යෙදුමෙන් කියවන්න

8. තක‍්කාරියජාතකවණ‍්ණනා 481 අට‍්ඨකථා

8. තක‍්කාරියජාතකවණ‍්ණනා (481)

8. තක්කාරිය ජාතකය (481)

අහමෙව දුබ‍්භාසිතං භාසි බාලොති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො කොකාලිකං ආරබ‍්භ කථෙසි. එකස‍්මිඤ‍්හි අන‍්තොවස‍්සෙ ද‍්වෙ අග‍්ගසාවකා ගණං පහාය විවිත‍්තාවාසං වසිතුකාමා සත්‍ථාරං ආපුච‍්ඡිත්‍වා කොකාලිකරට‍්ඨෙ කොකාලිකස‍්ස වසනට‍්ඨානං ගන‍්ත්‍වා තං එවමාහංසු “ආවුසො කොකාලික, තං නිස‍්සාය අම‍්හාකං, අම‍්හෙ ච නිස‍්සාය තව ඵාසුවිහාරො භවිස‍්සති, ඉමං තෙමාසං ඉධ වසෙය්‍යාමා”ති. “කො පනාවුසො, මං නිස‍්සාය තුම‍්හාකං ඵාසුවිහාරො”ති. සචෙ ත්‍වං ආවුසො “ද‍්වෙ අග‍්ගසාවකා ඉධ විහරන‍්තී”ති කස‍්සචි නාරොචෙය්‍යාසි, මයං සුඛං විහරෙය්‍යාම, අයං තං නිස‍්සාය අම‍්හාකං ඵාසුවිහාරොති. “අථ තුම‍්හෙ නිස‍්සාය මය‍්හං කො ඵාසුවිහාරො”ති? “මයං තුය‍්හං අන‍්තොතෙමාසං ධම‍්මං වාචෙස‍්සාම, ධම‍්මකථං කථෙස‍්සාම, එස තුය‍්හං අම‍්හෙ නිස‍්සාය ඵාසුවිහාරො”ති. “වසථාවුසො, යථාජ‍්ඣාසයෙනා”ති. සො තෙසං පතිරූපං සෙනාසනං අදාසි. තෙ ඵලසමාපත‍්තිසුඛෙන සුඛං වසිංසු. කොචි නෙසං තත්‍ථ වසනභාවං න ජානාති.

අහමෙව දුබ්භාසිතං භාසිං බාලො යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් කෝකාලික අරභයා දේශනා කළ සේක. එක් වැසි සමයකදී අග්‍රශ්‍රාවක දෙදෙනා වහන්සේ සමූහයා අත්හැර වෙන්ව වාසය කරනු කැමැත්තාහු ශාස්තෲන් වහන්සේ විමසා කෝකාලික රටෙහි කෝකාලික වසන තැනට ගොස් මෙසේ කීවාහුය. ඇවැත්නි කෝකාලිකයෙනි, ඔබ ඇසුරුකොට අපද අප ඇසුරුකොට ඔබද පහසු විහරණ ඇතිව මෙම තෙමස මෙහි වසන්නෙමු යයි. ඇවැත්නි මා ඇසුරුකොට නුඹ වහන්සේලාට කිනම් වූ පහසු විහරණයක් වේද? ඇවැත්නි, ඉදින් නුඹ අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා වහන්සේලා මෙහි වසත් යයි කිසිවෙකුට නොකියන්නෙහිය. (එසේ ඇතිකල්හි) අපි සැපසේ වාසය කරන්නෙමු. මේ ඔබ ඇසුරුකොට අපගේ පහසු විහරණය වන්නේය යි. අනතුරුව නුඹවහන්සේලා නිසා මට කවරනම් පහසු විහරණයක් වේද. අපි තෙමස තුළ තොපට ධර්මය දේශනා කරන්නෙමු. බණ කථා කියන්නෙමු. මේ තොපට අප නිසා වන පහසු විහරණයයි. ඇවැත්නි, කැමති පරිදි වාසය කරව්යි හෙතෙම උන්වහන්සේලාට සුවපහසු සෙනසුන් දුන්නේය. උන්වහන්සේලා සමාපත්ති ඵලසුවයෙන් සුවසේ විසූහ. කිසිවෙක් ඔවුන් එහි වසන බව නොදනිත්.

තෙ වුත්‍ථවස‍්සා පවාරෙත්‍වා “ආවුසො, තං නිස‍්සාය සුඛං වුත්‍ථාම‍්හ, සත්‍ථාරං වන්‍දිතුං ගච‍්ඡාමා”ති තං ආපුච‍්ඡිංසු. සො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා තෙ ආදාය ධුරගාමෙ පිණ‍්ඩාය චරි. ථෙරා කතභත‍්තකිච‍්චා ගාමතො නික‍්ඛමිංසු. කොකාලිකො තෙ උය්‍යොජෙත්‍වා නිවත‍්තිත්‍වා මනුස‍්සානං ආරොචෙසි “උපාසකා, තුම‍්හෙ තිරච‍්ඡානසදිසා, ද‍්වෙ අග‍්ගසාවකෙ තෙමාසං ධුරවිහාරෙ වසන‍්තෙ න ජානිත්‍ථ, ඉදානි තෙ ගතා”ති. මනුස‍්සා “කස‍්මා පන, භන‍්තෙ, අම‍්හාකං නාරොචිත්‍ථා”ති වත්‍වා බහුං සප‍්පිතෙලාදිභෙසජ‍්ජඤ‍්චෙව වත්‍ථච‍්ඡාදනඤ‍්ච ගහෙත්‍වා ථෙරෙ උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා “ඛමථ නො, භන‍්තෙ, මයං තුම‍්හාකං අග‍්ගසාවකභාවං න ජානාම, අජ‍්ජ නො කොකාලිකභදන‍්තස‍්ස වචනෙන ඤාතා, අම‍්හාකං අනුකම‍්පාය ඉමානි භෙසජ‍්ජවත්‍ථච‍්ඡාදනානි ගණ‍්හථා”ති ආහංසු.

වසන ලද වස් ඇති ඔවුහු පවාරණය කර ඇවැත්නි, ඔබ නිසා සුවසේ විසූවෙමු. ශාස්තෲන් වහන්සේ වඳින්න යමුයි ඔහුගෙන් විමසූහ. හෙතෙම මැනවයි පිළිගෙන ඔවුන් රැගෙන ගොදුරු ගම්හි පිඬු පිණිස හැසුරුණේය. තෙරුන්වහන්සේලා කරන ලද බත්කිස ඇත්තාහු ගමෙන් නික්මුණාහුය. කෝකාලික තෙමේ උන්වහන්සේ පිටත් කර යවා පෙරළා අවුත් මිනිසුන්ට කීවේය. “උපාසකවරුනි, තෙපි තිරිසනුන් හා සමාන වූවාහුය. අග්‍රශ්‍රාවක දෙදෙනා වහන්සේ ගොදුරු විහාරයෙහි වසන කල්හි නොදනින්නෙහුද? දැන් උන්වහන්සේලා වැඩියහ යි” කියාය. ස්වාමීනි, කුමක් හෙයින් අපට නොදැන්වූවහුදැයි කියා බොහෝ ගිතෙල් තලතෙල් ආදිය බෙහෙත්ද හඳනා වස්ත්‍රයන්ද ගෙන තෙරුන් වහන්සේලා වෙත එළඹ වැඳ ස්වාමීනි, අපට ක්‍ෂමා කරවුව මැනව. අප ඔබ වහන්සේලා අග්‍රශ්‍රාවක බව නොදනිමු. අද අපගේ පිංවත් කෝකාලික ස්ථවිරයන්ගේ වචනයෙන් දත්තෝ වෙමු. අපට අනුකම්පාවෙන් මේ බෙහෙත් හා වස්ත්‍ර ආදිය පිළිගනිවු යයි කීවාහුය.

කොකාලිකො “ථෙරා අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා, ඉමානි වත්‍ථානි අත‍්තනා අග‍්ගහෙත්‍වා මය‍්හං දස‍්සන‍්තී”ති චින‍්තෙත්‍වා උපාසකෙහි සද‍්ධිංයෙව ථෙරානං සන‍්තිකං ගතො. ථෙරා භික‍්ඛුපරිපාචිතත‍්තා තතො කිඤ‍්චි නෙව අත‍්තනා ගණ‍්හිංසු, න කොකාලිකස‍්ස දාපෙසුං. උපාසකා “භන‍්තෙ, ඉදානි අගණ‍්හන‍්තා පුන අම‍්හාකං අනුකම‍්පාය ඉධ ආගච‍්ඡෙය්‍යාථා”ති යාචිංසු. ථෙරා අනධිවාසෙත්‍වා සත්‍ථු සන‍්තිකං අගමිංසු. කොකාලිකො “ඉමෙ ථෙරා අත‍්තනා අගණ‍්හන‍්තා මය‍්හං න දාපෙසු”න‍්ති ආඝාතං බන්‍ධි. ථෙරාපි සත්‍ථු සන‍්තිකෙ ථොකං වසිත්‍වා අත‍්තනො පරිවාරෙ පඤ‍්චභික‍්ඛුසතෙ ච ආදාය භික‍්ඛුසහස‍්සෙන සද‍්ධිං චාරිකං චරමානා කොකාලිකරට‍්ඨං පත‍්තා. තෙ උපාසකා පච‍්චුග‍්ගමනං කත්‍වා ථෙරෙ ආදාය තමෙව විහාරං නෙත්‍වා දෙවසිකං මහාසක‍්කාරං කරිංසු. පහුතං භෙසජ‍්ජවත්‍ථච‍්ඡාදනං උප‍්පජ‍්ජි, ථෙරෙහි සද‍්ධිං ආගතභික‍්ඛූ චීවරානි විචාරෙන‍්තා සද‍්ධිං ආගතානං භික‍්ඛූනඤ‍්ඤෙව දෙන‍්ති , කොකාලිකස‍්ස න දෙන‍්ති, ථෙරාපි තස‍්ස න දාපෙන‍්ති. කොකාලිකො චීවරං අලභිත්‍වා “පාපිච‍්ඡා සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා, පුබ‍්බෙ දීයමානං ලාභං අග‍්ගහෙත්‍වා ඉදානි ගණ‍්හන‍්ති, පූරෙතුං න සක‍්කා, අඤ‍්ඤෙ න ඔලොකෙන‍්තී”ති ථෙරෙ අක‍්කොසති පරිභාසති. ථෙරා “අයං අම‍්හෙ නිස‍්සාය අකුසලං පසවතී”ති සපරිවාරා නික‍්ඛමිත්‍වා “අඤ‍්ඤං, භන‍්තෙ, කතිපාහං වසථා”ති මනුස‍්සෙහි යාචියමානාපි නිවත‍්තිතුං න ඉච‍්ඡිංසු.

කෝකාලික තෙමේ “අග්‍රශ්‍රාවක තෙරවරු අල්පේච්ඡ වූවාහුය. ලද දෙයින් සතුටු වන්නෝය. මේ වස්ත්‍ර තමා විසින් නොගෙන මට දෙන්නාහු යයි සිතා උපාසකයන් සමගම තෙරුන් වහන්සේලාගේ සමීපයට ගියේය. අග්‍රශ්‍රාවක තෙරවරු භික්‍ෂූත්‍වයේ පිරිපුන් බවට ගිය හෙයින් ඉන් කිසිවක් තමා නොගත්තාහුය. කෝකාලිකට නොද දෙවූහ. උපාසකයෝ (කියන්නාහු) ස්වාමීනි, දැන් (පූජාවන්) නොගන්නාහු නැවත අපට අනුග්‍රහ පිණිස මෙහි පැමිණෙවු යයි ඉල්ලූහ. අග්‍රශ්‍රාවකයෝ ඉවසා ශාස්තෲන් වහන්සේ සමීපයට වැඩියහ. කෝකාලික තෙමේ මේ තෙරවරු තමා නොගන්නාහු මටද නො දෙවවාහුය යි වෛර බැන්දේය. තෙරවරුද ශාස්තෲන් වහන්සේ සමීපයෙහි මද කලක් වාසය කර සිය පිරිවර වූ පන්සියයක් භික්‍ෂූන් ගෙන භික්‍ෂූන් දහසක් සමග චාරිකාවෙහි හැසිරෙන්නාහු කෝකාලික රටට පැමිණියාහුය. ඒ උපාසකවරු පෙරගමන් කොට තෙරුන් වහන්සේලා කැඳවාගෙන එම විහාරයටම පමුණුවා දිනපතා මහත් වූ සත්කාර කළාහුය. බොහෝ බෙහෙත් වස්ත්‍රාදිය උපදී. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සමඟ ගිය භික්‍ෂූන් සිවුරු ආදියෙන් විමසා සමඟ පැමිණි භික්‍ෂූන් වහන්සේලාටම දෙත්. කෝකාලිකට නොදෙත්. අග්‍රශ්‍රාවකයෝද ඔහුට නොදෙවවති. කෝකාලික තෙමේ සිවුරු නොලැබ පවිටු අදහස් ඇත්තේ. සැරියුත් මුගලන් දෙනම පෙර දෙනු ලබන ලාභයන් නොගෙන දැන් ගනිත් (තම අභිලාශයන්) පුරවන්නට නොහැකි වන්නාහුය. අන්‍යන් දෙස නොබලත් යයි තෙරුන් වහන්සේලාට නින්දා කරයි. අපහාස කරයි. අග්‍රශ්‍රාවක ස්ථවිරවරු හෙෙතම අප නිසා අකුසල් රැස් කරයි යයි පිරිවර සහිතව නික්මී ස්වාමීනි, තවත් දින කීපයක් වසවු යයි මිනිසුන් විසින් ඉල්වනු ලබන්නාහුද නවතින්නට නොකැමති වූවාහුය.

අථෙකො දහරො භික‍්ඛු ආහ – “උපාසකා, කථං ථෙරා වසිස‍්සන‍්ති, තුම‍්හාකං කුලූපකො ථෙරො ඉධ ඉමෙසං වාසං න සහතී”ති. තෙ තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “භන‍්තෙ, තුම‍්හෙ කිර ථෙරානං ඉධ වාසං න සහථ, ගච‍්ඡථ නෙ ඛමාපෙත්‍වා නිවත‍්තෙථ, සචෙ න නිවත‍්තෙථ, පලායිත්‍වා අඤ‍්ඤත්‍ථ වසථා”ති ආහංසු. සො උපාසකානං භයෙන ගන‍්ත්‍වා ථෙරෙ යාචි. ථෙරා “ගච‍්ඡාවුසො, න මයං නිවත‍්තාමා”ති පක‍්කමිංසු. සො ථෙරෙ නිවත‍්තෙතුං අසක‍්කොන‍්තො විහාරමෙව පච‍්චාගතො. අථ නං උපාසකා පුච‍්ඡිංසු “නිවත‍්තිතා තෙ, භන‍්තෙ, ථෙරා”ති. “නිවත‍්තෙතුං නාසක‍්ඛිං ආවුසො”ති. අථ නං “ඉමස‍්මිං පාපධම‍්මෙ වසන‍්තෙ ඉධ පෙසලා භික‍්ඛූ න වසිස‍්සන‍්ති, නික‍්කඩ‍්ඪාම න”න‍්ති චින‍්තෙත්‍වා “භන‍්තෙ, මා ත්‍වං ඉධ වසි, අම‍්හෙ නිස‍්සාය තුය‍්හං කිඤ‍්චි නත්‍ථී”ති ආහංසු. සො තෙහි නික‍්කඩ‍්ඪිතො පත‍්තචීවරමාදාය ජෙතවනං ගන‍්ත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා “පාපිච‍්ඡා, භන‍්තෙ, සාරිපුත‍්තමොග‍්ගල‍්ලානා, පාපිකානං ඉච‍්ඡානං වසං ගතා”ති ආහ. අථ නං සත්‍ථා “මා හෙවං කොකාලික, අවච, මා හෙවං කොකාලික අවච, පසාදෙහි කොකාලික, සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙසු චිත‍්තං, තෙ පෙසලා භික‍්ඛූ”ති වාරෙති. වාරිතොපි කොකාලිකො “තුම‍්හෙ, භන‍්තෙ, තුම‍්හාකං අග‍්ගසාවකානං සද‍්දහථ, අහං පච‍්චක‍්ඛතො අද‍්දසං, පාපිච‍්ඡා එතෙ පටිච‍්ඡන‍්නකම‍්මන‍්තා දුස‍්සීලා”ති වත්‍වා යාවතතියං සත්‍ථාරා වාරිතොපි තථෙව වත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. තස‍්ස පක‍්කන‍්තමත‍්තස‍්සෙව සකලසරීරෙ සාසපමත‍්තා පිළකා උට‍්ඨහිත්‍වා අනුපුබ‍්බෙන වඩ‍්ඪිත්‍වා බෙළුවපක‍්කමත‍්තා හුත්‍වා භිජ‍්ජිත්‍වා පුබ‍්බලොහිතානි පග‍්ඝරිංසු. සො නිත්‍ථුනන‍්තො වෙදනාප‍්පත‍්තො ජෙතවනද‍්වාරකොට‍්ඨකෙ නිපජ‍්ජි. “කොකාලිකෙන ද‍්වෙ අග‍්ගසාවකා අක‍්කුට‍්ඨා”ති යාව බ්‍රහ‍්මලොකා එකකොලාහලං අහොසි.

ඉක්බිතිව එක් තරුණ භික්‍ෂුවක් මෙසේ කීවේය. උපාසකවරුනි, අග්‍රශ්‍රාවක තෙරවරු කෙසේ නම් වසත්ද? තොපගේ කුළූපග තෙරුන්වහන්සේ මුන්වහන්සේලාගේ මෙහි විසීම නො ඉවසති. ඔවුහු ඒ කෝකාලික සමීපයට ගොස් ස්වාමීනි, තෙපි අග්‍රශ්‍රාවක තෙරවරුන්ගේ මෙහි විසීම නොඉවසුවද යවු ඔවුන් ක්‍ෂමා කරවා හෝ නවත්වහුයයිද (නැතහොත්) මෙයින් පලාගොස් අන්තැනක වසහු යයි කීවාහුය. හෙතෙම උපාසකයන්ට බියෙන් උන්වහන්සේලා වෙත ගොස් තෙරවරුන්ගෙන් ඉල්ලීය. තෙරවරුන් ඇවැත්නි, යව. අපි නොවතින්නෙමු යි පිටත්ව ගියාහුය. හෙතෙම නවතාලන්නට නොහැකි වන්නේ විහාරයටම පෙරළා පැමිණියේය. ඉක්බිති උපාසකයෝ ඔහුගෙන් විමසුවාහුය. ස්වාමීනි, ඔබ විසින් තෙරවරු නවත්වන ලද්දාහුදැයි. ඇවැත්නි, නවත්වන්නට නොහැකි වූයෙමියි. ඉක්බිති ඔහුට මේ පවිටා මෙහි වසන කල්හි සුපේශල භික්‍ෂූන් වහන්සේලා නොවසත්. ඔහු බැහැර කරමු යයි සිතා ස්වාමීනි, ඔබ මෙහි නොවසුව. අප නිසා තොපට කිසිවක් නැතැයි කීවාහුය. ඔවුන් විසින් අවමන් කරන ලද හෙතෙමේ පාත්‍රා සිවුරු ගෙන ජේතවනයට ගොස් ශාස්තෲන් වහන්සේ වෙත එළඹ ස්වාමීනි, සැරියුත් මුගලන් දෙනම පවිටු අදහස් ඇත්තාහුය. පවිටු අදහස්වල වසඟයට ගියාහුයයි කීවේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ කෝකාලිකය මෙසේ නොකියව. සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදුව. උන්වහන්සේලා සුපේශල භික්‍ෂූහු යයි වැළැක්වීය. කෝකාලික තෙමේ කියනුයේ ස්වාමීනි, නුඹවහන්සේ නුඹවහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් අදහන්නෙහුය. මොවුහු පවිටු අදහස් ඇත්තාහු බවද පිළිසන් කටයුතු ඇත්තාහු බවද දුස්ශීලයෝ බවද පුත්‍යක්‍ෂ වශයෙන් මම දුටුවෙමි යි කියා තෙවන වර දක්වා ශාස්තෲන් වහන්සේ විසින් වළක්වන ලද්දේ නමුත් එසේම කියා හුනස්නෙන් නැගිට ගියේය. (ඔහු) ගියකල්හිම ඔහුගේ සියළු ශරීරයෙහි අබ ඇට පමණ බිබිලි මතුවී ක්‍රමයෙන් වැඩී බෙලිගෙඩි පමණ වී බිදී ලේ සැරව වැගුරුනේය. හෙතෙම වේදනාව ඇත්තේ කෙඳිරි ගාමින් ජේතවනයෙහි දොරටුවෙහි හොත්තේය. කෝකාලික විසින් අග්‍රශ්‍රාවක දෙදෙනා වහන්සේට ආක්‍රෝශ කළේ යයි බඹලොව දක්වා එකම කෝලාහලයක් වීය.

අථස‍්ස උපජ‍්ඣායො තුරූ නාම බ්‍රහ‍්මා තං කාරණං ඤත්‍වා “ථෙරෙ ඛමාපෙස‍්සාමී”ති ආගන‍්ත්‍වා ආකාසෙ ඨත්‍වා “කොකාලික, ඵරුසං තෙ කම‍්මං කතං, අග‍්ගසාවකෙ පසාදෙහී”ති ආහ. “කො පන ත්‍වං ආවුසො”ති? “තුරූ බ්‍රහ‍්මා නාමාහ”න‍්ති. “නනු ත්‍වං, ආවුසො, භගවතා අනාගාමීති බ්‍යාකතො, අනාගාමී ච අනාවත‍්තිධම‍්මො අස‍්මා ලොකාති වුත‍්තං, ත්‍වං සඞ‍්කාරට‍්ඨානෙ යක‍්ඛො භවිස‍්සසී”ති මහාබ්‍රහ‍්මං අපසාදෙසි. සො තං අත‍්තනො වචනං ගාහාපෙතුං අසක‍්කොන‍්තො “තව වාචාය ත්‍වඤ‍්ඤෙව පඤ‍්ඤායිස‍්සසී”ති වත්‍වා සුද‍්ධාවාසමෙව ගතො. කොකාලිකොපි කාලං කත්‍වා පදුමනිරයෙ උප‍්පජ‍්ජි. තස‍්ස තත්‍ථ නිබ‍්බත‍්තභාවං ඤත්‍වා සහම‍්පතිබ්‍රහ‍්මා තථාගතස‍්ස ආරොචෙසි, සත්‍ථා භික‍්ඛූනං ආරොචෙසි. භික‍්ඛූ තස‍්ස අගුණං කථෙන‍්තා ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, කොකාලිකො කිර සාරිපුත‍්තමොග‍්ගල‍්ලානෙ අක‍්කොසිත්‍වා අත‍්තනො මුඛං නිස‍්සාය පදුමනිරයෙ උප‍්පන‍්නො”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව කොකාලිකො වචනෙන හතො අත‍්තනො මුඛං නිස‍්සාය දුක‍්ඛං අනුභොති, පුබ‍්බෙපි එස අත‍්තනො මුඛං නිස‍්සාය දුක‍්ඛං අනුභොසියෙවා”ති වත්‍වා අතීතං ආහරි.

ඉක්බිති ඔහුගේ උපාධ්‍යාය වූ තුදී නම් බ්‍රහ්මයා ඒ කරුණ දැනගොස් තෙරවරුන් ක්‍ෂමා කරවන්නෙමියි අහසෙහි සිට කෝකාලිය ඔබ විසින් නපුරු කටයුත්තක් කරන ලදි. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ පහදුවවයි කීවේය. ඇවැත්නි, තොප කවරෙක්ද? මම තුදී නම් බ්‍රහ්මයා වෙමි. ඇවැත්නි, තොප අනාගාමී යයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදි. අනාගාමී යනු එ(බඹ)ලොවින් මෙලොවට නොඑන්නේ යයි කියන ලදි. තොප කසල ගොඩක යක්‍ෂයෙක් වන්නෙහි යයි මහා බ්‍රහ්මයාට නින්දා කළේය. හෙතෙම ඔහුට තමාගේ වචනය පිළිගන්වන්නට නොහැකි වන්නේ තොපගේ වචනයෙන් තොපම ප්‍රකට වන්නෙහි යයි කියා සුද්ධාවාස බ්‍රහ්මලෝකයටම ගියේය. කෝකාලිකද කළුරිය කර පදුම නම් වූ නිරයෙහි උපන්නේය. සහම්පති බ්‍රහ්මයා ඔහු එහි උපන් බව දැන ඒ බව තථාගතයන් වහන්සේට දැන්වීය. ශාස්තෘන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට දැන්වූ සේක. භික්‍ෂූහු ඔහුගේ නුගුණ කියමින් දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, කෝකාලික තෙමේ සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේලාට නින්දා කර තමන්ගේ කට නිසා පදුම නිරයෙහි උපන්නේය යනුවෙනි. ශාස්තෲන් වහන්සේ පැමිණ මහණෙනි, දැන් කවර නම් වූ කථාවෙකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් වූවෙකනැයි කී කල්හි මහණෙනි, කෝකාලික තෙමේ තමාගේ කට නිසා නැසුනේ දුකට පත්වූයේ දැන් පමණක් නොවේ. මෙතෙම පෙරද කට නිසා දුක් අනුභව කළේම යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ තස‍්ස පුරොහිතො පිඞ‍්ගලො නික‍්ඛන‍්තදාඨො අහොසි. තස‍්ස බ්‍රාහ‍්මණී අඤ‍්ඤෙන බ්‍රාහ‍්මණෙන සද‍්ධිං අතිචරි, සොපි තාදිසොව. පුරොහිතො බ්‍රාහ‍්මණිං පුනප‍්පුනං වාරෙන‍්තොපි වාරෙතුං අසක‍්කොන‍්තො චින‍්තෙසි “ඉමං මම වෙරිං සහත්‍ථා මාරෙතුං න සක‍්කා, උපායෙන නං මාරෙස‍්සාමී”ති. සො රාජානං උපසඞ‍්කමිත්‍වා ආහ “මහාරාජ, තව නගරං සකලජම‍්බුදීපෙ අග‍්ගනගරං, ත්‍වං අග‍්ගරාජා, එවං අග‍්ගරඤ‍්ඤො නාම තව දක‍්ඛිණද‍්වාරං දුයුත‍්තං අවමඞ‍්ගල”න‍්ති. “ආචරිය, ඉදානි කිං කාතබ‍්බ”න‍්ති? “මඞ‍්ගලං කත්‍වා යොජෙතබ‍්බ”න‍්ති. “කිං ලද‍්ධුං වට‍්ටතී”ති. “පුරාණද‍්වාරං හාරෙත්‍වා මඞ‍්ගලයුත‍්තානි දාරූනි ගහෙත්‍වා නගරපරිග‍්ගාහකානං භූතානං බලිං දත්‍වා මඞ‍්ගලනක‍්ඛත‍්තෙන පතිට‍්ඨාපෙතුං වට‍්ටතී”ති. “තෙන හි එවං කරොථා”ති. තදා බොධිසත‍්තො තක‍්කාරියො නාම මාණවො හුත්‍වා තස‍්ස සන‍්තිකෙ සිප‍්පං උග‍්ගණ‍්හාති. පුරොහිතො පුරාණද‍්වාරං හාරෙත්‍වා නවං නිට‍්ඨාපෙත්‍වා රාජානං ආහ – “නිට‍්ඨිතං, දෙව, ද‍්වාරං, ස‍්වෙ භද‍්දකං නක‍්ඛත‍්තං, තං අනතික‍්කමිත්‍වා බලිං කත්‍වා ද‍්වාරං පතිට‍්ඨාපෙතුං වට‍්ටතී”ති. “ආචරිය, බලිකම‍්මත්‍ථාය කිං ලද‍්ධුං වට‍්ටතී”ති? “දෙව, මහෙසක‍්ඛං ද‍්වාරං මහෙසක‍්ඛාහි දෙවතාහි පරිග‍්ගහිතං, එකං පිඞ‍්ගලං නික‍්ඛන‍්තදාඨං උභතොවිසුද‍්ධං බ්‍රාහ‍්මණං මාරෙත්‍වා තස‍්ස මංසලොහිතෙන බලිං කත්‍වා සරීරං හෙට‍්ඨා ඛිපිත්‍වා ද‍්වාරං පතිට‍්ඨාපෙතබ‍්බං, එවං තුම‍්හාකඤ‍්ච නගරස‍්ස ච වුඩ‍්ඪි භවිස‍්සතී”ති. “සාධු ආචරිය, එවරූපං බ්‍රාහ‍්මණං මාරෙත්‍වා ද‍්වාරං පතිට‍්ඨාපෙහී”ති.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි ඔහුගේ පුරෝහිතයා පිටතට නික්මුන දත් ඇති පිඟුවන් වූවෙක් වීය. ඔහුගේ බැමිණිය අන් බ්‍රාහ්මණයෙකු සමග වරදවා හැසුරුනිය. ඒ බ්‍රාහ්මණයාද ඔහු හා සමාන වූයේමය. පුරෝහිතයා බැමිණිය නැවත නැවතත් වළක්වනු ලබන්නේද වළක්වන්නට නොහැකි වන්නේ “මගේ සතුරෙකු වූ මොහු සිය අතින් මරන්නට නොහැකිය. උපායකින් ඔහුව මරවන්නෙමි “යි සිතුවේය. ඔහු රජු වෙත එළඹ මෙසේ කීවේය. මහරජතුමනි, ඔබගේ නගරය සියළු දඹදිව අග නගරයයි. ඔබ අගරජුයි. මෙසේ අගරජු වූ ඔබ විසින් දකුණු දොරටුව නපුරු ලෙස තබන ලදි. එය අශුභ වූවකි. ආචාර්යතුමනි, දැන් කුමක් කටයුතුදැයි (විමසීය) ශුභ වූවක් යෙදිය (කළ) යුතුයයි කීවේය. (ඒ සඳහා) කුමක් ලබන්ට වටනේද? පැරණි දොරටුව ඉවත්කරවා යහපත් වූ දැව ගෙන නගරාරක්‍ෂක භූතයන්ට පූජාවක් දී ශුභ වූ නැකතින් පිහිටුවන්නට සුදුසු යැයි කීවේය. එසේනම් එලෙස කරවයි. (රජු කීවේය) එකල්හි බෝධිසත්ත්වයෝ තක්කාරී නම් මානවකයෙක් වී ඉපිද ඔහුගේ සමීපයෙහි ශිල්ප උගනිත්. පුරෝහිතයා පැරණි දොරටුව ඉවත්කොට අළුත් දොරක් නිමවා රජුට කීවේ දේවයන් වහන්ස, දොර සාදා නිමවන ලදි. හෙට යහපත් නැකතකි. එය නොඉක්මවා පූජාව කොට දොර පිහිටුවන්නට වටනේ යයි. ආචාර්යතුමනි, පූජාව සඳහා කුමක් ලබන්නට වටනේද? දේවයන් වහන්ස, දොර මහේශාක්‍ය වූවකි. මහානුභාව සම්පන්න දෙවියන් විසින් අධිගෘහිතය. පිඟුවන් වූ පිටතට නික්මුන දත් ඇති මව්පිය දෙපාර්ශ්වයෙන් පිරිසිදු වූ එක් බ්‍රාහ්මණයෙකු මරා ඔහුගේ මස් ලේවලින් පූජාවක් කර (ඔහුගේ) සිරුර යටකොට හෙළා. දොර පිහිටවිය යුතුය. මෙසේ තොපටද නගරයටද යහපතක් වන්නේයයි කීවේය. ආචාර්යයෙනි, මැනවි. මෙබඳු බ්‍රාහ්මණයෙකු මරා දොර පිහිටුවවයි (රජු ඇනවීය.)

සො තුට‍්ඨමානසො “ස‍්වෙ පච‍්චාමිත‍්තස‍්ස පිට‍්ඨිං පස‍්සිස‍්සාමී”ති උස‍්සාහජාතො අත‍්තනො ගෙහං ගන‍්ත්‍වා මුඛං රක‍්ඛිතුං අසක‍්කොන‍්තො තුරිතතුරිතො භරියං ආහ – “පාපෙ චණ‍්ඩාලි ඉතො පට‍්ඨාය කෙන සද‍්ධිං අභිරමිස‍්සසි, ස‍්වෙ තෙ ජාරං මාරෙත්‍වා බලිකම‍්මං කරිස‍්සාමී”ති. “නිරපරාධං කිංකාරණා මාරෙස‍්සසී”ති? රාජා “කළාරපිඞ‍්ගලස‍්ස බ්‍රාහ‍්මණස‍්ස මංසලොහිතෙන බලිකම‍්මං කත්‍වා නගරද‍්වාරං පතිට‍්ඨාපෙහී”ති ආහ, “ජාරො ච තෙ කළාරපිඞ‍්ගලො, තං මාරෙත්‍වා බලිකම‍්මං කරිස‍්සාමී”ති. සා ජාරස‍්ස සන‍්තිකං සාසනං පාහෙසි “රාජා කිර කළාරපිඞ‍්ගලං බ්‍රාහ‍්මණං මාරෙත්‍වා බලිං කාතුකාමො, සචෙ ජීවිතුකාමො, අඤ‍්ඤෙපි තයා සදිසෙ බ්‍රාහ‍්මණෙ ගහෙත්‍වා කාලස‍්සෙව පලායස‍්සූ”ති. සො තථා අකාසි. තං නගරෙ පාකටං අහොසි, සකලනගරතො සබ‍්බෙ කළාරපිඞ‍්ගලා පලායිංසු.

සතුටු සිත් ඇති හෙතෙම පසමිතුරා පිටු දකින්නෙමියි උත්සාහී වූයේ තමාගේ ගෙට ගොස් කට රකින්නට නොහැකි වන්නේ වහ වහා භාර්යාවට මෙසේ කීය. පවිටු සැඩොලිය, මෙතැන් පටන් කවරෙකු සමඟ රමණය කරන්නෙහිද? හෙට තොපගේ සොර සැමියා මරා බලිකර්මය කරන්නෙමියි කීවේය. වරද රහිත වූ ඔහු කවර කරුණකින් මරන්නෙහිද? රජු වමරැස් වූත් පිඟුවන් වූත් බ්‍රාහ්මණයෙකුගේ මස් ලේවලින් පූජාවක් කර නුවර දොර පිහිටුවයි කීවේය. ඔබගේ මේ සොරසැමියා වමරැස් වූයේද පිඟුවන් වූයේද වෙයි. ඔහු මරා පූජාව කරන්නෙමියි කීවේය. ඇය සොර සැමියා වෙතට හසුනක් යැවුවාය. රජු වමරැස් ඇති පිඟුවන් බ්‍රාහ්මණයෙකු මරවා පූජාවක් කරනු කැමැත්තේය. ඉදින් ජීවත් වනු කැමැත්තේ නම් තොප හා සමාන සෙසු බ්‍රාහ්මණයන්ද ගෙන හෙට කල් ඇතිව පලා යවයි කියාය. හෙතෙම එසේ කළේය. ඒ බව නගරයෙහි ප්‍රකට වීය. මුළු නගරයෙන්ම සියළු වමරැස් පිඟුවන් බ්‍රාහ්මණයෝ පලා ගියාහුය.

පුරොහිතො පච‍්චාමිත‍්තස‍්ස පලාතභාවං අජානිත්‍වා පාතොව රාජානං උපසඞ‍්කමිත්‍වා “දෙව, අසුකට‍්ඨානෙ කළාරපිඞ‍්ගලො බ්‍රාහ‍්මණො අත්‍ථි, තං ගණ‍්හාපෙථා”ති ආහ. රාජා අමච‍්චෙ පෙසෙසි. තෙ තං අපස‍්සන‍්තා ආගන‍්ත්‍වා “පලාතො කිරා”ති ආරොචෙසුං. “අඤ‍්ඤත්‍ථ උපධාරෙථා”ති සකලනගරං උපධාරෙන‍්තාපි න පස‍්සිංසු. තතො “අඤ‍්ඤං උපධාරෙථා”ති වුත‍්තෙ “දෙව, ඨපෙත්‍වා පුරොහිතං අඤ‍්ඤො එවරූපො නත්‍ථී”ති වදිංසු. පුරොහිතං න සක‍්කා මාරෙතුන‍්ති. “දෙව, කිං කථෙථ, පුරොහිතස‍්ස කාරණා අජ‍්ජ ද‍්වාරෙ අප‍්පතිට‍්ඨාපිතෙ නගරං අගුත‍්තං භවිස‍්සති, ආචරියො කථෙන‍්තො “අජ‍්ජ නක‍්ඛත‍්තං අතික‍්කමිත්‍වා ඉතො සංවච‍්ඡරච‍්චයෙන නක‍්ඛත‍්තං ලභිස‍්සතී”ති කථෙසි, සංවච‍්ඡරං නගරෙ අද‍්වාරකෙ පච‍්චත්‍ථිකානං ඔකාසො භවිස‍්සති, ඉමං මාරෙත්‍වා අඤ‍්ඤෙන බ්‍යත‍්තෙන බ්‍රාහ‍්මණෙන බලිකම‍්මං කාරෙත්‍වා ද‍්වාරං පතිට‍්ඨාපෙස‍්සාමා”ති. “අත්‍ථි පන අඤ‍්ඤො ආචරියසදිසො පණ‍්ඩිතො බ්‍රාහ‍්මණො”ති? “අත්‍ථි දෙව, තස‍්ස අන‍්තෙවාසී තක‍්කාරියමාණවො නාම, තස‍්ස පුරොහිතට‍්ඨානං දත්‍වා මඞ‍්ගලං කරොථා”ති.

පුරෝහිතයා සිය සතුරා පලාගිය බව නොදැන උදෑසනම රජු වෙත එළඹ දේවයන් වහන්ස, දේවයන් වහන්ස, අසවල් තැන වමරැස් පිඟුවන් බමුණෙක් ඇත. ඔහු ගෙන්වවයි කීවේය. රජ මිනිසුන් යැවීය. ඔවුහු ඔහුව නොදක්නාහු අවුත් (ඔහු) පලා ගියේයයි දැන්වූවාහුය. අන්තැනෙක්හි සොයවු යයි කියන ලද්දාහු මුළු නගරයෙහි සොයන්නාහුද නොදුටහ. අනතුර අනිකෙකු සොයවු යයි කී කල්හි දේවයන් වහන්ස, පුරෝහිතයා හැර මෙබඳු වූ අනිකෙක් නැතැයි කීවාහුය. පුරෝහිතයා මරන්නට නොහැකි යයි (කීවේය) දේවයන් වහන්ස, කුමක් කියහිද? පුරෝහිතයා නිසා අද දොර නොපිහිටවූ කල්හි නගරය අනාරක්‍ෂිත වන්නේය. ආචාර්යවරයා කියනුයේ අද ඉක්මවා මෙයින් වසරක් ඇවෑමෙන් නැකතක් නොලබන්නේයයි කීවේය. වසක් (පුරා) නගරයෙහි දොරටු නැති කල්හි පසමිතුරන්ට අවකාශ වන්නේය. මොහු මරවා අන් ව්‍යක්ත බ්‍රාහ්මණයෙකු ලවා පූජා කර්මය කරවා දොර පිහිටුවන්නෙමුයි කීවාහුය. ආචාර්යවරයා හා සමාන අන් පණ්ඩිත බ්‍රාහ්මණයෙක් ඇත්ද? දේවයන් වහන්ස, ඔහුගේම අවැසි වූ තක්කාරි නම් මානවකයෙක් ඇත. ඔහුට පුරෝහිත තනතුර දී ශුභ වූ කටයුත්ත කරවයි කීහ.

රාජා තං පක‍්කොසාපෙත්‍වා සම‍්මානං කාරෙත්‍වා පුරොහිතට‍්ඨානං දත්‍වා තථා කාතුං ආණාපෙසි. සො මහන‍්තෙන පරිවාරෙන නගරද‍්වාරං අගමාසි. පුරොහිතං රාජානුභාවෙන බන්‍ධිත්‍වා ආනයිංසු. මහාසත‍්තො ද‍්වාරට‍්ඨපනට‍්ඨානෙ ආවාටං ඛණාපෙත්‍වා සාණිං පරික‍්ඛිපාපෙත්‍වා ආචරියෙන සද‍්ධිං අන‍්තොසාණියං අට‍්ඨාසි. ආචරියො ආවාටං ඔලොකෙත්‍වා අත‍්තනො පතිට‍්ඨං අලභන‍්තො “අත්‍ථො තාව මෙ නිප‍්ඵාදිතො අහොසි, බාලත‍්තා පන මුඛං රක‍්ඛිතුං අසක‍්කොන‍්තො වෙගෙන පාපිත්‍ථියා කථෙසිං, අත‍්තනාව අත‍්තනො වධො ආභතො”ති මහාසත‍්තං ආලපන‍්තො පඨමං ගාථමාහ –

රජු ඔහු කැඳවා ගෞරව කරවා පුරෝහිත තනතුර දී එසේ කරන්නට ඇණවීය. හෙතෙම මහත් වූ පිරිවරින් නගර දොර කරා ගියේය. පුරෝහිතයා රජමහිමයෙන් බැඳගෙන ආවාහුය. මහබෝසත් තෙමේ දොර පිහිටුවන තැන්හි වලක් සාරවා තිරයකින් වටකරවා ආචාර්යවරයා සමග තිරය ඇතුළත සිටියේය. ආචාර්යවරයා වළ බලා තමාට පිළිසරණක් නොලබන්නේ පළමුව මගේ කාර්යය සම්පූර්ණ කරන ලද්දේ වීය. අඥාන බව නිසා කට රැකීමට නොහැකි වන්නේ විගසින් පවිටු ස්ත්‍රියට කීවෙමියි මවිසින්ම මගේ මරණය ගෙන එන ලද්දෙමියි මහබෝසතුන් අමතමින් පළමු ගාථාව කීවේය.

“අහමෙව දුබ‍්භාසිතං භාසි බාලො, භෙකොවරඤ‍්ඤෙ අහිමව‍්හායමානො; තක‍්කාරියෙ සොබ‍්භමිමං පතාමි, න කිරෙව සාධු අතිවෙලභාණී”ති.

අහමෙව දුබ්භාසිතං භාසිබාලො - භෙකොච අරඤ්ඤෙ අභිවව්හයානො, තක්කාරියෙ සොබ්භමිමං පතාමි - න කිරෙව සාධු අතිවෙල භාණ

1. තක්කාරිය, වනයෙහි සර්පයන් කැදවන්නා වූ මැඩියෙකු මෙන් අඥාන වූ මම වැරදි ලෙස කීවෙමි. එහෙයින් මේ වළට වැටෙමි. බොහෝ වේලාවක් කථාකිරීම නොමැනවි.

තත්‍ථ දුබ‍්භාසිතං භාසීති දුබ‍්භාසිතං භාසිං. භෙකොවාති යථා අරඤ‍්ඤෙ මණ‍්ඩූකො වස‍්සන‍්තො අත‍්තනො ඛාදකං අහිං අව‍්හායමානො දුබ‍්භාසිතං භාසති නාම, එවං අහමෙව දුබ‍්භාසිතං භාසිං. තක‍්කාරියෙති තස‍්ස නාමං, තක‍්කාරියාති ඉත්‍ථිලිඞ‍්ගං නාමං, තෙනෙව තං ආලපන‍්තො එවමාහ.

එහි දුබ්භාසිතං භාසි යනු වැරදි වචනයක් කීවෙමි. භෙකොව යනු වනයෙහි වසන්නා වූ මැඩියා තමා කන්නා වූ සර්පයෙකු කැඳවයි. ඔහු ඒ සර්පයා කැඳවන්නේ වැරදි වූ වචනයක් කියයි. මම මෙසේ වරදි ප්‍රකාශයක් කළෙමි. තක්කාරියෙ යනු ඔහුගේ නමයි. තක්කාරියා යනු ස්ත්‍රීලිංග පදයකි. එයින්ම ඔහු ආමන්ත්‍රණය කරනු ලබන්නේ මෙසේ කීවේය.

තං සුත්‍වා මහාසත‍්තො දුතියං ගාථමාහ –

ඒ අසා බෝසත් තෙමේ දෙවන ගාථාව කීවේය.

“පප‍්පොති මච‍්චො අතිවෙලභාණී, බන්‍ධං වධං සොකපරිද‍්දවඤ‍්ච; අත‍්තානමෙව ගරහාසි එත්‍ථ, ආචෙර යං තං නිඛණන‍්ති සොබ‍්භෙ”ති.

2. ආචාර්යයනි, පමණ ඉක්මවා කථාකරන මිනිසා සිරගෙයි ලෑමටද, හිංසා පීඩාවටද, ශෝක කිරීම වැලපීම ආදියටද පැමිණේ. වළෙහි යම් මේ වැළලීමක් වේද එපමණකින් තමාම අපහාස කිරීමක් වෙයි.

තත්‍ථ අතිවෙලභාණීති වෙලාතික‍්කන‍්තං පමාණාතික‍්කන‍්තං කත්‍වා කථනං නාම න සාධු, අතිවෙලභාණී පුරිසො න සාධූති අත්‍ථො. සොකපරිද‍්දවඤ‍්චාති ආචරිය, එවමෙව අතිවෙලභාණී පුරිසො වධං බන්‍ධඤ‍්ච සොකඤ‍්ච මහන‍්තෙන සද‍්දෙන පරිදෙවඤ‍්ච පප‍්පොති. ගරහාසීති පරං අගරහිත්‍වා අත‍්තානංයෙව ගරහෙය්‍යාසි. එත්‍ථාති එතස‍්මිං කාරණෙ. ආචෙර යං තන‍්ති ආචරිය, යෙන කාරණෙන තං නිඛණන‍්ති සොබ‍්භෙ, තං තයාව කතං, තස‍්මා අත‍්තානමෙව ගරහෙය්‍යාසීති වදති.

එහි අතිවෙලභාණී යනු කාලය ඉක්මවා ප්‍රමාණය ඉක්මවා කථාකිරීම නම් නොමැනවි. කාලය ඉක්මවා කථාකරන පුරුෂයා නොමැනවයි යන අර්ථයි. සොකපරිද්දවං යනු ඇදුරුතුමනි, මෙය එසේමය. කාලය ඉක්මවා කථාකරන පුරුෂයා වධබන්‍ධයටද ශෝකයටද මහහඬින් වැළපීමටද පැමිණේ. ගරහාසි යනු අනිකෙකු නින්දා නොකර තමාම නින්දා කරන්නෙහිය. එත්තො යනු මේ කරුණෙහි ලා. ආචෙර යන්තං යනු ඇදුරුතුමනි, යම් කාරණයකින්ද එයයි. නිඛණන්ති සොබෙභ යනු එය ඔබ විසින්ම කරන ලදි. එහෙයින් තමාම නින්දා කටයුත්තේ වෙහි යයි කියයි.

එවඤ‍්ච පන වත්‍වා “ආචරිය, වාචං අරක‍්ඛිත්‍වා න කෙවලං ත්‍වමෙව දුක‍්ඛප‍්පත‍්තො, අඤ‍්ඤොපි දුක‍්ඛප‍්පත‍්තොයෙවා”ති වත්‍වා අතීතං ආහරිත්‍වා දස‍්සෙසි.

මෙසේද ඔහුට කියා ආචාර්යයෙනි, වචනය ආරක්‍ෂා නොකර හුදෙක් ඔබ පමණක් දුකට පත්වූයේ නොවෙයි. වෙනත් අයද පත් වූවෝම යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර දැක්වීය.

පුබ‍්බෙ කිර බාරාණසියං කාළී නාම ගණිකා අහොසි, තස‍්සා තුණ‍්ඩිලො නාම භාතා. කාළී එකදිවසං සහස‍්සං ගණ‍්හාති. තුණ‍්ඩිලො පන ඉත්‍ථිධුත‍්තො සුරාධුත‍්තො අක‍්ඛධුත‍්තො අහොසි. සා තස‍්ස ධනං දෙති, සො ලද‍්ධං ලද‍්ධං විනාසෙති. සා තං වාරෙන‍්තීපි වාරෙතුං නාසක‍්ඛි. සො එකදිවසං ජූතපරාජිතො නිවත්‍ථවත්‍ථානි දත්‍වා කටසාරකඛණ‍්ඩං නිවාසෙත්‍වා තස‍්සා ගෙහං ආගමි . තාය ච දාසියො ආණත‍්තා හොන‍්ති “තුණ‍්ඩිලස‍්ස ආගතකාලෙ කිඤ‍්චි අදත්‍වා ගීවායං නං ගහෙත්‍වා නීහරෙය්‍යාථා”ති. තා තථා කරිංසු. සො ද‍්වාරමූලෙ රොදන‍්තො අට‍්ඨාසි.

පෙර බරණැස් නුවර කාලී නම් ගණිකාවක වූවාය. ඇයට තුණ්ඩිල නම් සොහොවුරෙක් වීය. කාළිය එක් දිනයකට දහසක් ගනියි. තුණ්ඩිලයා වූ කලී ස්ත්‍රීලොල් වූවෙකි. සුරාසොඬෙකි. දූ කෙළියෙහි ඇළුනේද වීය. ඇය ඔහුට ධනය දෙයි හෙතෙම ලබන ලද ධනය විනාශ කරයි. ඇය ඔහුව වළක්වන්නී නමුදු වළක්වන්නට නොහැකි වූවාය. හෙතෙම එක් දිනයක දූ කෙළියෙන් පරාජය වූයේ හැඳි වස්ත්‍රයන් දී පැදුරු කැබැල්ලක් හැඳ ඇයගේ ගෙට පැමිණියේය. තුණ්ඩිල ආ කල්හි කිසිවක් නොදී බෙල්ලෙන් අල්ලාගෙන බැහැර කරවු යයි ඇය විසින් දාසීහු අණවන ලද්දෝ වෙති. ඈලා එසේ කළාහුය. හෙතෙම හඬමින් දොරමුල සිටියේය.

අථෙකො සෙට‍්ඨිපුත‍්තො නිච‍්චකාලං කාළියා සහස‍්සං ආහරාපෙන‍්තො දිස‍්වා “කස‍්මා තුණ‍්ඩිල රොදසී”ති පුච‍්ඡි. “සාමි, ජූතපරාජිතො මම භගිනියා සන‍්තිකං ආගතොම‍්හි, තං මං දාසියො ගීවායං ගහෙත්‍වා නීහරිංසූ”ති. “තෙන හි තිට‍්ඨ, භගිනියා තෙ කථෙස‍්සාමී”ති සො ගන‍්ත්‍වා “භාතා තෙ කටසාරකඛණ‍්ඩං නිවාසෙත්‍වා ද‍්වාරමූලෙ ඨිතො, වත්‍ථානිස‍්ස කිමත්‍ථං න දෙසී”ති ආහ. “අහං තාව න දෙමි, සචෙ පන තෙ සිනෙහො අත්‍ථි, ත්‍වං දෙහී”ති. තස‍්මිං පන ගණිකාය ඝරෙ ඉදංචාරිත‍්තං – ආභතසහස‍්සතො පඤ‍්චසතානි ගණිකාය හොන‍්ති, පඤ‍්චසතානි වත්‍ථගන්‍ධමාලමූලානි හොන‍්ති. ආගතපුරිසා තස‍්මිං ඝරෙ ලද‍්ධවත්‍ථානි නිවාසෙත්‍වා රත‍්තිං වසිත්‍වා පුනදිවසෙ ගච‍්ඡන‍්තා ආභතවත්‍ථානෙව නිවාසෙත්‍වා ගච‍්ඡන‍්ති. තස‍්මා සො සෙට‍්ඨිපුත‍්තො තාය දින‍්නවත්‍ථානි නිවාසෙත්‍වා අත‍්තනො සාටකෙ තුණ‍්ඩිලස‍්ස දාපෙසි. සො නිවාසෙත්‍වා නදන‍්තො ගජ‍්ජන‍්තො ගන‍්ත්‍වා සුරාගෙහං පාවිසි. කාළීපි දාසියො ආණාපෙසි “ස‍්වෙ එතස‍්ස ගමනකාලෙ වත්‍ථානි අච‍්ඡින්‍දෙය්‍යාථා”ති. තා තස‍්ස නික‍්ඛමනකාලෙ ඉතො චිතො ච උපධාවිත්‍වා විලුම‍්පමානා සාටකෙ ගහෙත්‍වා “ඉදානි යාහි කුමාරා”ති නග‍්ගං කත්‍වා විස‍්සජ‍්ජෙසුං. සො නග‍්ගොව නික‍්ඛමි. ජනො පරිහාසං කරොති. සො ලජ‍්ජිත්‍වා “මයාවෙතං කතං, අහමෙව අත‍්තනො මුඛං රක‍්ඛිතුං නාසක‍්ඛි”න‍්ති පරිදෙවි. ඉදං තාව දස‍්සෙතුං තතියං ගාථමාහ –

ඉක්බිති නිරතුරුව කාළියට දහසක් ගෙන එන්නා වූ එක් සිටුපුත්‍රයෙක් එදවස ඔහු දැක තුණ්ඩිලය, කුමක් හෙයින් හඬහිදැයි විචාළේය. ස්වාමීනි, දූකෙළියෙහි පරාජය වූයෙම් මගේ සොහොවුරියගේ සමීපයට පැමිණියේ වෙමි. දාසීහු ඒ මා බෙල්ලෙන් ගෙන බැහැර කළාහුයයි කීවේය. එසේ නම් සිටුව. ඔබගේ සොහොවුරියට කියන්නෙමියි ඒ සිටුපුත්‍රයා ගොස් නුඹගේ සොහොවුරා පැදුරු කැබැල්ලක් හැඳ සිටියේය. කුමක් නිසා ඔහුට වස්ත්‍ර නොදෙහිදැයි කීවේය. මම නොදෙමි. ඉදින් ඹබගේ සෙනෙහසක් වේ නම් ඔබ දෙවයි කීවාය. ඒ ගණිකාවගේ නිවසෙහි මෙවැනි සිරිතක් වෙයි. ගෙන ආවා වූ දහසින් පන්සියයක් ගණිකාවට වෙයි. පන්සියයක් ඇඳුම්, සුවඳ-මල්මාලාදිය සඳහා මිල වෙයි. පැමිණි පුරුෂයෝ ඒ නිවසෙහි ලද වස්ත්‍රයන් හැඳ රාත්‍රිය වාසය කර දෙවන දවස්හි පෙරළා යන්නාහු ගෙන ආ වස්ත්‍රයන්ම හැඳ යති. එහෙයින් ඒ සිටුපුත්‍රයා ඇය විසින් දෙන ලද වස්ත්‍ර හැඳ තමාගේ වස්ත්‍ර තුණ්ඩිලයාට දෙවීය. හෙතෙම (ඒවා) හැඳ කෑගසමින් ගොස් මත්පැන් බොන ගෙට පිවිසියේය. කාළිය ද දාසීන්ට ඇණවීය. හෙට මොහු යනකල්හි වස්ත්‍රයන් උදුරාගනිවු යනුවෙනි. ඈලා ඔහු නික්මෙන කල්හි ඔබිනොබ දුවවිත් පැහැර ගන්නවුන් මෙන් සළු ගෙන කුමාරය, දැන් යවයි නග්න කර පිටත් කර යැවුවාහුය. හෙතෙම නග්නවම නික්මුණේය. මහජනයා අපහාස කරයි. හෙතෙම ලජ්ජාවට පත්වී මවිසින්ම මෙය කරන ලදි. මම ම තමාගේ කට ආරක්‍ෂා කිරීමට නොහැකි වීමි යයි වැළපුනේය. මේ කරුණ දැක්වීමට තෙවන ගාථාව කීවේය.

“කිමෙවහං තුණ‍්ඩිලමනුපුච‍්ඡිං, කරෙය්‍ය සං භාතරං කාළිකායං; නග‍්ගොවහං වත්‍ථයුගඤ‍්ච ජීනො, අයම‍්පි අත්‍ථො බහුතාදිසොවා”ති.

3. සිය සොහොවුරු තුණ්ඩිලට කුමක් හෙයින් මෙසේ කරන්නේ දැයි කාලියගෙන් විමසුවෙමි. වස්ත්‍ර යුගලය පැහැර ගැනීමට ලක්වූ මම නග්න වීමි. මේ කරුණද බොහෝ සෙයින් ඊට සමානය.

තත්‍ථ බහුතාදිසොවාති සෙට‍්ඨිපුත‍්තො හි අත‍්තනා කතෙන දුක‍්ඛං පත‍්තො, ත්‍වම‍්පි තස‍්මා අයම‍්පි තුය‍්හං දුක‍්ඛප‍්පත‍්ති අත්‍ථො. බහූහි කාරණෙහි තාදිසොව.

එහි බහුතා දිසොවා යනු සිටුපුත්‍රයා තමා විසින් කළ දෙයින්ම දුකට පත් වූයේය. නුඹද එයින්ම මේ තොපගේ දුකට පත්වීමද වූයේය යන අර්ථයි. බොහෝ කරුණුවලින් ඒ හා සමාන වේමය.

අපරොපි බාරාණසියං අජපාලානං පමාදෙන ගොචරභූමියං ද‍්වීසු මෙණ‍්ඩෙසු යුජ‍්ඣන‍්තෙසු එකො කුලිඞ‍්ගසකුණො “ඉමෙ දානි භින‍්නෙහි සීසෙහි මරිස‍්සන‍්ති, වාරෙස‍්සාමි තෙති මාතුලා මා යුජ‍්ඣථා”ති වාරෙත්‍වා තෙසං කථං අග‍්ගහෙත්‍වා යුජ‍්ඣන‍්තානඤ‍්ඤෙව පිට‍්ඨියම‍්පි සීසෙපි නිසීදිත්‍වා යාචිත්‍වා වාරෙතුං අසක‍්කොන‍්තො “තෙන හි මං මාරෙත්‍වා යුජ‍්ඣථා”ති උභින‍්නම‍්පි සීසන‍්තරං පාවිසි. තෙ අඤ‍්ඤමඤ‍්ඤං යුජ‍්ඣිංසුයෙව. සො සණ‍්හකරණියං පිසිතො විය අත‍්තනා කතෙනෙව විනාසං පත‍්තො. ඉදම‍්පි අපරං කාරණං දස‍්සෙතුං චතුත්‍ථං ගාථමාහ –

අනිකක්ද වේ. බරණැස් නුවර එළුපල්ලන්ගේ ප්‍රමාදයෙන් ගොදුරු බිමෙහිදී බැටළුවන් දෙදෙනෙකු යුද්ධ කරන කල්හි එක් කෑරල පක්‍ෂියෙක් මොවුහු දැන් හිස් බිඳීමෙන් මැරෙන්නාහ. ඔවුන් වළක්වන්නෙමියි මාමණ්ඩියෙනි, යුද නොකරවයි වළක්වා, ඔවුන් (ඔහුගේ) කතාව නොගෙන යුද කරන්නා වූ ඔවුන්ගේ පිටෙහිද හිසෙහිද හිඳ ඇය, වළක්වන්නට නොහැකිවන්නේ එසේ නම් මා මරා යුද කරවු යයි ඔවුන් දෙදෙනාගේ හිස් අතරට පිවිසියේය. ඔවුහු එකිනෙකාට පහර දුන්නාහුමය. හෙතෙම ඇඹරුම් ගලක ඇඹරුවක් මෙන් තමා විසින් කළ දෙයින්ම විනාශයට පත් වූයේය. මේ වෙනත් වූ කරුණ දක්වන්නේ සිවුවන ගාථාව කීවේය.

“යො යුජ‍්ඣමානානමයුජ‍්ඣමානො, මෙණ‍්ඩන‍්තරං අච‍්චුපතී කුලිඞ‍්ගො; සො පිංසිතො මෙණ‍්ඩසිරෙහි තත්‍ථ, අයම‍්පි අත්‍ථො බහුතාදිසොවා”ති.

4. යම් කෑරළු පක්‍ෂියෙක් යුද වැදුන බැටළුවන් අතරට සටනින් මුදවන්නේ ගියේද හෙතෙම බැටළු හිස් අතරදී ඇඹරී ගියේය. මේ කරුණද බොහෝසෙයින් ඊට සමානය.

තත්‍ථ මෙණ‍්ඩන‍්තරන‍්ති මෙණ‍්ඩානං අන‍්තරං. අච‍්චුපතීති අතිගන‍්ත්‍වා උප‍්පති, ආකාසෙ සීසානං වෙමජ‍්ඣෙ අට‍්ඨාසීති අත්‍ථො. පිංසිතොති පීළිතො.

එහි මෙණ්ඩනතරං යනු බැටළුවන් අතර අච්චුපති යනු ඉක්මවා ගොස් අහසෙහි පැන සිටියේය. හිස් අතරමැද සිටියේය යන අර්ථයි. පිංසිතො යනු පෙළන ලද්දේය.

අපරෙපි බාරාණසිවාසිනො ගොපාලකා ඵලිතං තාලරුක‍්ඛං දිස‍්වා එකං තාලඵලත්‍ථාය රුක‍්ඛං ආරොපෙසුං. තස‍්මිං ඵලානි පාතෙන‍්තෙ එකො කණ‍්හසප‍්පො වම‍්මිකා නික‍්ඛමිත්‍වා තාලරුක‍්ඛං ආරුහි. හෙට‍්ඨා පතිට‍්ඨිතා දණ‍්ඩෙහි පහරන‍්තා නිවාරෙතුං නාසක‍්ඛිංසු. තෙ “සප‍්පො තාලං අභිරුහතී”ති ඉතරස‍්ස ආචික‍්ඛිංසු. සො භීතො මහාවිරවං විරවි. හෙට‍්ඨා ඨිතා එකං ථිරසාටකං චතූසු කණ‍්ණෙසු ගහෙත්‍වා “ඉමස‍්මිං සාටකෙ පතා”ති ආහංසු. සො පතන‍්තො චතුන‍්නම‍්පි අන‍්තරෙ සාටකමජ‍්ඣෙ පති. තස‍්ස පන පාතනවෙගෙන තෙ සන්‍ධාරෙතුං අසක‍්කොන‍්තා අඤ‍්ඤමඤ‍්ඤං සීසෙහි පහරිත්‍වා භින‍්නෙහි සීසෙහි ජීවිතක‍්ඛයං පත‍්තා. ඉදම‍්පි කාරණං දස‍්සෙන‍්තො පඤ‍්චමං ගාථමාහ –

අනිකක්ද ඇත. බරණැස් නුවර වැසි ගොපල්ලෝ ඵල ගැනුන තල්ගසක් දැක ගෙඩි කඩා ගැනීම සඳහා එක් අයෙකු ගසට නැංවූහ. ඔහු ගෙඩි හෙළන කල්හි එක් කලු නයෙක් තුඹසින් නික්මී තල්ගසට නැංගේය. ගසයට සිටි අය දඬු ආදියෙන් පහර දෙන්නාහුද වළක්වන්නට නොහැකි වූවාහුය. ඔවුහු සර්පයෙකු තල්ගසට නැගී යයි අනිකාට කීවාහුය. හෙතෙම බියට පත් වූයේ මහ හඬින් කෑගැසුවේය. ගස යට සිටි අය එක් දැඩි සළුවක් කොන් සතරෙහි ගෙන මේ සළුවට පනින්න යයි ඔහුට කීවාහුය. හෙතෙම ගිලිහී සිව්දෙනා අතර සළුව මැදට වැටුනේය. ඔහුගේ වාත වේග නිසා දරන්නට නොහැකි වන්නාහු එකිනෙකා හිස්වල ගැටී බිඳුන හිස්වලින් ජීවිතක්‍ෂයට පත් වූවාහුය. මේ කරුණ දක්වමින් පස්වන ගාථාව කීවේය.

“චතුරො ජනා පොත්‍ථකමග‍්ගහෙසුං, එකඤ‍්ච පොසං අනුරක‍්ඛමානා; සබ‍්බෙව තෙ භින‍්නසිරා සයිංසු, අයම‍්පි අත්‍ථො බහුතාදිසොවා”ති.

5. සතරදෙනෙක් එක් පුරුෂයෙකු රකින්නේ ඝන සළුවක් ගත්තාහුය. ඒ සියල්ලෝම බිඳුන හිස් ඇත්තෝ බිම හොත්තාහුය. මේ කරුණද බොහෝසෙයින් ඊට සමානය.

තත්‍ථ පොත්‍ථකන‍්ති සාණසාටකං. සබ‍්බෙව තෙති තෙපි චත‍්තාරො ජනා අත‍්තනා කතෙනෙව භින‍්නසීසා සයිංසු.

එහි පොත්‍ථකං යනු ඝන සළුවකි. සබ්බෙව තෙ යනු ඒ සතරදෙනාම තමා කළ දෙයින්ම බිඳුන හිස් ඇත්තෝ වූවෝ හොත්තාහුය.

අපරෙපි බාරාණසිවාසිනො එළකචොරා රත‍්තිං එකං අජං ථෙනෙත්‍වා “දිවා අරඤ‍්ඤෙ ඛාදිස‍්සාමා”ති තස‍්සා අවස‍්සනත්‍ථාය මුඛං බන්‍ධිත්‍වා වෙළුගුම‍්බෙ ඨපෙසුං. පුනදිවසෙ තං ඛාදිතුං ගච‍්ඡන‍්තා ආවුධං පමුස‍්සිත්‍වා අගමංසු. තෙ “අජං මාරෙත්‍වා මංසං පචිත්‍වා ඛාදිස‍්සාම, ආහරථාවුධ”න‍්ති එකස‍්සපි හත්‍ථෙ ආවුධං අදිස‍්වා “විනා ආවුධෙන එතං මාරෙත්‍වාපි මංසං ගහෙතුං න සක‍්කා, විස‍්සජ‍්ජෙථ නං, පුඤ‍්ඤමස‍්ස අත්‍ථී”ති විස‍්සජ‍්ජෙසුං. තදා එකො නළකාරො වෙළුං ගහෙත්‍වා “පුනපි ආගන‍්ත්‍වා ගහෙස‍්සාමී”ති නළකාරසත්‍ථං වෙළුගුම‍්බන‍්තරෙ ඨපෙත්‍වා පක‍්කාමි. අජා “මුත‍්තාම‍්හී”ති තුස‍්සිත්‍වා වෙළුමූලෙ කීළමානා පච‍්ඡිමපාදෙහි පහරිත්‍වා තං සත්‍ථං පාතෙසි. චොරා සත්‍ථසද‍්දං සුත්‍වා උපධාරෙන‍්තා තං දිස‍්වා තුට‍්ඨමානසා අජං මාරෙත්‍වා මංසං ඛාදිංසු. ඉති “සාපි අජා අත‍්තනා කතෙනෙව මතා”ති දස‍්සෙතුං ඡට‍්ඨං ගාථමාහ –

අනිකක්ද ඇත. බරණැස් නුවර වැසි එළුවන් සොරකම් කරන අය රාත්‍රියෙහි එක් එළුවෙක් සොරකම් කර දවල් කාලයෙහිදී වනයෙහි සිට කන්නෙමුයි කියා ඇයගේ නොහැඬීම පිණිස කට බැඳ උණ පඳුරක තැබුවාහුය. දෙවන දවස්හි ඌ කන්නට යන්නාහු ආයුධ අමතක කර ගියාහුය. ඔවුහු එළුවා මරා මස් පිස කන්නෙමු ආයුධ ගෙන එව් යයි කියන ලද්දාහු එකකුගේද අතෙහි ආයුධයක් නොදැක ආයුධනැතිව මූ මරාද මස් ගන්නට නොහැකිය. ඌ මුදාහරිව්. එය එකිනෙකාට පිනක්ද ඇති වන්නේ යයි මුදවා හැරියාහුය. එකල්හි උණ කර්මාන්තකරුවෙක් උණ ගසක් ගෙන නැවත අවුත් උණදඬු කපන ආයුධය උණකොළ අතර තබා ගියේය. එළිස්සිය මිදුනේ වෙමියි සතුටට පත් වී උණ ගස මුල ක්‍රීඩා කරනු ලබන්නී පසු පාදයන්ගෙන් ගසා ඒ ආයුධය හෙලීය. සොරු ආයුධ ශබ්දය අසා සොයාබලා එය දැක සතුටු සිත් ඇත්තාහු එළිස්සිය මරා මස් කෑවාහුය. මෙසේ එම එළිස්සියද තමා කළ දෙයින්ම මළා යයි යන මෙය දක්වන්නට සවන ගාථාව කීවේය.

“අජා යථා වෙළුගුම‍්බස‍්මිං බද‍්ධා, අවක‍්ඛිපන‍්තී අසිමජ‍්ඣගච‍්ඡි; තෙනෙව තස‍්සා ගලකාවකන‍්තං, අයම‍්පි අත්‍ථො බහුතාදිසොවා”ති.

6. යම් සේ හුණ ලැහැබෙක බඳනා ලද එළුදෙන කෙළිදෙලෙන් පසුවන්නී කඩුවක් ලැබුවාද එයින්ම ඇයගේ ගෙල කපන ලදි. මේ කරුණද බොහෝසෙයින් ඊට සමානය.

තත්‍ථ අවක‍්ඛිපන‍්තීති කීළමානා පච‍්ඡිමපාදෙ ඛිපන‍්තී.

එහි අවෙක්ඛපන්තී යනු ක්‍රීඩා කරනු ලබන්නී පසුපාදයන් උඩට දමාගසන්නී.

එවඤ‍්ච පන වත්‍වා “අත‍්තනො වචනං රක‍්ඛිත්‍වා මිතභාණිනො නාම මරණදුක‍්ඛා මුච‍්චන‍්තී”ති දස‍්සෙත්‍වා කින‍්නරවත්‍ථුං ආහරි.

මෙසේද කියා පමණ දැන කථා කරන්නෝ තමාගේ වනය ආරක්‍ෂා කර මරණ දුකින් මිදෙත් යයි දක්වා කින්නර වස්තුව ගෙනහැර දැක්වීය.

බාරාණසිවාසී කිරෙකො ලුද‍්දකො හිමවන‍්තං ගන‍්ත්‍වා එකෙනුපායෙන ජයම‍්පතිකෙ ද‍්වෙ කින‍්නරෙ ගහෙත්‍වා ආනෙත්‍වා රඤ‍්ඤො අදාසි. රාජා අදිට‍්ඨපුබ‍්බෙ කින‍්නරෙ දිස‍්වා තුස‍්සිත්‍වා “ලුද‍්ද, ඉමෙසං කො ගුණො”ති පුච‍්ඡි. “දෙව, එතෙ මධුරෙන සද‍්දෙන ගායන‍්ති, මනුඤ‍්ඤං නච‍්චන‍්ති, මනුස‍්සා එවං ගායිතුඤ‍්ච නච‍්චිතුඤ‍්ච න ජානන‍්තී”ති. රාජා ලුද‍්දස‍්ස බහුං ධනං දත්‍වා කින‍්නරෙ “ගායථ නච‍්චථා”ති ආහ. කින‍්නරා “සචෙ මයං ගායන‍්තා බ්‍යඤ‍්ජනං පරිපුණ‍්ණං කාතුං න සක‍්ඛිස‍්සාම, දුග‍්ගීතං හොති, අම‍්හෙ ගරහිස‍්සන‍්ති වධිස‍්සන‍්ති, බහුං කථෙන‍්තානඤ‍්ච පන මුසාවාදොපි හොතී”ති මුසාවාදභයෙන රඤ‍්ඤා පුනප‍්පුනං වුත‍්තාපි න ගායිංසු න නච‍්චිංසු. රාජා කුජ‍්ඣිත්‍වා “ඉමෙ මාරෙත්‍වා මංසං පචිත්‍වා ආහරථා”ති ආණාපෙන‍්තො සත‍්තමං ගාථමාහ –

බරණැස් නුවර වැසි එක් වැදි පුත්‍රයෙක් හිමවතට ගොස් එක් උපායකින් අඹුසැමි වූ කිඳුරන් දෙදෙනෙකු ගෙන අවුත් රජුට දුන්නේය. රජු නොදුටු විරූ කිඳුරන් දැක වැද්ද මොවුන්ගේ කවර ගුණයක්දැයි විචාළේය. දේවයන් වහන්ස, මොවුහු මිහිරි හඬින් ගායනා කරති. මනොඥ පරිදි නටති. මිනිස්සු එසේ ගායනා කරන්නට හෝ නටන්නට නොදනිත් යයි කීවේය. රජු වැද්දාට බොහෝ ධනය දී කිඳුරන්ට ගායනා කරව්. නටව් යයි කීවේය. කිඳුරෝ කියන්නාහු ඉදින් අපි ගායනා කරන්නෙමු නම් අක්‍ෂර සම්පූර්ණ කරන්නට නොහැකි වන්නෙමු. නපුරුකොට ගායනා කරන ලද්දේ වෙයි. අපට ගර්හා කරන්නාහ. හිංසා කරන්නාහ. බොහෝකොට කියන්නවුනට මුසාවාදය වේ යයි ඔවුහු බොරු කීමේ බියෙන් රජු විසින් නැවත නැවතත් කියනු ලබන්නාහු නමුත් ගායනා නොකළාහුය. නො නැටූහ. රජු කිපී මොවුන් මරා මස් ගෙන එව් යයි අණවන්නේ සත්වන ගාථාව කීවේය.

“ඉමෙ න දෙවා න ගන්‍ධබ‍්බපුත‍්තා, මිගා ඉමෙ අත්‍ථවසං ගතා මෙ; එකඤ‍්ච නං සායමාසෙ පචන‍්තු, එකං පුනප‍්පාතරාසෙ පචන‍්තූ”ති.

7. මොවුහු දෙවියෝ නොවෙති. ගාන්ධර්ව පුත්‍රයෝද නොවෙති. මොවුහු මෘගයෝ වෙති. මොවුහු ධනය අපේක්‍ෂාවෙන් අප මෙහි ගෙන ආවාහුය. ඔහු වෙනුවෙන් එකෙකු සවස ආහාරයට පිසත්වා. නැවත එකෙකු උදේ ආහාරයට පිසත්වා.

තත්‍ථ මිගා ඉමෙති ඉමෙ සචෙ දෙවා ගන්‍ධබ‍්බා වා භවෙය්‍යුං, නච‍්චෙය්‍යුඤ‍්චෙව ගායෙය්‍යුඤ‍්ච, ඉමෙ පන මිගා තිරච‍්ඡානගතා. අත්‍ථවසං ගතා මෙති අත්‍ථං පච‍්චාසීසන‍්තෙන ලුද‍්දෙන ආනීතත‍්තා අත්‍ථවසෙන මම හත්‍ථං ගතා. එතෙසු එකං සායමාසෙ, එකං පාතරාසෙ පචන‍්තූති.

එහි මිගා ඉමෙ යනු ඉදින් මොවුහු දෙවියෝ හෝ ගාන්ධර්වයෝ වෙත් නම් නටන්නාහුද වෙති. ගායනා කරන්නාහුද වෙති. මොවුහු මෘගයෝය. තිරිසන්ගත වූවෝය. අත්‍ථවසා හතා ඉමෙ යනු ධනය කැමැත්තා වූ වැද්දෙකු විසින් ගෙන එන ලද හෙයින් වස්තුව අපේක්‍ෂාවෙන් මා වෙත ගෙනඑන ලද්දාහු වෙති. මොවුන්ගෙන් එකෙකු සවස ආහාරය සඳහාද එකෙකු උදේ ආහාරය සඳහාද පිසත්වායි.

කින‍්නරී චින‍්තෙසි “රාජා කුද‍්ධො නිස‍්සංසයං මාරෙස‍්සති, ඉදානි කථෙතුං කාලො”ති අට‍්ඨමං ගාථමාහ –

කිඳුරිය, රජු කිපියේය. ඒකාන්තයෙන්ම මරන්නේය. දැන් කථා කරන්නට කාලයයි සිතුවාය. අනතුරුව ගාථාවක් කීවාය.

“සතං සහස‍්සානි දුභාසිතානි, කලම‍්පි නාග‍්ඝන‍්ති සුභාසිතස‍්ස; දුබ‍්භාසිතං සඞ‍්කමානො කිලෙසො, තස‍්මා තුණ‍්හී කිම‍්පුරිසා න බාල්‍යා”ති.

8. නපුරු ලෙස කියන ලද වචන ලක්‍ෂයක් මනාව කියන ලද එක වචනයක කලාව (සොළොසින් එක)ක් පමණ නොවටී. නපුරු වචන කීමෙහි කෙලෙස් වෙතැයි සැක ඇත්තේ වීය. එනිසා කිඳුරා නිශ්ශබ්ද වීය. මෝඩකම නිසා නොවේ.

තත්‍ථ සඞ‍්කමානො කිලෙසොති කදාචි අහං භාසමානො දුබ‍්භාසිතං භාසෙය්‍යං, එවං දුබ‍්භාසිතං සඞ‍්කමානො කිලිස‍්සති කිලමති. තස‍්මාති තෙන කාරණෙන තුම‍්හාකං න ගායිං, න බාලභාවෙනාති.

එහි සංකමානො කිලෙසො යනු කිසිවිටෙක මම කථා කරන්නෙම් නපුරු වූවක් කියන්නෙම් යයි මෙසේ නපුරු වචනය ගැන සැක කරන්නේ කිලිටි වේ. වෙහෙසේ. තස්මා යනු එම කරුණින් තොප හා කථා නොකළෙමි. මෝඩකම නිසා නොවේ යි.

රාජා කින‍්නරියා තුස‍්සිත්‍වා අනන‍්තරං ගාථමාහ –

රජු කිඳුරිය පිළිබඳව සතුටු වී ඊළඟ ගාථාව කීවේය.

“යා මෙසා බ්‍යාහාසි පමුඤ‍්චථෙතං, ගිරිඤ‍්ච නං හිමවන‍්තං නයන‍්තු; ඉමඤ‍්ච ඛො දෙන‍්තු මහානසාය, පාතොව නං පාතරාසෙ පචන‍්තූ”ති.

9. යම්බඳු වූ මැය මා හා කථා කළාද ඇය මුදව්. ඇය හිමාලය පර්වතයට පමුණුවව්. මොහු මුළුතැන්ගෙට දෙත්වා. අළුයමම උදේ ආහාරය සඳහා පිසත්වා.

තත්‍ථ යා මෙසාති යා මෙ එසා. දෙන‍්තූති මහානසත්‍ථාය දෙන‍්තු.

එහි යා මෙසා යනු යම්බඳු වූ මැය මා හා කථා කළාද ඇයයි. දෙන්තු යනු මුළුතැන්ගෙට දෙත්වා.

කින‍්නරො රඤ‍්ඤො වචනං සුත්‍වා “අයං මං අකථෙන‍්තං අවස‍්සං මාරෙස‍්සති, ඉදානි කථෙතුං වට‍්ටතී”ති ඉතරං ගාථමාහ –

කිඳුරා රජුගේ වචනය අසා මෙතෙම කථා නොකරන්නා වූ මා ඒකාන්තයෙන්ම මරන්නේය.

“පජ‍්ජුන‍්නනාථා පසවො, පසුනාථා අයං පජා; ත්‍වං නාථොසි මහාරාජ, නාථොහං භරියාය මෙ; ද‍්වින‍්නමඤ‍්ඤතරං ඤත්‍වා, මුත‍්තො ගච‍්ඡෙය්‍ය පබ‍්බත”න‍්ති.

10. මහරජතුමනි, සිවුපාවෝ වර්ෂාව පිහිටකොට ඇත්තෝ වෙති. මේ මනුෂ්‍ය ප්‍රජාව සිවුපාවුන් පිහිටකොට ඇත්තේ වෙයි. මම ඔබ පිහිටකොට ඇත්තෙමි. මගේ භාර්යාව මා පිහිටකොට ඇත්තීය. අප දෙදෙනා අතර එකෙකු මළ බව දැන මරණයෙන් මිදුන තැනැත්තා පර්වතයට යන්නේය.

තත්‍ථ පජ‍්ජුන‍්නනාථා පසවොති තිණභක‍්ඛා පසවො මෙඝනාථා නාම. පසුනාථා අයං පජාති අයං පන මනුස‍්සපජා පඤ‍්චගොරසෙන උපජීවන‍්තී පසුනාථා පසුපතිට‍්ඨා. ත්‍වං නාථොසීති ත්‍වං මම පතිට‍්ඨා අසි. නාථොහන‍්ති මම භරියාය අහං නාථො, අහමස‍්සා පතිට‍්ඨා. ද‍්වින‍්නමඤ‍්ඤතරං ඤත්‍වා, මුත‍්තො ගච‍්ඡෙය්‍ය පබ‍්බතන‍්ති අම‍්හාකං ද‍්වින‍්නං අන‍්තරෙ එකො එකං මතං ඤත්‍වා සයං මරණතො මුත‍්තො හිමවන‍්තං ගච‍්ඡෙය්‍ය, ජීවමානා පන මයං අඤ‍්ඤමඤ‍්ඤං න ජහාම, තස‍්මා සචෙපි ඉමං හිමවන‍්තං පෙසෙතුකාමො, මං පඨමං මාරෙත්‍වා පච‍්ඡා පෙසෙහීති.

එහි පජ්ජුන්නනාථා යනු තණකොළ කන සිවුපාවෝ වර්ෂාව පිහිටකොට ඇත්තෝ වෙති. පසුනාථා යනු මේ මිනිස් ප්‍රජාව පස්ගෝරසින් ජීවත් වෙති. එහෙයින් සිවුපාවුන් ආරකයන් කොට සිවුපාවුන් පිහිටකොට ඇත්තෝ වෙති. ත්‍වං නාථොස්මි යනු මම වනාහි ඔබ ආරක්‍ෂකයා කොට ඇත්තෙමි. මම ඔබ පිහිටකොට ඇත්තෙමි. අම්හනාථා යනු මගේ භාර්යාවට මම ආරක්‍ෂකයා වෙමි. මම ඇයගේ ප්‍රතිෂ්ඨාව වෙමි. ද්වින්නමඤ්ඤතරං ඤත්‍වා මුත්තො ගච්ඡෙය්‍ය පබ්බතං යනු අප දෙදෙනා අතර එකෙක් එකෙකු මළ බව දැන තෙමේ මරණයෙන් මිදුනේ පසුව හිමාලයට යන්නේය. ජීවත් වන්නාවු අපි එකිනෙකා අත් නොහරිමු. ඉදින් මැය හිමවතයට යවනු කැමැත්තේ නම් පළමුව මා මරා පසුව පිටත්කර යවයි යනුයි.

එවඤ‍්ච පන වත්‍වා “මහාරාජ, න මයං තව වචනං අකාතුකාමතාය තුණ‍්හී අහුම‍්හ, මයං කථාය පන දොසං දිස‍්වා න කථයිම‍්හා”ති දීපෙන‍්තො ඉමං ගාථාද‍්වයමාහ –

මෙසේද කියා මහරජතුමනි, අපි ඔබගේ වචනය නොකරනු කැමැත්තෙන් නිශ්ශබ්ද සිටියෝ නොවමු. කථාවෙහි දොස් දැක කථා නොකළෙමුයි දක්වන්නේ මෙම ගාථා දෙක කීවෙහිය.

“න වෙ නින්‍දා සුපරිවජ‍්ජයෙථ, නානා ජනා සෙවිතබ‍්බා ජනින්‍ද; යෙනෙව එකො ලභතෙ පසංසං, තෙනෙව අඤ‍්ඤො ලභතෙ නින්‍දිතාරං.

11. රජතුමනි, නින්දාව පහසුවෙන් ඉවත්කළ නොහැකිය. නොයෙක් රුචිකම් ඇති ජනයා ඇසුරු කළයුතුය. යම් කරුණකින් එකෙක් ප්‍රශංසා ලබයිද ඒ කරුණින්ම අනිකා නින්දා ලබයි.

“සබ‍්බො ලොකො පරිචිත‍්තො අතිචිත‍්තො, සබ‍්බො ලොකො චිත‍්තවා සම‍්හි චිත‍්තෙ; පච‍්චෙකචිත‍්තා පුථු සබ‍්බසත‍්තා, කස‍්සීධ චිත‍්තස‍්ස වසෙන වත‍්තෙ”ති.

12. සියළු ලෝවැසි තෙමේ අනිකාගේ සිත ඉක්මගිය සිත් ඇත්තෝ වෙති. සියළු ලෝවැසි තෙමේ සිය සිතෙහි (නිවැරදි යයි) සිත් ඇත්තෝ වෙති. මහත් වූ සියළු සත්වයෝ වෙන් වෙන්වූ සිත් ඇත්තෝ වෙති. මෙලොව කවරෙකු නම් සිත වසඟයෙහි නොපවතීද?

තත්‍ථ සුපරිවජ‍්ජයෙථාති මහාරාජ, නින්‍දා නාම සුඛෙන පරිවජ‍්ජෙතුං න සක‍්කා. නානා ජනාති නානාඡන්‍දා ජනා. යෙනෙවාති යෙන සීලාදිගුණෙන එකො පසංසං ලභති, තෙනෙව අඤ‍්ඤො නින්‍දිතාරං ලභති. අම‍්හාකඤ‍්හි කින‍්නරානං අන‍්තරෙ කථනෙන පසංසං ලභති, මනුස‍්සානං අන‍්තරෙ නින්‍දං, ඉති නින්‍දා නාම දුප‍්පරිවජ‍්ජියා, ස‍්වාහං කථං තව සන‍්තිකා පසංසං ලභිස‍්සාමීති.

එහි සුපරිවජ්ජයෙථ යනු මහරජතුමනි, නින්දාව නම් පහසුවෙන් දුරු කරන්නට නොහැකිය. නානාජනා යනු නොයෙක් කැමතිවලින් යුත් ජනයෝ. යෙනෙවා යනු යම් ශීලාදී ගුණයන් කරණකොට ගෙන එකෙක් ප්‍රශංසා ලබයි. ඒ කරණකොට ගෙනම අනිකෙක් නින්දා ලබයි. කිඳුරන් වූ අප අතර කථාව නිසා ප්‍රශංසාව ලබයි. මිනිසුන් අතර නින්දාව ලබයි. මෙසේ නින්දාව නම් බැහැර කිරීම අපහසුය. ඒ මම කථා කරනුයේ ඔබ වෙතින් ප්‍රශංසාව ලබන්නෙමි.

සබ‍්බො ලොකො පරිචිත‍්තොති මහාරාජ, අසප‍්පුරිසො නාම පාණාතිපාතාදිචිත‍්තෙන, සප‍්පුරිසො පාණාතිපාතා වෙරමණි ආදිචිත‍්තෙන අතිචිත‍්තොති, එවං සබ‍්බො ලොකො පරිචිත‍්තො අතිචිත‍්තොති අත්‍ථො. චිත‍්තවා සම‍්හි චිත‍්තෙති සබ‍්බො පන ලොකො අත‍්තනො හීනෙන වා පණීතෙන වා චිත‍්තෙන චිත‍්තවා නාම. පච‍්චෙකචිත‍්තාති පාටියෙක‍්කචිත‍්තා පුථුප‍්පභෙදා සබ‍්බෙ සත‍්තා. තෙසු කස‍්සෙකස‍්ස තව වා අඤ‍්ඤස‍්ස වා චිත‍්තෙන කින‍්නරී වා මාදිසො වා අඤ‍්ඤො වා වත‍්තෙය්‍ය, තස‍්මා “අයං මම චිත‍්තවසෙන න වත‍්තතී”ති, මා මය‍්හං කුජ‍්ඣි. සබ‍්බසත‍්තා හි අත‍්තනො චිත‍්තවසෙන ගච‍්ඡන‍්ති, දෙවාති. කිම‍්පුරිසො රඤ‍්ඤො ධම‍්මං දෙසෙසි.

සබ්බො ලොකො පරිතෙත්න අචිත්තො යනු මහරජතුමනි, අසත්පුරුෂයා වූ කලී පරපණ නැසීම ආදියෙහි යොමූ වූ සිතින් පරපණ නැසීමෙන් වෙන් වූ සිතින් යුත් සත්පුරුෂයා ඉක්ම සිටි සිත් ඇත්තේයි. මෙසේ සියළු ලෝවැසියා අනුන්ගේ සිතින් ඉක්ම සිටි සිත් ඇත්තේයි යන අර්ථයි. චිත්ත වා සමහි චිත්තෙ යනු සියල්ලෝම හීන වූ හෝ ප්‍රණීත වූ හෝ සිත් ඇතියෙන් සිත් ඇත්තෝ නම් වෙති. පච්චෙක චිත්තා යනු සියළු සත්වයෝ වෙන් වෙන්වූ සිත් ඇත්තෝය. බොහෝ ප්‍රභේද ඇත්තෝය. කින්නරිය ඔවුන් අතර කවර එකෙකුට හෝ ඔබට හෝ අනිකෙකුට හෝ සිතින් මා හා සමාන වූවෙක් හෝ අනිකෙක් හෝ පවත්නේය. එහෙයින් මෙතෙම මගේ සිත් වසඟයෙහි නොපවතී යයි මා කෙරෙහි නොකිපෙව. රජතුමනි, සියළු සත්වයෝ තමාගේ සිත් වශයෙන් යෙත් යයි කිඳුරා රජුට ධර්මය දේශනා කළේය.

රාජා “සභාවමෙව කථෙති පණ‍්ඩිතො කින‍්නරො”ති සොමනස‍්සප‍්පත‍්තො හුත්‍වා ඔසානගාථමාහ –

රජු පණ්ඩිත වූ කිඳුරා සැබෑවක්ම කියයි යයි සොම්නසට පත් වී අවසාන ගාථාව කීවේය.

“තුණ‍්හී අහූ කිම‍්පුරිසො සභරියො, යො දානි බ්‍යාහාසි භයස‍්ස භීතො; සො දානි මුත‍්තො සුඛිතො අරොගො, වාචාකිරෙවත්‍ථවතී නරාන”න‍්ති.

13. බිරිඳ සහිත කිඳුරා (පළමුව) නිශ්ශබ්ද වීය. යම් බඳු වූ ඔහු මරණ බියෙන් බියපත් වූයේ දැන් කථා කළේය. හෙතෙම දැන් මිදුනේය. සුවපත් වූයේය. නිරෝගී වූයේය. මිනිසුන්ට වචනයම හිත ගෙන දෙන්නේය.

තත්‍ථ වාචාකිරෙවත්‍ථවතී නරානන‍්ති වාචාගිරා එව ඉමෙසං සත‍්තානං අත්‍ථවතී හිතාවහා හොතීති අත්‍ථො.

එහි වාචා කිරෙවත්‍ථවතී නරානං යනු මේ සත්‍වයන්ට වචනයම අර්ථවත් වන්නේ හිත ගෙන දෙන්නේ වෙයි යන අර්ථයි.

රාජා කින‍්නරෙ සුවණ‍්ණපඤ‍්ජරෙ නිසීදාපෙත්‍වා තමෙව ලුද‍්දං පක‍්කොසාපෙත්‍වා “ගච‍්ඡ භණෙ, ගහිතට‍්ඨානෙයෙව විස‍්සජ‍්ජෙහී”ති විස‍්සජ‍්ජාපෙසි. මහාසත‍්තොපි “ආචරිය, එවං කින‍්නරා වාචං රක‍්ඛිත්‍වා පත‍්තකාලෙ කථිතෙන සුභාසිතෙනෙව මුත‍්තා, ත්‍වං පන දුක‍්කථිතෙන මහාදුක‍්ඛං පත‍්තො”ති ඉදං උදාහරණං දස‍්සෙත්‍වා “ආචරිය, මා භායි, ජීවිතං තෙ අහං දස‍්සාමී”ති අස‍්සාසෙසි, “අපිච ඛො පන තුම‍්හෙ මං රක‍්ඛෙය්‍යාථා”තිවුත‍්තෙ “න තාව නක‍්ඛත‍්තයොගො ලබ‍්භතී”ති දිවසං වීතිනාමෙත්‍වා මජ‍්ඣිමයාමසමනන‍්තරෙ මතං එළකං ආහරාපෙත්‍වා “බ්‍රාහ‍්මණ, යත්‍ථ කත්‍ථචි ගන‍්ත්‍වා ජීවාහී”ති කඤ‍්චි අජානාපෙත්‍වා උය්‍යොජෙත්‍වා එළකමංසෙන බලිං කත්‍වා ද‍්වාරං පතිට‍්ඨාපෙසි.

රජු කිඳුරන් දෙදෙනා රන් කූඩුවක හිඳුවා ඒ වැද්දා කැඳවා යව. මොවුන් අල්ලාගත් තන්හිම නිදහස් කර හරුව යයි නිදහස් කරවීය. මහබෝසත් තෙමේද ආචාර්යතුමනි, බලව! කිඳුරෝ මෙසේ වචනය ආරක්‍ෂා කොට සුදුසු කල්හි කියන ලද යහපත් ප්‍රකාශයෙන්ම මිදුනෝය. ඔබ වනාහි නපුරු කියමනෙන් මහත් වූ දුකකට පත් වී යයි මේ උදාහරණය දක්වා ඇදුරුතුමනි, බිය නොවෙව. තොපට දිවි දෙන්නෙමියි අස්වැසුවේය. තවද තෙපි මා රකිව් යයි කී කල්හි මෙතෙක් නැකැත් යෝගය නොලබයි යයි දවස ගෙවා මධ්‍යම යාමය ඇතුළතදී මළ එළුවෙකු ගෙන්වා බ්‍රාහ්මණය, යමකිසි තැනක ගොස් ජීවත් වෙවයි කිසිවෙකුට නොදන්වන්නෝ පිටත් කර යවා එළුමසින් පූජාව කර දොර පිහිටුවීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි කොකාලිකො වාචාය හතොයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා කළාරපිඞ‍්ගලො කොකාලිකො අහොසි, තක‍්කාරියපණ‍්ඩිතො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, කෝකාලික වචනය නිසා මළේ දැන් පමණක් නොවේ. පෙරද නැසුනේම යයි දේශනා කර ජාතකය ගලපා වදාළ සේක. එකල්හි වමරැස් පිඟුවන් බ්‍රාහ්මණයා කෝකාලික වීය. තක්කාරිය බ්‍රාහ්මණයා මම ම වීමි යයි වදාළ සේක.

තක‍්කාරියජාතකවණ‍්ණනා අට‍්ඨමා.