යෙදුමෙන් කියවන්න

6. කාලිඞ‍්ගබොධිජාතකවණ‍්ණනා 479 අට‍්ඨකථා

6. කාලිඞ‍්ගබොධිජාතකවණ‍්ණනා (479)

6. කාලිංගබෝධි ජාතකය (479)

රාජා කාලිඞ‍්ගො චක‍්කවත‍්තීති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ආනන්‍දත්‍ථෙරෙන කතං මහාබොධිපූජං ආරබ‍්භ කථෙසි. වෙනෙය්‍යසඞ‍්ගහත්‍ථාය හි තථාගතෙ ජනපදචාරිකං පක‍්කන‍්තෙ සාවත්‍ථිවාසිනො ගන්‍ධමාලාදිහත්‍ථා ජෙතවනං ගන‍්ත්‍වා අඤ‍්ඤං පූජනීයට‍්ඨානං අලභිත්‍වා ගන්‍ධකුටිද‍්වාරෙ පාතෙත්‍වා ගච‍්ඡන‍්ති, තෙ උළාරපාමොජ‍්ජා න හොන‍්ති. තං කාරණං ඤත්‍වා අනාථපිණ‍්ඩිකො තථාගතස‍්ස ජෙතවනං ආගතකාලෙ ආනන්‍දත්‍ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “භන‍්තෙ, අයං විහාරො තථාගතෙ චාරිකං පක‍්කන‍්තෙ නිපච‍්චයො හොති, මනුස‍්සානං ගන්‍ධමාලාදීහි පූජනීයට‍්ඨානං න හොති, සාධු, භන‍්තෙ, තථාගතස‍්ස ඉමමත්‍ථං ආරොචෙත්‍වා එකස‍්ස පූජනීයට‍්ඨානස‍්ස සක‍්කුණෙය්‍යභාවං ජානාථා”ති ආහ. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තථාගතං පුච‍්ඡි “කති නු ඛො, භන‍්තෙ, චෙතියානී”ති? “තීණි ආනන්‍දා”ති. “කතමානි, භන‍්තෙ, තීණී”ති? “සාරීරිකං පාරිභොගිකං උද‍්දිස‍්සක”න‍්ති. “සක‍්කා පන, භන‍්තෙ, තුම‍්හෙසු ධරන‍්තෙසුයෙව චෙතියං කාතු”න‍්ති. “ආනන්‍ද, සාරීරිකං න සක‍්කා කාතුං. තඤ‍්හි බුද‍්ධානං පරිනිබ‍්බානකාලෙ හොති, උද‍්දිස‍්සකං අවත්‍ථුකං මමායනමත‍්තමෙව හොති, බුද‍්ධෙහි පරිභුත‍්තො මහාබොධිරුක‍්ඛො බුද‍්ධෙසු ධරන‍්තෙසුපි චෙතියමෙවා”ති. “භන‍්තෙ, තුම‍්හෙසු පක‍්කන‍්තෙසු ජෙතවනවිහාරො අප‍්පටිසරණො හොති, මහාජනො පූජනීයට‍්ඨානං න ලභති, මහාබොධිතො බීජං ආහරිත්‍වා ජෙතවනද‍්වාරෙ රොපෙස‍්සාමි, භන‍්තෙ”ති. “සාධු, ආනන්‍ද, රොපෙහි, එවං සන‍්තෙ ජෙතවනෙ මම නිබද‍්ධවාසො විය භවිස‍්සතී”ති.

රාජා කාලිංගො චක්කවත්ති යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් ආනන්‍ද තෙරුන් විසින් කරන ලද මහා බෝධිපූජාව අරබයා දේශනා කළ සේක. තථාගතයන් වහන්සේ හික්මවිය යුතු ජනයාට සංග්‍රහ පිණිස ජනපද චාරිකාවෙහි වැඩමවූ කල්හි සැවැත් නුවරවාසී වූ ගඳ-මල් ආදිය ගත් අත් ඇත්තාහු ජේතවනයට ගොස් අන් පූජනීය ස්ථානයක් නොලබන්නාහු ගඳකිළි දොර හෙලා යත්. ඔවුහු දැඩි ප්‍රසාද ඇත්තෝ නොවේ. අනේපිඬු සිටුතුමා ඒ කරුණ දැන තථාගතයන් වහන්සේ දෙවුරමට වැඩම වූ කල්හි ආනන්‍ද තෙරුන්ගේ සමීපයට ගොස් ස්වාමීනි, තථාගතයන් වහන්සේ චාරිකාවෙහි වැඩම වූ කල්හි මෙම විහාරය අසරණ වෙයි. මිනිසුන්ට ගඳ-මල් ආදිය පුදන්නට තැනක් නොවෙයි. ස්වාමීනි, තථාගතයන් වහන්සේට මේ කරුණ දන්වා එක් පූජනීය ස්ථානයක් (පිහිටුවන්නට) හැකි බව හෝ නොහැකි බව දන්නහු නම් මැනවයි කීවේය. හෙතෙම මැනවයි පිළිගෙන ස්වාමීනි, චෛත්‍යයෝ කෙතෙක් දැයි තථාගතයන් වහන්සේගෙන් විමසීය. ආනන්‍දය තුනකි. ස්වාමීනි, කවර වූවෝද? ශාරීරික පාරිභෝගික උද්දේසික වශයෙනි. ස්වාමීනි, ඔබවහන්සේ වැඩසිටින කල්හි චෙත්‍යයන් කරන්නට හැකිද? ආනන්‍දය, ශාරීරික චෛත්‍ය කරන්නට නොහැකිය. බුදුරදුන්ගේ පිරිනිවි කල්හි වෙයි. උද්දේසික චෛත්‍ය අවසතුකය. (වස්තු රහිතය) මමායනය පමණින්ම වේ. බුදුවරුන් විසින් පරිභෝග කරන ලද මහා බෝධිය බුදුවරුන් වැඩ සිටින කල්හිද පිරිනිවන් පෑ කල්හිද චෛත්‍යමයයි. ස්වාමීනි, නුඹවහන්සේ චාරිකාවෙහි වැඩමවූ කල්හි ජේතවනාරාම මහා විහාරය පිළිසරණ නැත්තක් වේ. මිනිස්සු පිදිය යුතු තැනක් නොලබති. ස්වාමීනි, මහාබෝධියෙන් අංකුරයක් ගෙන ජේතවනාරාම දොරටුවෙහි රෝපනය කරන්නෙමු. ආනන්‍දය මැනවි. රෝපණය කරව. මෙසේ ඇති කල්හි ජේතවනාරාමයෙහි මා නිරතුරුව වසන්නෙම් මෙන් වන්නේ යයි.

ථෙරො කොසලනරින්‍දස‍්ස අනාථපිණ‍්ඩිකස‍්ස විසාඛාදීනඤ‍්ච ආරොචෙත්‍වා ජෙතවනද‍්වාරෙ බොධිරොපනට‍්ඨානෙ ආවාටං ඛණාපෙත්‍වා මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරං ආහ – “භන‍්තෙ, අහං ජෙතවනද‍්වාරෙ බොධිං රොපෙස‍්සාමි, මහාබොධිතො මෙ බොධිපක‍්කං ආහරථා”ති. ථෙරො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා ආකාසෙන බොධිමණ‍්ඩං ගන‍්ත්‍වා වණ‍්ටා පරිගලන‍්තං පක‍්කං භූමිං අසම‍්පත‍්තමෙව චීවරෙන සම‍්පටිච‍්ඡිත්‍වා ගහෙත්‍වා ආනන්‍දත්‍ථෙරස‍්ස අදාසි. ආනන්‍දත්‍ථෙරො “අජ‍්ජ බොධිං රොපෙස‍්සාමී”ති කොසලරාජාදීනං ආරොචෙසි. රාජා සායන‍්හසමයෙ මහන‍්තෙන පරිවාරෙන සබ‍්බූපකරණානි ගාහාපෙත්‍වා ආගමි, තථා අනාථපිණ‍්ඩිකො විසාඛා ච අඤ‍්ඤො ච සද‍්ධො ජනො. ථෙරො මහාබොධිරොපනට‍්ඨානෙ මහන‍්තං සුවණ‍්ණකටාහං ඨපෙත්‍වා හෙට‍්ඨා ඡිද‍්දං කාරෙත්‍වා ගන්‍ධකලලස‍්ස පූරෙත්‍වා “ඉදං බොධිපක‍්කං රොපෙහි, මහාරාජා”ති රඤ‍්ඤො අදාසි. සො චින‍්තෙසි “රජ‍්ජං නාම න සබ‍්බකාලං අම‍්හාකං හත්‍ථෙ තිට‍්ඨති, ඉදං මයා අනාථපිණ‍්ඩිකෙන රොපාපෙතුං වට‍්ටතී”ති . සො තං බොධිපක‍්කං මහාසෙට‍්ඨිස‍්ස හත්‍ථෙ ඨපෙසි. අනාථපිණ‍්ඩිකො ගන්‍ධකලලං වියූහිත්‍වා තත්‍ථ පාතෙසි. තස‍්මිං තස‍්ස හත්‍ථතො මුත‍්තමත‍්තෙයෙව සබ‍්බෙසං පස‍්සන‍්තානඤ‍්ඤෙව නඞ‍්ගලසීසප‍්පමාණො බොධිඛන්‍ධො පණ‍්ණාසහත්‍ථුබ‍්බෙධො උට‍්ඨහි, චතූසු දිසාසු උද‍්ධඤ‍්චාති පඤ‍්ච මහාසාඛා පණ‍්ණාසහත්‍ථාව නික‍්ඛමිංසු. ඉති සො තඞ‍්ඛණඤ‍්ඤෙව වනප‍්පතිජෙට‍්ඨකො හුත්‍වා අට‍්ඨාසි. රාජා අට‍්ඨාරසමත‍්තෙ සුවණ‍්ණරජතඝටෙ ගන්‍ධොදකෙන පූරෙත්‍වා නීලුප‍්පලහත්‍ථකාදිපටිමණ‍්ඩිතෙ මහාබොධිං පරික‍්ඛිපිත්‍වා පුණ‍්ණඝටෙ පටිපාටියා ඨපෙසි, සත‍්තරතනමයං වෙදිකං කාරෙසි, සුවණ‍්ණමිස‍්සකං වාලුකං ඔකිරි, පාකාරපරික‍්ඛෙපං කාරෙසි, සත‍්තරතනමයං ද‍්වාරකොට‍්ඨකං කාරෙසි, සක‍්කාරො මහා අහොසි.

තෙරුන් වහන්සේ කොසොල් රජුටද අනේපිඬු සිටුතුමාටද විශාඛා මහ උවැසිය ආදීන්ටද දන්වා ජේතවන විහාර දොරටුවෙහි බෝධිය රෝපණය කරන තැන වළක් කප්පවා මහමුගලන් තෙරුන්ට මෙසේ කීය. ස්වාමීනි, මම ජේතවන විහාර දොරටුවෙහි බෝධියක් රෝපනය කරවන්නෙමි. මට මහා බෝධියෙන් පැසුණු ගෙඩියක් ගෙන එවයි යනුවෙනි. තෙරුන් වහන්සේ මැනවයි පිළිගෙන අහසින් බෝමැඩට ගොස් නැට්ටෙන් ගිලිහෙන පැසුණ ගෙඩියක් බිමට නොවැටෙද්දීම සිවුරෙන් පිළිගෙන ගෙනවුත් ආනන්ද තෙරුන්ට දුන්හ. ආනන්ද තෙරුන් අදම බෝධිය රෝපනය කරන්නෙමියි කොසොල් රජුට දැන්වීය. රජ සවස් කාලයෙහි මහත් වූ පිරිවරින් සියළු උපකරණ ගෙන්වාගෙන පැමිණියේය. අනේපිඬු සිටුතුමාද විශාඛාවද සෙසු ශ්‍රද්ධාවන්ත ජනයාද එසේම පැමිණියහ. තෙරුන් වහන්සේ මහා බෝධිය සිටුවන තැන රන් කටාරමක් තබා යටින් සිදුරක් කරවා සුවඳැති මඩ පුරවා මහරජතුමනි, මේ ඉදුන ගෙඩිය රෝපනය කරවයි රජුට දුන්නේය. හෙතෙම සිතුවේය. රාජ්‍යය නම් හැමකල්හි අපගේ අතෙහි නොසිටී. මවිසින් මෙය අනේපිඬු සිටු ලවා රෝපනය කරවන්නට වටනේ යයි ඒ ඉදුන ගෙඩිය මහසිටුතුමාගේ අතෙහි තැබීය. අනේපිඬු සිටුතුමා සුවදැති මඩ විසුරුවා එහි (එය) හෙලීය. එය ඔහුගේ අතින් මිදුන මොහොතේම සියල්ලන් දකිද්දීම බෝධි වෘක්‍ෂය නගුල් හිස් පමණ වූයේ පණස් රියන් පමණ උස්වූයේ පැන නැගුනේය. සිව්දිසාවෙහිද උඩදැයි මහ අතු පසක් පනස් රියන්වම නික්මුනාහුය. මෙසේ එම වෘක්‍ෂය එකෙනෙහිම විශාල වනස්පති වෘක්‍ෂයක් වී සිටියේය. මහත් වූ පෙළහරද වීය. රජු අටසියයක් පමණ රන්රිදී කල සුවඳ පැනින් පුරවා නිලුපුල් ගත් අත් ඇත්තවුන් ආදී සැරසිලිවලින් බෝමැඩ වටකොට පුන්කලස් තැබිබවීය. සත්රුවන්මුවා වේදිකාවක් කරවීය. රන් මුසු වැලි විසිරවීය. පවුරකින් වට කරවූවක්ද කරවීය. සත්රුවන්මුවා දොරටු කරවීය. මහත් වූ සත්කාර වීය.

ථෙරො තථාගතං උපසඞ‍්කමිත්‍වා “භන‍්තෙ, තුම‍්හෙහි මහාබොධිමූලෙ සමාපන‍්නසමාපත‍්තිං මයා රොපිතබොධිමූලෙ නිසීදිත්‍වා මහාජනස‍්ස හිතත්‍ථාය සමාපජ‍්ජථා”ති ආහ. “ආනන්‍ද, කිං කථෙසි, මයි මහාබොධිමූලෙ සමාපන‍්නසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා නිසින‍්නෙ අඤ‍්ඤො පදෙසො ධාරෙතුං න සක‍්කොතී”ති. “භන‍්තෙ, මහාජනස‍්ස හිතත්‍ථාය ඉමස‍්ස භූමිප‍්පදෙසස‍්ස ධුවනියාමෙන සමාපත‍්තිසුඛෙන තං බොධිමූලං පරිභුඤ‍්ජථා”ති. සත්‍ථා එකරත‍්තිං සමාපත‍්තිසුඛෙන පරිභුඤ‍්ජි. ථෙරො කොසලරාජාදීනං කථෙත්‍වා බොධිමහං නාම කාරෙසි. සොපි ඛො බොධිරුක‍්ඛො ආනන්‍දත්‍ථෙරෙන රොපිතත‍්තා ආනන්‍දබොධියෙවාති පඤ‍්ඤායිත්‍ථ. තදා භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො ආයස‍්මා ආනන්‍දො ධරන‍්තෙයෙව තථාගතෙ බොධිං රොපෙත්‍වා මහාපූජං කාරෙසි , අහො මහාගුණො ථෙරො”ති . සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි ආනන්‍දො සපරිවාරෙසු චතූසු මහාදීපෙසු මනුස‍්සෙ ගහෙත්‍වා බහුගන්‍ධමාලාදීනි ආහරිත්‍වා මහාබොධිමණ‍්ඩෙ බොධිමහං කාරෙසියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි, ඔබවහන්සේ විසින් මහබෝමුල සමවන් සමාපත්තිය මවිසින් රෝපිත බෝධිය මුල හිඳ මහජනයාට හිතසුව පිණිස සමවදුවයි කීහ. ආනන්‍දය, කුමක් කියෙහිද? මා බෝමැඩෙහි සමවන් සමාපත්තියට සමවැඳී සිටින කල්හි අන් පෙදෙසක් දරා සිටින්නට නොහැකි යයි වදාළහ. ස්වාමීනි, මහජනයාට හිතපිණිස මේ බිම් පෙදෙසට ඉසිලිය හැකි ක්‍රමයෙන් සමවත් සුවයෙන් ඒ බෝධිමූලය පරිහරණය කළ මැනවයි ඉල්ලීය. ශාස්තෲන් වහන්සේ එක්රැයක් සමවත් සුවයෙන් ඒ බෝධිමූලය පරිහරණය කළ සේක. තෙරුන් වහන්සේ කොසොල්රජු ආදීන්ට කියා බෝධි උත්සවයක් කරවීය. ඒ බෝධිය ආනන්ද තෙරුන් විසින් රෝපනය කරවූ බැවින් ආනන්දබෝධිය මැයි ප්‍රසිද්ධ වීය. එකල්හි දම්සභාවෙහි “ඇවැත්නි, ආයුෂ්මත් ආනන්ද තෙරුන් තථාගතයන් වහන්සේ වැඩසිටින කල්හිම බෝධිය රෝපණය කර මහත් වූ පූජාවක් කරවීය. තෙරුන් වහන්සේ මහත් වූ ගුණ ඇත්තේය. පුදුමයි යනුවෙන් කථාවක් ඉපිදවූහ. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් වූවෙකිනැයි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොවේ. පෙරද ආනන්දයන් කොදෙව් සහිත සතර මහා දිවයින්හි මිනිසුන් ගෙන බොහෝ සුවඳ හා මල් ගෙන්වා බෝමැඩ බෝධි උත්සවය කරවූයේම යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළසේක.

අතීතෙ කලිඞ‍්ගරට‍්ඨෙ දන‍්තපුරනගරෙ කාලිඞ‍්ගො නාම රාජා රජ‍්ජං කාරෙසි. තස‍්ස මහාකාලිඞ‍්ගො, චූළකාලිඞ‍්ගොති ද‍්වෙ පුත‍්තා අහෙසුං. නෙමිත‍්තකා “ජෙට‍්ඨපුත‍්තො පිතු අච‍්චයෙන රජ‍්ජං කාරෙස‍්සති, කනිට‍්ඨො පන ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා භික‍්ඛාය චරිස‍්සති, පුත‍්තො පනස‍්ස චක‍්කවත‍්තී භවිස‍්සතී”ති බ්‍යාකරිංසු. අපරභාගෙ ජෙට‍්ඨපුත‍්තො පිතු අච‍්චයෙන රාජා අහොසි, කනිට‍්ඨො පන උපරාජා. සො “පුත‍්තො කිර මෙ චක‍්කවත‍්තී භවිස‍්සතී”ති පුත‍්තං නිස‍්සාය මානං අකාසි. රාජා අසහන‍්තො “චූළකාලිඞ‍්ගං ගණ‍්හා”ති එකං අත්‍ථචරකං ආණාපෙසි. සො ගන‍්ත්‍වා “කුමාර, රාජා තං ගණ‍්හාපෙතුකාමො, තව ජීවිතං රක‍්ඛාහී”ති ආහ. සො අත‍්තනො ලඤ‍්ජනමුද‍්දිකඤ‍්ච සුඛුමකම‍්බලඤ‍්ච ඛග‍්ගඤ‍්චාති ඉමානි තීණි අත්‍ථචරකාමච‍්චස‍්ස දස‍්සෙත්‍වා “ඉමාය සඤ‍්ඤාය මම පුත‍්තස‍්ස රජ‍්ජං දදෙය්‍යාථා”ති වත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා රමණීයෙ භූමිභාගෙ අස‍්සමං කත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා නදීතීරෙ වාසං කප‍්පෙසි.

අතීතයෙහි කාලිංගරට දන්ත පුර නගරයෙහි කාලිංග නම් රජු රාජ්‍යය කරවීය. ඔහුට මහා කාලිංග චුල්ල කාලිංග යයි පුත්තු දෙදෙනෙක් වූහ. නිමිති කියන්නෝ ඔවුන් අතරින් ජ්‍යෙෂ්ඨ පුත්‍රයා පියා ඇවෑමෙන් රාජ්‍යය කරන්නේ යයි ප්‍රකාශ කළාහුය. කණිටු පුතු වූ මොහු තවුස් පැවිද්දෙන් පැවිදි වී පිඬු පිණිස හැසිරෙන්නේය. ඔහුගේ පුතා සක්විති රජවන්නේ යයි ප්‍රකාශ කළාහුය. මෑත කාලයෙහි වැඩිමහල් පුතා පියා ඇවෑමෙන් රජ වීය. බාලයා යුවරජු වීය. හෙතෙම මගේ පුතා සක්විති රජ වන්නේ යයි පුතා ඇසුරු කොට මානය කළේය. රජු නොඉවසන්නේ චුල්ලකාලිංගයා ගනුව යයි රාජපුරුෂයෙකුට ඇණවීය. ඔහු ගොස් කුමාරයෙනි, රජු ඔබව අත්අඩංගුවට ගනු කැමැත්තේ වෙයි. ඔබේ ජීවිතය රකුව යයි කීවේය. හෙතෙම තමාගේ සළකුණු මුද්‍රාවද සියුම් පලසද කඩුවද යැයි මේ තුන වැඩ පිණිස හැසිරෙන ඇමතියාට දක්වා මේ සළකුණෙන් මගේ පුත්‍රයාට රාජ්‍යය දෙවයි කියා වනයට පිවිස සිත්කළු බිම්පෙදෙසක ආශ්‍රමයක් කර තවුස් පැවිද්දෙන් පැවිදි වී ගංතෙරෙහි වාසය කරවීය.

මද‍්දරට‍්ඨෙපි සාගලනගරෙ මද‍්දරඤ‍්ඤො අග‍්ගමහෙසී ධීතරං විජායි. තං නෙමිත‍්තකා “අයං භික‍්ඛං චරිත්‍වා ජීවිකං කප‍්පෙස‍්සති, පුත‍්තො පනස‍්සා චක‍්කවත‍්තී භවිස‍්සතී”ති බ්‍යාකරිංසු. සකලජම‍්බුදීපෙ රාජානො තං පවත‍්තිං සුත්‍වා එකප‍්පහාරෙනෙව ආගන‍්ත්‍වා සාගලනගරං රුන්‍ධිංසු. මද‍්දරාජා චින‍්තෙසි “සචාහං ඉමං එකස‍්ස දස‍්සාමි, සෙසරාජානො කුජ‍්ඣිස‍්සන‍්ති, මම ධීතරං රක‍්ඛිස‍්සාමී”ති ධීතරඤ‍්ච භරියඤ‍්ච ගහෙත්‍වා අඤ‍්ඤාතකවෙසෙන පලායිත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා චූළකාලිඞ‍්ගකුමාරස‍්ස අස‍්සමපදතො උපරිභාගෙ අස‍්සමං කත්‍වා පබ‍්බජිත්‍වා උඤ‍්ඡාචරියාය ජීවිකං කප‍්පෙන‍්තො තත්‍ථ පටිවසති. මාතාපිතරො “ධීතරං රක‍්ඛිස‍්සාමා”ති තං අස‍්සමපදෙ කත්‍වා ඵලාඵලත්‍ථාය ගච‍්ඡන‍්ති. සා තෙසං ගතකාලෙ නානාපුප‍්ඵානි ගහෙත්‍වා පුප‍්ඵචුම‍්බටකං කත්‍වා ගඞ‍්ගාතීරෙ ඨපිතසොපානපන‍්ති විය ජාතො එකො සුපුප‍්ඵිතො අම‍්බරුක‍්ඛො අත්‍ථි, තං අභිරුහිත්‍වා කීළිත්‍වා පුප‍්ඵචුම‍්බටකං උදකෙ ඛිපි. තං එකදිවසං ගඞ‍්ගායං න‍්හායන‍්තස‍්ස චූළකාලිඞ‍්ගකුමාරස‍්ස සීසෙ ලග‍්ගි. සො තං ඔලොකෙත්‍වා “ඉදං එකාය ඉත්‍ථියා කතං, නො ච ඛො මහල‍්ලිකාය, තරුණකුමාරිකාය කතකම‍්මං, වීමංසිස‍්සාමි තාව න”න‍්ති කිලෙසවසෙන උපරිගඞ‍්ගං ගන‍්ත්‍වා තස‍්සා අම‍්බරුක‍්ඛෙ නිසීදිත්‍වා මධුරෙන සරෙන ගායන‍්තියා සද‍්දං සුත්‍වා රුක‍්ඛමූලං ගන‍්ත්‍වා තං දිස‍්වා “භද‍්දෙ, කා නාම ත්‍ව”න‍්ති ආහ. “මනුස‍්සිත්‍ථීහමස‍්මි සාමී”ති . “තෙන හි ඔතරාහී”ති. “න සක‍්කා සාමි, අහං ඛත‍්තියා”ති. “භද‍්දෙ, අහම‍්පි ඛත‍්තියොයෙව, ඔතරාහී”ති. සාමි, න වචනමත‍්තෙනෙව ඛත‍්තියො හොති, යදිසි ඛත‍්තියො, ඛත‍්තියමායං කථෙහී”ති. තෙ උභොපි අඤ‍්ඤමඤ‍්ඤං ඛත‍්තියමායං කථයිංසු. රාජධීතා ඔතරි.

මදුරට සාගල නගරයෙහි මදුරට රජුගේ අගමෙහෙසිය දුවක වැදුවාය. නිමිති කියන්නෝ ඇයට, මැය පිඬු සිඟා හැසිර ජීවත් වන්නීය. මැයගේ පුතා සක්විති වන්නේය යයි ප්‍රකාශ කළාහුය. සියළු දඹදිව රජවරු ඒ පුවත අසා එකපැහැර අවුත් නගරය වැටලූහ. මදුරජු සිතුවේය. ඉදින් මම මැය එක් අයෙකුට දෙන්නෙමිද සෙසු රජවරු කිපෙන්නාහ. මගේ දුව රකින්නෙමියි දුවද භාර්යාවද ගෙන අප්‍රසිද්ධ වේශයෙන් පලාගොස් වනයට පිවිස කාලිංග කුමාරයාගේ ආශ්‍රමයෙන් මත්තෙහි ආශ්‍රමයක් කර පැවිදි වී අහර පිණිස හැසිරීමෙන් ජීවිකාව කරමින් එහි වාසය කරයි. මව්පියවරු දුව රකින්නෙමුයි ඇය අසපුවෙහි නවතා ඵලාඵල සඳහා යත්. ඇය ඔවුන් ගියකල්හි නොයෙක් මල්ගෙන මල්මාලාවන් කොට ගංතෙර තබන ලද හිණිපෙළක් මෙන් වූ මනාව මල් පිපි අඹගසෙක් ඇත. (ඇය) එහි නැග ක්‍රීඩාකොට මල්මාලාව, ජලයෙහි දමයි. එය එක් දවසක් ගංගාවෙහි නාන්නා වූ කාලිංග කුමාරයාගේ හිසෙහි ඇලුණේය. ඔහු එය බලා මෙය එක් ස්ත්‍රියක විසින් කරන ලද්දෙකි. යළි මහළු ස්ත්‍රියක විසින් කරන ලද්දක් නොවේ. තරුණ කුමාරිකාවක විසින් කරන ලද්දකි. පළමුව ඇය විමසමි යි කෙලෙස් වශයෙන් ගංගාව ඉස්මත්තෙහි ගොස් අඹරුකෙහි හිඳ මිහිරි හඬින් ගායනා කරන්නා වූ ඇයගේ ශබ්දය අසා ගස මුලට ගොස් ඇය දැක සොඳුර, තී කවරෙක් නම් වෙහිදැයි කීය. ස්වාමීනි, මිනිස් දුවක වෙමි. එසේ වීනම් බසින්න යයි කීවේය. ස්වාමීනි නොහැකිය. වචන මාත්‍රයෙන් ක්‍ෂත්‍රීයයෙක් නොවෙයි. ඉදින් ක්‍ෂත්‍රියයෙක් වෙහි නම් ක්‍ෂත්‍රිය මායා කියවයි කීය. ඒ දෙදෙනා ඔවුනොවුන්ට ක්‍ෂත්‍රිය මායා කීවාහුය. රජදුව ද බැස්සාය.

තෙ අඤ‍්ඤමඤ‍්ඤං අජ‍්ඣාචාරං චරිංසු. සා මාතාපිතූසු ආගතෙසු තස‍්ස කාලිඞ‍්ගරාජපුත‍්තභාවඤ‍්චෙව අරඤ‍්ඤං පවිට‍්ඨකාරණඤ‍්ච විත්‍ථාරෙන තෙසං කථෙසි. තෙ “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තං තස‍්ස අදංසු. තෙසං පියසංවාසෙන වසන‍්තානං රාජධීතා ගබ‍්භං ලභිත්‍වා දසමාසච‍්චයෙන ධඤ‍්ඤපුඤ‍්ඤලක‍්ඛණසම‍්පන‍්නං පුත‍්තං විජායි, “කාලිඞ‍්ගො”තිස‍්ස නාමං අකංසු. සො වයප‍්පත‍්තො පිතු චෙව අය්‍යකස‍්ස ච සන‍්තිකෙ සබ‍්බසිප‍්පානං නිප‍්ඵත‍්තිං පාපුණි. අථස‍්ස පිතා නක‍්ඛත‍්තයොගවසෙන භාතු මතභාවං ඤත්‍වා “තාත, මා ත්‍වං අරඤ‍්ඤෙ වස, පෙත‍්තෙය්‍යො තෙ මහාකාලිඞ‍්ගො කාලකතො, ත්‍වං දන‍්තපුරනගරං ගන‍්ත්‍වා කුලසන‍්තකං සකලරජ‍්ජං ගණ‍්හාහී”ති වත්‍වා අත‍්තනා ආනීතං මුද‍්දිකඤ‍්ච කම‍්බලඤ‍්ච ඛග‍්ගඤ‍්ච දත්‍වා “තාත, දන‍්තපුරනගරෙ අසුකවීථියං අම‍්හාකං අත්‍ථචරකො අමච‍්චො අත්‍ථි, තස‍්ස ගෙහෙ සයනමජ‍්ඣෙ ඔතරිත්‍වා ඉමානි තීණි රතනානි තස‍්ස දස‍්සෙත්‍වා මම පුත‍්තභාවං ආචික‍්ඛ, සො තං රජ‍්ජෙ පතිට‍්ඨාපෙස‍්සතී”ති උය්‍යොජෙසි. සො මාතාපිතරො ච අය්‍යකාය්‍යිකෙ ච වන්‍දිත්‍වා පුඤ‍්ඤමහිද‍්ධියා ආකාසෙන ගන‍්ත්‍වා අමච‍්චස‍්ස සයනපිට‍්ඨෙයෙව ඔතරිත්‍වා “කොසි ත්‍ව”න‍්ති පුට‍්ඨො “චූළකාලිඞ‍්ගස‍්ස පුත‍්තොම‍්හී”ති ආචික‍්ඛිත්‍වා තානි රතනානි දස‍්සෙසි. අමච‍්චො රාජපරිසාය ආරොචෙසි. අමච‍්චා නගරං අලඞ‍්කාරාපෙත්‍වා තස‍්ස සෙතච‍්ඡත‍්තං උස‍්සාපයිංසු.

ඔවුහු එකිනෙකා එකට විසුවාහුය. ඇය මව්පියන් ආ කල්හි ඔහු කාලිංග රජ පුතු බවද වනයට පිවිසි කාරණයද විස්තර සහිතව ඔවුන්ට කීවේය. ඔවුහු මැනවයි පිළිගෙන ඇය ඔහුට දුන්නාහුය. ඔවුන් ප්‍රියශීලීව එක්ව වසන කල්හි රජදුව ගැබක් ලැබ දසමසක් ඇවෑමෙන් භාග්‍යය හා පින් ලකුණු ඇති පුතෙකු වැදුවාය. ඔහුට කාලිංග යයි නම් කළාහුය. පියාගේද මුත්තනුවන්ගේද සමීපයෙහිදී සියළු ශිල්පයන්ගේ නිමාවට පැමිණියේය. ඉක්බිති ඔහුගේ පියා නැකැත් යෝග වශයෙන් සිය සොහොවුරා මළ බව දැන දරුව, ඔබ මේ වනයෙහි නොවසව. ඔබගේ ලොකු තාත්තා වූ මහා කාලිංග රජු මළේය. ඔබ දන්ත පුරයට ගොස් පරපුර සතු වූ රාජ්‍යය ගනුවයි කියා තමා විසින් ගෙනඑන ලද පේරස් මුද්දද පලසද මගුල් කඩුවද දී දරුව, දන්තපුරයෙහි අසවල් වීථියෙහි අපට හිතපිණිස කටයුතු කරන ඇමතියෙක් ඇත. ඔහුගේ නිවසෙහ යහන් මැද බැස මේ රුවන් සළකුණු තුන ඔහුට දක්වා මගේ පුතු බව කියව. ඔහු ඔබ රාජ්‍යයෙහි පිහිටුවන්නේයයි පිටත්කර හැරියේය. හෙතෙම මව්පියන්ද, මුතුන්-මිත්තන්ද වැඳ පුණ්‍යමය සෘද්ධියෙන් අහසින් අවුත් ඇමතියාගේ යහන් මත්තෙහිම බැස “ඔබ කවරෙක් වෙහිදැයි” යි විමසන ලද්දේ චුල්ලකාලිංගගේ පුතු වෙමියි කියා ඒ රුවන් සළකුණු දැක්වීය. ඇමතිවරයා රජ පිරිසට දැන්වීය. ඇමතිවරු නගරය අලංකාර කරවා ඔහුට සේසත එසවූවාහුය.

අථස‍්ස කාලිඞ‍්ගභාරද‍්වාජො නාම පුරොහිතො තස‍්ස දස චක‍්කවත‍්තිවත‍්තානි ආචික‍්ඛි. සො තං වත‍්තං පූරෙසි. අථස‍්ස පන‍්නරසඋපොසථදිවසෙ චක‍්කදහතො චක‍්කරතනං, උපොසථකුලතො හත්‍ථිරතනං, වලාහකකුලතො අස‍්සරතනං, වෙපුල‍්ලපබ‍්බතතො මණිරතනං ආගමි, ඉත්‍ථිරතනගහපතිරතනපරිණායකරතනානි පාතුභවන‍්ති. සො සකලචක‍්කවාළගබ‍්භෙ රජ‍්ජං ගණ‍්හිත්‍වා එකදිවසඤ‍්ච ඡත‍්තිංසයොජනාය පරිසාය පරිවුතො සබ‍්බසෙතං කෙලාසකූටපටිභාගං හත්‍ථිං ආරුය‍්හ මහන‍්තෙන සිරිවිලාසෙන මාතාපිතූනං සන‍්තිකං පායාසි. අථස‍්ස සබ‍්බබුද‍්ධානං ජයපල‍්ලඞ‍්කස‍්ස පථවීනාභිභූතස‍්ස මහාබොධිමණ‍්ඩස‍්ස උපරිභාගෙ නාගො ගන‍්තුං නාසක‍්ඛි. රාජා පුනප‍්පුනං චොදෙසි, සො නාසක‍්ඛියෙව. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා පඨමං ගාථමාහ –

ඉක්බිති ඔහුට කාලිංග භාරද්වාජ නම් පුරෝහිතයා දස සක්විතිවත් කීවේය. හෙතෙම එම මත පූරණය කළේය. ඉක්බිති පසළොස්වක පොහොය දිනයෙහිදී ඔහුට චක්‍රාකාර විලිවලින් චක්‍රරත්නයද උපොසථ කුලයෙන් හස්තිරත්නයද වළාහක අශ්වරාජ කුලයෙන් අශ්වරත්නයද වෙපුල්ල පර්වතයෙන් මාණික්‍යරත්නයද පැමිණියේය. ස්ත්‍රී-ගෘහපති- පරිානයක රත්නයන්ද පහළ වීය. හෙතෙම සියළු සක්වල ගැබ රාජ්‍යය ගෙන එක් දිනයක සතිස් යොදුන් ප්‍රමාණයෙහි පැතිර ගිය සේනාවෙන් පිරිවරන ලද්දේ මුළුමනින්ම සුදුපැහැ වූ කෛලාස පර්වතය හා සමාන ඇතුපිට නැගී මහත් ශ්‍රී විලාසයෙන් මව්පියන්ගේ සමීපයට ගියේය. ඉක්බිති ඔහුගේ හස්තියා සියළු බුදුවරුන්ගේ ජයපළඟ වූ පොළොවෙහි නැඹ වූ මහාබෝධියෙහි මතුභාගයෙන් යන්නට නොහැකි විය. රජු නැවත නැවතත් මෙහෙයවීය. හෙතෙම නොහැකි වීමය. ශාස්තෲන් වහන්සේ ඒ කරුණ ප්‍රකාශ කරන්නේ පළමු ගාථාව වදාළ සේක.

“රාජා කාලිඞ‍්ගො චක‍්කවත‍්ති, ධම‍්මෙන පථවිමනුසාසං; අගමා බොධිසමීපං, නාගෙන මහානුභාවෙනා”ති.

රාජා කාලිඞ්ගො චක්කවත්තී - ධම්මෙන පඨවි මනුසාසං, අගමා බොධි සමීපං - නා ගෙන මහානුභාවෙනා තී

කාලිංග නම් වූ සක්විති රජු ධර්මානුකූලව පොළොව (රාජ්‍යය) අනුශාසනා කරන්නේ මහත් වූ ආනුභාවයෙන් යුක්ත ඇතුපිටින් ශ්‍රී මහා බෝධිය සමීපයට ගියේය.

අථ රඤ‍්ඤො පුරොහිතො රඤ‍්ඤා සද‍්ධිං ගච‍්ඡන‍්තො “ආකාසෙ ආවරණං නාම නත්‍ථි, කිං නු ඛො රාජා හත්‍ථිං පෙසෙතුං න සක‍්කොති , වීමංසිස‍්සාමී”ති ආකාසතො ඔරුය‍්හ සබ‍්බබුද‍්ධානංයෙව ජයපල‍්ලඞ‍්කං පථවීනාභිමණ‍්ඩලභූතං භූමිභාගං පස‍්සි. තදා කිර තත්‍ථ අට‍්ඨරාජකරීසමත‍්තෙ ඨානෙ කෙසමස‍්සුමත‍්තම‍්පි තිණං නාම නත්‍ථි, රජතපට‍්ටවණ‍්ණවාලුකා විප‍්පකිණ‍්ණා හොන‍්ති, සමන‍්තා තිණලතාවනප‍්පතියො බොධිමණ‍්ඩං පදක‍්ඛිණං කත්‍වා ආවට‍්ටෙත්‍වා බොධිමණ‍්ඩාභිමුඛාව අට‍්ඨංසු. බ්‍රාහ‍්මණො තං භූමිභාගං ඔලොකෙත්‍වා “ඉදඤ‍්හි සබ‍්බබුද‍්ධානං සබ‍්බකිලෙසවිද‍්ධංසනට‍්ඨානං, ඉමස‍්ස උපරිභාගෙ සක‍්කාදීහිපි න සක‍්කා ගන‍්තු”න‍්ති චින‍්තෙත්‍වා කාලිඞ‍්ගරඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා බොධිමණ‍්ඩස‍්ස වණ‍්ණං කථෙත්‍වා රාජානං “ඔතරා”ති ආහ. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ඉමා ගාථා ආහ –

ඉක්බිති රජුගේ පුරෝහිතයා රජු සමග යන්නේ අහසෙහි ආවරණයක් නම් නැත. කවර කරුණකින් රජු ඇතු මෙහෙයවන්නට නොහැකි වේදැයි විමසන්නෙමියි අහසින් බැස සියළු බුදුවරුන්ගේ ජයපළඟ වූ පොළොවෙහි නැඹ වූ මහමෝමැඩ දුටුවේය. එකල්හි එහි රාජකීය මිනුමෙන් අටකිරියක් පමණ තැන සාවුන්ගේ දැලි රැවුල් පමණුදු තණ ගසක් නම් නැත. රිදීපටක පැහැ ඇති වැලි විසුරුනේ වෙයි. හාත්පස තණකොළ-වැල්-වනස්පතීහු බෝමැඩ ප්‍රදක්‍ෂිණා කර කරකැවී බෝමැඩට අභිමුඛව සිටියාහුය. පෙරෙවි බමුණා බිමිකොටස බලා මෙය සියළු බුදුවරුන්ගේ සියළු කෙලෙස් නසන තැනයි. මෙහි මතු භාගයෙන් ශක්‍ර ආදීන් විසින්ද යන්නට නොහැකි යයි සිතා කාලිංග රජුගේ සමීපයට ගොස් බෝමැඩෙහි වර්ණනාව කියා රජු බිමට බසුවයි කීවේය. ඒ බව ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ මේ ගාථාව දේශනා කළ සේක.

“කාලිඞ‍්ගො භාරද‍්වාජො ච, රාජානං කාලිඞ‍්ගං සමණකොලඤ‍්ඤං; චක‍්කං වත‍්තයතො පරිග‍්ගහෙත්‍වා, පඤ‍්ජලී ඉදමවොච.

2. කාලිංග භාරද්වාජ පුරෝහිත බමුණා බිම පරීක්‍ෂා කර බලා චක්‍රය ප්‍රවර්තනය කරන (සක්විති වූ) මේ තවුසාගේ පුත් වූ කාලිංග රජුට බඳෑදිළිව මේ බව කීවේය.

“පච‍්චොරොහ මහාරාජ, භූමිභාගො යථා සමණුග‍්ගතො; ඉධ අනධිවරා බුද‍්ධා, අභිසම‍්බුද‍්ධා විරොචන‍්ති.

3. යම් සේ මෙම භූමිභාගය බුදුවරුන් විසින් වර්ණනා කරන ලදද මහරජතුමනි, බිමට බසුව. මෙහිදී අපමණ වූ බුදුවරු බුද්ධත්වයට පත්වූවාහු බබළති.

“පදක‍්ඛිණතො ආවට‍්ටා, තිණලතා අස‍්මිං භූමිභාගස‍්මිං; පථවියා නාභියං මණ‍්ඩො, ඉති නො සුතං මන‍්තෙ මහාරාජ.

4. මේ භූමිභාගයෙහි තෘණ ලතාවෝ දක්‍ෂිණාවෘතව කැරකැවී සිටිති. මහරජතුමනි, මෙය මහාපොළොවෙහි උසස් තැන යයි අප විසින් අසන ලදි.

“සාගරපරියන‍්තාය, මෙදිනියා සබ‍්බභූතධරණියා; පථවියා අයං මණ‍්ඩො, ඔරොහිත්‍වා නමො කරොහි.

5. මේ ස්ථානය සයුර කෙළවර කොට ඇති සියළු සතුන් දරා සිටින්නා වූ පෘථිවියෙහි උසස් තැනයි. බැස නමදිනු මැනවි.

“යෙ තෙ භවන‍්ති නාගා ච, අභිජාතා ච කුඤ‍්ජරා; එත‍්තාවතා පදෙසං තෙ, නාගා නෙව මුපයන‍්ති.

6. මවගෙන්ද පියාගෙන්දැයි (උභය පාර්ශ්වයෙන්ම) උසස් වූ ජන්ම ඇති යම් මේ ඇත්තු වෙත්ද? ඒ ඇත්තු මෙතෙක් කල් මේ ප්‍රදේශයට නොඑළඹෙත්මය.

“අභිජාතො නාගො කාමං, පෙසෙහි කුඤ‍්ජරං දන‍්තිං; එත‍්තාවතා පදෙසො, සක‍්කා නාගෙන මුපගන‍්තුං.

7. ඔබගේ ඇතා උසස් ජන්ම ඇත්තියෙකි. දළ ඇති ඒ ඇතු ඒකාන්තයෙන් මෙහෙයවේවා! මෙතෙක් මේ ප්‍රදේශය ඇතුපිට නැගී එළඹෙන්නට නොහැකිය.

“තං සුත්‍වා රාජා කාලිඞ‍්ගො, වෙය්‍යඤ‍්ජනිකවචො නිසාමෙත්‍වා; සම‍්පෙසෙසි නාගං ඤස‍්සාම, මයං යථිමස‍්සිදං වචනං.

8. කාලිංග රජු ඒ අසා පණ්ඩිත වූ ලක්ෂණ ශාස්ත්‍ර දන්නා වූ ඒ බ්‍රාහ්මණයාගේ වචනයට එසේම වන්නේදැයි තත්වූ පරිදි දැනගන්නෙමුයි කියා ඇතු මෙහෙයවීය.

“සම‍්පෙසිතො ච රඤ‍්ඤා, නාගො කොඤ‍්චොව අභිනදිත්‍වාන; පටිසක‍්කිත්‍වා නිසීදි, ගරුංව භාරං අසහමානො”ති.

9. රජතුමා විසින් මෙහෙයවන ලද ඇතා කොස්වා ලිහිණියෙකු මෙන් නාද කර මහත් වූ බරක් නොඉවසන්නෙක් මෙන් පසුබැස සිටියේය.

තත්‍ථ සමණකොලඤ‍්ඤන‍්ති තාපසානං පුත‍්තං. චක‍්කං වත‍්තයතොති චක‍්කං වත‍්තයමානං, චක‍්කවත‍්තින‍්ති අත්‍ථො. පරිග‍්ගහෙත්‍වාති භූමිභාගං වීමංසිත්‍වා. සමණුග‍්ගතොති සබ‍්බබුද‍්ධෙහි වණ‍්ණිතො. අනධිවරාති අතුල්‍යා අප‍්පමෙය්‍යා. විරොචන‍්තීති විහතසබ‍්බකිලෙසන්‍ධකාරා තරුණසූරියා විය ඉධ නිසින‍්නා විරොචන‍්ති. තිණලතාති තිණානි ච ලතායො ච. මණ‍්ඩොති චතුනහුතාධිකද‍්වියොජනසතසහස‍්සබහලාය පථවියා මණ‍්ඩො සාරො නාභිභූතො අචලට‍්ඨානං, කප‍්පෙ සණ‍්ඨහන‍්තෙ පඨමං සණ‍්ඨහති, විනස‍්සන‍්තෙ පච‍්ඡා විනස‍්සති. ඉති නො සුතන‍්ති එවං අම‍්හෙහි ලක‍්ඛණමන‍්තවසෙන සුතං. ඔරොහිත්‍වාති ආකාසතො ඔතරිත්‍වා ඉමස‍්ස සබ‍්බබුද‍්ධානං කිලෙසවිද‍්ධංසනට‍්ඨානස‍්ස නමො කරොහි, පූජාසක‍්කාරං කරොහි.

එහි සමණකොලඤ්ඤං යනු තවුසන්ගේ පුතා. චක්කං වත්තයතො යනු චක්‍රය පවත්වන්නා වූ සක්විති රජු යන අර්ථය. පරිග්ගහෙත්‍වා යනු භූමිභාගය විමසා. සමනුගීතො යනු සියළු බුදුවරුන් විසින් වර්ණනා කරන ලද. අනධිවරා යනු අසමාන වූ. අප්‍රමාණ වූ. විරොචන්ති යනු නසන ලද සියළු කෙලෙස් නම් අඳුර ඇති මධ්‍යාහ්නයේ හිරු මෙන් මෙහි හුන්නාහු බබලත්. තිණලතා යනු තණකොළ හා වැල්. මණ්ඩො යනු යොදුන් දෙලක්‍ෂ සතලිස් දහසක් ඝන වූ පෘථුවියෙහි උසස් වූ සාර වූ මැඩලිය නොහැකි වූ සෙලවිය නොහැකි වූ තැනයි. කල්පය නැවත හටගන්නා කල්හි පළමුව හටගනී. නැසෙන කල්හි පසුව නැසේ. ඉති නො සුතං යනු අප විසින් ලක්‍ෂණ ප්‍රකාශිත මන්තර වශයෙන් මෙසේ අසන ලදි. ඔරොහිත්‍වා. අහසින් බැස සියළු බුදුවරුන්ගේ කෙලෙස් පඳුරු නසන්නා වූ මේ තැනට නමස්කාර කරව. පූජාසත්කාර කරව.

යෙ තෙති යෙ චක‍්කවත‍්තිරඤ‍්ඤො හත්‍ථිරතනසඞ‍්ඛාතා උපොසථකුලෙ නිබ‍්බත‍්තනාගා. එත‍්තාවතාති සබ‍්බෙපි තෙ එත‍්තකං පදෙසං නෙව උපයන‍්ති, කොට‍්ටියමානාපි න උපගච‍්ඡන‍්තියෙව. අභිජාතොති ගොචරියාදීනි අට‍්ඨ හත්‍ථිකුලානි අභිභවිත්‍වා අතික‍්කමිත්‍වා උපොසථකුලෙ ජාතො. කුඤ‍්ජරන‍්ති උත‍්තමං. එත‍්තාවතාති එත‍්තකො පදෙසො සක‍්කා එතෙන නාගෙන උපගන‍්තුං, ඉතො උත‍්තරි න සක‍්කා, අභිකඞ‍්ඛන‍්තො වජිරඞ‍්කුසෙන සඤ‍්ඤං දත්‍වා පෙසෙහීති. වෙය්‍යඤ‍්ජනිකවචො නිසාමෙත්‍වාති භික‍්ඛවෙ, සො රාජා තස‍්ස ලක‍්ඛණපාඨකස‍්ස වෙය්‍යඤ‍්ජනිකස‍්ස කාලිඞ‍්ගභාරද‍්වාජස‍්ස වචො නිසාමෙත්‍වා උපධාරෙත්‍වා “ඤස‍්සාම මයං යථා ඉමස‍්ස වචනං යදි වා සච‍්චං යදි වා අලික”න‍්ති වීමංසන‍්තො නාගං පෙසෙසීති අත්‍ථො. කොඤ‍්චොව අභිනදිත්‍වානාති භික‍්ඛවෙ, සො නාගො තෙන රඤ‍්ඤා වජිරඞ‍්කුසෙන චොදෙත්‍වා පෙසිතො කොඤ‍්චසකුණො විය නදිත්‍වා පටිසක‍්කිත්‍වා සොණ‍්ඩං උක‍්ඛිපිත්‍වා ගීවං උන‍්නාමෙත්‍වා ගරුං භාරං වහිතුං අසක‍්කොන‍්තො විය ආකාසෙයෙව නිසීදි.

යෙ තෙ යනු යම් ඒ සක්විති රජුගේ හස්තිරත්නය නම් වූ උපෝෂත කුලයෙහි උපන් ඇත්තු. එත්තාවතා යනු ඒ සියල්ලෝම මෙපණක් වූ ප්‍රදේශයට. නෙවමුපයං යනු මෙහෙයවනු ලබන්නාහු නමුත් නො එළඹෙත්ම යනුයි. අභිජාතො යනු ගොචරිය ආදී වූ ඇත්කුල අට අභිබවා ඉක්මවා උපෝෂථ කුලයෙහි උපන්නේ කුඤ්ජරං යනු උතුම්. එත්තාවතා යනු මෙපමණක් ප්‍රදේශයක් ඇතු මතින් එළඹෙන්නට හැකිය. මින් මත්තෙහි දියමන්තිමය හෙණ්ඩුවෙන් සංඥා දී මෙහෙයවයි. වෙය්‍යඤ්ජනිකවචො නිසාමෙත්‍වා යනු භාරද්වාජ බ්‍රාහ්මණයාගේ වචනය අසා පරීක්‍ෂා කොට දැන ගන්නෙමු. අපි යම්සේ මොහුගේ වචනය ඉදින් සත්‍යද ඉදින් අසත්‍යදැයි විමසන්නේ ඇතු මෙහෙයවීය යන අර්ථයි. කොඤ්චොව අභිනදිත්‍වාන යනු මහණෙනි, ඒ ඇතා ඒ රජු විසින් දියමන්තිමය හෙණ්ඩුවෙන් මෙහෙයවා පිටත්කර හරනා ලදුයේ කොස්වාලිහිණි පක්‍ෂියෙකු මෙන් නාදකොට පසුබැස සොඬය ඔසවා බෙල්ල උඩට නවා මහත් වූ බරක් ඉසිලීමට නොහැකි වන්නෙක් මෙන් අහසෙහිම හුන්නේය.

සො තෙන පුනප‍්පුනං විජ‍්ඣියමානො වෙදනං සහිතුං අසක‍්කොන‍්තො කාලමකාසි. රාජා පනස‍්ස මතභාවං අජානන‍්තො පිට‍්ඨෙ නිසින‍්නොව අහොසි. කාලිඞ‍්ගභාරද‍්වාජො “මහාරාජ, තව නාගො නිරුද‍්ධො, අඤ‍්ඤං හත්‍ථිං සඞ‍්කමා”ති ආහ. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා දසමං ගාථමාහ –

ඒ ඇතු එම කාලිංග රජු විසින් නැවත නැවතත් විදිනු ලබන්නේ වේදනාව ඉවසන්නට නොහැකි වන්නේ කළුරිය කළේය. රජු ඌ මළ බව නොදන්නේ එලෙස හුන්නේම වීය. කාලිංග භාරද්වාජ බ්‍රාහ්මණයා කියනුයේ මහරජතුමනි, ඔබගේ ඇතු නිරුද්ධ වූයේය. අන් ඇතකු වෙත යවයි කීය. ඒ කරුණ ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ දසවන ගාථාව වදාළ සේක.

“කාලිඞ‍්ගභාරද‍්වාජො , නාගං ඛීණායුකං විදිත්‍වාන; රාජානං කාලිඞ‍්ගං, තරමානො අජ‍්ඣභාසිත්‍ථ; අඤ‍්ඤං සඞ‍්කම නාගං, නාගො ඛීණායුකො මහාරාජා”ති.

10. කාලිංග භාරද්වාජ බමුණා ඇතා මළ බව දැන වෙළවිවැ කාලිංග රජුට මෙසේ කීවේය. මහරජතුමනි, ඇතා මළේය. අන් ඇතෙකු වෙත එළඹෙවයි.

තත්‍ථ නාගො ඛීණායුකොති නාගො තෙ ජීවිතක‍්ඛයං පත‍්තො, යං කිඤ‍්චි කරොන‍්තෙන න සක‍්කා පිට‍්ඨෙ නිසින‍්නෙන බොධිමණ‍්ඩමත්‍ථකෙන ගන‍්තුං. අඤ‍්ඤං නාගං සඞ‍්කමාති රඤ‍්ඤො පුඤ‍්ඤිද‍්ධිබලෙන අඤ‍්ඤො නාගො උපොසථකුලතො ආගන‍්ත්‍වා පිට‍්ඨිං උපනාමෙසි.

එහි නාගො ඛීණායුකො යනු තොපගේ ඇතා මරණයට පත් වූයේය. කවරක් කරන්නාහු නමුත් ඇතු පිට හුන්නහු විසින් බෝමැඩ මත්තෙන් යන්නට නොහැකිය. අන් ඇතෙකු වෙත මාරු වෙවයි.

රාජා තස‍්ස පිට‍්ඨියං නිසීදි. තස‍්මිං ඛණෙ මතහත්‍ථී භූමියං පති. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ඉතරං ගාථමාහ –

රජුගේ පුණ්‍යමය සෘද්ධි බලයෙන් උපොසථ කුලයෙන් අන් ඇතෙක් අවුත් පිට නැමුවේය. රජු උගේ පිටෙහි හුන්නේය. එකෙනෙහිම මළ ඇතා බිම වැටුනේය. ඒ කරුණ ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ වෙනත් ගාථාවක් වදාළ සේක.

“තං සුත්‍වා කාලිඞ‍්ගො, තරමානො සඞ‍්කමී නාගං; සඞ‍්කන‍්තෙව රඤ‍්ඤෙ නාගො, තත්‍ථෙව පති භුම්‍යා; වෙය්‍යඤ‍්ජනිකවචො, යථා තථා අහු නාගො”ති.

11. කාලිංග රජු ඒ අසා වහා අන් ඇතකු පිට නැගුනේය. රජ මාරුවූ කල (මළ) ඇතා එහිම බිම වැටුණි. පණ්ඩිත වූ බමුණාගේ වචනය යම්සේ වීද එසේ ඇතු (මරණයට පත්වූයේ) වීය.

අථ රාජා ආකාසතො ඔරුය‍්හ බොධිමණ‍්ඩං ඔලොකෙත්‍වා පාටිහාරියං දිස‍්වා භාරද‍්වාජස‍්ස ථුතිං කරොන‍්තො ආහ –

ඉක්බිති රජු අහසින් බැස බෝමැඩ බලා පෙළහර දැක භාරද්වාජට ස්තුති කරන්නේ (මෙසේ) කීවේය.

“කාලිඞ‍්ගො රාජා කාලිඞ‍්ගං, බ්‍රාහ‍්මණං එතදවොච; ත්‍වමෙව අසි සම‍්බුද‍්ධො, සබ‍්බඤ‍්ඤූ සබ‍්බදස‍්සාවී”ති.

12. කාලිංග රජු කාලිංග භාරද්වාජ බමුණාට මෙම වචනය කීවේය. ඔබම සියල්ල දන්නා වූ දක්නා වූ සම්බුදු වෙහිය.

බ්‍රාහ‍්මණො තං අනධිවාසෙන‍්තො අත‍්තානං නීචට‍්ඨානෙ ඨපෙත්‍වා බුද‍්ධෙයෙව උක‍්ඛිපිත්‍වා වණ‍්ණෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ඉමා ගාථා අභාසි –

බ්‍රාහ්මණයා එය නොඉවසන්නේ තමා පහත් තැනෙහි තබා බුදුවරුන්ම උසස්කොට වර්ණනා කළේය. ඒ කරුණ ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

“තං අනධිවාසෙන‍්තො කාලිඞ‍්ග, බ්‍රාහ‍්මණො ඉදමවොච; වෙය්‍යඤ‍්ජනිකා හි මයං, බුද‍්ධා සබ‍්බඤ‍්ඤුනො මහාරාජ.

13. කාලිංග බ්‍රාහ්මණයා එම වචනය නොඉවසන්නේ මෙය කීවේය. මහරජතුමනි, අපි ලක්‍ෂණ ශාස්ත්‍රය දන්නෝ වෙමු. බුදුවරු සියල්ල දත්තෝ වෙති.

“සබ‍්බඤ‍්ඤූ සබ‍්බවිදූ ච, බුද‍්ධා න ලක‍්ඛණෙන ජානන‍්ති; ආගමබලසා හි මයං, බුද‍්ධා සබ‍්බං පජානන‍්තී”ති.

14. බුදුවරු ලක්‍ෂණ ශාස්ත්‍රයෙන් නොව, සර්වඥතාඥානයෙන් සියල්ල දන්නාහුය. සියල්ල අවබෝධ කළාහුය. අපි උගත් දෙය බලය කොට ඇත්තෝ එක දේශයක් දත්තෝ වෙමු. බුදුවරු වූ කලී සියල්ල දනිත්.

තත්‍ථ වෙය්‍යඤ‍්ජනිකාති මහාරාජ, මයං බ්‍යඤ‍්ජනං දිස‍්වා බ්‍යාකරණසමත්‍ථා සුතබුද‍්ධා නාම, බුද‍්ධා පන සබ‍්බඤ‍්ඤූ සබ‍්බවිදූ. බුද‍්ධා හි අතීතාදිභෙදං සබ‍්බං ජානන‍්ති චෙව පස‍්සන‍්ති ච, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන තෙ සබ‍්බං ජානන‍්ති, න ලක‍්ඛණෙන. මයං පන ආගමබලසා අත‍්තනො සිප‍්පබලෙනෙව ජානාම, තඤ‍්ච එකදෙසමෙව, බුද‍්ධා පන සබ‍්බං පජානන‍්තීති.

එහි වෙය්‍යඤ්ජනිකා යනු මහරජතුමනි, අපි ලකුණු දැක විස්තර කරන්නට සමර්ථ වූවෝ වෙමු. එහෙයින් සුතබුද්ධ නම් වෙමු. බුදුවරු වනාහි සියල්ල දත්තෝය. සියල්ල අවබෝධ කළාහුය. බුදුවරු අතීතාදී සියල්ල දනිත්. ප්‍රකාශ කරත්. උන්වහන්සේලා සර්වඥතාඥානයෙන් සියල්ල දනිත්. ලක්‍ෂණ ශාස්ත්‍රයෙන් නොවේ. අපි වනාහි ආගම බලසා තමා උගත් ශිල්ප බලයෙන්ම දනිමු. එය එක් කොටසකි. බුදුවරු සියල්ල දනිත් යයි.

රාජා බුද‍්ධගුණෙ සුත්‍වා සොමනස‍්සප‍්පත‍්තො හුත්‍වා සකලචක‍්කවාළවාසිකෙහි බහුගන්‍ධමාලං ආහරාපෙත්‍වා මහාබොධිමණ‍්ඩෙ සත‍්තාහං වසිත්‍වා මහාබොධිපූජං කාරෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ඉමං ගාථාද‍්වයමාහ –

රජු බුද්ධ ගුණයන් අසා සොම්නසට පත් වූයේ වී සියළු සක්වල වැසියන් ලවා බොහෝ සුවඳ හා මල් ගෙන්වා බෝමැඩ සත්දිනක් බෝධිපූජාව කරවීය. ඒ කරුණ ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ මේ ගාථා දෙක කීවේය.

“මහයිත්‍වා සම‍්බොධිං, නානාතුරියෙහි වජ‍්ජමානෙහි; මාලාවිලෙපනං අභිහරිත්‍වා, අථ රාජා මනුපායාසි.

15. වාදනය කරනු ලබන නොයෙක් තූර්යයන්ගෙන් බෝධියට ගරුකොට මල් ගඳවිලවුන් ගෙනවුත් පවුර වටකිරීම කරවීය. ඉක්බිති රජු පිටත්ව ගියේය.

“සට‍්ඨි වාහසහස‍්සානි, පුප‍්ඵානං සන‍්නිපාතයි; පූජෙසි රාජා කාලිඞ‍්ගො, බොධිමණ‍්ඩමනුත‍්තර”න‍්ති.

16. කාලිංග රජු ගැල් සැටදහසක් මල් රැස් කරවීය. උතුම් බෝමැඩ පිදුවේය.

තත්‍ථ මනුපායාසීති මාතාපිතූනං සන‍්තිකං අගමාසි. සො මහාබොධිමණ‍්ඩෙ අට‍්ඨාරසහත්‍ථං සුවණ‍්ණත්‍ථම‍්භං උස‍්සාපෙසි. තස‍්ස සත‍්තරතනමයා වෙදිකා කාරෙසි, රතනමිස‍්සකං වාලුකං ඔකිරාපෙත්‍වා පාකාරපරික‍්ඛිත‍්තං කාරෙසි, සත‍්තරතනමයං ද‍්වාරකොට‍්ඨකං කාරෙසි, දෙවසිකං පුප‍්ඵානං සට‍්ඨිවාහසහස‍්සානි සන‍්නිපාතයි, එවං බොධිමණ‍්ඩං පූජෙසි. පාළියං පන “සට‍්ඨි වාහසහස‍්සානි පුප‍්ඵාන”න‍්ති එත‍්තකමෙව ආගතං.

එහි පායාසි යනු මව්පියවරුන්ගේ සමීපයට ගියේය. හෙතෙම මහබෝ මැඩහි අටළොස් රියනක් උස රන් ටැඹක් නැංවීය. එයට සත්රුවන් මුවා වේදිකාවක් කරවීය. රුවන් මිශ්‍රවූ වැලි විසුරුවා පවුරින් වටකිරීම කළේය. සත් රුවන්මය දොර කොටුවක් කරවීය. දිනපතා සැටදහසක් මල් ගැල් රැස්කරවීය. මෙසේ බෝමැඩ පිදීය. පෙළෙහි සට්ඨිවාහ සහස්සානං පුප්ඵානං යයි මෙපණක් ම කියන ලදි.

එවං මහාබොධිපූජං කත්‍වා මාතාපිතරො අය්‍යකාය්‍යිකෙ ච ආදාය දන‍්තපුරමෙව ආනෙත්‍වා දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා තාවතිංසභවනෙ නිබ‍්බත‍්ති.

මෙසේ මහා බෝධිපූජා කොට ගොස් මව්පියන් කැඳවාගෙන දන්ත පුරයටම අවුත් දන්දීම් ආදී වූ පින්කර තවුතිසා භවනයෙහි උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි ආනන්‍දො බොධිපූජං කාරෙසියෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා මාණවකකාලිඞ‍්ගො ආනන්‍දො අහොසි, කාලිඞ‍්ගභාරද‍්වාජො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, ආනන්ද තෙරුන් දැන් පමණක් නොවේ. පෙරද බෝධිපූජා කළේම යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි කාලිංග රජු ආනන්ද හිමි වීය. කාලිංග භාරද්වාජ බ්‍රාහ්මණයා මම ම වීමි යයි වදාළ සේක.

කාලිඞ‍්ගබොධිජාතකවණ‍්ණනා ඡට‍්ඨා.