9. රූරුමිගජාතකං
1898. තස‍්ස ගාමවරං දම‍්මි නාරියො ච අලඞ‍්කතා, කො මෙ තං මිගමක‍්ඛාති මිගානං මිගමුත‍්තමං.
1898. ගම්වර හා සැරසුණ ස්ත්‍රීන් කාහට දෙම් ද? කවරෙක් මුවන්ගෙන් උතුම් වූ රන්වන් මුවා (ගැන) කියන්නේ ද?
1899. මය‍්හං ගාමවරං දෙහි නාරියො ච අලඞ‍්කතා, අහං තෙ මිගමක‍්ඛිස‍්සං මිගානං මිගමුත‍්තමං.
1899. ගම්වර ද සැරසුණු ස්ත්‍රීන් ද මට දෙව. මම තොපට මුවන්ගෙන් උතුම් වූ රන්වන් මුවා (ගැන) කියමි.
1900. එතස‍්මිං වනසණ‍්ඩස‍්මිං අම‍්බා සාලා ච පුප‍්ඵිතා, ඉන්‍දගොපකකසංඡන‍්නා එත්‍ථෙසො තිට‍්ඨතී මිගො.
1900. මේ වන ළැහැබෙහි පිපුණ අඹගස් ද සල් ගස් ද ඇත. රතිඳුගොව් පැහැය ඇති තෘණ ගැවසුණ මේ බිමෙහි ඒ රන්වන් මුවා සිටී.
1901. ධනුං අදෙජ‍්ඣං කත්‍වාන උසුං සන්‍ධායුපාගමි, මිගො ච දිස‍්වා රාජානං දූරතො අජ‍්ඣභාසථ.
1901. රජතෙම දුනුදිය නගා දුන්න සරහා ගෙන පැමිණි යේය. මුවා ද එලෙස එන රජු දැකැ දුර සිට මෙලෙස කීය.
1902. ආගමෙහි මහාරාජ මා මං විජ‍්ඣි රථෙසභ. කො නු තෙ ඉදමක‍්ඛාසි එත්‍ථෙසො තිට‍්ඨතී මිගො.
1902. රජතුමනි, බලාපොරොත්තු වනු මැනවි. මා නො විදින්නේ මැනැවි. ඒ රන්වන් මුවා මෙහි සිටිය යි තොපට කවරෙක් කීයේ?
1903. එස පාපචරො පොසො සම‍්ම තිට‍්ඨති ආරකා, සො හි මෙ ඉදමක‍්ඛාසි එත්‍ථෙසො තිට‍්ඨතී මිගො.
1903. මිත්‍රය, ලාමක ගති ඇති ඒ පුරුෂයා ඈත සිටියි. ඒ රන්වන් මුවා මෙහි සිටී යන පුවත හේ මට කීය.
1904. සච‍්චං කිරෙව මාහංසු නරා එකච‍්චියා ඉධ, කට‍්ඨං විපලාවිතං සෙය්‍යො නත්‍වෙවෙකච‍්චියො නරො.
1904. මේ ලෝකයේ ඇතැම් මනුෂ්‍යයෝ “දියෙහි පා වී යන වියළි දඬුකඩ ගොඩ ලීම මැනැවි. (එහෙත්) ඇතැමකු ගොඩ ගැනීම නො මනාය යි සත්‍යයක් ම බිණූහු.”
1905. කින‍්නු රුරූ ගරහසි මිගානං කිං පක‍්ඛිනං කිං පන මානුසානං, භයං හි මං වින්‍දති නප‍්පරූපං සුත්‍වානං තං මානුසිං භාසමානං.
1905. රූරු මෘගය, කිමෙක් ද, තෙපි මෘගයන්ට නින්‍දා කරන්නහු ද, පක්‍ෂීන්ට නින්‍දා කරන්නහු ද, මනුෂ්‍යයනට නින්‍දා කරන්නහු ද? මිනිස් බසින් බෙණෙන ඒ බස් අසා මට මහත් බියක් උපදී,
1906. යමුද‍්ධරිං වහනෙ වුය‍්හමානං මහොදකෙ සලිලෙ සීඝසොතෙ, තතො නිදානං භයමාගතං මම දුක‍්ඛො භවෙ රාජ අසබ‍්භිසඞ‍්ගමො.
1906. වේගයෙන් ගලන මහ දිය කඳෙහි පා වී යන යමකු ගොඩට නගාලීම් ද ඒ හේතුවෙන් මට බිය පැමිණියේ ය. රජතුමනි, අසත්පුරුෂයන් හා එක්වීම ඒකාන්තයෙන් දුකෙකි.
1907. සොහං චතුප‍්පත‍්තමිදං විහඞ‍්ගමං තනුච‍්ඡිදං හදයෙ ඔස‍්සජාමි, හනාමි මිත‍්තදදුමකිච‍්චකාරිං යො තාදිසං කම‍්මකතං න ජානෙ.
1907. ඒ මම පියාපත් සතරක් තිබෙන, අහසින් යා හැකි, සිරුර සිඳ ලන, මේ හීය ඔහුගේ හදවතට යවන්නෙමි. යමෙක් කළ උපකාර නො දනී ද එ බඳු මිත්‍රද්‍රෝහියා නසමි.
1908. ධීරස‍්ස බාලස‍්ස හවෙ ජනින්‍ද සන‍්තො වධං නප‍්පසංසන‍්ති ජාතු, කාමං ඝරං ගච‍්ඡතු පාපධම‍්මො යඤ‍්චස‍්ස භට‍්ඨං තදෙතස‍්ස දෙහි අහඤ‍්ච තෙ කාමකරො භවාමි.
1908. ජනපතිතුමනි, පණ්ඩිතයාගේ ද මෝඩයාගේ ද විනාශය සත්පුරුෂයෝ ඒකාන්තයෙන් ප්‍රශංසා නො කෙරෙති. පාප පැවැතුම් ඇති (හේ) කැමැති පරිදි ගෙදර යේවා. යමක් මොහුට දෙමි යි කීයේ ද එයත් ඔහුට දෙන්නේ මැනැවි. මම ද තොප කැමැති පරිදි කරන්නෙක් වෙමි.
1909. අද‍්ධා රුරූ අඤ‍්ඤතරො සතං සෙ යො දුබ‍්භතො මානුසස‍්ස න දුබ‍්භි, කාමං ඝරං ගච‍්ඡතු පාපධම‍්මො යඤ‍්චස‍්ස භට‍්ඨං තදෙතස‍්ස දම‍්මි අහඤ‍්ච තෙ කාමචාරං දදාමි.
1909. ද්‍රෝහි මිනිසාට යමෙක් ද්‍රෝහ නො කෙළේ ද මේ රූරු මෘගයා ඒකාන්තයෙන් සත්පුරුෂයන්ගෙන් කෙනෙකි. පාප පැවැතුම් ඇති (හේ) කැමැති පරිදි ගෙදර යේවා. ‘යමක් මොහුට දෙමි’ යි කීයෙම් ද එයත් මොහුට දෙමි. මම ද තොපට කැමැති පරිදි වාසය කරන්නට වර දෙමි.
1910. සුවිජානං සිගාලානං සකුන‍්තානඤ‍්ච වස‍්සිතං, මනුස‍්සවස‍්සිතං රාජ දුබ‍්බිජානතරං තතො.
1910. රජතුමනි, සිවලුන්ගේත් පක්‍ෂීන්ගේත් නාදය පහසුවෙන් තේරුම් ගත හැකිය. මනුෂ්‍යයන්ගේ නාදය තේරුම් ගැනීම ඊට වඩා අපහසු ය.
1911. අපි චෙ මඤ‍්ඤති පොසො ඤාති මිත‍්තො සඛාති වා, යො පුබ‍්බෙ සුමනො හුත්‍වා පච‍්ඡා සම‍්පජ‍්ජතෙ දිසො
1911. ඉදින් පුරුෂයෙක් (මේ) නෑයෙක, මිතුරෙක, යහළුවෙක කියා දනී ද, හේ පළමු සතුටු සිතැති වැ පසු වැ සතුරු වන්නේ ය.
1912. සමාගතා ජානපදා නෙගමා ච සමාගතා, මිගාධඤ‍්ඤානි ඛාදන‍්ති තං දෙවො පටිසෙධතු.
1912. රැස් වූ දනවු වැසියෝ ද නියම්ගම් වැසියෝ ද “රජතුමනි, මුවෝ ධාන්‍ය කන්නාහ. රජතුමා, එය වළකන සේක්වා” යී කීහ.
1913. කාමං ජනපදො මාසි රට‍්ඨංවාපි විනස‍්සතු, නත්‍වෙවාහං රුරුං දුබ‍්භෙ දත්‍වා අභයදක‍්ඛිණං.
1913. ජනපදය ඒකාන්තයෙන් වැනසේවා. රට ද වැනසේවා. රූරු මුවාට අභය දානය දී (යළිත්) මම ද්‍රෝහ නො කරන්නෙමි.
1914. මා මෙ ජනපදො ආසි රට‍්ඨඤ‍්චපි විනස‍්සතු, නත්‍වෙව මිග රාජස‍්ස වරං දත්‍වා මුසා භණෙති.
1914. මගේ ජනපදය වැනැසේවා. රට ද වැනැසේවා. මම මුවරජහට වර දී බොරු නො කියමි.