3. සමුද්දවාණිජජාතකවණ්ණනා 466 අට්ඨකථා
3. සමුද්දවාණිජජාතකවණ්ණනා (466)
3. සමුද්දවාණිජ ජාතකය (466)
කසන්ති වපන්ති තෙ ජනාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො දෙවදත්තස්ස පඤ්ච කුලසතානි ගහෙත්වා නිරයෙ පතිතභාවං ආරබ්භ කථෙසි. සො හි අග්ගසාවකෙසු පරිසං ගහෙත්වා පක්කන්තෙසු සොකං සන්ධාරෙතුං අසක්කොන්තො උණ්හලොහිතෙ මුඛතො නික්ඛන්තෙ බලවවෙදනාපීළිතො තථාගතස්ස ගුණං අනුස්සරිත්වා “අහමෙව නව මාසෙ තථාගතස්ස අනත්ථං චින්තෙසිං, සත්ථු පන මයි පාපචිත්තං නාම නත්ථි, අසීතිමහාථෙරානම්පි මයි ආඝාතො නාම නත්ථි, මයා කතකම්මෙන අහමෙව ඉදානි අනාථො ජාතො, සත්ථාරාපිම්හි විස්සට්ඨො මහාථෙරෙහිපි ඤාතිසෙට්ඨෙන රාහුලත්ථෙරෙනපි සක්යරාජකුලෙහිපි, ගන්ත්වා සත්ථාරං ඛමාපෙස්සාමී”ති පරිසාය සඤ්ඤං දත්වා අත්තානං පඤ්චකෙන ගාහාපෙත්වා රත්තිං රත්තිං ගච්ඡන්තො කොසලරට්ඨං සම්පාපුණි. ආනන්දත්ථෙරො සත්ථු ආරොචෙසි “දෙවදත්තො කිර, භන්තෙ, තුම්හාකං ඛමාපෙතුං ආගච්ඡතී”ති. “ආනන්ද, දෙවදත්තො මම දස්සනං න ලභිස්සතී”ති.
කසන්ති වපන්ති තෙ ජනා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් දෙව්දත් තෙරුන්ගේ පන්සියයක් කුලයන් ගෙන නිරයෙහි පිවිසි බව අරභයා දේශනා කළ සේක. හෙතෙම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා (ඔහුගේ) පිරිස ගෙන ගියකල්හි ශෝකය දරන්නට නොහැකි වන්නේ උණු ලේ මුවින් නික්මුණ කල්හි දැඩි ලෙස රෝගයන්ගෙන් පීඩාවට පත්වූයේ, තථාගතයන් වහන්සේගේ ගුණයන් සිහිකර මම නවමසක් තථාගතයන් වහන්සේට නපුරක් සිතුවෙමි. ශාස්තෲන් වහන්සේ මා කෙරෙහි පවිටු සිතක් නම් නැත. අසූමහා ස්ථවිරයන් වහන්සේලාගේද මා කෙරෙහි වෛරයක් නැත. මා විසින් කළ කර්මයන් නිසා මම ම දැන් අනාථ වූයේ වෙමි. ශාස්තෲන් වහන්සේ විසින් හරනා ලද්දේ වෙමි. මහා ස්ථවිරයන් විසින් ද ඤාති උතුමන් විසින් ද රාහුල තෙරුන් විසින් ද ශාක්‍ය රාජකුලිකයන් විසින් ද හරනා ලද්දේ වෙමි. ගොස් ශාස්තෲන් වහන්සේ ක්ෂමා කරවන්නෙමියි පිරිසට සළකුණක් දී ඇඳ සමගම ගෙන්වා රාත්‍රියට රාත්‍රියට යන්නේ කොසොල් නගරයට පැමිණියේය. ආනන්ද තෙරණුවෝ, ස්වාමීනි, දෙව්දත් ඔබ වහන්සේ ක්ෂමා කරන්ට එයි යයි ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ආනන්දය, දෙව්දත් මගේ දැකීම නොලබන්නේ යයි වදාළහ.
අථ තස්මිං සාවත්ථිනගරද්වාරං සම්පත්තෙ පුන ථෙරො ආරොචෙසි, භගවාපි තථෙව අවච. තස්ස ජෙතවනෙ පොක්ඛරණියා සමීපං ආගතස්ස පාපං මත්ථකං පාපුණි, සරීරෙ ඩාහො උප්පජ්ජි, න්හත්වා පානීයං පිවිතුකාමො හුත්වා “මඤ්චකතො මං ආවුසො ඔතාරෙථ, පානීයං පිවිස්සාමී”ති ආහ. තස්ස ඔතාරෙත්වා භූමියං ඨපිතමත්තස්ස චිත්තස්සාදෙ අලද්ධෙයෙව මහාපථවී විවරමදාසි. තාවදෙව තං අවීචිතො අග්ගිජාලා උට්ඨාය පරික්ඛිපිත්වා ගණ්හි. සො “පාපකම්මං මෙ මත්ථකං පත්ත”න්ති තථාගතස්ස ගුණෙ අනුස්සරිත්වා –
ඉක්බිති ඔහු සැවැත්නුවරට පැමිණි කල්හි නැවත තෙරහු දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ එසේම වදාළ සේක. ජේතවන දොරටුවෙහි ජේතවන පොකුණ සමීපයට පැමිණියා වූ ඔහුගේ පව මස්තකප්රාප්ත වීය. සිරුරෙහි දහඩිය උපන්නේය. ස්නානය කර ජලය බොනු කැමති වී ඇවැත්නි, ඇඳෙන් බස්වවු. පැන් බොන්නෙමියි කීවේය. ඔහු ඇඳින් බස්සවා පොළොවෙහි තැබූ පමණින්ම සිතෙහි අස්වැසිල්ලක් නො ලද කල්හිම මහපොළොව විවර වීය. එකෙණෙහිම අවීචියෙන් ගිනිදැල් නැගී ඔහුව වටකෙළේය. ඔහු මගේ පව මස්තකප්රප්ත වූයේ යයි තථාගතයන් වහන්සෙගේ ගුණ සිහිකර -
“ඉමෙහි අට්ඨීහි තමග්ගපුග්ගලං, දෙවාතිදෙවං නරදම්මසාරථිං; සමන්තචක්ඛුං සතපුඤ්ඤලක්ඛණං, පාණෙහි බුද්ධං සරණං උපෙමී”ති. (මි· ප· 4.1.3) –
ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වූ, දෙවියන්ට දෙවි වූ, පුරුෂයන් දමනය කිරීමෙහි නිරත වූ, සර්වඥ වූ සිය ගණනක් ශුභ ලක්ෂණයන්ගෙන් හෙබි, ඒ බුදුරජාණන් වහන්සේ මේ ඇටවලින් සිට දිවිහිමියෙන් සරණ යමි.
ඉමාය ගාථාය සරණෙ පතිට්ඨහන්තො අවීචිපරායණො අහොසි. තස්ස පන පඤ්ච උපට්ඨාකකුලසතානි අහෙසුං. තානිපි තප්පක්ඛිකානි හුත්වා දසබලං අක්කොසිත්වා අවීචිම්හියෙව නිබ්බත්තිංසු. එවං සො තානි පඤ්ච කුලසතානි ගණ්හිත්වා අවීචිම්හි පතිට්ඨිතො.
මේ ගාථාවෙන් (බුදු) සරණයෙහි පිහිටන්නේම අවීචිය පිහිටකොට ඇත්තේ වීය. ඔහුට පන්සියයක් උපස්ථායක කුලයෝ වූහ. ඒවාද ඔහු පාක්ෂික වී දසබලධාරීන් වහන්සේට ගරහා අපහාස කර අවීචියෙහිම උපන්නේය. මෙසේ හෙතෙම පන්සියයක් කුලයන් ගෙන අවීචියෙහි පිහිටියේය.
අථෙකදිවසං භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, දෙවදත්තො පාපො ලාභසක්කාරගිද්ධතාය සම්මාසම්බුද්ධෙ අට්ඨානෙ කොපං බන්ධිත්වා අනාගතභයමනොලොකෙත්වා පඤ්චහි කුලසතෙහි සද්ධිං අවීචිපරායණො ජාතො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න භික්ඛවෙ, ඉදානෙව දෙවදත්තො ලාභසක්කාරගිද්ධො හුත්වා අනාගතභයං න ඔලොකෙසි, පුබ්බෙපි අනාගතභයං අනොලොකෙත්වා පච්චුප්පන්නසුඛගිද්ධෙන සද්ධිං පරිසාය මහාවිනාසං පත්තො”ති වත්වා අතීතං ආහරි.
ඉක්බිති එක් දවසක් දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, දෙව්දත් තෙමේ පවිටු වූවෙකි. ලාභයෛහි ගිජුවීම නිසා සම්මා සම්බුදුරජාණන් කෙරෙහි නොතැන්හි කෝප බැඳ අනාගතයෙහි වන්නා වූ බිය නොදැක පන්සියයක් කුලයක් සමග අවීචිය පිහිටකොට වූයේ යයි. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, දෙව්දත් තෙමේ ලාභ සත්කාරයන්හි ගිජු වී අනාගත බිය නොබැලුවෙහි දැන් පමණක් නොවේ. පෙරද අනාගත බිය නොබලා වර්තමානයෙහි සැප පිළිබඳව ගිජුකමින් පිරිස සමග මහා විනාශයකට පැමිණියේයයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බාරාණසිතො අවිදූරෙ කුලසහස්සනිවාසො මහාවඩ්ඪකීගාමො අහොසි. තත්ථ වඩ්ඪකී “තුම්හාකං මඤ්චං කරිස්සාම, පීඨං කරිස්සාම, ගෙහං කරිස්සාමා”ති වත්වා මනුස්සානං හත්ථතො බහුං ඉණං ගහෙත්වා කිඤ්චි කාතුං න සක්ඛිංසු. මනුස්සා දිට්ඨදිට්ඨෙ වඩ්ඪකී චොදෙන්ති පලිබුද්ධන්ති. තෙ ඉණායිකෙහි උපද්දුතා සුඛං වසිතුං අසක්කොන්තා “විදෙසං ගන්ත්වා යත්ථ කත්ථචි වසිස්සාමා”ති අරඤ්ඤං පවිසිත්වා රුක්ඛෙ ඡින්දිත්වා මහතිං නාවං බන්ධිත්වා නදිං ඔතාරෙත්වා ආහරිත්වා ගාමතො ගාවුතඩ්ඪයොජනමත්තෙ ඨානෙ ඨපෙත්වා අඩ්ඪරත්තසමයෙ ගාමං ආගන්ත්වා පුත්තදාරමාදාය නාවට්ඨානං ගන්ත්වා නාවං ආරුය්හ අනුක්කමෙන මහාසමුද්දං පවිසිත්වා වාතවෙගෙන විචරන්තා සමුද්දමජ්ඣෙ එකං දීපකං පාපුණිංසු. තස්මිං පන දීපකෙ සයංජාතසාලිඋච්ඡුකදලිඅම්බජම්බුපනසතාලනාළිකෙරාදීනි විවිධඵලානි අත්ථි, අඤ්ඤතරො පභින්නනාවො පුරිසො පඨමතරං තං දීපකං පත්වා සාලිභත්තං භුඤ්ජමානො උච්ඡුආදීනි ඛාදමානො ථූලසරීරො නග්ගො පරූළ්හකෙසමස්සු තස්මිං දීපකෙ පටිවසති.
අතීතයෙහි බරණැස්නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරවන කල්හි බරණැස නුදුරෙහි කුලයන් (පවුල්) දහසකට වාසස්ථාන වූ මහාවඩුගමක් වීය. එහි වඩුවෝ තොපට ඇඳක් කරන්නෙමු. පුටුවක් කරන්නෙමු. ගෙයක් කරන්නෙමු යි මිනිසුන් වෙතින් බොහෝ ණය ගෙන කිසිවක් කරන්නට නොහැකි වූවාහුය. මිනිස්සු දුටු දුටු වඩුවන්ට චෝදනා කරත්. හිරිහැරයට පත් කරත්. ඔවුහු ණය දුන්නවුන් විසින් උපද්‍රවයට පත්වූවාහු ගමෙහි වසන්නට නොහැකි වූවාහු වෙනත් දේශයකට ගොස් යම්කිසි තැනක වසන්නෙමු යයි වනයට පිවිස ගස් කපා මහත් වූ නැවක් බැඳ ගංගාවට බස්සවා ගෙනවුත් ගමෙන් එක් ගවු අඩ යොදුන් පමණ තැන තබා මධ්‍යම රාත්‍රී කාලයෙහි ගමට අවුත් අඹුදරුවන් ගෙන නැව තිබූ තැනට ගොස් ඒ නැවට නැග ක්‍රමයෙන් මහමුහුදට පිවිස සුළං බලයෙන් හැසිරෙන්නාහු මුහුද මැද එක් දිවයිනකට පැමිණියාහුය. ඒ දිවයිනෙහි ස්වයංජාත හැල්-උක්දඬු කෙසෙල් අඹ දඹ කොස් පොල් ආදී වූ විවිධ ලොකු කුඩා ගෙඩි ඇත. බිඳුන නැව් ඇති එක්තරා පුරුෂයෙක් පළමුව ඒ දිවයිනට පැමිණ හැල්බත් අනුභව කරන්නේ උක්දඬු ආදිය කන්නේ එහි වාසය කරයි. මහත් වූ සිරුර ඇත්තේ නග්න වූයේ මොනවට වැඩුන කෙස්රැවුල් ඇත්තේය.
වඩ්ඪකී චින්තයිංසු “සචෙ අයං දීපකො රක්ඛසපරිග්ගහිතො භවිස්සති, සබ්බෙපි අම්හෙ විනාසං පාපුණිස්සාම, පරිග්ගණ්හිස්සාම තාව න”න්ති. අථ සත්තට්ඨ පුරිසා සූරා බලවන්තො සන්නද්ධපඤ්චාවුධා හුත්වා ඔතරිත්වා දීපකං පරිග්ගණ්හිංසු. තස්මිං ඛණෙ සො පුරිසො භුත්තපාතරාසො උච්ඡුරසං පිවිත්වා සුඛප්පත්තො රමණීයෙ පදෙසෙ රජතපට්ටසදිසෙ වාලුකතලෙ සීතච්ඡායාය උත්තානකො නිපජ්ජිත්වා “ජම්බුදීපවාසිනො කසන්තා වපන්තා එවරූපං සුඛං න ලභන්ති, ජම්බුදීපතො මය්හං අයමෙව දීපකො වර”න්ති ගායමානො උදානං උදානෙසි. අථ සත්ථා භික්ඛූ ආමන්තෙත්වා “සො භික්ඛවෙ පුරිසො ඉමං උදානං උදානෙසී”ති දස්සෙන්තො පඨමං ගාථමාහ –
වෙළෙන්දෝ සිතුවාහුය. ඉදින් මේ දිවයින රකුසන් අරක් ගත්තේ වන්නේ නම් සියල්ලෝම විනාශයට පැමිණෙන්නෙමු. පළමුකොට එය පරීක්ෂා කරන්නෙමු යි. ඉක්බිති දක්ෂ වූ බලවත් වූ පස්වැදෑරුම් සන්නද්ධ වූ පුරුෂයෝ සත්දෙනෙක් නැවෙන් බැස දිවයින පරීක්ෂා කළාහුය. එකෙනෙහි අනුභව කරන ලද උදේ ආහාරය ඇති පුරුෂයා උක්පැණි පානයකොට සුවපත් වූයේ සිත්කළු පෙදෙසක රිදී පටක් හා සමාන වැලිතලාවෙහි සිසිල් සෙවනෙහි උඩුකුරුව වැදහෙව, “දඹදිව වැස්සෝ සී සාන්නාහු වපුරන්නාහු මෙබඳු සැපක් නො ලබත්. දඹදිවටත් වඩා මම මේ දිවයිනම උතුම්” යයි ගායනා කරන්නේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළේය. ශාස්තෲන් වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි,ඒ පුරුෂයා මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළේයයි දක්වන සේක් පළමුවන ගාථාව දේශනා කළ සේක.
“කසන්ති වපන්ති තෙ ජනා, මනුජා කම්මඵලූපජීවිනො; නයිමස්ස දීපකස්ස භාගිනො, ජම්බුදීපා ඉදමෙව නො වර”න්ති.
කසන්ති වපන්ති තෙ ජනා, මනුජා කම්ම ඵලූප ජීවිනො, නයිමස්ස දීපකස්ස භාගිනො, ජම්බුදීපා ඉදමේව නො චරන්ති
1. (දඹදිව වසන) ඒ ජනයෝ සී සාති. වපුරති. කර්මානුරූපව ජීවත්වන මිනිස්සු මේ දිවයිනෙහි සැපතට කොටස්කරුවෝ නො වෙති. අපට දඹදිවට වඩා මේ දූපත වටනේය යි.
තත්ථ තෙ ජනාති තෙ ජම්බුදීපවාසිනො ජනා. කම්මඵලූපජීවිනොති නානාකම්මානං ඵලූපජීවිනො සත්තා.
එහි තෙ යනු දඹදිව වැසි ජනයෝ කම්ම ඵලූපජීවිනො යනු නොයෙක් කර්මයන්ගේ විපාක අනුව ජීවත්වන සත්ත්වයෝ.
අථ තෙ දීපකං පරිග්ගණ්හන්තා පුරිසා තස්ස ගීතසද්දං සුත්වා “මනුස්සසද්දො විය සුය්යති, ජානිස්සාම න”න්ති සද්දානුසාරෙන ගන්ත්වා තං පුරිසං දිස්වා “යක්ඛො භවිස්සතී”ති භීතතසිතා සරෙ සන්නහිංසු. සොපි තෙ දිස්වා අත්තනො වධභයෙන “නාහං, සාමි, යක්ඛො, පුරිසොම්හි, ජීවිතං මෙ දෙථා”ති යාචන්තො “පුරිසා නාම තුම්හාදිසා නග්ගා න හොන්තී”ති වුත්තෙ පුනප්පුනං යාචිත්වා මනුස්සභාවං විඤ්ඤාපෙසි. තෙ තං පුරිසං උපසඞ්කමිත්වා සම්මොදනීයං කථං සුත්වා තස්ස තත්ථ ආගතනියාමං පුච්ඡිංසු. සොපි සබ්බං තෙසං කථෙත්වා “තුම්හෙ අත්තනො පුඤ්ඤසම්පත්තියා ඉධාගතා , අයං උත්තමදීපො, න එත්ථ සහත්ථෙන කම්මං කත්වා ජීවන්ති, සයංජාතසාලීනඤ්චෙව උච්ඡුආදීනඤ්චෙත්ථ අන්තො නත්ථීති අනුක්කණ්ඨන්තා වසථා”ති ආහ. ඉධ පන වසන්තානං අම්හාකං අඤ්ඤො පරිපන්ථො නත්ථි, අඤ්ඤං භයං එත්ථ නත්ථි, අයං පන අමනුස්සපරිග්ගහිතො, අමනුස්සා තුම්හාකං උච්චාරපස්සාවං දිස්වා කුජ්ඣෙය්යුං, තස්මා තං කරොන්තා වාලුකං වියූහිත්වා වාලුකාය පටිච්ඡාදෙය්යාථ, එත්තකං ඉධ භයං, අඤ්ඤං නත්ථි, නිච්චං අප්පමත්තා භවෙය්යාථාති. තෙ තත්ථ වාසං උපගච්ඡිංසු. තස්මිං පන කුලසහස්සෙ පඤ්චන්නං පඤ්චන්නං කුලසතානං ජෙට්ඨකා ද්වෙ වඩ්ඪකී අහෙසුං. තෙසු එකො බාලො අහොසි රසගිද්ධො, එකො පණ්ඩිතො රසෙසු අනල්ලීනො.
ඉක්බිති එම දිවයින පරීක්ෂා කරන්නා වූ පුරුෂයෝ ඔහුගේ ගීතයෙහි ශබ්දය අසා මිනිස් ශබ්දයක් මෙන් ඇසේ. එය (කුමක්දැයි) දැන ගන්නෙමුයි ශබ්දය අනුව ගොස් ඒ පුරුෂයා දැක යක්ෂයෙකු වන්නේයයි බියට පත්වූවාහු හීවලින් සන්නද්ධ වූවාහුය. ඔහුද ඔවුන් දැක තමාගේ මරණ බියෙන් ස්වාමීනි, මම යක්ෂයෙක් නොවෙමි. පුරුෂයෙක් වෙමි. මට ජීවිතදානය දෙව් යයි ඉල්වන්නේ පුරුෂයෝ නම් තොප මෙන් නග්න නො වෙතියි කී කල්හි නැවත නැවත ඉල්ලා මිනිස් බව හැඟවීය. ඔවුහු ඔහු වෙත එළඹ සිහිකටයුතු කථා කර ඔහු එහි පැමිණි ආකාරය විමසූහ. හෙතෙමේද ඔවුන්ට සත්‍යය ප්‍රකාශ කර තෙපි තමාගේ පිංමහිමයෙන් මෙහි පැමිණියෝය. මේ එක්තරා උතුම් දිවයිනකි. මෙහි ආයුධවලින් කර්මාන්තකර ජීවත් නො වෙති. මෙහි ස්වයංජාත හැල්වලද උක් ආදීන්ගේද කෙළවරක් නැතැයිද උකටලී නොවී වසව් යයිද කීවේය. මෙහි වසන්නා වූ අපට අන් උවදුරක් නැතැයිද අන් බියක් මෙහි නැතැයිද, මේ දිවයින අමනුෂ්‍යයෝ අරක්ගත් එකකි. අමනුෂයෝ තොපගේ මළමුත්‍ර පහ කිරීම් දැක කිපෙන්නාහුය. එහෙයින් එය කරන්නාහු වැලි ඉවත්කොට වැලිවලින් වසවු. මෙහි මෙපමණක් බිය වේ. අනිකක් නැත. නිතර අප්‍රමාද වව් යයි ඔවුහු එහි වාසය කිරීමට එළඹුනාහුය. ඒ කුල දහසෙහි පන්සියයක් පන්සියයක් කුලයන්ට ප්‍රධාන වූ වඩුවෝ දෙදෙනෙක් වූහ. ඔවුන් අතර එකෙක් රසයට ගිජු වූ අඥානයෙක් වීය. එකෙක් රසයන්හි නොඇළුනු පණ්ඩිතයෙක් වීය.
අපරභාගෙ සබ්බෙපි තෙ තත්ථ සුඛං වසන්තා ථූලසරීරා හුත්වා චින්තයිංසු “චිරං පීතා නො සුරා, උච්ඡුරසෙන මෙරයං කත්වා පිවිස්සාමා”ති. තෙ මෙරයං කාරෙත්වා පිවිත්වා මදවසෙන ගායන්තා නච්චන්තා කීළන්තා පමත්තා තත්ථ තත්ථ උච්චාරපස්සාවං කත්වා අප්පටිච්ඡාදෙත්වා දීපකං ජෙගුච්ඡං පටිකූලං කරිංසු. දෙවතා “ඉමෙ අම්හාකං කීළාමණ්ඩලං පටිකූලං කරොන්තී”ති කුජ්ඣිත්වා “මහාසමුද්දං උත්තරාපෙත්වා දීපකධොවනං කරිස්සාමා”ති මන්තෙත්වා “අයං කාළපක්ඛො, අජ්ජ අම්හාකං සමාගමො ච භින්නො, ඉතො දානි පන්නරසමෙ දිවසෙ පුණ්ණමීඋපොසථදිවසෙ චන්දස්සුග්ගමනවෙලාය සමුද්දං උබ්බත්තෙත්වා සබ්බෙපිමෙ ඝාතෙස්සාමා”ති දිවසං ඨපයිංසු. අථ නෙසං අන්තරෙ එකො ධම්මිකො දෙවපුත්තො “මා ඉමෙ මම පස්සන්තස්ස නස්සිංසූ”ති අනුකම්පාය තෙසු සායමාසං භුඤ්ජිත්වා ඝරද්වාරෙ සුඛකථාය නිසින්නෙසු සබ්බාලඞ්කාරපටිමණ්ඩිතො සකලදීපං එකොභාසං කත්වා උත්තරාය දිසාය ආකාසෙ ඨත්වා “අම්භො වඩ්ඪකී, දෙවතා තුම්හාකං කුද්ධා. ඉමස්මිං ඨානෙ මා වසිත්ථ, ඉතො අඩ්ඪමාසච්චයෙන හි දෙවතා සමුද්දං උබ්බත්තෙත්වා සබ්බෙව තුම්හෙ ඝාතෙස්සන්ති, ඉතො නික්ඛමිත්වා පලායථා”ති වත්වා දුතියං ගාථමාහ –
මෑත කාලයෙහි ඒ සියල්ලෝම එහි සුවසේ වසන්නාහු මහත් වූ ශරීර ඇත්තෝ වී සිතුවාහුය. අපි සුරාව බොහෝ කලකින් නොබීවමෝ වෙමු. උක්පැණියෙන් මෙර සකස් කර බොන්නෙමුයි ඔවුහු මෙර සකස් කරවා පානය කර මත්වීම නිසා ගායනා කරන්නාහු නටන්නාහු, ක්‍රීඩා කරන්නාහු (එමෙන්ම) ප්‍රමාද වූවාහු ඒ ඒ තන්හි මළමුත්‍රා කොට නොවසා දිවයින පිළිකුල් කටයුතු අප්‍රිය වූවක් කළාහුය. දෙවියෝ මොවුහු අපගේ කෙළිමඬුල්ල පිළිකුල් වූවක් කරත් යයි කිපී මුහුද ගොඩ ගල්වා දිවයින සේදීම කරන්නෙමුයි සාකච්ඡා කර මේ අව පක්ෂයයි. අද අපගේ සමාගමයද නැසුනේය. දැන් මෙයින් පසළොස්වන දිනයෙහි පුර පසළොස්වක දිනයෙහි සඳ උදාවූ වේලාවෙහි මුහුද උපුටා මේ සියල්ලන්ම නසන්නෙමුයි දවස (තීරණය කොට) තැබුවාහුය. ඉක්බිති ඔවුන් අතර එක් දැහැමි දේවපුත්‍රයෙක් මොවුහු මා දකිද්දීම නොනැසෙත්වායි අනුකම්පාවෙන් ඔවුන් රාත්‍රී ආහාරය අනුභව කොට ගෙදොරෙහි සුව කථාවෙහි හුන්කල්හි සියළු ආභරණයන්ගෙන් සැරසුනේ සියළු දිවයින ඒකාලෝක කර උතුරු දිශාවෙහි අහසේ සිට එම්බා වඩුවනි, දෙවියෝ තොපට කිපුණාහුය. මෙතන්හි නොවසවු. මින් අඩමසක් ඇවෑමෙන් දෙවියෝ මුහුද උපුටා තොපි සියල්ලන්ම නසන්නාහුය. නික්මී පලා යවු යයි දෙවන ගාථා කීවේය.
“තිපඤ්චරත්තූපගතම්හි චන්දෙ, වෙගො මහා හෙහිති සාගරස්ස; උප්ලවිස්සං දීපමිමං උළාරං, මා වො වධී ගච්ඡථ ලෙණමඤ්ඤ”න්ති.
2. (මෙතැන් පටන්) චන්ද්‍රයා පසළොස් රැයක් ඉක්ම ගියකල්හි මහමුහුදේ රළ වේගය මහත් වන්නේය. මේ මහ දිවයින යටවන කල්හි තොප නොනසීවා! වෙනත් ආරක්ෂා ස්ථානයකට යවු යි.
තත්ථ උප්ලවිස්සන්ති ඉමං දීපකං උප්ලවන්තො අජ්ඣොත්ථරන්තො අභිභවිස්සති. මා වො වධීති සො සාගරවෙගො තුම්හෙ මා වධි.
එහි උපලාපයං යනු මේ දිවයින යට කරනුයේ වසාගෙන පැතිරෙනුයේ අභිභවනය කරන්නේය. මා වොවධි යනු ඒ සයුරු රළ වේගය තෙපි නොනසාවා.
ඉති සො තෙසං ඔවාදං දත්වා අත්තනො ඨානමෙව ගතො. තස්මිං ගතෙ අපරො සාහසිකො කක්ඛළො දෙවපුත්තො “ඉමෙ ඉමස්ස වචනං ගහෙත්වා පලායෙය්යුං, අහං නෙසං ගමනං නිවාරෙත්වා සබ්බෙපිමෙ මහාවිනාසං පාපෙස්සාමී”ති චින්තෙත්වා දිබ්බාලඞ්කාරපටිමණ්ඩිතො සකලදීපං එකොභාසං කරොන්තො ආගන්ත්වා දක්ඛිණාය දිසාය ආකාසෙ ඨත්වා “එකො දෙවපුත්තො ඉධාගතො, නො”ති පුච්ඡිත්වා “ආගතො”ති වුත්තෙ “සො වො කිං කථෙසී”ති වත්වා “ඉමං නාම, සාමී”ති වුත්තෙ “සො තුම්හාකං ඉධ නිවාසං න ඉච්ඡති, දොසෙන කථෙති, තුම්හෙ අඤ්ඤත්ථ අගන්ත්වා ඉධෙව වසථා”ති වත්වා ද්වෙ ගාථා අභාසි –
හෙතෙම මෙසේ අවවාද දී තමාගේ වාසස්ථානයටම ගියේය. ඔහු ගියකල්හි අන්‍ය වූ සාහසික කර්කශ දේවපුත්‍රයෙක් මොවුහු මොහුගේ වචනය ගෙන පලා යන්නාහු නම් මම ඔවුන්ගේ ගමන වළකා මේ සියල්ලන්ම මහා විනාශයකට පමුණුවන්නෙමියි සිතා දිව්‍යමය අලංකාරයෙන් සැරසුනේ සියළු ගම ඒකාලෝක කරමින් අවුත් දකුණු දිශාවෙහි ආකාශයෙහි සිට එක් දිව්‍ය පුත්‍රයෙක් මෙහි පැමිණියේද නැත්දැයි විමසා ආවේයයි කී කල්හි ඔහු තොපට කුමක් කීවෙහිදැයි කියා ස්වාමීනි, මෙනම් වූවක් යයි කී කල්හි ඔහු තොපගේ මෙහි වාසය කිරීම නොකැමති වෙයි. කෝපයෙන් කියවයි. තෙපි අන්තැනක නොගොස් මෙහිම වසවු යයි කියා ගාථා දෙකක් කීවේය.
“න ජාතුයං සාගරවාරිවෙගො, උප්ලවිස්සං දීපමිමං උළාරං; තං මෙ නිමිත්තෙහි බහූහි දිට්ඨං, මා භෙථ කිං සොචථ මොදථව්හො.
3. කිසිකලෙකත් මේ සයුරේ ජලවේගය මේ මහත් දිවයින නොඋපුටන්නේය. (යට නොකරයි) බොහෝ නිමිතිවලින් මා එය දක්නා ලදිමි. බිය නොවවු. කුමකට ශෝක කරවුද? සතුටුවිය යුත්තාහ.
“පහූතභක්ඛං බහුඅන්නපානං, පත්තත්ථ ආවාසමිමං උළාරං; න වො භයං පටිපස්සාමි කිඤ්චි, ආපුත්තපුත්තෙහි පමොදථව්හො”ති.
4. බොහෝ කෑ යුතු දේද, බොහෝ ආහාරපානද ඇති මේ දිවයින ලබන ලද සම්පත් ඇති වාසස්ථානයකි. තොපට කිසිදු බියක් නොදකිමි. පුතුන්ගේ පුතුන් සමඟද සතුටුවිය යුත්තාහ.
තත්ථ න ජාතුයන්ති න ජාතු අයං. මා භෙථාති මා භායිත්ථ. මොදථව්හොති පමොදිතා පීතිසොමනස්සජාතා හොථ. ආපුත්තපුත්තෙහීති යාව පුත්තානම්පි පුත්තෙහි පමොදථ, නත්ථි වො ඉමස්මිං ඨානෙ භයන්ති.
එහි න ජාතයං යන න ජාතු+අයං යනුවෙන් විසන්ධි වේ කිසිකලෙකත් මේ සයුර. මා භෙථ බිය නොවවු. පමොද ථව්හො යනු ප්‍රමුදිත වූවෝ. සතුටට සොම්නසට පත්වූවෝ වවු. ආපුත්ත පුත්තෙහි යනු යම්තාක් පුත්‍රයන්ගේ පුත්‍රයන් සමගද සතුටු වවු. තොපට මෙහි බියක් නැතැයි.
එවං සො ඉමාහි ද්වීහි ගාථාහි තෙ අස්සාසෙත්වා පක්කාමි. තස්ස පක්කන්තකාලෙ ධම්මිකදෙවපුත්තස්ස වචනං අනාදියන්තො බාලවඩ්ඪකී “සුණන්තු මෙ, භොන්තො, වචන”න්ති සෙසවඩ්ඪකී ආමන්තෙත්වා පඤ්චමං ගාථමාහ –
හෙතෙම මෙසේ මේ ගාථා දෙකින් අස්වසා ගියේය. ඔහු ගියකල්හි දැහැමි දිව්යපුත්රයාගේ වචනය නොගෙන අඥාන වඩුවා (කියන්නේ) පිංවතුනි, මගේ වචනය අසත්වායි සෙසු වඩුවන් අමතා පස්වන ගාථාව කීවේය.
“යො දෙවොයං දක්ඛිණායං දිසායං, ඛෙමන්ති පක්කොසති තස්ස සච්චං; න උත්තරො වෙදි භයාභයස්ස, මා භෙථ කිං සොචථ මොදථව්හො”ති.
5. දකුණු දෙස සිට යම් මේ දෙවියෙක් ආරක්ෂා සහිතයයි ප්‍රකාශ කෙරේද ඔහුගේ වචනය සත්‍යය වේ. උතුරු දෙසෙහි සිටි දෙවියා බිය-නිර්භය බව නොදනී බිය නොවවු. කුමක් හෙයින් ශෝක කරවුද? සතුටුවිය යුත්තාහ.
තත්ථ දක්ඛිණායන්ති දක්ඛිණාය, අයමෙව වා පාඨො.
එහි දක්ඛිණස්සං යනු දකුණෙහි. දක්ඛිණායං යන මෙයද පෙළ වේ.
තං සුත්වා රසගිද්ධා පඤ්චසතා වඩ්ඪකී තස්ස බාලස්ස වචනං ආදියිංසු. ඉතරො පන පණ්ඩිතවඩ්ඪකී තස්ස වචනං අනාදියන්තො තෙ වඩ්ඪකී ආමන්තෙත්වා චතස්සො ගාථා අභාසි –
ඒ අසා රසයෙහි ගිජු වූ පන්සියයක් වඩුවෝ අඥානයාගේ වචනය පිළිගත්තාහුය. අන්‍ය වූ පණ්ඩිත වඩුවා ඒ වචනය නොගෙන ඒ වඩුවන් අමතා ගාථා සතරක් කීවේය.
“යථා ඉමෙ විප්පවදන්ති යක්ඛා, එකො භයං සංසති ඛෙමමෙකො; තදිඞ්ඝ මය්හං වචනං සුණාථ, ඛිප්පං ලහුං මා විනස්සිම්හ සබ්බෙ.
6. යම් සේ මේ යක්ෂයෝ එකිනෙකාට විරුද්ධ අදහස් ප්‍රකාශ කරත්. එකෙක් බිය සහිතයයි කියයි. එකෙක් ආරක්ෂා සහිතයයි කියයි. බලව. එනිසා මාගේ වචනය අසවු. සියල්ලන්ම වහා නො නැසෙමු.
“සබ්බෙ සමාගම්ම කරොම නාවං, දොණිං දළ්හං සබ්බයන්තූපපන්නං; සචෙ අයං දක්ඛිණො සච්චමාහ, මොඝං පටික්කොසති උත්තරොයං; සා චෙව නො හෙහිති ආපදත්ථා, ඉමඤ්ච දීපං න පරිච්චජෙම.
7. සියළුදෙනා එකතුව සියළු යන්ත්‍රෝපකරණ සහිත ශක්තිමත් ගැඹුරැති නැවක් සදමු. ඉදින් මේ දකුණුදිග දෙවියා සත්‍යයක් කීවේද, මේ උතුරුදිග දෙවියා බොරුවක් කියයි.
“සචෙ ච ඛො උත්තරො සච්චමාහ, මොඝං පටික්කොසති දක්ඛිණොයං; තමෙව නාවං අභිරුය්හ සබ්බෙ, එවං මයං සොත්ථි තරෙමු පාරං.
8. ඒ ප්‍රකාශය අපට අවැඩ පිණිස වන්නේය. මේ දිවයින අත් නො හරිමු. ඉදින් උතුරුදිග දෙවියා ඇත්තක් කීවේද මේ දකුණු දිග දෙවියා බොරුවක් කියයි.
“න වෙ සුගණ්හං පඨමෙන සෙට්ඨං, කනිට්ඨමාපාථගතං ගහෙත්වා; යො චීධ තච්ඡං පවිචෙය්ය ගණ්හති, ස වෙ නරො සෙට්ඨමුපෙති ඨාන”න්ති.
9. අපි සියල්ලෝම ඒ නැවට නැගී මෙසේ සැපසේ පරතෙරට තරණය කරමු. ඒකාන්තයෙන් පළමුදෙවියා විසින් කියන ලද්ද දැඩිව ගැනීමක් නැත. දෙවැන්නා කී දෙයද ඉන්ද්රිය විෂය වූවක් ලෙස ගැනීමක්ද නැත. මෙලොව යමෙක් විමසා මැද ගනීද ඒ මිනිසා ඒකාන්තයෙන් උසස් තැනට පැමිණෙයි.
තත්ථ විප්පවදන්තීති අඤ්ඤමඤ්ඤං විරුද්ධං වදන්ති. ලහුන්ති පුරිමස්ස අත්ථදීපනං. දොණින්ති ගම්භීරං මහානාවං. සබ්බයන්තූපපන්නන්ති සබ්බෙහි ඵියාරිත්තාදීහි යන්තෙහි උපපන්නං. සා චෙව නො හෙහිති ආපදත්ථාති සා ච නො නාවා පච්ඡාපි උප්පන්නාය ආපදාය අත්ථා භවිස්සති, ඉමඤ්ච දීපං න පරිච්චජිස්සාම. තරෙමූති තරිස්සාම. න වෙ සුගණ්හන්ති න වෙ සුඛෙන ගණ්හිතබ්බං. සෙට්ඨන්ති උත්තමං තථං සච්චං. කනිට්ඨන්ති පඨමවචනං උපාදාය පච්ඡිමවචනං කනිට්ඨං නාම. ඉධාපි “න වෙ සුගණ්හ”න්ති අනුවත්තතෙව. ඉදං වුත්තං හොති – අම්භො වඩ්ඪකී, යෙන කෙනචි පඨමෙන වුත්තවචනං “ඉදමෙව සෙට්ඨං තථං සච්ච”න්ති සුඛං න ගණ්හිතබ්බමෙව, යථා ච තං, එවං කනිට්ඨං ගච්ඡා වුත්තවචනම්පි “ඉදමෙව තථං සච්ච”න්ති න ගණ්හිතබ්බං. යං පන සොතවිසයං ආපාථගතං හොති, තං ආපාථගතං ගහෙත්වා යො ඉධ පණ්ඩිතපුරිසො පුරිමවචනඤ්ච පච්ඡිමවචනඤ්ච පවිචෙය්ය විචිනිත්වා තීරෙත්වා උපපරික්ඛිත්වා තච්ඡං ගණ්හාති, යං තථං සච්චං සභාවභූතං, තදෙව පච්චක්ඛං කත්වා ගණ්හාති. ස වෙ නරො සෙට්ඨමුපෙති ඨානන්ති සො උත්තමං ඨානං උපෙති අධිගච්ඡති වින්දති ලභතීති.
එහි විප්පවදන්ති යනු එකිනෙකා විරුද්ධව කියත්. ලහුං යනු පළමුවැන්නාගේ අරුත් දැක්වීමයි. ද්රොණිං යනු ගැඹුරු මහ නැවක්. සබ්බයන්තුප්පන්තං යනු සියළු රිටිපලු ආදී යන්ත්රයන්ගෙන් යුක්ත වූ. සා චෙව නො හොති ආපදත්ථා යනු අපගේ ඒ නැව පසුවද උපන් විපත්තීන් සඳහා වැඩදායී වන්නීය. මේ දිවයිනද අත් නොහරින්නෙමු. තාරෙමු තරණය කරන්නෙමු. න චෙ සුගණ්හං යනු ඒකාන්තයෙන් සුවසේ නොගත යුතුය. සෙට්ඨං උතුම්. එසේම සත්‍ය වූ. කණිට්ඨං යනු පළමු වචනය උපමාකොට පසුව කී වචනය කණිටු නම් වේ. මෙහිද නවෙ සුගණ්හං (දැඩිව නොගත යුතුය) යන්න අනුව පවතීමය. මෙය කියන ලද්දේ වෙයි. එම්බා වඩුවෙනි, යම් කිසිවෙකු විසින් පළමුව කියන ලද වචනයක් වේද එයම උසස්ය. ඇති පරිදිම වූවකි. සත්‍යයයි මනාව නොගත යුතුයි. නොගත යුතුමය. යම්සේ ඒ කණිට්ඨං පසුව කී වචනයද මෙයම සත්‍යයයි නොගත යුතුය. යමක් ඇසීමට ගොදුරු වන දෙය ඉඳුරන්ට විෂය වූයේද ඒ ඉන්ද්රිය විෂය වූ දෙය ගෙන මෙහි පණ්ඩිත පුරුෂයා පළමු වුවද පසුව වූවදැයි පවිචෙය්ය සොයා තීරණය කර පරීක්ෂා කොට මැද ගනී. යමක් ඇති පරිදි වේද සත්‍යය ස්වභාවය වීද එයම ප්රත්යක්ෂය කර ගනී. ස වෙ නරො සෙට්ඨ මුපෙති ඨානං යනු ඒ පුරුෂයා උතුම් තැනට පැමිණෙයි. එළඹෙයි. විඳී. ලබයි යනුයි.
සො එවඤ්ච පන වත්වා ආහ – “අම්භො, මයං ද්වින්නම්පි දෙවතානං වචනං කරිස්සාම, නාවං තාව සජ්ජෙය්යාම. සචෙ පඨමස්ස වචනං සච්චං භවිස්සති, තං නාවං අභිරුහිත්වා පලායිස්සාම, අථ ඉතරස්ස වචනං සච්චං භවිස්සති, නාවං එකමන්තෙ ඨපෙත්වා ඉධෙව වසිස්සාමා”ති. එවං වුත්තෙ බාලවඩ්ඪකී “අම්භො, ත්වං උදකපාතියං සුසුමාරං පස්සසි, අතීව දීඝං පස්සසි, පඨමදෙවපුත්තො අම්හෙසු දොසවසෙන කථෙසි, පච්ඡිමො සිනෙහෙනෙව, ඉමං එවරූපං වරදීපං පහාය කුහිං ගමිස්සාම, සචෙ පන ත්වං ගන්තුකාමො, තව පරිසං ගණ්හිත්වා නාවං කරොහි, අම්හාකං නාවාය කිච්චං නත්ථී”ති ආහ. පණ්ඩිතො අත්තනො පරිසං ගහෙත්වා නාවං සජ්ජෙත්වා නාවාය සබ්බූපකරණානි ආරොපෙත්වා සපරිසො නාවාය අට්ඨාසි.
හෙතෙමෙ මෙසේද කියා නැවත කීවේය. එම්බා පින්වත්නි, අපි දිව්‍ය පුත්‍රයන් දෙදෙනාගේම වචනය කරන්නෙමු. පළමුකොට නැව සාදමු. අනතුරුව ඉදින් පළමු දේවතාවාගේ වචනය ඇත්ත වන්නේද එයට නැග පලා යන්නෙමු. ඉක්බිති අනිකාගේ වචනය සත්‍ය වන්නේද නැව පසෙක තබා මෙහිම වසන්නෙමු යි. මෙසේ කී කල්හි අඥාන වඩුවා එම්බා පිංවත, පැන් තලියෙහි කිඹුලා දකින්නෙහිද? ඉතා දීර්ඝ ලෙස හිඳගත්තේ වෙහිය. පළමු දිව්‍ය පුත්‍රයා අප කෙරෙහි ක්‍රෝධයෙන් කීවේය. දෙවැන්නා ස්නේහයෙන් කීවේය. මේ මෙබඳු උතුම් දිවයිනක් අත්හැර කොහි යන්නෙමුද. ඉදින් නුඹ යනු කැමැත්තේ නම් ඔබගේ පිරිස ගෙන නැවක් කරව. අපට නැවෙකින් වැඩක් නැතැයි කීවේය.
තතො පුණ්ණමදිවසෙ චන්දස්ස උග්ගමනවෙලාය සමුද්දතො ඌමි උත්තරිත්වා ජාණුකපමාණා හුත්වා දීපකං ධොවිත්වා ගතා. පණ්ඩිතො සමුද්දස්ස උත්තරණභාවං ඤත්වා නාවං විස්සජ්ජෙසි. බාලවඩ්ඪකිපක්ඛිකානි පඤ්ච කුලසතානි “සමුද්දතො ඌමි දීපධොවනත්ථාය ආගතා, එත්තකමෙව එත”න්ති කථෙන්තා නිසීදිංසු. තතො පටිපාටියා කටිප්පමාණා පුරිසප්පමාණා තාලප්පමාණා සත්තතාලප්පමාණා සාගරඌමි දීපකම්පි වුය්හමානා ආගඤ්ඡි. පණ්ඩිතො උපායකුසලතාය රසෙ අලග්ගො සොත්ථිනා ගතො, බාලවඩ්ඪකී රසගිද්ධෙන අනාගතභයං අනොලොකෙන්තො පඤ්චහි කුලසතෙහි සද්ධිං විනාසං පත්තො.
පණ්ඩිත තෙමේ තමාගේ පිරිස ගෙන නැවක් සාදවා සියළු උපකරණ එහි පටවා පිරිස සහිත වූයේ නැවෙහි සිටියේය. අනතුරුව පුන් පසලොස්වක දිනයෙහි සඳ උදාවන වේලාවෙහි මුහුදෙන් රළ නැගී දණක් පමණ වී දිවයින සෝදා ගියාය. පණ්ඩිත තෙමේ මුහුද ගොඩගලන බව දැන නැව පිටත් කර හැරියේය. එක් පක්ෂයකට අයත් පන්සියයක් පවුල්වල අඥාන වඩුවෝ දියරැලි දිවයින සේදීම පිණිස පැමිණියෝය. එය මෙපමණයයි කියමින් සිටියාහුය. අනතුරුව මුහුදුරළ තුනටිය පමණද පුරුෂයෙකු පමණද තල්ගසක් පමණද තල්ගස් සතක් පමණද දිවයින් උසුලන්නී පැමිණියාය. පණ්ඩිතයා උපායෙහි දක්ෂ බැවින් රසයෙහි නොඇලුනේ සැප සේ ගියේය. අඥාන වඩුවා රස ලෝභයෙන් අනාගත බිය නොදැක පන්සියයක් පවුල් සමග විනාශයට පැමිණියේය.
ඉතො පරා සානුසාසනී තමත්ථං දීපයමානා තිස්සො අභිසම්බුද්ධගාථා හොන්ති –
මෙයින් මත්තේ ඒ කරුණ දක්වන්නා වූ අනුශාසනා සහිත වූ බුද්ධගාථා තුනක් වේ.
“යථාපි තෙ සාගරවාරිමජ්ඣෙ, සකම්මුනා සොත්ථි වහිංසු වාණිජා; අනාගතත්ථං පටිවිජ්ඣියාන, අප්පම්පි නාච්චෙති ස භූරිපඤ්ඤො.
10. මුහුද මැද ඒ වෙළෙන්දෝ යම් සේ සිය කාර්යය නිසා සැපතට පැමිණියෝද? ඒ නුවණැති තැනැත්තා අනාගත අභිවෘද්ධිය වටහාගෙන එය මදකුදු ඉක්මවා නොයයි.
“බාලා ච මොහෙන රසානුගිද්ධා, අනාගතං අප්පටිවිජ්ඣියත්ථං; පච්චුප්පන්නෙ සීදන්ති අත්ථජාතෙ, සමුද්දමජ්ඣෙ යථා තෙ මනුස්සා.
11. යම්සේ ඒ මිනිස්සු මුහුද මැදදී ගිලෙත්ද එසේ මෝහය නිසා රසයෙහි ගිජු වූ මෝඩයෝ අනාගතයෙහි අභිවෘද්ධිය වටහා නොගෙන අභිවෘද්ධිදායක කරුණක් පැමිණි කල්හි එහි ගිලෙත්. (පිහිටක් නොලබති)
“අනාගතං පටිකයිරාථ කිච්චං, ‘මා මං කිච්චං කිච්චකාලෙ බ්යධෙසි’; තං තාදිසං පටිකතකිච්චකාරිං, න තං කිච්චං කිච්චකාලෙ බ්යධෙතී”ති.
12. අනාගත යහපත සඳහා වූ කටයුතු කරවු. කළයුතු අවස්ථාවෙහි ඒ කටයුත්ත නොනසව. එළඹි කටයුත්ත කරන්නා වූ එවැනි තැනැත්තා කටයුතු කළයුතු අවස්ථාවෙහි එම කටයුත්ත (විසින්) පීඩාවට පත් නො කරන්නේය.
තත්ථ සකම්මුනාති අනාගතභයං දිස්වා පුරෙතරං කතෙන අත්තනො කම්මෙන. සොත්ථි වහිංසූති ඛෙමෙන ගමිංසු. වාණිජාති සමුද්දෙ විචරණභාවෙන වඩ්ඪකී වුත්තා. පටිවිජ්ඣියානාති එවං, භික්ඛවෙ , පඨමතරං කත්තබ්බං අනාගතං අත්ථං පටිවිජ්ඣිත්වා ඉධලොකෙ භූරිපඤ්ඤො කුලපුත්තො අප්පමත්තකම්පි අත්තනො අත්ථං න අච්චෙති නාතිවත්තති, න හාපෙතීති අත්ථො. අප්පටිවිජ්ඣියත්ථන්ති අප්පටිවිජ්ඣිත්වා අත්ථං, පඨමමෙව කත්තබ්බං අකත්වාති අත්ථො. පච්චුප්පන්නෙති යදා තං අනාගතං අත්ථජාතං උප්පජ්ජති, තදා තස්මිං පච්චුප්පන්නෙ සීදන්ති, අත්ථෙ ජාතෙ අත්තනො පතිට්ඨං න ලභන්ති, සමුද්දෙ තෙ බාලවඩ්ඪකී මනුස්සා විය විනාසං පාපුණන්ති.
එහි සකම්මනා යනු ඉදිරියෙහිදී වන්නා වූ බිය දැක පළමුව කරන ලද තමාගේ කාර්යය නිසා. සොත්ථිං වහිංසු යනු සුවසේ ගියාහුය. වාණිජා යනු මුහුදෙහි හැසිරෙන මෙයින් වඩුවෝම කියන ලදහ. පටිවිජ්ක්ධියානා යනු මහණෙනි, මෙසේ පළමුව කළයුතු නො ආවා වූ ප්‍රයෝජනය වටහාගෙන මෙලොව බොහෝ නුවණැති කුලපුත්‍රයා ස්වල්ප වූද තමාගේ අභිවෘද්ධිය ඉක්මවා නොයයි. නොනස්වයි යන අර්ථයි. අප්පටිවිජ්ක්ධත්ථ යනු අබෝධ නොකර යන අර්ථයි. පළමුව කළයුත්ත නොකර යන අර්ථයි. පච්චුප්පන්තෙ යනු යම්කලෙක නො ආවා වූ ප්‍රයෝජනය උපදනේද? එකල්හි එය පිළිපන් කල්හි. සීදන්ති යනු වැඩක් පැමිණි කල්හි තමාගේ ප්‍රතිෂ්ඨාව නොලබත්, මුහුදෙහිදී ඒ මෝඩ වඩුවෝ මෙන්.
අනාගතන්ති භික්ඛවෙ, පණ්ඩිතපුරිසො අනාගතං පඨමතරං කත්තබ්බකිච්චං සම්පරායිකං වා දිට්ඨධම්මිකං වා පටිකයිරාථ, පුරෙතරමෙව කරෙය්ය. කිංකාරණා? මා මං කිච්චං කිච්චකාලෙ බ්යධෙසි, පුරෙ කත්තබ්බඤ්හි පුරෙ අකයිරමානං පච්ඡා පච්චුප්පන්නභාවප්පත්තං අත්තනො කිච්චකාලෙ කායචිත්තාබාධෙන බ්යධෙති, තං මං මා බ්යධෙසීති පඨමමෙව නං පණ්ඩිතො කරෙය්ය. තං තාදිසන්ති යථා පණ්ඩිතං පුරිසං. පටිකතකිච්චකාරින්ති පටිකච්චෙව කත්තබ්බකිච්චකාරිනං. තං කිච්චං කිච්චකාලෙති අනාගතං කිච්චං කයිරමානං පච්ඡා පච්චුප්පන්නභාවප්පත්තං අත්තනො කිච්චකාලෙ කායචිත්තාබාධකාලෙ තාදිසං පුරිමං න බ්යධෙති න බාධති. කස්මා? පුරෙයෙව කතත්තාති.
පණ්ඩිත පුරුෂයා නොආවා වූ පළමුව කළයුතු කටයුත්ත පරලොව හෝ වේවා මෙලොව හෝ වේවා! පටිකයිරාථ පළමුව කරන්නේය. කවර කරුණකින්ද? මා මං කිච්චං කිච්ච කාලෙ ව්යධෙසි. පෙර කළයුත්ත පෙර නොකරනු ලබන්නේ මේ භවයට පැමිණි තමාගේ කටයුතු කාලයෙහි කායික හා චෛතසික ආබාධයන් නිසා නසයි. එලෙස එය මා නොනසවයි පණ්ඩිතයා එය පළමුව කරන්නේය. තං තාදිසං යනු පණ්ඩිත පුරුෂයා යම් සේද? පටිගත කිච්චං කාරිං යනු පළමුව කළයුත්ත කරන්නා වූ. තං කිච්චං කිච්චකාලෙ යනු අනාගත කටයුත්ත කරනු ලබන්නේ. පසුව මේ භවයට පැමිණි කටයුත්ත තමාගේ කටයුතු කාලයෙහි කායික චෛතසික ආබාධ ඇති කල්හි එවැනි පුරුෂයා පීඩාවට පත් නොකරයි. බාධාවට පත් නොකරයි. කුමක් හෙයින්ද පළමුව කළ හෙයිනි යනුයි.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි දෙවදත්තො පච්චුප්පන්නසුඛෙ ලග්ගො අනාගතභයං අනොලොකෙත්වා සපරිසො විනාසං පත්තො”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා බාලවඩ්ඪකී දෙවදත්තො අහොසි, දක්ඛිණදිසාය ඨිතො අධම්මිකදෙවපුත්තො කොකාලිකො, උත්තරදිසාය ඨිතො ධම්මිකදෙවපුත්තො සාරිපුත්තො, පණ්ඩිතවඩ්ඪකී පන අහමෙව අහොසි”න්ති.
ශස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දෙව්දත් දැන් පමණක් නොවේ. පෙරද මෙලොව සැපයෙහි ඇලුනේ අනාගතය නොබලා පිරිස සහිතව විනාසයට පත් වූයේ යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එදා මෝඩ වඩුවා දෙව්දත් වීය. දකුණු දෙස සිටි අදැහැමි දිව්‍යපුත්‍රයා කෝකාලික වීය. උතුරු දෙස සිටි දිව්‍යපුත්‍රයා සැරියුත් තෙරුන් වීය. පණ්ඩිත වඩුවා මම ම වූයෙමි වදාළ සේක.
සමුද්දවාණිජජාතකවණ්ණනා තතියා.