1. සාලිකෙදාරජාතකං
1933. සම‍්පන‍්නං සාලිකෙදාරං සුවා භුඤ‍්ජන‍්ති කොසිය, පටිවෙදෙමි තෙ බ්‍රහ‍්මෙ න නං වාරෙතු මුස‍්සහෙ
1933. කෝසිය ගොත්හි උපන් බමුණ, ඇල් කෙත සම්පූර්‍ණයෙන් පැසී තිබේ. කෙත ගිරවු කති. එය වළකන්නට නො හැක්කෙමි. එය ඔබට දන්වමි.
1934. එකො ච තත්‍ථ සකුණො සො තෙසං සබ‍්බසුන්‍දරො, භුත්‍වා සාලිං යථාකාමං තුණ‍්ඩෙනාදාය ගච‍්ඡති.
1934. එහි ගිරවුන් අතරැ අංගෝපාංග සම්පූර්‍ණ බැවින් සර්‍ව සුන්‍දර වූ ගිරවෙක් වෙයි. හේ රිසි සේ ඇල් වී රස විඳැ වී කරල් රැගෙන යයි.
1935. ඔඩ‍්ඩෙන‍්තු වාළපාසානි යථා බජ‍්ඣෙථ සො දිජො, ජිවඤ‍්ච නං ගහෙත්‍වාන ආනයෙථ මමන‍්තිකෙ.
1935. ඒ පක්‍ෂියා බැඳෙන පරිදි පුඩු අටවා තබත්වා. ජීවග්‍රහයෙන් ම ඔහු අල්ලා මා සමීපයට ගෙනෙව.
1936. එතෙ භුත්‍වා විවිත්‍වා ච පක‍්කමන‍්ති විහංගමා, එකො බද‍්ධොස‍්මි පාසෙන කිං පාපං පකතම‍්මයා.
1936. මේ පක්‍ෂීහු වී බිදැ පැන් බී ඉවත් වැ යති. හුදෙකලාව මම පුඩුවෙන් බැඳුනෙමි. මා කෙබඳු පාපයක් කරන ලද ද?
1937. උදරං නූන අඤ‍්ඤෙසං සුව අච‍්චොදරං තව, භුත්‍වා සාලිං යථාකාමං තුණ‍්ඩෙනාදාය ගච‍්ඡසි.
1937. ගිරා පෝතකය, සෙසු ගිරවුන්ගේ බඩට වඩා තොපගේ බඩ ඉතා මහත් යයි සිතමි. රිසි සේ ඇල් වී කා තුඩෙනු දු ගෙන යන්නෙහිය.
1938. කොට‍්ඨන‍්නු තත්‍ථ පූරෙසි සුව වෙරන‍්නු තෙ මයා පුට‍්ඨො මෙ සම‍්ම අක‍්ඛාහි කුහිං සාලිං නිධීයසි.
1938. ගිරවාණෙනි, එහි කොටුගුලක් පුරවන්නෙහි ද? නැතහොත් මා හා වෛරයක් පවතී ද? මිතුර, විතාරන මට කිය. ඇල් වී කොහි තැන්පත් කරන්නෙහි ද?
1939. න මෙ වෙරං තයා සද‍්ධිං කොට‍්ඨො මය‍්හං න විජ‍්ජති, ඉණං මුඤ‍්චාමිණංදම‍්මි සම‍්පත‍්තො කොටිසිම‍්බලිං නිධිම‍්පි තත්‍ථ නිදහාමි එවං ජානාහි කොසිය.
1939. කෝසිය බමුණ, තොප හා මාගේ වෛරයෙක් නැත. මට කොටුගුලෙකුත් නැත. ඉඹුල් රුකට පැමිණ ණයක් මුදමි. ණය ද දෙමි. එහි නිධානයක් ද නිදන් කරමි. (මෙය) මෙසේ දනුව.
1940. කීදිසං තෙ ඉණදානං ඉණමොක‍්ඛො ච කීදිසො, නිධිං නිධානං අක‍්ඛාහි අථ පාසා පමොක‍්ඛසි.
1940. ගිරවාණෙනි, තොපගේ ණය දීම කෙබඳු ද? ණයෙන් මිදීම කෙබඳු ද? නිදන් කිරීම කෙබඳු ද? එකලැ තෙපි පුඩුවෙන් මිදෙන්නහුය.
1941. අජාතපක‍්ඛා තරුණා පුත‍්තකා මය‍්හ කොසිය, තෙ මං භතා භරිස‍්සන‍්ති තස‍්මා තෙසං ඉණං දදෙ.
1941. කෝසිය බමුණ, පියාපත් නො සෑදුණු මාගේ පුත්‍ර පැටවු සිටිති. මා විසින් පෝෂණය කරනු ලැබූ ඔවුහු යළිත් මා පුස්නාහ. එ හෙයින් ඔවුනට ණය දෙමි.
1942. මාතා පිතා ච මෙ වුද‍්ධා ජිණ‍්ණකා ගතයොබ‍්බනා, තෙසං තුණ‍්ඩෙන භාතූන මුඤ‍්චෙ පුබ‍්බෙ කතං ඉණං.
1942. මගේ මවුපියෝ වෘද්ධයහ. ජරාවෙන් යුක්තහ. යොවුන් බව පහව ගොස් ඇත. තුඩින් ගෙන ගොස් (ඇල් වී කරල්) ඔවුනට දී මම පෙර ගත් ණය මුදමි.
1943. අඤ‍්ඤෙපි තත්‍ථ සකුණා ඛීණපක‍්ඛා සුදුබ‍්බලා, තෙසං පුඤ‍්ඤත්‍ථිකො දම‍්මි තං නිධිං ආහු පණ‍්ඩිතා.
1943. එහි ඉතා දුබල නැසුණ පියාපත් ඇති තවත් පක්‍ෂීහු වෙසෙති. පින් සඳහා ඔවුනටත් දෙමි. එය අනුගාමික නිධානය යි නුවණැත්තෝ කියති.
1944. එදිසං මෙ ඉණදානං ඉණමොක‍්ඛො මෙ එදිසො, නිධිං නිධානං අක‍්ඛාතං එවං ජානාහි කොසිය.
1944. කෝසිය බමුණ, මාගේ ණය දීම මෙබඳු වෙයි. මාගේ ණය මිදීම ද මෙබඳු වේ. කියන ලද නිදන් කිරීමත් මෙලෙස දැන ගනුව.
1945. භද‍්දකො වතයං පක‍්ඛී ද‍්විජො පරමධම‍්මිකො, එකච‍්චෙසු මනුස‍්සෙසු අයං ධම‍්මො න විජ‍්ජති.
1945. පියාපත් ඇති මේ පක්‍ෂියා යහපත් ය. ඉතා දැහැමිය. ඇතැම් මිනිසුන් අතර ද මේ ගුණ දහම විද්‍යමාන නො වේ.
1946. භුඤ‍්ජ සාලිං යථාකාමං සහ සබ‍්බෙහි ඤාතිහි, පුනාපි සුව පස‍්සෙමු පියං මෙ තව දස‍්සනං.
1946. සියලු නෑයන් සමග කැමැති පරිදි ඇල් වී අනුභව කරව. යළිදු (තොප) දකිමු. තොපගේ දැක්ම මට ප්‍රිය ය.
1947. භුත‍්තඤ‍්ච පීතඤ‍්ච තවස‍්සමම‍්භි රතීව නො කොසිය තෙ සකාසෙ, නික‍්ඛිත‍්තදණ‍්ඩෙසු දදාහි දානං, ජිණ‍්ණෙච මාතාපිතරො භරස‍්සු.
1947. කෝසිය බමුණ, තොපගේ නිවෙසෙහි කෑවෙමි. බීවෙමි. තොප කෙරෙහි ඇල්ම ද ඇති විය. බහා ලූ දඬු ඇත්තන්ට දන් දෙව. ජරපත් මවුපියන් පෝෂණය කරව.
1948. ලක‍්ඛී වත මෙ උදපාදි අජ‍්ජ යො අද‍්දසාසිං පවරං දිජානං, සුවස‍්ස සුත්‍වාන සුභාසිතානි කාහාමි පුඤ‍්ඤානි අනප‍්පකානි.
1948. පක්‍ෂීන්ගෙන් උතුම් ගිරවා මම දුටුයෙම් ද ඒ මට ශ්‍රී කාන්තාව ඒකාන්තයෙන් පහළ වූවා ය. ගිරවාගේ සුභාෂිත අසා බොහෝ පින් කරමි.
1949. සො කොසියො අත‍්තමනො උදග‍්ගො අන‍්නඤ‍්ච පානඤ‍්චභිසඞ‍්ඛරිත්‍වා, අන‍්නෙන පානෙන පසන‍්නචිත‍්තො සන‍්තප‍්පයි සමණෙ බ්‍රාහ‍්මණෙචාති.
1949. ඒ කෝසිය බමුණා මුදිත වූයේ ප්‍රමුදිත වූයේ, කෑම බිම පිළියෙළ කොට පහන් සිතින් ආහාරපානයෙන් ශ්‍රමණබ්‍රාහ්මණයන් සතුටු කරවී ය.