යෙදුමෙන් කියවන්න

10. මිත‍්තාමිත‍්තජාතකං

1770. කානි කම‍්මානි කුබ‍්බානං කථං විඤ‍්ඤූ පරක‍්කමෙ අමිත‍්තං ජානෙය්‍ය මෙධාවී දිස‍්වා සුත්‍වා පණ‍්ඩිතො.

1770. නැණවත් පුරුෂයා ඇසින් දැක, කනින් අසා කවර කර්‍මයන් කරන්නහු මා සතුරෙකැ යි දැනගන්නේ ද, එය දැන ගැනීමට නැණවතා කෙසේ වෑයම් කටයුතු ද?

1771. න තං උම‍්භයතෙ දිස‍්වා න ච නං පටිනන්‍දති, චක‍්ඛූනි චස‍්ස න දදාති පටිලොමං ච වත‍්තති.

1771. මිත්‍ර ප්‍රතිරූපකයා, මිතුරා දැක ද සිනා නො වෙයි. සතුටු නො වෙයි. ඇස් ඇර බැලීම ද නො කෙරෙයි. මිතුරා කරන කතාවට ද විරුද්ධ වේ.

1772. අමිත‍්තෙ තස‍්ස භජති මිත‍්තෙ තස‍්ස න සෙවති, වණ‍්ණකාමෙ නිවාරෙති අක‍්කොසන‍්තෙ පසංසති.

1772. ඔහුගේ සතුරන් භජනය කෙරෙයි. ඔහුගේ මිතුරන් භජනය නො කෙරෙයි. ගුණ කියන්නවුන් වළකයි. නුගුණ කියන්නවුන් පසයයි.

1773. ගුය‍්හඤ‍්ච තස‍්ස නක‍්ඛාති තස‍්ස ගුය‍්හං න ගූහති, කම‍්මං තස‍්ස න වණ‍්ණෙති පඤ‍්ඤස‍්ස නප‍්පසංසති.

1773. සැඟවියයුතු දෙය ඔහුට නො කියයි. ඔහුගේ සැඟවිය යුතු දෙය නො සඟවයි. ඔහුගේ වැඩ නො පසසයි. ඔහුගේ නුවණ නො පසසයි.

1774. අභවෙ නන්‍දති තස‍්ස භවෙ තස‍්ස න නන්‍දති, අච‍්ඡරියං භොජනං ලද‍්ධා තස‍්ස නුප‍්පජ‍්ජතෙ සති, තතො තං නානුකම‍්පති අහො සොපි ලභෙයයිතො

1774. ඔහුගේ පරිහානියේ දී සතුටු වෙයි. ඔහුගේ දියුණුවේ දී සතුටු නො වෙයි. රසවත් බොජුනක් ලද විටෙක ඔහු සිහිපත් නො කරයි. එයින් ඔහුට සංග්‍රහ කරන්නට තරම් සානුකම්පික නො වෙයි. මෙයින් නො සතුට ලබන්නේ ය.

1775. ඉච‍්චෙතෙ සොළසාකාරා අමිත‍්තස‍්මිං පතිට‍්ඨිතා, යෙහි අමිත‍්තං ජානෙය්‍ය දිස‍්වා සුත්‍වා ච පණ‍්ඩිතො.

1775. මෙසේ, සතුරා කෙරේ පිහිටි මේ සොළසාකාර ලකුණෙන් පණ්ඩිත පුරුෂයා සතුරා දැක ද අසා ද දැනැ ගන්නේ ය.

1776. කානි කම‍්මානි කුබ‍්බානං කථං විඤ‍්ඤූ පරක‍්කමෙ, මිත‍්තං ජානෙය්‍ය මෙධාවී දිස‍්වා සුත්‍වා ච පණ‍්ඩිතො.

1776. කෙබඳු දේ කරන්නකු ඇසින් දැකැ කනින් අසා මේ මගේ මිතුරෙකැ යි නැණවත් පුරුෂයා දැනැ ගන්නේ ද එය දැනැ ගැනීමට නැණවත් පුරුෂයා කෙසේ වෑයම් කටයුතු ද?

1777. පවුත‍්තං චස‍්ස සරති ආගතං අභිනන්‍දති, තතො කෙලායිතො හොති වාචාය පටිනන්‍දති.

1777. විදේශයට ගිය ඔහුගේ මිතුරා සිහිකරයි. ආපසු පැමිණි මිතුරා දැක ඉතා සතුටු වෙයි. ඉක්බිති මමායනය කරන්නේ වෙයි. ප්‍රිය බසින් සල්ලාපයේ යෙදෙමින් ප්‍රීත වෙයි.

1778. මිත‍්තෙ තස‍්සෙව භජති අමිත‍්තෙ තස‍්ස න සෙවති, අකොසන‍්තෙ නිවාරෙති වණ‍්ණකාමෙ පසංසති.

1778. ඔහුගේ ම මිතුරන් භජනය කරයි. ඔහුගේ සතුරන් භජනය නො කරයි. නින්‍දා කරන්නන් වළක්වයි. ගුණ කියන්නන් පසසයි.

1779. ගුහ්‍යඤ‍්ච තස‍්ස අක‍්ඛාති තස‍්ස ගුය‍්හඤ‍්ච ගූහති, කම‍්මඤ‍්ච තස‍්ස වණ‍්ණෙති පඤ‍්ඤං තස‍්ස පසංසති.

1779. සැඟවියයුතු දෙය ඔහුට කියයි. ඔහුගේ සැඟවිය යුතු දෙය සඟවයි. ඔහුගේ වැඩට පැසසුම් කරයි. ඔහුගේ නුවණට පැසසුම් කරයි.

1780. භවෙ ච නන්‍දති තස‍්ස අභවෙ තස‍්ස න නන්‍දති, අච‍්ඡරියං භොජනං ලද‍්ධා තස‍්ස උප‍්පජ‍්ජතෙ සති, තතො තං අනුකම‍්පති අහො සොපි ලභෙයයිතො.

1780. ඔහුගේ දියුණුවෙහි සතුටු වෙයි. ඔහුගේ පරිහානියෙහි නො සතුටු වෙයි. රසවත් බොජුනක් ලද විටෙක ඔහු සිහිපත් කරයි. එයින් ඔහුට සංග්‍රහ කරන්නට තරම් සානුකම්පක වෙයි. මෙයින් සතුටක් ලබන්නේ ය.

1781. ඉච‍්චෙතෙ සොළසාකාරා මිත‍්තස‍්මිං සුප‍්පතිට‍්ඨිතා, යෙහි මිත‍්තං ච ජානෙය්‍ය දිස‍්වා සුත්‍වා ච පණ‍්ඩිතොති.

1781. මෙසේ මිතුරා කෙරේ පිහිටි මේ සොළසාකාර ලකුණෙන් පණ්ඩිත පුරුෂයා මිතුරා දැක ද අසා ද දැනැ ගන්නේ ය.

10. මිත‍්තාමිත‍්තජාතකං.

10. මිත්තාමිත්ත ජාතක යි.

ද‍්වාදසකනිපාතො නිට‍්ඨිතො

දොළොස්වැනි නිපාතය නිමි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

ලහුචිත‍්ත සාසාල කසන‍්ති පුන අථ කාම දසබලුට‍්ඨාන වරො, අථ කණ‍්හ සුකොසිය මෙණ‍්ඩවරො පදුමො පුන මිත‍්තවාරෙ දස.

ලහුචිත්ත (වූලකුණාල) ය, භද්දසාල ය, කසන්ති (සමුද්දවාණිජ) ය, කාම ය, දස බලු (ජනසන්‍ධ) ය, කණ්හ (මහාකණ්හ) ය, කෝසිය ය, මෙණ්ඩක ය, මහාපදුම ය, මිත්තාමිත්ත ය යි දශ ජාතකයෝ වෙත්.