2. ඵන්‍දනජාතකං
1795. කුඨාරිහත්‍ථො පුරිසො වනමොගය‍්හ තිට‍්ඨසි, පුට‍්ඨො මෙ සම‍්ම අක‍්ඛාහි කිං දාරුං ඡෙතුමිච‍්ඡසි.
1795. පොරොවක් අතින් ගත් පුරුෂයෙක් වන වැද සිටී. මිතුර, විතාළ මට කියව, කෙබඳු දැවයක් (ගසක්) කපන රිස්සේ ද?
1796. ඉස‍්සො වනානි චරසි සමානි විසමානි ච, පුට‍්ඨො මෙ සම‍්ම අක‍්ඛාහි කිං දාරුං නෙමියා දළ‍්හං.
1796. වලස් වූ තෝ සම විසම වනයන්හි හැසිරෙන්නෙහි. මිතුර, විතාළ මට කියව. නිම්වළල්ලක් තැනීමට ශක්තිමත් දැව (වර්‍ගය) කුමක් ද?
1797. නෙව සාලො න ඛදිරො නාස‍්සකණ‍්ණොකුතො ධවො, රුක‍්ඛොව ඵන්‍දනො නාම තං දාරුං නෙමියා දළහන‍්ති.
1797. නිම්වළල්ල තැනීමට සල්, කිහිරි අස්කන් (අශ්වකර්‍ණ) ගස් සුදුසු නො වේ. කිහිරි ගස කෙසේ යෝග්‍ය වේ ද? නිම්වළල්ල තැනීමට කොළොම්දැව ශක්ති සම්පන්න වේ.
1798. කීදිසානිස‍්ස පත‍්තානි ඛන්‍ධො වා පන කීදිසො, පුට‍්ඨො මෙ සම‍්ම අක‍්ඛාහි යථා ජානෙමු ඵන්‍දනං.
1798. මිතුර, ඒ (කොළොම්) ගසේ කොළ කෙබඳු ද? කඳ කෙබඳු ද? කොළොම්ගස (අපි) යම්සේ හඳුනා ගනිමු ද, එසේ විතාළ මට කියව.
1799. යස‍්ස සාඛා පලම‍්බන‍්ති නමන‍්ති න ච භඤ‍්ජරෙ, සො රුක‍්ඛො ඵන්‍දතො නාම යස‍්ස මූලෙ අහං ඨිතො.
1799. යම් ගසක ශාඛාවෝ එල්බැ සිටිත් ද නැමෙත් ද (එහෙත්) නො කැඩෙත් ද ඒ ගස ඵන්‍දන නම් වේ. ඒ ගසැ මුල මම සිටිනේ වෙමි.
1800. අරානං චක‍්කනාභීනං ඊසානෙමි රථස‍්ස ච, සබ‍්බස‍්ස තෙ කම‍්මනියො අයං හෙස‍්සති ඵන්‍දනො.
1800. රියෙහි අර, සක්නැව, රියහිස්, නම්වළ යන මේවා තැනීමට මේ කොළොම්ගස කර්‍මණ්‍ය හෙවත් යෝග්‍ය වේ.
1801. ඉති ඵන්‍දනරුක‍්ඛොපි තාවදෙ අජ‍්ඣභාසථ, මය‍්හම‍්පි වචනං අත්‍ථි භාරද‍්වාජ සුණොහි මෙ.
1801. මෙසේ කී මොහොතේ ම කොළොම්ගස අරක් ගත් දෙවියා ද මෙලෙස කීය. භාරද්වාජය, මගේ කීමෙක් ද ඇත. එය ද අසව.
1802. ඉස‍්සස‍්ස උපඛන්‍ධම‍්භා ඔක‍්කච‍්ච චතුරඞ‍්ගුලං, තෙන නෙමිං පරිහරෙසි එවං දළ‍්හතරං සියා
1802. වලසාගේ ගෙලෙන් සතරඟුලක් (හම) ගෙන නිම් වළල්ලේ යොදා ගනුව හෙවත් සවි කරව. එයින් ඉතා ශක්තිමත් වන්නේ ය.
1803. ඉති ඵන්‍දනරුක‍්ඛොපි වෙරං අප‍්පෙසි තාවදෙ, ජාතානඤ‍්ච අජාතානං ඉස‍්සානං දුක‍්ඛමාවහි.
1803. එකෙණෙහි කොළොම් ගස ද වෛර ඉපැද වීය. උපන්නා වූ ද නූපන්නා වූ ද වලසුන්ට දුක් ගෙන දුන්නේ ය.
1804. ඉච‍්චෙව ඵන්‍දනො ඉස‍්සං ඉස‍්සො ච පන ඵන්‍දනං අඤ‍්ඤමඤ‍්ඤං විවාදෙන අඤ‍්ඤමඤ‍්ඤමඝාතයුං.
1804. මෙසේ කොළොම් ගස වලසාට ද වලසා කොළොම් ගසට ද ඔවුනොවුන් කළ වාදයෙන් ඔවුනොවුන් නස්වාලූහ.
1805. එවමෙව මනුස‍්සෙසු විවාදො යත්‍ථ ජායති, මයූරනච‍්චං නච‍්චන‍්ති යථා තෙ ඉස‍්සඵන්‍දනා.
1805. එසේ මනුෂ්‍යයන් අතරේ විවාදයක් හටගනී ද, එය, වලසා හා කොළොම්ගස පරිදි මොනරනැටුම් නටත්. (හෙවත් විවාදාපන්නයෝ උනුන් කුලමල කියා බැණ ගැනීම නිසා තමන්ගේ ඌනතා හෙළිකර ගනිත්.)
1806. තං චො වදාමි භද‍්දං වො යාවන‍්තෙත්‍ථ සමාගතා, සම‍්මොදථ මාවිවදිත්‍ථ මා හොථ ඉස‍්සඵන්‍දනා.
1806. තොපට කියමි, යම්තාක් දෙන මෙහි රැස් වූ ද ඒ හැමට සෙත් වේවා. තෙපි වලසා සහ කොළොම් ගස් සේ නො වවු, ප්‍රීත වවු. වාද නො කරවු.
1807. සාමග‍්ගිමෙව සික‍්ඛෙථ බුද‍්ධෙහෙතං පසංසිතං, සාමග‍්ගිරතො ධම‍්මට‍්ඨො යොගක‍්ඛෙමා න ධංසතීති.
1807. සමගියෙහි ම හික්මෙවු. මෙය බුදුවරයන් විසින් පසස්නා ලද සමගියෙහි ඇලී සුචරිත ධර්‍මයෙහි පිහිටි තැනැත්තේ නිර්‍වාණ සම්පතින් නො පිරිහේ.