1. අම්බජාතකවණ්ණනා 474 අට්ඨකථා
1. අම්බජාතකවණ්ණනා (474)
1. අම්බ ජාතකය (474)
අහාසි මෙ අම්බඵලානි පුබ්බෙති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො දෙවදත්තං ආරබ්භ කථෙසි. දෙවදත්තො හි “අහං බුද්ධො භවිස්සාමි, මය්හං සමණො ගොතමො නෙව ආචරියො න උපජ්ඣායො”ති ආචරියං පච්චක්ඛාය ඣානපරිහීනො සඞ්ඝං භින්දිත්වා අනුපුබ්බෙන සාවත්ථිං ආගච්ඡන්තො බහිජෙතවනෙ පථවියා විවරෙ දින්නෙ අවීචිං පාවිසි. තදා භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, දෙවදත්තො ආචරියං පච්චක්ඛාය මහාවිනාසං පත්තො, අවීචිමහානිරයෙ නිබ්බත්තො”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි දෙවදත්තො ආචරියං පච්චක්ඛාය මහාවිනාසං පත්තොයෙවා”ති වත්වා අතීතං ආහරි.
[missing pali] යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජෙතවනයෙහි වාසය කරන සේක් දෙව්දත් අරබයා දේශනා කළ සේක. දෙව්දත්ද මම බුදු වන්නෙමි. ශ්‍රමණ භවත් ගෞතමයෝ මගේ ආර්යයයෝ නො වෙති. උපාධ්‍යායයන් වහන්සේ නො වෙති යි ආචාර්යයන් වහන්සේව ප්‍රතික්ෂේප කොට ධ්‍යානයන්ගෙන් පිරිහුනේ සංඝයා බිඳ පිළිවෙලින් සැවැත් නුවරට එන්නේ ජේතවනාරාමයෙන් පිටත පොළොවෙහි විවරයක් දුන් කල්හි අවීචියට පිවිසියේය. එකල්හි දම්සභාවෙහි ඇවැත්නි, දෙව්දත් තෙමේ ආචාර්යවරයා ප්‍රතික්ෂේප කර මහා විනාශයට පත්ව අවීචි මහා නරකයෙහි උපන්නේ යයි කථාවක් ඉපිදවූහ. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කවර නම් කථාවෙකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, දෙව්දත් ආචාර්යවරයා ප්‍රතික්ෂේප කර මහා විනාශයට පත් වූයේ දැන් පමණක් නොවේ. පෙරද පත්වූයේම යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ තස්ස පුරොහිතකුලං අහිවාතරොගෙන විනස්සි. එකොව පුත්තො භිත්තිං භින්දිත්වා පලාතො. සො තක්කසිලං ගන්ත්වා දිසාපාමොක්ඛස්සාචරියස්ස සන්තිකෙ තයො වෙදෙ ච අවසෙසසිප්පානි ච උග්ගහෙත්වා ආචරියං වන්දිත්වා නික්ඛන්තො “දෙසචාරිත්තං ජානිස්සාමී”ති චරන්තො එකං පච්චන්තනගරං පාපුණි. තං නිස්සාය මහාචණ්ඩාලගාමකො අහොසි. තදා බොධිසත්තො තස්මිං ගාමෙ පටිවසති, පණ්ඩිතො බ්යත්තො අකාලෙ ඵලං ගණ්හාපනමන්තං ජානාති. සො පාතොව වුට්ඨාය කාජං ආදාය තතො ගාමා නික්ඛිමිත්වා අරඤ්ඤෙ එකං අම්බරුක්ඛං උපසඞ්කමිත්වා සත්තපදමත්ථකෙ ඨිතො තං මන්තං පරිවත්තෙත්වා අම්බරුක්ඛං එකෙන උදකපසතෙන පහරති. රුක්ඛතො තඞ්ඛණඤ්ඤෙව පුරාණපණ්ණානි පතන්ති, නවානි උට්ඨහන්ති, පුප්ඵානි පුප්ඵිත්වා පතන්ති, අම්බඵලානි උට්ඨාය මුහුත්තෙනෙව පච්චිත්වා මධුරානි ඔජවන්තානි දිබ්බරසසදිසානි හුත්වා රුක්ඛතො පතන්ති. මහාසත්තො තානි උච්චිනිත්වා යාවදත්ථං ඛාදිත්වා කාජං පූරාපෙත්වා ගෙහං ගන්ත්වා තානි වික්කිණිත්වා පුත්තදාරං පොසෙසි.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි ඔහුගේ පුරෝහිත කුලය අභිවාතක රෝගයෙන් නැසුනේය. එකම පුතු බිත්තිය බිඳ පලා ගියේය. හෙතෙම තක්ෂිලාවට ගොස් දිසාපාමොක් ආචාර්යයන්ගේ සමීපයෙන් වේදයන්ද සෙසු ශිල්පයන්ද ඉගෙනගෙන ආචාර්යවරයා වැඳ නික්මුනේ ඒ ඒ දේශයන්හි සිරිත් දැනගන්නෙමියි හැසිරෙන්නේ එක් ප්‍රත්‍යන්ත නගරයකට පැමිණියේය. ඒ නගරය ඇසුරුකොට මහත් වූ සැඩොල් ගමක් වීය. එකල්හි බෝධිසත්ත්වයෝ ඒ ගමෙහි වාසය කරති. පණ්ඩිතය, ව්‍යක්තය. අකල්හි ගෙඩි ගන්වන මන්ත්‍රයක් දනී. ඔහු උෑසනම නැගිට කඳ ගෙන ඒ ගමෙන් නික්මී වනයෙහි එක් අඹගසක් වෙත එළඹ පියවර සතක් පමණ තැන සිටියේ ඒ මන්ත්‍රය පිරිවහා අඹ ගසට එක් වතුර අල්ලකින් ගසයි. ඒ ඇසිල්ලෙහිම ගසෙන් පැරණි කොළ වැවේ. අළුත් කොළ නැගේ. මල් පිපී වැටේ. අඹගෙඩි හටගෙන මොහොතකින් පැසී මිහිරි යුෂ ඇති දිව්‍යමය ගෙඩි වැනි වී ගසෙන් වැටෙයි. මහා සත්ත්ව තෙමේ ඒවා අහුලා ඇති පමණ කා කඳ පුරවා ගෙටගොස් විකුණා අඹුදරුවන් පෝෂණය කෙළේය.
සො බ්රාහ්මණකුමාරො මහාසත්තං අකාලෙ අම්බපක්කානි ආහරිත්වා වික්කිණන්තං දිස්වා “නිස්සංසයෙන තෙහි මන්තබලෙන උප්පන්නෙහි භවිතබ්බං, ඉමං පුරිසං නිස්සාය ඉදං අනග්ඝමන්තං ලභිස්සාමී”ති චින්තෙත්වා මහාසත්තස්ස අම්බානි ආහරණනියාමං පරිග්ගණ්හන්තො තථතො ඤත්වා තස්මිං අරඤ්ඤතො අනාගතෙයෙව තස්ස ගෙහං ගන්ත්වා අජානන්තො විය හුත්වා තස්ස භරියං “කුහිං අය්යො, ආචරියො”ති පුච්ඡිත්වා “අරඤ්ඤං ගතො”ති වුත්තෙ තං ආගතං ආගමයමානොව ඨත්වා ආගච්ඡන්තං දිස්වා හත්ථතො පච්ඡිං ගහෙත්වා ආහරිත්වා ගෙහෙ ඨපෙසි. මහාසත්තො තං ඔලොකෙත්වා භරියං ආහ – “භද්දෙ, අයං මාණවො මන්තත්ථාය ආගතො, තස්ස හත්ථෙ මන්තො නස්සති, අසප්පුරිසො එසො”ති. මාණවොපි “අහං ඉමං මන්තං ආචරියස්ස උපකාරකො හුත්වා ලභිස්සාමී”ති චින්තෙත්වා තතො පට්ඨාය තස්ස ගෙහෙ සබ්බකිච්චානි කරොති. දාරූනි ආහරති, වීහිං කොට්ටෙති, භත්තං පචති, දන්තකට්ඨමුඛධොවනාදීනි දෙති, පාදං ධොවති.
ඒ බමුණු කුමාරයා නොකල්හි ඉදුණු අඹ ගෙනවුත් විකුණන ඒ මහා සත්ත්වයන් දැක ඒකාන්තයෙන්ම මන්ත්‍ර බලයෙන් මේවා උපන්නේ විය යුතු යයි සිතා මේ පුරුෂයා ඇසුරු කොට මේ වටිනා මන්ත්‍රය ලබන්නෙමියි සිතා මහා සත්ත්වයන් අඹ ගන්නා වූ ක්‍රමයෙන් (ලෙසින්) පරීක්ෂා කරන්නේ ඇති පරිදෙන් දැන ඔහු වනයෙන් නොපැමිණි කල්හිම ඔහුගේ ගෙට ගොස් නොදන්නාක් මෙන් ඔහුගේ භාර්යාවගෙන් ආචාර්යවරයා කොහිදැයි විමසා වනයට ගියේ යයි කී කල්හි ඔහුගේ පැමිණීම අපේක්ෂා කරමින් සිට එන්නාවූ ඔහු දැක පෙර ගමන්කොට අතින් කද ගෙන ගෙනවුත් ගෙහි තැබීය. මහා සත්ත්ව තෙමේ ඔහු බලා භාර්යාවට කීවාය. සොඳුර, මේ මානවකයා මන්ත්‍රය ඉගෙනීම පිණිස පැමිණියේය. මොහුගේ අතෙහි මන්ත්‍රය නොපිහිටයි. මෙතෙම අසත්පුරුෂයෙකි. මානවකයාද මම ආචාර්යවරයාට උපකාර කරන්නේක් වී මේ මන්ත්‍රය ලබන්නෙමියි සිතා එතැන් පටන් ඔහුගේ ගෙහි කළයුතු කටයුතු කරයි. දර ගෙන එයි. වී කොටයි. බත් පිසයි. මුහුණ සෝදන උපකරණ ආදිය ළගට දෙයි. පාදයන් සෝදයි. මහා සත්ත්වයා විසින් එක් දිනයක දරුව මානවකය, නිදාගැනීම සඳහා ඇඳට ගිය මගේ පාදයන්ට ආධාරකයක් දෙවයි කී කල්හි අනිකක් නොදැක මුළු රැයම කලවය මත තබා හුන්නේය. මෑත කාලයෙහි බෝසතුන්ගේ භාර්යාව පුතකු වැදුවාය. ඇගේ ප්‍රසූතියෙන් සියළු පිළියම් සියල්ලද කළේය.
එකදිවසං මහාසත්තෙන “තාත මාණව, මඤ්චපාදානං මෙ උපධානං දෙහී”ති වුත්තෙ අඤ්ඤං අපස්සිත්වා සබ්බරත්තිං ඌරුම්හි ඨපෙත්වා නිසීදි. අපරභාගෙ මහාසත්තස්ස භරියා පුත්තං විජායි. තස්සා පසූතිකාලෙ පරිකම්මං සබ්බමකාසි. සා එකදිවසං මහාසත්තං ආහ “සාමි, අයං මාණවො ජාතිසම්පන්නො හුත්වා මන්තත්ථාය අම්හාකං වෙය්යාවච්චං කරොති, එතස්ස හත්ථෙ මන්තො තිට්ඨතු වා මා වා, දෙථ තස්ස මන්ත”න්ති. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා තස්ස මන්තං දත්වා එවමාහ – “තාත, අනග්ඝොයං මන්තො, තව ඉමං නිස්සාය මහාලාභසක්කාරො භවිස්සති, රඤ්ඤා වා රාජමහාමත්තෙන වා ‘කො තෙ ආචරියො’ති පුට්ඨකාලෙ මා මං නිගූහිත්ථො, සචෙ හි ‘චණ්ඩාලස්ස මෙ සන්තිකා මන්තො ගහිතො’ති ලජ්ජන්තො ‘බ්රාහ්මණමහාසාලො මෙ ආචරියො’ති කථෙස්සසි, ඉමස්ස මන්තස්ස ඵලං න ලභිස්සසී”ති. සො “කිං කාරණා තං නිගූහිස්සාමි, කෙනචි පුට්ඨකාලෙ තුම්හෙයෙව කථෙස්සාමී”ති වත්වා තං වන්දිත්වා චණ්ඩාලගාමතො නික්ඛමිත්වා මන්තං වීමංසිත්වා අනුපුබ්බෙන බාරාණසිං පත්වා අම්බානි වික්කිණිත්වා බහුං ධනං ලභි.
ඇය එක් දවසක් මහා සත්ත්වයන්ට මෙසේ කීවේය. ස්වාමීනි, මේ මානවකයා උසස් කුලයකට අයත් වීද මන්ත්‍රය ඉගෙනීම පිණිස අපට වතාවත් කරයි. මොහු වෙත මන්ත්‍රය පිහිටාවා නැතහොත් නොවේවා. මොහුට මන්ත්‍රය දෙවු යයි. හෙතෙම මැනවයි පිළිගෙන ඔහුට මන්ත්‍රය දී මෙසේ කීවේය. දරුව, මේ මන්ත්‍රය වටිනා එකකි. මෙය නිසා තොපට මහත් වූ ලාභ සත්කාර වන්නේය. රජු විසින් හෝ රජුගේ මහාමාත්‍යයන් විසින් හෝ ඔබගේ ආචාර්යවරයා කවරෙක්දැයි විමසූ කල්හි නොසැඟවිය යුතුය. ඉදින් සැඩොළෙකු වූ මා වෙතින් මන්ත්‍රය ගන්නා ලද්දේ යයි ලජ්ජා වන්නේ මගේ ආචාර්යවරයා මහත් වූ ධනය ඇති බ්‍රාහ්මණයෙකැයි කියන්නෙහි නම් මේ මන්ත්‍රයේ ප්‍රතිඵල නො ලබන්නෙහිය. හෙතෙම, කවර කරුණක් නිසා සඟවන්නෙමිද කවරෙකු විසින් හෝ විමසූ කල්හි තොප පිළිබඳව කියන්නෙමියි කියා වැඳ සැඩොල් ගමෙන් නික්මී මන්ත්‍රය පරීක්ෂා කර පිළිවෙලින් බරණැසට පැමිණ අඹ විකුණා බොහෝ ධනය ලැබුවේය.
අථෙකදිවසං උය්යානපාලො තස්ස හත්ථතො අම්බං කිණිත්වා රඤ්ඤො අදාසි. රාජා තං පරිභුඤ්ජිත්වා “කුතො සම්ම, තයා එවරූපං අම්බං ලද්ධ”න්ති පුච්ඡි. දෙව, එකො මාණවො අකාලඅම්බඵලානි ආනෙත්වා වික්කිණාති, තතො මෙ ගහිතන්ති. තෙන හි “ඉතො පට්ඨාය ඉධෙව අම්බානි ආහරතූ”ති නං වදෙහීති. සො තථා අකාසි. මාණවොපි තතො පට්ඨාය අම්බානි රාජකුලං හරති. අථ රඤ්ඤා “උපට්ඨහ ම”න්ති වුත්තෙ රාජානං උපට්ඨහන්තො බහුං ධනං ලභිත්වා අනුක්කමෙන විස්සාසිකො ජාතො. අථ නං එකදිවසං රාජා පුච්ඡි “මාණව, කුතො අකාලෙ එවං වණ්ණගන්ධරසසම්පන්නානි අම්බානි ලභසි, කිං තෙ නාගො වා සුපණ්ණො වා දෙවො වා කොචි දෙති, උදාහු මන්තබලං එත”න්ති? “න මෙ මහාරාජ, කොචි දෙති, අනග්ඝො පන මෙ මන්තො අත්ථි, තස්සෙව බල”න්ති. “තෙන හි මයම්පි තෙ එකදිවසං මන්තබලං දට්ඨුකාමා”ති. “සාධු, දෙව, දස්සෙස්සාමී”ති. රාජා පුනදිවසෙ තෙන සද්ධිං උය්යානං ගන්ත්වා “දස්සෙහී”ති ආහ. සො “සාධූ”ති අම්බරුක්ඛං උපගන්ත්වා සත්තපදමත්ථකෙ ඨිතො මන්තං පරිවත්තෙත්වා රුක්ඛං උදකෙන පහරි. තඞ්ඛණඤ්ඤෙව අම්බරුක්ඛො හෙට්ඨා වුත්තනියාමෙනෙව ඵලං ගහෙත්වා මහාමෙඝො විය අම්බවස්සං වස්සි. මහාජනො සාධුකාරං අදාසි, චෙලුක්ඛෙපා පවත්තිංසු.
ඉක්බිති එක් දවසක් උයන්පල්ලා ඔහුගේ අතින් අඹ මිලදී ගෙන රජුට දුන්නේය. රජු එය අනුභව කර ඔබ විසින් කවර තැනකින් මෙබඳු අඹ ලබන ලදදැයි විමසීය. දේවයන් වහන්ස, එක් මානවකයෙක් අකාලයෙහි හටගත් ගෙඩි ගෙනවුත් විකුණයි. ඔහු වෙතින් මා විසින් ගන්නා ලදැයි කීවේය. මෙතැන් පටන් අඹ මෙහිම ගෙන එවයි ඔහුට කියවයි රජු කීවේය. ඔහු එසේ කළේය. මානවකයාද එතැන් පටන් රජගෙදරට අඹ ගෙන එයි. රජු විසින්ද මට උපස්ථාන කරවයි කී කල්හි රජුට උපස්ථාන කරනුයේ රජ ගෙදරින් මහත් වූ ධනයක් ලැබ ක්‍රමයෙන් විශ්වාසවන්තයෙක් වීය. ඉක්බිති එක් දවසක් රජ ඔහුගෙන් විමසීය. මානවකය, කවර තැනකින් අකාලයෙහි මෙසේ පැහැයෙන් සුවඳින් රසයෙන් යුත් අඹ ලබහි. කිම තොපට කිසියම් නාගයෙක් හෝ සුපර්ණයෙක් හෝ දෙවියෙක් හෝ දෙයිද? නැතහොත් මෙය මන්තර බලයක්ද? මහරජතුමනි, මට කිසිවෙක් හෝ නොදෙයි. මට වටිනා වූ මන්තර බලයක් ඇත. මේ එහි බලයයි. එසේ වීනම් අපිදු එක් දවසක් මන්තර බලය දකිනු කැමැත්තෙමුයි කීය. දේවයන් වහන්ස, මැනවි. දක්වන්නෙමියි කීවේය. රජ දෙවන දවස්හි ඔහු සමග උයනට ගොස් දක්වවයි කීවේය. හෙතෙම මැනවයි අඹ රුක වෙත එළඹ පියවර හතක් එපිටින් සිටියේ මන්තර පිරිවහා ගසට ජලයෙන් ගැසුවේය. එකෙනෙහිම අඹරුක යට කියන ලද පරිද්දෙන් ගෙඩි හටගෙන මහ වැස්සක් මෙන් අඹ වැස්සක් වැස්සේය. මහජනයා සාධුකාර දුන්නේය. හිස මතින් වස්තර ඔසවා වැනීම කළාහුය.
රාජා අම්බඵලානි ඛාදිත්වා තස්ස බහුං ධනං දත්වා “මාණවක, එවරූපො තෙ අච්ඡරියමන්තො කස්ස සන්තිකෙ ගහිතො”ති පුච්ඡි. මාණවො “සචාහං ‘චණ්ඩාලස්ස සන්තිකෙ’ති වක්ඛාමි, ලජ්ජිතබ්බකං භවිස්සති, මඤ්ච ගරහිස්සන්ති, මන්තො ඛො පන මෙ පගුණො, ඉදානි න නස්සිස්සති, දිසාපාමොක්ඛං ආචරියං අපදිසාමී”ති චින්තෙත්වා මුසාවාදං කත්වා “තක්කසිලායං දිසාපාමොක්ඛාචරියස්ස සන්තිකෙ ගහිතො මෙ”ති වදන්තො ආචරියං පච්චක්ඛාසි. තඞ්ඛණඤ්ඤෙව මන්තො අන්තරධායි. රාජා සොමනස්සජාතො තං ආදාය නගරං පවිසිත්වා පුනදිවසෙ “අම්බානි ඛාදිස්සාමී”ති උය්යානං ගන්ත්වා මඞ්ගලසිලාපට්ටෙ නිසීදිත්වා මාණව, අම්බානි ආහරාති ආහ. සො “සාධූ”ති අම්බං උපගන්ත්වා සත්තපදමත්ථකෙ ඨිතො “මන්තං පරිවත්තෙස්සාමී”ති මන්තෙ අනුපට්ඨහන්තෙ අන්තරහිතභාවං ඤත්වා ලජ්ජිතො අට්ඨාසි. රාජා “අයං පුබ්බෙ පරිසමජ්ඣෙයෙව අම්බානි ආහරිත්වා අම්හාකං දෙති, ඝනමෙඝවස්සං විය අම්බවස්සං වස්සාපෙති, ඉදානි ථද්ධො විය ඨිතො, කිං නු ඛො කාරණ”න්ති චින්තෙත්වා තං පුච්ඡන්තො පඨමං ගාථමාහ –
රජු ගෙඩි කා ඔහුට බොහෝ ධනය දී මානවකය, තොපගේ මෙබඳු වූ මහත් අසිරිමත් මන්තරය. කවරෙකුගේ සමීපයෙහි ඉගෙන ගත්තෙහි දැයි විචාළේය. මානවකයා සිතනුයේ ඉදින් මම සැඩොළෙකු සමීපයෙහි උගත්තෙමියි කියන්නේ නම් ලජ්ජා විය යුත්තෙක් වන්නේය. මටද නින්දා කරන්නාහ. මන්ත්‍රය මට ප්‍රගුණ වී ඇත. දැන් නො නැසෙන්නේය. දිසාපාමොක් ආචාර්යයන් පෙන්වමියි සිතා බොරු කොට තක්ෂිලාවෙහි දිසාපාමොක් ආචාර්යයන්ගේ සමීපයෙහිද මා විසින් ඉගෙන ගන්නා ලදැයි කියන්නේ ආචාර්යවරයා ප්‍රතික්ෂේප කෙළේය. එකෙණෙහිම මන්තරය අතුරුදහන් වූයේය. රජ සොම්නස් වූයේ ඔහු රැගෙන නගරයට පිවිස නැවත එක් දිනයක අඹ කන්නෙමුයි උයනට ගොස් මගුල් ගල් තලාවෙහි හුන්නේ මානවකය, අඹ ගෙන එවයි කීවේය. හෙතෙම මැනවයි කියා අඹ ගස වෙත එළඹ සත් පියවරක් මත්තෙහි සිටියේ මන්තරය පිරිවහන්නෙමියි සිතනුයේ මන්ත්‍රය නොවැටහෙන කල්හි මන්ත්‍රය අතුරුදහන් වූ බව දැන ලජ්ජාවට පත්ව සිටියේය. රජු මෙතෙම පෙර පිරිස මැදදීම අඹ ගෙනවුත් අපට දෙයි. මහත් වූ වැස්සක් මෙන් අඹ වස්සවන්නේය. දැන් දැඩි වූවෙකු සේ සිටී. කිනම් කරුණක් දැයි සිතා ඔහු විචාරන්නේ පළමු ගාථාව කීවේය.
“අහාසි මෙ අම්බඵලානි පුබ්බෙ, අණූනි ථූලානි ච බ්‍රහ්මචාරි; තෙහෙව මන්තෙහි න දානි තුය්හං, දුමප්ඵලා පාතුභවන්ති බ්රහ්මෙ”ති.
අහාසි මෙ අම්බඵලානි පුබ්බෙ - අණුනි ථූලානිච බ්‍රහ්මචාරී, තෙහෙව මන්තෙහි තදානි තුය්හං - දුමප්ඵලා පාතුභවන්ති බ්රහ්මෙ
1. බ්රහ්මචාරීයය, පෙර ලොකු-කුඩා අඹ මට ගෙන ආවෙහිය. බ්‍රාහ්මණය තොපගේ ඒ මන්ත්‍ර බලයෙන් දැන් (අඹ) ගෙඩි පහළ නොවෙයි.
තත්ථ අහාසීති ආහරි. දුමප්ඵලාති රුක්ඛඵලානි.
එහි අහාසි යනු ගෙන ආවේය. දුමප්ඵලානි යනු ගසෙහි ගෙඩි.
තං සුත්වා මාණවො “සචෙ ‘අජ්ජ අම්බඵලං න ගණ්හාමී’ති වක්ඛාමි, රාජා මෙ කුජ්ඣිස්සති, මුසාවාදෙන නං වඤ්චෙස්සාමී”ති දුතියං ගාථමාහ –
මානවකයා එය අසා ඉදින් අද අඹ ගෙඩි නොගනිමි යයි කියම්ද රජු මා කෙරෙහි කිපෙන්නේය. බොරුවෙන් (ඔහුව) රවටන්නෙමියි දෙවන ගාථාව කීවේය.
“නක්ඛත්තයොගං පටිමානයාමි, ඛණං මුහුත්තඤ්ච මන්තෙ න පස්සං; නක්ඛත්තයොගඤ්ච ඛණඤ්ච ලද්ධා, අද්ධා හරිස්සම්බඵලං පහූත”න්ති.
2. නැකැත් යෝගය ගරු කරමි. ඇසිල්ල (නැකැත) හා මොහොත මා සතුටු නොකෙරේ. නැකැත් යෝගයද ශුභ මොහොතද ලද්දේ නැවත බොහෝ අඹ ගෙන එන්නෙමි.
තත්ථ අද්ධාහරිස්සම්බඵලන්ති අද්ධා අම්බඵලං ආහරිස්සාමි.
එහි අථාහරිස්සම්බ ඵලං යනු අනතුරුව අඹ ගෙඩි ගෙන එන්නෙමි.
රාජා “අයං අඤ්ඤදා නක්ඛත්තයොගං න වදති, කිං නු ඛො එත”න්ති පුච්ඡන්තො ද්වෙ ගාථා අභාසි –
රජු මෙතෙම අන් දිනක නැකැත් යෝගයක් ගැන නොකියයි. මේ කිමෙක්දැයි විමසන්නේ ගාථා දෙකක් කීවේය.
“නක්ඛත්තයොගං න පුරෙ අභාණි, ඛණං මුහුත්තං න පුරෙ අසංසි; සයං හරී අම්බඵලං පහූතං, වණ්ණෙන ගන්ධෙන රසෙනුපෙතං.
3. නැකැත් යෝගයක් ගැන පළමුව නො කීවේය. නැකැත් වේලාවක් ශුභ මොහොතක් ගැනද පළමුව නො කීවේය. එතකුදු වුවත් පැහැයෙන්ද සුවඳින්ද රසයෙන්ද යුත් අඹ රැසක් ගෙන ආවේය.
“මන්තාභිජප්පෙන පුරෙ හි තුය්හං, දුමප්ඵලා පාතුභවන්ති බ්රහ්මෙ; ස්වාජ්ජ න පාරෙසි ජප්පම්පි මන්තං, අයං සො කො නාම තවජ්ජ ධම්මො”ති.
4. බ්‍රාහ්මණය, මන්තර ජප කිරීමෙන් පෙර තොපට අඹ ගසේ ගෙඩි පහළ වෙයි. ඒ නුඹ අද මන්තරයන් ජප කරනුයේ ද අපොහොසත් වෙහි. එබඳු වූ තොපට අද කවර නම් දෙයක් සිදුවීද?
තත්ථ න පාරෙසීති න සක්කොසි. ජප්පම්පීති ජප්පන්තොපි පරිවත්තෙන්තොපි. අයං සොති අයමෙව සො තව සභාවො අජ්ජ කො නාම ජාතොති.
එහි න පාරෙසි යනු නොහැකි වෙහි. ජපම්පි යනු ජප කරනුයේද පිරිහෙනුයේද. අයං සො යනු ඔබගේ මේ ස්වභාවය මැයි. අද කවරක් නම් වීද?
තං සුත්වා මාණවො “න සක්කා රාජානං මුසාවාදෙන වඤ්චෙතුං, සචෙපි මෙ සභාවෙ කථිතෙ ආණං කරෙය්ය, කරොතු, සභාවමෙව කථෙස්සාමී”ති චින්තෙත්වා ද්වෙ ගාථා අභාසි –
ඒ අසා මානවකයා (සිතනුයේ) රජු බොරුවෙන් රවටන්නට නොහැකිය. ඉදින් මගේ ඇති තතු කී කල්හි (වධය පිණිස) අණ කරයි. කෙරේවා! ඇති තතුම කියන්නෙමි යි සිතා ගාථා දෙකක් කීවේය.
“චණ්ඩාලපුත්තො මම සම්පදාසි, ධම්මෙන මන්තෙ පකතිඤ්ච සංසි; මා චස්සු මෙ පුච්ඡිතො නාමගොත්තං, ගුය්හිත්ථො අත්ථං විජහෙය්ය මන්තො.
5. සැඩොල් පුතෙක් මට මන්තරයක් දැහැමි ලෙස හා (අගතිගාමීව) දුන්නේය. එහි ස්වභාවයද ප්‍රකාශ කළේය. මගේ නම්ගොත් විමසන ලද්දේ නොසඟවව යිද කීවේය. මන්ත්‍රය ඔබ අත් නොහරින්නේය යි. (මගේ නම්ගොත් සැඟවුවහොත් මන්ත්‍රය අතුරුදහන් වේ. එනිසා එසේ නොකළ යුතු බවයි.)
“සොහං ජනින්දෙන ජනම්හි පුට්ඨො, මක්ඛාභිභූතො අලිකං අභාණිං; ‘මන්තා ඉමෙ බ්රාහ්මණස්සා’ති මිච්ඡා, පහීනමන්තො කපණො රුදාමී”ති.
6. රජතුමනි, ඒ මම ජනයා මැදදී ඔබතුමා විමසන ලද්දෙම් ගුණමකුකමෙන් මඩනා ලද්දේ බොරුවක් කීවෙමි. මේ මන්තරයෝ බ්රාහ්මණයෙකුගේය යන්න බොරුවකි. නැසුන මන්ත්‍ර ඇති හෙයින් දීන වූයේ හඬමි.
තත්ථ ධම්මෙනාති සමෙන කාරණෙන අප්පටිච්ඡාදෙත්වාව අදාසි. පකතිඤ්ච සංසීති “මා මෙ පුච්ඡිතො නාමගොත්තං ගුය්හිත්ථො, සචෙ ගූහසි , මන්තා තෙ නස්සිස්සන්තී”ති තෙසං නස්සනපකතිඤ්ච මය්හං සංසි. බ්රාහ්මණස්සාති මිච්ඡාති “බ්රාහ්මණස්ස සන්තිකෙ මයා ඉමෙ මන්තා ගහිතා”ති මිච්ඡාය අභණිං, තෙන මෙ තෙ මන්තා නට්ඨා, ස්වාහං පහීනමන්තො ඉදානි කපණො රුදාමීති.
එහි ධම්මේන යනු අගතිගාමී නොවී කරුණු නොසඟවාම දුන්නේය. පකතිංච සංසි යනු මා පිළිබඳව විමසන ලද්දේ නම්ගොත් නොසැඟවිය යුතුය. ඉදින් සඟවන්නේද තොපට මන්ත්‍රයෝ නැසෙන්නාහ. ඒ මන්තරයන්ගේ නැසීමේ ස්වභාවයද මට කීවේය. බ්රාහ්මණස්සාති මිච්ඡා යනු බමුණෙකුගේ සමීපයෙහි මවිසින් මේ මන්තර ඉගෙන ගන්නා ලදැයි බොරු කීවෙමි. එහෙයින් මගේ මේ මන්තරයෝ විනාශ වූහ. නැසුන මන්ත්‍ර ඇති ඒ මම දැන් දිළිදු වූයේ හඬමි.
තං සුත්වා රාජා “අයං පාපධම්මො එවරූපං රතනමන්තං න ඔලොකෙසි, එවරූපස්මිඤ්හි උත්තමරතනමන්තෙ ලද්ධෙ ජාති කිං කරිස්සතී”ති කුජ්ඣිත්වා තස්ස ගරහන්තො –
ඒ අසා පවිටු තැනැත්තා මෙබඳු මන්තර රත්නයක් ආරක්ෂා නො කළේය. මෙබඳු උතුම් මන්තර රත්නයක් ලද කල්හි ජාතිය කුමක් කරන්නේදැයි කිපී ඔහුට ගරහන්නේ.
“එරණ්ඩා පුචිමන්දා වා, අථ වා පාලිභද්දකා; මධුං මධුත්ථිකො වින්දෙ, සො හි තස්ස දුමුත්තමො.
7. මීපැණි කැමති අයෙක් එරඬු ගසින් හෝ කොහොඹ ගසින් හෝ එරමුදු ගසින් හෝ මී ලබන්නේද ඔහුට එම ගස උතුම් වේ.
“ඛත්තියා බ්රාහ්මණා වෙස්සා, සුද්දා චණ්ඩාලපුක්කුසා; යම්හා ධම්මං විජානෙය්ය, සො හි තස්ස නරුත්තමො.
8. ක්ෂත්රියයකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වෛශ්‍යයෙකු හෝ ශුද්‍රයෙකු හෝ සැඩොළෙකු හෝ පුක්කුසයෙකු හෝ යන යමෙකු වෙතින් යමෙක් ධර්මය දැන ගන්නේද හෙතෙම ඔහුට උතුම් මිනිසෙකු වේ.
“ඉමස්ස දණ්ඩඤ්ච වධඤ්ච දත්වා, ගලෙ ගහෙත්වා ඛලයාථ ජම්මං; යො උත්තමත්ථං කසිරෙන ලද්ධං, මානාතිමානෙන විනාසයිත්ථා”ති. –
9. යමෙක් දුකසේ ලබන ලද උතුම් කරුණ (මන්ත්‍රය) අධික මානය නිසා විනාශ කළේද ඒ මොහුට දඬුවම්ද හිංසාවද දී ගෙලෙන් ගෙන හැර දමවු යි.
ඉමා ගාථා ආහ.
යන මේ ගාථාවන් කීවේය.
තත්ථ මධුත්ථිකොති මධුඅත්ථිකො පුරිසො අරඤ්ඤෙ මධුං ඔලොකෙන්තො එතෙසං රුක්ඛානං යතො මධුං ලභති, සොව දුමො තස්ස දුමුත්තමො නාම. තථෙව ඛත්තියාදීසු යම්හා පුරිසා ධම්මං කාරණං යුත්තං අත්ථං විජානෙය්ය, සොව තස්ස උත්තමො නරො නාම. ඉමස්ස දණ්ඩඤ්චාති ඉමස්ස පාපධම්මස්ස සබ්බස්සහරණදණ්ඩඤ්ච වෙළුපෙසිකාදීහි පිට්ඨිචම්මං උප්පාටෙත්වා වධඤ්ච දත්වා ඉමං ජම්මං ගලෙ ගහෙත්වා ඛලයාථ, ඛලිකාරත්තං පාපෙත්වා නිද්ධමථ නික්කඩ්ඪථ, කිං ඉමිනා ඉධ වසන්තෙනාති.
එහි මධුත්ථිකො යනු මීපැණි කැමති පුරුෂයා වනයෙහි මී සොයන්නේ මේ කියන ලද ගස් අතරින් යමකින් මී ලබයිද ඒ ගසම ඔහුට උතුම් ගස වේ. එසේම ක්ෂත්රීය ආදී වූ යම් පුරුෂයෙකු වෙතින් ධර්මය, හේතුව, සුදුසු දෙය දැනගන්නේ නම් ඔහුම ඔහුට උතුම් පුරුෂයා නම් වේ. ඉමස්ස දණ්ඩඤ්ච යනු මේ පවිටාට සියල්ල පැහැර ගැනීම් සංඛ්‍යාත දඬුවම්ද උණපතුරුවලින් පිටෙහි මස් උපුටමින් වධං ච දත්වා ඉමංච ජම්මං ගලෙ ගහෙත්වා ඛලයාත හිසංවද මොහු බොටුවෙන් ගෙන නෙරපවු. හිංසාවට පමුණුවා බැහැර කරවු. මොහුගේ මෙහි වාසය කිරීමෙන් කවර ප්‍රයෝජනයක්දැයි කියාය.
රාජපුරිසා තථා කත්වා “තවාචරියස්ස සන්තිකං ගන්ත්වා තං ආරාධෙත්වාව සචෙ පුන මන්තෙ ලභිස්සසි, ඉධ ආගච්ඡෙය්යාසි, නො චෙ, ඉමං දිසං මා ඔලොකෙය්යාසී”ති තං නිබ්බිසයමකංසු. සො අනාථො හුත්වා “ඨපෙත්වා ආචරියං න මෙ අඤ්ඤං පටිසරණං අත්ථි, තස්සෙව සන්තිකං ගන්ත්වා තං ආරාධෙත්වා පුන මන්තං යාචිස්සාමී”ති රොදන්තො තං ගාමං අගමාසි. අථ නං ආගච්ඡන්තං දිස්වා මහාසත්තො භරියං ආමන්තෙත්වා “භද්දෙ, පස්ස තං පාපධම්මං පරිහීනමන්තං පුන ආගච්ඡන්ත”න්ති ආහ. සො මහාසත්තං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසින්නො “කිංකාරණා ආගතොසී”ති පුට්ඨො “ආචරිය, මුසාවාදං කත්වා ආචරියං පච්චක්ඛිත්වා මහාවිනාසං පත්තොම්හී”ති වත්වා අච්චයං දස්සෙත්වා පුන මන්තෙ යාචන්තො –
රාජ පුරුෂයෝ එසේකොට ඔබගේ ආචාර්යවරයා වෙත ගොස් ඔහු සතුටුකර ඉදින් නැවත මන්තරය ලබන්නෙහිද. මෙහි පැමිණෙන්නෙහිය. එසේ නොවේනම් මෙම දිශාව හෝ නො බලන්නෙහියයි කියා ඔහු වැටුප් රහිත වූවෙකු කළාහුය. හෙතෙම අනාථ වූවෙකු වී ආචාර්යවරයා හැර මට අන් පිළිසරණක් නැතැයි ඔහු සමීපයට ගොස් ඔහු සතුටු කරවා මන්ත්‍රය ඉල්වන්නෙමියි හඬමින් ඒ ගමට ගියේය. අනතුරුව මහාසත්ත්ව තෙමේ එන්නා ඔහු දැක බිරිඳ අමතා සොඳුර, බලව පිරිහීමට පත් ඒ පවිටු තැනැත්තා නැවත පැමිණෙන්නේ යයි කීවේය. ඔහු බෝසතුන් වෙත එළඹ වැඳ එකත්පස්ව සිටියේ කුමන කරුණක් නිසා පැමිණියේදැයි විමසන ලද්දේ ඇදුරුතුමනි, බොරු කර ආචාර්යයන් ප්‍රතික්ෂේප කර මහත් වූ වැනසුමකට පත් වූයෙමියි කියා වරද ප්‍රකාශ කර නැවත මන්තරය ඉල්වන්නේ.
“යථා සමං මඤ්ඤමානො පතෙය්‍ය, සොබ්භං ගුහං නරකං පූතිපාදං; රජ්ජූති වා අක්කමෙ කණ්හසප්පං, අන්ධො යථා ජොතිමධිට්ඨහෙය්ය; එවම්පි මං තං ඛලිතං සපඤ්ඤ, පහීනමන්තස්ස පුනප්පදාහී”ති. – ගාථමාහ;
10. වළ, ගුහාව, නිරය (දුක් දෙන තැන) පූතිපාද නම් වූ තැන (හිමවතෙහි මහ ගස් වියැළී මළ කල්හි එහි මුල් කුණු වී මහවළක් සෑදේ. එතැන පූතිපාද නම් වෙයි.) යන තැන් සමවූ ස්ථානයයි සිතන්නේ යම්සේ එහි වැටේද? රැහැනකැයි සිතා කළු සර්පයෙකු මඩනේද? අන්ධයා යම්සේ ගින්න මඩනේද, ප්‍රඥාවන්ත වූ ආචාර්යතුමනි, මෙසේ ඔබ මා පරාජයට පත් කළෙහිය. පිරිහුන මන්ත්‍ර නැවත දීම් වශයෙන් පහදුවයි යන ගාථාව කීවේය.
තත්ථ යථා සමන්ති යථා පුරිසො ඉදං සමං ඨානන්ති මඤ්ඤමානො සොබ්භං වා ගුහං වා භූමියා ඵලිතට්ඨානසඞ්ඛාතං නරකං වා පූතිපාදං වා පතෙය්‍ය. පූතිපාදොති හිමවන්තපදෙසෙ මහාරුක්ඛෙ සුස්සිත්වා මතෙ තස්ස මූලෙසු පූතිකෙසු ජාතෙසු තස්මිං ඨානෙ මහාආවාටො හොති, තස්ස නාමං. ජොතිමධිට්ඨහෙය්යාති අග්ගිං අක්කමෙය්ය. එවම්පීති එවං අහම්පි පඤ්ඤාචක්ඛුනො අභාවා අන්ධො තුම්හාකං විසෙසං අජානන්තො තුම්හෙසු ඛලිතො, තං මං ඛලිතං විදිත්වා සපඤ්ඤ ඤාණසම්පන්න පහීනමන්තස්ස මම පුනපි දෙථාති.
එහි යථා සමං යනු යම්සේ පුරුෂයෙක් මෙය සමතැනක් යයි සිතමින් වළකට හෝ ගුහාවකට හෝ පොළොවෙහි පැළුූ තැන් යයි කියන ලද නරකයකට හෝ පූතිපාදයට හෝ වැටෙන්නේද? පූතිපාද යනු හිමාලය පෙදෙසෙහි මහ ගස වියැලී මළ පසු එහි මුල් කුණු වූ කල්හි එතැන මහ වළක් වෙයි. එයට නමකි. ජොති මධිට්ඨහෙය්ය යනු ගින්න පාගන්නේද. එවම්පි යනු මම ද ප්‍රඥාව නම් ඇස් නැති හෙයින් අන්ධයෙක් වෙමි. ඔබගේ විශේෂත්වය නොදන්නේ ඔබ කෙරෙහි දෝෂයට පත් වීමි. ඔබ මාගේ දෝෂය දැන. සපඤ්ඤා යනු නුවණැති ආචාර්යතුමනි, පිරිහුන මන්ත්‍ර ඇති මා පිළිබඳව නැවත පහදුව.
අථ නං ආචරියො “තාත, කිං කථෙසි, අන්ධො හි සඤ්ඤාය දින්නාය සොබ්භාදීනි පරිහරති, මයා පඨමමෙව තව කථිතං, ඉදානි කිමත්ථං මම සන්තිකං ආගතොසී”ති වත්වා –
අනතුරුව ආචාර්යවරයා ඔහුට කියනුයේ දරුව, ඔබ කුමක් කියහිද? අන්ධයා වූ කලී සළකුණු දුන් පසු වළවල් ආදිය පරිහරණය කරයිද? මා විසින් පළමුව තොපට කියන ලදි. දැන් කුමක් සඳහා මගේ සමීපයට පැමිණියෙහිදැයි කියා.
“ධම්මෙන මන්තං තව සම්පදාසිං, තුවම්පි ධම්මෙන පටිග්ගහෙසි; පකතිම්පි තෙ අත්තමනො අසංසිං, ධම්මෙ ඨිතං තං න ජහෙය්ය මන්තො.
11. දැහැමි ලෙස මන්තරයක් ඔබට දුනිමි. ඔබද දැහැමි ලෙස ගත්තෙහිය. සතුටු සිතින් යුතුව ප්රකෘතියද ඔබට කීවෙමි. මන්තරය ධර්මයෙහි සිටියහු අත් නො හරින්නේය.
“යො බාල-මන්තං කසිරෙන ලද්ධං, යං දුල්ලභං අජ්ජ මනුස්සලොකෙ; කිඤ්චාපි ලද්ධා ජීවිතුං අප්පපඤ්ඤො, විනාසයී අලිකං භාසමානො.
12. මෝඩ වූ අඥානය. ඒ ඔබ අද මිනිස් ලොවැ දුර්ලභ වූ දුකසේ ලද යුතු වූ මන්ත්‍රයද ජීවන මාර්ගයද බොරු කියමින් වැනසීය.
“බාලස්ස මූළ්හස්ස අකතඤ්ඤුනො ච, මුසා භණන්තස්ස අසඤ්ඤතස්ස; මන්තෙ මයං තාදිසකෙ න දෙම, කුතො මන්තා ගච්ඡ න මය්හං රුච්චසී”ති. –
13. අසත්පුරුෂ වූ, මුළාවූ, කළගුණ නොදන්නා වූ බොරු කියන්නා වූ සංයමයක් නැත්තා වූ තොපට අපි එවැනි මන්තරයන් (යළි) නොදෙමු. තොප මට රුචි නොවෙහි. මන්ත්‍රයක් කොහිද? යවයි.
ඉමා ගාථා ආහ.
මේ ගාථාවන් කීවේය.
තත්ථ ධම්මෙනාති අහම්පි තව ආචරියභාගං හිරඤ්ඤං වා සුවණ්ණං වා අග්ගහෙත්වා ධම්මෙනෙව මන්තං සම්පදාසිං, ත්වම්පි කිඤ්චි අදත්වා ධම්මෙන සමෙනෙව පටිග්ගහෙසි. ධම්මෙ ඨිතන්ති ආචරියපූජකධම්මෙ ඨිතං. තාදිසකෙති තථාරූපෙ අකාලඵලගණ්හාපකෙ මන්තෙ න දෙම, ගච්ඡ න මෙ රුච්චසීති.
එහි ධම්මෙන යනු මම ඔබගේ ගුරුවරයා වෙමි. මම අමුරන් හෝ රන් හෝ නොගෙන දැහැමි ලෙසට මන්ත්‍රයක් දුනිමි. ඔබද කිසිවක් නොදී දැහැමෙන් සෙමෙන් උගත්තෙහිය. ධම්මෙ ඨිතං යනු ගුරුවරුන් පිදීමේ ධර්මයෙහි සිටී. තාදිසකෙ යනු එබඳු නොකල්හි ඵලගන්වන්නා වූ මන්ත්‍ර නොදෙමු. ගච්ඡ න මය්හං රුච්චසි යනු යව තොප මට රුචි නොවෙහි යයි,
සො එවං ආචරියෙන උය්යොජිතො “කිං මය්හං ජීවිතෙනා”ති අරඤ්ඤං පවිසිත්වා අනාථමරණං මරි.
මෙසේ ආචාර්යවරයා විසින් පිටත් කර හරිනා ලද්දේ මට ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක්දැයි වනයට පිවිස අනාථයෙකුගේ මරණයක් මෙන් මරණයට පත්වූයේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි දෙවදත්තො ආචරියං පච්චක්ඛාය මහාවිනාසං පත්තො”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා අකතඤ්ඤූ මාණවො දෙවදත්තො අහොසි, රාජා ආනන්දො, චණ්ඩාලපුත්තො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දෙව්දත් තෙමේ ආචාර්යවරයා ප්‍රතික්ෂේප කර මහා විනාශයකට පත් වූයේ දැන් පමණක් නොවේ. පෙරද පත්වූයේම යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි මානවකයා දෙව්දත් වීය. රජු ආනන්ද තෙරුන් වීය. සැඩොල් පුත්‍රයා මම ම වීමි යි වදාළ සේක.
අම්බජාතකවණ්ණනා පඨමා.