3. ජවනහංසජාතකවණ්ණනා 476 අට්ඨකථා
3. ජවනහංසජාතකවණ්ණනා (476)
3. ජවනහංස ජාතකය (476)
ඉධෙව හංස නිපතාති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො දළ්හධම්මධනුග්ගහසුත්තන්තදෙසනං (සං· නි· 2.228) ආරබ්භ කථෙසි. භගවතා හි –
ඉධෙව හංස නිපතා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් දළ්හධම්ම සූත්‍ර දේශනාව අරභයා වදාළ සේක.
“සෙය්යථාපි, භික්ඛවෙ, චත්තාරො දළ්හධම්මා ධනුග්ගහා සුසික්ඛිතා කතහත්ථා කතූපාසනා චතුද්දිසා ඨිතා අස්සු, අථ පුරිසො ආගච්ඡෙය්ය ‘අහං ඉමෙසං චතුන්නං දළ්හධම්මානං ධනුග්ගහානං සුසික්ඛිතානං කතහත්ථානං කතූපාසනානං චතුද්දිසා කණ්ඩෙ ඛිත්තෙ අපතිට්ඨිතෙ පථවියං ගහෙත්වා ආහරිස්සාමී’ති. “තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, ‘ජවනො පුරිසො පරමෙන ජවෙන සමන්නාගතො’ති අලං වචනායා”ති? “එවං භන්තෙ”ති. යථා ච, භික්ඛවෙ, තස්ස පුරිසස්ස ජවො, යථා ච චන්දිමසූරියානං ජවො, තතො සීඝතරො. යථා ච, භික්ඛවෙ, තස්ස පුරිසස්ස ජවො, යථා ච චන්දිමසූරියානං ජවො, යථා ච යා දෙවතා චන්දිමසූරියානං පුරතො ධාවන්ති, තාසං දෙවතානං ජවො, තතො සීඝතරං ආයුසඞ්ඛාරා ඛීයන්ති, තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං ‘අප්පමත්තා විහරිස්සාමා’ති. එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බ”න්ති –
භාග්‍යවතුන් වහන්සේ විසින් මහණෙනි, යම්සේ දුනු ශිල්පයෙහි ඉතා දක්ෂ වූ ශිල්පය මනාව උගත්, කළ පුරුදු ඇති කරන ලද ඇසුරු කිරීම් ඇති දුනුවායෝ සතරදෙනෙක් සිවුදිගෙහි සිටියාහු වෙත්ද? ඉක්බිති එක් පුරුෂයෙක් පැමිණ මම ඉතා දක්ෂ වූ ශිල්පය මනාව උගත්, කළපුරුදු ඇති, කළ ඇසුරු කිරීම් ඇති මේ දුනුවායන් සිව්දිගට විදින ලද ඊතල පොළොවෙහි නොපිහිටි කල්හි ගෙන එන්නෙමියි කියයි. මහණෙනි, ඒ කුමක්දැයි සිතහුද? දිවීමෙහි සමත් වූ ඒ පුරුෂයා ඉතා උසස් දිවිීමේ හැකියාවෙන් යුක්ත වූයේ වෙයි. වචනයෙන් කීමෙන් වැඩක් නැතැයි වදාළහ. භික්ෂූහු ස්වාමීනි එසේ යයි කීහ. මහණෙනි, ඒ පුරුෂයාගේ ජවය යම්සේද? සඳහිරු දෙදෙනාගේ ජවය යම්සේද එයටත් වඩා අතිශයින් ශීඝ්‍ර වෙයි. මහණෙනි, ඒ පුරුෂයාගේ ජවය යම් සේද යම්තාක් දෙවිවරු සඳහිරු දෙදෙනාගේ ඉදිරියෙන් දුවත්ද ඒ දෙවිවරුන්ගේ ජවයටත් වඩා අතිශයින් ශීඝ්‍ර වේ. මහණෙනි, ඒ පුරුෂයාගේ ..... පෙ..... ඒ දෙවියන්ගේ ජවය වේද එයටත් වඩා අතිශයින් ශීඝ්‍රව ආයුෂ පැවැත්මට ඇති ශක්තිය ක්ෂය වෙයි. මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතුය. උපන්නා වූ කාමරාගයන් පිළිබඳ පවස දුරුකරන්නෙමු. කාමරාගයන් පිළිබඳ පවස අපගේ සිත් මැඩගෙන නොසිටිත්ද එලෙස අප්‍රමාද වූවෝ වන්නෙමුයි මහණෙනි, මෙසේ තොප හික්මිය යුතු යයි වදාළහ.
ඉමස්ස සුත්තස්ස කථිතදිවසතො දුතියදිවසෙ භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, සත්ථා අත්තනො බුද්ධවිසයෙ ඨත්වා ඉමෙසං සත්තානං ආයුසඞ්ඛාරෙ ඉත්තරෙ දුබ්බලෙ කත්වා පරිදීපෙන්තො පුථුජ්ජනභික්ඛූ අතිවිය සන්තාසං පාපෙසි, අහො බුද්ධබලං නාමා”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “අනච්ඡරියං, භික්ඛවෙ, ස්වාහං ඉදානි සබ්බඤ්ඤුතං පත්තො ආයුසඞ්ඛාරානං ඉත්තරභාවං දස්සෙත්වා භික්ඛූ සංවෙජෙත්වා ධම්මං දෙසෙමි, මයා හි පුබ්බෙ අහෙතුකහංසයොනියං නිබ්බත්තෙනපි ආයුසඞ්ඛාරානං ඉත්තරභාවං දස්සෙත්වා බාරාණසිරාජානං ආදිං කත්වා සකලරාජපරිසං සංවෙජෙත්වා ධම්මො දෙසිතො”ති වත්වා අතීතං ආහරි.
මේ සූත්‍රය දේශනා කළ දිනයට දෙවන දිනයෙහි දම්සභාවෙහි කථාවක් උපදවාලූහ. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ තමාගේ බුද්ධ විෂයෙහි සිට මේ සත්ත්වයන්ගේ ස්වල්ප වූ ආයු සංස්කාරයන් දුබල වූවන් කොට දක්වන සේක්, පුහුදුන් භික්ෂූන් අතිශයින් සිත් තැවුලියට පත් කරවීය. බුද්ධ බලය නම් පුදුමය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කවර නම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා මෙනම් වූවකැයි කී කල්හි මහණෙනි, එ් මම දැන් සර්වඥතාඥානයට පත්වූයේ ආයු සංස්කාරයන්ගේ ස්වල්පකාලීන බව දක්වා භික්ෂූන්ට සංවේග ඇතිකර ධර්මය දේශනා කරමි. පෙර අහේතුක ප්‍රතිසන්ධියක් වූ හංස යෝනියෙහි ඉපිදුනා වූ මවිසින් ආයු සංස්කාරයන්ගේ ස්වල්පකාලීන බව දක්වා බරණැස් රජු ආදීන් කොට සියළු රජ පිරිස සංවේගයට පත් කරවා ධර්මය දේශනා කරන ලද්දෙමියි අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො ජවනහංසයොනියං නිබ්බත්තිත්වා නවුතිහංසසහස්සපරිවුතො චිත්තකූටෙ පටිවසති. සො එකදිවසං ජම්බුදීපතලෙ එකස්මිං සරෙ සපරිවාරො සයංජාතසාලිං ඛාදිත්වා ආකාසෙ සුවණ්ණකිලඤ්ජං පත්ථරන්තො විය මහන්තෙන පරිවාරෙන බාරාණසිනගරස්ස මත්ථකෙන මන්දමන්දාය විලාසගතියා චිත්තකූටං ගච්ඡති. අථ නං බාරාණසිරාජා දිස්වා “ඉමිනාපි මාදිසෙන රඤ්ඤා භවිතබ්බ”න්ති අමච්චානං වත්වා තස්මිං සිනෙහං උප්පාදෙත්වා මාලාගන්ධවිලෙපනං ගහෙත්වා මහාසත්තං ඔලොකෙත්වා සබ්බතූරියානි පග්ගණ්හාපෙසි. මහාසත්තො අත්තනො සක්කාරං කරොන්තං දිස්වා හංසෙ පුච්ඡි “රාජා , මම එවරූපං සක්කාරං කරොන්තො කිං පච්චාසීසතී”ති? “තුම්හෙහි සද්ධිං මිත්තභාවං දෙවා”ති. “තෙන හි රඤ්ඤො අම්හෙහි සද්ධිං මිත්තභාවො හොතූ”ති රඤ්ඤා සද්ධිං මිත්තභාවං කත්වා පක්කාමි. අථෙකදිවසං රඤ්ඤො උය්යානං ගතකාලෙ අනොතත්තදහං ගන්ත්වා එකෙන පක්ඛෙන උදකං, එකෙන චන්දනචුණ්ණං ආදාය ආගන්ත්වා රාජානං තෙන උදකෙන න්හාපෙත්වා චන්දනචුණ්ණෙන ඔකිරිත්වා මහාජනස්ස පස්සන්තස්සෙව සපරිවාරො චිත්තකූටං අගමාසි. තතො පට්ඨාය රාජා මහාසත්තං දට්ඨුකාමො හුත්වා “සහායො මෙ අජ්ජ ආගමිස්සති, සහායො මෙ අජ්ජ ආගමිස්සතී”ති ආගමනමග්ගං ඔලොකෙන්තො අච්ඡති.
අතීතයෙහි බරණැස්නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි මහාසත්ත්ව තෙමේ ජවනහංස ජාතියෙහි ඉපදී අනූදහසක් හංසයන් විසින් පිරිවරන ලදුයේ චිත්‍රකූට පර්වතයෙහි වාසය කරයි. හෙතෙම එක් දිනයක දඹදිව්හි එක් විලෙක පිරිවර සහිතව ඉබේ හටගත් හැල් කා අහසෙහි රන් කලාලයක් පතුරන්නාක් මෙන් මහත් වූ පිරිවර සමග බරණැස් නුවර මත්තෙන් මඳ මඳ ගමනින් (ලැසි ගමනින්) චිත්‍රකූට පර්වතයට යයි. ඉක්බිති බරණැස රජු ඔහු දැක මොහුද මා හා සමාන වූ රජෙකු විය යුතුය යි. ඇමතියන්ට කියා ඔහු කෙරෙහි සෙනෙහෙ උපදවා මල් ගඳ විලවුන් ගෙන මහා සත්ත්වයන් බලන්නේ සියළු තූර්ය භාණ්ඩයන් පැවැත්වීය. මහ බෝසතාණන් තමාට ගෞරව කරන්නා වූ ඔහු දැක හංසයන්ගෙන් විචාළේය. රජු මට මෙබඳු සත්කාර කරන්නේ කුමක් අපේක්ෂා කරන්නේදැයි. දේවයන් වහන්ස, තොප සමග මිත්‍ර භාවයයි. එසේනම් රජුගේ අප සමග මිත්රභාවය වේවායි රජු සමග මිත්‍රභාවයට පත්ව ගියේය. ඉක්බිති එක් දිනයක රජු උයනට ගියකල්හි අනෝතත්ත විලට ගොස් එක් පියාපතකින් ජලයද එක් පියාපතකින් සඳුන්සුණු ද ගෙනවුත් රජු ඒ ජලයෙන් නහවා සුණුවලින් ගල්වා මහජනයා දකිද්දීම පිරිවර සහිතව චිත්‍රකූට පර්වතයට ගියේය. එතැන් පටන් රජු මහබෝසතුන් දකිනු කැමතිව අද මගේ යහළුවා එන්නේ යයි එන්නා වූ මාර්ගය බලන්නේම කල් ගෙවයි.
තදා මහාසත්තස්ස කනිට්ඨා ද්වෙ හංසපොතකා “සූරියෙන සද්ධිං ජවිස්සාමා”ති මන්තෙත්වා මහාසත්තස්ස ආරොචෙසුං “මයං සූරියෙන සද්ධිං ජවිස්සාමා”ති. “තාතා, සූරියජවො නාම සීඝො, සූරියෙන සද්ධිං ජවිතුං න සක්ඛිස්සථ, අන්තරාව විනස්සිස්සථ, මා ගමිත්ථා”ති. තෙ දුතියම්පි තතියම්පි යාචිංසු, බොධිසත්තොපි තෙ යාවතතියං වාරෙසියෙව. තෙ මානථද්ධා අත්තනො බලං අජානන්තා මහාසත්තස්ස අනාචික්ඛිත්වාව “සූරියෙන සද්ධිං ජවිස්සාමා”ති සූරියෙ අනුග්ගතෙයෙව ගන්ත්වා යුගන්ධරමත්ථකෙ නිසීදිංසු. මහාසත්තො තෙ අදිස්වා “කහං නු ඛො ගතා”ති පුච්ඡිත්වා තං පවත්තිං සුත්වා චින්තෙසි “තෙ සූරියෙන සද්ධිං ජවිතුං න සක්ඛිස්සන්ති, අන්තරාව විනස්සිස්සන්ති, ජීවිතං තෙසං දස්සාමී”ති. සොපි ගන්ත්වා යුගන්ධරමත්ථකෙයෙව නිසීදි. අථ උග්ගතෙ සූරියමණ්ඩලෙ හංසපොතකා උප්පතිත්වා සූරියෙන සද්ධිං පක්ඛන්දිංසු, මහාසත්තොපි තෙහි සද්ධිං පක්ඛන්දි. කනිට්ඨභාතිකො යාව පුබ්බණ්හසමයා ජවිත්වා කිලමි, පක්ඛසන්ධීසු අග්ගිඋට්ඨානකාලො විය අහොසි. සො බොධිසත්තස්ස සඤ්ඤං අදාසි “භාතික, න සක්කොමී”ති. අථ නං මහාසත්තො “මා භායි, ජීවිතං තෙ දස්සාමී”ති පක්ඛපඤ්ජරෙන පරික්ඛිපිත්වා අස්සාසෙත්වා චිත්තකූටපබ්බතං නෙත්වා හංසානං මජ්ඣෙ ඨපෙත්වා පුන පක්ඛන්‍දිත්‍වා සූරියං පත්වා ඉතරෙන සද්ධිං පායාසි. සොපි යාව උපකට්ඨමජ්ඣන්හිකා සූරියෙන සද්ධිං ජවිත්වා කිලමි, පක්ඛසන්ධීසු අග්ගිඋට්ඨානකාලො විය අහොසි. තදා බොධිසත්තස්ස සඤ්ඤං අදාසි “භාතික, න සක්කොමී”ති. තම්පි මහාසත්තො තථෙව සමස්සාසෙත්‍වා පක්ඛපඤ්ජරෙනාදාය චිත්තකූටමෙව අගමාසි. තස්මිං ඛණෙ සූරියො නභමජ්ඣං පාපුණි.
එකල්හි මහ බෝසතුන්ගේ කණිටු හංස පැටවු දෙදෙනෙක් හිරු සමඟ දුවන්නෙමුයි කථිකා කර අපි හිරු සමඟ දුවන්නෙමුයි මහබෝසතුන්ට දැන්වූහ. දරුව, හිරුගේ වේගය නම් ශීඝ්රගාමීය. හිරු සමඟ දුවන්නට නොහැකි වහු. අතරමගදී විනාශ වන්නෙහුය. නොයවු යයි කීවේය. ඔවුහු දෙවන වරද තෙවන වරද ඉල්ලූහ. බෝධිසත්ත්වයෝ තෙවන වර දක්වා ඔවුන් වැළැක්වූයේමය. මානයෙන් උඩඟු වූ ඔවුහු සිය ශක්තිය නොදන්නාහු මහබෝ සතුන්ට නොකියාම හිරු සමඟ දුවන්නෙමුයි හිරු නොනැගි කල්හි ගොස් යුගන්ධර පර්වතය මත හුන්නාහුය. මහබෝසත් තෙමේ ඔවුන් නොදැක කොහි ගියාහුදැයි විමසා ඒ පුවත අසා මෙසේ සිතුවේය. ඔවුහු හිරු සමඟ දුවන්නට අපොහොසත් වෙති. අතරමගදී විනාශ වෙති. ඔවුන්ට ජීවිතය දෙමියි ඔහුද ගොස් යුගන්ධර පර්වතය මතම හුන්නේය. ඉක්බිති හිරුමඬල නැගිකල්හි හංස පැටවු අහසට නැගී හිරු සමඟ දිවුවාහුය. මහබෝ සතුන්ද ඔවුන් සමඟ දිව්වේය. කණිටු සොහොවුරා පෙරවරු කාලය දක්වා දුවගොස් වෙහෙසට පත්වීය. පියාපත් සන්ධීන්හි ගිනි නැගෙන්නාක් මෙන් වීය. ඔහු බෝසතුන්ට සළකුණක් දුන්නේය. සොහොවුර නොහැකි වන්නෙමියි. ඉක්බිති මහබෝසත් තෙමේ ඔහුට කියනුයේ බිය නොවන්න ඔබට ජීවිතය දෙන්නෙමියි. පියාපත් පඳුරෙන් වටකොට අස්වසා චිත්‍රකූට පර්වතයට පමුණුවා හංසයන් මැද තබා නැවත පැනනැගී හිරු වෙත පැමිණ අනිකා සමඟ ගියේය. ඔහුද මධ්‍යාහ්නය තෙක් හිරු සමග දුවගොස් වෙහෙසට පත්වූයේය. පියාපත් සන්ධීන්හි ගිනිනැගෙන කල්හි මෙන් වූයේය. ඉක්බිති බෝසතුන්ට සළකුණක් දුන්නේය. සොහොවුර නොහැකි වන්නෙමියි. මහබෝසත් තෙමේ ඔහුද එසේම අස්වසා පියාපත් පඳුරෙන් ගෙන චිත්‍රකූට පර්තයටම ගියේය. එකෙනෙහි සූර්යයා අහස මැදට පැමිණියේය.
අථ මහාසත්තො “මම අජ්ජ සරීරබලං වීමංසිස්සාමී”ති චින්තෙත්වා එකවෙගෙන පක්ඛන්‍දිත්‍වා යුගන්ධරමත්ථකෙ නිසීදිත්වා තතො උප්පතිත්වා එකවෙගෙන සූරියං පාපුණිත්වා කාලෙන පුරතො, කාලෙන පච්ඡතො ජවිත්වා චින්තෙසි “මය්හං සූරියෙන සද්ධිං ජවනං නාම නිරත්ථකං අයොනිසොමනසිකාරසම්භූතං, කිං මෙ ඉමිනා, බාරාණසිං ගන්ත්වා මම සහායකස්ස රඤ්ඤො අත්ථයුත්තං ධම්මයුත්තං කථං කථෙස්සාමී”ති. සො නිවත්තිත්වා සූරියෙ නභමජ්ඣං අනතික්කන්තෙයෙව සකලචක්කවාළගබ්භං අන්තන්තෙන අනුසංයායිත්වා වෙගං පරිහාපෙන්තො සකලජම්බුදීපං අන්තන්තෙන අනුසංයායිත්වා බාරාණසිං පාපුණි. ද්වාදසයොජනිකං සකලනගරං හංසච්ඡන්නං විය අහොසි, ඡිද්දං නාම න පඤ්ඤායි, අනුක්කමෙන වෙගෙ පරිහායන්තෙ ආකාසෙ ඡිද්දානි පඤ්ඤායිංසු. මහාසත්තො වෙගං පරිහාපෙත්වා ආකාසතො ඔතරිත්වා සීහපඤ්ජරස්ස අභිමුඛට්ඨානෙ අට්ඨාසි. රාජා “ආගතො මෙ සහායො”ති සොමනස්සප්පත්තො තස්ස නිසීදනත්ථාය කඤ්චනපීඨං පඤ්ඤපෙත්වා “සම්ම, පවිස, ඉධ නිසීදා”ති වත්වා පඨමං ගාථමාහ –
ඉක්බිති මහබෝසත් තෙමේ අද මගේ ශරීර ශක්තිය විමසන්නෙමියි සිතා එකම වේගයෙන් පියාඹා යුගන්ධර පර්වතය මත හිඳ ඉන් පැන නැගී එකම වේගයෙන් හිරු වෙත පැමිණ වරෙක ඉදිරියෙන් වරෙක පිටුපසින් දුවගොස් සිතුවේය. හිරු සමග මගේ දිවීම අරුත්සුන් වේ. නුණුවනින් මෙනෙහිකිරීම තුළින් හටගත් මෙයින් මට කවරනම් ප්‍රයෝජනයක්ද? බරණැස් නුවරට ගොස් මගේ යහළු වූ රජුට අර්ථයෙන් හා ධර්මයෙන් යුත් කථාවන් කරන්නෙමියි නැවතී හිරු අහස් මැද නොඉක්මවූ කල්හිම සියළු සක්වළ සිසාරා පියාඹා බරණැසට පැමිණියේය. දොළොස් යොදුන් පමණ වූ සියළු නගරය හංසයන්ගෙන් වැසුනාක් මෙන් වීය. සිදුරක් නම් නොපෙනුණ. මහබෝසත් තෙමේ වේගය පිරිහෙලා අහසින් බැස සීමැදුරු කවුළුවට ඉදිරිතැනක සිටියේය. රජු මගේ ස්වාමියා පැමිණියේ යයි සොම්නසට පත්වූයේ හිඳගැනීම ඔහුට රන්පුටුවක් පනවා යහළුව පිවිසෙව. මෙහි හිඳගනුවයි කියා පළමු ගාථාව කීවේය.
“ඉධෙව හංස නිපත, පියං මෙ තව දස්සනං; ඉස්සරොසි අනුප්පත්තො, යමිධත්ථි පවෙදයා”ති.
ඉධෙව හංස නිපත පියම්මෙ තච දස්සනං, ඉස්සරොසි අනුප්පත්තො යං ඉදත්ථි පවෙදයා ති
1. යහළුව. මෙහි හිඳගනුව. ඔබගේ දැක්ම මට ප්‍රිය වූවකි. තෙපි මෙහි ඉසුරට පත්වූයේ වෙහිය. මෙහිදී ඔබට යමක් කැමති වේද එය කියවයි.
තත්ථ “ඉධා”ති කඤ්චනපීඨං සන්ධායාහ. නිපතාති නිසීද. ඉස්සරොසීති ත්වං ඉමස්ස ඨානස්ස ඉස්සරො සාමි හුත්වා ආගතොසීති වදති. යමිධත්ථි පවෙදයාති යං ඉමස්මිං නිවෙසනෙ අත්ථි, තං අපරිසඞ්කන්තො අම්හාකං කථෙහීති.
එහි ඉධ යනු රන්පුටුව අරභයා කීවේය. නිපත යනු හිඳගනුව. ඉස්සරො සි යනු ඔබ මෙතැනට ප්‍රධානියා, හිමිකරු වී පැමිණියේ යයි කියයි. යං ඉධත්ථි යනු යමක් මේ මාලිගයෙහි කැමති වෙයිද එය සැකරහිතව අපට කියව යි.
මහාසත්තො කඤ්චනපීඨෙ නිසීදි. රාජා සතපාකසහස්සපාකෙහි තෙලෙහි තස්ස පක්ඛන්තරානි මක්ඛෙත්වා කඤ්චනතට්ටකෙ මධුලාජෙ ච මධුරොදකඤ්ච සක්ඛරොදකඤ්ච දාපෙත්වා මධුරපටිසන්ථාරං කත්වා “සම්ම, ත්වං එකකොව ආගතොසි, කුහිං අගමිත්ථා”ති පුච්ඡි. සො තං පවත්තිං විත්ථාරෙන කථෙසි. අථ නං රාජා ආහ “සම්ම, මමපි සූරියෙන සද්ධිං ජවිතවෙගං දස්සෙහී”ති. මහාරාජ, න සක්කා සො වෙගො දස්සෙතුන්ති. තෙන හි මෙ සරික්ඛකමත්තං දස්සෙහීති. සාධු, මහාරාජ, සරික්ඛකමත්තං දස්සෙස්සාමි, අක්ඛණවෙධී ධනුග්ගහෙ සන්නිපාතෙහීති. රාජා සන්නිපාතෙසි. මහාසත්තො චත්තාරො ධනුග්ගහෙ ගහෙත්වා නිවෙසනා ඔරුය්හ රාජඞ්ගණෙ සිලාථම්භං නිඛණාපෙත්‍වා අත්තනො ගීවායං ඝණ්ටං බන්ධාපෙත්වා සිලාථම්භමත්ථකෙ නිසීදිත්වා චත්තාරො ධනුග්ගහෙ ථම්භං නිස්සාය චතුද්දිසාභිමුඛෙ ඨපෙත්වා “මහාරාජ, ඉමෙ චත්තාරො ජනා එකප්පහාරෙනෙව චතුද්දිසාභිමුඛා චත්තාරි කණ්ඩානි ඛිපන්තු, තානි අහං පථවිං අප්පත්තානෙව ආහරිත්වා එතෙසං පාදමූලෙ පාතෙස්සාමි. මම කණ්ඩගහණත්ථාය ගතභාවං ඝණ්ටසද්දසඤ්ඤාය ජානෙය්යාසි, මං පන න පස්සිස්සසී”ති වත්වා තෙහි එකප්පහාරෙනෙව ඛිත්තකණ්ඩානි ආහරිත්වා තෙසං පාදමූලෙ පාතෙත්වා සිලාථම්භමත්ථකෙ නිසින්නමෙව අත්තානං දස්සෙත්වා “දිට්ඨො තෙ, මහාරාජ, මය්හං වෙගො”ති වත්වා “මහාරාජ, අයං වෙගො මය්හං නෙව උත්තමො, මජ්ඣිමො, පරිත්තො ලාමකවෙගො එස, එවං සීඝො, මහාරාජ, අම්හාකං වෙගො”ති ආහ.
මහ බෝසත් තෙමේ රන් පුටුවෙහි හුන්නේය. සියවරක් දහස්වරක් පැසවූ තෙල්වලින් ඔහුගේ පියාපත් ඇතුළත ගල්වා රන් තැටියෙහි මී හා විළද උක්සකුරු මිශ්‍ර ජලයද දෙවා මිහිරි වූ පිළිසඳර කථාකොට යහළුව, හුදකලාව පැමිණියේ වෙහි. කොහි යන්නෙහිදැයි ඇසීය. හෙතෙම ඒ ප්‍රවෘත්තිය විස්තර සහිතව කීවේය. ඉක්බිති රජු ඔහුට යහළුව මටද හිරු සමඟ දුවන ලද වේගය දක්වවයි කීවේය. මහරජතුමනි, ඒ වේගය දක්වන්නට නොහැකිය. එසේ නම් මට ඒ හා සමාන වූ පමණක්ම දක්වවයි කීවේය. මහරජතුමනි, මැනවි. සමාන වූ පමණක්ම දක්වන්නෙමි. විදුලිඑළියෙන් දැක විදින්නා වූ දුනු දරන්නන් රැස් කරවයි කීවේය. රජු රැස් කරවීය. මහ බෝසත් තෙමේ සියල්ලන්ට ජ්‍යෙෂ්ඨ වූ දුනු දරන්නන් සතර දෙනෙකු ගෙන රජමැදුරෙන් බැස රජ මිදුලෙහි ගලටැඹක් සිටුවා තමාගේ බෙල්ලෙහි සීනුවක් බඳවා ගල්ටැඹ මත්තෙහි හිඳ දුනු දරන්නන් සතරදෙනා ගල්ටැඹ ඇසුරුකොට සිව්දිශාවන්ට අභිමුඛව තබා මහරජතුමනි, මේ සතරදෙනා එකපහරින්ම සිව්දිගට අභිමුඛව හී සතරක් විදිත්වා. මම ඒවා පොළොවෙහි නොවැටුනේම ගෙනවුත් මොවුන්ගේ පාමුල හෙලන්නෙමි. මා හී තල ගැනීම පිණිස ගිය බව සීනු ශබ්දයෙන් සළකුණු කොට දන්නෙහි යයි කීවේය. මම නොපෙනෙන්නෙමියි කියා ඔවුන් විසින් එකපැහැර විදින ලද ඊතල ගෙනවුත් ඔවුන්ගේ පාමුල හෙලා ගල්ටැඹ මත්තෙහි හුන්නෙකු කොටම තමා දක්වා මහරජතුමනි, තොප විසින් මගේ වේගය දක්නා ලද්දේදැයි කියා මහරජතුමනි, මේ මගේ උසස්ම වේගය නොවේ. මධ්‍යම ප්‍රමාණයේ වේගයද නොවේ. මේ මගේ ස්වල්ප වූ පහත් වූ වේගයයි. මහරජතුමනි, අපගේ වේගය මෙසේ අතිශයින් ශීඝ්‍ර යයි කීවේය.
අථ නං රාජා පුච්ඡි “සම්ම, අත්ථි පන තුම්හාකං වෙගතො අඤ්ඤො සීඝතරො වෙගො”ති? “ආම, මහාරාජ, අම්හාකං උත්තමවෙගතොපි සතගුණෙන සහස්සගුණෙන සතසහස්සගුණෙන ඉමෙසං සත්තානං ආයුසඞ්ඛාරා සීඝතරං ඛීයන්ති භිජ්ජන්ති, ඛයං ගච්ඡන්තී”ති ඛණිකනිරොධවසෙන රූපධම්මානං නිරොධං දස්සෙති, තතො නාමධම්මානං. රාජා මහාසත්තස්ස කථං සුත්වා මරණභයභීතො සතිං පච්චුපට්ඨාපෙතුං අසක්කොන්තො භූමියං පති, මහාජනො උත්රාසං පත්තො අහොසි. රඤ්ඤො මුඛං උදකෙන සිඤ්චිත්වා සතිං ලභාපෙසි. අථ නං මහාසත්තො “මහාරාජ, මා භායි, මරණස්සතිං භාවෙහි, ධම්මං චරාහි, දානාදීනි පුඤ්ඤානි කරොහි, අප්පමත්තො හොහි, දෙවා”ති ඔවදි. අථ රාජා “සාමි, මයං තුම්හාදිසෙන ඤාණබලසම්පන්නෙන ආචරියෙන විනා වසිතුං න සක්ඛිස්සාම, චිත්තකූටං අගන්ත්වා මය්හං ධම්මං දෙසෙන්තො මය්හං ඔවාදාචරියො හුත්වා ඉධෙව වසාහී”ති යාචන්තො ද්වෙ ගාථා අභාසි –
අනතුරුව රජු ඔහුගෙන් යහළුව, ඔබගේ වේගයෙන් අන්‍ය වූ ඉතා ශීඝ්‍ර වේගයක් ඇත්දැයි විචාළේය. මහරජතුමනි, එසේය. අපගේ උසස්ම වේගයෙන් සියගුණයෙන්ද දහස් ගුණයෙන්ද මේ සත්ත්වයන්ගේ ආයු සංස්කාරයෝ (ආයුෂ පැවැත්මට ඇති ශක්තීහු) අතිශයින් ශීඝ්‍රව ක්ෂය වෙත්. බිඳෙත්. වියැකීමට යෙත්. ඇසිල්ලෙන් නිරුද්ධවීම් වශයෙන් අරූපි ධර්මයන්ගේ බිඳීම දැක්වීය. රජු මහබෝසතුන්ගේ කථාව අසා මරණ බියෙන් බිය පත් වූයේ සිහි එළවන්නට නොහැකි වනුයේ බිම වැටුනේය. මහජනයා තැති ගැනීමට පැමිණියේ වීය. රජුගේ මුහුණ ජලයෙන් ඉස සිහි එළවාලූහ. ඉක්බිති මහබෝසත් තෙමේ ඔහුට කියනුයේ රජතුමනි, බිය නොවන්න. මරණය පිළිබඳ සිහිය වඩන්න. ධර්මයෙහි හැසිරෙන්න. පින් කරන්න. අප්රමාදී වන්න යි අවවාද කළේය. ඉක්බිති රජතුමා ස්වාමීනි, අපි තොප වැනි නුවණැති ආචාර්යවරයෙකුගෙන් තොරව වසන්නට නොහැක්කෙමු. චිත්‍රකූට පර්වතයට නොගොස් මට ධර්මදේශනා කරමින් මගේ අනුශාසක ආචාර්යවරයා වී මෙහිම වසව වයි ඉල්ලන්නේ ගාථා දෙකක් කීවේය.
“සවනෙන එකස්ස පියා භවන්ති, දිස්වා පනෙකස්ස වියෙති ඡන්දො; දිස්වා ච සුත්වා ච පියා භවන්ති, කච්චින්නු මෙ පීයසි දස්සනෙන.
2. ගුණ ඇසීම නිසා කෙනෙක් කෙනෙකුට ප්‍රිය වෙත්. දැකීම නිසා කෙනෙකුගේ ඇලීම පහව යයි. රුව දැකද ගුණ අසාද ඇතමෙක් ප්‍රිය වෙති. කිම මට දැකීමෙන් ප්‍රිය බව වන්නෙහිද?
“සවනෙන පියො මෙසි, භිය්යො චාගම්ම දස්සනං; එවං පියදස්සනො මෙ, වස හංස මමන්තිකෙ”ති.
3. හංසය, ගුණ ඇසීමෙන් ඔබ මය ප්‍රිය වූවෙහි. වෙත පැමිණ දැකීම නිසා වැඩිමනත් ප්‍රිය වීය. මෙසේ ප්‍රිය වූ දැකීම් ඇත්තේ මා සමීපයෙහි වාසය කරව.
තාසං අත්ථො – සම්ම හංසරාජ සවනෙන එකස්ස එකච්චෙ පියා හොන්ති, “එවං ගුණො නාමා”ති සුත්වා සවනෙන පියායති, එකස්ස පන එකච්චෙ දිස්වාව ඡන්දො විගච්ඡති, පෙමං අන්තරධායති , ඛාදිතුං ආගතා යක්ඛා විය උපට්ඨහන්ති, එකස්ස එකච්චෙ දිස්වා ච සුත්වා චාති උභයථාපි පියා හොන්ති, තෙන තං පුච්ඡාමි. කච්චින්නු මෙ පීයසි දස්සනෙනාති කච්චි නු ත්වං මං පියායසි, මය්හං පන ත්වං සවනෙන පියොව, දස්සනං පනාගම්ම අතිපියොව. එවං මම පියදස්සනො සමානො චිත්තකූටං අගන්ත්වා ඉධ මම සන්තිකෙ වසාති.
ඒ ගාථාවන්ගේ අර්ථය නම් යහළුව, හංසරාජය, ගුණ ඇසීම නිසා ඇතමෙක් ඇතමෙකුට ප්‍රිය වෙත්. මෙසේ ගුණ නම් අසා ඇසීම තුළින් ප්‍රියවේ. ඇතමෙක් ඇතමෙකුට දැකද අසාදැයි දෙපරිද්දෙන්ම ප්‍රිය වෙත්. එහෙයින් ඔබගෙන් විමසමි. කච්චින්නු මෙ පිය්යසි දස්සනෙන යනු කුමක් හෙයින් තොප මා ප්‍රිය කෙරෙහිද? තොපගේ ගුණ ඇසීමෙන් තොප මට ප්‍රිය වීය. දැකීමට පැමිණ අතිශයින් ප්‍රිය වීය. මෙසේ ප්‍රිය වූ දැකීම් ඇත්තේ චිත්‍රකූට පර්වතයට නොගොස් මෙහි මා සමීපයෙහිම වසව යයි කීවේය.
බොධිසත්තො ආහ –
(අනතුරුව) බෝධිසත්ත්ව තෙමේ මෙසේ කීවේය.
“වසෙය්යාම තවාගාරෙ, නිච්චං සක්කතපූජිතා; මත්තො ච එකදා වජ්ජෙ, හංසරාජං පචන්තු මෙ”ති.
4. නිතර සත්කාර ලබන ලද්දේ පුදන ලද්දේ තොපගේ මන්දිරයෙහි වාසය කරන්නෙමු. එක්දිනකදී දෝෂය පත්වූයේ මත්වූයේ මගේ ආහාරය සඳහා හංසරාජයා පිසත්වායි කියන්නෙහි ය.
තත්ථ මත්තො ච එකදාති මහාරාජ, මයං තව ඝරෙ නිච්චං පූජිතා වසෙය්යාම, ත්වං පන කදාචි සුරාමදමත්තො මංසඛාදනත්ථං “හංසරාජං පචන්තු මෙ”ති වදෙය්යාසි, අථ එවං තව අනුජීවිනො මං මාරෙත්වා පචෙය්යුං, තදාහං කිං කරිස්සාමීති.
එහි මත්තො ච එකදා යනු මහරජතුමනි, අපි නිතර පුදන ලද්දෝ ඔබගේ නිවසෙහි වසන්නෙමු. ඔබ යම්කිසි දිනයක සුරාමදයෙන් මත්වූයේ මස්කෑම සඳහා හංසරාජයා මා වෙනුවෙන් මරත්වායි කියන්නෙහිය. ඉක්බිති ඔබගේ සේවකයෝ මා මරා පිසන්නාහුය. එදින මම කුමක් කරන්නෙමිද?
අථස්ස රාජා “තෙන හි මජ්ජමෙව න පිවිස්සාමී”ති පටිඤ්ඤං දාතුං ඉමං ගාථමාහ –
ඉක්බිති රජු ‘එසේනම් මත්පැන් නොබොන්නෙමි’යි ඔහුට ප්‍රතිඥා දියයුතුය.
“ධිරත්ථු තං මජ්ජපානං, යං මෙ පියතරං තයා; න චාපි මජ්ජං පිස්සාමි, යාව මෙ වච්ඡසී ඝරෙ”ති.
5. යමක් මට ඔබට වඩා ප්‍රිය වන්නේද ඒ ආහාර පානයන්ට නින්දා වේවා. යම්තාක් ඔබ මගේ නිවසෙහි වාසය කරන්නෙහිද ඒ තාක් මම මත්පැන් නොබොන්නෙමි යි, යන ගාථාව කීවේය.
තතො පරං බොධිසත්තො ඡ ගාථා ආහ –
අනතුරුව බෝධිසත්ත්වයෝ ගාථා සයක් කීහ.
“සුවිජානං සිඞ්ගාලානං, සකුණානඤ්ච වස්සිතං; මනුස්සවස්සිතං රාජ, දුබ්බිජානතරං තතො.
6. රජතුමනි, සිවළුන්ගේද කුරුල්ලන්ගේද හඬ පහසුවෙන් වටහාගත හැකිය. මිනිසුන්ගේ හඬ දැනගැනීම ඊට වඩා බෙහෙවින් දුෂ්කර වේ.
“අපි චෙ මඤ්ඤතී පොසො, ඤාති මිත්තො සඛාති වා; යො පුබ්බෙ සුමනො හුත්වා, පච්ඡා සම්පජ්ජතෙ දිසො.
7. තවද යම් පුරුෂයෙක් ඉදින් නෑදෑයෙකු මිත්‍රයෙකු යහළුවෙකු කොට සිතයිද ඔහු පළමුව යහපත් සිත් ඇත්තෙකු වී සිට පසුව සතුරෙක් බවට පත් වේ.
“යස්මිං මනො නිවිසති, අවිදූරෙ සහාපි සො; සන්තිකෙපි හි සො දූරෙ, යස්මිං නාවිසතෙ මනො.
8. යමෙකු පිළිබඳව සිත බැසගනීද හෙතෙම දුර වසන්නේ නමුදු එකට වාසය කරන්නෙකු වේ. යම් කෙනෙකු වෙතින් සිත පහව යේද ඔහු සමීපයෙහි සිටියේද ඈත වාසය කරන්නෙකු වේ.
“අන්තොපි සො හොති පසන්නචිත්තො, පාරං සමුද්දස්ස පසන්නචිත්තො; අන්තොපි සො හොති පදුට්ඨචිත්තො, පාරං සමුද්දස්ස පදුට්ඨචිත්තො.
9. පැහැදුන සිත් ඇති තැනැත්තා ඇතුලත සිටියද මුහුදෙන් එතෙර සිටියද පහන් සිත් ඇත්තේම වේ. ඉදින් හේ දූෂණය වූ සිත් ඇත්තේද ඇතුළත සිටියද මුහුදෙන් එතෙර සිටියද දූෂණය වූ සිත් ඇත්තේම වේ.
“සංවසන්තා විවසන්ති, යෙ දිසා තෙ රථෙසභ; ආරා සන්තො සංවසන්ති, මනසා රට්ඨවඩ්ඪන.
10. රජතුමනි, යම් සතුරෝ වෙත්ද ඔවුහු එකට වාසය කරන්නාහු නමුදු දුරස්ථව වාසය කරන්නෝ වෙති. රජතුමනි, සත්පුරුෂයෝ දුර වසන්නෝ නමුදු සිතින් එකට වාසය කරන්නෝ වෙති.
“අතිචිරං නිවාසෙන, පියො භවති අප්පියො; ආමන්ත ඛො තං ගච්ඡාම, පුරා තෙ හොම අප්පියා”ති.
11. බොහෝ කලක් එකට වාසය කිරීම නිසා ප්‍රිය තැනැත්තාද අප්‍රිය වූවෙක් වෙයි. එසේ ඔබට අප්‍රිය වන්නට පෙර ඔබට කියා යමු යි.
තත්ථ වස්සිතන්ති මහාරාජ, තිරච්ඡානගතා උජුහදයා, තෙන තෙසං වස්සිතං සුවිජානං, මනුස්සා පන කක්ඛළා, තස්මා තෙසං වචනං දුබ්බිජානතරන්ති අත්ථො. යො පුබ්බෙති යො පුග්ගලො පඨමමෙව අත්තමනො හුත්වා “ත්වං මය්හං ඤාතකො මිත්තො පාණසමො සඛා”ති අපි එවං මඤ්ඤති, ස්වෙව පච්ඡා දිසො වෙරී සම්පජ්ජති, එවං දුබ්බිජානං නාම මනුස්සහදයන්ති. නිවිසතීති මහාරාජ, යස්මිං පුග්ගලෙ පෙමවසෙන මනො නිවිසති, සො දූරෙ වසන්තොපි අවිදූරෙ සහාපි වසතියෙව නාම. යස්මිං පන පුග්ගලෙ මනො න නිවිසති අපෙති, සො සන්තිකෙ වසන්තොපි දූරෙයෙව.
එහි වස්සිතං යනු මහරජතුමනි, තිරිසන්ගත වූවෝ සෘජු සිත් ඇත්තෝය. එහෙයින් ඔවුන්ගේ නාදය පහසුවෙන් හඳුනාගත හැකිය. මිනිස්සු නපුරු වෙති. එහෙයින් ඔවුන්ගේ වචනය අතිශයින්ම දත නොහැකි යයි යන අර්ථයි. යො පුබ්බෙ යනු යම් පුද්ගලයෙක් පළමුව සතුටු සිත් ඇත්තේ වී ඔබ මගේ නෑයෙකි. මිත්රයෙකි. ප්‍රාණසම යහළුවෙකියි මෙසේ සිතයි. හෙතෙමේ ම පසුව සතුරෙක් වෛරී අයෙක් බවට පත් වෙයි. මෙසේ මිනිසුන්ගේ සිත් අපහසුවෙන් දතයුතු වේ. නිවිසති යනු මහරජතුමනි, යම් පුද්ගලයෙකු කෙරෙහි ඇලීම් වශයෙන් සිත පිවිසෙයිද ඔහු හුදෙක් දුර වසන්නේද නුදුරෙහි වෙයි. හෙතෙම එකට වසන්නේද වෙයි. සිතෙහි ඇළුන නිසාවෙනි. ඇතුලත වසන්නේද දුර වසන්නේද නුදුරෙහි වසන්නේද හෙතෙම එකට වසන්නේම වෙයි. යම් හෙයකින් පුද්ගලයන් සිතින් ඈත් වෙයිද හෙතෙම සමීපයෙහි වසන්නේ නමුදු දුරම පිහිටියේ වෙයි.
අන්තොපි සො හොතීති මහාරාජ, යො සහායො පසන්නචිත්තො, සො චිත්තෙන අල්ලීනත්තා පාරං සමුද්දස්ස වසන්තොපි අන්තොයෙව හොති. යො පන පදුට්ඨචිත්තො, සො චිත්තෙන අනල්ලීනත්තා අන්තො වසන්තොපි පාරං සමුද්දස්ස නාම. යෙ දිසා තෙති යෙ වෙරිනො පච්චත්ථිකා, තෙ එකතො වසන්තාපි දූරෙ වසන්තියෙව නාම. සන්තො පන පණ්ඩිතා ආරා ඨිතාපි මෙත්තාභාවිතෙන මනසා ආවජ්ජෙන්තා සංවසන්තියෙව. පුරා තෙ හොමාති යාව තව අප්පියා න හොම, තාවදෙව තං ආමන්තෙත්වා ගච්ඡාමාති වදති.
අන්තො පි සො හොති යනු මහරජත්මනි, යම් යහළුවෙක් පහන් සිතින් ඇළුන හෙයින් මුහුදෙන් එතෙර වසන්නේද ඇතුළතට වන්නේ වෙයි. යමෙක් දූෂණය වූ සිත් ඇත්තේද හෙතෙම සිතෙන් නොඇළුන බව නිසා ඇතුලත වසන්නේද මුහුදෙන් එතෙර වසන්නෙකු සමාන වේ. යෙ දිසා තෙ යනු යමෙක් වෛරීහු වෙත්ද පසමිතුරෝ වෙත්ද එකට වසන්නා වූ ඔවුහු දුර වසත්මය. සත්පුරුෂ පණ්ඩිතයෝ වනාහි වෙනම සිටියාහුද මෛත්‍රී වැඩීමෙන් සිතින් ආවර්ජනා කරන්නාහු එකට වසන්නාහුමය. පුරා තෙ හොම යනු යම්තාක් අප්‍රියයෝ නොවෙමුද ඒතාක් ඔහු අමතා යමු යයි කියයි.
අථ නං රාජා ආහ –
ඉක්බිති ඔහුට රජු මෙසේ කීවේය.
“එවං චෙ යාචමානානං, අඤ්ජලිං නාවබුජ්ඣසි; පරිචාරකානං සතං, වචනං න කරොසි නො; එවං තං අභියාචාම, පුන කයිරාසි පරියාය”න්ති.
12. මෙසේ බදදැළිව යදින්නා වූ අපගේ ඉල්ලීම ඒකාන්තයෙන් නොපිළිගන්නෙහිනම් ආශ්‍රිතයන් වූ අපගේ වචනය නොකරන්නෙහි නම් මෙසේ ඔබගෙන් අයැද සිටිමු. නැවත මෙලෙස ගමනාගමනය කරහි.
තත්ථ එවං චෙති සචෙ හංසරාජ, එවං අඤ්ජලිං පග්ගය්හ යාචමානානං අම්හාකං ඉමං අඤ්ජලිං නාවබුජ්ඣසි, තව පරිචාරකානං සමානානං වචනං න කරොසි, අථ නං එවං යාචාම. පුන කයිරාසි පරියායන්ති කාලෙන කාලං ඉධ ආගමනාය වාරං කරෙය්යාසීති අත්ථො.
එහි එවං චෙ යනු හංසරාජය මෙසේ දොහොත් මුදුන් දී යදින්නා වූ අපගේ මේ බද්ධඤ්ජලිය අවබෝධ නොකරන්නෙහිද ඔබගේ සේවකයන් හා සමාන වූ අපගේ වචනය නොකෙරෙහිද ඉක්බ්ත් ඔබගෙන් මෙසේ ඉල්ලමු. පුනකයිරාසී පරියායං යනු කලින් කල මෙහි පැමිණීම පිණිස අවකාශ කරන්නෙහි යන අර්ථයි.
තතො බොධිසත්තො ආහ –
අනතුරුව බෝධිසත්ත්වයෝ මෙසේ කීහ.
“එවං චෙ නො විහරතං, අන්තරායො න හෙස්සති; තුය්හං චාපි මහාරාජ, මය්හඤ්ච රට්ඨවඩ්ඪන; අප්පෙව නාම පස්සෙමු, අහොරත්තානමච්චයෙ”ති.
13. රට වඩන්නා වූ රජතුමනි, මෙසේ වාසය කරන්නා වූ තොපටද මටද අනතුරක් නොවන්නේ නම් අපි එක්නෙකා දහවල රෑ දකින්නෙමු නම් මැනවි.
තත්ථ එවං චෙ නොති මහාරාජ, මා චින්තයිත්ථ, සචෙ අම්හාකම්පි එවං විහරන්තානං ජීවිතන්තරායො න භවිස්සති, අප්පෙව නාම උභො අඤ්ඤමඤ්ඤං පස්සිස්සාම, අපිච ත්වං මයා දින්නං ඔවාදමෙව මම ඨානෙ ඨපෙත්වා එවං ඉත්තරජීවිතෙ ලොකසන්නිවාසෙ අප්පමත්තො හුත්වා දානාදීනි පුඤ්ඤානි කරොන්තො දස රාජධම්මෙ අකොපෙත්වා ධම්මෙන රජ්ජං කාරෙහි, එවඤ්හි මෙ ඔවාදං කරොන්තො මං පස්සිස්සතියෙවාති. එවං මහාසත්තො රාජානං ඔවදිත්වා චිත්තකූටපබ්බතමෙව ගතො.
එහි එවං චෙ නො යනු මහරජතුමනි, නොසිතුව. ඉදින් මෙසේ වසන්නා වූ අපගේ ජීවිත අන්තරායයක් නොවන්නේ නම් මැනවි. දෙදෙනාම එකිනෙකා දකින්නෙමු. තවද ඔබ මා විසින් දෙන ලද අවවාදයම මගේ තැනහි (මට මෙන්ම ගෞරවයෙහි) තබා මෙසේ ලොව විසීම් නම් වූ ස්වල්ප කාලීන වූ ජීවිතයෙහි අප්රමාදී වී දානාදී පිංකම් කරන්නේ දසරාජ ධර්මයන් කෝප නොකර දැහැමිව රාජ්‍යය කරහි. මෙසේ මගේ අවවාදය කරන්නේ මා දකින්නෙහිමය යි මෙසේ මහබෝසත් තෙමේ රජුට අවවාද කර චිත්‍රකූට පර්වතයටම ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, භික්ඛවෙ, පුබ්බෙ තිරච්ඡානයොනියං නිබ්බත්තෙනපි මයා ආයුසඞ්ඛාරානං දුබ්බලභාවං දස්සෙත්වා ධම්මො දෙසිතො”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්දො අහොසි, කනිට්ඨො මොග්ගල්ලානො, මජ්ඣිමො සාරිපුත්තො, සෙසහංසගණා බුද්ධපරිසා, ජවනහංසො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වසන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මෙසේ පෙර තිරිසන් ජාතියෙහි ඉපදුනා වූද මා විසින් ආයුෂ පැවැත්මෙහි ශක්තියේ දුබල බව දක්වා ධර්මය දේශනා කරන ලදි යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි රජු ආනන්ද හිමි වීය. කනිටු සොහොවුරා මුගලන් තෙර වීය. මධ්‍යම සොහොවුරා සැරියුත් තෙර වීය. සෙසු හංස සමූහයා බුද්ධ පිරිසය. ජවනහංසයා වනාහි මම ම වීමි යයි වදාළ සේක.
ජවනහංසජාතකවණ්ණනා තතියා.