යෙදුමෙන් කියවන්න

4. චුල‍්ලනාරදජාතකං

1821. න තෙ කට‍්ඨානි භින‍්නානි න තෙ උදකමාභතං, අග‍්ගිපි තෙ න හාසිතො කින‍්නු මන්‍දෙව ඣායසි.

1821. තා විසින් දර නො පලන ලද ය. තා විසින් දිය නො ගෙනෙන ලද ය. තා විසින් ගිනි නො දල්වන ලද අන්‍ධ බාලයකු ලෙස සිත සිතා ඉන්නේ කිම?

1822. න උස‍්සහෙ වනෙ වත්‍ථුං කස‍්සපාමන‍්තයාමි තං. දුක‍්ඛො වාසො අරඤ‍්ඤස‍්මිං රට‍්ඨං ඉච‍්ඡාමි ගන‍්තවෙ.

1822. කාශ්‍යපයන් වහන්ස, ඔබ වහන්සේ අමතමි. වනයෙහි වාසය කරන්නට උත්සාහයක් නැත. වන වාසය දුක් සහිත ය රටට යන්නට කැමැත්තෙමි.

1823. යථා අහං ඉතො ගන‍්ත්‍වා යස‍්මිං ජනපදෙ වසං, ආචාරං බ්‍රහ‍්මෙ සික‍්ඛෙය්‍යං තං ධම‍්මං අනුසාස මං.

1823. පියාණෙනි, මම මෙ තැනින් ගොස් යම් දනව්වෙක වසම් ද ඒ දනව් සිරිත් පුහුණුවනු සඳහා මට ධර්‍මයෙන් අනුශාසනා කරනු මැනැවි.

1824. සචෙ අරඤ‍්ඤං හිත්‍වාන මනමූලඵලානි ච, රට‍්ඨෙ රොචයසෙ වාසං තං ධම‍්මං නිසාමෙහි මෙ.

1824. ඉදින් වනයත් වනමුලුත් පලාපලත් හැර පියා රටේ විසුම රුස්නේ නම් ඒ දහම් සිරිත් අසව.

1825. විසං මා පතිසෙවිත්‍ථො පපාතං පරිවජ‍්ජය, පඞ‍්කෙ ච මා විසීදිත්‍ථො යත‍්තො ආසීවිසෙ චරෙ

1825. විෂය සෙවීම නො කරව. ප්‍රපාතය දුරුකරව. මඩෙහි නො ගිලෙව. සර්‍පයා දුරු කරව.

1826. කින‍්නු විසං පපාතො වා පඞ‍්කො වා බ්‍රහ‍්මචාරිනං, කං ත්‍වං ආසීවිසං බ්‍රූහි තම‍්මෙ අක‍්ඛාහි පුච‍්ඡිතො.

1826. බඹසැරියන්හට විෂය කුමක් ද? ප්‍රපාතය කුමක් ද? මඩ නම් කුමක් ද? සර්‍පයා යයි කියන්නේ කුමකට ද? විතාළ මට එය කියනු මැනව.

1827. ආසවො තාත ලොකස‍්මිං සුරා නාම පවුච‍්චති, මනුඤාඤා සුරභි වග‍්ගු මධුඛුද‍්දරසූපමා විසං තදාහු අරියා බ්‍රහ‍්මචරියස‍්ස නාරද.

1827. පුතණුවෙනි, ලෝකයේ සිත් ගන්නා වූ සුවඳැතී හිතට ප්‍රිය වූ දඬුවැල් බෑ මීරස වැනි රස ඇති ආසව සුරා නම් වේ. එය බ්‍රහ්මචර්‍ය්‍යාවට විෂ (වේ) යයි ආර්‍ය්‍යයෝ කියති.

1828. ඉත්‍ථියො තාත ලොකස‍්මිං පමත‍්තං පමථෙනති තා, හරන‍්ති යුවිනො චිත‍්තං තූලභට‍්ටංව මාලුතො පපාතො එසො අක‍්ඛාතො බ්‍රහ‍්මචරියස‍්ස නාරද.

1828. පුතණුවනි, ලොවෙහි ස්ත්‍රීහු සිහි මුළාවූවන් මඩිති. සුළඟ රුකින් ගිලිහුණු පුළුන් රොදක් සේ ස්ත්‍රීහු, තරුණයාගේ සිත පැහැරැ ගනිති. නාරදය තෙල බ්‍රහ්මචර්‍ය්‍යයට ප්‍රපාතය යි කියන ලදී.

1829. ලාභො සිලොකො සක‍්කාරො පූජා පරකුලෙසු ච, පඞ‍්කො එසො අක‍්ඛාතො බ්‍රහ‍්මචරියස‍්ස නාරද.

1829. නාරද, ලාභය, කීර්තිය, සැලැකිල්ල හා අන්‍ය කුලයන්හි පිදුම් ද යන මේ බ්‍රහ්මචර්‍ය්‍යයට පඞ්ක (මඩ) යයි කියන ලදී.

1830. ස සත්‍ථා තාත රාජානො ආවසන‍්ති මහිං ඉමං, තෙ තාසිසෙ මනුස‍්සින්‍දෙ මහන‍්තෙ තාත නාරද.

1830. දරුව නාරද, මහ තෙදැති රජවරු පොළොවට අධිපති ව වෙසෙති. ඉසුරෙන් මහත් වූ ඒ රජවරුන් ද සේවනය නො කරව.

1831. ඉස‍්සරානං අධිපතීනං න තෙසං පාදතො චරෙ, ආසීවිසො සො අක‍්ඛාතො බ්‍රහ‍්මචරියස‍්ස නාරද.

1831. ආඪ්‍ය වූ අධිපති වූ ඒ රජුන් සමීප වැ ඇසුරු කොට නො හැසිරෙව. මෙය බ්‍රහ්මචර්‍ය්‍යාවට ආශීර්විෂ යයි කියන ලදී.

1832. භත‍්තත්‍ථො භත‍්තකාලෙ යං යං ගෙහං උපසඞ‍්කමෙ, යදෙත්‍ථ කුසලං ජඤ‍්ඤා තත්‍ථ ඝාසෙසනං චරෙ.

1832. ආහාර කැමැත්තේ, ආහාර වේලායෙහි යම් මැ නිවෙසකට එළැඹේ ද එහි යම් තැනක් නිරවද්‍ය යැ යි දන්නේ නම් ආහාර සෙවීම කරන්නේ ය.

1833. පවිසිත්‍වා පරකුලං පානත්‍ථං භොජනාය වා, මිතං ඛාදෙ මිතං භුඤ‍්ජෙ න ච රූපෙ මනං කරෙ.

1833. ආහාරපාන සඳහා අන් නිවෙසකට ගොස් පමණ දැන කන්නේ ය. පමණ දැනැ අනුභව කරන්නේ ය. ස්ත්‍රී රූපයෙහි හිත නො යොදන්නේ ය.

1834. ගොට‍්ඨං මජ‍්ජං කිරාසඤ‍්ච සභානි කිරණානි ච, ආරකා පරිවජ‍්ජෙති යානීව විසමං පථන‍්ති.

1834. ගව ගාල ද මත්පැන් හල ද ධූර්‍තයන් හා කපටියන් වෙසෙන තැන් ද ජනයා රැස්වන තැන් ද රන්රුවන් විකුණන තැන් ද, ගිතෙල් තලතෙල් බඳුන් පුරවා ගත් වාහන විෂම මඟ හැර යන්නා සේ දුරින් ම දුරු කරව.

4. චුල‍්ලනාරදජාතකං.

4. චුල්ලනාරද ජාතක යි.