‍රඥා ඇත්තහුගේ. බාලස්ස යනු මෝඩ ස්වභාවයෙහි යුක්ත වූවහුගේ. මෙය කියන ලද්දේ වෙයි. යම්සේ වැඩෙන්නා වූ වස්සාගේ සිරුර සමග අඟද වැඩෙයි. මෙසේ අඳබාලයාගේ නොපැමිණි කාම තෘෂ්ණාවද පැමිණි කාම පිපාසයද මතුමත්තේ වැඩෙයි.

සාලියවකන‍්ති සාලිඛෙත‍්තයවඛෙත‍්තං. එතෙන සාලියවාදිකං සබ‍්බං ධඤ‍්ඤං දස‍්සෙති, දුතියපදෙන සබ‍්බං ද‍්විපදචතුප‍්පදං දස‍්සෙති. පඨමපදෙන වා සබ‍්බං අවිඤ‍්ඤාණකං, ඉතරෙන සවිඤ‍්ඤාණකං. දත්‍වා චාති දත්‍වාපි. ඉදං වුත‍්තං හොති – තිට‍්ඨන‍්තු තීණි රජ‍්ජානි, සචෙ සො මාණවො අඤ‍්ඤං වා සකලම‍්පි පථවිං සවිඤ‍්ඤාණකාවිඤ‍්ඤාණකරතනපූරං කස‍්සචි දත්‍වා ගච‍්ඡෙය්‍ය, ඉදම‍්පි එත‍්තකං වත්‍ථු එකස‍්සෙව අපරියන‍්තං, එවං දුප‍්පූරා එසා තණ‍්හා නාම. ඉති විද‍්වා සමං චරෙති එවං ජානන‍්තො පුරිසො තණ‍්හාවසිකො අහුත්‍වා කායසමාචාරාදීනි පූරෙන‍්තො චරෙය්‍ය.

සාලි, යවකං යනු හැල් කෙත. යවකෙත. මෙයින් හැල්-යව ආදී සියළු ධාන්‍ය දක්වයි. දෙවන පදයෙන් සියළු දෙපා සිවුපා සතුන් දක්වයි. පළමු පාදයෙන් සියළු අවිඤ්ඤාණක වස්තු හෝ අන් පදයෙන් සවිඤ්ඤාණක සතුන් හෝ දක්වයි. දත්‍වා යනු දී ද. මෙය කියන ලද්දේ වෙයි. රාජ්‍යයන් තුන සිටීවා. ඉදින් ඒ මානවකයා මේ සියළු පොළොව හෝ සවිඤ්ඤාණක අවිඤ්ඤාණක රුවන් පිරි මෙපමණක් කෙළවරක් නැති අනික් වස්තුවක් හෝ කිසියම් එකෙකුටම දී යන්නේය. මෙසේ මේ තෘෂ්ණාව නම් දුකසේ සම්පූර්ණ කළ යුතු එකකි. ඉති විද්වා සමඤ්චරෙ යනු මෙසේ දැනුවත් වූ පුරුෂයා තෘෂ්ණාවට වසඟ වූවෙක් නොවී කායසමාචාර ආදිය පුරන්නේ සම චර්යාවෙහි යෙදෙන්නේය යි.

ඔරන‍්ති ඔරිමකොට‍්ඨාසං පත්‍වා තෙන අතිත‍්තරූපො පුන සමුද‍්දපාරම‍්පි පත්‍ථයෙථ. එවං තණ‍්හාවසිකසත‍්තා නාම දුප‍්පූරාති දස‍්සෙති. යාවාති අනියාමිතපරිච‍්ඡෙදො. අනුස‍්සරන‍්ති අනුස‍්සරන‍්තො. නාජ‍්ඣගාති න වින්‍දති. ඉදං වුත‍්තං හොති – මහාරාජ, පුරිසො අපරියන‍්තෙපි කාමෙ මනසා අනුස‍්සරන‍්තො තිත‍්තිං න වින්‍දති, පත‍්තුකාමොව හොති, එවං කාමෙසු සත‍්තානං තණ‍්හා වඩ‍්ඪතෙව. තතො නිවත‍්තාති තතො පන වත්‍ථුකාමකිලෙසකාමතො චිත‍්තෙන නිවත‍්තිත්‍වා කායෙන පටික‍්කම‍්ම ඤාණෙන ආදීනවං දිස‍්වා යෙ පඤ‍්ඤාය තිත‍්තා පරිපුණ‍්ණා, තෙ තිත‍්තා නාම.

ඔරං යනු මෙතෙර කොටසට පැමිණ ඉන් අතෘප්තිමත් වූයේ නැවත මුහුදෙහි එතෙරද පතන්නේය. මෙසේ තෘෂ්ණාවෙන් වසඟ වූ සත්‍වයෝ නම් දුකසේ සම්පූර්ණ කළයුත්තෝයි දක්වයි. යාච යනු නියමයක් නැත. සීමාවයි. අනුස්සරං යනු සිහි කරන්නේ. නාජ්ක්‍ධගා යනු නොවිඳියි. මෙය කියන ලද්දේ වෙයි. මහරජතුමනි, පුරුෂයා සීමා රහිත කාමයන් සිතින් සිහි කරන්නේ තෘප්තියක් නො විඳී. ලබනු කැමැත්තේම වෙයි. මෙසේ කාමයන් පිළිබඳ සත්‍වයන්ගේ තෘෂ්ණාව වැඩේමය. තතො නිවත්තා යනු ඒ වස්තුකාම ක්ලේශ කාමයන්ගෙන් සිතින් නැවතී කයෙන් ඉවත්වී නුවණින් ආදීනව දැක යමෙක් ප්‍රඥාවෙන් තෘප්තිමත් වූවාහුද සම්පූර්ණ වූවාහුද ඔවුහුම තෘප්තිමත් වූවාහු නම් වෙති.

පඤ‍්ඤාය තිත‍්තිනං සෙට‍්ඨන‍්ති පඤ‍්ඤාය තිත‍්තීනං අයං පරිපුණ‍්ණසෙට‍්ඨො, අයමෙව වා පාඨො. න සො කාමෙහි තප‍්පතීති “න හී”තිපි පාඨො. යස‍්මා පඤ‍්ඤාය තිත‍්තො පුරිසො කාමෙහි න පරිඩය‍්හතීති අත්‍ථො. න කුරුතෙ වසන‍්ති තාදිසඤ‍්හි පුරිසං තණ‍්හා වසෙ වත‍්තෙතුං න සක‍්කොති, ස‍්වෙව පන තණ‍්හාය ආදීනවං දිස‍්වා සරභඞ‍්ගමාණවො විය ච අඩ‍්ඪමාසකරාජා විය ච තණ‍්හාවසෙ න පවත‍්තතීති අත්‍ථො. අපචිනෙථෙවාති විද‍්ධංසෙථෙව. සමුද‍්දමත‍්තොති මහතියා පඤ‍්ඤාය සමන‍්නාගතත‍්තා සමුද‍්දප‍්පමාණො. සො මහන‍්තෙන අග‍්ගිනාපි සමුද‍්දො විය කිලෙසකාමෙහි න තප‍්පති න ඩය‍්හති.

පඤ්ඤාය තත්තිනං සෙට්ඨං යනු නුවණින් තෘප්තිමත් වන්නවුන්ට මෙයම පිරිපුන් වේ. ශ්‍රේෂ්ඨය. මෙයට පෙළ වේ. න සො කාමෙහි කප්පති යනු මෙහි “නහි” යයිද පෙළ වේ. යම් හෙයකින් ප්‍රඥාවෙන් තෘප්තිමත් වූ පුරුෂයා කාමයන්ගෙන් නොදැවෙයි යන අර්ථයි. නකුරුතෙ වසං යනු එබඳු පුරුෂයාට තෘෂ්ණා වසඟයෙහි පවතින්නට නොහැකි වෙයි. හෙෙතමේ තෘෂ්ණාවෙහි ආදීනව දැක ගංගාමාල මෙන්ද අද්ධමාසක රජු මෙන්ද තෘෂ්ණා වසඟයෙහි නො පවතී යන අර්ථයි. අපචිනෙ ථෙවා යනු විනාශ කරව. සමුද්ද මත්තො යනු මහත් වූ නුවණින් යුක්ත වන හෙයින් මුහුද පමණ වූයේ ඔහු මහ ගින්නෙන් මුහුද මෙන් කෙලෙස් කාමයන්ගෙන් නො තැවෙයි. නො දැවෙයි.

රථකාරොති චම‍්මකාරො. පරිකන‍්තන‍්ති පරිකන‍්තන‍්තො. ඉදං වුත‍්තං හොති – යථා චම‍්මකාරො උපාහනං පරිකන‍්තන‍්තො යං යං චම‍්මස‍්ස අගය‍්හූපගට‍්ඨානං හොති, තං තං චජිත්‍වා උපාහනං කත්‍වා උපාහනමූලං ලභිත්‍වා සුඛිතො හොති, එවමෙව පණ‍්ඩිතො චම‍්මකාරසත්‍ථසදිසාය පඤ‍්ඤාය කන‍්තන‍්තො යං යං ඔධිං කාමානං චජති, තෙන තෙනස‍්ස කාමොධිනා රහිතං තං තං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මඤ‍්ච සුඛං සම‍්පජ‍්ජති විගතදරථං, සචෙ පන සබ‍්බම‍්පි කායකම‍්මාදිසුඛං විගතපරිළාහමෙව ඉච‍්ඡෙය්‍ය, කසිණං භාවෙත්‍වා ඣානං නිබ‍්බත‍්තෙත්‍වා සබ‍්බෙ කාමෙ පරිච‍්චජෙති.

රථකාරො යනු සම්කරුවායි. පරිකන්තං යනු කපමින්. මෙය කියන ලද්දේ වෙයි. සම්කරුවා යම්සේ පාවහන කපන්නේ නොගත යුතු තැන නොගන්නේ වේද ඒ ඒ තැන කපා පාවහන සාදා පාවහන් මිල ලැබ සුවපත් වේද මෙසේ පණ්ඩිතයා සම්කරුවාගේ ආයුෂය සමාන නුවණින් කපන්නේ. යං යං යම් යම් ප්‍රමාණයක්. කාමානං වජති ඒ ඒ කාම සීමාවෙන් රහිත වන්නේය. තං තං යනු කාය කර්ම වචී කර්ම මනෝ කර්මද, සුඛං සැපයට පැමිණේ. පහවූ දාහ ඇත්තේ හැම පරිද්දෙන් පහවූ සිත් තැවුලි ඇති. කාය කර්මාදී සුවය කැමති වන්නේය. කසින වඩා ධ්‍යාන උපදවා සබ්බෙ කාමෙ පරිච්චජෙ යනු සියළු කාමයන් දුරු කරන්නේය.

බොධිසත‍්තස‍්ස පන ඉමං ගාථං කථෙන‍්තස‍්ස රඤ‍්ඤො සෙතච‍්ඡත‍්තං ආරම‍්මණං කත්‍වා ඔදාතකසිණජ‍්ඣානං උදපාදි, රාජාපි අරොගො අහොසි. සො තුට‍්ඨො සයනා වුට‍්ඨහිත්‍වා “එත‍්තකා වෙජ‍්ජා මං තිකිච‍්ඡිතුං නාසක‍්ඛිංසු, පණ‍්ඩිතමාණවො පන අත‍්තනො ඤාණොසධෙන මං නිරොගං අකාසී”ති තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො දසමං ගාථමාහ –

බෝධිසත්ත්වයන් මෙම ගාථා කියත් කියත්ම රජු සේසත අරමුණුකොට ඕදාත කසිණයෙන් වූ ධ්‍යානය ඉපදවීය. රජුද නිරෝගී විය. සතුටු වූ හෙතෙම අසුනෙන් නැගිට මෙපමණක් වෛද්‍යවරු මට බෙහෙත් කරන්නට අපොහොසත් වූහ. පණ්ඩිත වූ මානවකයා තමාගේ නුවණ නැමති ඖෂධයෙන් මා නිරෝගී කළේය යි. ඔහු සමඟ කථා කරනුයේ දසවැනි ගාථාව කීවේය.

“අට‍්ඨ තෙ භාසිතා ගාථා, සබ‍්බා හොන‍්ති සහස‍්සියා; පටිගණ‍්හ මහාබ්‍රහ‍්මෙ, සාධෙතං තව භාසිත”න‍්ති.

10. ඔබ විසින් ගාථා අටක් කියන ලදි. සියල්ල දහස බැගින් වටනේය. මහා බ්‍රාහ්මණය, මෙය පිළිගනුව. ඔබගේ මේ ප්‍රකාශය මැනවි.

තත්‍ථ අට‍්ඨාති දුතියගාථං ආදිං කත්‍වා කාමාදීනවසංයුත‍්තා අට‍්ඨ. සහස‍්සියාති සහස‍්සාරහා. පටිගණ‍්හාති අට‍්ඨ සහස‍්සානි ගණ‍්හ. සාධෙතං තව භාසිතන‍්ති සාධු එතං තව වචනං.

එහි අට්ඨ යනු දෙවන ගාථාව මුල්කොට කාමයන්ගේ ආදීනවයන් හා යෙදුන ගාථා අටයි. සහස්සියො. දහසක් වටනේය. පතිගණ්හ යනු අටදහස ගනුව. සාධෙතං තව භාසිතං යනු ඔබගේ මේ වචනය මැනවි.

තං සුත්‍වා මහාසත‍්තො එකාදසමං ගාථමාහ –

ඒ අසා මහා සත්ත්ව තෙමේ එකොළොස්වන ගාථාව කීවේය.

“න මෙ අත්‍ථො සහස‍්සෙහි, සතෙහි නහුතෙහි වා; පච‍්ඡිමං භාසතො ගාථං, කාමෙ මෙ න රතො මනො”ති.

11. මට දහසින් හෝ සියයකින් හෝ නහුතයකින් (දස දහසකින්) හෝ වැඩක් නැත. අවසන් ගාථාව කියන්නා වූ මගේ සිත කාමයෙහි නො ඇළුනේය.

තත්‍ථ පච‍්ඡිමන‍්ති “රථකාරොව චම‍්මස‍්සා”ති ගාථං. කාමෙ මෙ න රතො මනොති ඉමං ගාථං භාසමානස‍්සෙව මම වත්‍ථුකාමෙපි කිලෙසකාමෙපි මනො නාභිරමාමි. අහඤ‍්හි ඉමං ගාථං භාසමානො අත‍්තනොව ධම‍්මදෙසනාය ඣානං නිබ‍්බත‍්තෙසිං, මහාරාජාති.

එහි පච්ඡිමං යනු රථකාරො චම්මස්ස යන ගාථාවයි. කාමෙ මෙ න රථො මනො යනු මේ ගාථාව කියනු ලබන්නා වූම මගේ සිත වස්තුකාම ක්ලේශ කාමයෙහි නොඇළුනේය. මහරජතුමනි, මම මේ ගාථාව කියන්නේම තමාගේම ධර්ම දේශනාවෙන් ධ්‍යානය ඉපිදවූයෙමි.

රාජා භිය්‍යොසොමත‍්තාය තුස‍්සිත්‍වා මහාසත‍්තං වණ‍්ණෙන‍්තො ඔසානගාථමාහ –

රජු බොහෝ සෙයින් සොම්නසට පත්වී මහා සත්ත්වයන් වර්ණනා කරන්නේ අවසාන ගාථාව කීවේය.

“භද්‍රකො වතායං මාණවකො, සබ‍්බලොකවිදූ මුනි; යො ඉමං තණ‍්හං දුක‍්ඛජනනිං, පරිජානාති පණ‍්ඩිතො”ති.

12. යමෙක් දුක් උපදවන්නා වූ තෘෂ්ණාව දනීද ඒ පණ්ඩිත වූ සියළු ලොව දන්නා වූ මුනිවරයෙක් වූ මේ මානවකයා ඒකාන්තයෙන් යහපත්ය.

තත්‍ථ දුක‍්ඛජනනින‍්ති සකලවට‍්ටදුක‍්ඛජනනිං. පරිජානාතීති පරිජානි පරිච‍්ඡින්‍දි, ලුඤ‍්චිත්‍වා නීහරීති බොධිසත‍්තං වණ‍්ණෙන‍්තො එවමාහ.

එහි දුක්ඛජනනිං යනු සියළු සංසාරික දුක් උපදවන්නා වූ. පරිජානාති යනු මෙසේ විශේෂයෙන් දත්තේය. පිරිසිඳ දත්තේය. සිඳබැහැර කළේයයි බෝසතුන් වර්ණනා කරන්නේ මෙසේ කීවේය.

බොධිසත‍්තොපි “මහාරාජ, අප‍්පමත‍්තො හුත්‍වා ධම‍්මං චරා”ති රාජානං ඔවදිත්‍වා ආකාසෙන හිමවන‍්තං ගන‍්ත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා යාවතායුකං ඨත්‍වා බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා අපරිහීනජ‍්ඣානො හුත්‍වා බ්‍රහ‍්මලොකූපගො අහොසි.

බෝධිසත්ත්වයෝද මහරජතුමනි, අප්‍රමාද වී ධර්මයෙහි හැසිරෙවයි රජුට අවවාද දී අහසින් හිමවතට ගොස් තවුස් පැවිද්දෙන් පැවිදි වී දිවි ඇති තෙක් බ්‍රහ්ම විහරණයන් වඩා බඹලොව පිහිටකොට ඇත්තේ වීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “එවං, භික‍්ඛවෙ, පුබ‍්බෙපාහං එතං බ්‍රාහ‍්මණං නිස‍්සොකමකාසි”න‍්ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා එස බ්‍රාහ‍්මණො අහොසි, පණ‍්ඩිතමාණවො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මම පෙරද මෙසේ මේ බ්‍රාහ්මණයා ශෝක නැත්තෙකු කළෙමි යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි රජු මේ බ්‍රාහ්මණයා වීය. පණ්ඩිත මානවකයා මම ම වූයෙමි යි වදාළ සේක.

කාමජාතකවණ‍්ණනා චතුත්‍ථා.