යෙදුමෙන් කියවන්න

5. දූතජාතකවණ‍්ණනා 478 අට‍්ඨකථා

5. දූතජාතකවණ‍්ණනා (478)

5. දූත ජාතකය (478)

දූතෙ තෙ බ්‍රහ‍්මෙ පාහෙසින‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො අත‍්තනො පඤ‍්ඤාපසංසනං ආරබ‍්භ කථෙසි. ධම‍්මසභායං භික‍්ඛූ කථං සමුට‍්ඨාපෙසුං “පස‍්සථ, ආවුසො, දසබලස‍්ස උපායකොසල‍්ලං, නන්‍දස‍්ස සක්‍යපුත‍්තස‍්ස අච‍්ඡරාගණං දස‍්සෙත්‍වා අරහත‍්තං අදාසි, චූළපන්‍ථකස‍්ස පිලොතිකං දත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං අදාසි, කම‍්මාරපුත‍්තස‍්ස පදුමං දස‍්සෙත්‍වා අරහත‍්තං අදාසි, එවං නානාඋපායෙහි සත‍්තෙ විනෙතී”ති . සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, තථාගතො ඉදානෙව ‘ඉමිනා ඉදං හොතී’ති උපායකුසලො, පුබ‍්බෙපි උපායකුසලොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

දූතෙ තෙ බ්‍රහ්ම පාභෙසි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් තමාගේ නුවණ පැසසීම් අරභයා දෙශනා කළ සේක. (සිව්වනක් පිරිස) දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, දසබලධාරීන් වහන්සේගේ උපායෙහි දක්‍ෂ බව බලව්. නන්‍දකුල පුත්‍රයාට, අප්සරා සමූහයා දක්වා රහත් බව දුන් සේක. චුල්ලපන්‍ථකට රෙදිකඩක් දී පිළිසිව්සිඹියාපත් සහිත රහත් බව දුන් සේක. කර්මාරපුත්‍රයාට පියුමක් පෙන්වා අර්හත් බව දුන් සේක. මෙසේ නොයෙක් උපායන්ගෙන් සත්ත්වයන් හික්මවන සේක යි. ශාස්තෲන් වහන්සේ වැඩමවා මහණෙනි, දැන් කිනම් කථාවෙකින් හුන්නහුදැයි විමසා මෙනම් වූවෙකිනැයි කී කල්හි මහණෙනි, තථාගතයන් වහන්සේ මේ නිසා මෙය වෙයි යන උපාය දැනීමෙහි දක්‍ෂ වූයේ දැන් පමණක් නොවේ. පෙරද උපාය කුසලතාවයෙන් යුක්ත වූවෙමැයි කියා අතීත කථා ප්‍රවෘත්තිය ගෙනහැර දක්වා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ ජනපදො අහිරඤ‍්ඤො අහොසි. සො හි ජනපදං පීළෙත්‍වා ධනමෙව සංකඩ‍්ඪි. තදා බොධිසත‍්තො කාසිගාමෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො තක‍්කසිලං ගන‍්ත්‍වා “පච‍්ඡා ධම‍්මෙන භික‍්ඛං චරිත්‍වා ආචරියධනං ආහරිස‍්සාමී”ති වත්‍වා සිප‍්පං පට‍්ඨපෙත්‍වා නිට‍්ඨිතසිප‍්පො අනුයොගං දත්‍වා “ආචරිය, තුම‍්හාකං ධනං ආහරිස‍්සාමී”ති ආපුච‍්ඡිත්‍වා නික‍්ඛම‍්ම ජනපදෙ චරන‍්තො ධම‍්මෙන සමෙන පරියෙසිත්‍වා සත‍්ත නික‍්ඛෙ ලභිත්‍වා “ආචරියස‍්ස දස‍්සාමී”ති ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ ගඞ‍්ගං ඔතරිතුං නාවං අභිරුහි. තස‍්ස තත්‍ථ නාවාය විපරිවත‍්තමානාය තං සුවණ‍්ණං උදකෙ පති. සො චින‍්තෙසි “දුල‍්ලභං හිරඤ‍්ඤං, ජනපදෙ පුන ආචරියධනෙ පරියෙසියමානෙ පපඤ‍්චො භවිස‍්සති, යංනූනාහං ගඞ‍්ගාතීරෙයෙව නිරාහාරො නිසීදෙය්‍යං, තස‍්ස මෙ නිසින‍්නභාවං අනුපුබ‍්බෙන රාජා ජානිස‍්සති, තතො අමච‍්චෙ පෙසෙස‍්සති, අහං තෙහි සද‍්ධිං න මන‍්තෙස‍්සාමි, තතො රාජා සයං ආගමිස‍්සති, ඉමිනා උපායෙන තස‍්ස සන‍්තිකෙ ආචරියධනං ලභිස‍්සාමී”ති. සො ගඞ‍්ගාතීරෙ උත‍්තරිසාටකං පාරුපිත්‍වා යඤ‍්ඤසුත‍්තං බහි ඨපෙත්‍වා රජතපට‍්ටවණ‍්ණෙ වාලුකතලෙ සුවණ‍්ණපටිමා විය නිසීදි. තං නිරාහාරං නිසින‍්නං දිස‍්වා මහාජනො “කස‍්මා නිසින‍්නොසී”ති පුච‍්ඡි, කස‍්සචි න කථෙසි. පුනදිවසෙ ද‍්වාරගාමවාසිනො තස‍්ස තත්‍ථ නිසින‍්නභාවං සුත්‍වා ආගන‍්ත්‍වා පුච‍්ඡිංසු, තෙසම‍්පි න කථෙසි. තෙ තස‍්ස කිලමථං දිස‍්වා පරිදෙවන‍්තා පක‍්කමිංසු. තතියදිවසෙ නගරවාසිනො ආගමිංසු, චතුත්‍ථදිවසෙ නගරතො ඉස‍්සරජනා, පඤ‍්චමදිවසෙ රාජපුරිසා. ඡට‍්ඨදිවසෙ රාජා අමච‍්චෙ පෙසෙසි, තෙහිපි සද‍්ධිං න කථෙසි. සත‍්තමදිවසෙ රාජා භයට‍්ටිතො හුත්‍වා තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා පුච‍්ඡන‍්තො පඨමං ගාථමාහ –

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි ජනපදය රත්තරන් රහිත වූවක් වීය. ඔහු ජනපදය පෙළා ධනයම රැස් කරවීය. එකල්හි බෝධිසත්ත්ව වූයේ තක්‍ෂිලාවට ගොස් පසුව දැහැමි ලෙස සිඟා ගොස් ශිල්ප හදාරා නිමවන ලද ශිල්ප ඇත්තේ වනපොත් දී ආචාර්යතුමනි, නුඹවහන්සේට ගුරුපූජා වශයෙන් ධනය ගෙන එන්නෙමියි විමසා නික්ම ජනපදයෙහි හැසිරෙන්නේ දැහැමෙන් සෙමෙන් සොයා රන්කාසි සතරක් ලැබ ආචාර්යවරයාට දෙන්නෙමියි යන්නේ අතරමගදී ගංගාවක් තරණය කරන්නට නැවට නැංගේය. එහිදී නැව පෙරලෙන කල්හි ඔහුගේ ඒ රන් ජලයෙහි වැටුනේය. හෙතෙම “ජනපදයෙහි රත්තරන් දුලබය. නැවත ගුරුපඬුරු වශයෙන් ධනය සෙවීමෙහිදී ප්‍රමාද වන්නේය. යම් හෙයකින් මම ගංගා තීරයෙහිම නිරාහාරව හිඳින්නෙමි. ඒ මා හුන් බව ක්‍රමයෙන් රජු දැනගන්නේය. අනතුරුව ඇමතිවරුන් එවන්නේය. මම ඔවුන් සමග කථා නොකරන්නෙමි. අනතුරුව රජු තෙමේම පැමිණෙන්නේය. මේ ක්‍රමයෙන් මහුගේ සමීපයෙන් ගුරුපඬුරු සඳහා ධනය ලබන්නෙමියි සිතුවේය. හෙතෙම ගංතෙරහි උතුරු සළුවක් පොරොවා යාගනූල පිටත තබා රිදීපටක පැහැය ඇති වැලිතලාවෙහි රන්පිළිමයක් මෙන් හුන්නේය. මහජනයා නිරාහාරව හුන් ඔහු දැක කුමක් හෙයින් හුන්නේ වෙහිදැයි විචාරයි. කිසිවෙකු සමඟ කථා නොකළේය. දෙවන දවස්හි දොරගම් වැසියෝ ඔහු එහි හුන් බව අසා විමසූහ. ඔවුන් සමගද කථා නොකළේය. ඔහු ඒ බ්‍රාහ්මණයාගේ ක්ලාන්ත බව දැක හඬන්නාහු පෙරළා ගියාහුය. තෙවන දවස්හි නුවරවැසියෝ ආවාහුය. සිව්වන දිනයෙහි නගරයෙන් ඉසුරුමත් ජනයන්ද පස්වන දිනයෙහි රාජපුරුෂයන්ද සවන දිනයෙහි රජු ඇමතියන්ද එවීය. ඔවුන් සමඟද කථා නොකළේය. සත්වන දිනයෙහිදී රජු බියට පත් වී ඔහු සමීපයට ගොස් විමසන්නේ පළමු ගාථාව කීවේය.

“දූතෙ තෙ බ්‍රහ‍්මෙ පාහෙසිං, ගඞ‍්ගාතීරස‍්මි ඣායතො; තෙසං පුට‍්ඨො න බ්‍යාකාසි, දුක‍්ඛං ගුය‍්හමතං නු තෙ”ති.

දූතෙ තෙ බ්‍රහ්මෙ පාභෙසිං - ගඞ්ගා තීරස්මිං ජායතො, තෙසං පුට්ඨො න ව්‍යාකාසි - දුක්ඛං ගුය්හං මතන්නු තෙ ති

1. බ්‍රාහ්මණය ගංතීරයෙහි සිතමින් සිටින ඔබ වෙත දූතයන් එවිමී. ඔවුන් විසින් විමසන ලදුයේ නමුත් තොපගේ සැඟවුනු දුක් සහිත සිතැඟි ප්‍රකාශ නො කළෙහිය.

තත්‍ථ දුක‍්ඛං ගුය‍්හමතං නු තෙති කිං නු ඛො, බ්‍රාහ‍්මණ, යං තව දුක‍්ඛං උප‍්පන‍්නං, තං තෙ ගුය‍්හමෙව මතං, න අඤ‍්ඤස‍්ස ආචික‍්ඛිතබ‍්බන‍්ති.

එහි ගුය්‍යාං මතන්නු තෙ යනු බ්‍රාහ්මණය කිම? ඔබට යම් දුකක් උපන්නේද එය ඔබගේම සැඟවුන සිතුවිල්ලකි. අනිකෙකුට නොකිවයුත්තක් දැය.

තං සුත්‍වා මහාසත‍්තො “මහාරාජ, දුක‍්ඛං නාම හරිතුං සමත්‍ථස‍්සෙව ආචික‍්ඛිතබ‍්බං, න අඤ‍්ඤස‍්සා”ති වත්‍වා සත‍්ත ගාථා අභාසි –

ඒ අසා මහබෝසත් තෙමේ මහරජතුමනි, දුක නම් දුරු කරන්නට සමර්ථ වූවහුටම කිව යුතුයි. අනිකෙකුට නොකිව යුතු යයි කියා ගාථා සතක් කීවේය.

“සචෙ තෙ දුක‍්ඛමුප‍්පජ‍්ජෙ, කාසීනං රට‍්ඨවඩ‍්ඪන; මා ඛො නං තස‍්ස අක‍්ඛාහි, යො තං දුක‍්ඛා න මොචයෙ.

2. කසී රටවාසීන්ගේ රට වඩන්නා වූ රජතුමනි, ඉදින් ඔබට යම් දුකක් උපදින්නේද යමෙක් ඒ දුකින් ඔබ නොමුදවන්නේද ඔහුට ඒ දුක නොකියව.

“යො තස‍්ස දුක‍්ඛජාතස‍්ස, එකඞ‍්ගමපි භාගසො; විප‍්පමොචෙය්‍ය ධම‍්මෙන, කාමං තස‍්ස පවෙදය.

3. යමෙක් හටගත් දුක් ඇතිව එය කියන්නහුගේ එම දුක ඒකාන්තයෙන් දැහැමිව මුදවා නම් ඒකාන්තයෙන් (එය) කියන්නේය.

“සුවිජානං සිඞ‍්ගාලානං, සකුණානඤ‍්ච වස‍්සිතං; මනුස‍්සවස‍්සිතං රාජ, දුබ‍්බිජානතරං තතො.

4. සිවලුන්ගේද පක්‍ෂින්ගේද නාදය පහසුවෙන් දතහැකිය. රජතුමනි, මිනිසුන්ගේ හඬ දැනගැනීම ඊට වඩා බෙහෙවින් දුෂ්කරය.

“අපි චෙ මඤ‍්ඤතී පොසො, ඤාති මිත‍්තො සඛාති වා; යො පුබ‍්බෙ සුමනො හුත්‍වා, පච‍්ඡා සම‍්පජ‍්ජතෙ දිසො.

5. ඉදින් යම් පුරුෂයෙක් නෑයෙක් මිත්‍රයෙක් යහළුවෙක් කොට සිතයිද ඔහු පළමුව සතුටු සිත් ඇත්තෙක් වී පසුව සතුරෙක් වෙයි.

“යො අත‍්තනො දුක‍්ඛමනානුපුට‍්ඨො, පවෙදයෙ ජන‍්තු අකාලරූපෙ; ආනන්‍දිනො තස‍්ස භවන‍්ති මිත‍්තා, හිතෙසිනො තස‍්ස දුඛී භවන‍්ති.

6. යම් සත්ත්වයෙක් තමාගේ දුක නැවත නැවත විමසන ලද්දේ නුසුදුසු අවස්ථාවක කියන්නේද ඔහුගේ සතුරෝ (එය අසා) සතුටු වෙත්. ඔහුගේ හිතෛශී තැනැත්තෝ දුක් වෙත්.

“කාලඤ‍්ච ඤත්‍වාන තථාවිධස‍්ස, මෙධාවිනං එකමනං විදිත්‍වා; අක‍්ඛෙය්‍ය තිබ‍්බානි පරස‍්ස ධීරො, සණ‍්හං ගිරං අත්‍ථවතිං පමුඤ‍්චෙ.

7. (රහස් කීමට) සුදුසු කාලයද දැන, තමා සමාන අදහස් ඇති නුවණැත්තෙකු දැන එවැන්නෙකුට දුකට හේතු වූ කරුණු කියන්නේය. නුවණැති තැනැත්තා අර්ථවත් වූ ද මොලොක් වචනයෙන් අනුන්ට කියන්නේ ය.

“සචෙ ච ජඤ‍්ඤා අවිසය‍්හමත‍්තනො, න තෙ හි මය‍්හං සුඛාගමාය; එකොව තිබ‍්බානි සහෙය්‍ය ධීරො, සච‍්චං හිරොත‍්තප‍්පමපෙක‍්ඛමානො”ති.

8. ඉදින් තමාගේ දුක ඉවසිය නොහැක්කක් කොට දන්නේද එකල්හි මේ අටලෝ දහම මට සැප එළවන්නක් නොවේ යයි සිතා නුවණැති තැනැත්තා හිරිඔතප් උපදවා හුදකලාව තියුණු දුක් සැබවින්ම ඉවසන්නේය.

තත්‍ථ උප‍්පජ‍්ජෙති සචෙ තව උප‍්පජ‍්ජෙය්‍ය. මා අක‍්ඛාහීති මා කථෙහි. දුබ‍්බිජානතරං තතොති තතො තිරච‍්ඡානගතවස‍්සිතතොපි දුබ‍්බිජානතරං, තස‍්මා තථතො අජානිත්‍වා හරිතුං අසමත්‍ථස‍්ස අත‍්තනො දුක‍්ඛං න කථෙතබ‍්බමෙවාති. අපි චෙති ගාථා වුත‍්තත්‍ථාව. අනානුපුට‍්ඨොති පුනප‍්පුනං පුට‍්ඨො. පවෙදයෙති කථෙති. අකාලරූපෙති අකාලෙ. කාලන‍්ති අත‍්තනො ගුය‍්හස‍්ස කථනකාලං. තථාවිධස‍්සාති පණ‍්ඩිතපුරිසං අත‍්තනා සද‍්ධිං එකමනං විදිත්‍වා තථාවිධස‍්ස ආචික‍්ඛෙය්‍ය. තිබ‍්බානීති දුක‍්ඛානි.

එහි උප්පජ්ජෙ යනු ඉදින් තොපට උපදින්නේ ය. මා අක්ඛාහි නොකියව. දුබ්බිජාන්තරං තතො යනු තිරිසන් ගතවූවන්ගේ නාදයට වඩා අපහසුවෙන් දත යුතුය. එහෙයින් ඇති පරිද්දෙන් නොදැන දුරලන්නට අසමත් වූවහුට තමාගේ දුක නොකිවයුතුම යයි. අපි චෙ යනු ගාථාවන් කී හෙයින්ම. අනානුපුට්ඨො යනු නැවත නැවතත් විමසන ලදුයේ පවෙදයති කියයි. අකාල රූපෙ යනු නොකල්හි. කාලං යනු තමාගේ රහස කියන කාලයයි. තථාවිධස්ස යනු පණ්ඩිත වූ පුරුෂයා තමා හා සමාන සිත් ඇත්තෙකු බව දැන එවැනි වූවහුටයි. තිප්පාති යනු දුක්.

සචෙති යදි අත‍්තනො දුක‍්ඛං අවිසය‍්හං අත‍්තනො වා පරෙසං වා පුරිසකාරෙන අතෙකිච‍්ඡං ජානෙය්‍ය. තෙ හීති තෙ එව ලොකපවෙණිකා, අට‍්ඨලොකධම‍්මාති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – අථ අයං ලොකපවෙණී න මය‍්හං එව සුඛාගමාය උප‍්පන‍්නා, අට‍්ඨහි ලොකධම‍්මෙහි පරිමුත‍්තො නාම නත්‍ථි, එවං සන‍්තෙ සුඛමෙව පත්‍ථෙන‍්තෙන පරස‍්ස දුක‍්ඛාරොපනං නාම න යුත‍්තං, නෙතං හිරොත‍්තප‍්පසම‍්පන‍්නෙන කත‍්තබ‍්බං, අත්‍ථි ච මෙ හිරී ඔත‍්තප‍්පන‍්ති සච‍්චං සංවිජ‍්ජමානං අත‍්තනි හිරොත‍්තප‍්පං අපෙක‍්ඛමානොව අඤ‍්ඤස‍්ස අනාරොචෙත්‍වා එකොව තිබ‍්බානි සහෙය්‍ය ධීරොති.

සචෙ යනු ඉදින් තමාගේ දුක. අවිසය්හං තමාගේ හෝ අනුන්ගේ හෝ පෞරුෂයෙන් පිළියම් යෙදිය නොහැක්කෙකුට කොට දන්නේ නම්. නීති යනු ලෝකයෙහි ප්‍රවේණිගත අෂ්ටලෝක ධර්මයයි අර්ථයි. මෙය කියන ලද්දේ වෙයි. මේ අෂ්ටලෝක ධර්මයෝ මට පමණක් නොවේ. සුඛාගමාය. උපන්නා වූ අෂ්ටලෝක ධර්මයන්ගෙන් මිදුනෙක් නම් නැත. මෙසේ ඇතිකල්හි සැපයම ප්‍රාර්ථනය කරන්නහු විසින් අනුන්ට දුක් ආරෝපණය කිරීම නුසුදුසුය. මෙය ලජ්ජා බය යන දෙකින් යුක්ත වූවහු විසින් මට හිරිඔතප් ඇතැයි සිතා නොකළ යුතුය. සච්චං තමා කෙරෙහි පවත්නා වූ. හිරොත්තප්පං අපක්ඛමානොව අනිකෙකුට නොදන්වා. එකොව තිප්පානි සහෙය්‍ය ධීරො යනු ප්‍රාඥයා තනිවම දුක් ඉවසන්නේය.

එවං මහාසත‍්තො සත‍්තහි ගාථාහි රඤ‍්ඤො ධම‍්මං දෙසෙත්‍වා අත‍්තනො ආචරියධනස‍්ස පරියෙසිතභාවං දස‍්සෙන‍්තො චතස‍්සො ගාථා අභාසි –

මහබෝ සත්ත්ව තෙමේ මෙසේ ගාථා සතකින් රජුට ධර්මය දේශනා කර තමාගේ ගුරුපඬුරු සඳහා වූ ධනය සොයනා ලද බව දක්වන්නේ ගාථා සතරක් කීවේය.

“අහං රට‍්ඨෙ විචරන‍්තො, නිගමෙ රාජධානියො; භික‍්ඛමානො මහාරාජ, ආචරියස‍්ස ධනත්‍ථිකො.

9. මහරජතුමනි, මම ගුරුපඬුරු සඳහා ධනය කැමති වූයෙම් රටෙහිද නියම් ගම්හිද රජධානිවලද සිඟමින් ඇවිදින්නෙම් වූයෙමි.

“ගහපතී රාජපුරිසෙ, මහාසාලෙ ච බ්‍රාහ‍්මණෙ; අලත්‍ථං සත‍්ත නික‍්ඛානි, සුවණ‍්ණස‍්ස ජනාධිප; තෙ මෙ නට‍්ඨා මහාරාජ, තස‍්මා සොචාමහං භුසං.

10. ජනපතිතුමනි, මම ගෘහපතියන්, රාජපුරුෂයන්, මහත් වූ ධනය ඇති බමුණන් යන මේ අය වෙතින් රන් කහවනු සතක් ලැබුවෙමි. මගේ ඒවා විනාශ විය. එනිසා මම බෙහෙවින් දුක් වෙමි.

“පුරිසා තෙ මහාරාජ, මනසානුවිචින‍්තිතා; නාලං දුක‍්ඛා පමොචෙතුං, තස‍්මා තෙසං න බ්‍යාහරිං.

11. මහරජතුමනි, ඔබගේ රාජපුරුෂයෝ (මගේ දුක ගැන) සිතින් සිතුවාහු නමුත් මා දුකින් මුදවන්නට සමර්ථයෝ නොවෙති. එහෙයින් ඔවුන්ට නො කීවෙමි.

“ත්‍වඤ‍්ච ඛො මෙ මහාරාජ, මනසානුවිචින‍්තිතො; අලං දුක‍්ඛා පමොචෙතුං, තස‍්මා තුය‍්හං පවෙදයි”න‍්ති.

12. මහරජතුමනි, ඔබද මාගේ දුක ගැන සිතින් සිතුවේ මා දුකින් මුදවන්නට පොහොසත් වෙහි. එහෙයින් ඔබට කීවෙමි.

තත්‍ථ භික‍්ඛමානොති එතෙ ගහපතිආදයො යාචමානො. තෙ මෙති තෙ සත‍්ත නික‍්ඛා මම ගඞ‍්ගං තරන‍්තස‍්ස නට‍්ඨා, ගඞ‍්ගායං පතිතා. පුරිසා තෙති මහාරාජ, තව දූතපුරිසා. අනුවිචින‍්තිතාති “නාලං ඉමෙ මං දුක‍්ඛා මොචෙතු”න‍්ති මයා ඤාතා. තස‍්මාති තෙන කාරණෙන තෙසං අත‍්තනො දුක‍්ඛං නාචික‍්ඛිං. පවෙදයින‍්ති කථෙසිං.

එහි භික්ඛමානො යනු මේ ගෘහපතීන් ආදීහු ඉල්වනු ලැබුවාහු. තෙ මෙ යනු ගංගාව තරණය කරන්නා වූ මගේ එම කහවනු සත නැසුනේය. ගංගාවෙහි වැටුනේය. පුරිසා තෙ යනු මහරජතුමනි, ඔබගේ දූත පිරිස. මනසානු විචින්තිතා යනු මා මේ දුකින් මුදන්නට නොහැකිය යි මා විසින් දක්නා ලදි. තස්මා යනු ඒ කරුණින් ඔවුන්ට තමාගේ දුක නොකීවෙමි. පවෙදයිං කීවෙමි.

රාජා තස‍්ස ධම‍්මකථං සුත්‍වා “මා චින‍්තයි, බ්‍රාහ‍්මණ, අහං තෙ ආචරියධනං දස‍්සාමී”ති ද‍්විගුණධනමදාසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ඔසානගාථමාහ –

රජ ඔහුගේ ධර්ම කථාව අසා බ්‍රාහ්මණය, නොසිතුව. මම තොපට ගුරුපඬුරු සඳහා වූ ධනය දෙන්නෙමි යි දෙගුණයක් ධනය දුන්නේය. ඒ කරුණ ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ අවසාන ගාථාව වදාළ සේක.

“තස‍්සාදාසි පසන‍්නත‍්තො, කාසීනං රට‍්ඨවඩ‍්ඪනො; ජාතරූපමයෙ නික‍්ඛෙ, සුවණ‍්ණස‍්ස චතුද‍්දසා”ති.

13. කසී දේශයෙහි වැසියන්ගේ රට වඩන්නා වූ රජතුමා පැහැදුන සිත් ඇත්තේ රන් කහවනු තුදුසක් දුන්නේය.

තත්‍ථ ජාතරූපමයෙති තෙ සුවණ‍්ණස‍්ස චතුද‍්දස නික‍්ඛෙ ජාතරූපමයෙයෙව අදාසි, න යස‍්ස වා තස‍්ස වා සුවණ‍්ණස‍්සාති අත්‍ථො.

එහි ජාතරූපමයෙ යනු ඒ රන්වලට රන්රිදීමය කහවනු තුදුසක් දුන්නේය. යම් ඒ රන් සඳහා යන අර්ථයි.

මහාසත‍්තො රඤ‍්ඤො ඔවාදං දත්‍වා ආචරියස‍්ස ධනං දත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා රාජාපි තස‍්සොවාදෙ ඨිතො ධම‍්මෙන රජ‍්ජං කාරෙත්‍වා උභොපි යථාකම‍්මං ගතා.

මහබෝසත් තෙමේ රජුට අවවාද දී ආචාර්යවරයාට ධනය (ගුරුපඬුරු) දී දන්දීම් ආදී වූ පිං කර රජුද ඔහුගේ අවවාදයෙහි සිටියේ දැහැමි ලෙස රාජ්‍යය කරවා දෙදෙනාම කම් වූ පරිදි මිය පරලොව ගියෝය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි තථාගතො උපායකුසලොයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්‍දො අහොසි, ආචරියො සාරිපුත‍්තො, බ්‍රාහ‍්මණමාණවො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, තථාගතයන් වහන්සේ උපායෙහි දක්‍ෂ වූයේ දැන් පමණක් නොවේ. පෙරද උපායෙහි දක්‍ෂ වූයේම යැයි දේශනා කර ජාතකය ගලපා වදාළ සේක. එකල්හි රජු ආනන්‍ද හිමි වීය. ආචාර්යවරයා සැරියුත් හිමි වීය. මානවකයා මම ම වීමි යයි වදාළ සේක.

දූතජාතකවණ‍්ණනා පඤ‍්චමා.