යෙදුමෙන් කියවන්න

9. රුරුමිගරාජජාතකවණ‍්ණනා 482 අට‍්ඨකථා

9. රුරුමිගරාජජාතකවණ‍්ණනා (482)

9. රූරුමිග ජාතකය (482)

තස‍්ස ගාමවරං දම‍්මීති ඉදං සත්‍ථා වෙළුවනෙ විහරන‍්තො දෙවදත‍්තං ආරබ‍්භ කථෙසි. සො කිර භික‍්ඛූහි “බහූපකාරො තෙ ආවුසො, දෙවදත‍්තසත්‍ථා, ත්‍වං තථාගතං නිස‍්සාය පබ‍්බජ‍්ජං ලභි, තීණි පිටකානි උග‍්ගණ‍්හි, ලාභසක‍්කාරං පාපුණී”ති වුත‍්තො “ආවුසො, සත්‍ථාරා මම තිණග‍්ගමත‍්තොපි උපකාරො න කතො, අහං සයමෙව පබ‍්බජිං, සයං තීණි පිටකානි උග‍්ගණ‍්හිං, සයං ලාභසක‍්කාරං පාපුණි”න‍්ති කථෙසි. භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “අකතඤ‍්ඤූ ආවුසො, දෙවදත‍්තො අකතවෙදී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, දෙවදත‍්තො ඉදානෙව අකතඤ‍්ඤූ, පුබ‍්බෙපි අකතඤ‍්ඤූයෙව, පුබ‍්බෙපෙස මයා ජීවිතෙ දින‍්නෙපි මම ගුණමත‍්තං න ජානාතී”ති වත්‍වා අතීතං ආහරි.

කස්ස ගාම වරං දම්මි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ වේළුවනයෙහි වාසය කරන සේක් දෙව්දත් අරභයා දේශනා කළ සේක. ඒ දේවදත්ත තෙමේ භික්‍ෂූන් වහන්සේලා විසින් ඇවැත්නි, දේවදත්තයනි, ශාස්තෲන්වහන්සේ තොපට බොහෝ උපකාර වූ සේක. ඔබ තථාගතයන් නිසා පැවිද්ද ලැබුවේය. ත්‍රිපිටකය උගත්තේය. ලාභ සත්කාරයන්ට පැමිණුනියි කී කල්හි ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විසින් මට තණ අග පමණ හෝ උපකාරයක් නොකරන ලදි. මම තෙමේම පැවිදි වීමි. තෙමේම ත්‍රිපිටකය උගත්තෙමි. තෙමේම ලාභ සත්කාරයන්ට පැමිණුනෙමියි කීවේය. භික්‍ෂූහු දම්සභාවෙහි “ඇවැත්නි, දෙව්දත් අකෘතඥය. කළගුණ නොදත්තේ යයි කථාවක් ඉපිදවූහ. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් මෙනම් වූවකැනැයි කී කල්හි දේවදත්ත තෙමේ දැන්ම කළගුණ නොදන්නේ නොවීය. පෙරද කළගුණ නොදත්තේමය. මෙතෙම පෙරද මා විසින් ජීවිතය දුන් කල්හිද මගේ ගුණ පමණකුත් නොදත්තේ යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ එකො අසීතිකොටිවිභවො සෙට‍්ඨි පුත‍්තං ලභිත්‍වා “මහාධනකො”තිස‍්ස, නාමං කත්‍වා “සිප‍්පං උග‍්ගණ‍්හන‍්තො මම පුත‍්තො කිලමිස‍්සතී”ති න කිඤ‍්චි සිප‍්පං උග‍්ගණ‍්හාපෙසි. සො ගීතනච‍්චවාදිතඛාදනභොජනතො උද‍්ධං න කිඤ‍්චි අඤ‍්ඤාසි. තං වයප‍්පත‍්තං පතිරූපෙන දාරෙන සංයොජෙත්‍වා මාතාපිතරො කාලමකංසු. සො තෙසං අච‍්චයෙන ඉත්‍ථිධුත‍්තසුරාධුත‍්තාදීහි පරිවුතො නානාබ්‍යසනමුඛෙහි ඉණං ආදාය තං දාතුං අසක‍්කොන‍්තො ඉණායිකෙහි චොදියමානො චින‍්තෙසි “කිං මය‍්හං ජීවිතෙන, එකෙනම‍්හි අත‍්තභාවෙන අඤ‍්ඤො විය ජාතො, මතං මෙ සෙය්‍යො”ති. සො ඉණායිකෙ ආහ – “තුම‍්හාකං ඉණපණ‍්ණානි ගහෙත්‍වා ආගච‍්ඡථ, ගඞ‍්ගාතීරෙ මෙ නිදහිතං කුලසන‍්තකං ධනං අත්‍ථි, තං වො දස‍්සාමී”ති. තෙ තෙන සද‍්ධිං අගමංසු. සො “ඉධ ධන”න‍්ති නිධිට‍්ඨානං ආචික‍්ඛන‍්තො විය “ගඞ‍්ගායං පතිත්‍වා මරිස‍්සාමී”ති පලායිත්‍වා ගඞ‍්ගායං පති. සො චණ‍්ඩසොතෙන වුය‍්හන‍්තො කාරුඤ‍්ඤරවං විරවි.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි අසූකෙළක් ධනය ඇති එක් සිටුවරයෙක් පුතෙක් ලැබ ඔහුට මහධන යයි නම්කොට ශිල්ප ඉගෙන ගනුයේ මගේ පුත්‍රයා විඩාවට පත්වන්නේ යයි කිසියම් ශිල්පයක් නොඉගැන්වීය. හෙතෙම ගැයුම්-නැටුම්-කෑම-බොදුන් ගැනීමට වැඩියම් කිසිවක් නොදත්තේය. වැඩිවියට පත් ඔවුහු සුදුසු බිරිඳක හා විවාහ කරවා මවුපියෝ කළුරිය කළාහුය. හෙතෙම ඔවුන්ගේ ඇවෑමෙන් ස්ත්‍රී සොඬුන් සුරා සොඬුන් ආදීන්ගෙන් පිරිවරන ලද්දේ ධනය විනාශ වන දොරටුවලින් සියළු ධන වනසා ණය ගෙන එය දෙන්නට අපොහොසත් වනුයේ ණය හිමියන් විසින් චෝදනා කරනු ලබන්නේ මෙසේ සිතීය. මගේ දිවියෙන් කවර ප්‍රයෝජනයක්ද? මේ ආත්ම භාවයෙන්ම අනිකෙකු මෙන් වූයේ වෙමි. මට මරණය උතුම් යයි ඔහු ණය හිමියන්ට මෙසේ කීවේය. නුඹලාගේ ණයපත් ගෙන එව්. ගංඉවුරෙහි නිදන් කළ මගේ ධනය ඇත. එය ඔබලාට දෙන්නෙමියි. ඔවුහු ඔහු සමඟ ගියාහුය. හෙතෙම මෙහි ධනය ඇත. මෙහි ධනය ඇතැයි නිධන්ගත තැන් කියන්නාක් මෙන් ගඟට පැන මැරෙන්නෙමියි පලාගොස් ගංගාවට පැන්නේය. සැඩ පහරින් පාවී යන්නා වූ ඔහු බැගෑපත් හඬින් හැඬුවේය.

තදා මහාසත‍්තො රුරුමිගයොනියං නිබ‍්බත‍්තිත්‍වා පරිවාරං ඡඩ‍්ඩෙත්‍වා එකකොව ගඞ‍්ගානිවත‍්තනෙ රමණීයෙ සාලමිස‍්සකෙ සුපුප‍්ඵිතඅම‍්බවනෙ වසති උපොසථං උපවුත්‍ථාය. තස‍්ස සරීරච‍්ඡවි සුමජ‍්ජිතකඤ‍්චනපට‍්ටවණ‍්ණා අහොසි, හත්‍ථපාදා ලාඛාරසපරිකම‍්මකතා විය, නඞ‍්ගුට‍්ඨං චාමරීනඞ‍්ගුට‍්ඨං විය, සිඞ‍්ගානි රජතදාමසදිසානි, අක‍්ඛීනි සුමජ‍්ජිතමණිගුළිකා විය, මුඛං ඔදහිත්‍වා ඨපිතරත‍්තකම‍්බලගෙණ‍්ඩුකං විය. එවරූපං තස‍්ස රූපං අහොසි. සො අඩ‍්ඪරත‍්තසමයෙ තස‍්ස කාරුඤ‍්ඤසද‍්දං සුත්‍වා “මනුස‍්සසද‍්දො සූයති, මා මයි ධරන‍්තෙ මරතු, ජීවිතමස‍්ස දස‍්සාමී”ති චින‍්තෙත්‍වා සයනගුම‍්බා උට‍්ඨාය නදීතීරං ගන‍්ත්‍වා “අම‍්භො පුරිස, මා භායි, ජීවිතං තෙ දස‍්සාමී”ති අස‍්සාසෙත්‍වා සොතං ඡින්‍දන‍්තො ගන‍්ත්‍වා තං පිට‍්ඨියං ආරොපෙත්‍වා තීරං පාපෙත්‍වා අත‍්තනො වසනට‍්ඨානං නෙත්‍වා ඵලාඵලානි දත්‍වා ද‍්වීහතීහච‍්චයෙන “භො පුරිස, අහං තං ඉතො අරඤ‍්ඤතො නීහරිත්‍වා බාරාණසිමග‍්ගෙ ඨපෙස‍්සාමි, ත්‍වං සොත්‍ථිනා ගමිස‍්සසි, අපිච ඛො පන ත්‍වං ‘අසුකට‍්ඨානෙ නාම කඤ‍්චනමිගො වසතී’ති ධනකාරණා මං රඤ‍්ඤො චෙව රාජමහාමත‍්තස‍්ස ච මා ආචික‍්ඛාහී”ති ආහ. සො “සාධු සාමී”ති සම‍්පටිච‍්ඡි.

එකල්හි බෝධිසත්ත්වයෝ රූරු මුව ජාතියෙහි ඉපදී පිරිවර අත්හැර හුදකලාව ගංගාව සමීපයෙහි සිත්කළු වූ සල්ගස් සහිත මල් පිපී අඹ වනයෙහි වාසය කරයි. ඔහුගේ සිරුර පැහැය මනාව මදනා ලද රන්පටක් මෙන් වීය. අත්පා ලතුයෙන් පිරියම් කලාක් වැනිය. නගුට සෙමර වල්ගයක් වැනිය. අං රිදී දමක් වැනිය. ඇස් මනාව ඔපදමනා ලද මැණික් ගුලි දෙකක් වැනිය. මුව යොමුකර තබන ලද රත් කම්බිලියෙන් කරන ලද කේතුවක් වැනිය. හෙතෙම මධ්‍යම රාත්‍රී කාලයෙහි ඔහුගේ බැගෑපත් හඬ අසා මිනිස් හඬක් ඇසේ. මා සිටියදී නොමැරේවා. ඔහුට ජීවිතය දෙන්නෙමියි සිතා නිදන ලැහැබින් නැගිට ගංතෙරට ගොස් එම්බා පුරුෂය, බිය නොවව. තොපට ජීවිතය දෙන්නෙමි යි අස්වසා දියපහර සිඳිමින් ගොස් ඔහු පිටමත නංවා ගංතෙරට පමුණුවා තමා වසන තැනට ගොස් ඵලාඵල දී දෙතුන්දිනක් ඇවෑමෙන් එම්බා පුරුෂය, මම නුඹ මේ වනයෙන් බැහැරකර බරණැස් නුවරට යන මාර්ගයෙහි තබන්නෙමි. නුඹ සුවසේ යන්නෙහි ය තවද අසවල් තැන රන්වන් මුවෙක් වසයි යයි ධනය හේතුවෙන් රජුට හෝ රාජමහාමාත්‍යයෙකුට හෝ නොකියවයි කීවේය. හෙතෙම මැනවයි ස්වාමීනි, යයි පිළිගත්තේය.

මහාසත‍්තො තස‍්ස පටිඤ‍්ඤං ගහෙත්‍වා තං අත‍්තනො පිට‍්ඨියං ආරොපෙත්‍වා බාරාණසිමග‍්ගෙ ඔතාරෙත්‍වා නිවත‍්ති. තස‍්ස බාරාණසිපවිසනදිවසෙයෙව ඛෙමා නාම රඤ‍්ඤො අග‍්ගමහෙසී පච‍්චූසකාලෙ සුපිනන‍්තෙ සුවණ‍්ණවණ‍්ණං මිගං අත‍්තනො ධම‍්මං දෙසෙන‍්තං දිස‍්වා චින‍්තෙසි “සචෙ එවරූපො මිගො න භවෙය්‍ය, නාහං සුපිනෙ පස‍්සෙය්‍යං, අද‍්ධා භවිස‍්සති, රඤ‍්ඤො ආරොචෙස‍්සාමී”ති. සා රාජානං උපසඞ‍්කමිත්‍වා “මහාරාජ, අහං සුවණ‍්ණවණ‍්ණං මිගං පස‍්සිතුං ඉච‍්ඡාමි, සුවණ‍්ණවණ‍්ණමිගස‍්ස ධම‍්මං සොතුකාමාම‍්හි, ලභිස‍්සාමි චෙ, ජීවෙය්‍යං, නො චෙ, නත්‍ථි මෙ ජීවිත”න‍්ති ආහ. රාජා තං අස‍්සාසෙත්‍වා “සචෙ මනුස‍්සලොකෙ අත්‍ථි, ලභිස‍්සසී”ති වත්‍වා බ්‍රාහ‍්මණෙ පක‍්කොසාපෙත්‍වා “සුවණ‍්ණවණ‍්ණා මිගා නාම හොන‍්තී”ති පුච‍්ඡිත්‍වා “ආම, දෙව, හොන‍්තී”ති සුත්‍වා අලඞ‍්කතහත්‍ථික‍්ඛන්‍ධෙ සුවණ‍්ණචඞ‍්කොටකෙ සහස‍්සථවිකං ඨපෙත්‍වා යො සුවණ‍්ණවණ‍්ණං මිගං ආචික‍්ඛිස‍්සති, තස‍්ස සද‍්ධිං සහස‍්සථවිකසුවණ‍්ණචඞ‍්කොටකෙන තඤ‍්ච හත්‍ථිං තතො ච උත‍්තරි දාතුකාමො හුත්‍වා සුවණ‍්ණපට‍්ටෙ ගාථං ලිඛාපෙත්‍වා එකං අමච‍්චං පක‍්කොසාපෙත්‍වා “එහි තාත, මම වචනෙන ඉමං ගාථං නගරවාසීනං කථෙහී”ති ඉමස‍්මිං ජාතකෙ පඨමං ගාථමාහ –

මහබෝසත් තෙමේ ඔහුගේ ප්‍රතිඥාව ගෙන තමාගේ පිටෙහි නංවා බරණැස් නුවරට යන මාර්ගයෙහි බස්වා පෙරළා පැමිණියේය. ඔහු බරණැස් නුවරට පිවිසෙන දිනයෙහිදීම රජුගේ ඛේමා නම් මෙහෙසිය අළුයම් කාලයෙහි සිහිනෙන් රන්වන් මුවෙක් තමාට ධර්මය දේශනා කරනු දැක සිතීය. ඉදින් මෙවැනි මුවෙක් නොවන්නේ නම් මම සිහිනෙන් නොදක්නෙමි. ඒකාන්තයෙන් සිටිනුයේ වන්නේය. රජුට දන්වන්නෙමියි ඇය රජු වෙත එළඹ මහරජතුමනි, මම රන්වන් වූ මුවකුගෙන් ධර්මය අසනු කැමැත්තෙමි. ඉදින් ලබන්නෙම් නම් ජීවත් වන්නෙමි. ඉදින් එසේ නොවන්නේ නම් මගේ ජීවිතය නැතැයි කීවාය. රජු ඇය අස්වසා ඉදින් එවැන්නෙක් මිනිස් ලොව ඇත්නම් ලබන්නෙහි යයි කියා බමුණන් කැඳවා රන්වන් මුවෝ වෙත්දැයි විචාරා එසේය ස්වාමීනි වෙත් යයි අසා අලංකාර කර සරසන ලද ඇතෙකුගේ සිරුර මත රන් කරඬුවක දහසින් බැඳි පියල්ලක් තබා යමෙක් රන්වන් මුවෙක් ගැන කියයිද ඔහුට දහසින් බැඳි පියල්ල සමඟ ඉන්මතු ඒ ඇතුද දෙනු කැමැත්තේ වී රන්පටෙක ගාථාවක් ලියවා එක් ඇමතියෙකු කැඳවා, දරුව එව. ඔබ මගේ වචනයෙන් මෙම ගාථාව නුවරවැසියන්ට කියවයි මේ ජාතක කථාවෙහි පළමු ගාථාව කීවේය.

“තස‍්ස ගාමවරං දම‍්මි, නාරියො ච අලඞ‍්කතා; යො මෙ තං මිගමක‍්ඛාති, මිගානං මිගමුත‍්තම”න‍්ති.

කස්ස ගාමචරං දම්මි - නාරියොච අලඞ්කතා, කො මෙතං මිග මක්ඛාති - මිගාන මිගමුත්තමන්ති

1. කවරෙක් මුවන් අතර උතුම් වූවා වූ මේ රන්වන් මුවා ගැන කියන්නේද? (එබඳු වූ) කවරෙකුට අලංකාර ලෙස සරසන ලද ස්ත්‍රීන්ද ගම්වරයද දෙමිද?

අමච‍්චො සුවණ‍්ණපට‍්ටං ගහෙත්‍වා සකලනගරෙ වාචාපෙසි. අථ සො සෙට‍්ඨිපුත‍්තො බාරාණසිං පවිසන‍්තොව තං කථං සුත්‍වා අමච‍්චස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා “අහං රඤ‍්ඤො එවරූපං මිගං ආචික‍්ඛිස‍්සාමි, මං රඤ‍්ඤො දස‍්සෙහී”ති ආහ. අමච‍්චො හත්‍ථික‍්ඛන්‍ධතො ඔතරිත්‍වා තං රඤ‍්ඤො සන‍්තිකං නෙත්‍වා “අයං කිර, දෙව, තං මිගං ආචික‍්ඛිස‍්සතී”ති දස‍්සෙසි. රාජා “සච‍්චං අම‍්භො පුරිසා”ති පුච‍්ඡි. සො “සච‍්චං මහාරාජ, ත්‍වං එතං යසං මය‍්හං දෙහී”ති වදන‍්තො දුතියං ගාථමාහ –

ඇමතියා රන්පත ගෙන සියළු නගරයෙහි කියවීය. ඉක්බිති සිටුපුත්‍රයා බරණැසට පිවිසෙන්නෙම ඒ කථාව අසා ඇමතියාගේ සමීපයට ගොස් මම රජුට මෙබඳු මුවෙකු ගැන කියන්නෙමි. මා රජුට දක්වවයි කීවේය. ඇමතියා ඇතුපිටින් බැස ඔහු රජු සමීපයට පමුණුවා දේවයන් වහන්ස, මෙතෙම ඒ මුවා ගැන කියන්නේ යයි දැක්වීය. රජු එම්බා පුරුෂය, සත්‍යදැයි විචාළේය. හෙතෙම මහරජතුමනි, ඇත්තයි. ඔබ මේ සම්පත් මට දෙන්නෙහි යයි කියන්නේ දෙවන ගාථාව කීවේය.

“මය‍්හං ගාමවරං දෙහි, නාරියො ච අලඞ‍්කතා; අහං තෙ මිගමක‍්ඛිස‍්සං, මිගානං මිගමුත‍්තම”න‍්ති.

2. මම මුවන් අතර උතුම් මුවා වූ මෙම මුවා ගැන තොපට කියන්නෙමි. මට අලංකාර කර ස්ත්‍රීන්ද ගම්වරයද දෙව.

තං සුත්‍වා රාජා තස‍්ස මිත‍්තදුබ‍්භිස‍්ස තුස‍්සිත්‍වා “අබ‍්භො කුහිං සො මිගො වසතී”ති පුච‍්ඡිත්‍වා “අසුකට‍්ඨානෙ නාම දෙවා”ති වුත‍්තෙ තමෙව මග‍්ගදෙසකං කත්‍වා මහන‍්තෙන පරිවාරෙන තං ඨානං අගමාසි. අථ නං සො මිත‍්තදුබ‍්භී “සෙනං, දෙව, සන‍්නිසීදාපෙහී”ති වත්‍වා සන‍්නිසින‍්නාය සෙනාය එසො, දෙව, සුවණ‍්ණමිගො එතස‍්මිං වනෙ වසතී”ති හත්‍ථං පසාරෙත්‍වා ආචික‍්ඛන‍්තො තතියං ගාථමාහ –

රජු ඒ අසා ඒ මිත්‍රද්‍රෝහියාට සතුටු වී, එම්බා පින්වත ඒ මුවා කොහි වසයිදැයි අසා දේවයන් වහන්ස අසවල් තැන යයි කී කල්හි ඔහුට මග කියන්නා කොට මහත් වූ පිරිවර සමග එතැනට ගියේය. ඉක්බිති ඒ මිත්‍රද්‍රෝහියා ඔහුට කියනුයේ දේවයන් වහන්ස, සේනාව නවතුවයි කියා සේනාව හිඳ වූ කල්හි දේවයන් වහන්ස, ඒ රන්වන් මුවා මෙතැන වසයි යයි අතදිගුකර කියන්නේ තෙවන ගාථාව කීවේය.

“එතස‍්මිං වනසණ‍්ඩස‍්මිං, අම‍්බා සාලා ච පුප‍්ඵිතා; ඉන්‍දගොපකසඤ‍්ඡන‍්නා, එත්‍ථෙසො තිට‍්ඨතෙ මිගො”ති.

3. මේ වනලැහැබෙහි මල් පිපිණු අඹගස් හා සල්ගස් ඇත. ඉඳිගොවු පැහැ ඇති තණකොළවලින් වැසුනේය. එහි ඒ මුවා සිටියි යි.

තත්‍ථ ඉන්‍දගොපකසඤ‍්ඡන‍්නාති එතස‍්ස වනසණ‍්ඩස‍්ස භූමි ඉන්‍දගොපකවණ‍්ණාය රත‍්තාය සුඛසම‍්ඵස‍්සාය තිණජාතියා සඤ‍්ඡන‍්නා, සසකුච‍්ඡි විය මුදුකා, එත්‍ථ එතස‍්මිං රමණීයෙ වනසණ‍්ඩෙ එසො තිට‍්ඨතීති දස‍්සෙති.

එහි ඉන්‍දගොපක සඤ්ජන්නා යනු මේ වනලැහැබෙහි බිම ඉඳිගොවු පැහැයෙන් රතුපාට වූ සුවපහසු ස්පර්ශ ඇති තෘණ වර්ගයකින් වැසුනේය. අවුරුදු තුනක් වයසැති සාවෙකුගේ කුස මෙන් මෘදුය. මෙසේ සිත්කළු වූ වන ලැහැබෙහි ඒ මුවා සිටීයි යි දැක්වීය.

රාජා තස‍්ස වචනං සුත්‍වා අමච‍්චෙ ආණාපෙසි “තස‍්ස මිගස‍්ස පලායිතුං අදත්‍වා ඛිප‍්පං ආවුධහත්‍ථෙහි පුරිසෙහි සද‍්ධිං වනසණ‍්ඩං පරිවාරෙථා”ති. තෙ තථා කත්‍වා උන‍්නදිංසු. රාජා කතිපයෙහි ජනෙහි සද‍්ධිං එකමන‍්තං අට‍්ඨාසි, සොපිස‍්ස අවිදූරෙ අට‍්ඨාසි. මහාසත‍්තො තං සද‍්දං සුත්‍වා චින‍්තෙසි “මහන‍්තො බලකායසද‍්දො, තම‍්හා මෙ පුරිසා භයෙන උප‍්පන‍්නෙන භවිතබ‍්බ”න‍්ති . සො උට‍්ඨාය සකලපරිසං ඔලොකෙත්‍වා රඤ‍්ඤො ඨිතට‍්ඨානං දිස‍්වා “රඤ‍්ඤො ඨිතට‍්ඨානෙයෙව මෙ සොත්‍ථි භවිස‍්සති, එත්‍ථෙව මයා ගන‍්තුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා රාජාභිමුඛො පායාසි. රාජා තං ආගච‍්ඡන‍්තං දිස‍්වා “නාගබලො මිගො අවත්‍ථරන‍්තො විය ආගච‍්ඡෙය්‍ය, සරං සන‍්නය‍්හිත්‍වා ඉමං මිගං සන‍්තාසෙත්‍වා සචෙ පලායති, විජ‍්ඣිත්‍වා දුබ‍්බලං කත්‍වා ගණ‍්හිස‍්සාමී”ති ධනුං ආරොපෙත්‍වා බොධිසත‍්තාභිමුඛො අහොසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ඉමං ගාථාද‍්වයමාහ –

රජු ඔහුගේ වචනය අසා ඒ මුවාට පලායෑමට නොදෙමින් වහා ආයුධ ගත් අත් ඇති පුරුෂයන් සමඟ වනලැහැබ වටකරවු යයි ඇණවීය. ඔවුහු එසේකොට මහහඬින් කෑගැසුවාහුය. රජු ජනයන් කිහිප දෙනෙකු සමඟ පසෙක සිටියේය. ඒ පුරුෂයාද ඔහුගේ නුදුරෙහි සිටියේය. මහබෝසත් තෙමේ ඒ ශබ්දය අසා මෙසේ සිතුවේය. මහත් වූ බලසෙනගක ශබ්දයකි. ඒ පුරුෂයා විසින් මට උපන් බියෙකින් විය යුතුයයි හෙතෙම නැගී සිට සියළු පිරිස බලා රජු සිටි තැන දැක රජු සිටි තැනම මට සැපයක් වන්නේය. මවිසින් මෙහිම යන්නට වටනේයයි සිතා රජුට අභිමුඛව ගියේය. රජු එන්නා වූ ඔහු දැක ඇතෙකුට හා සමාන බලය ඇති මුවා මහිම පතුරුවමින් එන්නේය. හීය සූදානම් කර (හීයෙන් සන්නද්ධ වී) මේ මුවා තැති ගන්වා ඉදින් පලා යන්නේ නම් විද දුබල කර ගන්නෙමියි දුනුදිය නංවා බෝසතුන් අභිමුඛවම සිටියේ වීය. ඒ කරුණ දක්වන්නා වූ ශාස්තෲන් වහන්සේ ගාථා දෙකක් වදාළ සේක.

“ධනුං අද‍්වෙජ‍්ඣං කත්‍වාන, උසුං සන‍්නය‍්හුපාගමි; මිගො ච දිස‍්වා රාජානං, දූරතො අජ‍්ඣභාසථ.

4. රජු දුනුදිය නගා ඊතල වලින් සැරසී පැමිණියේය. මුවාද (එලෙස එන) රජු දැක දුර සිටම මෙලෙස කීවේය.

“ආගමෙහි මහාරාජ, මා මං විජ‍්ඣි රථෙසභ; කො නු තෙ ඉදමක‍්ඛාසි, එත්‍ථෙසො තිට‍්ඨතෙ මිගො”ති.

5. මහරජතුමනි, අපේක්‍ෂා සහගත වෙහි. රජතුමනි, මට නොවිදුව. ඒ රන්වන් මුවා මෙහි සිටියි යයි යන මෙය කවරෙක් තොපට කීවෙහිද?

තත්‍ථ අද‍්වෙජ‍්ඣං කත්‍වානාති ජියාය ච සරෙන ච සද‍්ධිං එකමෙව කත්‍වා. සන‍්නය‍්හාති සන‍්නය‍්හිත්‍වා. ආගමෙහීති “තිට‍්ඨ, මහාරාජ, මා මං විජ‍්ඣි, ජීවග‍්ගාහමෙව ගණ‍්හාහී”ති මධුරාය මනුස‍්සවාචාය අභාසි.

එහි අදෙජ්ක්‍ධං යනු දුනුදියෙන්ද හීයෙන්ද සමග එකක්ම කර. සන්‍ධාය යනු ගලපා. ආගමෙහි යනු මහරජතුමනි, මට නොවිදුව. ජීවග්‍රහණයෙන්ම ගනුවයි මිහිරි වූ මිනිස් වචනයෙන්ම කීවේය.

රාජා තස‍්ස මධුරකථාය බන්‍ධිත්‍වා ධනුං ඔතාරෙත්‍වා ගාරවෙන අට‍්ඨාසි. මහාසත‍්තොපි රාජානං උපසඞ‍්කමිත්‍වා මධුරපටිසන්‍ථාරං කත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. මහාජනොපි සබ‍්බාවුධානි ඡඩ‍්ඩෙත්‍වා ආගන‍්ත්‍වා රාජානං පරිවාරෙසි. තස‍්මිං ඛණෙ මහාසත‍්තො සුවණ‍්ණකිඞ‍්කිණිකං චාලෙන‍්තො විය මධුරෙන සරෙන රාජානං පුච‍්ඡි “කො නු තෙ ඉදමක‍්ඛාසි, එත්‍ථෙසො තිට‍්ඨතෙ මිගො”ති? තස‍්මිං ඛණෙ පාපපුරිසො ථොකං පටික‍්කමිත්‍වා සොතපථෙව අට‍්ඨාසි. රාජා “ඉමිනා මෙ දස‍්සිතො”ති කථෙන‍්තො ඡට‍්ඨං ගාථමාහ –

රජු ඔහුගේ මිහිරි කථාවෙන් බැඳී දුන්න බහාලා ගෞරවයෙන් යුතුව සිටියේය. මහබෝසත් තෙමේද රජු වෙත එළඹ මිහිරි වූ පිළිසඳර කථාකොට එකත්පස්ව සිටියේය. මහජනයාද සියළු ආයුධ හෙලා සමීපයට අවුත් පිරිවැරීය. එකෙනෙහිම බෝධිසත්ත්වයෝ රන් කිකිණි සොලවන්නාක් මෙන් මිහිරි ස්වරයෙන් රජුගෙන් මෙසේ විචාළේය. “මෙහි ඒ රන්මුවා සිටීයි යන මෙය තොපට කවරෙක් කීවෙහිදැයි” එකෙනෙහි ඒ පවිටු පුරුෂයා මදක් පිටුපසට ගොස් ඇසෙන මානයේ සිටියේය. රජු මොහු විසින් මට ඔබ දක්වන ලද්දේ යයි කියන්නේ සවන ගාථාව කීවේය.

“එස පාපචරො පොසො, සම‍්ම තිට‍්ඨති ආරකා; සොයං මෙ ඉදමක‍්ඛාසි, එත්‍ථෙසො තිට‍්ඨතෙ මිගො”ති.

6. යහළුව, පවිටු හැසිරීම් ඇති ඒ පුරුෂයා ඈතින් සිටී. ඒ මුවා මෙහි සිටී යයි යන මෙය ඔහු මට කීවේය.

තත්‍ථ පාපචරොති විස‍්සට‍්ඨාචාරො.

එහි පාප චරො යනු හරනා ලද සිරිත් ඇත්තේ.

තං සුත්‍වා මහාසත‍්තො තං මිත‍්තදුබ‍්භිං ගරහිත්‍වා රඤ‍්ඤා සද‍්ධිං සල‍්ලපන‍්තො සත‍්තමං ගාථමාහ –

ඒ අසා මහා බෝධිසත්ත්වයෝ මිත්‍රද්‍රෝහී වූ ඔහුට ගර්හා කර රජු සමග කථාබහ කරන්නේ සත්වන ගාථාව කීවේය.

“සච‍්චං කිරෙව මාහංසු, නරා එකච‍්චියා ඉධ; කට‍්ඨං නිප‍්ලවිතං සෙය්‍යො, න ත්‍වෙවෙකච‍්චියො නරො”ති.

7. දරකඩක් දියෙන් ගොඩලීම උතුම්ය. ඇතැම් පවිටු මිනිසෙක් එසේ ගොඩටලීම උතුම් නොවේයයි. මෙලොව ඇතැම් මිනිස්සු කීවාහුය. එය ඇත්තක්මැයි.

තත්‍ථ නිප‍්ලවිතන‍්ති උත‍්තාරිතං. එකච‍්චියොති එකච‍්චො පන මිත‍්තදුබ‍්භී පාපපුග‍්ගලො උදකෙ පතන‍්තොපි උත‍්තාරිතො න ත්‍වෙව සෙය්‍යො. කට‍්ඨඤ‍්හි නානප‍්පකාරෙන උපකාරාය සංවත‍්තති, මිත‍්තදුබ‍්භී පන පාපපුග‍්ගලො විනාසාය, තස‍්මා තතො කට‍්ඨමෙව වරතරන‍්ති පොරාණකපණ‍්ඩිතා කථයිංසු, මයා පන තෙසං වචනං න කතන‍්ති.

එහි විපලාවිතං යනු දියෙන් ගොඩට ගන්නා ලද. එකච්චියො යනු ඇතැම් මිත්‍රද්‍රෝහී පුද්ගලයෙක් දියේ ගිලී මැරෙන්නේද ගොඩට ගන්නා ලද්දේ උතුම් නොවේමය. දරකඩ නන්වැදෑරුම් උපකාර පිණිස පවතී. මිත්‍රද්‍රෝහියා විනාසය පිණිසම වේ. එහෙයින් ඒ මිත්‍රද්‍රෝහියාට වඩා දරකඩම උසස් වේ යයි පැරණි පඬුවෝ කීහ. මවිසින් ඔවුන්ගේ වචනය නොකරන ලදැයි.

තං සුත්‍වා රාජා ඉතරං ගාථමාහ –

රජු ඒ අසා වෙනත් ගාථාවක් කීවේය.

“කිං නු රුරු ගරහසි මිගානං, කිං පක‍්ඛීනං කිං පන මානුසානං; භයං හි මං වින්‍දතිනප‍්පරූපං, සුත්‍වාන තං මානුසිං භාසමාන”න‍්ති.

8. රූරුමුවානනි, කිම මෘගයන්ට නින්දා කරහිද? කිම පක්‍ෂීන්ට නින්දා කරහිද? කිම මිනිසුන්ට නින්දා කරහිද? මිනිස්බසින් කියනු ලබන එය අසා මට මහත් වූ බියක් උපදී.

තත්‍ථ මිගානන‍්ති මිගානමඤ‍්ඤතරං ගරහසි, උදාහු පක‍්ඛීනං, මානුසානන‍්ති පුච‍්ඡි. භයඤ‍්හි මං වින්‍දතීති භයං මං පටිලභති, අහං අත‍්තනි අනිස‍්සරො භයසන‍්තකො විය හොමි. අනප‍්පරූපන‍්ති මහන‍්තං.

එහි මිගානං යනු මෘගයන් අතර එකෙකුට නින්දා කරහිද? නැතහොත් පක්‍ෂීන්ට එසේත් නැතහොත් මිනිසුන්ට නින්දා කරහිදැයි විචාළේය. මං වින්‍දති යනු මා බියක් ලබයි. මම මා පිළිබඳව ප්‍රමුඛ නොවූයෙම් බියෙන් තැතිගත්තෙක් මෙන් වෙමි. අනප්පරූපං යනු මහත්.

තතො මහාසත‍්තො “මහාරාජ, න මිගං, න පක‍්ඛිං ගරහාමි, මනුස‍්සං පන ගරහාමී”ති දස‍්සෙන‍්තො නවමං ගාථමාහ –

අනතුරුව මහබෝසත් තෙමේ මහරජතුමනි, මෘගයෙකුට නින්දා නොකරමි. පක්‍ෂියෙකුට නින්දා නොකරමි. මිනිසෙකුටම ගරහමියි දක්වමින් නවවන ගාථාව කීවේය.

“යමුද‍්ධරිං වාහනෙ වුය‍්හමානං, මහොදකෙ සලිලෙ සීඝසොතෙ; තතොනිදානං භයමාගතං මම, දුක‍්ඛො හවෙ රාජ අසබ‍්භි සඞ‍්ගමො”ති.

9. වේගයෙන් ගලාබසින මහජලකඳ ඇති ගංගා ප්‍රවායෙහි ගසාගෙනයනු ලැබූ යමෙක් මම ගොඩට නගාලීමේදී ඔහු හේතුකොට ගෙන මට බිය පැමිණියේය. රජතුමනි, අසත්පුරුෂයන් සමග එකතුවීම ඒකාන්තයෙන් දුකක් වේ.

තත්‍ථ වාහනෙති පතිතපතිතෙ වහිතුං සමත්‍ථෙ ගඞ‍්ගාවහෙ. මහොදකෙ සලිලෙති මහාඋදකෙ මහාසලිලෙති අත්‍ථො. උභයෙනාපි ගඞ‍්ගාවහස‍්සෙව බහුඋදකතං දස‍්සෙති. තතොනිදානන‍්ති මහාරාජ, යො මය‍්හං තයා දස‍්සිතො පුරිසො, එසො මයා ගඞ‍්ගාය වුය‍්හමානො අඩ‍්ඪරත‍්තසමයෙ කාරුඤ‍්ඤරවං විරවන‍්තො උද‍්ධරිතො, තතොනිදානං මෙ ඉදමජ‍්ජ භයං ආගතං, අසප‍්පුරිසෙහි සමාගමො නාම දුක‍්ඛො, මහාරාජාති.

එහි වහනෙ යනු වැටුන වැටුන දෙය උසුලා යන්නට සමත් වූ ගංගා ප්‍රවාහයෙහි. මහොදකෙ සලිලෙ යනු මහත් වූ දිය ඇති යන අර්ථයි. වචන දෙකින්ම ගංගා ප්‍රවාහයට බොහෝ වතුර ඇති බව දක්වයි. තතො නිදානං යනු මහරජතුමනි, යමෙක් ඔබ විසින් මට දක්වන ලදද මේ ගංගාවෙහි ගසාගෙන යනු ලබන්නාවූ මධ්‍යම රාත්‍රියෙහි බැගෑපත් ලෙස කෑගසන්නා වූ මේ පුරුෂයා මා විසින් ගොඩට ගන්නා ලදි. ඒ හේතුකොට අද මට මේ බිය පැමිණුනි. මහරජතුමනි, අසත්පුරුෂයන් සමඟ එකතුවීම නම් දුකක්මය යි.

තං සුත්‍වා රාජා තස‍්ස කුජ‍්ඣිත්‍වා “එවං බහූපකාරස‍්ස නාම ගුණං න ජානාති, විජ‍්ඣිත්‍වා නං ජීවිතක‍්ඛයං පාපෙස‍්සාමී”ති දසමං ගාථමාහ –

ඒ අසා රජු ඔහුට කිපී මෙසේ බොහෝ උපකාර කළහුගේ ගුණ නොදත්තේය. හීයෙන් විද ඔහු ජීවිතක්‍ෂයට පමුණුවන්නෙමියි දසවන ගාථාව කීවේය.

“සොහං චතුප‍්පත‍්තමිමං විහඞ‍්ගමං, තනුච‍්ඡිදං හදයෙ ඔස‍්සජාමි; හනාමි තං මිත‍්තදුබ‍්භිං අකිච‍්චකාරිං, යො තාදිසං කම‍්මකතං න ජානෙ”ති.

10. ඒ මම පියාපත් සතරක් ඇති, අහසින් යන, සිරුර සිඳින්නා වූ මෙම හීය ඔහුගේ හදවතෙහි යවන්නෙමි. යමෙක් එවැනි වූ තමාට කළ කටයුතු නොදනීද නොකටයුතු කරන මිත්‍රද්‍රෝහියා නසමි.

තත්‍ථ චතුප‍්පත‍්තන‍්ති චතූහි වාජපත‍්තෙහි සමන‍්නාගතං. විහඞ‍්ගමන‍්ති ආකාසගාමිං. තනුච‍්ඡිදන‍්ති සරීරඡින්‍දනං. ඔස‍්සජාමීති එතස‍්ස හදයෙ විස‍්සජ‍්ජෙමි.

එහි චතුප්පත්තං යනු පියාපත් සතරකින් යුක්ත වූ. විභංගමං යනු අහසින් යන. තනුච්ඡිදං යනු සිරුර සිඳන්නා වූ. ඔස්සජාමි යනු මොහුගේ හදවතෙහි විදින්නෙමි.

තතො මහාසත‍්තො “මා එස මං නිස‍්සාය නස‍්සතූ”ති චින‍්තෙත්‍වා එකාදසමං ගාථමාහ –

අනතුරුව මහබෝසත් තෙමේ මෙතෙම මා නිසා නොනසාවා!යි සිතා එකොළොස් වන ගාථාව කීවේය.

“ධීරස‍්ස බාලස‍්ස හවෙ ජනින්‍ද, සන‍්තො වධං නප‍්පසංසන‍්ති ජාතු; කාමං ඝරං ගච‍්ඡතු පාපධම‍්මො, යඤ‍්චස‍්ස භට‍්ඨං තදෙතස‍්ස දෙහි; අහඤ‍්ච තෙ කාමකරො භවාමී”ති.

11. ජනපතිතුමනි, සත්පුරුෂයෝ කිසිවිටෙකත් පණ්ඩිතයාගේද මෝඩයාගේද මරණය නොපසසත්. පවිටු තැනැත්තා කැමති පරිදි ගෙදරට යේවා. යමක් ඔහුට පොරොන්දු වීද එය ඔහුට දෙව. මමද තොපගේ කැමැත්ත කරන්නෙක් වෙමියි.

තත්‍ථ කාමන‍්ති කාමෙන යථාරුචියා අත‍්තනො ඝරං ගච‍්ඡතු. යඤ‍්චස‍්ස භට‍්ඨං තදෙතස‍්ස දෙහීති යඤ‍්ච තස‍්ස “ඉදං නාම තෙ දස‍්සාමී”ති තයා කථිතං, තං තස‍්ස දෙහි. කාමකරොති ඉච‍්ඡාකරො, යං ඉච‍්ඡසි, තං කරොහි, මංසං වා මෙ ඛාද, කීළාමිගං වා කරොහි, සබ‍්බත්‍ථ තෙ අනුකූලවත‍්තී භවිස‍්සාමීති අත්‍ථො.

එහි කාමං යනු කැමති ලෙස රුචි වූ පරිදි තමාගේ ගෙදරට යේවා! යඤ්චස්ස භට්ඨං තදෙතස්ස දෙහි යනු යමක් ඔහුට මෙනම් වුව ඔබට දෙන්නෙමියි ඔබ විසින් කියන ලදද එය ඔහුට දෙව. කාම කරොති යනු කැමැත්ත කිරීමයි. යමක් කැමැත්තෙහිද එය කරව. මගේ මස් හෝ කව. ක්‍රීඩා පිණිස ගන්නා මුවෙක් හෝ කරව. සියළු තන්හිදී තොප අනුව පවත්නේ වෙමි යි අර්ථයි.

තං සුත්‍වා රාජා තුට‍්ඨමානසො මහාසත‍්තස‍්ස ථුතිං කරොන‍්තො අනන‍්තරං ගාථමාහ –

රජු ඒ අසා සතුටු සිත් ඇත්තේ මහ බෝසතුන්ට ස්තුති කරමින් අනතුරුව එන ගාථාව කීවේය.

“අද‍්ධා රුරූ අඤ‍්ඤතරො සතං සො, යො දුබ‍්භතො මානුසස‍්ස න දුබ‍්භි; කාමං ඝරං ගච‍්ඡතු පාපධම‍්මො, යඤ‍්චස‍්ස භට‍්ඨං තදෙතස‍්ස දම‍්මි; අහඤ‍්ච තෙ කාමචාරං දදාමී”ති.

12. යමෙක් තමාට ද්‍රෝහී වූ මිනිසාට ද්‍රෝහි නොවේද? ඒ රූරු මුවා ඒකාන්තයෙන් සත්පුරුෂයන්ගෙන් කෙනෙකි. පවිටු තැනැත්තේ කැමති පරිදි ගෙදරට යේවා! ඔහුට යමක් පොරොන්දු වීද එයද ඔහුට දෙමි. මමද තොපට කැමති ලෙස හැසිරෙමෝ වරයක් දෙමියි.

තත්‍ථ සතං සොති අද‍්ධා ත්‍වං සතං පණ‍්ඩිතානං අඤ‍්ඤතරො. කාමචාරන‍්ති අහං තව ධම‍්මකථාය පසීදිත්‍වා තුය‍්හං කාමචාරං අභයං දදාමි, ඉතො පට‍්ඨාය තුම‍්හෙ නිබ‍්භයා යථාරුචියා විහරථාති මහාසත‍්තස‍්ස වරං අදාසි.

එහි සතං සෙ යනු ඒකාන්තයෙන් ඔබ සත්පුරුෂ පණ්ඩිතයන් අතර එකෙක් වෙහිය. කාමචාරං යනු මම ඔබගේ දැහැමි කථාවෙන් පැහැදී තොපට කැමති ලෙස හැසිරීම් ඇති අභය දෙමි. මෙතැන් පටන් තෙපි බියරහිතව කැමති පරිදි වාසය කරව් යයි මහබෝසතුන්ට වරයක් දුන්නේය.

අථ නං මහාසත‍්තො “මහාරාජ, මනුස‍්සා නාම අඤ‍්ඤං මුඛෙන භාසන‍්ති, අඤ‍්ඤං කායෙන කරොන‍්තී”ති පරිග‍්ගණ‍්හන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

ඉක්බිති ඔහුට මහාබෝධිසත්ත්වයෝ කියනුයේ මහරජතුමනි, මිනිස්සු නම් අනිකක් මුවෙන් කියති. අනිකක් කරත් යයි විමසිලිමත් කරමින් ගාථා දෙකක් කීවේය.

“සුවිජානං සිඞ‍්ගාලානං, සකුණානඤ‍්ච වස‍්සිතං; මනුස‍්සවස‍්සිතං රාජ, දුබ‍්බිජානතරං තතො.

13. රජතුමනි, සිවලුන්ගේත් පක්‍ෂීන්ගේත් නාදය පහසුවෙන් තේරුම්ගත හැකිය. මිනිසුන්ගේ නාදය තේරුම් ගැනීම ඊටත් වඩා බෙහෙවින් අපහසුය.

“අපි චෙ මඤ‍්ඤතී පොසො, ඤාති මිත‍්තො සඛාති වා; යො පුබ‍්බෙ සුමනො හුත්‍වා, පච‍්ඡා සම‍්පජ‍්ජතෙ දිසො”ති.

14. ඉදින් පුරුෂයෙක් ඤාතියෙක. මිත්‍රයෙක. යහළුවෙකැයි සිතයිද යමෙක් පළමුව සතුටු සිත් ඇත්තේ වී පසුව සතුරු වන්නේය.

තං සුත්‍වා රාජා “මිගරාජ, මා මං එවං මඤ‍්ඤි, අහඤ‍්හි රජ‍්ජං ජහන‍්තොපි න තුය‍්හං දින‍්නවරං ජහිස‍්සං, සද‍්දහථ, මය‍්හ”න‍්ති වරං අදාසි. මහාසත‍්තො තස‍්ස සන‍්තිකෙ වරං ගණ‍්හන‍්තො අත‍්තානං ආදිං කත්‍වා සබ‍්බසත‍්තානං අභයදානං වරං ගණ‍්හි. රාජාපි තං වරං දත්‍වා බොධිසත‍්තං නගරං නෙත්‍වා මහාසත‍්තඤ‍්ච නගරඤ‍්ච අලඞ‍්කාරාපෙත්‍වා දෙවියා ධම‍්මං දෙසාපෙසි. මහාසත‍්තො දෙවිං ආදිං කත්‍වා රඤ‍්ඤො ච රාජපරිසාය ච මධුරාය මනුස‍්සභාසාය ධම‍්මං දෙසෙත්‍වා රාජානං දසහි රාජධම‍්මෙහි ඔවදිත්‍වා මහාජනං අනුසාසිත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා මිගගණපරිවුතො වාසං කප‍්පෙසි. රාජා “සබ‍්බෙසං සත‍්තානං අභයං දම‍්මී”ති නගරෙ භෙරිං චරාපෙසි. තතො පට‍්ඨාය මිගපක‍්ඛීනං කොචි හත්‍ථං පසාරෙතුං සමත්‍ථො නාම නාහොසි. මිගගණො මනුස‍්සානං සස‍්සානි ඛාදති, කොචි වාරෙතුං න සක‍්කොති. මහාජනො රාජඞ‍්ගණං ගන‍්ත්‍වා උපක‍්කොසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ඉමං ගාථමාහ –

රජු ඒ අසා මෘගරාජය, මා පිළිබඳ එසේ නොසිතව.මම රාජ්‍යය අත්හරිනුයේද තොපට දෙන ලද වරය දුරු නොකරන්නෙමි. මගේ වචනය අදහවයි වරයක් දුන්නේය. මහසත්ත්වයෝ ඔහු වෙතින් වරය ගන්නේ තමා ආදීකොට සියළු සත්ත්වයන්ට අභයදාන සංඛ්‍යාත වරය ගත්තේය. රජුද ඒ වරය දී බෝසතුන් නගරයට පමුණුවා නගරයද මහබෝ සතුන්ද අලංකාර කරවා දේවියට ධර්මය දේශනා කරවීය. මහබෝසත් තෙමේ දේවිය ආදීකොට රජුටද රජ පිරිසටද මිහිරි වූ මිනිස් බසින් ධර්මය දේශනා කර රජුට දසරාජ ධර්මයෙන් අවවාද කර මහජනයාට අනුශාසනා කර වනයට පිවිස මහ පිරිවරින් පිරිවරන ලද්දේ වාසය කළේය. රජු සියළු සත්ත්වයන්ට අභය දෙමියි නගරයෙහි බෙර හසුරුවාලීය. එතැන් පටන් මෘගයන් හා පක්‍ෂීන් වෙත අත් දිගහරින්නට කිසිවෙක් සමර්ථ වූයේ නම් නොවූහ. මුව සමූහයාද මිනිසුන්ගේ ශස්‍යයන් කති. කිසිවෙක් වළක්වන්නට නොහැකි වෙති. මහජනයා රජමිදුලට ගොස් දෝෂාරෝපණය කළේය ශාස්තෲන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් මේ ගාථාව දෙසූහ.

“සමාගතා ජානපදා, නෙගමා ච සමාගතා; මිගා සස‍්සානි ඛාදන‍්ති, තං දෙවො පටිසෙධතූ”ති.

15. ජනපදවැසියෝ රැස්වූහ. නියම්ගම් වැසියෝද රැස්වූහ. මුවෝ ධාන්‍යයන් කත්. දේවයන් වහන්සේ එය වළක්වන සේක්වා යි(කීහ)

තත්‍ථ තං දෙවොති තං මිගගණං දෙවො පටිසෙධතූති.

එහි තං දෙවො යනු ඒ මුව සමූහයා රජතුමා වළක්වාමායි.

තං සුත්‍වා රාජා ගාථාද‍්වයමාහ –

ඒ අසා රජු ගාථා දෙකක් කීවේය.

“කාමං ජනපදො මාසි, රට‍්ඨඤ‍්චාපි විනස‍්සතු; න ත්‍වෙවාහං රුරුං දුබ‍්භෙ, දත්‍වා අභයදක‍්ඛිණං.

16. ජනපදය ඒකාන්තයෙන් වැනසේවා! රටද විනාශ වේවා! මම රූරු මුවාට අභයදානය දී යළි ද්‍රෝහී නොවෙමි.

“මා මෙ ජනපදො ආසි, රට‍්ඨඤ‍්චාපි විනස‍්සතු; න ත්‍වෙවාහං මිගරාජස‍්ස, වරං දත්‍වා මුසා භණෙ”ති.

17. මගේ ජනපදය නැසේවා. රටද වැනසේවා. මම මුවරජුට වරයක් දී යළි බොරු නොකියමියි.

තත්‍ථ මාසීති කාමං මය‍්හං ජනපදො මා හොතු. රුරුන‍්ති න ත්‍වෙව අහං සුවණ‍්ණවණ‍්ණස‍්ස රුරුමිගරාජස‍්ස අභයදක‍්ඛිණං දත්‍වා දුබ‍්භිස‍්සාමීති.

එහි මාසී යනු ඒකාන්තයෙන් මගෙ ජනපදය නොවේවා! (නොපවතීවා) රූරුං යනු මම රන්වන් වූ රූරුමුවරජුට අභයදානය දී (නැවත) ද්‍රෝහී නොවන්නෙමි.

මහාජනො රඤ‍්ඤො වචනං සුත්‍වා කිඤ‍්චි වත‍්තුං අවිසහන‍්තො පටික‍්කමි. සා කථා විත්‍ථාරිකා අහොසි. තං සුත්‍වා මහාසත‍්තො මිගගණං සන‍්නිපාතාපෙත්‍වා “ඉතො පට‍්ඨාය මනුස‍්සානං සස‍්සානි මා ඛාදථා”ති ඔවදිත්‍වා “අත‍්තනො ඛෙත‍්තෙසු පණ‍්ණසඤ‍්ඤං බන්‍ධන‍්තූ”ති මනුස‍්සානං ඝොසාපෙසි. තෙ තථා බන්‍ධිංසු, තාය සඤ‍්ඤාය මිගා යාවජ‍්ජතනා සස‍්සානි න ඛාදන‍්ති.

මහජනයා රජුගේ වචනය අසා කිසිවක් කියන්නට අපොහොසත් වනුයේ පිටත්ව ගියේය. ඒ කථාව ප්‍රකට වීය. මහබෝසත් තෙමේ ඒ කථාව අසා මුව සමූහයා රැස් කරවා මෙතැන් පටන් මිනිසුන්ගේ ශස්‍යයන් නොකව් යයි අවවාද කොට තමාගේ කෙත්වල අතුකොළවලින් සනිටුහන් බඳිව් යයි මිනිසුන්ට කියා යැවීය. මිනිස්සු එසේ කළාහුය. ඒ සළකුණින් අද දක්වා මුවෝ ශස්‍යයන් නොකත්.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපි දෙවදත‍්තො අකතඤ‍්ඤූයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි “තදා සෙට‍්ඨිපුත‍්තො දෙවදත‍්තො අහොසි, රාජා ආනන්‍දො, රුරුමිගරාජා පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දේවදත්තයා කළගුණ නොදන්නේ දැන් පමණක් නොවේ. පෙරද කළගුණ නොදත්තේමයයි වදාරා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි සිටුපුත්‍රයා දෙව්දත් වීය. රජු ආනන්ද වීය. රූරු මුවා මම ම වීමි යයි වදාළ සේක.

රුරුමිගරාජජාතකවණ‍්ණනා නවමා.