7. කොසියජාතකං
1722. නෙව කිණාමි නපි වික‍්කිණාමි න චාපි මෙ සන‍්නිචයො ච අත්‍ථි, සුකිච‍්ඡරූපං වතිදං පරිත‍්තං. පත්‍ථොදනො නාලමයං දුවින‍්නං.
1722. මම නො මැ මිලයට ගනිමි. නො ද විකුණමි. මා විසින් රැස් කළ ධනයෙක් ද නො ද ඇත. මේ අල්ප ආහාරය ද දුකසේ ලබන ලද මැ යැ. මේ පතක් පමණ වූ බත දෙදෙනකුන්ට පමණ නො වෙයි.
1723. අප‍්පම‍්හා අප‍්පකං දජ‍්ජං අනුමජ‍්ඣතො මජ‍්ඣකං, බහුම‍්හා බහුකං දජ‍්ජා අදානං නූපපජ‍්ජති.
1723. අල්පමාත්‍ර දැයින් අල්පමාත්‍රයක් දෙන්නේ යැ. අණුමාත්‍ර අර්‍ධයෙන් අඩක් දෙන්නේ යැ. බොහෝ දැයින් බොහෝ දැයක් දෙන්නේ යැ. නො දෙනු නො වටනේ යි.
1724. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ‍්ජ ච, අරියං මග‍්ගං සමාරුහ නෙකාසී ලභතෙ සුඛං
1724. කෝසිය සිටාණෙනි, එකරුණෙන් තොපට කියමි; දන් දෙව, වළඳ ද කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
1725. මොඝඤ‍්චස‍්ස හුතං හොති මොඝඤ‍්චාපි සමීහිතං, අතිථිස‍්මිං යො නිසින‍්නස‍්මිං එකො භුඤ‍්ජති භොජනං,
1725. යමෙක් ආගන්තුකයකු හුන් කල්හි එකලා වැ බොජුන් බුදී නම් ඔහුගේ හෝම සිස් වෙයි. ධනෝපායන වීර්‍ය්‍ය ද සිස් වෙයි.
1726. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ‍්ජ ච, අරියං මග‍්ගං සමාරුහ නෙකාසී ලභතෙ සුඛං.
1726. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි. දන් දෙව, වළඳ ද කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
1727. සච‍්චං තස‍්ස හුතං හොති සච‍්චං චාපි සමීහිතං, අතිථිස‍්මිං යො නිසින‍්නස‍්මිං නෙකො භුඤ‍්ජති භොජනං.
1727. යමෙක් ආගන්තුකයකු හුන් කල්හි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහුගේ දානය සත්‍ය වෙයි. ධනෝපායන වීර්‍ය්‍ය ද සත්‍ය වෙයි.
1728. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ‍්ජ ච, අරියං මග‍්ගං සමාරුහ නෙකාසී ලභතෙ සුඛං.
1728. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව. තෙමේ ද වළඳ කරව. ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව. එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
1729. සරඤ‍්ච ජුහති පොසො බාහුකාය ගයාය ච, දොණෙ තිම‍්බරුතිත්‍ථස‍්මිං සීඝසොතෙ මහාවහෙ.
1729. යම් පුරුෂයෙක් (ලවණසමුද්‍ර පුෂ්කරණී ආදි) ජලාශයක් කරා එළැඹැ බලිකර්‍ම කෙරේ ද, බාහුකා නදී යැ ගයාපුෂ්කරණී යැ ද්‍රෝණ තීර්‍ත්‍ථ යැ තිම්බරු තීර්‍ත්‍ථ යැ මහත් වූ ජලප්‍රවාහ ඇති ශීඝ්‍රශ්‍රෝතස් යැ යන මෙහි බලිකර්‍ම කෙරේ ද.
1730. අත්‍ර චස‍්ස හොති අත්‍ර චස‍්ස සමීහිතං, අතිථිස‍්මිං යො නිසින‍්නස‍්මිං නෙකො භුඤ‍්ජති භොජනං.
1730. යමෙක් අමුත්තකු හුන් කල්හි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහු විසින් තෙල තන්හි දු බලිකර්‍ම කරනලද වෙයි. තෙල තන්හි දු ධනෝපායන වීර්‍ය්‍ය කරනලද වෙයි.
1731. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ‍්ජ ච, අරියං මග‍්ගං සමාරුහ නෙකාසී ලභතෙ සුඛං.
1731. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව, තෙමේත් වළඳ කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකල වැ වළඳනුයේ සුව නො ලබා.
1732. ඛිළිසං හි සො නිග‍්ගිලති දීඝසුත‍්තං සබන්‍ධනං, අතිථිස‍්මිං යො නිසින‍්නස‍්මිං එකො භුඤ‍්ජති භොජනං.
1732. යමෙක් අමුත්තකු හුන් කල්හි එකලා වැ අහර වළඳ කෙරේ ද, හේ දීර්‍ඝසූත්‍රයක් ඇති බන්‍ධන සහිත වූ බිලියක් ගිලියි.
1733. තං තං වදාමි කොසිය දෙහි දානානි භුඤ‍්ජ ච, අරියං මග‍්ගං සමාරුහ නෙකාසී ලභතෙ සුඛං.
1733. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව, තෙමේ ද වළඳ කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
1734. උළාරවණණා වත බ්‍රාහ‍්මණා ඉමෙ, අයඤ‍්ච වො සුනඛො කිස‍්ස හෙතු, උච‍්චාවචං වණ‍්ණනිභං විකුබ‍්බති අක‍්ඛාථ නො බ්‍රාහ‍්මණා කෙ නු තුම‍්හෙ.
1734. මේ බ්‍රාහ්මණයෝ උදාරවර්‍ණ ඇතියාහු මැ යැ. තොපගේ මේ සුනඛ තෙම කවර හෙයින් හීන ප්‍රණීත පැහැසටහන් විකුර්‍වණ (නිර්‍මාණ) කෙරේ ද? බ්‍රාහ්මණයෙනි, අපට කියව, තෙපි කවරහු ද?
1735. චන්‍දො ච සුරියො ච උභො ඉධාගතා අයං පන මාතලි දෙව සාරථි, සක‍්කොහමස‍්මි තිදසානමින්‍දො එසො ච ඛො පඤ‍්චසිඛොති වුච‍්චති.
1735. සඳ හිරු දෙදෙන මෙහි ආහ. මේ වූකලි දේවසාරථි වූ මාතලී වෙයි. මම තිදස්වැසි දෙවියනට අධිපති සක්දෙව්රජ වෙමි. තෙල තැනැත්තේ ‘පඤ්චසිඛ’ යැ යි කියනු ලැබේ.
1736. පාණිස‍්සරා මුදිඞ‍්ගා ච මුරජාළම‍්බරානි ච, සුත‍්තමෙනං පබොධෙන‍්ති පටිබුද‍්ධො ච නන්‍දති.
1736. අත්තල නාදයෝ ද මිහිඟුබෙර හඬ ද මුරජ බෙර හඬ ද පණාබෙර හඬ ද නිදිගත් මොහු පුබුදු කෙරෙති. පිබිදියේ තුටු වේ.
1737. යෙ කෙචිමෙ මච‍්ඡරිනො කදරියා පරිභාසකා සමණබ්‍රාහ‍්මණානං, ඉධෙව නික‍්ඛිප‍්ප සරීරදෙහං කායස‍්ස භෙදා නිරයං වජන‍්ති.
1737. යම්කිසි කෙනෙක් මසුරු වූවාහු තදමසුරු වූවාහු මහණ බමුණන්ට පිරිහෙළා කථා කරන්නාහු වෙත් ද, ඔහු ශරීර සංඛ්‍යාත දේහය මෙලොව්හි මැ බහාතබා කාබුන් මරණින් මතු නිරයට යති යි.
1738. යෙ කෙචිමෙ සුග‍්ගතිමාසසානා ධම‍්මෙ ඨිතා සංයමෙ සංවිභාගෙ, ඉධෙව නික‍්ඛිප‍්ප සරීරදෙහං කායස‍්ස භෙදා සුගතිං වජන‍්ති.
1738. යම්කිසි කෙනෙක් සුගතිය පතන්නාහු සංයම සංඛ්‍යාත දශශීලධර්‍මයෙහි ද සංවිභාග සංඛ්‍යාත දානධර්‍මයෙහි ද සිටියාහු වෙත් ද, ඔහු ශරීර සංඛ්‍යාත දේහය මෙලොව්හි මැ බහාතබා කායභේදයෙන් මතු සුගතියට යති යි.
1739. ත්‍වං නොසි ඤාති පුරිමාසු ජාතිසු සො මච‍්ඡරී රොසකො පාපධම‍්මො, තවෙව අත්‍ථාය ඉධාගතම‍්හා මා පාපධම‍්මො නිරයං අපත්‍ථ.
1739. තෙපි පූර්‍වජාතියෙහි අපගේ ඥාති වූවාහු යැ. ඒ තෙපි මසුරු වවු. රොස්පරොස් බස් ඇතියහු. පාපධර්‍ම ඇතියහු යැ. තොපට වැඩ සඳහා මැ මෙහි ආම්හ. පාපධර්‍ම ඇතියහු නිරයට නො යව.
1740. අද‍්ධා හි මං වො හිතකාමා යං මං සමනුසාසථ, සොහං තථා කරිස‍්සාමි සබ‍්බං වුත‍්තං හිතෙසිහි.
1740. යම්හෙයෙකින් තෙපි මට මැනැවින් අනුශාසනා කරවු ද, එහෙයින් ඒකාන්තයෙන් මැ තෙපි මට හිත කැමැත්තවු යැ. හිත කැමැතියන් විසින් කියනලද සියල්ල ඒ මම එසේ මැ කරන්නෙමි.
1741. එසාහමජ‍්ජෙව අපාරමාමි නචාපහං කිඤ‍්චි කරෙය්‍ය පාපං, නචාපි මෙ කිඤ‍්චිමදෙය්‍යමත්‍ථි නචාපදත්‍වා උදකම‍්පහං පිබෙ.
1741. තෙල මම් අද මැ මසුරු බැවින් වෙන් වෙමි. මම කිසි පවකුදු නො කරමි. (මෙතැන් පටන්) නො දියැයුතු කිසිවක් මට නැත. කිසිවක්හට නො දී මම දියපතකුදු නො බොමි.
1742. එවඤ‍්ච මෙ දදතො සබ‍්බකාලං භොගා ඉමෙ වාසව ඛීයිස‍්සන‍්ති, තතො අහං පබ‍්බජිස‍්සාමි සක‍්ක හිත්‍වාන කාමානි යථොධිකානීති.
1742. සක්දෙව්රජුනි, හැම කල්හි දෙන්නා වූ මාගේ මේ භෝගයෝ ක්‍ෂය වන්නාහ. සක්දෙව්රජුනි, එකල්හි මම (වස්තුකාම ක්ලේශකාම විසින්) ශේෂ වැ සිටි කාමයන් හැරපියා පැවිදි වන්නෙමි යි.