5. දූතජාතකං
1835. දූතෙ තෙ බ්‍රහ‍්මෙ පාහෙසිං ගඞ‍්ගාතීරස‍්මිං ඣායතො, තෙසං පුට‍්ඨො න ව්‍යාකාසි දුක‍්ඛං ගුය‍්හං මතන‍්නු තෙ.
1835. බමුණ, ගං ඉවුරට වී සිතමින් හිඳින තොප වෙත දූතයන් එවීමි. ඔවුන් විතාරන ලද්දේ නමුදු සැඟවී ඇති දුක් සහිත ගුප්ත සිතුවිලි හෙළි නො කෙළේ ය.
1836. සචෙ තෙ දුක‍්ඛං උප‍්පජ‍්ජෙ කාසීනං රට‍්ඨවඩ‍්ඪන, මා ඛො නො තස‍්ස අක‍්ඛාහි යො තං දුක‍්ඛා න මොචයෙ.
1836. කසී රටවාසීන්ගේ රට වඩන රජතුමනි, ඉදින් ඔබ තුමාට උපන් දුක යමෙක් දුරු නො කෙරේ ද ඔහුට ඒ දුක නො කියනු මනා ය.
1837. යො තස‍්ස දුක‍්ඛජාතස‍්ස එකන‍්තං අපි භාසතො, විප‍්පමොචෙය්‍ය ධම‍්මෙන කාමං තස‍්ස පවෙදයෙ.
1837. හටගත් දුක් ඇති (එය) කියන්නා වූ ඔහුගේ දුක යමෙක් ඒකාන්තයෙන් දැහැමින් මුදා නම් ඔහුට ඒකාන්තයෙන් (එය) කියන්නේ ය.
1838. සුවිජානං සිගාලානං සකුන‍්තානඤ‍්ච වස‍්සිතං මනුස‍්සවස‍්සිතං රාජ දුබ‍්බිජානතරං තතො.
1838. සිවලුන්ගේ ද පක්‍ෂීන්ගේ ද හඬ මැනැවින් දත හැකි වේ. මහරජ (එහෙත්) මිනිසුන්ගේ හඬ දැනැගැනීම ඊට වඩා බොහෝ දුෂ්කර වේ.
1839. අපි චෙ මඤ‍්ඤති පොසො ඤාති මිත‍්තො සඛාති වා, යො පුබ‍්බෙ සුමනො හුත්‍වා පච‍්ඡා සම‍්පජ‍්ජතෙ දිසො.
1839. යම් පුරුෂයෙක් පළමු සතුටු සිතැති වැ නෑයෙක, මිතුරෙක, යහළුවෙකැ යි සිතා ද හේ පසුව සතුරු වෙයි.
1840. යො අත‍්තනො දුක‍්ඛමනානුපුට‍්ඨො පවෙදයෙ ජන‍්තු අකාලරූපෙ, ආනන්‍දිනො තස‍්ස භවන‍්තමිත‍්තා හිතෙසිනො තස‍්ස දුඛී භවන‍්ති.
1840. යමෙක් තම දුක නැවත නැවත විචාරන ලද්දේ අයෝග්‍ය අවස්ථාවක කියන්නේ ද ඔහුගේ සතුරෝ (එය අසා) සතුටු වෙත්. ඔහුගේ හිතකැමති මිතුරෝ දුක් වෙත්.
1841. කාලඤ‍්ච ඤත්‍වාන තථාවිධස‍්ස මෙධාවිනං එකමනං විදිත්‍වා, අක‍්ඛෙය්‍ය තිප‍්පානි පරස‍්ස ධීරො සණ‍්හං ගිරං අත්‍ථවතිං පමුඤ‍්චෙ.
1841. (රහස් කීමට) සුදුසු කාලය දැනැ තමා හා සමාන අදහස් ඇති නුවණැත්තකුට දුක් වීමට හේතු වූ කරුණු කියන්නේ ය. නුවණැත්තේ අර්‍ත්‍ථවත් දෙය මොළොක් බසින් කියන්නේ ය.
1842. සචෙ ච ජඤ‍්ඤා අවිසය‍්හමත‍්තනො නායං නීති මය‍්හසුඛාගමාය, එකොපි තිප‍්පානි සහෙය්‍ය ධීරො, සච‍්චං හිරොත‍්තප‍්පමපෙක‍්ඛමානො.
1842. ඉදින් තම දුක ඉවසා ගන්නට අපහසු බව දන්නේ ද (එකලැ) ලෝක ධර්‍මයෝ (අටලෝදහම්) මට සැප ලබා දෙන්නට තිබෙන්නාහු නො වෙති යි සිතන නැණවතා හිරි ඔතප් උපදවා ගැනීමෙන් තියුණු දුක් ඉවසන්නේ ය.
1843. අහං රට‍්ඨානි විචරන‍්තො නිගමෙ රාජධානියො, භික‍්ඛමානො මහාරාජ ආචරියස‍්ස ධනත්‍ථිකො.
1843. රජතුමනි, ගුරුතුමාට දුනමනා ධනය දෙනු කැමැති වැ රටෙහි ද දනවුවල ද රාජධානිවල ද සිඟමින් ඇවිදින්නෙම්.
1844. ගහපතී රාජපුරිසෙ මහාසාලෙ ච බ්‍රාහ‍්මණෙ, අලත්‍ථං සත‍්ත නික‍්ඛානි සුවණ‍්ණස‍්ස ජනාධිප තෙ මෙ නට‍්ඨා මහාරාජ තස‍්මා සොචාමහං භුසං.
1844. ජනපතිතුමනි, ගැහැවියන්, රාජපුරුෂයන් මහාසාර බමුණන් යැද රන් නිෂ්ක සතක් ලදිමි. මගේ ඒ ස්වර්‍ණ නිෂ්කයෝ නටහ. එහෙයින් මම බොහෝ දුක් වෙමි.
1845. පුරිසා තෙ මහාරාජ මනසා අනුවිචින‍්තිතා නාලං දුක‍්ඛා පමොචෙතුං තස‍්මා තෙසං න ව්‍යාහරිං
1845. මහරජතුමනි, ඔබගේ දූත පුරුෂයෝ සිතින් සිතුවාහු නමුදු මා දුකින් මුදන්නට සමත් නො වෙති. එහෙයින් ඔවුනට නො කීමි.
1846. ත්‍වං ච ඛො මෙ මහාරාජ මනසා අනුවිචින‍්තිතො, අලං දුක‍්ඛා පමොචෙතුං තස‍්මා තුය‍්හං පවෙදයිං.
1846. මහරජතුමනි, තෙපි මාගේ දුක සිතින් සිතුවහු මා දුකින් මුදන්නට සමත් වහු. එහෙයින් තොපට කීවෙමි.
1847. තස‍්සාදාසි පසන‍්නත‍්තො කාසීනං රට‍්ඨවඩ‍්ඪනො, ජාතරූපමයෙ නික‍්ඛෙ සුවණ‍්ණස‍්ස චතුද‍්දසාති.
1847. කසීරට වාසීන්ගේ රට වඩන රජ තෙම පහන් සිතින් ස්වර්‍ණ නිෂ්ක තුදුසක් ඔහුට දුන්නේ ය.