යෙදුමෙන් කියවන්න

8. තක‍්කාරියජාතකං

1885. අහමෙව දුබ‍්භාසිතං භාසි බාලො භොකො ව අරඤ‍්ඤෙ අහිමව‍්හයානො, තක‍්කාරියෙ සොබ‍්භමිමං පතාමි න කිරෙව සාධු අතිවෙලභාණි.

1885. තක්කාරිය, වනයෙහි සපුන් කැඳවන මැඩියකු සේ නාද කරන අඥානයකු වූ මම වැරැදි ලෙස බිණිමි. (එහෙයින්) මේ වළෙහි වැටෙමි, පමණ ඉක්මවා බෙණෙන පුද්ගලයා නුසුදුසු ය.

1886. පප‍්පොති මච‍්චො අතිවෙලභාණී බන්‍ධං වධං සොකපරිද‍්දවඤ‍්ච, අත‍්තානං යෙව ගරහාසි එත‍්තො ආචෙර යං තං නිඛණන‍්ති සොබ‍්භෙ.

1886. ඇදුරුතුමනි, පමණ ඉක්මවා බෙණෙන පුද්ගලයා සිරගෙයි වැටීමට, හිංසා පීඩා ලැබීමට, දුක්වීමට හා වැළැපීමට පැමිණේ. යම් හෙයකින් (ඔබ) මේ වළෙහි තමා හෙළත් ද, ඔබ තමාට ම අපහාස කරගන්නෝ ය.

1887. කිමෙවාහං තුණ‍්ඩිල මනුපුච‍්ඡිං කරෙය්‍ය සං භාතරං කාළිකායං, නග‍්ගොවහං වත්‍ථයුගඤ‍්ච ජීනො අයම‍්පි අත්‍ථො බහුතාදිසොව.

1887. සිය සොහොයුරු කුණ්ඩිලට පිළී නො දෙනුයේ කිම්දැ යි මම කාළිය විතාළෙමි. එ හෙයින් පිළී යුග්මය ද නැති වැ මම නග්න වීමි. මේ කරුණ ද බොහෝ සෙයින් ඊට සමාන යැ.

1888. යො යුජ‍්ඣමානානං අයුජ‍්ඣමානො මෙණ‍්ඩන‍්තරං අච‍්චුපතී කුලිඞ‍්ගො, සො පිංසිතො මෙණ‍්ඩසිරෙහි තත්‍ථ අයම‍්පි අත්‍ථො බහුතාදිසොව.

1888. සටන් වැදුණු බැටළුවන් සටනින් මුදන්නට උන් අතරට ගිය ගේ කුරුල්ලා බැටළුඔළු පහර ලැබ තැළී ගියේ ය. මේ කරුණ ද බොහෝ සෙයින් ඊට සමාන යැ.

1889. චතුරො ජනා පොත්‍ථකං අග‍්ගහෙසුං එකඤ‍්ච පොසං අනුරක‍්ඛමානා සබ‍්බෙව තෙ භින‍්නසිරා සයිංසු අයම‍්පි අත්‍ථො බහුතාදිසොව.

1889. සතර දෙනෙක් ඝන රෙද්දක කොන් සතර අල්ලා මිනිසකු රකිනුවෝ හිස් පැළී ඔවුහු හැම හොත්තාහ. මේ කරුණ ද බොහෝ සෙයින් ඊට සමාන ය.

1890. අජා යථා වෙළුගුම‍්බස‍්මිං බද‍්ධා අවෙක‍්ඛිපන‍්තී අසිමජ‍්ඣගඤ‍්ජි, තෙනෙව තස‍්සා ගලකාවකන‍්තං අයම‍්පි අත්‍ථො බහුතාදිසොව.

1890. හුණ ලැහැබෙක බඳින ලද එළුදෙන කෙළි දෙළෙන් පා ගසන්නී සඟවා තැබූ අවියක් පෙරැළී ය. එම අවියෙන් ම ඇගේ ගෙල කපාලූ ය. මේ කරුණ ද බොහෝ සෙයින් ඊට සමාන ය.

1891. නයිමෙ දෙවා නපි ගන්‍ධබ‍්බපුත‍්තා, මිගා ඉමෙ අත්‍ථවසාහතා ඉමෙ එකඤ‍්ච නං සායමාසෙ පචන‍්තු. එකඤ‍්ච පුන පාතරාසෙ පචන‍්තු.

1891. මොවුහු දෙවියෝ නො වෙති. ගන්‍ධර්‍ව පුත්‍රයෝ නො වෙති. මොවුහු මෘගයෝ වෙති. වස්තු ලෝභයෙන් මොවුහු මා වෙත ගෙනෙන ලද හ. එකකු සවසට පිසත්වා. එකකු උදේට පිසත්වා.

1892. සතං සහස‍්සානං දුබ‍්භාසිතානං කලම‍්පි නාග‍්ඝන‍්ති සුභාසිතස‍්ස, දුබ‍්භාසිතං සඞ‍්කමානො කිලෙසො තස‍්මා තුණ‍්හී කිම‍්පුරිසො න බාල්‍යා.

1892. දුබැසි බස් ලක්‍ෂයක්, සුබැසි බසක (සොළොස් වැනි) කලාව තරමවත් නො අගනේ ය. දුබස් බිණුමෙන් කිලිටි වේ යන සැකයෙන් කිඳුරා නිහඬ විය. මෝඩ නිසා නො වේ.

1893. යා මෙසා ව්‍යාකාසි පමුඤ‍්චථෙතං. ගිරිඤ‍්ච නං හිමවන‍්තං නයන‍්තු, ඉමඤ‍්ච ඛො දෙන‍්තු මහානසාය පාතොව නං පාතරාසෙ පචන‍්තු.

1893. මා හා කතා කළා වූ මැය මුදවු. ඇය හිමවත් පව්වට පමුණුවත්වා. මොහු මුළුතැන් ගෙට දෙත්වා. ඔහු උදාසන්හි උදේ ආහාරයට පිසත්වා.

1894. පජ‍්ජුන‍්නනාථා පසවො පසුනාථා අයං පජා, ත්‍වං නාථොස‍්මි මහාරාජ අම‍්භනාථා මම භරියා, ද‍්වින‍්නමඤ‍්ඤතරං ඤත්‍වා මුතෙතා ගච‍්ඡෙය්‍ය පබ‍්බතං.

1894. රජතුමනි, තෘණභක්‍ෂක චතුස්පදිකයන්ට වර්‍ෂාව පිහිට වෙයි. මනුෂ්‍ය ප්‍රජාවට සිව්පාවෝ පිහිට වෙති. මම තොප පිහිට කොට ඇත්තෙමි. මගේ බිරිඳ මා පිහිට කොට ඇත්තීය. අපගෙන් එකකු මළ පසු මරණයෙන් මිදුණු අනිකා පර්‍වතයට යන්නේ ය.

1895. න චෙ නින්‍දා සුපරිවජ‍්ජයෙථ නානා ජනා සෙවිතබ‍්බා ජනින්‍ද, යෙනෙව එකො ලභතෙ පසංසං තෙනෙව අඤ‍්ඤො ලභතෙ නින්‍දිතාරං.

1895. රජතුමනි, නින්‍දාව පහසුවෙන් ඉවත් කළ නො හැකිය. නොයෙක් දේ රුස්නා ජනයා ඇසුරු කළ යුතු වේ. යමක් නිසා එකෙක් ප්‍රශංසා ලබා ද එයින් ම අනෙකා නින්‍දා ලබයි.

1896. සබ‍්බො ලොකො පරිචිත‍්තොන අචිත‍්තො සබ‍්බො ලොකො විත‍්තවාසම‍්භි චිත‍්තෙ, පච‍්චෙකචිත‍්තා පුථුසබ‍්බසත‍්තා කස‍්සීධ චිත‍්තස‍්ස වසෙන වත‍්තති.

1896. රජතුමනි, හැම ලෝ වැසියා මෙරමා සිත් ඉක්ම සිටී සිත් ඇත්තේ ය. හැම ලෝ වැසියා හීනෝත්කෘෂ්ට විසින් සිය සිත්හි සිත් ඇතියේ නම. හැම සත්ත්‍වයෝ වෙනස් වෙනස් සිත් ඇතියෝ ය. ඔවුනතුරෙහි කවර එකක්හුගේ සිත් වශයෙන් පවතී ද?

1897. තුණ‍්හි අහූ කිම‍්පුරිසො සභරියො යොදානි ව්‍යාකාසි භයස‍්ස භීතො, සොදානි මුත‍්තො සුඛිතො ආරොගො වාචා කිරෙවත්‍ථවතී නරානන‍්ති.

1897. බිරිඳ සහිත කිඳුරා තුෂ්ණිම්භූත වැ මරණ බය නිසා දැන් බිණිය. දැන් හේ මරණින් මිදුණේ ය. සුවපත් ය. නීරෝග ය. සත්ත්‍වයන්ට වචනය ම හිත සැප ගෙන දේ.

8. තක‍්කාරියජාතකං

8. තක්කාරිය ජාතක යි.