යෙදුමෙන් කියවන්න

1. අම‍්බජාතකං

1782. අහාසි මෙ අම‍්බඵලානි පුබ‍්බෙ අණූනි ථූලානි ච බ්‍රහ‍්මචාරී, තෙහෙව මන‍්තෙහි නදානි තුය‍්හං දුමප‍්ඵලා පාතුභවන‍්ති බ්‍රහ‍්මෙ.

1782. බඹසැරිය, ලොකු කුඩා අඹ පෙර (තෙපි) මට ගෙනාවහු ය. තොපගේ ඒ මන්ත්‍ර බලයෙන් දැන් අඹ පහළ නො වෙ යි. (අඹ නො සෑදේ.)

1783. නක‍්ඛත‍්තයොගං පටිමානයාමි ඛණං මුහුත‍්තං න මං තොසයන‍්ති, නක‍්ඛන‍්තයොගඤ‍්ච ඛණඤ‍්ච ලද‍්ධා අථාහරිස‍්සම‍්බඵලං පහූතං.

1783. නැකැත් යෝගය ගරු කරමි. හෙවත් පරීක්‍ෂාවෙන් සිටිමි. ක්‍ෂණය (නැකැත) සුභ මොහොත මා තුටු නො කෙරේ. නැකැත් යෝගයත් සුභ මොහොතත් ලැබ නැවත බොහෝ අඹ ගෙනෙන්නෙමි.

1784. නක‍්ඛත‍්තයොගං න පුරෙ අභාණි ඛණං මුහුත‍්තං න පුරෙ අසංසි, අථාහරී අම‍්බඵලං පහූතං වණ‍්ණෙන ගන්‍ධෙන රසෙනුපෙතං.

1784. නැකැත් යෝගයක් (එහි අවශ්‍යතාව) පෙරැ නො කීය. සුභ මොහොත තිබියයුතු යයි නො කීය. එහෙත්, පැහැයෙන් සුවඳින් හා රසයෙන් යුතු අඹරැසක් ගෙනාවේ ය.

1785. මන‍්තාභිජප‍්පෙන පුරස‍්ස තුය‍්හං දුමප‍්ඵලා පාතුභවන‍්ති බ්‍රහ‍්මෙ, ස‍්වාජ‍්ජ න පාරෙසි ජපම‍්පි මන‍්තෙ අයං සො කො නාම තවජ‍්ජ ධම‍්මො.

1785. බමුණ, මන්ත්‍ර ජල්පනයෙන් පෙරැ තොපට අඹ ගසේ ඵලයෝ පහළ වූහ. ඒ තෙපි අද මතුරු දපන්නේ නමුදු ගස පල ගන්වන්නට අපොහොසත් වූහු. අද තොපට මේ වූයේ කුමක් ද?

1786. චණ‍්ඩාලපුත‍්තො මම සම‍්පදාසි ධම‍්මෙන මන‍්තෙ පකතිඤ‍්ච සංසි, මා චස‍්සු මෙ පුච‍්ඡිතො නාමගොත‍්තං. ගුය‍්හිත්‍ථො මා තං විජහෙය්‍ය මන‍්තො.

1786. සැඬොල් පුතෙක් දැහැමින් හෙවත් පාරිතොෂිකයක් හෝ නො ගෙන මට මන්ත්‍රය දිනි. (ඉදින්) මතුර දුන්නහු (කවුරුන් හෝ) පිළිවිසියේ නො සඟවා කියව. (එය) මතුරු තා නො හරින්නට හේතු ය.

1787. සොහං ජනින්‍දෙන ජනම‍්හි පුට‍්ඨො මක‍්ඛාභිභූතො අලිකං අභාසිං, මන‍්තා ඉමෙ බ්‍රාහ‍්මණස‍්සාති මිච‍්ඡා පහීනමන‍්තො කපණො රුදාමි.

1787. රජතුමා විසින් ජනයා මැද මා විතාළේ ගුණමකු වැ මම බොරු කීවෙමි. මේ මතුර බමුණකුගෙන් ඉගෙන ගත්තේ යයි කීම බොරු ය. මන්ත්‍ර නැති ව ගියෙන් අසරණ ව අඬමි.

1788. ඵරණ‍්ඩා පුචිමන්‍දා වා අථවා පාළිභද‍්දකා, මධුං මධුත්‍ථිකො වින්‍දෙ සො තස‍්ස දුමුත‍්තමො.

1788. මී සොයන්නෙක්, එරඬු ගසෙහි හෝ කොහොඹ ගසෙහි හෝ එරබදු ගසෙහි හෝ බඳනා ලද මීයක් ලබා ද ඒ ගස ඔහුට උතුම් වේ.

1789. ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා සුද‍්දා චණ‍්ඩාලපුක‍්කුසා, යස‍්මා ධම‍්මා විජානෙය්‍ය සො හි තස‍්ස නරුත‍්තමො.

1789. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර ,චණ්ඩාල හෝ පුක්කුස යන මොවුනතර කාගෙන් හෝ දහමක් දත්තේ නම් හේ ඔහුට උත්තමයෙක් වේ.

1790. ඉමස‍්ස දණ‍්ඩඤ‍්ච වධඤ‍්ච දත්‍වා ගලෙ ගහෙත්‍වා බලයාථ ජම‍්මං, යො උත‍්තමත්‍ථං කසිරෙන ලද‍්ධං මානාතිමානෙන විනාසයිත්‍ථ.

1790. යමෙක් දුකසේ ලද උතුම් වස්තුව (මතුරු) අධික මානය නිසා නසාපී ද, ඔහුට දඬුවම් හා හිංසා කොට බොටුවෙන් ගෙන ඇද දමවු.

1791. යථා සමං මඤ‍්ඤමානො පතෙය්‍ය සොබ‍්භං ගුහං නරකං පූතිපාදං, රජ‍්ජූනි වා අක‍්කමෙ කණ‍්හසප‍්පං අන්‍ධො යථා ජොතිමධිට‍්ඨහෙය්‍ය එවම‍්පි මං ත්‍වං ඛලිතං සපඤ‍්ඤ පහීනමන‍්තස‍්ස පුනප‍්පසීද,

1791. වළ, ගුහාව, ප්‍රපාතය, නරාවළ යන තැන් සම තැන් යයි සිතන්නේ වැටේ ද රැහැන යන හැඟීමෙන් සර්‍පයකු මඩී ද අන්‍ධයෙක් ගින්න මඩී ද එ පරිදි (සිතා) සප්‍රාඥ වූ ඔබ වහන්සේ, නටුවහුට නැවත මතුර දෙන්නේ මැනැවි.

1792. ධම‍්මෙන මනෙත තව සම‍්පදාසිං තුවම‍්පි ධම‍්මෙන පටිග‍්ගහෙසි පකතිම‍්පි තෙ අත‍්තමනො අසංසිං ධම‍්මෙ ඨිතං තං න ජහෙය්‍ය මන‍්තො.

1792. දැහැමි පරිදි තොපට මතුර දුනිමි. තෙපි ද එසේ එය ගත්තහු ය. සතුටු සිතැතියාගේ ප්‍රකෘතිය තොපට කීමි. ධර්‍මයේ පිහිටියේ නම්, මන්ත්‍රය තොප අත් නො හරින්නේ ය.

1793. සො බාල මන‍්තං කසිරෙන ලද‍්ධං යං දුල‍්ලභං අජ‍්ජ මනුස‍්සලොකෙ, කිච‍්ඡා ලද‍්ධා ජීවිකං අප‍්පපඤ‍්ඤො විනාසයී අලිකං භාසමානො.

1793. මෙ කල, මිනිස් ලොව දුර්‍ලභ වූ දුකසේ ලද මතුරත් මහන්සි ව ගෙන ගිය දිවිපැවැත්මත් දුෂ්ප්‍රාඥ තෙමේ බොරු බස් කියමින් වැනැසී ය.

1794. බාලස‍්ස මූළ‍්හස‍්ස අඤ‍්ඤුකතනො ච මුසා භණන‍්තස‍්ස අසසඤ‍්ඤතස‍්ස, මන‍්තෙ මයං තාදිසකෙ න දෙම කුතො මන‍්තා ගච‍්ඡ න මය‍්හ රුච‍්චසී’ති.

1794. නුවණ රහිත වූ කළගුණ නො දත්තා වූ බොරු කියන සංයමයක් නැත්තා වූ එ බඳු නුගුණයකුට මතුර නො දෙමු. තොප මට නුරුස්නේ ය. මොන මතුරක් ද? (මෙතැනින්) යව.

1. අම‍්බජාතකං.

1. අම්බ ජාතක යි.