2. ඵන්දනජාතකවණ්ණනා 475 අට්ඨකථා
2. ඵන්දනජාතකවණ්ණනා (475)
2. ඵන්දන ජාතකය (475)
කුඨාරිහත්ථො පුරිසොති ඉදං සත්ථා රොහිණීනදීතීරෙ විහරන්තො ඤාතකානං කලහං ආරබ්භ කථෙසි. වත්ථු පන කුණාලජාතකෙ (ජා· 2.21.කුණාලජාතක) ආවි භවිස්සති. තදා පන සත්ථා ඤාතකෙ ආමන්තෙත්වා – මහාරාජා, අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බහිනගරෙ වඩ්ඪකිගාමො අහොසි. තත්රෙකො බ්රාහ්මණවඩ්ඪකී අරඤ්ඤතො දාරූනි ආහරිත්වා රථං කත්වා ජීවිකං කප්පෙසි. තදා හිමවන්තපදෙසෙ මහාඵන්දනරුක්ඛො අහොසි . එකො කාළසීහො ගොචරං පරියෙසිත්වා ආගන්ත්වා තස්ස මූලෙ නිපජ්ජි. අථස්ස එකදිවසං වාතෙ පහරන්තෙ එකො සුක්ඛදණ්ඩකො පතිත්වා ඛන්ධෙ අවත්ථාසි. සො ථොකං ඛන්ධෙන රුජන්තෙන භීතතසිතො උට්ඨාය පක්ඛන්‍දිත්‍වා පුන නිවත්තො ආගතමග්ගං ඔලොකෙන්තො කිඤ්චි අදිස්වා “අඤ්ඤො මං සීහො වා බ්‍යග්ඝො වා අනුබන්ධන්තො නත්ථි, ඉමස්මිං පන රුක්ඛෙ නිබ්බත්තදෙවතා මං එත්ථ නිපජ්ජන්තං න සහති මඤ්ඤෙ, හොතු ජානිස්සාමී”ති අට්ඨානෙ කොපං බන්ධිත්වා රුක්ඛං පහරිත්වා “නෙව තව රුක්ඛස්ස පත්තං ඛාදාමි, න සාඛං භඤ්ජාමි, ඉධ අඤ්ඤෙ මිගෙ වසන්තෙ සහසි, මං න සහසි, කො මය්හං දොසො අත්ථි, කතිපාහං ආගමෙහි, සමූලං තෙ රුක්ඛං උප්පාටෙත්වා ඛණ්ඩාඛණ්ඩිකං ඡෙදාපෙස්සාමී”ති රුක්ඛදෙවතං තජ්ජෙත්වා එකං පුරිසං උපධාරෙන්තො විචරි. තදා සො බ්රාහ්මණවඩ්ඪකී ද්වෙ තයො මනුස්සෙ ආදාය රථදාරූනං අත්ථාය යානකෙන තං පදෙසං ගන්ත්වා එකස්මිං ඨානෙ යානකං ඨපෙත්වා වාසිඵරසුහත්ථො රුක්ඛෙ උපධාරෙන්තො ඵන්දනසමීපං අගමාසි. කාළසීහො තං දිස්වා “අජ්ජ, මයා පච්චාමිත්තස්ස පිට්ඨිං දට්ඨුං වට්ටතී”ති ගන්ත්වා රුක්ඛමූලෙ අට්ඨාසි . වඩ්ඪකී ච ඉතො චිතො ඔලොකෙත්වා ඵන්දනසමීපෙන පායාසි. සො “යාව එසො නාතික්කමති, තාවදෙවස්ස කථෙස්සාමී”ති චින්තෙත්වා පඨමං ගාථමාහ –
කූටාරි හත්ථො පුරිසො යන මේ ගාථා. ශාස්තෲන් වහන්සේ රෝහිණී ගංතෙර නෑදෑයන්ගේ කලහයක් අරබයා දේශනා කළ සේක. කථාපුවත කුණාල ජාතකයෙහි පෙනෙන්නේය. එකල්හි ශාස්තෲන් වහන්සේ නෑයන් අමතා මහරජවරුනි, අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි පිටත නගරයෙහි වඩුගමක් වීය. එහි එක් බ්රාහ්මණවංශික වඩුවෙක් වනයෙන් දැව ගෙනවිත් රිය කරවා ජීවිතය ගෙවීය. එකල්හි හිමවත පෙදෙසෙහි මහත් වූ කොළොම් ගසක් වීය. එක් කළු සිංහයෙක් (වලසෙක්) ගොදුරු සොයා ගොස් අවුත් ඒ ගසමුල හොත්තේය. ඉක්බිති එක් දවසක් වාතය හමනකල්හි එක් වියලි දණ්ඩක් වැටී කඳෙහි මැඩගෙන සිටියේය. හෙතෙම මදක් කඳ රිදීමෙන් බියෙන් තැති ගත්තේ නැගී සිට පැනගොස් නැවත නැවතී ආවා වූ මාර්ගය බලන්නේ කිසිවෙක් නොදැක මා ලුහුබඳින්නා වූ අන් සිංහයෙකු හෝ ව්‍යාඝ්‍රයෙකු නැත. මේ වෘක්ෂයෙහි අධිගෘහිත දෙවියා මෙහි නිදියන්නා වූ මා නොඉවසයි යයි සිතමි. වේවා! කළයුතු දෙය දනිමි යයි අස්ථානයෙහි කෝපය බැඳ ගසට ගසා ඔබගේ ගසෙහි කොළ නොකමි. අතු නොකඩමි. අන් මුවන් මෙහි සයනය කරන කල්හි ඉවසහි. මා නොඉවසයි. මගේ කවර වරදක් වෙයිද අන් දින කීපයක් පැමිණේවා! ගස උගුල්ලවා තඩ කඩ කොට සිඳුවන්නෙමියි වෘක්ෂ දේවතාවාට තර්ජනය කර එක් පුරුෂයෙකු සොයමින් හැසිරුණේය. එකල්හි ඒ වඩුවා මිනිසුන් දෙතුන් දෙනෙකු ගෙන රිය සඳහා දැව පිණිස යානාවකින් ඒ ප්‍රදේශයට ගොස් එක් තැනක යානය (කරත්තය) තබා වෑ-පොරෝ ගත් අත් ඇත්තේ ගස් සොයමින් යන්නේ කොළොම් ගස සමීපයට පැමිණියේය. කළු සිංහයා (වලසා) ඔහු දැක අද මගේ පසමිතුරා පිටු දකින්නට වටීයයි ගොස් ගසමුල සිටියේය. වඩුවාද ඔබිනොබ බලන්නේ කොළොම් ගස සමීපයෙන් ගියේය. හෙතෙම යම්තාක් මොහු ඉක්මවා නොයයිද එතෙක් මොහුට කියන්නෙමියි සිතා පළමු ගාථාව කීවේය.
“කුඨාරිහත්ථො පුරිසො, වනමොගය්හ තිට්ඨසි; පුට්ඨො මෙ සම්ම අක්ඛාහි, කිං දාරුං ඡෙතුමිච්ඡසී”ති.
කුඨාරිහත්ථො පුරිසො වනමොගය්හ තිට්ඨසී, පුට්ඨො මෙ සම්ම අක්ඛාහි - කිං දාරු ඡෙතු මිච්ඡසී
1. පොරොවක් ගත් අත් ඇති පුරුෂයෙක් වනයට පැමිණ සිටී. යහළුව, විමසන්නා වූ මට කියව. කවර දැවයක් කපනු කැමැත්තෙහිදැයි?
තත්ථ පුරිසොති ත්වං කුඨාරිහත්ථො එකො පුරිසො ඉමං වනං ඔගය්හ තිට්ඨසීති.
එහි පුරිසො යනු ඔබ, පොරොවක් ගත් අත් ඇති පුරුෂයෙක් මේ වනය පැමිණ සිටිහී යයි.
සො තස්ස වචනං සුත්වා “අච්ඡරියං වත භො, න වත මෙ ඉතො පුබ්බෙ මිගො මනුස්සවාචං භාසන්තො දිට්ඨපුබ්බො, එස රථානුච්ඡවිකං දාරුං ජානිස්සති, පුච්ඡිස්සාමි න”න්ති චින්තෙත්වා දුතියං ගාථමාහ –
ඒ පුරුෂයා ඔහුගේ වචනය අසා පිංවත ඒකාන්තයෙන් ආශ්චර්යයකි. මින්පෙර මිනිස් වචන කථා කරන්නා වූ සිවුපාවෙක් නොදුටු විරූය. මෙතෙමේ කරත්තවලට සුදුසු දැව දන්නේය. ඔහුගෙන් විමසන්නෙමියි සිතා දෙවන ගාථාව කීවේය.
“ඉස්සො වනානි චරසි, සමානි විසමානි ච; පුට්ඨො මෙ සම්ම අක්ඛාහි, කිං දාරුං නෙමියා දළ්හ”න්ති.
2. වලසෙක් වෙහිය. සම විසම වූ වනයන්හි හැසිරෙයි. යහළුව, ඔබගෙන් අසන ලද්දා වූ මට කවර දැවයක් නිම් වළල්ල සඳහා ශක්තිමත් දැයි කියව.
තත්ථ ඉස්සොති ත්වම්පි එකො කාළසීහො වනානි චරසි, ත්වං රථානුච්ඡවිකං දාරුං ජානිස්සසීති.
එහි ඉසො යනු ඔබ එක් වලසෙකි. වනයන්හි හැසිරෙහි. ඔබ රිය (කරත්තය)ට සුදුසු දැව දන්නෙහිද?
තං සුත්වා කාළසීහො “ඉදානි මෙ මනොරථො මත්ථකං පාපුණිස්සතී”ති චින්තෙත්වා තතියං ගාථමාහ –
ඒ අසා වලසා මෙතැනින් දැන් මගේ අදහස මුදුන්පත් වන්නේයයි සිතා තුන්වන ගාථාව කීවේය.
“නෙව සාලො න ඛදිරො, නාස්සකණ්ණො කුතො ධවො; රුක්ඛො ච ඵන්දනො නාම, තං දාරුං නෙමියා දළ්හ”න්ති.
1. නිම්වළල්ල සඳහා අශ්වකර්ණ නම් වූ සල්ගස සුදුසු නොවෙයි. ධව නම් වූ කිහිරි ගස කෙසේනම් සුදුසු වේද? කොළොම් නම් වූ ගසක් ඇත. ඒ දැවය නිම් වළල්ල සඳහා ශක්තිමත් වෙයි.
සො තං සුත්වා සොමනස්සජාතො “සුදිවසෙන වතම්හි අජ්ජ අරඤ්ඤං පවිට්ඨො, තිරච්ඡානගතො මෙ රථානුච්ඡවිකං දාරුං ආචික්ඛති, අහො සාධූ”ති පුච්ඡන්තො චතුත්ථං ගාථමාහ –
ඔහු එය අසා සොම්නසට පත්වූයේ ඒකාන්තයෙන් මනා වූ දවසකින් අද වනයට පවිසියේ වෙමි. තිරිසන්ගත වූවෙකු මගේ රියට සුදුසු දැවය කියයි. අහෝ මැනවයි විමසන්නේ සිවුවන ගාථාව කීවේය.
“කීදිසානිස්ස පත්තානි, ඛන්ධො වා පන කීදිසො; පුට්ඨො මෙ සම්ම අක්ඛාහි, යථා ජානෙමු ඵන්දන”න්ති.
4. යහළුව, ඒ ගසේ කොළ කෙබඳුද? කඳ කවර ආකාරද? කොළොම්ගස යම් සේ දනීද විමසන්නා වූ මට එලෙස කියව.
අථස්ස සො ආචික්ඛන්තො ද්වෙ ගාථා අභාසි –
ඉක්බිති ඔහුට කියන්නා වූ හෙතෙම ගාථා දෙකක් කීවේය.
“යස්ස සාඛා පලම්බන්ති, නමන්ති න ච භඤ්ජරෙ; සො රුක්ඛො ඵන්දනො නාම, යස්ස මූලෙ අහං ඨිතො.
5. යම් ගසක අතු එල්වෙයිද නැමෙයිද නොකැඩෙයි. යම් ගසක් මුල මා සිටියේද ඒ ගස කොළොම් ගස නම් වේ.
“අරානං චක්කනාභීනං, ඊසානෙමිරථස්ස ච; සබ්බස්ස තෙ කම්මනියො, අයං හෙස්සති ඵන්දනො”ති.
6. අර (රෝද දැත්ත) සක්නැඹ, රිය හිස නිම්වළලු යන මේ රථයේ සියල්ලෙහි කටයුතුවලට සුදුසු වූ මේ ගස කොළොම් ගස වන්නේය.
තත්ථ “අරාන”න්ති ඉදං සො “කදාචෙස ඉමං රුක්ඛං න ගණ්හෙය්ය, ගුණම්පිස්ස කථෙස්සාමී”ති චින්තෙත්වා එවමාහ. තත්ථ ඊසානෙමිරථස්ස චාති ඊසාය ච නෙමියා ච සෙසස්ස ච රථස්ස සබ්බස්ස තෙ එස කම්මනියො කම්මක්ඛමො භවිස්සතීති.
එහි අරානං යනු ඒ වලසා කෙදිනක හෝ හෙතෙම මේ ගස නොගන්නේද එහි ගුණයන්ද කියන්නෙමිය සිතා මෙසේ කීවේය. එහි ඊසානෙමි රථස්ස ච යනු රිය හිසටද නිම් වළල්ලටද ඔබගේ රථයේ සෙසු සියල්ලටද මෙ ගස කම්මනියො වැඩට සුදුසු වන්නේය යි.
සො එවං ආචික්ඛිත්වා තුට්ඨමානසො එකමන්තෙ විචරි, වඩ්ඪකීපි රුක්ඛං ඡින්දිතුං ආරභි. රුක්ඛදෙවතා චින්තෙසි “මයා එතස්ස උපරි න කිඤ්චි පාතිතං, අයං අට්ඨානෙ ආඝාතං බන්ධිත්වා මම විමානං නාසෙති, අහඤ්ච විනස්සිස්සාමි, එකෙනුපායෙන ඉමඤ්ච ඉස්සං විනාසෙස්සාමී”ති. සා වනකම්මිකපුරිසො විය හුත්වා තස්ස සන්තිකං ආගන්ත්වා පුච්ඡි “භො පුරිස මනාපො තෙ රුක්ඛො ලද්ධො, ඉමං ඡින්දිත්වා කිං කරිස්සසී”ති? “රථනෙමිං කරිස්සාමී”ති. “ඉමිනා රුක්ඛෙන රථො භවිස්සතී”ති කෙන තෙ අක්ඛාතන්ති. “එකෙන කාළසීහෙනා”ති. “සාධු සුට්ඨු තෙන අක්ඛාතං, ඉමිනා රුක්ඛෙන රථො සුන්දරො භවිස්සති, කාළසීහස්ස ගලචම්මං උප්පාටෙත්වා චතුරඞ්ගුලමත්තෙ ඨානෙ අයපට්ටෙන විය නෙමිමණ්ඩලෙ පරික්ඛිත්තෙ නෙමි ච ථිරා භවිස්සති, බහුඤ්ච ධනං ලභිස්සසී”ති. “කාළසීහචම්මං කුතො ලච්ඡාමී”ති? “ත්වං බාලකොසි, අයං තව රුක්ඛො වනෙ ඨිතො න පලායති, ත්වං යෙන තෙ රුක්ඛො අක්ඛාතො, තස්ස සන්තිකං ගන්ත්වා ‘සාමි තයා දස්සිතරුක්ඛං කතරට්ඨානෙ ඡින්දාමී’ති වඤ්චෙත්වා ආනෙහි, අථ නං නිරාසඞ්කං ‘ඉධ ච එත්ථ ච ඡින්දා’ති මුඛතුණ්ඩං පසාරෙත්වා ආචික්ඛන්තං තිඛිණෙන මහාඵරසුනා කොට්ටෙත්වා ජීවිතක්ඛයං පාපෙත්වා චම්මං ආදාය වරමංසං ඛාදිත්වා රුක්ඛං ඡින්දා”ති වෙරං අප්පෙසි. තමත්ථං පකාසෙන්තො සත්ථා ඉමා ගාථා ආහ –
ඔහු මෙසේ කියා සතුටු සිත් ඇත්තේ හාත්පස හැසිරුනේය. වඩුවාද ගස කැපීමට පටන් ගත්තේය. වෘක්ෂ දේවතාවා මෙසේ සිතුවේය. මා විසින් මොහු මත්තෙහි කිසිවක් නොහෙලන ලදි. මෙතෙම නොතන්හි වෛර බැඳ මගේ විමානය නස්වයි. මමද නැසෙන්නෙමි. එක් උපායකින් මේ වළසාද නස්වන්නෙමියි ඒ දේවතාවාද කාර්මික පුරුෂයෙක් මෙන් වී ඔහු සමීපයට අවුත් විචාළේය. එම්බා පුරුෂය, තොප කැමති ගසක් ලබන ලද්දේය. මෙය කපා කුමක් කරහිද? යි රියසක නිම් වළල්ල කරමි. මේ ගසෙන් රියක් වන්නේ යයි කවරෙකු විසින් තොපට කියන ලදදැයි ඇසුවාය. එක් වලසෙකු විසින්ය. මැනවි. ඔහු විසින් මනාව කියන ලදි. මේ රුකෙන් රිය සුන්දර වන්නේය. වලසාගේ ගෙල සම උපුටා අගල් සතරක් පමණ තැන යකඩ පටකින් මෙන් නිම් වළල්ල වටකළ කල්හි නේමිය ස්ථිර වන්නේය. බොහෝ ධනයද ලබන්නෙහි යයි කීවේය. වලස් හමක් කොහෙන් ලබන්නෙමි දැයි ඇසීය. කිම ඔබ නුවණ නැත්තෙහිද? මේ ඔබේ ගස වනයේ තිබූයේ පලා නොයයි. ඔබ යමෙකු විසින් ගස පිළිබඳව ඔබට කියන ලදද ඔහුගේ සමීපයට ගොස් ස්වාමීනි, ඔබ විසින් දක්වන ලද ගස කවර තැනෙක්හි සිඳමිදැයි රවටාගෙන එව. අනතුරුව ඔහු නිසැකවම මෙහිද සිඳුවයි හොටය. (හොම්බ) විහිදුවා දක්වන්නහු තියුණු මහපොරොවෙන් කොටා ජීවිතක්ෂයට පමුණුවා සම ගෙන උතුම් මස් කා ගස සිඳුවයි වෛරය පාකොට හැරියේය. එම කරුණ දක්වන්නා වූ ශාස්තෲන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
“ඉති ඵන්දනරුක්ඛොපි, තාවදෙ අජ්ඣභාසථ; මය්හම්පි වචනං අත්ථි, භාරද්වාජ සුණොහි මෙ.
7. එකෙනෙහි කොළොම් ගස අරක්ගත් දෙවියාද මෙසේ කීවේය. භාරද්වාජය මගේද වචනයක් ඇත. මටද ඇහුම්කන් දෙව.
“ඉස්සස්ස උපක්ඛන්ධම්හා, උක්කච්ච චතුරඞ්ගුලං; තෙන නෙමිං පසාරෙසි, එවං දළ්හතරං සියා.
8. වලසාගේ බෙල්ලෙන් (හම්) සතරඟුලක් ගෙන (නිම් වළල්ලෙහි) බහා එයින් නිම් වළල්ල සාදා ගනුව. මෙසේ (එය) අතිශයින් ශක්තිමත් වන්නේය.
“ඉති ඵන්දනරුක්ඛොපි, වෙරං අප්පෙසි තාවදෙ; ජාතානඤ්ච අජාතානං, ඉස්සානං දුක්ඛමාවහී”ති.
9. මෙසේ කොළොම් ගස වැසි දෙවියාද එකෙනෙහිම වෛරය පිටකර හැරියේය. උපන්නා වූද නූපන්නා වූද වලසුන්ට දුකක් ගෙන දුන්නේමය.
තත්ථ භාරද්වාජාති තං ගොත්තෙන ආලපති. උපක්ඛන්ධම්හාති ඛන්ධතො. උක්කච්චාති උක්කන්තිත්වා.
එහි භාරද්වාජ යනු ගෝත්‍ර නාමයෙන් අමතනු ලබයි. උපක්ඛන්ධම්හා යනු කඳින්. ඔක්කච්ච යනු බැස ගෙන.
වඩ්ඪකී රුක්ඛදෙවතාය වචනං සුත්වා “අහො අජ්ජ මය්හං මඞ්ගලදිවසො”ති කාළසීහං ඝාතෙත්වා රුක්ඛං ඡෙත්වා පක්කාමි. තමත්ථං පකාසෙන්තො සත්ථා ආහ –
වඩුවා වෘක්ෂ දේවතාවාගේ වචනය අසා පුදුමයි අද මට මංගල දිනයකැයි වලසා ඝාතනය කර ගස කපා ගියේය.
“ඉච්චෙවං ඵන්දනො ඉස්සං, ඉස්සො ච පන ඵන්දනං; අඤ්ඤමඤ්ඤං විවාදෙන, අඤ්ඤමඤ්ඤමඝාතයුං.
ඒ කරුණ දේශනා කරන්නා වූ ශාස්තෲන් වහන්සේ
“එවමෙව මනුස්සානං, විවාදො යත්ථ ජායති; මයූරනච්චං නච්චන්ති, යථා තෙ ඉස්සඵන්දනා.
10. මෙසේ කොළොම් ගස වලසාද වලසා කොළොම් ගසද එකිනෙකා විරසක වීමෙන් එකිනෙකා ඝාතනය කළාහුය.
“තං වො වදාමි භද්දං වො, යාවන්තෙත්ථ සමාගතා; සම්මොදථ මා විවදථ, මා හොථ ඉස්සඵන්දනා.
11. මෙසේ යම්තැනක මිනිසුන් අතර විවාදයක් හටගනීද යම් සේ ඒ වලසා හා කොළොම්ගස යන දෙදෙනා මෙන් මොනර නැටුම් නටත්. විවාදාපන්නයෝ උනුන් කුලමල කියා බැන ගැනීමෙන් තම තමන්ගේ ඌනතා හෙළි කරගනිත්.
“සාමග්ගිමෙව සික්ඛෙථ, බුද්ධෙහෙතං පසංසිතං; සාමග්ගිරතො ධම්මට්ඨො, යොගක්ඛෙමා න ධංසතී”ති.
12. සමගිවම ශික්ෂාපදයන්හි හික්මෙවු. මෙය බුදුවරුන් විසින් පසස්නා ලදි. සමගියෙහි ඇලී දහම්හි පිහිටි තැනැත්තා නිර්වාණ සම්පතින් නොපිරිහේ යි කීවේය.
තත්ථ අඝාතයුන්ති ඝාතාපෙසුං. මයූරනච්චං නච්චන්තීති මහාරාජා යත්ථ හි මනුස්සානං විවාදො හොති, තත්ථ යථා නාම මයූරා නච්චන්තා පටිච්ඡාදෙතබ්බං රහස්සඞ්ගං පාකටං කරොන්ති, එවං මනුස්සා අඤ්ඤමඤ්ඤස්ස රන්ධං පකාසෙන්තා මයූරනච්චං නච්චන්ති නාම. යථා තෙ ඉස්සඵන්දනා අඤ්ඤමඤ්ඤස්ස රන්ධං පකාසෙන්තා නච්චිංසු නාම. තං වොති තෙන කාරණෙන තුම්හෙ වදාමි. භද්දං වොති භද්දං තුම්හාකං හොතු. යාවන්තෙත්ථාති යාවන්තො එත්ථ ඉස්සඵන්දනසදිසා මා අහුවත්ථ. සාමග්ගිමෙව සික්ඛෙථාති සමග්ගභාවමෙව තුම්හෙ සික්ඛථ, ඉදං පඤ්ඤාවුද්ධෙහි පණ්ඩිතෙහි පසංසිතං . ධම්මට්ඨොති සුචරිතධම්මෙ ඨිතො. යොගක්ඛෙමා න ධංසතීති යොගෙහි ඛෙමා නිබ්බානා න පරිහායතීති නිබ්බානෙන දෙසනාකූටං ගණ්හි. සක්යරාජානො ධම්මකථං සුත්වා සමග්ගා ජාතා.
එහි අඝාතයුං යනු නැසුවාහුය. මයුර නච්චං නච්චන්ති යනු මහරජතුමනි, යම් තැනක මිනිසුන් අතර විවාදයක් වෙයිද එහි යම්සේ මොනරු නටන්නාහු වැසිය යුතු රහසඟ ප්‍රකට කරත්ද මෙසේ ඒ මිනිස්සු එකිනෙකාගේ අඩුපාඩු ප්‍රකාශ කරන්නාහු මොනර නැටුම් නටයි නම් වේ. යම්සේ එම වලසා හා කොළොම් ගස යන දෙදෙනා එතිනෙකාගේ අඩුපාඩු ප්‍රකාශ කරන්නාහු නැටුවාහු නම් වෙති. තං වො යනු ඒ කරුණින් තොපට කියමි. භද්දං වො යනු තොපලාට යහපත් වේවා! යාවන්තෙත්ථ හා සමාන නොවවු. සාමග්ගිමෙව යනු තෙපි සමගි බැව්හිම හික්මෙවු. මෙය නුවණින් වැඩුනා වූ පණ්ඩිතයන් විසින් ප්‍රශංසා කරන ලදි. ධම්මට්ඨො යනු සුසිරිත් දහම්හි සිටියේ. යොගක්ඛෙමා යනු යෝග භාවනාවන්ගෙන් මිදීම, නිවන නො නසන්නේය. නො පිරිහෙලන්නේ ය යි නිවන් දේශනාවෙහි කෙළවර ගත්තේය. රජවරු ධර්ම කථාව අසා සමගි වූවාහුය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා ජාතකං සමොධානෙසි “තදා තං කාරණං විදිත්වා තස්මිං වනසණ්ඩෙ නිවුත්ථදෙවතා අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි එකරුණ එම වනලැහැබෙහි අධිගෘහිත දේවතාවා මම ම වීමි යයි දේශනා කළ සේක.
ඵන්දනජාතකවණ්ණනා දුතියා.