8. මෙණ්ඩකපඤ්හො
1743. යෙසං න කදාචි භූතපුබ්බං සක්ඛිං සත්තපදම්පි ඉමස්මිං ලොකෙ, ජාතා අමිත්තා දුවෙ සහායා පටිසන්ධාය චරන්ති කිස්ස හෙතු.
1743. මෙලොව යම් කෙනකුන්ගේ සත්පියවරක් පමණ මිත්රසන්ථවයකුදු කිසිකලෙකත් ඇස්හමු නො වූ විරී ද, එබඳු සතුරෝ දෙදෙනෙක් මිත්‍ර වූවාහු කවර හෙයින් ඝටිත වැ හැසිරෙත් ද?
1744. යදි මෙ අජ්ජ පාතරාසකාලෙ පණ්හං න සක්කුණෙය්යාථ වත්තුමෙතං, රට්ඨා පබ්බාජයිස්සාමි වො සබ්බෙ නහි මත්ථො දුප්පඤ්ඤජාතිකෙහි.
1744. ඉදින් අද පෙරබත් වේලෙහි තෙල ප්රශ්නය මට කියන්නට නොහැකි වන්නවු නම් තොප හැමදෙනා නෙරනෙමි. නුනුවණ සැහැවි ඇතියන්ගෙන් මට අර්‍ත්‍ථයෙක් නැත් මැ යි.
1745. මහාජනසමාගමම්භි ඝොරෙ ජනකොලාහලසඞ්ගමම්හි ජාතෙ වික්ඛිත්තමනා අනෙකවචිත්තා පඤ්හං න සක්කුණොම වත්තුමෙතං.
1745. මහාජනසමාජයෙහි මහත් වූ ජනකලහසමාගම හටගත් කල්හි විසුළ සිත් ඇතියමෝ නොයෙක් සිතිවිලි ඇතියමෝ තෙල ප්රශ්නය කියන්නට නො හැකියම්හ.
1746. එකග්ගචිත්තා ච එකමෙකා රහසිගතා අත්ථං නිචින්තයිත්වා, පවිවෙකෙ සම්මසිත්වාන ධීරා අථ වක්ඛන්ති ජනින්ද අත්ථමෙතං.
1746. රජතුමනි, මේ ප්‍රාඥයෝ එකඟසිත් ඇතියාහු එකිනෙකා රහසිගත වැ කායචිත්තචිවෙකයෙහි සිටියාහු සම්මර්ශන කොට අර්ත්ථ නිශ්චය කොට ඉක්බිති තෙල අර්ත්ථය කියන්නාහ යි.
1747. උග්ගපුත්තරාජපුත්තියානං උරබ්භමංසං පියං මනාපං, න තෙ සුනඛස්ස අදෙන්ති මංසං අථ මෙණ්ඩස්ස සුණෙන සඛ්යමස්ස.
1747. එළුමස් අමාත්යපුත්රයනට ද රාජපුත්‍රයනට ද ප්‍රිය මනාප වෙයි. ඔහු ශුනකමාංස භක්ෂණ නො කෙරෙති. එතෙකුදු වත් ශුනකයකු හා සමග එළුවාගේ යහළුබවෙක් වන්නේ යැ යි.
1748. චම්මං විහනන්ති එළකස්ස අස්සපිට්ඨත්ථරණසුඛස්ස හෙතු, නච තෙ සුනඛස්ස අත්ථරන්ති අථ මෙණ්ඩස්ස සුණෙන සඛ්යමස්ස.
1748. අසුපිට අතුරුණු සුව හෙයින් එළුවාගේ සම වෙන් කොට ගනිත්. ඔහු ශුනකයාගේ සම නො අතුරති, එතෙකුදු වත් ශුනකයකු හා සමග එළුවාගේ යහළුබවෙක් වන්නේ යැ.
1749. ආවෙල්ලිතසිඞ්ගිකො හි මෙණ්ඩො න ච සුනඛස්ස විසාණානි අත්ථි, තිණභක්ඛො මංසභොජනො ච අථ මෙණ්ඩස්ස සුණෙන සඛ්යමස්ස.
1749. එළුවා ඇඹරුණු අං ඇත්තේ යැ. ශුනකයාට අං නැත. එළුවා තණ කන්නේ යැ. ශුනකයා මාංසභක්ෂණ කරන්නේ යැ. එතෙකුදු වත් සුනඛයකු හා සමග එළුවාගේ යහළු බවෙක් වන්නේ යැ යි.
1750. තිණමාසී පලාසමාසී මෙණ්ඩො න ච සුනඛො තිණමාසී නො පලාසං, ගණ්හෙය්ය සුණො සසං බිළාරං අථ මෙණ්ඩස්ස සුණෙන සඛ්යමස්ස.
1750. එළුවා තණ කන්නේ යැ. කොළ කන්නේ යැ. ශුනකයා තණ නො කයි. කොළ නො කයි. ශුනකයා සාවා, බළලා අල්වා ගන්නේ යැ. එකෙකුදු වත් ශුනකයකු හා සමග එළුවාගේ යහළු බවෙක් වන්නේ යැ යි.
1751. අඩ්ඪට්ඨපාදො චතුප්පදස්ස මෙණ්ඩො අට්ඨනඛො අදිස්සමානො, ඡාදියමාහරති අයං ඉමස්ස මංසං ආහරති අයං අමුස්ස.
1751. පා සතරක් ඇති නිය අටක් ඇති මෙ එළුවා අප්‍රකට වැ තෙල ශුනකයාට මස් ගෙන එයි. මේ ශුනක තෙම මේ එළුවාට තණ ගෙන එයි.
1752. පාසාදගතො විදෙහසෙට්ඨො වීතිහාරං අඤ්ඤමඤ්ඤභොජනානං, අද්දක්ඛි කිර සක්ඛි තං ජනින්දො ඛොභුක්ඛස්ස ච පුණ්ණමුඛස්ස චෙතං.
1752. ප්රාසාදතලයට ගිය වේදේහ රජ අන්‍යෝන්‍ය ආහාර ව්යතීහාරය (හුවමාරුව) දුටුයේ වන. නරේන්ද්‍ර තෙම ශුනකයාගේ ද එළුවාගේ ද තෙල මිත්රධර්මය ආත්මප්රත්යක්ෂ කොට දුටුයේ යැ යි.
1753. ලාභා වත මෙ අනප්පරූපා යස්ස මෙදිසා පණ්ඩිතා කුලම්භි, පඤ්චස්ස ගම්භීරගතං නිපුණමත්ථං පටිවිජ්ඣන්ති සුභාසිතෙන ධීරා.
1753. යම්බඳු මාගේ කුලයෙහි මෙවන් පණ්ඩිතයෝ ඇද්ද? ඒ මට ඒකාන්තයෙන් අනල්ප ලාභයෙකි. ප්‍රාඥයෝ ගැඹුරු වූ නිපුණාර්ත්ථය සුභාෂිතයෙන් දැන කියති.
1754. අස්සතරීරථඤ්ච එකමෙකං ඵීතං ගාමවරඤ්ච එකමෙකං, සබ්බෙසං වො දම්මි පණ්ඩිතානං. පරමපතීතමනො සුභාසිතෙනා’ති.
1754. පණ්ඩිත වූ තොපට එකෙකි අශ්වතරී රථයක් ද එකෙකි සමෘද්ධ වූ ගම්වරයක් ද යන සියල්ල දෙමි. සුභාෂිතයෙන් අතිශයින් සතුටු වූ සිත් ඇතියෙමි’යි.