යෙදුමෙන් කියවන්න

7. අකිත‍්තිජාතකවණ‍්ණනා 480 අට‍්ඨකථා

7. අකිත‍්තිජාතකවණ‍්ණනා (480)

7. අකිත්ති ජාතකය (480)

අකිත‍්තිං දිස‍්වා සම‍්මන‍්තන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං සාවත්‍ථිවාසිං දානපතිං උපාසකං ආරබ‍්භ කථෙසි. සො කිර සත්‍ථාරං නිමන‍්තෙත්‍වා සත‍්තාහං බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දත්‍වා පරියොසානදිවසෙ අරියසඞ‍්ඝස‍්ස සබ‍්බපරික‍්ඛාරෙ අදාසි. අථස‍්ස සත්‍ථා පරිසමජ‍්ඣෙයෙව අනුමොදනං කරොන‍්තො “උපාසක, මහා තෙ පරිච‍්චාගො, අහො දුක‍්කරං තයා කතං, අයඤ‍්හි දානවංසො නාම පොරාණකපණ‍්ඩිතානං වංසො, දානං නාම ගිහිනාපි පබ‍්බජිතෙනාපි දාතබ‍්බමෙව. පොරාණකපණ‍්ඩිතා පන පබ‍්බජිත්‍වා අරඤ‍්ඤෙ වසන‍්තාපි අලොණකං විධූපනං උදකමත‍්තසිත‍්තං කාරපණ‍්ණං ඛාදමානාපි සම‍්පත‍්තයාචකානං යාවදත්‍ථං දත්‍වා සයං පීතිසුඛෙන යාපයිංසූ”ති වත්‍වා “භන‍්තෙ, ඉදං තාව සබ‍්බපරික‍්ඛාරදානං මහාජනස‍්ස පාකටං, තුම‍්හෙහි වුත‍්තං අපාකටං, තං නො කථෙථා”ති තෙන යාචිතො අතීතං ආහරි.

අකිත්තිං දිස්වාන සම්මත්තං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් සැවැත්නුවර වැසි එක් දානපතියෙකු අරභයා දේශනා කළ සේක. හෙතෙම ශාස්තෲන් වහන්සේට ආරධනා කර බුද්ධප්‍රමුඛ සංඝයාට සත්දිනක් මහදන් දී අවසන් දිනයෙහිදී ආර්ය සංඝයාට සියළු පිරිකර දුන්නේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ පිරිස මැදදීම ඔහුට අනුමෝදනා කරන සේක් උපාසකය, ඔබගේ පරිත්‍යාගය මහත් වූවකි. ඔබ විසින් ඉතා දුෂ්කර වූවක් කරන ලදි. මේ දන් පරපුර පැරණි පඩුවන්ගේ පරපුරයි. දානය නම් ගිහි වූවහු විසින්ද පැවිද්දා විසින්ද දිය යුත්තේමය. පැරණි පණ්ඩිතයෝ පැවිදි වී වනයෙහි වසන්නාහු ලුණු හා තෙම්පරාදුවක් නැති දිය පමණක් වක්කර උයන ලද කරකොල කනු ලබන්නාහුද පැමිණි යාචකයන්ට ඇති පමණ දී තෙමේ ප්‍රීති සුවයෙන් යැපුනාහුයයි කියා ස්වාමීනි, මේ සියළු පිරිකර දීම මහජනයාට ප්‍රකට වූයේ වෙයි. ඔබවහන්සේ විසින් වදාරන ලද්ද අප්‍රකටය. එය අපට වදාරව මැනවයි ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය නෙහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො අසීතිකොටිවිභවස‍්ස බ්‍රාහ‍්මණමහාසාලස‍්ස කුලෙ නිබ‍්බත‍්ති, “අකිත‍්තී”තිස‍්ස නාමං කරිංසු. තස‍්ස පදසා ගමනකාලෙ භගිනීපි ජායි, “යසවතී”තිස‍්සා නාමං කරිංසු. මහාසත‍්තො සොළසවස‍්සකාලෙ තක‍්කසිලං ගන‍්ත්‍වා සබ‍්බසිප‍්පානි උග‍්ගණ‍්හිත්‍වා පච‍්චාගමි. අථස‍්ස මාතාපිතරො කාලමකංසු. සො තෙසං පෙතකිච‍්චානි කාරෙත්‍වා ධනවිලොකනං කරොන‍්තො “අසුකො නාම එත‍්තකං ධනං සණ‍්ඨපෙත්‍වා අතීතො, අසුකො එත‍්තක”න‍්ති වචනං සුත්‍වා සංවිග‍්ගමානසො හුත්‍වා “ඉදං ධනමෙව පඤ‍්ඤායති, න ධනස‍්ස සංහාරකා, සබ‍්බෙ ඉමං ධනං පහායෙව ගතා, අහං පන තං ආදාය ගමිස‍්සාමී”ති භගිනිං පක‍්කොසාපෙත්‍වා “ත්‍වං ඉමං ධනං පටිපජ‍්ජාහී”ති ආහ . “තුම‍්හාකං පන කො අජ‍්ඣාසයො”ති? “පබ‍්බජිතුකාමොම‍්හී”ති. “භාතික, අහං තුම‍්හෙහි ඡඩ‍්ඩිතං ඛෙළං න සිරසා සම‍්පටිච‍්ඡාමි, න මෙ ඉමිනා අත්‍ථො, අහම‍්පි පබ‍්බජිස‍්සාමී”ති. සො රාජානං ආපුච‍්ඡිත්‍වා භෙරිං චරාපෙසි “ධනෙන අත්‍ථිකා අකිත‍්තිපණ‍්ඩිතස‍්ස ගෙහං ආගච‍්ඡන‍්තූ”ති.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝසතුන් වහන්සේ අසූකෙළක් ධනය ඇති බමුණු මහසල් කුලයක උපන් සේක. ඔහුට අකිත්ති යයි නම් කළාහුය. ඔහු පයින් යන කල්හි සොහොවුරියක් උපන්නාය. ඇයට යසවතී යයි නම් කළාහුය. මහබෝසත් තෙමේ සොළොස් වයස් කාලයෙහි තක්‍ෂිලාවට ගොස් සියළු ශිල්පයන් ඉගෙන පෙරළා පැමිණියේය. ඉක්බිති ඔහුගේ මව්පියවරු කළුරිය කළාහුය. හෙතෙම ඔවුන්ගේ මළවුන් පිළිබඳ කටයුතු කරවා රත්නාවලෝකය කරන්නෝ අසවලා මෙතෙක් ධනය රැස්කර තබා මියගියේය. අසවලා මෙතෙකැයි යන වචනය අසා කළකිරුණු සිත් ඇත්තේ වී මේ ධනයම පෙනෙයි. ධනය ගෙන යන්නෙක් නොපෙනෙයි. සියල්ලෝම මේ ධනය අත්හැරම ගියාහුය. මම ඒ ධනය ගෙන යන්නෙමියි සොහොවුරිය කැඳවා ඔබ මේ ධනය පිළිපදුවයි කීවේය. තොපගේ කවර අදහසක් දැයි පැවිදිවනු කැමැත්තෙමියි. දරුව, මම තොප විසින් හරනා ලද කෙළ හිසින් පිළිනොගන්නෙමි. මට මෙයින් වැඩක් නැත. මමද පැවිදි වන්නෙමියි කීවාය. හෙතෙම රජු විමසා ධනයෙන් ප්‍රයෝජනයක් ඇත්තෝ පණ්ඩිතගේ ගෙට පැමිණෙත්වායි බෙර හසුරුවාලීය.

සො සත‍්තාහං මහාදානං පවත‍්තෙත්‍වා ධනෙ අඛීයමානෙ චින‍්තෙසි “ඉමෙ සඞ‍්ඛාරා ඛීයන‍්ති, කිං මෙ ධනකීළාය, අත්‍ථිකා තං ගණ‍්හිස‍්සන‍්තී”ති නිවෙසනද‍්වාරං විවරිත්‍වා “දින‍්නඤ‍්ඤෙව හරන‍්තූ”ති සහිරඤ‍්ඤසුවණ‍්ණං ගෙහං පහාය ඤාතිමණ‍්ඩලස‍්ස පරිදෙවන‍්තස‍්ස භගිනිං ගහෙත්‍වා බාරාණසිතො නික‍්ඛමි. යෙන ද‍්වාරෙන නික‍්ඛමි, තං අකිත‍්තිද‍්වාරං නාම ජාතං, යෙන තිත්‍ථෙන නදිං ඔතිණ‍්ණො, තම‍්පි අකිත‍්තිතිත්‍ථං නාම ජාතං. සො ද‍්වෙ තීණි යොජනානි ගන‍්ත්‍වා රමණීයෙ ඨානෙ පණ‍්ණසාලං කත්‍වා භගිනියා සද‍්ධිං පබ‍්බජි. තස‍්ස පබ‍්බජිතකාලතො පට‍්ඨාය බහුගාමනිගමරාජධානිවාසිනො පබ‍්බජිංසු. මහාපරිවාරො අහොසි, මහාලාභසක‍්කාරො නිබ‍්බත‍්ති, බුද‍්ධුප‍්පාදකාලො විය පවත‍්ති. අථ මහාසත‍්තො “අයං ලාභසක‍්කාරො මහා, පරිවාරොපි මහන‍්තො, මයා එකකෙනෙව විහරිතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා අවෙලාය අන‍්තමසො භගිනිම‍්පි අජානාපෙත්‍වා එකකොව නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන දමිළරට‍්ඨං පත්‍වා කාවීරපට‍්ටනසමීපෙ උය්‍යානෙ විහරන‍්තො ඣානාභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙසි. තත්‍රාපිස‍්ස මහාලාභසක‍්කාරො උප‍්පජ‍්ජි. සො තං ජිගුච‍්ඡිත්‍වා ඡඩ‍්ඩෙත්‍වා ආකාසෙන ගන‍්ත්‍වා නාගදීපසමීපෙ කාරදීපෙ ඔතරි. තදා කාරදීපො අහිදීපො නාම අහොසි. සො තත්‍ථ මහන‍්තං කාරරුක‍්ඛං උපනිස‍්සාය පණ‍්ණසාලං මාපෙත්‍වා වාසං කප‍්පෙසි. තත්‍ථ තස‍්ස වසනභාවං න කොචි ජානාති. අථස‍්ස භගිනී භාතරං ගවෙසමානා අනුපුබ‍්බෙන දමිළරට‍්ඨං පත්‍වා තං අදිස‍්වා තෙන වසිතට‍්ඨානෙයෙව වසි, ඣානං පන නිබ‍්බත‍්තෙතුං නාසක‍්ඛි.

හෙතෙම සත්දිනක් මහදන් පවත්වා ධනය ක්‍ෂය නොවන කල්හි මෙසේ සිතුවේය. මගේ ආයුෂ පැවැත්මේ ශක්තිය ක්‍ෂය වෙයි. මට මේ ධන ක්‍රීඩාවෙන් කවර ප්‍රයෝජනයක්ද? වැඩ ඇත්තෝ ගන්නාහු යයි නිවෙස් දොර හැර දෙන ලද්දක් මෙන්ම ගෙන යත්වයි රන් රිදී සහිත ගෙය හැර නෑදෑ සමූහයා හඬද්දීම සොහොවුරියද කැටුව බරණැස් නුවරින් යම් දොරකින් පිටත් වූයේද එය අකීර්ති ද්වාර නම් වීය. යම් තොටකින් නදිය තරණය කළේද එයද අකීර්ති තොට යයි නම් වීය. හෙතෙම දෙතුන් යොදුනක් ගොස් සිත්කළු තැනක පන්සලක් කොට සොහොයුරිය සමග පැවිදි වූයේය. ඔහු පැවිදි වූ තැන් පටන් බොහෝ ගම් නියම්ගම් රාජධානිවාසීහු පැවිදි වූවාහුය. මහත් පිරිවර ඇත්තේ වීය. මහත් වූ ලාභ සත්කාර උපන්නේය. බුදුවරයෙකුගේ ඉපදීම මෙන් වීය. ඉක්බිති මහ බෝසත් තෙමේ “මේ මහා ලාභ සත්කාර ඇත්තේය. මේ පිරිවර අතිමහත්ය. මවිසින් හුදකලාව වාසය කරන්නට වටනේයයි සිතා නොකල්හි යටත් පිරිසෙයින් සොහොයුරියට හෝ නොදන්වා හුදකලාව නික්මී පිළිවෙලින් දමිළ රටට පැමිණ කාවීර පටුන සමීපයෙහි උයනෙහි වාසය කරන්නේ ධ්‍යාන අභිඥාවන් ඉපිදවීය. ඔහුට එහිදීද මහත් වූ ලාභ සත්කාර ඉපදුණි. හෙතෙම එය පිළිකුල් කරමින් අත්හැර අහසින් ගොස් නාගදීපය සමීපයෙහි කාර දිවයිනෙහි බැස්සේය. එකල්හි කාර දිවයින අභිදීප නම් වෙයි. හෙතෙම එහි මහත් වූ කරගසක් ඇසුරුකොට පන්සලක් ඉදිකරවා වාසය කෙළේය. එහි ඔහු වසන බව කිසිවෙකුත් නොදනී. ඉක්බිති ඔහුගේ සොහොයුරිය සොහොයුරා සොයන්නී පිළිවෙලින් දෙමළ රටට පැමිණ ඔහු නොදැක ඔහු වාසය කළ තන්හිම වාසය කළාය. ධ්‍යාන ඉපිදවීමට නම් නොහැකි වීය.

මහාසත‍්තො අප‍්පිච‍්ඡතාය කත්‍ථචි අගන‍්ත්‍වා තස‍්ස රුක‍්ඛස‍්ස ඵලකාලෙ ඵලානි ඛාදති, පත‍්තකාලෙ පත‍්තානි උදකසිත‍්තානි ඛාදති. තස‍්ස සීලතෙජෙන සක‍්කස‍්ස පණ‍්ඩුකම‍්බලසිලාසනං උණ‍්හාකාරං දස‍්සෙසි. සක‍්කො “කො නු ඛො මං ඨානා චාවෙතුකාමො”ති ආවජ‍්ජෙන‍්තො අකිත‍්තිපණ‍්ඩිතං දිස‍්වා “කිමත්‍ථං එස තාපසො සීලානි රක‍්ඛති, සක‍්කත‍්තං නු ඛො පත්‍ථෙති, උදාහු අඤ‍්ඤං, වීමිංසිස‍්සාමි නං. අයඤ‍්හි දුක‍්ඛෙන ජීවිකං කප‍්පෙසි, උදකසිත‍්තානි කාරපණ‍්ණානි ඛාදති, සචෙ සක‍්කත‍්තං පත්‍ථෙති, අත‍්තනො සිත‍්තපත‍්තානි මය‍්හං දස‍්සති, නො චෙ, න දස‍්සතී”ති බ්‍රාහ‍්මණවණ‍්ණෙන තස‍්ස සන‍්තිකං අගමාසි. බොධිසත‍්තො කාරපණ‍්ණානි සෙදෙත්‍වා ඔතාරෙත්‍වා “සීතලභූතානි ඛාදිස‍්සාමී”ති පණ‍්ණසාලද‍්වාරෙ නිසීදි. අථස‍්ස පුරතො සක‍්කො භික‍්ඛාය අට‍්ඨාසි. මහාසත‍්තො තං දිස‍්වා සොමනස‍්සප‍්පත‍්තො හුත්‍වා “ලාභා වත මෙ, යොහං යාචකං පස‍්සාමි, අජ‍්ජ මෙ මනොරථං මත්‍ථකං පාපෙත්‍වා දානං දස‍්සාමී”ති පක‍්කභාජනෙනෙව ආදාය ගන‍්ත්‍වා “ඉදං මෙ දානං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස පච‍්චයො හොතූ”ති අත‍්තනො අසෙසෙත්‍වාව තස‍්ස භාජනෙ පක‍්ඛිපි. බ්‍රාහ‍්මණො තං ගහෙත්‍වා ථොකං ගන‍්ත්‍වා අන‍්තරධායි. මහාසත‍්තොපි තස‍්ස දත්‍වා පුන අපචිත්‍වා පීතිසුඛෙනෙව වීතිනාමෙත්‍වා පුනදිවසෙ පචිත්‍වා තත්‍ථෙව පණ‍්ණසාලද‍්වාරෙ නිසීදි.

මහබෝසත් තෙමේ අල්පේච්ඡතාවය නිසා කිසිතැනක නොගොස් ඒ ගසෙහි ගෙඩි හටගන්නා කාලයෙහි ගෙඩි කයි. කොල කාලයෙහි පැන් ඉස පිසා කොල කයි. ඔහුගේ සිල් තෙදින් ශක්‍රයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණුවූ ලෙසක් දැක්වීය. ශක්‍රයා කවරෙක් මා මගේ තැනින් පහකරනු කැමැත්තේ දැයි විමසා බලන්නේ අකීර්ති පණ්ඩිතයා දැක මේ තවුසා කවර ප්‍රයෝජනයක් සඳහා සිල් රකීද? ශක්‍ර සම්පත් පතන්නහුදැයි එසේ නොවේ නම් අනිකක් දැයි? ඔහු විමසන්නෙමියි සිතා මොහු දුකසේ ජිවිතය ගෙවයි. පැන් පමණක් ඉස පිසූ කරකොළ කයි. ඉදින් ශක්‍ර බව පතන්නේද තමාගේ පැන් ඉසින ලද කරකොල මට දෙන්නේය. එසේ නොවේ නම් නොදෙන්නේය යි බ්‍රාහ්මණයෙකුගේ ස්වරූපයෙන් ඔහු සමීපයට ගියේය. බෝධිසත්ත්වයෝද කරකොළ පිස බහා තබා සිසිල් වූ විට කන්නෙමියි පන්සල් දොරටුවෙහි හුන්නේය. ඉක්බිති ශක්‍රයා ඔහුගේ ඉදිරියෙහි පිඬු පිණිස සිටියේය. මහබෝසත් තෙමේ ඔහු දැක සොම්නසට පත්වී මවිසින් ලාභයක් ලබන ලද. යාචකයෙකු දකින්නෙමි. අද මගේ සිතැඟි මස්තකප්‍රාප්ත කරවා දන් දෙන්නෙමියි පිසූ භාජනය සමගම ගෙනවුත් මේ මාගේ දානය සර්වඥතාඥානය සඳහා කාරණා වේවායි තමාට ඉතිරි නොකරම ඔහුගේ සිඟන භාජනයෙහි බහාලූය. බ්‍රාහ්මණයා දානය ගෙන අතුරුදහන් වූයේය. මහබෝසත් තෙමේද ඔහු දන් දී නැවත නොපිසා ප්‍රීතිසුවයෙන්ම ගෙවා දෙවන දවස්හිද (කරකොළ) පිස එලෙසින්ම පන්සල් දොරටුවෙහි හුන්නේය.

සක‍්කො පුන බ්‍රාහ‍්මණවෙසෙන අගමාසි. පුනපිස‍්ස දත්‍වා මහාසත‍්තො තථෙව වීතිනාමෙසි. තතියදිවසෙපි තථෙව දත්‍වා “අහො මෙ ලාභා වත, කාරපණ‍්ණානි නිස‍්සාය මහන‍්තං පුඤ‍්ඤං පසුත”න‍්ති සොමනස‍්සප‍්පත‍්තො තයො දිවසෙ අනාහාරතාය දුබ‍්බලොපි සමානො මජ‍්ඣන‍්හිකසමයෙ පණ‍්ණසාලතො නික‍්ඛමිත්‍වා දානං ආවජ‍්ජෙන‍්තො පණ‍්ණසාලද‍්වාරෙ නිසීදි. සක‍්කොපි චින‍්තෙසි “අයං බ්‍රාහ‍්මණො තයො දිවසෙ නිරාහාරො හුත්‍වා එවං දුබ‍්බලොපි දානං දෙන‍්තො තුට‍්ඨචිත‍්තොව දෙති, චිත‍්තස‍්ස අඤ‍්ඤථත‍්තම‍්පි නත්‍ථි, අහං ඉමං ‘ඉදං නාම පත්‍ථෙත්‍වා දෙතී’ති න ජානාමි, පුච‍්ඡිත්‍වා අජ‍්ඣාසයමස‍්ස සුත්‍වා දානකාරණං ජානිස‍්සාමී”ති. සො මජ‍්ඣන‍්හිකෙ වීතිවත‍්තෙ මහන‍්තෙන සිරිසොභග‍්ගෙන ගගනතලෙ තරුණසූරියො විය ජලමානො ආගන‍්ත්‍වා මහාසත‍්තස‍්ස පුරතොව ඨත්‍වා “අම‍්භො තාපස, එවං උණ‍්හවාතෙ පහරන‍්තෙ එවරූපෙ ලොණජලපරික‍්ඛිත‍්තෙ අරඤ‍්ඤෙ කිමත්‍ථං තපොකම‍්මං කරොසී”ති පුච‍්ඡි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා පඨමං ගාථමාහ –

ශක්‍රයා නැවත බ්‍රාහ්මණ වේශයෙන් පැමිණියේය. නැවතද මහබෝසත් තෙමේ ඔහු දන් දී එසේම කල් ගෙවීය. තෙවන දවස්හිද එසේම දී මගේ ලාභයෝ පුදුමයහ. කරකොළ නිසා මහත් වූ පිනක් රැස් කරමියි සොම්නසට පත්වූයේ දින තුනක් ආහාර රහිත බැවින් දුර්වල වූයේද මධ්‍යාහ්න සමයෙහි පන්සලෙන් නික්මී දානය සිහිකරමින් පන්සල් දොරටුවෙහි හුන්නේය. ශක්‍රයා ද සිතුවේය. මේ බ්‍රාහ්මණයා දින තුනක් නිරාහාර වී මෙසේ දුර්වල වූයේද දන් දෙන්නේ සතුටු සිතින්ම දෙයි. සිතෙහි මදකුදු වෙනස් මාත්‍රයක් නැත. මම මොහු මෙනම් වූවක් ප්‍රාර්ථනා කර දන් දෙයි යයි නොදනිමි. අසා මොහුගේ අදහස අසා දානයට හේතුව දන්නෙමියි කියාය. හෙතෙම මධ්‍යාහ්නය ඉක්මුන කල්හි මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් තරුණ සූර්යයා මෙන් දිළියෙමින් අවුත් මහබෝසතුන්ගේ ඉදිරියෙහි සිට එම්බා තාපසය, මෙසේ උනුසුම් වාතය හමන කල්හි මෙලෙස ලුණු ජලයෙන් වටවුනු වනයෙහි කුමක් සඳහා තවුස්දම් කරහිදැයි විචාළේය. එම කරුණ ප්‍රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ පළමුවන ගාථාව වදාළ සේක.

“අකිත‍්තිං දිස‍්වා සම‍්මන‍්තං, සක‍්කො භූතපතී බ්‍රවි; කිං පත්‍ථයං මහාබ්‍රහ‍්මෙ, එකො සම‍්මසි ඝම‍්මනී”ති.

අකිත්තිං දිස්වාන සම්මන්තං සක්කො භූත පති බ්‍රවි, කිමත්‍ථියං මහා බ්‍රහ්මෙ එකො සම්මසි සම්මනීති

1. සියළු සත්ත්වයන්ට අධිපති වූ ශක්‍ර තෙමේ යහපත් වූ අකීර්ති තවුසා දැක තාපසයානි, ග්‍රීෂ්ම කාලයෙහි හුදකලාව කුමක් සඳහා තවුස්දම් රකින්නෙහිදැයි ඇසීය.

තත්‍ථ කිං පත්‍ථයන‍්ති කිං මනුස‍්සසම‍්පත‍්තිං පත්‍ථෙන‍්තො, උදාහු සක‍්කසම‍්පත‍්තිආදීනං අඤ‍්ඤතරන‍්ති.

එහි කිමත්‍ථියං යනු කිම මනුෂ්‍ය සම්පත්තීන් හෝ නැතහොත් ශක්‍ර සම්පත්තීන්ගෙන් අනිකක් හෝ (ප්‍රාර්ථනා කරමින් දැයි)

මහාසත‍්තො තං සුත්‍වා සක‍්කභාවඤ‍්චස‍්ස ඤත්‍වා “නාහං එතා සම‍්පත‍්තියො පත්‍ථෙමි, සබ‍්බඤ‍්ඤුතං පන පත්‍ථෙන‍්තො තපොකම‍්මං කරොමී”ති පකාසෙතුං දුතියං ගාථමාහ –

මහබෝසත් තෙමේ ඒ අසා ඔහුගේ ශක්‍ර බවද දැන මම මේ සම්පත්තීන් නොපතමි. සර්වඥ බව ප්‍රාර්ථනා කරමින් තවුස්දම් රකිමියි ප්‍රකාශ කරන්නට දෙවන ගාථාව කීවේය.

“දුක‍්ඛො පුනබ‍්භවො සක‍්ක, සරීරස‍්ස ච භෙදනං; සම‍්මොහමරණං දුක‍්ඛං, තස‍්මා සම‍්මාමි වාසවා”ති.

2. ශක්‍රය, නැවත ඉපදීම දුකකි. සිරුරෙහි බිඳීමද දුකකි. සිහි මුළාවෙන් මරණයද දුකකි. ශක්‍රය, එහෙයින් තවුස්දම් රකිමි.

තත්‍ථ තස‍්මාති යස‍්මා පුනප‍්පුනං ජාති ඛන්‍ධානං භෙදනං සම‍්මොහමරණඤ‍්ච දුක‍්ඛං, තස‍්මා යත්‍ථෙතානි නත්‍ථි, තං නිබ‍්බානං පත්‍ථෙන‍්තො ඉධ සම‍්මාමීති එවං අත‍්තනො නිබ‍්බානජ‍්ඣාසයතං දීපෙති.

එහි තස්මා යනු යම්හෙයකින් නැවත නැවත ඉපදීමද. නැවත නැවත ස්කන්‍ධයන්ගේ බිඳීමද (මරණයද) සිහිමුළාව මරණයද දුකකි. එහෙයින් යම්තැනක මේවා නැත්ද? ඒ නිවන ප්‍රාර්ථනය කරමින් මෙහි තවුස්දම් රකිමි යි මෙසේ තමාගේ නිර්වාණයෙහි අදහස් ඇති බව දැක්වීය.

තං සුත්‍වා සක‍්කො තුට‍්ඨමානසො “සබ‍්බභවෙසු කිරායං උක‍්කණ‍්ඨිතො නිබ‍්බානත්‍ථාය අරඤ‍්ඤෙ විහරති, වරමස‍්ස දස‍්සාමී”ති වරෙන නිමන‍්තෙන‍්තො තතියං ගාථමාහ –

ඒ අසා සතුටු සිත් ඇති ශක්‍රයා, මෙතෙමේ සිටළු භවයන්හි උකටලී වූයේය. නිවන් පිණිස වනයෙහි වාසය කරයි. මොහුට වරයක් දෙන්නෙමියි ඔහුට වරයකින් ආරාධනය කරමින් තෙවන ගාථාව කීවේය.

“එතස‍්මිං තෙ සුලපිතෙ, පතිරූපෙ සුභාසිතෙ; වරං කස‍්සප තෙ දම‍්මි, යං කිඤ‍්චි මනසිච‍්ඡසී”ති.

3. කාශ්‍යපය, ඔබගේ මේ සුදුසු වූ, මනාව කියන ලද සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. සිතින් යම්කිසිවක් කැමති වන්නෙහිද (එය කියවයි.)

තත්‍ථ යං කිඤ‍්චි මනසිච‍්ඡසීති යං මනසා ඉච‍්ඡසි, තං දම‍්මි, වරං ගණ‍්හාහීති.

එහි මනසි ඉච්ඡසි යනු යම් කිසිවක් සිතින් කැමති වන්නෙහිද එය ඔබට දෙමි. වරය ගනුවයි.

මහාසත‍්තො වරං ගණ‍්හන‍්තො චතුත්‍ථං ගාථමාහ –

මහබෝසත් තෙමේ වරය ගන්නේ සිව්වන ගාථාව කීවේය.

“වරඤ‍්චෙ මෙ අදො සක‍්ක, සබ‍්බභූතානමිස‍්සර; යෙන පුත‍්තෙ ච දාරෙ ච, ධනධඤ‍්ඤං පියානි ච; ලද‍්ධා නරා න තප‍්පන‍්ති, සො ලොභො න මයී වසෙ”ති.

4. සියළු සත්ත්වයන්ට අධිපති වූ ශක්‍රය, මට ඉඳින් වරයක් දෙන්නේ නම් මිනිස්සු යමක් කරණකොටගෙන පුත්‍රයන්ද අඹුවන්ද ධන ධාන්‍යයද ප්‍රිය වස්තූන්ද ලබන ලද්දාහු තෘප්තියට පත් නොවෙත්ද ඒ ලෝභය මා කෙරෙහි නොවසාවායි.

තත්‍ථ වරඤ‍්චෙ මෙ අදොති සචෙ වරං මය‍්හං දෙසි. පියානි චාති අඤ‍්ඤානි ච යානි පියභණ‍්ඩානි. න තප‍්පන‍්තීති පුනප‍්පුනං පුත‍්තාදයො පත්‍ථෙන‍්තියෙව, න තිත‍්තිං උපගච‍්ඡන‍්ති. න මයී වසෙති මයි මා වසතු මා උප‍්පජ‍්ජතු.

එහි වරං චෙ මෙ අදො යනු ඉදින් මට වරයක් දෙන්නෙහිද පියානි ච යනු අන්‍ය වූ යම් ප්‍රිය භාණ්ඩයන් න තප්පන්ති යනු නැවත නැවත පුත්‍රාදීහු ප්‍රාර්ථනය කරත්මය. තෘප්තියකට නොඑළඹෙත්. න මයි වසෙ යනු මා වෙත නොවසාවා. නොඋපදීවා.

අථස‍්ස සක‍්කො තුස‍්සිත්‍වා උත‍්තරිම‍්පි වරං දෙන‍්තො මහාසත‍්තො ච වරං ගණ‍්හන‍්තො ඉමා ගාථා අභාසිංසු –

ඉක්බිති ශක්‍රයා ඔහුට සතුටු වී මත්තෙහිත් වරයක් දෙන්නේද මහබෝසත් තෙමේ ගන්නේද මේ ගාථාවෝ කීවාහුය.

“එතස‍්මිං තෙ සුලපිතෙ, පතිරූපෙ සුභාසිතෙ; වරං කස‍්සප තෙ දම‍්මි, යං කිඤ‍්චි මනසිච‍්ඡසි.

5. කාශ්‍යපය, ඔබගේ මේ සුදුසු වූ මනාව කියන ලද සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. සිතින් යම්කිසිවක් කැමති වන්නෙහිද (එය කියව)

“වරඤ‍්චෙ මෙ අදො සක‍්ක, සබ‍්බභූතානමිස‍්සර; ඛෙත‍්තං වත්‍ථුං හිරඤ‍්ඤඤ‍්ච, ගවාස‍්සං දාසපොරිසං; යෙන ජාතෙන ජීයන‍්ති, සො දොසො න මයී වසෙ.

6. සියළු සත්ත්වයන්ට අධිපති වූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නේ නම් කෙත්, වතු, රන්, ගව, අශ්ව, දාසයන් හා කම්කරු පුරුෂයන් ලැබීමෙන් මිනිස්සු උපන් යමක් කරණකොට ගෙන පිරිහෙත්ද ඒ ද්වේෂය මා කෙරෙහි නොඋපදීවා.

“එතස‍්මිං තෙ සුලපිතෙ, පතිරූපෙ සුභාසිතෙ; වරං කස‍්සප තෙ දම‍්මි, යං කිඤ‍්චි මනසිච‍්ඡසි.

7. කාශ්‍යපය, ඔබගේ මේ සුදුසු වූ මනාව කියන ලද සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. සිතින් යම් කිසිවක් කැමති වන්නෙහිද (එය කියව)

“වරඤ‍්චෙ මෙ අදො සක‍්ක, සබ‍්බභූතානමිස‍්සර; බාලං න පස‍්සෙ න සුණෙ, න ච බාලෙන සංවසෙ; බාලෙනල‍්ලාපසල‍්ලාපං, න කරෙ න ච රොචයෙ.

සියළු සත්ත්වයන්ට අධිපති වූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නේ නම් බාලයෙකු නොදකීවා! ඔහු ගැන අසන්නට නොලැබේවා! බාලයෙකු සමග එක්ව වාසය නොවේවා! බාලයා සමග කථාබහ නොකෙරේවා එය රුචි නොවේවා!

“කිං නු තෙ අකරං බාලො, වද කස‍්සප කාරණං; කෙන කස‍්සප බාලස‍්ස, දස‍්සනං නාභිකඞ‍්ඛසි.

කාශ්‍යපය, බාලයා තොපට කවරක් කළෙහිද? කාශ්‍යපය, කවර කරුණකින් බාලයෙකුගේ දැක්ම නොකැමති වන්නෙහිද? ඒ හේතුව මට කියව.

“අනයං නයති දුම‍්මෙධො, අධුරායං නියුඤ‍්ජති; දුන‍්නයො සෙය්‍යසො හොති, සම‍්මා වුත‍්තො පකුප‍්පති; විනයං සො න ජානාති, සාධු තස‍්ස අදස‍්සනං.

මෝඩයා නොනීතියට පමුණුවයි. නුසුදුස්සෙහි යොදවයි. නොනීතියම මහත්කොට සිතන්නේ වෙයි. හේතු යුක්තීන් සහිතව මනාව කියන ලද්දේ කෝපයට පත්වෙයි. ඔහු හික්මීම නොදනී. (එවැනි වූ) ඔහුගේ දැකීම නොමැනවි.

“එතස‍්මිං තෙ සුලපිතෙ, පතිරූපෙ සුභාසිතෙ; වරං කස‍්සප තෙ දම‍්මි, යං කිඤ‍්චි මනසිච‍්ඡසි.

කාශ්‍යපය, ඔබගේ මේ සුදුසු වූ මනාව කියන ලද සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. සිතින් යම්කිසිවක් කැමති වන්නෙහිද (එය කියව)

“වරඤ‍්චෙ මෙ අදො සක‍්ක, සබ‍්බභූතානමිස‍්සර; ධීරං පස‍්සෙ සුණෙ ධීරං, ධීරෙන සහ සංවසෙ; ධීරෙනල‍්ලාපසල‍්ලාපං, තං කරෙ තඤ‍්ච රොචයෙ.

සියළු සත්ත්වයන්ට අධිපති වූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නේ නම් නැණවතා දකිම්වා. නැණවතා ගැන අසම්වා. නැණවතා සමග එකට වසම්වා. නැණවතා සමඟ කථාබහ කෙරෙම්වා! එය රිසි වෙම්වා!

“කිං නු තෙ අකරං ධීරො, වද කස‍්සප කාරණං; කෙන කස‍්සප ධීරස‍්ස, දස‍්සනං අභිකඞ‍්ඛසි.

කාශ්‍යපය, නැණවතා තොපට කුමක් කෙළෙහිද කාශ්‍යපය, කවර කරුණකින් නැණවතාගේ දැක්ම කැමති වන්නෙහිද ඒ හේතුව මට කියව.

“නයං නයති මෙධාවී, අධුරායං න යුඤ‍්ජති; සුනයො සෙය්‍යසො හොති, සම‍්මා වුත‍්තො න කුප‍්පති; විනයං සො පජානාති, සාධු තෙන සමාගමො.

නැණවතා නීතියට පමුණුවයි. නුසුදුස්සෙහි නොයොදයි. නීතියම මහත්කොට සිතන්නේ වෙයි. හේතු යුක්තීන් සහිතව මනාව කියන ලද්දේ නොකිපෙයි. හෙතෙමෙ හික්මීම මනාව දනී. එබඳු වූ ඔහු සමඟ එක්වීම මැනවි.

“එතස‍්මිං තෙ සුලපිතෙ, පතිරූපෙ සුභාසිතෙ; වරං කස‍්සප තෙ දම‍්මි, යං කිඤ‍්චි මනසිච‍්ඡසි.

කාශ්‍යපය, ඔබගේ මේ සුදුසු වූ මනාව කියන ලද සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. සිතින් යම්කිසිවක් කැමති වන්නෙහිද (එය කියව)

“වරඤ‍්චෙ මෙ අදො සක‍්ක, සබ‍්බභූතානමිස‍්සර; තතො රත්‍යා විවසානෙ, සූරියුග‍්ගමනං පති; දිබ‍්බා භක‍්ඛා පාතුභවෙය්‍යුං, සීලවන‍්තො ච යාචකා.

සියළු සත්ත්වයන්ට අධිපති වූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නේ නම් ඒ හේතුවෙන් රාත්‍රිය අවසානයෙහි හිරු උදාවෙහිදී (ලොව යම්තාක්) දිව්‍යභෝජන වැළදීමට සුදුසු වූ සිල්වත්හු වේ නම් (ඔවුන් වෙනුවෙන්) දිව්‍යමය භෝජනයෝ පහළ වෙත්වා!

“දදතො මෙ න ඛීයෙථ, දත්‍වා නානුතපෙය්‍යහං; දදං චිත‍්තං පසාදෙය්‍යං, එතං සක‍්ක වරං වරෙ.

දෙන්නා වූ මාගේ (දාන වස්තුව) ක්‍ෂය නොවේවා! මම දානය දී පසුතැවිලි නොවෙම්වා! දෙන්නේ සිත පහදම්වා! ශක්‍රය, මේ වරය ඉල්ලමි.

“එතස‍්මිං තෙ සුලපිතෙ, පතිරූපෙ සුභාසිතෙ; වරං කස‍්සප තෙ දම‍්මි, යං කිඤ‍්චි මනසිච‍්ඡසි.

කාශ්‍යපය, ඔබගේ මේ සුදුසු වූ මනාව කියක ලද සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. සිතින් යම් කිසිවක් කැමති වන්නෙහිද (එය කියව.)

“වරඤ‍්චෙ මෙ අදො සක‍්ක, සබ‍්බභූතානමිස‍්සර; න මං පුන උපෙය්‍යාසි, එතං සක‍්ක වරං වරෙ.

සියළු සත්‍වයන්ට අධිපති වූ ශක්‍රය, ඉදින් මට වරයක් දෙන්නේ නම් (ඔබ) නැවත මා වෙත නොඑළඹෙන්නෙහි. ශක්‍රය, මේ වරය ඉල්ලමි.

“බහූහි වතචරියාහි, නරා ච අථ නාරියො; දස‍්සනං අභිකඞ‍්ඛන‍්ති, කිං නු මෙ දස‍්සනෙ භයං.

පුරුෂයෝද ස්ත්‍රීහුද බොහෝ ව්‍රතයන්හි හැසිර මගේ දැකීම කැමති වෙති. (ඔබට) මගේ දැකීමෙහි කවර නම් වූ බියෙක්ද?

“තං තාදිසං දෙවවණ‍්ණං, සබ‍්බකාමසමිද‍්ධිනං; දිස‍්වා තපො පමජ‍්ජෙය්‍යං, එතං තෙ දස‍්සනෙ භය”න‍්ති.

එබඳු දිව්‍යමය අලංකාරයන්ගෙන් හොබනා වූ සියළු සැපතින් සමෘද්ධිමත් වූ ඔබ දැක තවුස්දම් දැකීමෙහි ප්‍රමාද වන්නෙමි. මේ ඔබගේ දැකීමෙහි බියයි.

තත්‍ථ යෙන ජාතෙනාති යෙන චිත‍්තෙන ජාතෙන කුද‍්ධා සත‍්තා පාණවධාදීනං කතත‍්තා රාජදණ‍්ඩවසෙන විසඛාදනාදීහි වා අත‍්තනො මරණවසෙන එතානි ඛෙත‍්තාදීනි ජීයන‍්ති, සො දොසො මයි න වසෙය්‍යාති යාචති. න සුණෙති අසුකට‍්ඨානෙ නාම වසතීතිපි ඉමෙහි කාරණෙහි න සුණෙය්‍යං. කිං නු තෙ අකරන‍්ති කිං නු තව බාලෙන මාතා මාරිතා, උදාහු තව පිතා, අඤ‍්ඤං වා පන තෙ කිං නාම අනත්‍ථං බාලො අකරං.

එහි යෙන ජාතො යනු යම් සිතක හටගැනීමෙන් කිපුන සත්ත්වයෝ ප්‍රාණඝාතාදිය කළ හෙයින්ද රජුගේ දඬුවමට පැමිණීම් වශයෙන්ද විසකෑම ආදියෙන්ද හෝ තමා නැසීම් වශයෙන්ද හෝ මේ කෙත්වතු ආදිය පිරිහේ. ඒ ද්වේෂය මා කෙරෙහි නොඉවසයි ඉල්ලයි. න සුණෙ යනු අසවල් නම් තැන වාසය කරයි කියා හෝ මේ කන්වලින් නො අසන්නෙමි නම් යෙහෙකැයි. කින්නුතෙ අකරණං යනු කිම බාලයා විසින් ඔබගේ මව මරණ ලද්දේද? නැතහොත් පියා මරණ ලද්දේද? අනිකෙකු හෝ මරන ලදද? බාලයා කවරනම් අනර්ථයක් කළේද?

අනයං නයතීති අකාරණං “කාරණ”න‍්ති ගණ‍්හාති, පාණාතිපාතාදීනි කත්‍වා ජීවිකං කප‍්පෙස‍්සාමීති එවරූපානි අනත්‍ථකම‍්මානි චින‍්තෙති. අධුරායන‍්ති සද‍්ධාධුරසීලධුරපඤ‍්ඤාධුරෙසු අයොජෙත්‍වා අයොගෙ නියුඤ‍්ජති. දුන‍්නයො සෙය්‍යසො හොතීති දුන‍්නයොව තස‍්ස සෙය්‍යො හොති. පඤ‍්ච දුස‍්සීලකම‍්මානි සමාදාය වත‍්තනමෙව සෙය්‍යොති ගණ‍්හාති, හිතපටිපත‍්තියා වා දුන‍්නයො හොති නෙතුං අසක‍්කුණෙය්‍යො. සම‍්මා වුත‍්තොති හෙතුනා කාරණෙන වුත‍්තො කුප‍්පති. විනයන‍්ති “එවං අභික‍්කමිතබ‍්බ”න‍්තිආදිකං ආචාරවිනයං න ජානාති, ඔවාදඤ‍්ච න සම‍්පටිච‍්ඡති. සාධු තස‍්සාති එතෙහි කාරණෙහි තස‍්ස අදස‍්සනමෙව සාධු.

අනය නයති යනු නුසුදුස්ස සුදුසු යයි ගනී. පරපණ නැසීම ආදිය කර දිවි රකින්නෙමියි ආදී වශයෙන් මෙවැනි අවැඩදායී කටයුතු සිතයි. අධුරායං යනු ශ්‍රද්ධා-ශීල-ප්‍රඥා යන ධූරයන්හි නොයොදවා නුසුදුසු දෙයෙහි යෙදෙයි. දුන්නයෝ සෙය්‍යසො හොති යනු නොනීතියම ඔහුට උසස් වෙයි. පස්වැදෑරුම් දුශ්චරිත කටයුතු සමාදන් වී පවතින්නහුම උසස් යයි ගනී. හිතවත් වූ ප්‍රතිපදාවෙනුදු මෙහෙයවිය නොහැකි වේ. මෙහෙයවන්නට නොහැකි හෙයිනි. සම්මා වුත්තො යනු හේතුකාරණා සහිතව කියන ලද්දේද කිපෙයි. විනයං යනු මෙසේ ඉදිරියට යා යුතුය. ආදීන්ගෙන් හැසිරීමෙහි හික්මීමයි. න ජානාති යනු අවවාද නො පිළිගනී. සාධු තස්සා යනු මේ කාරණාවන් නිසා ඔහුගේ නොදැකීමම යහපත්ය.

සූරියුග‍්ගමනං පතීති සූරියුග‍්ගමනවෙලාය. දිබ‍්බා භක‍්ඛාති දිබ‍්බභොජනං යාචකාති තස‍්ස දිබ‍්බභොජනස‍්ස පටිග‍්ගාහකා. වතචරියාහීති දානසීලඋපොසථකම‍්මෙහි. දස‍්සනං අභිකඞ‍්ඛන‍්තීති දස‍්සනං මම අභිකඞ‍්ඛන‍්ති. තං තාදිසන‍්ති එවරූපං දිබ‍්බාලඞ‍්කාරවිභූසිතං. පමජ‍්ජෙය්‍යන‍්ති පමාදං ආපජ‍්ජෙය්‍යං. තව සිරිසම‍්පත‍්තිං පත්‍ථෙය්‍යං, එවං නිබ‍්බානත්‍ථාය පවත‍්තිතෙ තපොකම‍්මෙ සක‍්කට‍්ඨානං පත්‍ථෙන‍්තො පමත‍්තො නාම භවෙය්‍යං, එතං තව දස‍්සනෙ මය‍්හං භයන‍්ති.

සූරියස්සුග්ගමණං පති යනු හිරු උදාවන වේලාවෙහි. දිබ්බා භක්ඛා යනු දිව්‍යමය භෝජනයයි. යාචකා යනු ඒ දිව්‍යමය ආහාර පිළිගන්නෝයි. වත්ත චරියාහි දාන-සීල-පෙහෙවස් රැකීම් ආදී කටයුතුවලින්. දස්සනං අභිකංඛති යනු මගේ දැකීම කැමති වෙයි. තං තාදිසං යනු එබඳු වූ දිව්‍යමය අලංකාරයන්ගෙන් හොබනා වූ ආයුෂ්මතුන්. පමජ්ජෙය්‍යං යනු ප්‍රමාදයට පැමිණෙන්නෙමි. ඔබ ඉසුරු සම්පත් ප්‍රාර්ථනය කරන්නේය. මෙසේ නිවන් පිණිස පවතින්නා වූ තවුස් දහම ශක්‍රයාගේ තනතුර පතන්නේ ප්‍රමාද වූවෙක් වන්නෙමි. මේ කරුණින් ඔබගේ දර්ශනය මට බියක් වේ.

සක‍්කො “සාධු, භන‍්තෙ, ඉතො පට‍්ඨාය න තෙ සන‍්තිකං ආගමිස‍්සාමා”ති තං වන්‍දිත්‍වා ඛමාපෙත්‍වා පක‍්කාමි. මහාසත‍්තො යාවජීවං තත්‍ථෙව වසන‍්තො බ්‍රහ‍්මවිහාරෙ භාවෙත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති.

ශක්‍රයා ස්වාමීනි, මැනවි. මෙතැන් පටන් ඔබ සමීපයට නොඑන්නෙමියි කියා ඔහු වැඳ ක්‍ෂමා කරවා ගියේය. මහා බෝසත් තෙමේද දිවි ඇතිතාක් එහි වාසය කරන්නේ බ්‍රහ්ම විහරණයන් වඩා බ්‍රහ්මලෝකයෙහි උපන්නේය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා ජාතකං සමොධානෙසි – “තදා සක‍්කො අනුරුද‍්ධො අහොසි, අකිත‍්තිපණ‍්ඩිතො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි ශක්‍රයා අනුරුද්ධ තෙරුන් වීය. අකීර්ති පණ්ඩිතයා මම ම වීමි යයි වදාළ සේක.

අකිත‍්තිජාතකවණ‍්ණනා සත‍්තමා.