10. සරභමිගජාතකං
1915. ආසිංසෙථෙව පුරිසො න නිබ‍්බින්‍දෙය්‍ය පණ‍්ඩිතො, පස‍්සාමි වොහං අත‍්තානං යථා ඉච‍්ඡිං තථා අහු.
1915. නැණවත් පුරුෂයා බලාපොරොත්තු (ඇත්තෙක්) වන්නේ ම ය. නො කලකිරෙන්නේය, මම යම් සේ කැමැති වීම් ද එසේ සිදු විය. මම තමා දකිමි.
1916. ආසිංසෙථෙව පුරිසො න නිබ‍්බින්‍දෙය්‍ය පණ‍්ඩිතො, පස‍්සාමි වොහං අත‍්තානං උදකා ථලමුබ‍්භතං.
1916. නැණවත් පුරුෂයා බලාපොරොත්තු (ඇත්තෙක්) වන්නේ ම ය. නො කලකිරෙන්නේ ය. දියෙන් ගොඩට පැමිණි මම තමා දකිමි.
1917. වායමෙථෙව පුරිසො න නිබ‍්බින්‍දෙය්‍ය පණ‍්ඩිතො, පස‍්සාමි වොහං අත‍්තානං යථා ඉච‍්ඡිං තථා අහු.
1917. නැණවත් පුරුෂයා වෑයම් කරන්නේ ම ය. නො කල කිරෙන්නේ ය. මම යම් සේ කැමැති වීම් ද එසේ සිදු විය. මම තමා දකිමි.
1918. වායමෙථෙව පුරිසො න නිබ‍්බින්‍දෙය්‍ය පණ‍්ඩිතො, පස‍්සාමි වොහං අත‍්තානං උදකා ථලමුබ‍්භතං.
1918. නැණවත් පුරුෂයා වෑයම් කරන්නේ ම ය. නො කල කිරෙන්නේ ය. දියෙන් ගොඩට පැමිණි මම තමා දකිමි.
1919. දුක‍්ඛූපනීතොපි නරො සපඤ‍්ඤො ආසං න ඡින්‍දෙය්‍ය සුඛාගමාය, බහූහි ඵස‍්සා අහිතා හිතා ච අවිතක‍්කිතා මච‍්චුමුපබ‍්බජත‍්ති.
1919. දුකට පැමිණියේ නමුදු නැණවත් පුරුෂයා සැපතට පැමිණීමේ රිස්ස නො සිඳින්නේ ය. නො සිතූ හිතාහිත ස්පර්‍ශයෝ සත්ත්‍වයා වෙත පැමිණෙති.
1920. අවින‍්තිතම‍්පි භවති චින‍්තිතම‍්පි විනස‍්සති. නහි චින‍්තාමයා භොගා ඉත්‍ථියා පුරිසස‍්ස වා.
1920. නො සිතූ දැය සිදු වෙයි. සිතූ දැය නො සිදු වෙයි. ස්ත්‍රියකට හෝ පුරුෂයකුට සිතූ ලෙස වස්තුව නො ලැබේ.
1921. සරභං ගිරිදුග‍්ගස‍්මිං යං ත්‍වං අනුසරී පුරෙ, අලීනචිත‍්තස‍්ස තුවං වික‍්කන‍්නමනුජීවසි.
1921. පෙරැ ඔබ යම් ගිරි දුර්‍ගයෙක සරභ මුවකු ලුහුබැඳ ගියෝ ද, කරුණා සිතැති උගේ වෑයම නිසා තෙපි ජීවත් වව.
1922. යො තං විදුග‍්ගා නරකා සමුද‍්ධරි සිලාය යොග‍්ගං සරභො කරිත්‍වා, දුක‍්ඛුපනීතං මච‍්චුමුඛා පමොචයි අලීනචින‍්තං තමිගං වදෙසි.
1922. යම් සරභ මුවෙක් ගලෙන් උපක්‍රම යොදා, ගොඩ පැමිණිය නො හැකි නරාවළින් තොප ගොඩ ගත්තේ ද දුකට පත් වැ සිටි තොප මරු මුවෙන් මිදී ද, ධෛර්‍ය්‍යය සම්පන්න සිතැති ඒ මුවාගේ ගුණ කීහු ය.
1923. තුවං නු තත්‍ථෙව තදා අහොසි උදාහු තෙ කොචි නං එතදක‍්ඛා, විවත‍්තච‍්ඡද‍්දො නුසි සබ‍්බදස‍්සී ඤාණන‍්නු තෙ බ්‍රාහ‍්මණ භිංසරූපං.
1923. බමුණ, තෙපි එදා එහි සිටියහු ද? නැතහොත් කිසිවෙක් එය තොපට කීවේ ද? (නැතහොත්) දුරු කළ කෙලෙස් ඇති සර්‍වඥ වූහු ද? තොපගේ නුවණ බලවත් පැවැතුම් ඇත්තේ ය.
1924. න චෙවහං තත්‍ථ තදා අහොසිං න චාපි මෙ කොචි නං එතදක‍්ඛා, ගාථාපදානඤ‍්ච සුභාසිතානං අත්‍ථං තදා නෙන‍්ති ජනින්‍ද ධීරා.
1924. ජනපති තුමනි, මම එදා එහි නො වීමි. කිසිවෙකුත් මට එය නො කීය. (එහෙත්) මනා කොට කී ගාථා පදයන්ගේ අර්‍ත්‍ථය නුවණැත්තෝ සොයති.
1925. ආදාය පත‍්තිං පරවිරියඝාතිං චාපෙ සරං කිං විචිකිච‍්ඡසෙ තුවං, නුණ‍්ණො සරො සරභං හන‍්තු ඛිප‍්පං අන‍්නං හි එතං වරපඤ‍්ඤ රඤ‍්ඤො.
1925. අන්‍යයන්ගේ වෑයම නසන ඊතලය දුන්නෙහි බහාගෙන ඔබ සැක කරන්නේ කිම? ඊය විද වහා සරභයා නසත්වා. එය උතුම් පැණැති රජුගේ ආහාර යි.
1926. අද‍්ධා පජානාමි අහම‍්පි එතං අන‍්නං මිගො බ්‍රාහ‍්මණ ඛත‍්තියස‍්ස, පුබ‍්බෙ කතඤ‍්ච අපචායමානො තස‍්මා මිගං සරභං නො හනාමි.
1926. බමුණ, මුවා ක්‍ෂත්‍රියයාගේ ආහාර යි. එය මම ද ඒකාන්තයෙන් දනිමි. පෙරැ කළගුණය පුදන්නෙම්, මම සරඟමුවා නො මරමි.
1927. නෙසො මිගො මහාරාජ අසුරෙසො දිසම‍්පති, එතං හන‍්ත්‍වා මනුස‍්සින්‍ද භවස‍්සු අමරාධිපො.
1927. දිශාධිපති රජතුමනි, මෙතෙම මුවෙක් නො වේ. මෙතෙම අසුරයා ය. නරදෙටුව, මොහු මරා ඔබ ශක්‍ර වන්නේ මනාය.
1928. ස‍්වෙව රාජ විචිකිච‍්ඡසෙ තුවං හන‍්තුං මිගං සරභං සහායකං මෙ සපුන‍්නදාරො නරවිරියසෙට‍්ඨ ගන‍්තා තුවං වෙතරණිං යමස‍්ස.
1928. රජතුමනි, මේ සරභයා මාගේ මිතුරා යයි (යන හැඟීම නිසා) නසන්නට සැක උපදවා ද (එහෙයින්) නරදෙටුව, අඹු දරුවන් සහිත තෙපි යමයාගේ වේතරණී නම් නිරයට යන්නාහුය.
1929. කාමං අහං ජානපදා ච සබ‍්බෙ පුත‍්තා ච දාරා ච සහායසඞ‍්ඝා, ගච‍්ඡෙමු නං වෙතරණිං යමස‍්ස නත්‍වෙව හඤ‍්ඤො යො මමපාණදස‍්ස.
1929. බමුණ, මම ද දනවු වැසියෝ ද පුත්‍රයෝ ද භාර්‍ය්‍යාවෝ ද මිතුරෝ ද යන හැමදෙන යමයාගේ වේතරණී නිරයට ඒකාන්තයෙන් යම්හ. (එහෙත්) යමෙක් මට පණ දුන්නේ ද හේ නො මැරිය යුතු ය.
1930. අයං මිගො කිච‍්ඡගතස‍්ස මය‍්හං එකස‍්ස කත‍්තා විවනස‍්මිං ඝොරෙ තං තාදිසං පුබ‍්බකිච‍්චං සරන‍්තො ජානං මහාබ්‍රහ‍්මෙ කථං හනෙය්‍යං.
1930. බමුණ, මේ මුවා මහවනයෙහි හුදෙකලා ව සිටි මට නරාවළෙන් ගොඩ එන්නට උපකාර කෙළේ ය. පෙරැ කළ ඒ උපකාර සිහි කරන්නෙම් දැන දැන ම ඔහු කෙසේ නසම් ද?
1931. මිත‍්තාභීරාධී චිරමෙව ජීව රජ‍්ජං ඉමං ධම‍්මගුණෙ පසාස, නාරීගණෙහි පරිවාරයන‍්තො මොදස‍්සු රට‍්ඨෙ තිදිවෙව වාසවො.
1931. මිතුරන් සතුටු කරන ඔබ බොහෝ කල් වෙසෙත්වා. (දශ)රාජ ධර්‍මයෙහි පිහිටා රාජ්‍යයානුශාසනා කෙරෙත්වා. ස්ත්‍රී සමූහයා පිරිවරා ගෙන වෙසෙන ශක්‍රයා මෙන් රටෙහි ප්‍රීතියෙන් වෙසෙත්වා.
1932. අක‍්කොධනො නිච‍්චපසන‍්නචිත‍්තො සබ‍්බාතිථියාචයොගො භවිත්‍වා දත්‍වා ච භුත්‍වා ච යථානුභාවං අනින්‍දිතො සග‍්ගමුපෙහි ඨානන‍්ති.
1932. නො කිපෙන සතුටු සිතැති (ඔබ) අමුත්තන්ගේ යාචනයට සුදුසු වෙත්වා. හැකි පමණින් දීමත් බිදීමත් කොට නින්‍දා රහිත වැ සැපතින් අග්‍රස්ථානය වන දෙව්ලොවට පැමිණෙත්වා.
10. සරභමිගජාතකං.
10. සරභමිග ජාතක යි.
තෙරසකනිපාතං නිට‍්ඨිතං.
තේරසක නිපාතය නිමියේ ය.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
වරකම‍්බ කුට‍්ඨාරිසහංවරො අථරඤ‍්ඤස‍්මිං දූතකපඤ‍්චකො අථඛොධි අකිත‍්තිසුතක‍්කරිනා අථරූරුමිගෙන පරොසරහොති.
අම්බජාතකය, කුඨාරී (චන්‍දන) ජාතකය, ජවන හංස ජාතකය, චුල්ලනාරද ජාතකය, පස්වැනි දූත ජාතකය ද, යළි කාලිඞ්ග බෝධි ජාතකය, අකිත්ති ජාතකය, තක්කාරිය ජාතකය, රූරුමිග ජාතකය හා සරභමිග ජාතකය දැයි (ජාතක දශය වේ.)