යෙදුමෙන් කියවන්න

4. චූළනාරදජාතකවණ‍්ණනා 477 අට‍්ඨකථා

4. චූළනාරදජාතකවණ‍්ණනා (477)

4. චුල්ලනාරද ජාතකය (477)

න තෙ කට‍්ඨානි භින‍්නානීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ථුල‍්ලකුමාරිකාපලොභනං ආරබ‍්භ කථෙසි. සාවත්‍ථිවාසිනො කිරෙකස‍්ස කුලස‍්ස පන‍්නරසසොළසවස‍්සුද‍්දෙසිකා ධීතා අහොසි සොභග‍්ගප‍්පත‍්තා, න ච නං කොචි වාරෙසි. අථස‍්සා මාතා චින‍්තෙසි “මම ධීතා වයප‍්පත‍්තා, න ච නං කොචි වාරෙති, ආමිසෙන මච‍්ඡං විය එතාය එකං සාකියභික‍්ඛුං පලොභෙත්‍වා උප‍්පබ‍්බාජෙත්‍වා තං නිස‍්සාය ජීවිස‍්සාමී”ති. තදා ච සාවත්‍ථිවාසී එකො කුලපුත‍්තො සාසනෙ උරං දත්‍වා පබ‍්බජිත්‍වා උපසම‍්පන‍්නකාලතො පට‍්ඨාය සික‍්ඛාකාමතං පහාය ආලසියො සරීරමණ‍්ඩනමනුයුත‍්තො විහාසි. මහාඋපාසිකා ගෙහෙ යාගුඛාදනීයභොජනීයානි සම‍්පාදෙත්‍වා ද‍්වාරෙ ඨත්‍වා අන‍්තරවීථියා ගච‍්ඡන‍්තෙසු භික‍්ඛූසු එකං භික‍්ඛුං රසතණ‍්හාය බන්‍ධිත්‍වා ගහෙතුං සක‍්කුණෙය්‍යරූපං උපධාරෙන‍්තී තෙපිටකආභිධම‍්මිකවිනයධරානං මහන‍්තෙන පරිවාරෙන ගච‍්ඡන‍්තානං අන‍්තරෙ කඤ‍්චි ගය‍්හුපගං අදිස‍්වා තෙසං පච‍්ඡතො ගච‍්ඡන‍්තානං මධුරධම‍්මකථිකානං අච‍්ඡින‍්නවලාහකසදිසානං පිණ‍්ඩපාතිකානම‍්පි අන‍්තරෙ කඤ‍්චි අදිස‍්වාව එකං යාව බහි අපඞ‍්ගා අක‍්ඛීනි අඤ‍්ජෙත්‍වා කෙසෙ ඔසණ‍්හෙත්‍වා දුකූලන‍්තරවාසකං නිවාසෙත්‍වා ඝටිතමට‍්ඨං චීවරං පාරුපිත්‍වා මණිවණ‍්ණපත‍්තං ආදාය මනොරමං ඡත‍්තං ධාරයමානං විස‍්සට‍්ඨින්‍ද්‍රියං කායදළ‍්හිබහුලං ආගච‍්ඡන‍්තං දිස‍්වා “ඉමං සක‍්කා ගණ‍්හිතු”න‍්ති ගන‍්ත්‍වා වන්‍දිත්‍වා පත‍්තං ගහෙත්‍වා “එථ , භන‍්තෙ”ති ඝරං ආනෙත්‍වා නිසීදාපෙත්‍වා යාගුආදීහි පරිවිසිත්‍වා කතභත‍්තකිච‍්චං තං භික‍්ඛුං “භන‍්තෙ, ඉතො පට‍්ඨාය ඉධෙවාගච‍්ඡෙය්‍යාථා”ති ආහ. සොපි තතො පට‍්ඨාය තත්‍ථෙව ගන‍්ත්‍වා අපරභාගෙ විස‍්සාසිකො අහොසි.

න තෙ කට්ඨානි හින්නානි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් ථුල්ලකුමාරිකාවගේ පෙළඹවීමක් අරභයා දේශනා කළ සේක. සැවැත්නුවර වැසි එක් කුලයක පසළොස්-සොළොස් අවුරුදු වයස් ප්‍රමාණයෙහි වූ රූපශ්‍රීයෙන් අගතැන්පත් දුවණියක වූවාය. කිසිවෙක් ඇයට විවාහ යෝජනා නො කළේය. ඉක්බිති ඇයගේ මව මගේ දියණිය සුදුසු වයසට පැමිණියාය. කිසිවෙක් ඇයට විවාහ යෝජනා නොකරයි. ඇමට හඹා එන මසෙකු මෙන් ආමිෂයට වහවැටුණු එක් ශාක්‍යපුත්‍රීය භික්‍ෂුවක මැය පොළඹවා උපැවිදි කරවා ඔහු ඇසුරුකොට ජීවත් වන්නෙමුයි සිතුවාය. එකල්හි සුවැත්නුවර වැසි එක් කුලපුත්‍රයෙක් සසුනෙහි සිත් දී පැවිදි වී උපසම්පදා වූ කල් පටන් ශික්‍ෂාකාමී බව හැර අලස වූයේ සිරුර සැරසීමෙහි යෙදුනේ වාසය කෙළේය. මහා උපාසිකා නිවසෙහි කැඳ හා කෑයුතු දේ අනුභව කළ යුතු දේ සම්පාදනය කර දොරටුවෙහි සිට වීථි මධ්‍යයෙහි යන්නා වූ භික්‍ෂූන්ගෙන් එක් භික්‍ෂුවක් රස තෘෂ්ණාවෙන් බැඳ ගන්නට හැකිවන ස්වරූපයේ කෙනෙකු සොයා බලන්නී ත්‍රිපිටකධාරී-ආභිධම්මික-විනයධර ආදී වූ මහත් පිරිවර සමග යන භික්‍ෂූන් අතර ගැනීමට සුදුසු කිසිවෙක් නොදැක ඔවුන්ගේ පසුපසින් යන්නා වූ මිහිරි ලෙස බණ කියන්නා වූ භික්‍ෂූන් අතරද වැසුනු වළාවන් හා සමාන පිණ්ඩපාතික භික්‍ෂූන් අතරද එවැන්නෙකු නොදැක ඇස්වලින් පිටත බැමෙහි අඳුන් ගා කෙස් වටකොට සකසා දුහුල් අඳනයක් හැඳ ගටනා ලද මටසිළුටු සිවුරක් පොරොවා මැණික් පැහැ ඇති පාත්‍රයක් ගෙන සිත්කළු කුඩයක් දරන්නා වූ විසුරුණු ඉඳුරන් ඇති කායික බුහුටිතාවයන් බහුල කොට ඇති එන්නා වූ එක් පුද්ගලයෙකු දැක මොහු ගැනීමට හැකියයි සිතා ඔහු වෙත ගොස් පාත්‍රය ගෙන ස්වාමීනි, පැමිණෙන්න යයි ගෙට කැඳවා හිඳුවා කැඳ ආදිය වළඳවා කරන ලද බත් කිස ඇති ඔහුට ස්වාමීනි, මෙතැන් පටන් මෙහිම පැමිණෙවු යයි කීවාය. හෙතෙමද එතැන් පටන් එහිම ගොස් මෑත කාලයෙහි විශ්වාසවන්තයෙක් වීය.

අථෙකදිවසං මහාඋපාසිකා තස‍්ස සවනපථෙ ඨත්‍වා “ඉමස‍්මිං ගෙහෙ උපභොගපරිභොගමත‍්තා අත්‍ථි, තථාරූපො පන මෙ පුත‍්තො වා ජාමාතා වා ගෙහං විචාරිතුං සමත්‍ථො නත්‍ථී”ති ආහ. සො තස‍්සා වචනං සුත්‍වා “කිමත්‍ථං නු ඛො කථෙතී”ති ථොකං හදයෙ විද‍්ධො විය අහොසි. සා ධීතරං ආහ “ඉමං පලොභෙත්‍වා තව වසෙ වත‍්තාපෙහී”ති. සා තතො පට‍්ඨාය මණ‍්ඩිතපසාධිතා ඉත්‍ථිකුත‍්තවිලාසෙහි තං පලොභෙසි. ථුල‍්ලකුමාරිකාති න ච ථූලසරීරා දට‍්ඨබ‍්බා, ථූලා වා හොතු කිසා වා, පඤ‍්චකාමගුණිකරාගෙන පන ථූලතාය “ථුල‍්ලකුමාරිකා”ති වුච‍්චති. සො දහරො කිලෙසවසිකො හුත්‍වා “න දානාහං බුද‍්ධසාසනෙ පතිට‍්ඨාතුං සක‍්ඛිස‍්සාමී”ති චින‍්තෙත්‍වා “විහාරං ගන‍්ත්‍වා පත‍්තචීවරං නිය්‍යාදෙත්‍වා අසුකට‍්ඨානං නාම ගමිස‍්සාමි, තත්‍ර මෙ වත්‍ථානි පෙසෙථා”ති වත්‍වා විහාරං ගන‍්ත්‍වා පත‍්තචීවරං නිය්‍යාදෙත්‍වා “උක‍්කණ‍්ඨිතොස‍්මී”ති ආචරියුපජ‍්ඣායෙ ආහ. තෙ තං ආදාය සත්‍ථු සන‍්තිකං නෙත්‍වා “අයං භික‍්ඛු උක‍්කණ‍්ඨිතො”ති ආරොචෙසුං. සත්‍ථා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු උක‍්කණ‍්ඨිතොසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “කෙන උක‍්කණ‍්ඨාපිතොසී”ති වත්‍වා “ථුල‍්ලකුමාරිකාය, භන‍්තෙ”ති වුත‍්තෙ “භික‍්ඛු පුබ‍්බෙපෙසා තව අරඤ‍්ඤෙ වසන‍්තස‍්ස බ්‍රහ‍්මචරියන‍්තරායං කත්‍වා මහන‍්තං අනත්‍ථමකාසි, පුන ත්‍වං එතමෙව නිස‍්සාය කස‍්මා උක‍්කණ‍්ඨිතොසී”ති වත්‍වා භික‍්ඛූහි යාචිතො අතීතං ආහරි.

ඉක්බිති එක් දවසක් මහා උපාසිකාව ඔහුගේ ඇසෙන මානයෙහි සිට මේ ගෙහි ප්‍රයෝජන ගනු පමණ ධනය ඇත. මට මෙවැනි ගෙදොර පිරිමසා ගැනීමට සමත් පුතෙකු හෝ බෑණනුවෙකු හෝ නැතැයි කීවාය. හෙතෙම ඇයගේ වචනය අසා කුමක් සඳහා කියන්නීදැයි මදක් ළය විද ගියාක් මෙන් වීය. ඇය දුවට මොහු පොළඹවා තිගේ වසඟයෙහි තිබුව යයි කීවාය. ඇය එතැන් පටන් සැදී පැහැදී ස්ත්‍රී ලීලාවන්ගෙන් ඔහු පෙළඹවූවාය. ස්ථුල කුමාරිකාව යයි ඇය ස්ථුල ශරීර ඇත්තී යයි නොදත යුතුය. ස්ථුල හෝ වේවා! කෘශ හෝ වේවා පස්කම් ගුණයන්ගෙන් මහත් බැවින් ස්ථුල කුමාරිකායයි කියනු ලැබේ. ඒ තරුණ භික්‍ෂුව කෙළෙස් වසඟ වූවෙකු වී දැන් මම බුදුසසුනෙහි පිහිටන්නට නොහැක්කෙමි යි සිතා විහාරයට ගොස් පාත්‍රාසිවුරු බාරදී අසවල් තැනට යන්නෙමි. මගේ ඇඳුම් එහි එවවු යයි කියා විහාරයට ගොස් පාසිවුරු ගනිවු. උකටලී වූයෙමියි ආචාර්ය උපාධ්‍යායයන්ට කීවේය. ඔවුහු ඒ භික්‍ෂුව ගෙන ශාස්තෲන් වහන්සේ සමීපයට පමුණුවා ස්වාමීනි, මේ භික්‍ෂුව උකටලී වූවේ යයි දැන්වූහ. ශාස්තෲන් වහන්සේ භික්‍ෂුව ඔබ උකටලී වූයේ සැබවදැයි විමසා ස්වාමීනි, සත්‍ය යයි කීවේය. කවර කරුණකින් උකටලී වූූයේ වෙහිද? ස්වාමීනි, ස්ථුල කුමාරිකාව නිසාවෙනි කී කල්හි මහණ, මැය පෙරද වනයේ වසන්නා වූ ඔබගේ බ්‍රහ්මචර්යාවට අනතුරු කර මහත් වූ අවැඩක් කළාය. නැවත නුඹ මැයම නිසා කුමක් හෙයින් උකටලී වූවේ දැයි කියා භික්‍ෂූන් වහන්සේලා විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො කාසිරට‍්ඨෙ මහාභොගෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා උග‍්ගහිතසිප‍්පො කුටුම‍්බං සණ‍්ඨපෙසි, අථස‍්ස භරියා එකං පුත‍්තං විජායිත්‍වා කාලමකාසි. සො “යථෙව මෙ පියභරියාය, එවං මයිපි මරණං ආගමිස‍්සති, කිං මෙ ඝරාවාසෙන, පබ‍්බජිස‍්සාමී”ති චින‍්තෙත්‍වා කාමෙ පහාය පුත‍්තං ආදාය හිමවන‍්තං පවිසිත්‍වා තෙන සද‍්ධිං ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඣානාභිඤ‍්ඤා නිබ‍්බත‍්තෙත්‍වා වනමූලඵලාහාරො අරඤ‍්ඤෙ විහාසි. තදා පච‍්චන‍්තවාසිනො චොරා ජනපදං පවිසිත්‍වා ගාමං පහරිත්‍වා කරමරෙ ගහෙත්‍වා භණ‍්ඩිකං උක‍්ඛිපාපෙත්‍වා පුන පච‍්චන‍්තං පාපයිංසු. තෙසං අන‍්තරෙ එකා අභිරූපා කුමාරිකා කෙරාටිකපඤ‍්ඤාය සමන‍්නාගතා චින‍්තෙසි “ඉමෙ අම‍්හෙ ගහෙත්‍වා දාසිභොගෙන පරිභුඤ‍්ජිස‍්සන‍්ති, එකෙන උපායෙන පලායිතුං වට‍්ටතී”ති. සා “සාමි, සරීරකිච‍්චං කාතුකාමාම‍්හි, ථොකං පටික‍්කමිත්‍වා තිට‍්ඨථා”ති වත්‍වා චොරෙ වඤ‍්චෙත්‍වා පලායිත්‍වා අරඤ‍්ඤං පවිසන‍්තී බොධිසත‍්තස‍්ස පුත‍්තං අස‍්සමෙ ඨපෙත්‍වා ඵලාඵලත්‍ථාය ගතකාලෙ පුබ‍්බණ‍්හසමයෙ තං අස‍්සමං පාපුණිත්‍වා තං තාපසකුමාරං කාමරතියා පලොභෙත්‍වා සීලමස‍්ස භින්‍දිත්‍වා අත‍්තනො වසෙ වත‍්තෙත්‍වා “කිං තෙ අරඤ‍්ඤවාසෙන, එහි ගාමං ගන‍්ත්‍වා වසිස‍්සාම, තත්‍ර හි රූපාදයො කාමගුණා සුලභා”ති ආහ. සොපි “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා “පිතා තාව මෙ අරඤ‍්ඤතො ඵලාඵලං ආහරිතුං ගතො, තං දිස‍්වා උභොපි එකතොව ගමිස‍්සාමා”ති ආහ.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝධිසත්ත්ව තෙමේ කසීරට මහසල් බ්‍රාහ්මණ කුලයක ඉපදී උගතමනා ශිල්පයන් උගත්තේ පවුලක් පිහිටුයේය. අනතුරුව ඔහුගේ බිරිඳ එක් පුතෙකු වදා කළුරිය කළාය. හෙතෙම මගේ ප්‍රිය වූ භාර්යාවට යම් පරිදි වූයේද එසේම මා වෙතද මරණය පැමිණෙන්නේය. මට ගිහිගෙයි විසීමෙන් කවර ප්‍රයෝජනයක්ද පැවිදි වන්නෙමියි සිතා කාමයන් හැර පුතුද ගෙන හිමාලයට පිවිස ඔහු සමග තවුස් පැවිද්දෙන් පැවිදි වී ධ්‍යාන අභිඥාවන් උපදවා වන මුල් ගෙඩි ආහාරකොට ඇත්තේ. වනයෙහි වාසය කළේය. එකල්හි පිටිසර ප්‍රදේශ වැසි සොරු ජනපදයට පිවිස ගමට පහරදී කොල්ලකා බඩු ඔසවවා නැවත පිටිසර ප්‍රදේශයටම යැවූහ. ඔවුන් අතර එක් මනා රූ ඇති කුමාරිකාවක වූවාය. කපටි නුවණින් යුත් ඇය “මොවුහු අප ගෙන ගොස් වහල් මෙහෙ ගනිති. එක් උපායකින් පලා යෑමට වටනේයයි සිතුවාය. ඇය ස්වාමීනි, ශරීර කෘත්‍යය කරන්නට කැමැත්තෙමැයි කියා මදක් ඉවත්ව සිටුවයි කියා සොරුන් රවටා පලා ගොස් වනයෙහි හැසිරෙන්නී බෝසතුන් පුතු ආශ්‍රමයෙහි තබා ලොකු කුඩා ගෙඩි සඳහා ගිය කල්හි පෙරවරු කාලයෙහි ඒ අසපුවට පැමිණ ඒ තාපස කුමාරයා කාම රතියෙන් පොළොඹවා සිල් බිඳ තමා වසඟයෙහි තබා තොපට වනයහෙි විසීමෙන් කවර ප්‍රයෝජනයක්ද එව ගමට යමුයි එහි රූපාදී කම්සුව සුලබයයි කීවාය. හෙතෙම මැනවයි පිළිගෙන පළමුකොට මගේ පියා වනයෙන් ඵලාඵලයන් ගෙන පැමිණේවා,ඔහු දැක දෙදෙනාම එකතුව යන්නෙමුයි කීවේය.

සා චින‍්තෙසි – “අයං තරුණදාරකො න කිඤ‍්චි ජානාති, පිතරා පනස‍්ස මහල‍්ලකකාලෙ පබ‍්බජිතෙන භවිතබ‍්බං, සො ආගන‍්ත්‍වා ‘ඉධ කිං කරොසී’ති මං පොථෙත්‍වා පාදෙ ගහෙත්‍වා කඩ‍්ඪෙත්‍වා අරඤ‍්ඤෙ ඛිපිස‍්සති, තස‍්මිං අනාගතෙයෙව පලායිස‍්සාමී”ති. අථ නං “අහං පුරතො ගච‍්ඡාමි, ත්‍වං පච‍්ඡා ආගච‍්ඡෙය්‍යාසී”ති වත්‍වා මග‍්ගසඤ‍්ඤං ආචික‍්ඛිත්‍වා පක‍්කාමි. සො තස‍්සා ගතකාලතො පට‍්ඨාය උප‍්පන‍්නදොමනස‍්සො යථා පුරෙ කිඤ‍්චි වත‍්තං අකත්‍වා සසීසං පාරුපිත්‍වා අන‍්තොපණ‍්ණසාලාය පජ‍්ඣායන‍්තො නිපජ‍්ජි. මහාසත‍්තො ඵලාඵලං ආදාය ආගන‍්ත්‍වා තස‍්සා පදවලඤ‍්ජං දිස‍්වා “අයං මාතුගාමස‍්ස පදවලඤ‍්ජො, “පුත‍්තස‍්ස මම සීලං භින‍්නං භවිස‍්සතී”ති චින‍්තෙන‍්තො පණ‍්ණසාලං පවිසිත්‍වා ඵලාඵලං ඔතාරෙත්‍වා පුත‍්තං පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

ඇය මෙසේ සිතුවාය. මෙතෙම තරුණ දරුවෙකි. කිසිවක් නොදනී. මොහුගේ පියා මහලු කල පැවිදි වූවෙකු විය යුතුය. ඔහු අවුත් තී මෙහි කුමක් කරහිදැයි මාතලා පාදයන්ගෙන් ගෙන කඩා වනයෙහි හෙලන්නේය. ඔහු නොපැමිණි කල්හිම පලා යන්නෙමිය සිතුවාය. ඉක්බිති ඇය ඔහුට “මම පළමුව යමි. ඔබ පසුව එන්නෙහි” යයි කියා මග සළකුණු කියා ගියේය. ඔහු ඇය ගිය තැන් පටන් උපන් දොම්නස් ඇත්තේ පෙර මෙන් කිසි වතාවක් නොකර හිස පටන් පොරොවා පන්සල තුළ ශෝක කරමින් හොත්තේය. මහබෝසත් තෙමේ ඵලාඵල ගෙන අවුත් ඇගේ පා සළකුණු දැක මෙය මාගමකගේ පා සළකුණකි. මගේ පුතුගේ සිල් බිඳුනේ වන්නේය. යයි සිතන්නේ පන්සලට පිවිස ඵලාඵල බහා තබා පුතුගෙන් විමසන්නේ පළමු ගාථාව කීවේය.

“න තෙ කට‍්ඨානි භින‍්නානි, න තෙ උදකමාභතං; අග‍්ගීපි තෙ න හාපිතො, කිං නු මන්‍දොව ඣායසී”ති.

න තෙ කට්ඨානි භින්නානි - න තෙ උදක මාහත, අග්ගීපි තෙ න භාසිතො - කින්නු මන්‍දොව ක්‍ධායසී

1. තොප විසින් දර නොකඩන ලදි. තොප විසින් දර ගෙන නොඑන ලදි. තොප විසින් ගිනි නොදල්වන ලදි. අඥානයෙකු මෙන් සිතමින් සිටිහි කිම?

තත්‍ථ අග‍්ගීපි තෙ න හාපිතොති අග‍්ගිපි තෙ න ජාලිතො. මන්‍දොවාති නිප‍්පඤ‍්ඤො අන්‍ධබාලො විය.

එහි අග්ගීපි තෙන භාසිතො යනු තොප විසින් ගිනිද නොදල්වන ලදි. මන්‍දො විය යනු නුවණ නැති අඳබාලයෙකු මෙන්.

සො පිතු කථං සුත්‍වා උට‍්ඨාය පිතරං වන්‍දිත්‍වා ගාරවෙනෙව අරඤ‍්ඤවාසෙ අනුස‍්සාහං පවෙදෙන‍්තො ගාථාද‍්වයමාහ –

ඔහුගේ පියාගේ කථාව අසා නැගී සිට පියා වැඳ ගෞරවයෙන් යුතුව වන වාසයෙහි උත්සාහ නැති බව කියන්නේ ගාථා කෙක් කීවේය.

“න උස‍්සහෙ වනෙ වත්‍ථුං, කස‍්සපාමන‍්තයාමි තං; දුක‍්ඛො වාසො අරඤ‍්ඤම‍්හි, රට‍්ඨං ඉච‍්ඡාමි ගන‍්තවෙ.

2. කාශ්‍යපයෙනි, ඔබ අමතමි. වනයෙහි වාසය කිරීමට උත්සාහ නොකරමි. වන වාසය දුක් සහිතය. රටට යන්නට කැමැත්තෙමි.

“යථා අහං ඉතො ගන‍්ත්‍වා, යස‍්මිං ජනපදෙ වසං; ආචාරං බ්‍රහ‍්මෙ සික‍්ඛෙය්‍යං, තං ධම‍්මං අනුසාස ම”න‍්ති.

3. බ්‍රාහ්මණයාණනි, යම් සේ මම මෙතැනින් ගොස් යම් ජනපදයක වාසය කරන්නෙම්ද ඒ ජනපදයෙහි හැසිරීම පුරුදු පුහුණු වන්නේ ම් මට ඒ ධර්මය අනුශාසනා කරන්න.

තත්‍ථ කස‍්සපාමන‍්තයාමි තන‍්ති කස‍්සප ආමන‍්තයාමි තං. ගන‍්තවෙති ගන‍්තුං. ආචාරන‍්ති යස‍්මිං ජනපදෙ වසාමි, තත්‍ථ වසන‍්තො යථා ආචාරං ජනපදචාරිත‍්තං සික‍්ඛෙය්‍යං ජානෙය්‍යං, තං ධම‍්මං අනුසාස ඔවදාහීති වදති.

එහි කස්සපාමන්තයාමි තං යනු කස්සප+ආමන්තයාමි+තං වේ. (කාශ්‍යපය ඔබ අමතමි.) ගන්තවෙ යනු යන්නට. ආචාරං යනු යම් ජනපදයක වාසය කරම්ද එහි වසන්නේ යම්සේ හැසිරීම් රටාව වෙයිද ඒ ජනපද චාරිත්‍රය සික්ඛෙය්‍යං දැන ගන්නේය. තං ධම්මං අනුසාස අවවාද කරව කියයි.

මහාසත‍්තො “සාධු, තාත, දෙසචාරිත‍්තං තෙ කථෙස‍්සාමී”ති වත්‍වා ගාථාද‍්වයමාහ –

මහබෝසත් තෙමේ දරුව මැනවි. ප්‍රදේශ චාරිත්‍රයක් ඔබට කියන්නෙමියි ගාථා දෙකක් කීවේය.

“සචෙ අරඤ‍්ඤං හිත්‍වාන, වනමූලඵලානි ච; රට‍්ඨෙ රොචයසෙ වාසං, තං ධම‍්මං නිසාමෙහි මෙ.

4. ඉදින් වනයද වනමුල් ඵලාඵලද හැර රටෙහි වාසය කිරීම රුචි කරන්නෙහිද මවිසින් කියන ඒ දහම අසව.

“විසං මා පටිසෙවිත්‍ථො, පපාතං පරිවජ‍්ජය; පඞ‍්කෙ ච මා විසීදිත්‍ථො, යත‍්තො චාසීවිසෙ චරෙ”ති.

5. විස සේවනය නොකරව. ප්‍රපාතය දුරු කරව. මඩෙහි නොගිලෙව. යන්ත්‍රයක් පැළඳි අයෙකු මෙන් සර්පයන් දුරුකරව.

තත්‍ථ ධම‍්මන‍්ති සචෙ රට‍්ඨවාසං රොචෙසි, තෙන හි ත්‍වං ජනපදචාරිත‍්තං ධම‍්මං නිසාමෙහි. යත‍්තො චාසීවිසෙති ආසීවිසස‍්ස සන‍්තිකෙ යත‍්තො පටියත‍්තො චරෙය්‍යාසි, සක‍්කොන‍්තො ආසීවිසං පරිවජ‍්ජෙය්‍යාසීති අත්‍ථො.

එහි ධම්මෙ යනු ඉදින් රටෙහි විසීම කැමති වන්නෙහිද එසේ වීනම් ඔබ ජනපද චාරිත්‍ර ධර්මයන් අසව. යත්තො ආසිවිසෙ යනු සර්පයෙකුගේ සමීපයෙහි යන්තරයකින් සැරසුන අයෙකු මෙන් හැසිරෙන්නෙහිය. හැක්කේ නම් සර්පයා දුරුකරන්නෙහිය යි අර්ථයි.

තාපසකුමාරො සංඛිත‍්තෙන භාසිතස‍්ස අත්‍ථං අජානන‍්තො පුච‍්ඡි –

තාපස කුමාරයා කෙටියෙන් කියන ලද්දෙහි අර්ථය නොදන්නේ විචාළේය.

“කිං නු විසං පපාතො වා, පඞ‍්කො වා බ්‍රහ‍්මචාරිනං; කං ත්‍වං ආසීවිසං බ්‍රූසි, තං මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො”ති.

6. බ්‍රහ්මචාරීන්ට විෂ යනු කුමක්ද ප්‍රපාතය හෝ මඩ හෝ කුමක්ද සර්පයා කවරෙක්ද ඔබ විමසන්නා වූ මට ඒ කරුණ කියව.

ඉතරොපිස‍්ස බ්‍යාකාසි –

අනිකා ඔහුට මෙසේ විස්තර කළේය.

“ආසවො තාත ලොකස‍්මිං, සුරා නාම පවුච‍්චති; මනුඤ‍්ඤො සුරභී වග‍්ගු, සාදු ඛුද‍්දරසූපමො; විසං තදාහු අරියා සෙ, බ්‍රහ‍්මචරියස‍්ස නාරද.

7. දරුව, ලෝකයෙහි (ඇති) මනෝඥ වු, සුවඳ ඇත්තා වූ. සිත්කළු වූ දඬුවැල් බෑ මී මෙන් මිහිරි රස ඇති ආසවය සුරා නම් වෙයි. නාරදය එය බ්‍රහ්මචර්යාවට විෂ වැනියයි ආර්යයෝ කීහ.

“ඉත්‍ථියො තාත ලොකස‍්මිං, පමත‍්තං පමථෙන‍්ති තා; හරන‍්ති යුවිනො චිත‍්තං, තූලං භට‍්ඨංව මාලුතො; පපාතො එසො අක‍්ඛාතො, බ්‍රහ‍්මචරියස‍්ස නාරද.

8. දරුව, ලෝකයෙහි වසන ස්ත්‍රීහු පමා වූ තැනැත්තා මඩිති. ඈලා සුළඟ ගසෙන් ගිලුහුන පුළුන් රොදක් මෙන් තරුණයන්ගේ සිත පැහැර ගනිති. නාරදය මෙය බ්‍රහ්මචර්යාවට ප්‍රපාතයයි කියන ලදි.

“ලාභො සිලොකො සක‍්කාරො, පූජා පරකුලෙසු ච; පඞ‍්කො එසො ච අක‍්ඛාතො, බ්‍රහ‍්මචරියස‍්ස නාරද.

9. නාරදය, ලාභය කීර්තිය, සත්කාරය, අන්කුලයන්හි මිදීම යන මෙය බ්‍රහ්මචර්යාවට මඩ යයි කියන ලදි.

“සසත්‍ථා තාත රාජානො, ආවසන‍්ති මහිං ඉමං; තෙ තාදිසෙ මනුස‍්සින්‍දෙ, මහන‍්තෙ තාත නාරද.

10. දරුව, රජවරු මේ පොළොවෙහි ආයුධ ගත් අත් ඇතිව වාසය කරති. දරුව නාරදය, එවන් ප්‍රපාතවත් මහරජවරුන් (ඇසුරු නොකරව)

“ඉස‍්සරානං අධිපතීනං, න තෙසං පාදතො චරෙ; ආසීවිසොති අක‍්ඛාතො, බ්‍රහ‍්මචරියස‍්ස නාරද.

11. නාරදය ආඪ්‍ය වූ අධිපති වූ එ් රජවරුන්ගේ සමීපයෙහි නොහැසිරෙන්නේය. ඔහු බ්‍රහ්මචර්යාවට සර්පයෙක් වැනි යයි කියන ලදි.

“භත‍්තත්‍ථො භත‍්තකාලෙ ච, යං ගෙහමුපසඞ‍්කමෙ; යදෙත්‍ථ කුසලං ජඤ‍්ඤා, තත්‍ථ ඝාසෙසනං චරෙ.

12. ආහාර වේලාවෙහි ආහාර කැමැත්තේ යම් යම් ගෙයකට එළඹෙන්නේද ඒවා අතර යම් තැනක් නිවරද යයි දන්නේ නම් ආහාර පිණිස එහි හැසිරෙන්නේය.

“පවිසිත්‍වා පරකුලං, පානත්‍ථං භොජනාය වා; මිතං ඛාදෙ මිතං භුඤ‍්ජෙ, න ච රූපෙ මනං කරෙ.

13. පැන් සඳහා හෝ ආහාර සඳහා අනිකෙකුගේ ගෙට පිවිස පමණ දැන කන්නේය. පමණ දැන අනුභව කරන්නේය. ස්ත්‍රී රූපයෙහි සිත නො යොදන්නේය.

“ගොට‍්ඨං මජ‍්ජං කිරාටඤ‍්ච, සභා නිකිරණානි ච; ආරකා පරිවජ‍්ජෙහි, යානීව විසමං පථ”න‍්ති.

14. ගවගාලද, මත්පැන්හලද, ධූර්තයන් හා කපටි අය සිටින තැනද ජනයන් රැස්වන තැනද රන්රුවන් නිපදවන තැනද යන මේ ස්ථානයන් තෙල් ගිතෙල් පුරවා ගත් යානයක් විෂම මාර්ගය මගහරින්නාක් මෙන් දුරු කරව.

තත්‍ථ ආසවොති පුප‍්ඵාසවාදි. විසං තදාහූති තං ආසවසඞ‍්ඛාතං සුරං අරියා “බ්‍රහ‍්මචරියස‍්ස විස”න‍්ති වදන‍්ති. පමත‍්තන‍්ති මුට‍්ඨස‍්සතිං. තූලං භට‍්ඨංවාති රුක‍්ඛා භස‍්සිත්‍වා පතිතතූලං විය. අක‍්ඛාතොති බුද‍්ධාදීහි කථිතො. සිලොකොති කිත‍්තිවණ‍්ණො. සක‍්කාරොති අඤ‍්ජලිකම‍්මාදි. පූජාති ගන්‍ධමාලාදීහි පූජා. පඞ‍්කොති එස ඔසීදාපනට‍්ඨෙන “පඞ‍්කො”ති අක‍්ඛාතො. මහන‍්තෙති මහන‍්තභාවප‍්පත‍්තෙ. න තෙසං පාදතො චරෙති තෙසං සන‍්තිකෙ න චරෙ, රාජකුලූපකො න භවෙය්‍යාසීති අත්‍ථො. රාජානො හි ආසීවිසා විය මුහුත‍්තෙනෙව කුජ‍්ඣිත්‍වා අනයබ්‍යසනං පාපෙන‍්ති. අපිච අන‍්තෙපුරප‍්පවෙසනෙ වුත‍්තාදීනවවසෙනපෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

එහි ආසවො යනු මල්වලින් පැසවා කරන ලද මද්‍ය ආදිය. විසං තදාහු යනු ඒ ආසාව නම් වූ සුරාව ආර්යයෝ බ්‍රහ්ම චර්යාවට විෂයක් යයි කියති. පමත්තං යනු මුලා වූ සිහිය ඇති. තුලභට්ඨං වා යනු ගසෙන් ගිලිහී වැටුන පුළුන් මෙනි. අක්ඛාතො බුදුවරු ආදීන් විසින් කියන ලදි. සීලොකො යනු කීර්ති වර්ණනා. සක්කාරො යනු බැඳදැලි කිරීම් ආදිය. පූජා යනු සුවඳ වර්ග හා මල් ආදියෙන් පූජා කිරීමයි. පංකො යනු මෙය ගිලීමෙහි අර්ථයෙන් මඩ යයි කියන ලදි. මහන්තෙ යනු මහාත්ම භාවයට පත්. න තෙසං පාදනො චරෙ යනු ඔවුන්ගේ සමීපයෙහි නො හැසිරෙන්නේය. රජු වෙත නිතර එළඹෙන්නෙක් නොවිය යුතු යන අර්ථයි. රජවරු මොහොතින් සර්පයෙකු මෙන් මොහොතින් කිපී විපත්තීන්ට පමුණුවත්. තවද අන්තඃපුරයෙහි පිවිසීමෙහි ලා කියන ලද ආදීනවයන් වශයෙන්ද මෙහි අර්ථය දත යුතුයි.

භත‍්තත්‍ථොති භත‍්තෙන අත්‍ථිකො හුත්‍වා. යදෙත්‍ථ කුසලන‍්ති යං තෙසු උපසඞ‍්කමිතබ‍්බෙසු ගෙහෙසු කුසලං අනවජ‍්ජං පඤ‍්චඅගොචරරහිතං ජානෙය්‍යාසි, තත්‍ථ ඝාසෙසනං චරෙය්‍යාසීති අත්‍ථො. න ච රූපෙ මනං කරෙති පරකුලෙ මත‍්තඤ‍්ඤූ හුත්‍වා භොජනං භුඤ‍්ජන‍්තොපි තත්‍ථ ඉත්‍ථිරූපෙ මනං මා කරෙය්‍යාසි, මා චක‍්ඛුං උම‍්මීලෙත්‍වා ඉත්‍ථිරූපෙ නිමිත‍්තං ගණ‍්හෙය්‍යාසීති වදති. ගොට‍්ඨං මජ‍්ජං කිරාටන‍්ති අයං පොත්‍ථකෙසු පාඨො, අට‍්ඨකථායං පන “ගොට‍්ඨං මජ‍්ජං කිරාසඤ‍්චා”ති වත්‍වා “ගොට‍්ඨන‍්ති ගුන‍්නං ඨිතට‍්ඨානං. මජ‍්ජන‍්ති පානාගාරං. කිරාසන‍්ති ධුත‍්තකෙරාටිකජන”න‍්ති වුත‍්තං. සභා නිකිරණානි චාති සභායො ච හිරඤ‍්ඤසුවණ‍්ණානං නිකිරණට‍්ඨානානි ච. ආරකාති එතානි සබ‍්බානි දූරතො පරිවජ‍්ජෙය්‍යාසි. යානීවාති සප‍්පිතෙලයානෙන ගච‍්ඡන‍්තො විසමං මග‍්ගං විය.

භත්තත්‍ථො යනු බත් කැමැත්තේ වී. යදෙත්‍ථ කුසලං යනු යන්ත්‍රයක් සහිතව එළඹිය යුතු සර්පයන් පිළිබඳව. කුසලං නිවරදව. නුසුදුසු වූ පස්වැදෑරුම් කරුණුවලින් තොරව. ජානෙය්‍යාසී එහි ආහාර සෙවීම සඳහා හැසිරෙන්නෙහිය යන අර්ථයි. මා ච රූපෙ මනං කරෙ යනු අන් නිවෙසෙහි පමණ දැන ආහාර අනුභව කරන්නේද එහි ස්ත්‍රි රූපයන්හි සිත නොකරව. ඇස හැර ස්ත්‍රි රූපයෙහි නිමිති නොගත යුත්තේ යයි කියයි. ගුට්ඨංමජ්ජං කිරාසඤ්ච යිද යන මෙය පොත්වල එන පෙළකි. අර්ථකථාවෙහි ගොට්ඨං මජ්ජං කිරා සඤ්ච යයි කියා ගොට්ඨං යනු ගවයන් සිටි තැනයි. මජ්ජං යනු මත්පැන් හලයි. කිරාසං යනු ධූර්ත-කෛරාටික ජනයා යයි කියන ලදි. සහානිකරණානිච යනු යහළුවාද රන් රදී කර්මාන්ත කරන තැනද ආරකා යනු මේ සියළු තැන් දුරින්ම දුරු කටයුතුය. යානීච යනු ගිතෙල් තලතෙල් ගෙනයන්නා වූ යානයෙන් යන්නේ විෂම මාර්ගය අත්හැරිය යුතුවාක් මෙනි.

මාණවො පිතු කථෙන‍්තස‍්සෙව සතිං පටිලභිත්‍වා “තාත, අලං මෙ මනුස‍්සපථෙනා”ති ආහ. අථස‍්ස පිතා මෙත‍්තාදිභාවනං ආචික‍්ඛි. සො තස‍්සොවාදෙ ඨත්‍වා න චිරස‍්සෙව ඣානාභිඤ‍්ඤා නිබ‍්බත‍්තෙසි. උභොපි පිතාපුත‍්තා අපරිහීනජ‍්ඣානා කාලං කත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තිංසු.

මානවකයා පියා කියත්ම කියත්ම සිහිය ලැබ පියාණනි, මට මිනිස් පියසෙන් කම් නැතැයි කීවේය. ඉක්බිති ඔහුගේ පියා මෛත්‍රිය ආදිය වැඩීම ප්‍රකාශ කළේය. හෙතෙම ඔහුගේ අවවාදයෙහි සිට නොබෝ දිනකින්ම ධ්‍යාන අභිඥාවන් ඉපිදවීය. පියපුතු දෙදෙනාම නොපිරිහුන ධ්‍යාන ඇත්තෝ වී බ්‍රහ්මලෝකයෙහි උපන්නාහ.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සා කුමාරිකා අයං කුමාරිකා අහොසි, තාපසකුමාරො උක‍්කණ‍්ඨිතභික‍්ඛු, පිතා පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි ඒ දැරිය මේ ථුල්ල කුමාරිකාව වූවාය. තාපස කුමාරයා උකටලී වූ භික්‍ෂුවයි. පියා මම ම වීමි යයි වදාළහ.

චූළනාරදජාතකවණ‍්ණනා චතුත්‍ථා.