යෙදුමෙන් කියවන්න

1. සාලිකෙදාරජාතකවණ‍්ණනා 484 අට‍්ඨකථා

1. සාලිකෙදාරජාතකවණ‍්ණනා (484)

1. සාලිකේදාර ජාතකය (484)

සම‍්පන‍්නං සාලිකෙදාරන‍්ති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො මාතුපොසකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. පච‍්චුප‍්පන‍්නවත්‍ථු සාමජාතකෙ (ජා· 2.22.296 ආදයො) ආවි භවිස‍්සති. සත්‍ථා පන තං භික‍්ඛුං පක‍්කොසාපෙත්‍වා “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු ගිහී පොසෙසී”ති පුච‍්ඡිත්‍වා “සච‍්චං, භන‍්තෙ”ති වුත‍්තෙ “කිං තෙ හොන‍්තී”ති වත්‍වා “මාතාපිතරො මෙ, භන‍්තෙ”ති වුත‍්තෙ “සාධු භික‍්ඛු, පොරාණකපණ‍්ඩිතා තිරච‍්ඡානා හුත්‍වා සුවයොනියං නිබ‍්බත‍්තිත්‍වාපි ජිණ‍්ණෙ මාතාපිතරො කුලාවකෙ නිපජ‍්ජාපෙත්‍වා මුඛතුණ‍්ඩකෙන ගොචරං ආහරිත්‍වා පොසෙසු”න‍්ති වත්‍වා අතීතං ආහරි.

සම්පන්නං සාලිකෙදාරං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වාසය කරන සේක් මව පෝෂණය කළ භික්‍ෂුවක අරභයා දේශනා කළ සේක. ප්‍රවෘත්තිය සාම ජාතකයෙහිදී පැහැදිලි වන්නේය. ශාස්තෲන් වහන්සේ එම භික්‍ෂුව කැඳවා “මහණ, ඔබ ගිහියන් පෝෂණය කරහි” යනු ඇත්තදැයි විමසා “ස්වාමීනි සත්‍යයි” කී කල්හි ඔවුහු ඔබගේ කවුරුන් වහුදැ’යි, ස්වාමීනි, මගේ මව්පියවරු යයි කී කල්හි මහණ, මැනවි. පැරණි පඬුවෝ තිරිසන්නු වී ගිරා යෝනියෙහි ඉපිදද වයසට ගිය මව්පියන් කැදැල්ලෙහි හොවා මුවතුඩින් ගොදුරු ගෙනවුත් පෝෂණය කළාහුයයි කියා අතීත කථාව ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ රාජගහෙ මගධරාජා නාම රජ‍්ජං කාරෙසි. තදා නගරතො පුබ‍්බුත‍්තරදිසාය සාලිද‍්දියො නාම බ්‍රාහ‍්මණගාමො අහොසි. තස‍්ස පුබ‍්බුත‍්තරදිසාය මගධඛෙත‍්තං අත්‍ථි, තත්‍ථ කොසියගොත‍්තො නාම සාලිද‍්දියවාසී බ්‍රාහ‍්මණො සහස‍්සකරීසමත‍්තං ඛෙත‍්තං ගහෙත්‍වා සාලිං වපාපෙසි. උට‍්ඨිතෙ ච පන සස‍්සෙ වතිං ථිරං කාරෙත්‍වා කස‍්සචි පණ‍්ණාසකරීසමත‍්තං, කස‍්සචි සට‍්ඨිකරීසමත‍්තන‍්ති එවං පඤ‍්චසතකරීසමත‍්තං ඛෙත‍්තං අත‍්තනො පුරිසානංයෙව ආරක‍්ඛණත්‍ථාය දත්‍වා සෙසං පඤ‍්චසතකරීසමත‍්තං ඛෙත‍්තං භතිං කත්‍වා එකස‍්ස භතකස‍්ස අදාසි. සො තත්‍ථ කුටිං කත්‍වා රත‍්තින්‍දිවං වසති. ඛෙත‍්තස‍්ස පන පුබ‍්බුත‍්තරදිසාභාගෙ එකස‍්මිං සානුපබ‍්බතෙ මහන‍්තං සිම‍්බලිවනං අත්‍ථි, තත්‍ථ අනෙකානි සුවසතානි වසන‍්ති. තදා බොධිසත‍්තො තස‍්මිං සුවසඞ‍්ඝෙ සුවරඤ‍්ඤො පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. සො වයප‍්පත‍්තො අභිරූපො ථාමසම‍්පන‍්නො සකටනාභිපමාණසරීරො අහොසි. අථස‍්ස පිතා මහල‍්ලකකාලෙ “අහං ඉදානි දූරං ගන‍්තුං න සක‍්කොමි, ත්‍වං ඉමං ගණං පරිහරා”ති ගණං නිය්‍යාදෙසි. සො පුනදිවසතො පට‍්ඨාය මාතාපිතූනං ගොචරත්‍ථාය ගන‍්තුං නාදාසි, සුවගණං පරිහරන‍්තො හිමවන‍්තං ගන‍්ත්‍වා සයංජාතසාලිවනෙ යාවදත්‍ථං සාලිං ඛාදිත්‍වා ආගමනකාලෙ මාතාපිතූනං පහොනකං ගොචරං ආහරිත්‍වා මාතාපිතරො පොසෙසි.

අතීතයෙහි රජගහනුවර මගධ රජු රාජ්‍යය කරවයි. එකල්හි නුවරින් ඊසාන දිශාවෙහි සාලින්‍දිය නම් බ්‍රාහ්මණ ගමක් වීය. එහි ඊසාන දිග මගධ ක්‍ෂේත්‍රයයි. එහි සාලින්‍දිය ගම්වැසි කෝසිය ගෝත්‍රනම් බමුණා කිරිය දහසක් පමණ කෙතක් ගෙන හැල් වැපිරවීය. සශ්‍ය වැඩුන කල්හි වැට ශක්තිමත් කරවා කිසිවෙකුට කිරිය පණසක් කිසිවෙකුට කිරිය සැටක් පමණදැයි මෙසේ කිරිය පන්සියයක් පමණ කෙත ආරක්ෂාව පිණිස තමාගේ මිනිසුන්ට දී සෙසු පන්සියයක් පමණ කුඹුර වැටුප් දී එක් සේවකයෙකුට දුන්නේය. හෙතෙම එහි කුටියක් කර රෑ දවල් වාසය කරයි. කෙතට ඊසාන කොටසෙහි එක් පර්වත සමබිම්හි මහත් වූ ඉඹුල් වනයකි. එහි බොහෝ වූ සිය ගණන් ගිරව් වාසය කරති. එකල්හි බෝසත් තෙමේ ඒ ගිරා සමූහයෙහි ගිරා රජුගේ පුත්‍රයා වී උපන්නේය. හෙතෙම (තරුණ) වයසට පත්වූයේ මනා වූ රූප ඇතියේ ශක්තිමත් වූයේ ගැල් නැබක් පමණ වූ ශරීර ඇත්තේ වීය. ඉක්බිති ඔහුගේ පියා මහළු කාලයෙහි “දැන් මම දුර යන්නට නොහැක්කෙමි. ඔබ මේ පිරිස පරිහරණය කරවයි රාජ්‍යය පවරා දුන්නේය. හෙතෙම දෙවන දවස් පටන් මව්පියන්ට ගොදුරු පිණිස යන්නට නොදුන්නේය. ගිරා සමූහයා පිරිවරා හිමාලයට ගොස් ස්වාභාවික විල් ඇති හැල් වනයන්හි ඇතිතාක් හැල් කා පෙරළා පැමිණෙන කල්හි මව්පියන්ට ප්‍රමාණවත් ගොදුරු රැගෙන ගොස් මව්පියන් පෝෂණය කරයි.

අථස‍්ස එකදිවසං සුවා ආරොචෙසුං “පුබ‍්බෙ ඉමස‍්මිං කාලෙ මගධඛෙත‍්තෙ සාලි පච‍්චති, ඉදානි කිං නු ඛො ජාත”න‍්ති? “තෙන හි ජානාථා”ති ද‍්වෙ සුවෙ පහිණිංසු. තෙ ගන‍්ත්‍වා මගධඛෙත‍්තෙ ඔතරන‍්තා තස‍්ස භතියා රක‍්ඛණපුරිසස‍්ස ඛෙත‍්තෙ ඔතරිත්‍වා සාලිං ඛාදිත්‍වා එකං සාලිසීසං ආදාය සිම‍්බලිවනං ගන‍්ත්‍වා සාලිසීසං මහාසත‍්තස‍්ස පාදමූලෙ ඨපෙත්‍වා “තත්‍ථ එවරූපො සාලී”ති වදිංසු. සො පුනදිවසෙ සුවගණපරිවුතො තත්‍ථ ගන‍්ත්‍වා තස‍්මිං භතකස‍්ස ඛෙත‍්තෙ ඔතරි. සො පන පුරිසො සුවෙ සාලිං ඛාදන‍්තෙ දිස‍්වා ඉතො චිතො ච ධාවිත්‍වා වාරෙන‍්තොපි වාරෙතුං න සක‍්කොති. සෙසා සුවා යාවදත්‍ථං සාලිං ඛාදිත්‍වා තුච‍්ඡමුඛාව ගච‍්ඡන‍්ති. සුවරාජා පන බහූනි සාලිසීසානි එකතො කත්‍වා තෙහි පරිවුතො හුත්‍වා ආහරිත්‍වා මාතාපිතූනං දෙති. සුවා පුනදිවසතො පට‍්ඨාය තත්‍ථෙව සාලිං ඛාදිංසු. අථ සො පුරිසො “සචෙ ඉමෙ අඤ‍්ඤං කතිපාහං එවං ඛාදිස‍්සන‍්ති, කිඤ‍්චි න භවිස‍්සති, බ්‍රාහ‍්මණො සාලිං අග‍්ඝාපෙත්‍වා මය‍්හං ඉණං කරිස‍්සති, ගන‍්ත්‍වා තස‍්ස ආරොචෙස‍්සාමී”ති සාලිමුට‍්ඨිනා සද‍්ධිං තථාරූපං පණ‍්ණාකාරං ගහෙත්‍වා සාලිද‍්දියගාමං ගන‍්ත්‍වා බ්‍රාහ‍්මණං පස‍්සිත්‍වා වන්‍දිත්‍වා පණ‍්ණාකාරං දත්‍වා එකමන‍්තං ඨිතො “කිං, භො පුරිස, සම‍්පන‍්නං සාලිඛෙත‍්ත”න‍්ති පුට‍්ඨො “ආම, බ්‍රාහ‍්මණ, සම‍්පන‍්න”න‍්ති වත්‍වා ද‍්වෙ ගාථා අභාසි –

ඉක්බිති එක් දිනයක ගිරව් ඔහුට මෙසේ දැන්වූවාහුය. පෙර මෙකල්හි මගද ක්‍ෂෙත්‍රයෙහි හැල් පැසේ. දැන් කවරක් වීද යනුවෙනි. “එසේනම් දනුව”යි ගිරව් දෙදෙනෙක් (එහි) යැවූහ. ගිරව් ගොස් මගධ ක්‍ෂෙත්‍රයෙහි බසින්නාහු වැටුපට රක්නා වූ ඒ පුරුෂයාගේ කුඹුරෙහි බැස හැල් කා එක් හැල් කරලක් ගෙන ඉඹුල් වනයට ගොස් හැල් කරල බෝසතුන්ගේ පාමුල හෙලා එහි මෙබඳු වූ හැල් (ඇතැ)යි කීවාහුය. හෙතෙම දෙවන දවස්හි ගිරා සමූහයා පිරිවරන ලද්දේ එහි ගොස් ඒ කෙතෙහි බැස්සේය. ඒ පුරුෂයා ගිරවුන් හැල් කන කල්හි ඔබිනොබ දුවගොස් වලක්වනු ලබන්නේද වලක්වාලන්නට නොහැකි වෙයි. සෙසු ගිරව් හැල් කා හිස් වූ මුවෙන්ම ආපසු යති. ගිරා රජ වූ කලී හැල් කරල් බොහොමයක් එකතු කරගෙන ගොස් මව්පියන්ට දෙයි. ගිරව් දෙවන දවස් පටන් එහිම හැල් කෑහ. ඉක්බිති ඒ පුරුෂයා ඉදින් මොවුහු අන් දින කීපයක් මෙසේ කත්ද කිසිවක් (ඉතිරි) නොවේ. බමුණා හැල් මිල තීරණය කර මා ණයකරුවෙකු කරන්නේය. ගොස් ඔහුට දන්වමියි හෙතෙම හැල්කරල් මිටක් සමග එවැනි වූ පඬුරුද ගෙන බමුණා දැක වැඳ එකත්පසෙක සිටියේ “එම්බා පුරුෂය, කිම හැල් කෙත සමෘද්ධිමත් දැයි කියා ගාථා දෙකක් කීවේය.

“සම‍්පන‍්නං සාලිකෙදාරං, සුවා භුඤ‍්ජන‍්ති කොසිය; පටිවෙදෙමි තෙ බ්‍රහ‍්මෙ, න නෙ වාරෙතුමුස‍්සහෙ.

සම්පන්නං සාලිකෙදාරං - සූවා භුඤ්ජන්ති කොසිය, පටිවෙදෙමි තෙ බ්‍රහ්මෙ - න නං වාරෙතු මුස්සහෙ

1. කෝසිය ගෝත්‍රික බ්‍රාහ්මණය, හැල් කෙත සමෘද්ධිමත්ය. (එතකුදු වුවත්) ගිරව් කති. එය වලකාලන්නට නොපොහොසත් වෙමි. බ්‍රාහ්මණය, ඔබට (එය) දන්වමි.

“එකො ච තත්‍ථ සකුණො, යො නෙසං සබ‍්බසුන්‍දරො; භුත්‍වා සාලිං යථාකාමං, තුණ‍්ඩෙනාදාය ගච‍්ඡතී”ති.

2. එහි ගිරවුන් අතර බෙහෙවින් දැකුම්කළු එක් පක්‍ෂියෙක් (ගිරවෙක්) වෙයි. ඔහු රිසි සේ හැල් කා තුඩින් රැගෙනද යයි.

තත්‍ථ සම‍්පන‍්නන‍්ති පරිපුණ‍්ණං අවෙකල‍්ලං. සාලිකෙදාරන‍්ති සාලිඛෙත‍්තං. සබ‍්බසුන්‍දරොති සබ‍්බෙහි කොට‍්ඨාසෙහි සුන්‍දරො රත‍්තතුණ‍්ඩො ජිඤ‍්ජුකසන‍්නිභඅක‍්ඛි රත‍්තපාදො තීහි රත‍්තරාජීහි පරික‍්ඛිත‍්තගීවො මහාමයූරපමාණො සො යාවදත්‍ථං සාලිං ඛාදිත්‍වා අඤ‍්ඤං තුණ‍්ඩෙන ගහෙත්‍වා ගච‍්ඡතීති.

එහි සම්පන්නං යනු පිරිපුන්. විකලත්‍වයකින් තොර. කෙදාරං යනු කෙතයි. සබ්බ සුන්‍දරා යනු සියළු කොටස්වලින් සුන්දර වූයේයි. රතුවන් තුඩ ඇත්තේය. ඔලිඳ ඇට සමාන ඇස් ඇත්තේය. රතුවන් පා ඇත්තේය. රේඛා තුනකින් වටකරන ලද ගෙල ඇත්තේ වෙයි. මහත් වූ මොණරෙක් පමණ වේ. හෙතෙම ඇති තාක් හැල් කා සෙස්ස තුඩින් ගෙන යයි යි.

බ්‍රාහ‍්මණො තස‍්ස කථං සුත්‍වා සුවරාජෙ සිනෙහං උප‍්පාදෙත්‍වා ඛෙත‍්තපාලං පුච‍්ඡි “අම‍්භො පුරිස, පාසං ඔඩ‍්ඩෙතුං ජානාසී”ති? “ආම, ජානාමී”ති. අථ නං ගාථාය අජ‍්ඣභාසි –

බමුණා ඔහුගේ කථාව අසා ගිරා රජු පිළිබඳව සෙනෙහ උපදවා කුඹුරු රකින්නා විචාළේය. “එම්බා පුරුෂය, පුඩු හෙලන්නට දන්නෙහිදැයි” එසේය දනිමි. ඉක්බිති ඔහුට ගාථාවකින් (මෙසේ) කීවේය.

“ඔඩ‍්ඩෙන‍්තු වාලපාසානි, යථා බජ‍්ඣෙථ සො දිජො; ජීවඤ‍්ච නං ගහෙත්‍වාන, ආනයෙහි මමන‍්තිකෙ”ති.

ඒ පක්‍ෂියා යම් සේ බැඳේද එවැනි පුඩු අටවා තබත්වා. ඔහු ජීවග්‍රාහයෙන් අල්ලාගෙන මා සමීපයට ගෙන එව.

තත්‍ථ ඔඩ‍්ඩෙන‍්තූති ඔඩ‍්ඩයන‍්තු. වාලපාසානීති අස‍්සවාලාදිරජ‍්ජුමයපාසානි. ජීවඤ‍්ච නන‍්ති ජීවන‍්තං එව නං. ආනයෙහීති ආනෙහි.

එහි ඔඩ්ඩන්තු යනු උගුල් අටවවු. වාළපාසානි යනු අස් කෙඳි ආදී රැහැණින් කළ පුඩු. ජීවඤ්චනං යනු ජීවත් වන්නා වූම ඔහු.

තං සුත්‍වා ඛෙත‍්තපාලො සාලිං අග‍්ඝාපෙත්‍වා ඉණස‍්ස අකතභාවෙන තුට‍්ඨො ගන‍්ත්‍වා අස‍්සවාලෙ වට‍්ටෙත්‍වා “අජ‍්ජ ඉමස‍්මිං ඨානෙ ඔතරිස‍්සතී”ති සුවරඤ‍්ඤො ඔතරණට‍්ඨානං සල‍්ලක‍්ඛෙත්‍වා පුනදිවසෙ පාතොව චාටිපමාණං පඤ‍්ජරං කත්‍වා පාසඤ‍්ච ඔඩ‍්ඩෙත්‍වා සුවානං ආගමනං ඔලොකෙන‍්තො කුටියං නිසීදි. සුවරාජාපි සුවගණපරිවුතො ආගන‍්ත්‍වා අලොලුප‍්පචාරතාය හිය්‍යො ඛාදිතට‍්ඨානෙ ඔඩ‍්ඩිතපාසෙ පාදං පවෙසන‍්තොව ඔතරි. සො අත‍්තනො බද‍්ධභාවං ඤත්‍වා චින‍්තෙසි “සචාහං ඉදානෙව බද‍්ධරවං රවිස‍්සාමි, ඤාතකාමෙ භයතජ‍්ජිතා ගොචරං අග‍්ගහෙත්‍වාව පලායිස‍්සන‍්ති, යාව එතෙසං ගොචරග‍්ගහණං, තාව අධිවාසෙස‍්සාමී”ති. සො තෙසං සුහිතභාවං ඤත්‍වා මරණභයතජ‍්ජිතො හුත්‍වා තික‍්ඛත‍්තුං බද‍්ධරවං රවි. අථ සබ‍්බෙ තෙ සුවා පලායිංසු. සුවරාජා “එත‍්තකෙසු මෙ ඤාතකෙසු නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො එකොපි නත්‍ථි, කිං නු ඛො මයා පාපං කත”න‍්ති විලපන‍්තො ගාථමාහ –

ඒ අසා කෙත රකින්නා හැල් අගය කර ණයකරුවෙකු නොකළ බැවින් සතුටු වූයේ (පෙරළා) ගොස් අස්කෙඳි ගොතා අද මෙතන්හි බසින්නේ යයි ගිරා රජු බස්නා තැන සලකා දෙවන දවස්හි වා පහරින් හැසිරෙන්නක් කොට පුඩුව එල්ලා ගිරවුන්ගේ පැමිණීම බලමින් කුටියෙහි හුන්නේය. ගිරා රජුද ගිරා පිරිස පිරිවරන ලදුයේ අවුත් ලොල් බැවින් තොර හැසිරීම් ඇති හෙයින් ඊයේ කෑ තන්හි අටවන ලද පුඩුවෙහි පය පිවිසවන්නේම බටුයේය. හෙතෙම තමාගේ බැඳුන බව දැන සිතීය. ඉදින් මම දැන්ම (පුඩුවෙහි) බැඳුන හෙයින් කරන්නා වූ නාදය කරන්නෙම්ද, නෑදෑයෝ බියෙන් තැති ගත්තාහු ගොදුරු නොගෙනම පලා යත්. යමතාක් මොවුන්ගේ ගොදුරු ගැනීම් වේද. එතෙක් ඉවසන්නෙමි. අනතුරුව ඔවුන් ගොදුරු කා අවසන් වූ බව දැන, මරණ බියෙන් තැතිගත්තේ (පුඩුවෙහි) බැඳුන ගිරා රජු තමන් බැඳුනු බව දක්වා තුන් යලක් හඬ නැගීය. සියලු ගිරවු ඉගිල ගියහ. ගිරා රජු මෙපමණක් මගේ ඤාතීන් අතර හැරී බලන්නෙකුද නැත. මවිසින් කවර නම් පාපයක් කරන ලදැයි විලාප කියනුයේ

“එතෙ භුත්‍වා පිවිත්‍වා ච, පක‍්කමන‍්ති විහඞ‍්ගමා; එකො බද‍්ධොස‍්මි පාසෙන, කිං පාපං පකතං මයා”ති.

4. මේ පක්‍ෂීහු (හැල්) අනුභව කොට (පැන්) බී ඉගිල යත්. (මම) හුදකලාව පුඩුවෙන් බැඳුනේ වෙමි. මවිසින් කවර පවක් කරන ලදද?

යන ගාථාව කීවේය.

ඛෙත‍්තපාලො සුවරාජස‍්ස බද‍්ධරවං සුවානඤ‍්ච ආකාසෙ පක‍්ඛන්‍දනසද‍්දං සුත්‍වා “කිං නු ඛො”ති කුටියා ඔරුය‍්හ පාසාට‍්ඨානං ගන‍්ත්‍වා සුවරාජානං දිස‍්වා “යස‍්සෙව මෙ පාසො ඔඩ‍්ඩිතො, ස‍්වෙව බද‍්ධො”ති තුට‍්ඨමානසො සුවරාජානං පාසතො මොචෙත්‍වා ද‍්වෙ පාදෙ එකතො බන්‍ධිත්‍වා දළ‍්හං ආදාය සාලිද‍්දියගාමං ගන‍්ත්‍වා සුවරාජං බ්‍රාහ‍්මණස‍්ස අදාසි. බ්‍රාහ‍්මණො බලවසිනෙහෙන මහාසත‍්තං උභොහි හත්‍ථෙහි දළ‍්හං ගහෙත්‍වා අඞ‍්කෙ නිසීදාපෙත්‍වා තෙන සද‍්ධිං සල‍්ලපන‍්තො ද‍්වෙ ගාථා අභාසි –

කෙත් පල්ලා ගිරා රජුගේ පුඩුවෙහි බැඳීමෙන් කළ නාදයද ගිරවුන්ගේ අහසෙහි ඉගිලෙන ශබ්දයද අසා කවරෙක්දැයි කුටියෙන් බැස පුඩුව තිබූ තැනට ගොස් ගිරා රජු දැක යමෙකු වෙනුවෙන්ම මවිසින් පුඩුව තබන ලදද ඔහුම බැඳුනේ යයි සතුටු සිත් ඇත්තේ ගිරා රජු පුඩුවෙන් මුදා පාද දෙක එකට කර බැඳ සාලින්දිය ගමට ගොස් ගිරා පැටියා බ්‍රාහ්මණයාට දුන්නේය. බ්‍රාහ්මණයා බලවත් ස්නේහයෙන් මහ බෝසතුන් දෙඅතින් දැඩිව ගෙන ඇකයෙහි හිඳුවා ඔහු සමග කථාබහ කරන්නේ ගාථා දෙකක් කීවේය.

“උදරං නූන අඤ‍්ඤෙසං, සුව අච‍්චොදරං තව; භුත්‍වා සාලිං යථාකාමං, තුණ‍්ඩෙනාදාය ගච‍්ඡසි.

5. ගිරව, අන් ගිරවුන්ගේ බඩට වඩා ඔබේ බඩ ඉතා මහත් වූවා විය යුතුය. කැමති පරිදි හැල් කා තුඩින්ද ගෙන යන්නෙහිය. (එනිසාය)

“කොට‍්ඨං නු තත්‍ථ පූරෙසි, සුව වෙරං නු තෙ මයා; පුට‍්ඨො මෙ සම‍්ම අක‍්ඛාහි, කුහිං සාලිං නිදාහසී”ති.

6. ගිරව, එහි කොටුවක් පුරවන්නෙහිද? (නැතහොත්) මා සමග තොපගේ වෛරයක් වේද? යහළුව, කොහි හැල් තැන්පත් කරහිදැයි විමසන්නා වූ මට කියව.

තත්‍ථ උදරං නූනාති අඤ‍්ඤෙසං උදරං උදරමෙව මඤ‍්ඤෙ, තව උදරං පන අතිඋදරං. තත්‍ථාති තස‍්මිං සිම‍්බලිවනෙ. පූරෙසීති වස‍්සාරත‍්තත්‍ථාය පූරෙසි. නිදාහසීති නිධානං කත්‍වා ඨපෙසි, “නිධීයසී”තිපි පාඨො.

එහි උදරං නූන යනු අනිකුන්ගේ බඩ බඩක්මය. ඔබගේ බඩ වූ කලී මහත් වූ බඩක් යයි සිතමි. තත්‍ථ යනු ඒ ඉඹුල් වනයෙහි. පූරෙසි යනු වැසිකාලය සඳහා පුරවයිද? නිධීයසි යනු තැන්පත් කරහිද? තැන්පත් කොට තබහිද?

තං සුත්‍වා සුවරාජා මධුරාය මනුස‍්සභාසාය සත‍්තමං ගාථමාහ –

ඒ අසා ගිරා රජු මිහිරි මිනිස් බසින් සත්වන ගාථාව කීවේය.

“න මෙ වෙරං තයා සද‍්ධිං, කොට‍්ඨො මය‍්හං න විජ‍්ජති; ඉණං මුඤ‍්චාමිණං දම‍්මි, සම‍්පත‍්තො කොටසිම‍්බලිං; නිධිම‍්පි තත්‍ථ නිදහාමි, එවං ජානාහි කොසියා”ති.

7. කෝසිය බමුණ, ඔබ සමග මගේ වෛරයක් නැත. මට කොටුවක්ද නැත. ඉඹුල් ගසට පැමිණ ණයක් මුදමි. ණයක් දෙමි. එහි නිධානයක්ද නිදන් කරමි. (මෙය) මෙසේ දනුව.

තත්‍ථ ඉණං මුඤ‍්චාමිණං දම‍්මීති තව සාලිං හරිත්‍වා ඉණං මුඤ‍්චාමි චෙව දම‍්මි චාති වදති. නිධිම‍්පීති එකං තත්‍ථ සිම‍්බලිවනෙ අනුගාමිකනිධිම‍්පි නිදහාමි.

එහි ඉණං මුඤ්චාමිණං දම්මි යනු ඔබගේ හැල් වී ගෙන ගොස් ණයක් මුදන්නෙම්ද දෙන්නෙම්දැයි කියයි. නිධිම්පි යනු ඒ ඉඹුල් වනයෙහි අනුගාමික නිධානයක් නිදන් කරමි.

අථ නං බ්‍රාහ‍්මණො පුච‍්ඡි –

ඉක්බිති බමුණා ඔහුගෙන් විචාළේය.

“කීදිසං තෙ ඉණදානං, ඉණමොක‍්ඛො ච කීදිසො; නිධිනිධානමක‍්ඛාහි, අථ පාසා පමොක‍්ඛසී”ති.

8. තොපගේ ණය දීම කෙබඳුද? ණයෙන් මිදීමද කෙබඳුද? නිධානයක් තැන්පත් කිරීම කෙබඳුදැයි කියව. අනතුරුව පුඩුවෙන් මිදෙන්නෙහිය.

තත්‍ථ ඉණදානන‍්ති ඉණස‍්ස දානං. නිධිනිධානන‍්ති නිධිනො නිධානං.

එහි ඉණදානං යනු ණය දීම. නිධි නිධානං යනු නිධානයක තැන්පත් කිරීමයි.

එවං බ්‍රාහ‍්මණෙන පුට‍්ඨො සුවරාජා තස‍්ස බ්‍යාකරොන‍්තො චතස‍්සො ගාථා අභාසි –

බමුණා විසින් මෙසේ විමසන ලද ගිරා රජු ඔහුට (ඒ කරුණ) පැහැදිලි කරමින් ගාථා සතරක් කීවේය.

“අජාතපක‍්ඛා තරුණා, පුත‍්තකා මය‍්හ කොසිය; තෙ මං භතා භරිස‍්සන‍්ති, තස‍්මා තෙසං ඉණං දදෙ.

9. කෝසිය බමුණ. හට නොගත් පියාපත් ඇති, ළදරු වූ පුත්‍ර පැටවු මට සිටිති. මා පෝෂණය කළ ඔවුහු ඔවුන් ඇතිදැඩි කරති. එහෙයින් ඔවුන්ට ණය දෙමි.

“මාතා පිතා ච මෙ වුද‍්ධා, ජිණ‍්ණකා ගතයොබ‍්බනා; තෙසං තුණ‍්ඩෙන හාතූන, මුඤ‍්චෙ පුබ‍්බකතං ඉණං.

10. මගේ මවද පියාද වෘද්ධයහ. දිරා ගියෝය. පහව ගිය යොවුන් බව ඇත්තාහ. ඔවුනට තුඩෙන් (හැල් කරල්) ගෙන ගොස් පෙර ණය මුදමි.

“අඤ‍්ඤෙපි තත්‍ථ සකුණා, ඛීණපක‍්ඛා සුදුබ‍්බලා; තෙසං පුඤ‍්ඤත්‍ථිකො දම‍්මි, තං නිධිං ආහු පණ‍්ඩිතා.

11. එහි නැසුන පියාපත් ඇති අතිශයින් දුර්වල වූ වෙනත් පක්‍ෂීහු වෙති. පිං කැමැත්තේ ඔවුන්ටද දෙමි. නුවණැත්තෝ එය නිධානයකැයි කියත්.

“ඊදිසං මෙ ඉණදානං, ඉණමොක‍්ඛො ච ඊදිසො; නිධිනිධානමක‍්ඛාමි, එවං ජානාහි කොසියා”ති.

12. කෝසිය බමුණ, මගේ ණය දීම මෙබඳුය. මගේ ණයෙන් මිදීමද මෙබඳුය. කියන ලද නිදන් නිධානයද මෙසේ දනුව.

තත්‍ථ හාතූනාති හරිත්‍වා. තං නිධින‍්ති තං පුඤ‍්ඤකම‍්මං පණ‍්ඩිතා අනුගාමිකනිධිං නාම කථෙන‍්ති. නිධිනිධානන‍්ති නිධිනො නිධානං, “නිධානනිධි”න‍්තිපි පාඨො, අයමෙවත්‍ථො.

එහි හාතූන යනු ගෙන ගොස්. තං නිධිං යනු ඒ පිංකම අනුගාමික පුණ්‍ය නිධානය නමැයි පණ්ඩිතයෝ කියත්. නිධිං නිධානං යනු නිධානයක් තැන්පත් කිරීමයි. නිධි නිධානං යනුද පෙළයි. මෙම අරුත්මැයි.

බ්‍රාහ‍්මණො මහාසත‍්තස‍්ස ධම‍්මකථං සුත්‍වා පසන‍්නචිත‍්තො ද‍්වෙ ගාථා අභාසි.

බමුණා මහබෝසතුන්ගේ දැහැමි කථාව අසා පැහැදුන සිත් ඇත්තේ ගාථා දෙකක් කීවේය.

“භද‍්දකො වතයං පක‍්ඛී, දිජො පරමධම‍්මිකො; එකච‍්චෙසු මනුස‍්සෙසු, අයං ධම‍්මො න විජ‍්ජති.

13. මේ පක්‍ෂියා යහපත්ය. ඉතා දැහැමිය. ඇතැම් මිනිසුන් අතරද මේ ධර්මය නොපවතී.

“භුඤ‍්ජ සාලිං යථාකාමං, සහ සබ‍්බෙහි ඤාතිභි; පුනාපි සුව පස‍්සෙමු, පියං මෙ තව දස‍්සන”න‍්ති.

14. සියලු නෑයන් සමග කැමති පරිදි හැල් වී අනුභව කරව. ගිරව නැවතද දකිමු. ඔබගේ දැක්ම මට ප්‍රිය වේ.

තත්‍ථ භුඤ‍්ජ සාලින‍්ති ඉතො පට‍්ඨාය නිබ‍්භයො හුත්‍වා භුඤ‍්ජාති කරීසසහස‍්සම‍්පි තස‍්සෙව නිය්‍යාදෙන‍්තො එවමාහ. පස‍්සෙමූති අත‍්තනො රුචියා ආගතං අඤ‍්ඤෙසුපි දිවසෙසු තං පස‍්සෙය්‍යාමාති.

එහි භුඤ්ජ සාලිං යනු මෙතැන් පටන් භය නැතිව අනුභව කරව යයි කිරිය දහසද ඔහුටම පවරා දෙමින් මෙසේ කීවේය. පස්සෙමු යනු සිය කැමැත්තෙන් ආවා වූ ඔහු අන් දිනයන්හිදීද දකින්නෙමු යනුවෙනි.

එවං බ්‍රාහ‍්මණො මහාසත‍්තං යාචිත්‍වා පියපුත‍්තං විය මුදුචිත‍්තෙන ඔලොකෙන‍්තො පාදතො බන්‍ධනං මොචෙත්‍වා සතපාකතෙලෙන පාදෙ මක‍්ඛෙත්‍වා භද‍්දපීඨෙ නිසීදාපෙත්‍වා කඤ‍්චනතට‍්ටකෙ මධුලාජෙ ඛාදාපෙත්‍වා සක‍්ඛරොදකං පායෙසි. අථස‍්ස සුවරාජා “අප‍්පමත‍්තො හොහි, බ්‍රාහ‍්මණා”ති වත්‍වා ඔවාදං දෙන‍්තො ආහ –

මෙසේ මහබෝසතුන් ඇයද ප්‍රිය වූ පුත්‍රයෙකු මෙන් මොළොක් සිතෙන් බලමින් පයෙන් බැමි මුදා සියක් වර පැසවන ලද තෙලින් පා ගල්වා සොඳුරු පුටුවෙහි හිඳුවා රන් තැටියෙක ලා මී-විළඳ වළඳවා හකුරු හා වතුර පෙවීය. ඉක්බිති ගිරා රජු “අප්‍රමාද වව බ්‍රාහ්මණය”යි ඔහු කියා අවවාද කරන්නේ

“භුත‍්තඤ‍්ච පීතඤ‍්ච තවස‍්සමම‍්හි, රතී ච නො කොසිය තෙ සකාසෙ; නික‍්ඛිත‍්තදණ‍්ඩෙසු දදාහි දානං, ජිණ‍්ණෙ ච මාතාපිතරො භරස‍්සූ”ති.

15. කෝසිය බමුණ, ඔබගේ නිවෙස්හිදී කෑවෙමිද බීවෙමිද වෙමි. ඔබ පිළිබඳව ඇල්මක්ද ඇති විය. බහාලූ දඬු ඇත්තන් කෙරෙහි දන් දෙව. ජරාවට පත් මාපියන් පෝෂණය කරව.

යන මේ ගාථාව කීවේය.

තත්‍ථ තවස‍්සමම‍්හීති තව නිවෙසනෙ. රතීති අභිරති.

එහි තවස්සමම්හි යනු ඔබගේ නිවෙස්හිදී. රතී යනු ඇල්මක්.

තං සුත්‍වා බ්‍රාහ‍්මණො තුට‍්ඨමානසො උදානං උදානෙන‍්තො ගාථමාහ –

ඒ බ්‍රාහ්මණයා ඒ අසා සතුටු වූ සිත් ඇත්තේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරනුයේ.

“ලක‍්ඛී වත මෙ උදපාදි අජ‍්ජ, යො අද‍්දසාසිං පවරං දිජානං; සුවස‍්ස සුත්‍වාන සුභාසිතානි, කාහාමි පුඤ‍්ඤානි අනප‍්පකානී”ති.

16. යම්බඳු වූ මම පක්‍ෂීන් අතර උතුම්ම පක්‍ෂියා දුටුවෙම්ද (එනිසා) අද මට ඒකාන්තයෙන් ශ්‍රියා කාන්තාව පහළ වූවාය. ගිරවාගේ යහපත් වචන අසා බොහෝ වූ පිං කරමි.

යන ගාථාව කීවේය.

තත්‍ථ ලක‍්ඛීති සිරීපි පුඤ‍්ඤම‍්පි පඤ‍්ඤාපි.

එහි ලක්ඛී යනු ඉසුරද, පිනද, ප්‍රඥාවද.

මහාසත‍්තො බ්‍රාහ‍්මණෙන අත‍්තනො දින‍්නං කරීසසහස‍්සමත‍්තං පටික‍්ඛිපිත්‍වා අට‍්ඨකරීසමෙව ගණ‍්හි. බ්‍රාහ‍්මණො ථම‍්භෙ නිඛනිත්‍වා තස‍්ස ඛෙත‍්තං නිය්‍යාදෙත්‍වා ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා ඛමාපෙත්‍වා “ගච‍්ඡ සාමි, අස‍්සුමුඛෙ රොදමානෙ මාතාපිතරො අස‍්සාසෙහී”ති වත්‍වා තං උය්‍යොජෙසි. සො තුට‍්ඨමානසො සාලිසීසං ආදාය ගන‍්ත්‍වා මාතාපිතූනං පුරතො නික‍්ඛිපිත්‍වා “අම‍්මතාතා, උට‍්ඨෙථා”ති ආහ. තෙ අස‍්සුමුඛා රොදමානා උට‍්ඨහිංසු, තාවදෙව සුවගණා සන‍්නිපතිත්‍වා “කථං මුත‍්තොසි, දෙවා”ති පුච‍්ඡිංසු. සො තෙසං සබ‍්බං විත්‍ථාරතො කථෙසි. කොසියොපි සුවරඤ‍්ඤො ඔවාදං සුත්‍වා තතො පට‍්ඨාය ධම‍්මිකසමණබ්‍රාහ‍්මණානං මහාදානං පට‍්ඨපෙසි. තමත්‍ථං පකාසෙන‍්තො සත්‍ථා ඔසානගාථමාහ –

[missing trans] ප්‍රතික්‍ෂේප කර අටකිරියක් පමණක් ගත්තේය. බමුණා ටැම් හිඳුවා ඒ කෙත ඔහුට පවරා දී ඇඳිලි බැඳ “ස්වාමීනි, යව කඳුළු සහිත මුහුණු ඇති මව්පියන් අස්වසවයි කියා ඔහු පිටත්කර හැරියේය. හෙතෙම සතුටු සිත් ඇත්තේ හැල් කරල් රැගෙන ගොස් මව්පියන්ගේ ඉදිරියෙහි හෙලා මෑණියනි, පියාණනි නැගී සිටුව යයි කීහ. ඔවුහු කඳුළු සහිත මුහුණු ඇත්තෝම සිනාසෙන්නාහු නැගී සිටියාහුය. එකෙනෙහි ගිරා සමූහයා රැස්වී දේවයන් වහන්ස, කෙසේ මිදුනෙහිදැයි විමසූහ. හෙතෙම ඔවුන්ට සියල්ල විස්තර වශයෙන් කීවේය. කෝසිය බමුණාද ගිරා රජුගේ අවවාදය අසා එතැන් පටන් දැහැමි ශ්‍රමණ-බ්‍රාහ්මණයන්ට මහදන් එළවීය. ශාස්තෲන් වහන්සේ ඒ කරුණ ප්‍රකාශ කරමින් අවසාන ගාථාව වදාළ සේක.

“සො කොසියො අත‍්තමනො උදග‍්ගො, අන‍්නඤ‍්ච පානඤ‍්චභිසඞ‍්ඛරිත්‍වා; අන‍්නෙන පානෙන පසන‍්නචිත‍්තො, සන‍්තප‍්පයි සමණබ්‍රාහ‍්මණෙ චා”ති.

17. ඒ කෝසිය බ්‍රාහ්මණයා සතුටු සිත් ඇතියේ, ඔදවැඩුනේ කෑමද බීමද සකස්කොට පහන් සිතින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආහාර පානයෙන් සතුටු කරවීය.

තත්‍ථ සන‍්තප‍්පයීති ගහිතගහිතානි භාජනානි පූරෙන‍්තො සන‍්තප‍්පෙසීති.

එහි සන්තප්පයී යනු ගන්නා ලද බඳුන් පුරවමින් සතුටු කරවීය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “එවං භික‍්ඛු මාතාපිතූනං පොසනං නාම පණ‍්ඩිතානං වංසො”ති වත්‍වා සච‍්චානි පකාසෙත්‍වා ජාතකං සමොධානෙසි, සච‍්චපරියොසානෙ සො භික‍්ඛු සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තදා සුවගණා බුද‍්ධපරිසා අහෙසුං, මාතාපිතරො මහාරාජකුලානි, ඛෙත‍්තපාලො ඡන‍්නො, බ්‍රාහ‍්මණො ආනන්‍දො, සුවරාජා පන අහමෙව අහොසින‍්ති.

ශාස්තෲන් වහන්සේ එම ධර්මදේශනාව ගෙනහැර දක්වා “මහණ, මව්පියන් පෝෂණය කළ පණ්ඩිතයන්ගේ පරපුර මෙසේ යයි වදාරා සිව්සස් ප්‍රකාශ කර ජාතකය ගලපා වදාළ සේක. සත්‍ය දේශනාවසානයෙහි ඒ භික්‍ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල්හි ගිරා සමූහයා බුද්ධ පිරිස වීය. මව්පියවරු මහරජ කුලයේ වූහ. ක්‍ෂෙත්‍රපාලකයා ඡන්න ඇමතියා වීය. බ්‍රාහ්මණයා ආනන්ද තෙර වීය. ගිරා රජු මම ම වීමි යයි වදාළ සේක.

සාලිකෙදාරජාතකවණ‍්ණනා පඨමා.