9. මහාපදුමජාතකං
1755. නාදිට‍්ඨා පරතො දොසං අණුංථූලානි සබ‍්බසො, ඉස‍්සරො පණයෙ දණ‍්ඩං සාමං අප‍්පටිවෙක‍්ඛිය.
1755. අන් කෙනෙකුගේ ලොකු කුඩා වැරැදි සියලු ආකාරයෙන් නො දැක, නො විමසා රජ තෙම දඬුවම් නියම නො කරන්නේ ය.
1756. යො ච අප‍්පටිවෙක‍්ඛිත්‍වා දණ‍්ඩං කුබ‍්බති ඛත‍්තියො, සකණ‍්ටකං සො ගිලති ජච‍්චන්‍ධොව සමක‍්ඛිකං.
1756. කිසියම් ක්‍ෂත්‍රියයෙක් (රජෙක්) නුවණින් නො සිතා (කෙනකුට) දඬුවම් නියම කෙරේ ද හේ කටු සහිත ආහාරය ගිලී. මැස්සන් සහිත බොජුන් බුදිනා ජාත්‍යන්‍ධයකු මෙන් වෙයි.
1757. අදණ‍්ඩියං දණ‍්ඩයති දණ‍්ඩියඤ‍්ච අදණ‍්ඩියං අන්‍ධොව විසමං මග‍්ගං න ජානාති සමාසමං.
1757. යමෙක් දඬුවම් නොදිය යුත්තාට දඬුවම් කෙරේ ද දඬුවම් දිය යුත්තාට දඬුවම් නො කෙරේ ද හේ විෂම මඟට පැමිණියා වූ අන්‍ධයකු පරිද්දෙන් පාෂාණනාදියෙහි පැකිළෙන්නේ සම අසම දෙක නො දනී. (මහත් වූ අපාය දුකට පැමිණෙයි.)
1758. යො ච එතානි ඨානානි අණුංථූලානි සබ‍්බසො, සුදිට‍්ඨං චානුසාසෙය්‍ය සචෙ වොහරිතුමරහති.
1758. යමෙක් මේ ලොකු කුඩා කරුණු සර්‍වප්‍රකාරයෙන් මනාකොට දැන (දැකැ) අනුශාසනා කෙරේ ද හේ ඒකාන්තයෙන් රාජ්‍යානුශාසනයට සුදුසු වෙයි.
1759. නෙකන‍්නමුදුනා සක‍්කා එකන‍්තතිඛිණෙන වා, අත‍්තං මහන‍්තෙ ඨාපෙතුං තස‍්මා උභයමාචරෙ.
1759. ඒකාන්ත මොළොක් පැවැත්මෙන් ද, ඒකාන්ත තියුණු (රළු) පැවැත්මෙන් ද තමා ආධිපත්‍යයෙහි තබවන්නට නො හැකි වෙයි. එහෙයින් (මොළොක් වූ ද, රළු වූ ද, දෙයාකාරයෙන් හැසිරෙන්නේ ය.
1760. පරිභූතො මුදූ හොති අතිතික‍්ඛො ච වෙරවා, එතඤ‍්ච උභයං ඤත්‍වා අනුමජ‍්ඣං සමාචරෙ.
1760. මොළොක් වූවහුට මහජනයා අවමන් කරයි, රළු වූවහුට මහජනයා සතුරු වෙයි. මේ දෙයාකාරය දැනැ මධ්‍යස්ථ ව හැසිරෙන්නේ ය.
1761. බහුම‍්පි රත‍්තො භාසෙය්‍ය දුට‍්ඨොපි බහුභාසති, න ඉත්‍ථිකාරණා රාජ පුත‍්තං ඝාතෙතුමරහසි.
1761. රාගයෙන් රත් වූයේ බොහෝ දේ කියන්නේ ය. ද්වේෂයෙන් දූෂිත වූයේ ද බොහෝ දේ කියන්නේ ය. මහරජ තුමනි, ස්ත්‍රිය නිසා පුත්‍රයා නසන්නට නො වටී.
1762. සබ‍්බො ච ලොකො එකන‍්තො ඉත්‍ථි ච අයමෙකිකා, තෙනාහං පටිපජ‍්ජිස‍්සං ගච‍්ඡ පක‍්ඛිපථෙව නං.
1762. ලෝ වැස්සා එක් පක්‍ෂයක් විය. මේ ස්ත්‍රී හුදෙකලා වූවා ය. එහෙයින්, මම ස්ත්‍රියගේ කීම පිළිපදින්නෙමි. යවු, ඔහු ප්‍රපාතයේ දමවු.
1763. අනෙකතාලෙ නරකෙ ගමිභීරෙ ච සුදුත‍්තරෙ, පාතිතො ගිරිදුග‍්ගස‍්මිං කෙන ත්‍වං තත්‍ථ නාමරි.
1763. තල්ගස් ගණනක් බහා ලන්නට තරම් ගැරැඹුති, එතර වන්නට අපහසු නරකයක් වැනි ගිරි දුර්‍ගයේ දමා ලූ ඔබ වහන්සේ නො මළේ කිම?
1764. නාගො නාගබලො තත්‍ථ ථාමවා ගිරිසානුජො, පච‍්චග‍්ගහී මං භොගෙහි තෙනාහං තත්‍ථ නාමරිං.
1764. ඒ පර්‍වත ප්‍රපාතයේ උපන් ශක්ති සම්පන්න වූ නාගයෙක් මා දරණ–වැළින් පිළිගත්තේ ය. එහෙයින් එහි දී මම නො මළෙමි.
1765. එහි තං පටිනෙස‍්සාමි රාජපුත‍්ත සකං ඝරං, රජ‍්ජං කාරෙසි භද‍්දන‍්තෙ කිං අරඤ‍්ඤෙ කරිස‍්සසි.
1765. රාජ පුත්‍රය, එව, තොප සිය නිවසට ගෙන යන්නෙමි. පින්වත, රාජ්‍යය කරන්න. වනයෙහි කරන්නේ කුමක් ද?
1766. යථා ගිලිත්‍වා බළිසං උද‍්ධරෙය්‍ය සලොහිතං, උද‍්ධරිත්‍වා සුඛී අස‍්ස එවං පස‍්සාමි අත‍්තනං.
1766. ගිල්ලා වූ බිළිය ලේ සහිතව උදුරා දමන්නේ යම් සේ ද, උදුරාලූ පසු සුවපත් වනුයේ යම්සේ ද එපරිද්දෙන් මා ද සුවපත් වූවකු ලෙස දකිමි.
1767. කින‍්නු ත්‍වං බළිසං බ්‍රූසි කිං ත්‍වං බ්‍රූසි සලොහිතං. කින‍්නු ත්‍වං උබ‍්භතං බ්‍රූසි තම‍්මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.
1767. තෙපි කුමකට බිළිය යි කියවු ද? කුමකට ලේ සහිතය යි කියවු ද? කුමක් උදුරාලූය යි කීවහු ද? විතාළ මට එය කියව.
1768. කාමාහං බළිසං බ්‍රූමි හත්‍ථිඅස‍්සං සලොහිතං, චත‍්තාහං උබ‍්භතං බ්‍රූමි එවං ජානාහි ඛත‍්තිය.
1768. මම කාමයන් බිළිය යි කියමි, ඇතුන් අසුන් (ඇති බව) ලේ සහිත යයි කියමි, හළුවා වූ දෙය උදුරා ලූ දෙය යයි කියමි ක්‍ෂත්‍රියය, එය මෙසේ දැන ගනුව.
1769. චිඤ‍්චාමාණවිකා මාතා දෙවදත‍්තො ච මෙ පිතා, ආනන්‍දො පණ‍්ඩිතො නාගො සාරිපුත‍්තො ච දෙවතා. අහං තදා රාජපුත‍්තො එවං ධාරෙථ ජාතකන‍්ති.
1769. එ සමයෙහි මව චිංචාමාණවිකා ය. පිය රජ දෙව්දත් තෙර ය. නැණවත් නාගයා ආනන්‍ද තෙර ය. දිව්‍යපුත්‍රයා සැරියුත් රහතන් වහන්සේ ය. රාජපුත්‍රයා මම වෙමි. මේ ජාතකය මෙසේ දරා ගනිවු. (සිතැ තබා ගනිවු)