10. සරභමිගජාතකවණ්ණනා 483 අට්ඨකථා
10. සරභමිගජාතකවණ්ණනා (483)
10. සරභමිග ජාතකය (483)
ආසීසෙථෙව පුරිසොති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො අත්තනා සංඛිත්තෙන පුච්ඡිතපඤ්හස්ස ධම්මසෙනාපතිනො විත්ථාරෙන බ්‍යාකරණං ආරබ්භ කථෙසි. කදා පන සත්ථා ථෙරං සංඛිත්තෙන පඤ්හං පුච්ඡීති? දෙවොරොහනෙ. තත්රායං සඞ්ඛෙපතො අනුපුබ්බිකථා. රාජගහසෙට්ඨිනො හි සන්තකෙ චන්දනපත්තෙ ආයස්මතා පිණ්ඩොලභාරද්වාජෙන ඉද්ධියා ගහිතෙ සත්ථා භික්ඛූනං ඉද්ධිපාටිහාරියකරණං පටික්ඛිපි. තදා තිත්ථියා “පටික්ඛිත්තං සමණෙන ගොතමෙන ඉද්ධිපාටිහාරියකරණං, ඉදානි සයම්පි න කරිස්සතී”ති චින්තෙත්වා මඞ්කුභූතෙහි අත්තනො සාවකෙහි “කිං, භන්තෙ, ඉද්ධියා පත්තං න ගණ්හථා”ති වුච්චමානා “නෙතං ආවුසො, අම්හාකං දුක්කරං, ඡවස්ස පන දාරුපත්තස්සත්ථාය අත්තනො සණ්හසුඛුමගුණං කො ගිහීනං පකාසෙස්සතීති න ගණ්හිම්හ, සමණා පන සක්යපුත්තියා ලොලතාය ඉද්ධිං දස්සෙත්වා ගණ්හිංසු. මා ‘අම්හාකං ඉද්ධිකරණං භාරො’ති චින්තයිත්ථ, මයඤ්හි තිට්ඨන්තු සමණස්ස ගොතමස්ස සාවකා, ආකඞ්ඛමානා පන සමණෙන ගොතමෙන සද්ධිං ඉද්ධිං දස්සෙස්සාම, සචෙ හි සමණො ගොතමො එකං පාටිහාරියං කරිස්සති, මයං ද්විගුණං කරිස්සාමා”ති කථයිංසු.
ආසිං සෙථෙව පුරිසො යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන සේක් තමන් වහන්සේ විසින් කෙටියෙන් විමසන ලද ප්‍රශ්නයට ධර්මසේනාපති සැරියුත් තෙර විසින් විස්තර සහිතව විවරණය කිරීම අරභයා දේශනා කළ සේක. කවර නම් සමයක ශාස්තෲන් වහන්සේ තෙරුන් වහන්සේගෙන් කෙටියෙන් ප්‍රශ්න විචාළ සේක්ද? දේවාරෝහණයෙහිදීය. මේ එහි කෙටියෙන් වූ අනුපිළිවෙල කථාවයි. රජගහනුවර සිටුවරයා සමීපයෙහිදී සඳුන්පාත්රය ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ ස්ථවිර විසින් සෘද්ධියෙන් ගොස් ගත් කල්හි ශාස්තෲන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සෘද්ධි ප්රාතිහාර්ය පෑම ප්‍රතික්ෂේප කළ සේක. එකල්හි තීර්ථකයන් විසින් ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් සෘද්ධිප්රාතිහාර්යය කිරීම ප්‍රතික්ෂේප කරන ලදි. දැන් තමන් වහන්සේද නොකරන්නෝය යයි සිතා හැකුළුනා වූ සිය ශ්‍රාවකයන් විසින් ස්වාමීනි, කුමක් හෙයින් සෘද්ධියෙන් පාත්‍රය නො ගත්තහුදැයි කියනු ලබන්නාහු ඇවැත්නි, මෙය අපට දුෂ්කර වූවක් නොවේ. ලාමක වූ දැවමුවා පාත්‍රයක් සඳහා අපගේ සියුමැලි ගුණය කවරෙක් නම් ගිහියන්ට ප්‍රකාශ කරන්නේදැයි නොගත්තෙමු. ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණයෝ ලොල් බව හා අඳබාල බව නිසා සෘද්ධිය දක්වා ගත්තාහුය. සෘද්ධි දැක්වීම අපට බරක් යයි නොසිතව්. ශුමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ සිටිත්වා. බලාපොරොත්තු වන්නා වූ අප ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ සිටිත්වා. බලාපොරොත්තු වන්නා වූ අප ශ්‍රමණ භවත් ගෞතමයන් සමගම සෘද්ධිය දක්වන්නෙමු. ඉදින් ශ්‍රමණ භවත් ගෞතම තෙමේ එක් ප්රාතිහාර්යයක් කරන්නේද අපි දෙකක් කරන්නෙමු. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ තෙවැන්නක් කරන්නේද අපි දෙගුණයක් කරන්නෙමුයි කීවාහුය.
තං සුත්වා භික්ඛූ භගවතො ආරොචෙසුං “භන්තෙ, තිත්ථියා කිර පාටිහාරියං කරිස්සන්තී”ති. සත්ථා “භික්ඛවෙ, කරොන්තු, අහම්පි කරිස්සාමී”ති ආහ. තං සුත්වා බිම්බිසාරො ආගන්ත්වා භගවන්තං පුච්ඡි “භන්තෙ, පාටිහාරියං කිර කරිස්සථා”ති? “ආම, මහාරාජා”ති. “නනු, භන්තෙ, සික්ඛාපදං පඤ්ඤත්ත”න්ති. “මහාරාජ, තං මයා සාවකානං පඤ්ඤත්තං, බුද්ධානං පන සික්ඛාපදං නාම නත්ථි. “යථා හි, මහාරාජ, තව උය්යානෙ පුප්ඵඵලං අඤ්ඤෙසං වාරිතං, න තව, එවංසම්පදමිදං දට්ඨබ්බ”න්ති. “කත්ථ පන, භන්තෙ, පාටිහාරියං කරිස්සථා”ති? “සාවත්ථිනගරද්වාරෙ කණ්ඩම්බරුක්ඛමූලෙ”ති. “අම්හෙහි තත්ථ කිං කත්තබ්බ”න්ති? “නත්ථි කිඤ්චි මහාරාජා”ති. පුනදිවසෙ සත්ථා කතභත්තකිච්චො චාරිකං පක්කාමි. මනුස්සා “කුහිං, භන්තෙ, සත්ථා ගච්ඡතී”ති පුච්ඡන්ති. “සාවත්ථිනගරද්වාරෙ කණ්ඩම්බරුක්ඛමූලෙ තිත්ථියමද්දනං යමකපාටිහාරියං කාතු”න්ති තෙසං භික්ඛූ කථයන්ති. මහාජනො “අච්ඡරියරූපං කිර පාටිහාරියං භවිස්සති, පස්සිස්සාම න”න්ති ඝරද්වාරානි ඡඩ්ඩෙත්වා සත්ථාරා සද්ධිංයෙව අගමාසි.
භික්ෂූන් වහන්සේලා ඒ අසා භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. ස්වාමීනි, තීර්ථකයෝ ප්රාතිහාර්යය කරන්නාහ යයි ප්‍රකට කළාහුය. මහණෙනි, (ඔවුහු) කරත්වා! මමද කරන්නෙමියි. ඒ අසා බිම්බිසාර රජු අවුත් ස්වාමීනි, ප්රාතිහාර්යය කරන්නහුදැයි භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළේය. මහරජතුමනි, එසේයයි වදාළ සේක. ස්වාමීනි, ශික්ෂාපදයක් පනවන ලද්දේ නොවේද මහරජතුමනි, මා විසින් එය ශ්‍රාවකයන්ට පනවන ලදි. බුදුවරුන්ට ශික්ෂාපද නැත. මහරජතුමනි, යම්සේ ඔබගේ උයනෙහි මල් හා ගෙඩි අන්‍යයන්ට වළක්වන ලදි. ඔබට තහනම් නොවේ. මෙසේ මේ සම්ප්රදාය දතයුතුය. ස්වාමීනි, කොහිදී ප්රාතිහාර්යය කරන්නහුදැයි. සැවැත්නුවර ගණ්ඩබ්බ ගස මුල යයි වදාළ සේක. අප විසින් එහි කවරක් කළයුතු? මහරජතුමනි, කිසිවක් නැතැයි දෙවන දවස්හි ශාස්තෲන් වහන්සේ කරන ලද බත් කිස ඇත්තේ චාරිකාවෙහි වැඩි සේක. මිනිස්සු ස්වාමීනි, ශාස්තෲන් වහන්සේ කොහි වඩනා සේක්දැයි විචාරති. සැවැත්නුවර ගණ්ඩබ්බ ගසමුලදී තීර්ථකයන් මැඩීම පිණිස යමක මහා ප්රාතිහාර්යය කරන්නට යයි භික්ෂූහු ඔවුන්ට කියත්. මහජනයා ආශ්චර්යමත් ප්රාතිහාර්යයක් වන්නේය. එය බලන්නෙමුයි ගෙදොරවල් අතැර ශාස්තෲන් වහන්සේ සමගම ගියහ.
අඤ්ඤතිත්ථියා “මයම්පි සමණස්ස ගොතමස්ස පාටිහාරියකරණට්ඨානෙ පාටිහාරියං කරිස්සාමා”ති උපට්ඨාකෙහි සද්ධිං සත්ථාරමෙව අනුබන්ධිංසු. සත්ථා අනුපුබ්බෙන සාවත්ථිං ගන්ත්වා රඤ්ඤා “පාටිහාරියං කිර, භන්තෙ, කරිස්සථා”ති පුච්ඡිතො “කරිස්සාමී”ති වත්වා “කදා, භන්තෙ”ති වුත්තෙ “ඉතො සත්තමෙ දිවසෙ ආසාළ්හිපුණ්ණමාසිය”න්ති ආහ. “මණ්ඩපං කරොමි භන්තෙ”ති? “අලං මහාරාජ, මම පාටිහාරියකරණට්ඨානෙ සක්කො දෙවරාජා ද්වාදසයොජනිකං රතනමණ්ඩපං කරිස්සතී”ති. “එතං කාරණං නගරෙ උග්ඝොසාපෙමි, භන්තෙ”ති? “උග්ඝොසාපෙහි මහාරාජා”ති. රාජා ධම්මඝොසකං අලඞ්කතහත්ථිපිට්ඨිං ආරොපෙත්වා “භගවා කිර සාවත්ථිනගරද්වාරෙ කණ්ඩම්බරුක්ඛමූලෙ තිත්ථියමද්දනං පාටිහාරියං කරිස්සති ඉතො සත්තමෙ දිවසෙ”ති යාව ඡට්ඨදිවසා දෙවසිකං ඝොසනං කාරෙසි. තිත්ථියා “කණ්ඩම්බරුක්ඛමූලෙ කිර කරිස්සතී”ති සාමිකානං ධනං දත්වා සාවත්ථිසාමන්තෙ අම්බරුක්ඛෙ ඡින්දාපයිංසු. ධම්මඝොසකො පුණ්ණමීදිවසෙ පාතොව “අජ්ජ, භගවතො පාටිහාරියං භවිස්සතී”ති උග්ඝොසෙසි. දෙවතානුභාවෙන සකලජම්බුදීපෙ ද්වාරෙ ඨත්වා උග්ඝොසිතං විය අහොසි. යෙ යෙ ගන්තුං චිත්තං උප්පාදෙන්ති, තෙ තෙ සාවත්ථිං පත්තමෙව අත්තානං පස්සිංසු, ද්වාදසයොජනිකා පරිසා අහොසි.
අන්‍ය තීර්ථකයෝද අපිද ශ්‍රමණ භවත් ගෞතමයන් ප්රාතිහාර්යය කරන තැනම ප්රාතිහාර්ය කරන්නෙමුයි උපස්ථායකයන් සමග ශාස්තෲන් වහන්සේ අනුවම ගියාහුය. ශාස්තෲන් වහන්සේ පිළිවෙලින් සැවැත් නුවරට ගොස් රජු විසින් ස්වාමීනි, ප්රාතිහාර්යය කරන සේක්දැයි විමසන ලද්දේ කරන්නෙමියි කියා ස්වාමීනි, කෙදින දැයි කී කල්හි මෙයින් සත්වන දින ඇසළ පුර පසළොස්වක දිනයෙහිදීයි කීවේය. ස්වාමීනි, මණ්ඩපයක් කරමියි කීවේය. මහරජ කම් නැත. ශක්‍රයා මා ප්රාතිහාර්ය කරන තැන දොළොස් යොදුන් පමණ වූ රුවන් මණ්ඩපයක් කරන්නේ යයි වදාළ සේක. ස්වාමීනි, මේ කරුණ නගරයෙහි පතුරුවාලන්නෙමි යි. මහරජතුමනි, පතුරුවාලව. රජු ධර්මඝෝෂකයා අලංකාර කර සරසන ලද ඇතුපිට නංවා ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර දොර ගණ්ඩබ්බ ගස මුලදී තීර්ථකයන් මැඩීමේ ප්රාතිහාර්ය මෙයින් සත්වන දිනයෙහි කරන සේකැයි දිනපතා ඝෝෂා කරවීය. තීර්ථකයෝ ගණ්ඩබ්බ ගස මුලදී ප්රාතිහාර්ය කරන්නේ යයි (අසා) හිමියන්ට ධනය දී සැවැත්නුවර සමීපයෙහි තිබූ අඹගස් කැප්පවූහ. ධර්මඝෝෂකයා පුන්පොහෝ දින උදෑසනම අද ප්රාතිහාර්යය වන්නේ යයි ඝෝෂා කළේය. දෙවියන්ගේ මහිමයෙන් සියළු දඹදිව දොර දොරහි සිට ඝෝෂා කළාක් මෙන් වීය. යම් යම් කෙනෙක් යන්නට සිත් උපදවත්ද ඔවුහු තෙමේ සැවැත්නුවරට පත්වූවෙකු කොටම දුටහ. දොළොස් යොදුනක පැතිර සිට පිරිසක් වූහ.
සත්ථා පාතොව සාවත්ථිං පිණ්ඩාය පවිසිතුං නික්ඛමි. කණ්ඩො නාම උය්යානපාලො පිණ්ඩිපක්කමෙව කුම්භපමාණං මහන්තං අම්බපක්කං රඤ්ඤො හරන්තො සත්ථාරං නගරද්වාරෙ දිස්වා “ඉදං තථාගතස්සෙව අනුච්ඡවික”න්ති අදාසි. සත්ථා පටිග්ගහෙත්වා තත්ථෙව එකමන්තං නිසින්නො පරිභුඤ්ජිත්වා “ආනන්ද, ඉමං අම්බට්ඨිං උය්යානපාලකස්ස ඉමස්මිං ඨානෙ රොපනත්ථාය දෙහි, එස කණ්ඩම්බො නාම භවිස්සතී”ති ආහ. ථෙරො තථා අකාසි. උය්යානපාලො පංසුං වියූහිත්වා රොපෙසි. තඞ්ඛණඤ්ඤෙව අට්ඨිං භින්දිත්වා මූලානි ඔතරිංසු, නඞ්ගලසීසපමාණො රත්තඞ්කුරො උට්ඨහි, මහාජනස්ස ඔලොකෙන්තස්සෙව පණ්ණාසහත්ථක්ඛන්ධො පණ්ණාසහත්ථසාඛො උබ්බෙධතො ච හත්ථසතිකො අම්බරුක්ඛො සම්පජ්ජි, තාවදෙවස්ස පුප්ඵානි ච ඵලානි ච උට්ඨහිංසු. සො මධුකරපරිවුතො සුවණ්ණවණ්ණඵලභරිතො නභං පූරෙත්වා අට්ඨාසි, වාතප්පහරණකාලෙ මධුරපක්කානි පතිංසු. පච්ඡා ආගච්ඡන්තා භික්ඛූ පරිභුඤ්ජිත්වාව ආගමිංසු.
ශාස්තෲන් වහන්සේ උදෑසනම සැවැත්නුවර පිඬු පිණිස පිවිසීම සඳහා නික්මුණ සේක. ගණ්ඩ නම් වූ උයන්පල්ලා පොකුර පිටින්ම ඉදුන පුහුල් ගෙඩියක් ප්‍රමාණ වූ මහත් වූ ඉදුනු අඹගෙඩියක් රජුට ගෙන යන්නේ නගර දොරටුවෙහිදී ශාස්තෲන් වහන්සේ දැක මෙය තථාගතයන් වහන්සේ පිළිගන්වවා පසෙක වැඩහුන් සේක් වළදා ආනන්දය, මෙ ඇටය මෙතැන රෝපණය කිරීම සඳහා උයන්පල්ලාට දෙව. මේ අඹගස ගණ්ඩබ්බ නම් වන්නේය යි වදාළ සේක. තෙරුන් එසේ කළහ. උයන්පල්ලා පස් විසුරුවා රෝපනය කළේය. එකෙනෙහිම ඇටය බිඳී මුල් බැස්සේය. නඟුල්හිසක් පමණ වූ රතු අංකුරයක් නැගී මහජනයා බලා සිටියදීම පනස් රියන් පමණ කඳ ඇති පනස්රියන් පමණ ව අඹගසක් හට ගත්තේය. එකෙනෙහිම එම ගසේ මල්ද ගෙඩිද හටගත්තේය. ඒ ගස මීමැස්සන්ගෙන් පිරිවරන ලදුයේ රන්වන් ගෙඩිවලින් බර වූයේ අහස පුරවා සිටියේය. සුළඟ හමන කල්හි මිහිරි වූ පැසුන ගෙඩි වැටුනහ. පසුව පැමිණෙන්නා වූ භික්ෂූහු ඒවා වළදා පැමිණියාහුය.
සායන්හසමයෙ සක්කො දෙවරාජා ආවජ්ජෙන්තො “සත්ථු රතනමණ්ඩපකරණං අම්හාකං භාරො”ති ඤත්වා විස්සකම්මදෙවපුත්තං පෙසෙත්වා ද්වාදසයොජනිකං නීලුප්පලසඤ්ඡන්නං සත්තරතනමණ්ඩපං කාරෙසි. එවං දසසහස්සචක්කවාළදෙවතා සන්නිපතිංසු. සත්ථා තිත්ථියමද්දනං අසාධාරණං සාවකෙහි යමකපාටිහාරියං කත්වා බහුජනස්ස පසන්නභාවං ඤත්වා ඔරුය්හ බුද්ධාසනෙ නිසින්නො ධම්මං දෙසෙසි. වීසති පාණකොටියො අමතපානං පිවිංසු. තතො “පුරිමබුද්ධා පන පාටිහාරියං කත්වා කත්ථ ගච්ඡන්තී”ති ආවජ්ජෙන්තො “තාවතිංසභවන”න්ති ඤත්වා බුද්ධාසනා උට්ඨාය දක්ඛිණපාදං යුගන්ධරමුද්ධනි ඨපෙත්වා වාමපාදෙන සිනෙරුමත්ථකං අක්කමිත්වා පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලසිලායං වස්සං උපගන්ත්වා අන්තොතෙමාසං දෙවානං අභිධම්මපිටකං කථෙසි. පරිසා සත්ථු ගතට්ඨානං අජානන්තී “දිස්වාව ගමිස්සාමා”ති තත්ථෙව තෙමාසං වසි. උපකට්ඨාය පවාරණාය මහාමොග්ගල්ලානත්ථෙරො ගන්ත්වා භගවතො ආරොචෙසි. අථ නං සත්ථා පුච්ඡි “කහං පන එතරහි සාරිපුත්තො”ති? “එසො, භන්තෙ, පාටිහාරියෙ පසීදිත්වා පබ්බජිතෙහි පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං සඞ්කස්සනගරද්වාරෙ වසී”ති. “මොග්ගල්ලාන, අහං ඉතො සත්තමෙ දිවසෙ සඞ්කස්සනගරද්වාරෙ ඔතරිස්සාමි, තථාගතං දට්ඨුකාමා සඞ්කස්සනගරෙ එකතො සන්නිපතන්තූ”ති. ථෙරො “සාධූ”ති පටිස්සුණිත්වා ආගන්ත්වා පරිසාය ආරොචෙත්වා සකලපරිසං සාවත්ථිතො තිංසයොජනං සඞ්කස්සනගරං එකමුහුත්තෙනෙව පාපෙසි.
සවස් කාලයෙහි ශක්‍ර දෙව්රජු විමසා බලනුයේ ශාස්තෲන් වහන්සේ විසින් මණ්ඩපය කිරීමට අපට භාර කළේයයි දැන විශ්වකර්මයා යවා දොළොස් යොදුන් පමණ වූ නිළුපුල්වලින් ගැවසී ගත් මණ්ඩපයක් කරවීය. මෙසේ දසදහසක් සක්වළ දෙවියෝ රැස් වූවාහුය. ශාස්තෲන් වහන්සේ තීර්ථකයන් මර්දනය කළ ශ්‍රාවකයන් හා අසාධාරණ නොවූ යමක මහා ප්රාතිහාර්යය කර බොහෝ ජනයා පැහැදුන බව දැන අහසින් බැස බුද්ධාසනයෙහි හුන්නේ ධර්මය දේශනා කළ සේක. විසිකෙළක් ප්‍රාණීහු අමාමහ නිවන නමැති පානය බිව්වාහුය. අනතුරුව පෙර බුදුවරු ප්රාතිහාර්යය කර කොහි යත්දැයි පරීක්ෂා කරන සේක් තවුතිසා භවනට යයි දැන බුද්ධාසනයෙන් නැගිට දකුණුපය යුගන්ධර පර්වතය මුදුනෙහි තබා වම්පයෙන් මහමෙර මුදුන මැඩ පරසතු ගස මුල පාණ්ඩුකම්බල ගල් අසුනෙහි වස් එළඹ තෙමස තුළ දෙවියන්ට අභිධර්ම කථාව දේශනා කළ සේක. පිරිස ශාස්තෲන් වහන්සේ වැඩි තැන නොදන්නී උන්වහන්සේ දැකම යන්නෙමුයි එහිම තෙමසක් වාසය කළාහුය. පවාරණය සමීප වූ කල්හි මහමුගලන් තෙරණුවෝ දෙව්ලොවට ගොස් භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ උන්වහන්සේගෙන් දැන් සැරියුත් තෙරුන් කොහිදැයි විචාළ සේක. ස්වාමීනි, උන්වහන්සේ යමක මහා ප්‍රාතිහාර්යයෙහි පැහැද පන්සියයක් භික්ෂූන් සමග සංකස්ස නුවරෙහි වාසය කරතියි කීහ. මෞද්ගල්‍යානයෙනි, මම මෙයින් සත්වන දිනයෙහි සංකස්ස නුවර දොරටුවෙහි බසින්නෙමි. තථාගතයන් වහන්සේ දකිනු කැමැත්තෝ සංකස්ස නුවරෙහි රැස්වෙත්වායි වදාළ සේක. තෙරණුවෝ මැනවයි පිළිගෙන පෙරළා අවුත් පිරිසට දන්වා සියළු පිරිස එක මොහොතින්ම සැවැත් නුවර සංකස්ස නගරයට පැමිණ වූහ.
සත්ථා වුත්ථවස්සො පවාරෙත්වා “මහාරාජ, මනුස්සලොකං ගමිස්සාමී”ති සක්කස්ස ආරොචෙසි. සක්කො විස්සකම්මං ආමන්තෙත්වා “දසබලස්ස මනුස්සලොකගමනත්ථාය තීණි සොපානානි කරොහී”ති ආහ. සො සිනෙරුමත්ථකෙ සොපානසීසං සඞ්කස්සනගරද්වාරෙ ධුරසොපානං කත්වා මජ්ඣෙ මණිමයං, එකස්මිං පස්සෙ රජතමයං, එකස්මිං පස්සෙ සුවණ්ණමයන්ති තීණි සොපානානි මාපෙසි, සත්තරතනමයා වෙදිකාපරික්ඛෙපා. සත්ථා ලොකවිවරණං පාටිහාරියං කත්වා මජ්ඣෙ මණිමයෙන සොපානෙන ඔතරි. සක්කො පත්තචීවරං අග්ගහෙසි, සුයාමො වාලබීජනිං, සහම්පති මහාබ්රහ්මා ඡත්තං ධාරෙසි, දසසහස්සචක්කවාළදෙවතා දිබ්බගන්ධමාලාදීහි පූජයිංසු. සත්ථාරං ධුරසොපානෙ පතිට්ඨිතං පඨමමෙව සාරිපුත්තත්ථෙරො වන්දි, පච්ඡා සෙසපරිසා. තස්මිං සමාගමෙ සත්ථා චින්තෙසි “මොග්ගල්ලානො “ඉද්ධිමා’ති පාකටො, උපාලි ‘විනයධරො’ති. සාරිපුත්තස්ස පන මහාපඤ්ඤගුණො අපාකටො, ඨපෙත්වා මං අඤ්ඤො එතෙන සදිසො සමපඤ්ඤො නාම නත්ථි, පඤ්ඤාගුණමස්ස පාකටං කරිස්සාමී”ති පඨමං තාව පුථුජ්ජනානං විසයෙ පඤ්හං පුච්ඡි, තං පුථුජ්ජනාව කථයිංසු තතො සොතාපන්නානං විසයෙ පඤ්හං පුච්ඡි, තම්පි සොතාපන්නාව කථයිංසු, පුථුජ්ජනා න ජානිංසු. එවං සකදාගාමිවිසයෙ අනාගාමිවිසයෙ ඛීණාසවවිසයෙ මහාසාවකවිසයෙ ච පඤ්හං පුච්ඡි, තම්පි හෙට්ඨිමා හෙට්ඨිමා න ජානිංසු, උපරිමා උපරිමාව කථයිංසු. අග්ගසාවකවිසයෙ පුට්ඨපඤ්හම්පි අග්ගසාවකාව කථයිංසු, අඤ්ඤෙ න ජානිංසු. තතො සාරිපුත්තත්ථෙරස්ස විසයෙ පඤ්හං පුච්ඡි, තං ථෙරොව කථෙසි, අඤ්ඤෙ න ජානිංසු.
ශාස්තෲන් වහන්සේ පවාරණය කර මහරජතුමනි, මිනිස්ලොවට යන්නෙමියි ශක්‍රයාට දැන්වූ සේක. ශක්‍රයා විශ්වකර්ම දෙව්පුතු අමතා දසබලධාරීන් වහන්සේගේ මිනිස්ලොව යෑම සඳහා හිණිමඟක් කරවයි. කීවේය. හෙතෙම මහමෙර මත්තෙහි හිණිමං හිසද සංකස්ස නුවර දොරටුවෙහි හිණි පාමුලද කොට මැදහි මැණික්වලින් කළ එකක්ද එක්පසෙක රිදීවලින් කළ එකක්ද එක්පසෙක රනින් කළ එකක්දැයි හිණිමං තුනක් මැවීය. වටකළ වේදිකාවෝ සියල්ල රනින් කළ ඒවා වූහ. ශාස්තෲන් වහන්සේ ලෝකවිවරණ ප්රාතිහාර්යය කර මැද වූ මැණික්මුවා හිණිමඟින් වැඩි සේක. ශක්‍රයා පාත්‍රය හා සිවුර ගත්තේය. සුයාම දිව්‍යපුත්‍රයා වල්විදුනාවක් ගත්තේය. සහම්පතී මහා බ්‍රහ්මයා ඡත්රයක් දැරුවේය. දසදහසක් සක්වල දෙවියෝ දිව්‍යමය සුවඳින් හා මල්වලින් පූජා කළාහුය. හිණි පාමුල හුන් ශාස්තෲන් වහන්සේට පළමුව සැරියුත් තෙර වැන්දේය. සෙසු පිරිස පසුව වැන්දාහ. ශාස්තෘන් වහන්සේ ඒ මහජන සන්නිපාතයෙහිදී මෙසේ සිතූහ. මුගලන් තෙරණුවෝ සෘද්ධිමත්හුයයි ප්රකටය. උපාලි තෙරණුවෝ විනයධරයහයි ප්රකටය. සැරියුත් තෙරුන්ගේ මහාප්‍රඥා ගුණය ප්‍රකට නැත. මා හැර අනිකෙක් මොහු හා සමාන ප්‍රඥා ඇත්තෙක් නම් නැත. මුන්වහන්සේගේ ප්‍රඥා ගුණය ප්‍රකට කරන්නෙමියි පළමුකොටම පෘථග්ජනයන්ට විෂය වූ ප්‍රශ්නයක් විමසූ සේක. එය පෘථග්ජනයෝම විසදූහ. අනතුරුව සෝවාන් වූවන්ට විෂය වූ ප්‍රශ්නයක් විමසූ සේක. එයද සෝවාන් වූවෝ විසදූහ. පෘථග්ජනයෝ නොදත්හ. මෙසේ සකෘදාගාමීන්ට විෂය වූද අනාගාමීන්ට විෂය වූද ක්ෂීණාශ්රවයන්ට විෂය වූද මහා ශ්‍රාවකයන්ට විෂය වූද ප්‍රශ්නයක් විචාළ සේක. එයට යට සිටියෝ නොදත්හ. මතු මතු සිටියෝ විසදූහ. අග්‍රශ්‍රාවකයන්ට විෂය වන පරිදි විමසූ ප්‍රශ්නයද අග්රශ්රාවකයෝම විසඳූහ. සෙස්සෝ නොදත්තාහුය. අනතුරුව සැරියුත් තෙරුන්ට විෂය වන ප්‍රශ්නයක් විචාළහ. එය තෙරුන් වහන්සේම විසඳූහ. අන්‍යයෝ නොදත්හ.
මනුස්සා “කො නාම එස ථෙරො සත්ථාරා සද්ධිං කථෙසී”ති පුච්ඡිත්වා “ධම්මසෙනාපති සාරිපුත්තත්ථෙරො නාමා”ති සුත්වා “අහො මහාපඤ්ඤො”ති වදිංසු. තතො පට්ඨාය දෙවමනුස්සානං අන්තරෙ ථෙරස්ස මහාපඤ්ඤගුණො පාකටො ජාතො. අථ නං සත්ථා –
මිනිස්සු මේ කවර නම් ස්ථවිර කෙනෙක් ශාස්තෲන් වහන්සේ සමග කථා කරයිදැයි විමසා ධර්ම සේනාපති ශාරිපුත්‍ර නමැයි අසා පුදුමයකි මහා ප්‍රඥාවන්තයෙකැයි කීවාහුය. එතැන් පටන් දෙව්මිනිසුන් අතර සැරියුත් තෙරුන්ගේ මහා ප්‍රඥා ගුණය ප්‍රකට වීය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඒ තෙරුන්ට වදාරනුයේ.
“යෙ ච සඞ්ඛාතධම්මාසෙ, යෙ ච සෙඛා පුථූ ඉධ; තෙසං මෙ නිපකො ඉරියං, පුට්ඨො පබ්රූහි මාරිසා”ති. (සු· නි· 1044; චූළනි· අජිතමාණවපුච්ඡා 63; නෙත්ති· 14) –
නිදුකාණනි, මේ ලෝකයෙහි යම් සංස්කාර ධර්මයෝ වෙත්ද, යම් සෝවාන් ආදී වූ බොහෝ ශෛක්ෂයෝ වෙත්ද (ඔවුහු මාගේ ඤාණ සම්පත්තිය මුහුකුරවා පැවැත්තාහුය. මවිසින් විමසන ලද්දේ ඔවුන්ගේ ඉරියව් පැවැත්ම කියව යි.
බුද්ධවිසයෙ පඤ්හං පුච්ඡිත්වා “ඉමස්ස නු ඛො සාරිපුත්ත, සංඛිත්තෙන භාසිතස්ස කථං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො”ති ආහ. ථෙරො පඤ්හං ඔලොකෙත්වා “සත්ථා මං සෙඛාසෙඛානං භික්ඛූනං ආගමනපටිපදං පුච්ඡතී”ති පඤ්හෙ නික්කඞ්ඛො හුත්වා “ආගමනපටිපදා නාම ඛන්ධාදිවසෙන බහූහි මුඛෙහි සක්කා කථෙතුං, කතං නු ඛො කථෙන්තො සත්ථු අජ්ඣාසයං ගණ්හිතුං සක්ඛිස්සාමී”ති අජ්ඣාසයෙ කඞ්ඛි. සත්ථා “සාරිපුත්තො පඤ්හෙ නික්කඞ්ඛො, අජ්ඣාසයෙ පන මෙ කඞ්ඛති, මයා නයෙ අදින්නෙ කථෙතුං න සක්ඛිස්සති, නයමස්ස දස්සාමී”ති නයං දදන්තො “භූතමිදං සාරිපුත්ත සමනුපස්සා”ති ආහ. එවං කිරස්ස අහොසි “සාරිපුත්තො මම අජ්ඣාසයං ගහෙත්වා කථෙන්තො ඛන්ධවසෙන කථෙස්සතී”ති. ථෙරස්ස සහ නයදානෙන සො පඤ්හො නයසතෙන නයසහස්සෙන උපට්ඨාසි. සො සත්ථාරා දින්නනයෙ ඨත්වා බුද්ධවිසයෙ පඤ්හං කථෙසි.
බුදුවරුන්ට විෂය වූ ප්‍රශ්නයක් විචාරා සාරිපුත්රයහ. කෙටියෙන් පවසන ලද මේ කරුණට විස්තරාර්ථය කෙසේ දත යුතුදැයි වදාළ සේක. තෙරුන් වහන්සේ ප්රශ්නය පිළිබඳව විමසා බලා ශාස්තෲන් වහන්සේ ශෛක්ෂ-අශෛක්‍ෂයන්ගේ ආගමන ප්‍රතිපදාව මගෙන් විමසන සේක් යයි ප්‍රශ්නයෙහි සැකරහිත වී ආගමන ප්‍රතිපදාව ස්කන්ධ ආදීන්ගේ වශයෙන් බොහෝ වූ ක්‍රමයෙන් කියන්නට හැකිය. කවර ආකාරයකින් විසඳිය යුතුදැයි කියන්නේ ශාස්තෲන් වහන්සේගේ අදහස ගන්නට හැකි වන්නෙම්දැයි අදහස පිළිබඳව සැක කළහ. ශාස්තෲන් වහන්සේ ශාරිපුත්‍ර ස්ථවිර තෙමේ ප්‍රශ්නයෙහි සැක නැත්තේය. මගේ අදහස පිළිබඳව සැක කරයි මවිසින් පිළිවෙල නොදුන් කල්හි විසඳා කියන්නට නොහැකි වන්නේය. මොහුට පිළිවෙළ දෙන්නෙමියි පිළිවෙළ දක්වන සේක් ශාරිපුත්‍රයෙනි, මෙය වූයේමැයි දක්නෙහි යයි වදාළ සේක. මෙසේ උන්වහන්සේ පිළිවෙල කියාදීම විය. සැරියුත් තෙමේ මගේ අදහස ගෙන කියන්නේ ස්කන්ධ වශයෙන් ගෙන කියන්නේ යයි. තෙරුන් වහන්සේට පිළිවෙළ දීමත් සමග එම ප්රශ්නය පිළිවෙල සියයෙන් පිළිවෙළ දහසින් වැටහුනි. හෙතමේ ශාස්තෲන් වහන්සේ විසින් දෙන ලද පිළිවෙළහි සිට බුදුරදුන්ට විෂය වූ ප්රශ්නය විසදීය.
සත්ථා ද්වාදසයොජනිකාය පරිසාය ධම්මං දෙසෙසි. තිංස පාණකොටියො අමතපානං පිවිංසු. සත්ථා පරිසං උය්යොජෙත්වා චාරිකං චරන්තො අනුපුබ්බෙන සාවත්ථිං ගන්ත්වා පුනදිවසෙ සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පිණ්ඩපාතපටික්කන්තො භික්ඛූහි වත්තෙ දස්සිතෙ ගන්ධකුටිං පාවිසි. සායන්හසමයෙ භික්ඛූ ථෙරස්ස ගුණකථං කථෙන්තා ධම්මසභායං නිසීදිංසු “මහාපඤ්ඤො, ආවුසො, සාරිපුත්තො පුථුපඤ්ඤො ජවනපඤ්ඤො තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො දසබලෙන සංඛිත්තෙන පුච්ඡිතපඤ්හං විත්ථාරෙන කථෙසී”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි එස සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං කථෙසියෙවා”ති වත්වා අතීතං ආහරි.
ශාස්තෲන් වහන්සේ දොළොස් යොදුනක පිරිසට ධර්මය දේශනා කළ සේක. තිස්කෙළක් ප්‍රාණීහු සද්ධර්මය නැමති අමෘත පානය කළාහුය. ශාස්තෲන් වහන්සේ පිරිස පිටත් කර යවා චාරිකාවෙහි වැඩම කරනුයේ පිළිවෙළින් සැවැත්නුවරට ගොස් දෙවන දවස්හි සැවැත්නුවර පිඬු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් ඉවත් වූයේ භික්ෂූන් වහන්සේලා විසින් වතාවත් දැක්වූ කල්හි ගඳකිළියට වැඩි සේක. සවස් සමයෙහි භික්ෂූන් වහන්සේලා සැරියුත් තෙරුන්ගේ ගුණ කථාව කරමින් දම්සභාවෙහි හුන්නාහුය. ඇවැත්නි, සාරිපුත්‍ර ස්ථවිර තෙමේ මහාප්රඥ ඇත්තේය. පුළුල් ප්‍රඥා ඇත්තේය. ගැඹුරු ප්‍රඥා ඇත්තේය. ශීඝ්‍රව පවත්නා වූ ප්‍රඥා ඇත්තේය. තියුණු ප්‍රඥා ඇත්තේය. විනිවිද දක්නා වූ ප්‍රඥා ඇත්තේය. දසබලධාරීන් වහන්සේ විසින් කෙටියෙන් විමසන ලද ප්රශ්නය විස්තර වශයෙන් විසදීය යයි යනුවෙනි. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කවර නම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා මෙනම් වූවෙකැනැයි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොව පෙරද මෙතෙමේ කෙටියෙන් කියන ලද දෙයට විස්තර වශයෙන් අර්ථ කීවේම යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ බොධිසත්තො සරභමිගයොනියං නිබ්බත්තිත්වා අරඤ්ඤෙ වසති. රාජා මිගවිත්තකො අහොසි ථාමසම්පන්නො, අඤ්ඤං මනුස්සං “මනුස්සො”තිපි න ගණෙති. සො එකදිවසං මිගවං ගන්ත්වා අමච්චෙ ආහ – “යස්ස පස්සෙන මිගො පලායති, තෙන සො දණ්ඩො දාතබ්බො”ති. තෙ චින්තයිංසු “කදාචි වෙමජ්ඣෙ ඨිතමිගං විජ්ඣන්ති, කදාචි උට්ඨිතං, කදාචි පලායන්තම්පි, අජ්ජ පන යෙන කෙනචි උපායෙන රඤ්ඤො ඨිතට්ඨානඤ්ඤෙව ආරොපෙස්සාමා”ති. චින්තෙත්වා ච පන කතිකං කත්වා රඤ්ඤො ධුරමග්ගං අදංසු. තෙ මහන්තං ගුම්බං පරික්ඛිපිත්වා මුග්ගරාදීහි භූමිං පොථයිංසු. පඨමමෙව සරභමිගො උට්ඨාය තික්ඛත්තුං ගුබ්භං අනුපරිගන්ත්වා පලායනොකාසං ඔලොකෙන්තො සෙසදිසාසු මනුස්සෙ බාහාය බාහං ධනුනා ධනුං ආහච්ච නිරන්තරෙ ඨිතෙ දිස්වා රඤ්ඤො ඨිතට්ඨානෙයෙව ඔකාසං අද්දස. සො උම්මීලිතෙසු අක්ඛීසු වාලුකං ඛිපමානො විය රාජානං අභිමුඛො අගමාසි. රාජා තං ලහුසම්පත්තං දිස්වා සරං උක්ඛිපිත්වා විජ්ඣි. සරභමිගා නාම සරං වඤ්චෙතුං ඡෙකා හොන්ති, සරෙ අභිමුඛං ආගච්ඡන්තෙ වෙගං හාපෙත්වා තිට්ඨන්ති, පච්ඡතො ආගච්ඡන්තෙ වෙගෙන පුරතො ජවන්ති, උපරිභාගෙනාගච්ඡන්තෙ පිට්ඨිං නාමෙන්ති, පස්සෙනාගච්ඡන්තෙ ථොකං අපගච්ඡන්ති, කුච්ඡිං සන්ධායාගච්ඡන්තෙ පරිවත්තිත්වා පතන්ති, සරෙ අතික්කන්තෙ වාතච්ඡින්නවලාහකවෙගෙන පලායන්ති.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්වයෝ සරභ මුව යෝනියෙහි ඉපිද වනයෙහි වාසය කරයි. රජු මුව දඩයමෙහි ලොල් වූවෙක් වීය. ශක්තිසම්පන්න වීය. අන් මිනිසෙකු මිනිසෙක් යයිද නොකියයි. හෙතෙම එක් දවසක් මුව දඩයමෙහි ගොස් අමාත්‍යයන්ට ‘යමෙකුගේ සිටි පසින් මුවා පලා යයිද ඔහු විසින්ම ඒ මුවා (අල්ලා) දියයුතු යයි’ කීවේය. ඔවුහු මෙසේ සිතුවාහුය. ඇතැම්දිනක ගෙයි මැද සිටියාහුද කොටුවට පැමිණි මුවා මරත්. ඉදිරියට පැමිණි මුවා යම්කිසි උපායකින් රජු හුන් තැනටම පන්නමුයි සිතා කථිකා කර රජුට මංකඩ දුන්නාහුය. ඔවුහු මහත් වූ ලැහැබක් වටකොට මුගුරු ආදියෙන් බිම ගැසූහ. පළමුව සරභ මුවා නැගී සිට තුන්වරක් ලැහැබ සිසාරා ගොස් පලායෑමට ඉඩක් බලනුයේ අන් දිශාවන්හි මිනිස්සු අතින් අත දුන්නේ දුන්න හැපී අතුරක් නැතිව සිටියවුන් මෙන් දැක රජු සිටි තන්හිම ඉඩක් දුටුයේය. හෙතෙම අරින ලද ඇස් වල වැලි හෙලන්නාක් මෙන් රජු අභිමුඛව ගියේය. රජු ශීඝ්‍රව පැමිණෙන ඔහු දැක හීයක් විද්දේය. සරභ මුවෝ හී වලකා ලන්නට දක්ෂයෝ වෙති. හීය ඉදිරියට පැමිණෙන කල්හි වේගය ගන්වා සිටිති. පසුපසින් පැමිණෙන කල්හි වේගයෙන් පෙරට දුවති. මතුපසින් පැමිණෙන කල්හි පිට නමත්. පැත්තෙන් පැමිණෙන කල්හි මදක් ඉවත් වෙති. කුසමැදට පැමිණෙන කල්හි පෙරළී වැටෙති. හීය ඉක්මුන කල්හි සුළඟින් සිඳිනා ලද වලාකුළුවල වේගයෙන් පලා යති. ඒ රජුද ඌ පෙරළී වැටුන කල්හි මවිසින් සරභ මුවා විදින ලද්දේ යයි හඬ ගැසීය. සරභ මුවා නැගී සිට වාත වේගයෙන් පලා ගියේය.
සොපි රාජා තස්මිං පරිවත්තිත්වා පතිතෙ “සරභමිගො මෙ විද්ධො”ති නාදං මුඤ්චි. සරභො උට්ඨාය වාතවෙගෙන පලායි. බලමණ්ඩලං භිජ්ජිත්වා උභොසු පස්සෙසු ඨිතඅමච්චා සරභං පලායමානං දිස්වා එකතො හුත්වා පුච්ඡිංසු “මිගො කස්ස ඨිතට්ඨානං අභිරුහී”ති? “රඤ්ඤො ඨිතට්ඨාන”න්ති . “රාජා ‘විද්ධො මෙ’ති වදති, කොනෙන විද්ධො, නිබ්බිරජ්ඣො භො අම්හාකං රාජා, භූමිනෙන විද්ධා”ති තෙ නානප්පකාරෙන රඤ්ඤා සද්ධිං කෙළිං කරිංසු. රාජා චින්තෙසි “ඉමෙ මං පරිහසන්ති, න මම පමාණං ජානන්තී”ති ගාළ්හං නිවාසෙත්වා පත්තිකොව ඛග්ගං ආදාය “සරභං ගණ්හිස්සාමී”ති වෙගෙන පක්ඛන්දි. අථ නං දිස්වා තීණි යොජනානි අනුබන්ධි. සරභො අරඤ්ඤං පාවිසි, රාජාපි පාවිසි. තත්ථ සරභමිගස්ස ගමනමග්ගෙ සට්ඨිහත්ථමත්තො මහාපූතිපාදනරකාවාටො අත්ථි, සො තිංසහත්ථමත්තං උදකෙන පුණ්ණො තිණෙහි ච පටිච්ඡන්නො. සරභො උදකගන්ධං ඝායිත්වාව ආවාටභාවං ඤත්වා ථොකං ඔසක්කිත්වා ගතො. රාජා පන උජුකමෙව ගච්ඡන්තො තස්මිං පති.
දෙපස හුන් ඇමතිවරු බලමඩුළු පලායන්නා වූ සරභ මුවා දැක එකතු වී ‘මුවා කවරෙකු සිටි තැන පැන ගියේදැයි විමසූහ. රජු සිටි තැනයි. මවිසින් විදින ලදැයි රජු කියයි. මේ අපගේ රජු විසින් කවරෙක් විදින ලදද. පින්වතුනි, අපගේ රජු විසින් නිසැකවම (මුවා හුන්) බිම විඳින ලදැයි මෙසේ නන් අයුරින් රජු සමඟ කෙළිකවට කළාහුය. රජු මෙසේ සිතීය. මොවුහු මට අපහාස කරත්. (මොවුහු) මගේ පමණ නොදනිත් යයි දැඩිව හැඳ පොරවා කඩුව ගෙන පයින්ම යන්නේ සරභ මුවා ගන්නෙමියි වේගයෙන් පැනපීය. අනතුරුව ඌ දැක තුන් යොදුනක් ලුහුබැන්දේය. සරභ මුවා වනයට පිවිසියේය. රජුද පිවිසියේමය. ඒ සරභ මුවාගේ ගමන්මගෙහි සැටරියන් පමණ වූ මහත් වූ නාරාවලක් ඇත. එය තිස්රියන් පමණ ජලයෙන් පිරුණේය. තණකොළවලින් වැසුනේය. සරභ මුවා ජලයෙහි සුවඳ ආඝ්‍රාණය කර වලක බව දැන මදක් ඉවත් වී ගියේය. රජු වූ කලී කෙලින්ම පැමිණෙනුයේ එහි වැටුනේය.
සරභො තස්ස පදසද්දං අසුණන්තො නිවත්තිත්වා තං අපස්සන්තො “නරකාවාටෙ පතිතො භවිස්සතී”ති ඤත්වා ආගන්ත්වා ඔලොකෙන්තො තං ගම්භීරඋදකෙ අපතිට්ඨං කිලමන්තං දිස්වා තෙන කතං අපරාධං හදයෙ අකත්වා සඤ්ජාතකාරුඤ්ඤො “මා මයි පස්සන්තෙව රාජා නස්සතු, ඉමම්හා දුක්ඛා නං මොචෙස්සාමී”ති ආවාටතීරෙ ඨිතො “මා භායි, මහාරාජ, මහන්තා දුක්ඛා තං මොචෙස්සාමී”ති වත්වා අත්තනො පියපුත්තං උද්ධරිතුං උස්සාහං කරොන්තො විය තස්සුද්ධරණත්ථාය සිලාය යොග්ගං කත්වාව “විජ්ඣිස්සාමී”ති ආගතං රාජානං සට්ඨිහත්ථා නරකා උද්ධරිත්වා අස්සාසෙත්වා පිට්ඨිං ආරොපෙත්වා අරඤ්ඤා නීහරිත්වා සෙනාය අවිදූරෙ ඔතාරෙත්වා ඔවාදමස්ස දත්වා පඤ්චසු සීලෙසු පතිට්ඨාපෙසි. රාජා මහාසත්තං විනා වසිතුං අසක්කොන්තො ආහ “සාමි සරභමිගරාජ, මයා සද්ධිං බාරාණසිං එහි, ද්වාදසයොජනිකාය තෙ බාරාණසියං රජ්ජං දම්මි, තං කාරෙහී”ති. “මහාරාජ, මයං තිරච්ඡානගතා, න මෙ රජ්ජෙනත්ථො, සචෙ තෙ මයි සිනෙහො අත්ථි, මයා දින්නානි සීලානි රක්ඛන්තො රට්ඨවාසිනොපි සීලං රක්ඛාපෙහී”ති තං ඔවදිත්වා අරඤ්ඤමෙව පාවිසි.
සරභ මුවා ඔහුගේ පියවර හඬ නොඅසන්නේ ආපසු හැරී ඔහු නොදක්නේ නාරාවලෙහි වැටුනේ වන්නේ යයි දැන අවුත් බලන්නේ ගැඹුරු ජලයෙහි පිහිටක් නැතිව ක්ලාන්ත වී හුන් ඔහු දැක ඔහු විසින් කරන ලද අපරාධය සිතෙහි නොකර හටගත් කරුණා ඇත්තේ මා දක්නා කල්හි (ඇස් පනාපිට) මේ අසරණයා නො නසීවා. ඔහු මේ දුකින් මුදවන්නෙමියි කියා තමාගේ ප්‍රිය වූ පුතෙකු ඔසවා තබන්නට උත්සාහ කරන්නෙකු මෙන් ඔහු නගා සිටුවීම පිණිස ගලකින් සරිකොටම විදින්නෙමියි ආවා වූ රජු සැටරියන් නාරාවලෙන් නගා සිටුවා අස්වසා පිටට නංවා වනයෙන් බැහැර කර සෙනග නුදුරෙහි බස්වා ඔහුට අවවාද දී පන්සිල්හි පිහිටුවීය. රජු මහබෝසතුන් අත්හැර යන්නට නොහැකි වනුයේ ස්වාමීනි, සරභ මුවරජුනි, මා සමග බරණැස් නුවරට එව. දොළොස් යොදුන් පමණ වූ බරණැස්හි රාජ්‍යය ඔබට දෙමි. එය පාලනය කරවයි කීවේය. මහරජතුමනි, අපි තිරිසන් ගත වූවෝ වෙමු. අපට රාජ්‍යයෙන් වැඩක් නැත. ඉදින් තොප වෙත මා කෙරෙහි සෙනෙහසක් ඇත්නම් මවිසින් දෙන ලද සිල් රකිමින් රටවැසියන්ද පන්සිල් රක්වවයි ඔහුට අවවාද කර වනයටම පිවිසියේය.
සො අස්සුපුණ්ණෙහි නෙත්තෙහි තස්ස ගුණං සරන්තොව සෙනං පාපුණිත්වා සෙනඞ්ගපරිවුතො නගරං ගන්ත්වා “ඉතො පට්ඨාය සකලනගරවාසිනො පඤ්ච සීලානි රක්ඛන්තූ”ති ධම්මභෙරිං චරාපෙසි. මහාසත්තෙන පන අත්තනො කතගුණං කස්සචි අකථෙත්වා සායන්හෙ නානග්ගරසභොජනං භුඤ්ජිත්වා අලඞ්කතසයනෙ සයිත්‍වා පච්චූසකාලෙ මහාසත්තස්ස ගුණං සරිත්වා උට්ඨාය සයනපිට්ඨෙ පල්ලඞ්කෙන නිසීදිත්වා පීතිපුණ්ණෙන හදයෙන ඡහි ගාථාහි උදානෙසි –
හෙතෙම කඳුළු පිරුණ නෙත්වලින් යුතුව ඔහුගේ ගුණයන් සිහිපත් කරමින්ම සෙනග වෙත පැමිණ සෙනගින් පිරිවරන ලදුයේ නගරයට ගොස් මෙතැන් පටන් සියළු රටවැසියෝ පන්සිල් රකිත්වායි දහම්බෙර පැතිරවීය. මහබෝසතුන් විසින් තමාට කළ ගුණය කිසිවෙකුට නොකියා සවස නොයෙක් අග්‍ර වූ රස භෝජනයන් අනුභව කර අලංකාර කර සරසන ලද යහනෙහි සයනය කර අළුයම් කාලයෙහි මහබෝසතුන්ගේ ගුණ සිහිකර නැගී සිට සයනය මත පළඟින් හිඳ ප්‍රීතියෙන් පිරිපුන් සිතින් යුතුව ගාථා සයකින් ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළේය.
“ආසීසෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො; පස්සාමි වොහං අත්තානං, යථා ඉච්ඡිං තථා අහු.
ආසිං සෙථෙව පුරිසො - න නිබ්බින්දෙය්ය පණ්ඩිතො, පස්සාමි වොහං අත්තානං - යථා ඉච්ඡිතං තථා අහූ
1. පණ්ඩිත වූ පුරුෂ තෙමේ බලාපොරොත්තු සහිත වූවෙක්ම වන්නේය. නොකළකිරෙන්නේය. යම්සේ මම මා දකින්නෙමිද යම්සේ කැමති වීමිද එය එසේ වීය.
“ආසීසෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො; පස්සාමි වොහං අත්තානං, උදකා ථලමුබ්භතං.
2. පණ්ඩිත වූ පුරුෂ තෙමේ බාපොරොත්තු සහිත වූවෙක් වන්නේය. නොකළකිරෙන්නේය. ජලයෙන් ගොඩට පැමිණි මම තමාව දකිමි.
“වායමෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො; පස්සාමි වොහං අත්තානං, යථා ඉච්ඡිං තථා අහු.
3. පණ්ඩිත වූ පුරුෂ තෙමේ වෑයම් කරන්නේමය. නොකළකිරෙන්නේය. මම යමක් කැමතිවීමිද එය එසේ වීය. මම තමා දකිමි.
“වායමෙථෙව පුරිසො, න නිබ්බින්දෙය්ය පණ්ඩිතො; පස්සාමි වොහං අත්තානං, උදකා ථලමුබ්භතං.
4. පණ්ඩිත වූ පුරුෂයා වෑයම් කරන්නේමය. නොකළකිරෙන්නේය. මම දියෙන් ගොඩට පැමිණි තමාව දකිමි.
“දුක්ඛූපනීතොපි නරො සපඤ්ඤො, ආසං න ඡින්දෙය්ය සුඛාගමාය; බහූ හි ඵස්සා අහිතා හිතා ච, අවිතක්කිතා මච්චුමුපබ්බජන්ති.
5. නුවණැති පුරුෂයා දුකට පැමිණියේද සැපතට පැමිණීම සඳහා වූ අපේක්ෂාව නොසිඳින්නේය. හිතවත් වූද අහිතවත් වූද බොහෝ ස්පර්ශයෝ නොසිතාම මිනිසා වෙත එළඹෙත්.
“අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති; න හි චින්තාමයා භොගා, ඉත්ථියා පුරිසස්ස වා”ති.
6. නොසිතුවක්ම වෙයි. සිතන ලද දෙය වැනසේ. ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ සම්පත්තීහු සිතුවිල්ලෙන්ම හටගත්තෝ නොවෙති.
තත්ථ ආසීසෙථෙව පුරිසොති ආසච්ඡෙදකකම්මං අකත්වා අත්තනො කම්මෙසු ආසං කරොථෙව න උක්කණ්ඨෙය්ය. යථා ඉච්ඡින්ති අහඤ්හි සට්ඨිහත්ථා නරකා උට්ඨානං ඉච්ඡිං, සොම්හි තථෙව ජාතො, තතො උට්ඨිතොයෙවාති දීපෙති. අහිතා හිතා චාති දුක්ඛඵස්සා ච සුඛඵස්සා ච, “මරණඵස්සා ජීවිතඵස්සා චා”තිපි අත්ථො, සත්තානඤ්හි මරණඵස්සො අහිතො ජීවිතඵස්සො හිතො, තෙසං අවිතක්කිතො අචින්තිතොපි මරණඵස්සො ආගච්ඡතීති දස්සෙති. අචින්ති තම්පීති මයා “ආවාටෙ පතිස්සාමී”ති න චින්තිතං, “සරභං මාරෙස්සාමී”ති චින්තිතං, ඉදානි පන මෙ චින්තිතං නට්ඨං, අචින්තිතමෙව ජාතං. භොගාති යසපරිවාරා. එතෙ චින්තාමයා න හොන්ති, තස්මා ඤාණවතා වීරියමෙව කාතබ්බං. වීරියවතො හි අචින්තිතම්පි හොතියෙව.
එහි ආසිංසෙථෙව යනු අපේක්ෂා සිඳීම නොකර තමාගේ කටයුතු පිළිබඳව ආශාව කරයිමය. උකටලී නොවිය යුතුය. යථා ඉච්ඡි යනු මම සැටරියන් වූ නරාවලෙන් ගොඩනැගීම කැමති වූයෙමි. ඒ මම එසේම වූයෙමි. එයින් ගොඩ වූයෙමියි දක්වයි. අහිතා හිතාව යනු දුක්සහිත ස්පර්ශයෝද සැප සහිත ස්පර්ශයෝද මරණය පිළිබඳ ස්පර්ශයෝද ජීවිතය පිළිබඳ ස්පර්ශයෝද යන අර්ථයි. සත්වයන්ට මරණය පිළිබඳ ස්පර්ශය අහිත වූවෙකි. ජීවිතය පිළිබඳ ස්පර්ශය හිත වූවකි. නොසිතන ලදුයේද සිතන ලදුයේද මරණ ස්පර්ශය පැමිණේම යයි දක්වයි. අචින්තිතම්පි යනු ආවාටයෙහි වැටෙමියි මම නොසිතන ලදිමි. සරභ මුවා මරන්නෙමියි සිතන ලදී. දැන් මවිසින් සිතන ලද දෙය නැසුනේය. නොසිතන ලද්දම සිදුවීය. භොගා යනු කීර්තිය හා පිරිවරය. මේවා සිතුවිලි පමණින්ම ඇති නොවෙයි. එහෙයින් නැණවතා විසින් වීර්යය කළ යුතුමය. වීර්යය ඇත්තහුට නොසිතන ලද දෙයද වේමය.
තස්සෙවං උදානං උදානෙන්තස්සෙව අරුණං උට්ඨහි. පුරොහිතො ච පාතොව සුඛසෙය්යපුච්ඡනත්ථං ආගන්ත්වා රාජද්වාරෙ ඨිතො තස්ස උදානගීතසද්දං සුත්වා චින්තෙසි “රාජා හිය්යො මිගවං අගමාසි, තත්ථ සරභමිගං විරද්ධො භවිස්සති, තතො අමච්චෙහි අවහසියමානො ‘මාරෙත්වා නං ආහරිස්සාමී’ති ඛත්තියමානෙන තං අනුබන්ධන්තො සට්ඨිහත්ථෙ නරකෙ පතිතො භවිස්සති, දයාලුනා සරභරාජෙන රඤ්ඤො දොසං අචින්තෙත්වා රාජා උද්ධරිතො භවිස්සති, තෙන මඤ්ඤෙ උදානං උදානෙතී”ති. එවං බ්රාහ්මණස්ස රඤ්ඤො පරිපුණ්ණබ්යඤ්ජනං උදානං සුත්වා සුමජ්ජිතෙ ආදාසෙ මුඛං ඔලොකෙන්තස්ස ඡායා විය රඤ්ඤා ච සරභෙන ච කතකාරණං පාකටං අහොසි. සො නඛග්ගෙන ද්වාරං ආකොටෙසි. රාජා “කො එසො”ති පුච්ඡි. “අහං දෙව පුරොහිතො”ති. අථස්ස ද්වාරං විවරිත්වා “ඉතො එහාචරියා”ති ආහ. සො පවිසිත්වා රාජානං ජයාපෙත්වා එකමන්තං ඨිතො “අහං, මහාරාජ, තයා අරඤ්ඤෙ කතකාරණං ජානාමි, ත්වං එකං සරභමිගං අනුබන්ධන්තො නරකෙ පතිතො, අථ නං සො සරභො සිලාය යොග්ගං කත්වා නරකතො උද්ධරි, සො ත්වං තස්ස ගුණං අනුස්සරිත්වා උදානං උදානෙසී”ති වත්වා ද්වෙ ගාථා අභාසි –
ඔහු මෙසේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කරද්දීම අරුණ නැංගේය. පුරෝහිතයා උදෑසනම සුවසේ නිදීම පිළිබඳව විමසීමට පැමිණ දොර අසල සිටියේ ඔහුගේ ප්‍රීතිවාක්‍ය ගීතයෙහි හඬ අසා සිතුවේය. රජු ඊයේ දින මුව දඩයමට ගියේය. එහිදී සරභ මුවාට විද්දේ වන්නේය. අනතුරුව ඇමතියන් විසින් කැඳවනු ලබන්නේ ඌ මරාගෙන එන්නෙමියි ක්ෂත්රීය මානයෙන් ඌ ලුහුබඳින්නේ සැටරියන් වූ නරාවලෙහි වැටුනේ වන්නේය. දයාබහුල වූ සරභ මුවරජු විසින් රජුගේ දෝෂය නොසිතා රජු උඩට ලූයේ වන්නේය. ඒ නිසා ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කරති යයි සිතමි. මෙසේ බමුණාට රජුගේ පිරිපුන් අරුත් ඇති ප්‍රීතිවාක්‍යය අසා මනාව පිරිමදින ලද දර්පන තලයෙහි මුහුණ බලන්නෙකුට මුහුණෙහි පිළිබිඹුව මෙන් රජු විසින්ද සරභ මුවා විසින්ද කළ කරුණ ප්‍රකට වීය. හෙතෙම නියඅගින් දොරට ගැසීය. රජු “මේ කවරෙක්දැයි” විචාළේය. දේවයන් වහන්ස, මම පුරෝහිතයා වෙමියි කීවේය. අනතුරුව දොර හැර ආචාර්යතුමනි, එවයි ඔහුට කීවේය. හෙතෙම පිවිස රජුට ජයපතා එකත්පස්ව සිටියේ මහරජතුමනි, මම ඔබ විසින් වනයෙහිදී කළ කරුණ දනිමි. ඔබ එක් සරභ මුවෙකු ලුහුබඳින්නේ නරාවලෙහි වැටුනේය. ඉක්බිති ඒ සරභ මුවා ඔබ ගලකින් සරිකොට නරා වලෙන් උඩට ගත්තේය. ඒ ඔබ උගේ ගුණ සිහිකර උදන් ඇනී යයි ගාථා දෙකක් කීවේය.
“සරභං ගිරිදුග්ගස්මිං, යං ත්වං අනුසරී පුරෙ; අලීනචිත්තස්ස තුවං, වික්කන්තමනුජීවසි.
7. පෙර ඔබ ගිරිදුර්ගයෙහි යම් සරභ මුවෙකු ලුහුබැඳ ගියේද ඔබ නොපසුබට සිත් ඇති ඔහුගේ වික්‍රමය නිසා ජීවත් වන්නෙහිය.
“යො තං විදුග්ගා නරකා සමුද්ධරි, සිලාය යොග්ගං සරභො කරිත්වා; දුක්ඛූපනීතං මච්චුමුඛා පමොචයි, අලීනචිත්තං ත මිගං වදෙසී”ති.
8. යම් සරභ මුවෙක් ඔබ ගලින් උපක්‍රම කර අතිශයින් දුර්ගම වූ නරාවලෙන් ගොඩට ගත්තේද දුකට පත් ඔබ මාර මුඛයෙන් මිදුවේද නොපසුබට සිත් ඇති ඒ මුවා පිළිබඳව කියහිය යි.
තත්ථ අනුසරීති අනුබන්ධි. වික්කන්තන්ති උද්ධරණත්ථාය කතපරක්කමං. අනුජීවසීති උපජීවසි, තස්සානුභාවෙන තයා ජීවිතං ලද්ධන්ති අත්ථො. සමුද්ධරීති උද්ධරි. ත මිගං වදෙසීති තං සුවණ්ණසරභමිගං ඉධ සිරිසයනෙ නිසින්නො වණ්ණෙසි.
එහි අනුසරී යනු ලුහුබැන්දේය. වික්කන්තං යනු උඩට ගැනීම පිණිස කරන ලද පරාක්‍රමය. අනුජීවසි යනු ජීවත් වෙහි. ඔහුගේ මහිමයෙන් ඔබ විසින් දිවි ලබන ලදි යන අර්ථයි. සමුද්ධරී යනු උඩට ගත්තේය. තමිගං වදෙසි යනු මේ සිරියහනෙහි හුන් ඔබ ඒ රන්වන් සරභ මුවා වරිණනා කරනහි යනුයි.
තං සුත්වා රාජා “අයං මයා සද්ධිං න මිගවං ගතො, සබ්බං පවත්තිං ජානාති, කථං නු ඛො ජානාති, පුච්ඡිස්සාමි න”න්ති චින්තෙත්වා නවමං ගාථමාහ –
රජු ඒ අසා මෙතෙම මා සමග මුව දඩයමට නොගියේය. (නමුදු) සියළු ප්‍රවෘත්තිය දනී. කෙසේ දනීදැයි ඔහුගෙන් විමසන්නෙමියි සිතා නවවන ගාථාව කීවේය.
“කිං ත්වං නු තත්ථෙව තදා අහොසි, උදාහු තෙ කොචි නං එතදක්ඛා; විවටච්ඡද්දො නුසි සබ්බදස්සී, ඤාණං නු තෙ බ්‍රාහ්මණ භිංසරූප”න්ති.
9. බ්‍රාහ්මණය, තොප එදින කොහි සිටියෙහිද? නැතහොත් තොපට කිසිවෙක් මෙය කීවෙහිද? නැතහොත් කෙලෙස් දුරුකළ සර්වඥ වෙහිද? තොපගේ නුවණ බලවත් වූ ස්වරූප ඇත්තේය.
තත්ථ භිංසරූපන්ති කිං නු තෙ ඤාණං බලවජාතිකං, තෙනෙතං ජානාසීති.
එහි හිංසරූපං යනු කිම? තොපගේ නුවණ බලවත් වූවකි. ඒ නුවණින් මේ කරුණ දනිහිදැයි.
බ්රාහ්මණො “නාහං සබ්බඤ්ඤුබුද්ධො, බ්යඤ්ජනං අමක්ඛෙත්වා තයා කථිතගාථානං පන මය්හං අත්ථො උපට්ඨාතී”ති දීපෙන්තො දසමං ගාථමාහ –
බමුණා කියනුයේ මම සියල්ල දත් බුදුවරයෙක් නොවෙමි. විස්තර සලකා බලා ඔබ විසින් කියන ලද ගාථා පිළිවෙලින් මම අර්ථය වැටහේ යයි දක්වන්නේ දසවන ගාථාව කීවේය.
“න චෙවහං තත්ථ තදා අහොසිං, න චාපි මෙ කොචි නං එතදක්ඛා; ගාථාපදානඤ්ච සුභාසිතානං, අත්ථං තදානෙන්ති ජනින්ද ධීරා”ති.
10. ජනපතිතුමනි, මම එදින එහි නොවූවෙමි. කිසිවෙක් මට මෙය කීවේද නොවෙයි. එහෙත් ප්‍රඥාවන්තයෝ මනාව කියන ලද ගාථා පදයන්ගේ අර්ථය සොයා ගනිති.
තත්ථ සුභාසිතානන්ති බ්යඤ්ජනං අමක්ඛෙත්වා සුට්ඨු භාසිතානං. අත්ථං තදානෙන්තීති යො තෙසං අත්ථො, තං ආනෙන්ති උපධාරෙන්තීති.
එහි සුභාසිතානං යනු අකුරු නොනසා මනාව කියන ලද්දෙහි. අත්ථං තදානෙන්තී යනු එහි යම් අර්ථයක්ද එය සොයා ගනිති. සොයා බලති යනුයි.
රාජා තස්ස තුස්සිත්වා බහුං ධනං අදාසි. තතො පට්ඨාය දානාදිපුඤ්ඤාභිරතො අහොසි, මනුස්සාපි පුඤ්ඤාභිරතා හුත්වා මතමතා සග්ගමෙව පූරයිංසු. අථෙකදිවසං රාජා “ලක්ඛං විජ්ඣිස්සාමී”ති පුරොහිතමාදාය උය්යානං ගතො. තදා සක්කො දෙවරාජා බහූ නවෙ දෙවෙ ච දෙවකඤ්ඤායො ච දිස්වා “කිං නු ඛො කාරණ”න්ති ආවජ්ජෙන්තො සරභමිගෙන නරකා උද්ධරිත්වා රඤ්ඤො සීලෙසු පතිට්ඨාපිතභාවං ඤත්වා “රඤ්ඤො ආනුභාවෙන මහාජනො පුඤ්ඤානි කරොති, තෙන දෙවලොකො පරිපූරති, ඉදානි ඛො පන රාජා ලක්ඛං විජ්ඣිතුං උය්යානං ගතො, තං වීමංසිත්වා සීහනාදං නදාපෙත්වා සරභමිගස්ස ගුණං කථාපෙත්වා අත්තනො ච සක්කභාවං ජානාපෙත්වා ආකාසෙ ඨිතො ධම්මං දෙසෙත්වා මෙත්තාය චෙව පඤ්චන්නං සීලානඤ්ච ගුණං කථෙත්වා ආගමිස්සාමී”ති චින්තෙත්වා උය්යානං අගමාසි. රාජාපි “ලක්ඛං විජ්ඣිස්සාමී”ති ධනුං ආරොපෙත්වා සරං සන්නය්හි. තස්මිං ඛණෙ සක්කො රඤ්ඤො ච ලක්ඛස්ස ච අන්තරෙ අත්තනො ආනුභාවෙන සරභං දස්සෙසි. රාජා තං දිස්වා සරං න මුඤ්චි. අථ නං සක්කො පුරොහිතස්ස සරීරෙ අධිමුච්චිත්වා ගාථං අභාසි –
රජු සතුටුවී ඔහුට බොහෝ ධනය දුන්නේය. එතැන් පටන් දානාදීය පිංකම්වල ඇළුනේද වීය. මිනිස්සුද පිනෙහි ඇළුනෝ වී මළ මළ ඇත්තෝ දිව්යපුරයම පිරවූහ. ඉක්බිති එක් දවසක් රජු ඉලක්කයට විදිමියි පුරෝහිතයා කැඳවාගෙන උයනට ගියේය. එකල්හි සක්දෙව් රජු බොහෝ අභිනව දෙවියන්ද දේව අප්සරාවන්ද දැක මේ කිනම් කරුණක්දැයි සිතා බලනුයේ සරභ මුවා විසින් නරාවලෙන් ගොඩට ගෙන රජු ශීලයන්හි පිහිට වූ බව දැන රජුගේ බලමහිමයෙන් මහජනයා පින්කරයි. ඒ නිසාම දෙව්ලොව පිරෙයි. දැන් වූ කලී රජු ඉලක්කයට විදීමට උයනට ගියේය. ඔහු විමසා සිංහනාද කරවා සරභ මුවාගේ ගුණ කථාව කියවා තමාගේද ශක්‍ර බව දන්වා අහසෙහි සිටියේ ධර්මය දේශනා කර මෛත්රියෙහිද පන්සිල් වලද ගුණ කියා එන්නෙමියි සිතා උයනට ගියේය. රජුද ඉලක්කයට විදින්නෙමියි දුනුදිය නංවා හීය යෙදීය. එකෙනෙහි ශක්‍රයා රජුගේද ඉලක්කයෙහිද අතර තමාගේ බලයෙන් සරභ මුවා දැක්වීය. රජු ඒ දැක හීය නොමිදුවේය. ඉක්බිති ශක්‍රයා පුරෝහිතයාගේ ශරීරයෙහි අධිගෘහිත වී ගාථාවකින් කීවේය.
“ආදාය පත්තිං පරවිරියඝාතිං, චාපෙ සරං කිං විචිකිච්ඡසෙ තුවං; නුන්නො සරො සරභං හන්තු ඛිප්පං, අන්නඤ්හි එතං වරපඤ්ඤ රඤ්ඤො”ති.
11. අනුන්ගේ වීර්යය නසන හීයක් ගෙන දුන්නෙහි යොදා ඔබ කුමක් සැක කරන්නෙහිද? හීය මුදන ලද්දේ වහා සරභ මුවා නසාවා. උතුම් නුවණැත්ත. මෙය රජුට ආහාරයකි.
තත්ථ පත්තින්ති වාජපත්තෙහි සමන්නාගතං. පරවිරියඝාතින්ති පරෙසං වීරියඝාතකං. චාපෙ සරන්ති එතං පත්තසහිතං සරං චාපෙ ආදාය සන්නය්හිත්වා ඉදානි ත්වං කිං විචිකිච්ඡසි. හන්තූති තයා විස්සට්ඨො හුත්වා එස සරො ඛිප්පං ඉමං සරභං හනතු. අන්නඤ්හි එතන්ති වරපඤ්ඤ, මහාරාජ, සරභො නාම රඤ්ඤො ආහාරො භක්ඛොති අත්ථො.
එහි පත්තිං යනු පියාපත්වලින් යුක්ත වූ. පරවිරියඝා යනු අනුන්ගේ වීර්යය නසන්නා වූ. චාපෙ සරං යනු මේ පියාපත් ඇත්තා වූ හී දුන්නෙහි යොදාගෙන සැරසී දැන් ඔබ සැක කරන්නෙහිය. හන්තු යනු ඔබ විසින් හරනා ලද මේ හීය වහා මේ සරභ මුවා නසාවා! අන්නං හි එතං යනු උතුම් නුවණැති මහරජතුමනි, සරභ මුවා නම් රජුගේ ආහාරයකි. කෑ යුත්තකි යන අර්ථයි.
තතො රාජා ගාථමාහ –
අනතුරුව රජු ගාථාවක් කීවේය.
“අද්ධා පජානාමි අහම්පි එතං, අන්නං මිගො බ්‍රාහ්මණ ඛත්තියස්ස; පුබ්බෙ කතඤ්ච අපචායමානො, තස්මා මිගං සරභං නො හනාමී”ති.
12. බ්‍රාහ්මණය, මුවා ක්ෂත්රියයාගේ ආහාරයක් යන මේ කරුණු ඒකාන්තයෙන් මම දනිමි. පෙර කරන ලද ගුණයට ගරුකරනු ලබන්නෙම් ඒනිසා සරභ මුවා නොනසමි.
තත්ථ පුබ්බෙ කතඤ්චාති බ්‍රාහ්මණ, අහමෙතං එකංසෙන ජානාමි යථා මිගො ඛත්තියස්ස අන්නං, පුබ්බෙ පන ඉමිනා මය්හං කතගුණං පූජෙමි, තස්මා තං න හනාමීති.
එහි පුබ්බෙ කතඤ්ච යනු බ්‍රාහ්මණය, යම් සේ මුවා ක්ෂත්රියයාගේ ආහාරයකි යන මේ කරුණ මම ඒකාන්තයෙන් දනිමි. මොහු විසින් පෙර මට කළා වූ ගුණයට පුදමි. එහෙයින් නොනසමි යනුවෙනි.
තතො සක්කො ගාථාද්වයමාහ –
අනතුරුව ශක්‍රයා ගාථා දෙකක් කීවේය.
“නෙසො මිගො මහාරාජ, අසුරෙසො දිසම්පති; එතං හන්ත්වා මනුස්සින්ද, භවස්සු අමරාධිපො.
13. දිශාවන්ට අධිපති මහරජතුමනි, මෙතෙම මුවෙක් නොවේ. මෙතෙමේ අසුරයෙකි, රජතුමනි, මොහු මරා දෙවියන්ට අධිපති ශක්‍ර වන්නෙහිය.
“සචෙ ච රාජා විචිකිච්ඡසෙ තුවං, හන්තුං මිගං සරභං සහායකං; සපුත්තදාරො නරවීරසෙට්ඨ, ගන්තා තුවං වෙතරණිං යමස්සා”ති.
14. රජතුමනි, ඉදින් ඔබ මේ සරභ මුවා මගේ මිතුරෙකැයි සිතා මරන්නට සැක කෙරේද රජතුමනි, ඔබ යමයාගේ වේතරණී නම් නිරයට යන්නේය.
තත්ථ අසුරෙසොති අසුරො එසො, අසුරජෙට්ඨකො සක්කො එසොති අධිප්පායෙන වදති. අමරාධිපොති ත්වං එතං සක්කං මාරෙත්වා සයං සක්කො දෙවරාජා හොහීති වදති. වෙතරණිං යමස්සාති “සචෙ එතං ‘සහායො මෙ’ති චින්තෙත්වා න මාරෙස්සසි, සපුත්තදාරො යමස්ස වෙතරණිනිරයං ගතො භවිස්සසී”ති නං තාසෙසි.
එහි අසුරෙසො යනු මෙතෙම අසුරයෙකි. මෙතෙම අසුරයන්ට අධිපති වූ ශක්රයාය යන අදහසින් කියයි. අමරාධිපො යනු ඔබ මේ ශක්‍රයා මරා තෙමේ ශක්‍ර දෙව්රජු වෙහි යයි කියයි. වෙතරණිං යමස්ස යනු ඉදින් මෙතෙම මගේ යහළුවෙකැයි සිතා නොනස්නෙහිද අඹුදරුවන් සහිතව යමයාගේ වේතරණී නම් නිරයට ගියේ වන්නේ යයි ඔහු බිය ගැන්වීය.
තතො රාජා ද්වෙ ගාථා අභාසි –
අනතුරුව රජු ගාථා දෙකක් කීවේය.
“කාමං අහං ජානපදා ච සබ්බෙ, පුත්තා ච දාරා ච සහායසඞ්ඝා; ගච්ඡෙමු තං වෙතරණිං යමස්ස, න ත්වෙව හඤ්ඤො මම පාණදො යො.
15. ඒකාන්තයෙන් මමද සියළු ජනපදවැසියෝද පුත්‍රයෝද අඹුවෝද පිරිවර සමූහයාද යන සියල්ලෝම සමයාගේ ඒ වේතරණී නිරයට යන්නෙමු. නමුත් යමෙක් මට ප්‍රාණය දුන්නේද ඔහු නොනැසිය යුතුය.
“අයං මිගො කිච්ඡගතස්ස මය්හං, එකස්ස කත්තා විවනස්මි ඝොරෙ; තං තාදිසං පුබ්බකිච්චං සරන්තො, ජානං මහාබ්රහ්මෙ කථං හනෙය්‍ය”න්ති.
16. මහා බ්‍රාහ්මණය, මේ මුවා බියකරු මහ වනයෙහි හුදකලාව බියට පත්වූ මට උපකාර කළේය. එබඳු වූ පැරණි කටයුතු සිහිකරමින් දැන දැනම කෙසේනම් මරන්නෙම්ද යනුයි.
තත්ථ මම පාණදො යොති බ්‍රාහ්මණ, යො මම පාණදදො යෙන මෙ පියං ජීවිතං දින්නං, නරකං පවිසන්තෙන මයා සො න ත්වෙව හඤ්ඤො න හනිතබ්බො, අවජ්ඣො එසොති වදති. එකස්ස කත්තා විවනස්මි ඝොරෙති දාරුණෙ අරඤ්ඤෙ පවිට්ඨස්ස සතො එකස්ස අසහායකස්ස මම කත්තා කාරකො ජීවිතස්ස දායකො, ස්වාහං තං ඉමිනා කතං තාදිසං පුබ්බකිච්චං සරන්තොයෙව තං ගුණං ජානන්තොයෙව කථං හනෙය්යං.
එහි යො මම පාණදස්සා යනු බ්‍රාහ්මණය, යමෙක් මට ප්‍රාණය දුන්නෙහිද යමෙකු විසින් මට ප්‍රිය වූ ජීවිතය දුන්නේද නිරයට පිවිසෙන්නේද මවිසින් හෙතෙම නත්ථෙව හඤ්ඤො නොනැසිය යුතුය. නිවැරදි දෙය මෙය යයි කියයි. එකස්ස කන්තා විචනස්මිං ඝොරෙ යනු දරුණු වනයෙහිදී පසමිතුරෙකු ඇතිකල්හි එකස්ස සහායකයෙකු නැති මට කත්තා උදව් කළ අයෙකු ජීවිතය දුන්නෙකු වීය. ඒ මම මොහු විසින් කළ ඒ පැරණි කටයුතු සිහි කරමින් ඒ කළ ගුණයන් දන්නෙම්ම කෙසේ නම් නසන්නෙම්ද?
අථ සක්කො පුරොහිතස්ස සරීරතො අපගන්ත්වා සක්කත්තභාවං මාපෙත්වා ආකාසෙ ඨත්වා රඤ්ඤො ගුණං පකාසෙන්තො ගාථාද්වයමාහ –
ඉක්බිති ශක්‍රයා පුරෝහිතයාගේ ශරීරයෙන් ඉවත් වී ශක්‍ර ආත්ම බව මවාගෙන අහසෙහි සිට රජුගේ ගුණ ප්‍රකාශ කරමින්.
“මිත්තාභිරාධී චිරමෙව ජීව, රජ්ජං ඉමං ධම්මගුණෙ පසාස; නාරීගණෙහි පරිචාරියන්තො, මොදස්සු රට්ඨෙ තිදිවෙව වාසවො.
17. මිතුරන් සතුටු කරන ඔබ බොහෝකල් ජීවත් වේවා! රාජ ධර්මයෙහි පිහිටා මේ රාජ්‍යය අනුශාසනා කරව. ස්ත්‍රී සමූහයා විසින් පිරිවරන ලද දෙව්ලොව ශක්‍රයා මෙන් සතුටින් ජීවත් වේවා!
“අක්කොධනො නිච්චපසන්නචිත්තො, සබ්බාතිථී යාචයොගො භවිත්වා; දත්වා ච භුත්වා ච යථානුභාවං, අනින්දිතො සග්ගමුපෙහි ඨාන”න්ති.
18. ක්‍රෝධ රහිත වූයේ නිරතුරුව පහන් සිත් ඇත්තේ සියළු යාචකයනට ඉල්ලීමට සුදුසු වූවෙක් වී. හැකි අයුරින් (දන්) දී ද අනුභව කොටද නින්දා රහිතව (වාසය කර) සැපයට තැන වන දෙව්ලොවට පරමිණෙව.
යන ගාථා දෙක කීවේය.
තත්ථ මිත්තාභිරාධීති මිත්තෙ ආරාධෙන්තො තොසෙන්තො තෙසු අදුබ්භමානො. සබ්බාතිථීති සබ්බෙ ධම්මිකසමණබ්රාහ්මණෙ අතිථී පාහුනකෙයෙව කත්වා පරිහරන්තො යාචිතබ්බයුත්තකො හුත්වා. අනින්දිතොති දානාදීනි පුඤ්ඤානි කරණෙන පමුදිතො දෙවලොකෙන අභිනන්දිතො හුත්වා සග්ගට්ඨානං උපෙහීති.
එහි මිත්තාභිරාධී යනු මිතුරන් සිත් ගන්නේ සතුටු කරන්නේ ඔවුන් කෙරෙහි ද්‍රෝහී නොවූ සිත් ඇත්තේ. සබ්බාතිථී යනු සියළු දැහැමි ශ්රමණයන් බ්‍රාහ්මණයන් හා ආගන්තුකයන්ද පඬුරු යැවීමට සුදුස්සන්ට කර පරිහරණය කරන්නේ ඔවුන් විසින් ඉල්ලිය යුත්තෙක් වී. අනින්දිතො යනු දානාදී පිංකම් කිරීමෙන් සතුටු වූයේම ඒ දෙව්ලොවින් සතුටු වූයේ ඒ සැපයට තැන් වූ දෙව්ලොවට පැමිණෙවයි.
එවං වත්වා සක්කො “අහං මහාරාජං තං පරිග්ගණ්හිතුං ආගතො, ත්වං අත්තානං පරිග්ගණ්හිතුං නාදාසි, අප්පමත්තො හොහී”ති තං ඔවදිත්වා සකට්ඨානමෙව ගතො.
සක්දෙව් රජු මෙසේ කියා මහරජතුමනි, මම ඔබ පරීක්ෂා කිරීමට ආවේ වෙමි. ඔබ තමා පරීක්ෂා කිරීමට නොදුන්නෙහිය. අප්‍රමාද වේවායි ඔහුට අවවාද කර සිය දෙව්ලොවටම ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව, පුබ්බෙපි සාරිපුත්තො සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ජානාතියෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා රාජා ආනන්දො අහොසි, පුරොහිතො සාරිපුත්තො, සරභමිගො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, සැරියුත් තෙමේ දැන් පමණක් නොවේ. පෙරද කෙටියෙන් කියන ලද්දෙහි අරුත විස්තර වශයෙන් දනීමැයි දේශනා කර ජාතකය ගලපා වදාළ සේක. එකල්හි රජු ආනන්ද තෙර වීය. පුරෝහිතයා සැරියුත් තෙර වීය. සරභ මුවා මම ම වීමි යයි වදාළහ.
සරභමිගජාතකවණ්ණනා දසමා.
ජාතකුද්දානං –
අම්බ ඵන්දන ජවන, නාරද දූත කලිඞ්ගා; අකිත්ති තක්කාරියං රුරු, සරභං දස තෙරසෙ.
තෙරසකනිපාතවණ්ණනා නිට්ඨිතා.
තෙළෙස්වන නිපාතයෙහි වර්ණනාව නිමියේය.