යෙදුමෙන් කියවන්න

3. ජවනහංසජාතකං

1808. ඉධෙව හංස නිපත සිපියං මෙ තව දස‍්සනං, ඉස‍්සරොසි අනුප‍්පත‍්තො යං ඉධත්‍ථි පවෙදය.

1808. හංසය, මෙහි (මේ රන්පුටුවෙහි ම) හිඳුව. තොපගේ දැකීම මට ප්‍රිය වේ. තෙපි මෙහි ඉසුරු බවට පත් වූහු. යමක් කැමැති ද එය කියන්න.

1809. සවණෙන චෙකස‍්ස පියා භවන‍්ති දිස‍්වා පනෙකස‍්ස වියෙති ඡන්‍දො, දිස‍්වා ච සුත්‍වා ච පියා භවන‍්ති. කච‍්චින‍්නු මෙ පිය්‍යසි දස‍්සනෙන.

1809. ගුණ ඇසීම නිසා කෙනෙක් කෙනකුට ප්‍රිය වෙති. සමහරුන් දැකීම නිසා සමහරකුගේ ආසා පහව යයි. දැකීමත් ඇසීමත් නිසා සමහරු ප්‍රිය වෙති. කිමෙක් ද, දැකීම නිසා ප්‍රිය බව උපදී ද?

1810. සමණෙන පියො මෙසි භිය්‍යො චාගම‍්ම දස‍්සනං, එවං පියදස‍්සනො සමානො වස හංස මම සන‍්තිකෙ.

1810. හංසය, තොපි මට ඇසීමෙන් ප්‍රිය වූහු දර්‍ශනයට පැමිණ වඩා ප්‍රිය වූහු ප්‍රිය දැකුම් ඇතියේම මා සමීපයේ වෙසෙව.

1811. වසෙය්‍යාම තවාගාරෙ නිච‍්චං සක‍්කතපූජිතා, මත‍්තො ච එකදා වජ‍්ජා හංසරාජං පචන‍්තු මෙ.

1811. නිතර සැලැකිලි හා පිදුම් ලබමින් තොපගේ නිවෙසේ (අපි) වසමු. දවසෙකැ සුරාමදයෙන් මත් වැ මට හංසරාජයා (මස් පිණිස) පිසත්වා (යී කියන්නහු ය.)

1812. ධිරත්‍ථු තං අන‍්නපානං යම‍්මෙ පියතරං තයා, න චාපි මජ‍්ජං පායාමි යාව මෙ වච‍්ඡසී ඝරෙ.

1812. තොපටත් වඩා මට යම් ආහාරපානයක් ඉතා ප්‍රිය ද ඊට නින්‍දා වේවා. යම්තාක් තෙපි මාගේ නිවෙසේ වෙසෙන්නහු ද ඒ තාක් මත්පැන් නො බොමි.

1813. සුවිජානං සිගාලානං සකුන‍්තානඤ‍්ච වස‍්සිතං, මනුස‍්සවස‍්සිතං රාජ දුබ‍්බිජානතරං තතො.

1813. රජතුමනි, සිවලුන්ගේ ද පක්‍ෂීන්ගේ ද හඬ සුවසේ දත හැකි ය. මිනිසුන්ගේ හඬ දැන ගැනීම ඊට වඩා බෙහෙවින් දුෂ්කර ය.

1814. අපි චෙ මඤ‍්ඤති පොසො ඤාති මිත‍්තො සඛාති වා, යො පුබ‍්බෙ සුමනො හුත්‍වා පච‍්ඡා සම‍්පජ‍්ජතෙ දිසො.

1814. යම් පුරුෂයෙක් පළමු සතුටු සිතැති වැ (මේ) නෑයෙක, මිතුරෙක යහළුවෙකැ යි සිතා ද හේ පසුව සතුරු වෙයි.

1815. යස‍්මිං මනො නිවිසති අවිදූරෙ සහාපි සො, සන‍්තිකෙපි හි සො දූරෙ යස‍්මා විවසතෙ මනො.

1815. යමකු කෙරේ සිත බැසැගනී ද හේ දුරැවුව ද සමීපයේ එක්වැ වාසය කරන්නේ වේ. බැඳුණු යමකු කෙරෙන් සිත පහව යේ ද හේ සමීපයේ වෙසෙතත් ඈත වාසය කරන්නේ වේ.

1816. අන‍්තොපි සො හොති පසන‍්න චිත‍්තො පාරං සමුද‍්දස‍්ස පසන‍්නචිත‍්තො, අන‍්තොපි යො හොති පදුට‍්ඨචිත‍්තො පාරං සමුද‍්දස‍්ස පදුට‍්ඨචිත‍්තො.

1816. පහන් සිතැත්තෙක් මුහුදෙන් එතෙර වෙසෙතත් හේ ඇතුළත (සිතැ) වෙසෙන්නේ වේ. නො පහන් සිතැත්තෙක් ඇතුළතැ වෙසෙතත් හේ මුහුදෙන් එතෙර වෙසෙන්නේ වේ.

1817. සංවසන‍්තාපි විවසන‍්ති යෙ දිසා තෙ රථෙසභ, ආරා සන‍්තො සංවසන‍්ති මනසා රට‍්ඨවඩ‍්ඪන.

1817. මහරජ, යම් කෙනෙක් සතුරු ද ඔහු එක්වැ වසන්නාහු නමුදු වෙන් වැ වෙසෙන්නෝ වෙති. සත්පුරුෂයෝ දුර වෙසෙතත් මෙත් සිත් නිසා ළං වැ වෙසෙන්නෝ වෙති.

1818. අතිචිරං නිවාසෙන පියො භවති අප‍්පියො, ආමන‍්ත ඛො තං ගච‍්ඡාම පුරා තෙ හොම අප‍්පියා

1818. දිගු කල් එක් වැ විසීම නිසා ප්‍රියයා ද අප්‍රිය වේ. අප්‍රිය වන්නට පෙරාතු ව තොපට කියා අවසර ගෙන යමු.

1819. එවං චෙ යාචමානානං අඤ‍්ජලිං නාවඛුජ‍්ඣසි, පරිවාරකානං සත‍්තානං වචනං න කරොසි නො, එවං තං අභියාචාම පුන කයිරාසි පරියායං.

1819. මෙසේ දොහොත් මුදුන් දී කරන ඉල්ලීම නොපිළිගන්නේ නම්, ආශ්‍රිතයන් කියන පරිදි නො කරන්නේ නම් නැවත තොප යදිමු. මෙලෙස නැවත ද ගමනාගමනය කරව.

1820. එවං චෙ නො විහරතං අන‍්තරායො න හෙස‍්සති, තුය‍්හං චාපි මහාරාජ මය‍්හං වා රට‍්ඨවඩ‍්ඪන, අප‍්පෙවනාම පස‍්සෙම අහොරත‍්තානමච‍්චයෙති.

1820. රට වඩන රජතුමනි, මෙසේ වෙසෙන තොපගේ ද මාගේ ද ජීවිතාන්තරායෙක් නො වන්නේ නම් අහෝරාත්‍රයන් දිවිහිමියෙන් ඔවුනොවුන් දකින්නෙමු නම් ඉතා මැනැවි.

3. ජවනහංසජාතකං.

3. ජවනහංස ජාතක යි.