2. චන්‍දකින‍්නරජාතකං
1950. උපනීයතිදං මඤ‍්ඤෙ චන්‍දෙ ලොහිතමදෙන මජ‍්ජාමි, විජහාමි ජිවතං පාණා මෙ චන්‍දෙ නිරුජ‍්ඣන‍්ති.
1950. චන්‍ද්‍රාවෙනි, මේ ජීවිතය විනාශය කරා පැමිණියේය යි හඟිමි. (වැගිරෙන) ලෙයෙහි ගිලෙමි. ජීවිතය අත් හරිමි. ප්‍රාණයෝ නිරුද්ධ වෙති.
1951. ඔසධි මෙ දුක‍්ඛං මෙ හදයං මෙ දය‍්හතෙ නිතම‍්මාමි, තව චන්‍දියා සොචන‍්තියා න නං අඤ‍්ඤෙහි සොකෙහි.
1951. මාගේ පණ නවතී. මට දුකෙකි. මාගේ හදවත දැවේ. ඉතා ක්ලාන්ත ඇත්තේ වෙමි. මේ මාගේ දුක ශෝක කරන චන්‍ද්‍රාව නිසා උපනි. අන් කරුණ නිසා නො වේ.
1952. තිණමිව වනමිව මිය්‍යාමි නදී අපරිපුණණියාව සුස‍්සාමි, තව චන්‍දියා සොචන‍්තියා න නං අඤ‍්ඤෙහි සොකෙහි.
1952. රත් වූ ගලෙහි ලූ තණ මෙන් ද මුලසුන් කැලෑ ගසක් මෙන් ද මලානික වෙමි. දිය නො පිරුණු නදියක් මෙන් වියළෙමි. එය ශෝක කරන චන්‍ද්‍රා නිසා උපනි. අන් කරුණු නිසා නො වෙයි.
1953. වස‍්සංව සරෙ පාදෙ ඉමානි මස‍්සූනි වත‍්තරෙ මය‍්හං, තව චන්‍දියා සොචන‍්තියා න නං අඤ‍්ඤෙහි සොකෙහි.
1953. පර්‍වත පාදයෙහි වැසි දිය මෙන් මගේ කඳුළු ධාරා නො සිඳී ගලයි. එය ශෝක කරන චන්‍ද්‍රා නිසා උපනි. අන් කරුණු නිසා නො වේ.
1954. පාපොසි ඛො රාජපුත‍්ත යො මෙ ඉච‍්ඡිතපතිං වරාකියා, විජ‍්ඣි වනමූලස‍්මිං සො යං විද‍්ධො ඡමා සෙති.
1954. රාජපුත්‍රය, යමෙක් දුක්පත් මා කැමැති මාගේ සැමියා වනයෙහි විද්දේ ද (ඒ නුඹ) පාපියෙක් වෙහි. විදුම් ලද හෙතෙම බිමැ හෝනේ ය.
1955. ඉමං මය‍්හං හදයසොකං පටිමුඤ‍්චතු රාජපුත‍්ත තව මාතා, යො මය‍්හං හදයසොකො කිම‍්පුරිසං අවෙක‍්ඛමානාය.
1955. රාජපුත්‍රය, කිඳුරා බලන මාගේ සිත්හි යම් දුකෙක් වේ ද, මාගේ සිත්හි හටගත් දුක තොපගේ මව ද ලබාවා.
1956. ඉමං මය‍්හං හදයසොකං පටිමුඤ‍්චතු රාජපුත‍්ත තව ජාතා, යො මය‍්හං හදයසොකො කිම‍්පුරිසං අවෙක‍්ඛමානාය.
1956. රාජපුත්‍රය, කිඳුරා බලන මාගේ හිතෙහි යම් දුකෙක් වේ ද, මාගේ හිතෙහි හටගත් දුක තොපගේ බිරිඳ ද ලබාවා.
1957. මා ච පුත‍්තෙ මා ච පතිං අද‍්දක‍්ඛි රාජපුත‍්ත තව මාතා, යො කිම‍්පුරිසං අවධි අදූසකං මය‍්හකාමාහි.
1957. රාජපුත්‍රය, යමෙක් අහිංසක වූ මට ප්‍රිය වූ කිඳුරා මැරී ද (ඒ) තොපගේ මව ද දූදරුවන් නො දකීවා. සැමියා ද නො දකීවා.
1958. මා ච පුත‍්තෙ මා ච පතිං5 අද‍්දක‍්ඛි රාජපුත‍්ත තව ජායා, යො කිම‍්පුරිසං අවධි අදූසකං මය‍්හකාමාහි.
1958. රාජපුත්‍රය, යමෙක්, අහිංසක වූ මට ප්‍රිය වූ කිඳුරා මැරී ද (ඒ) තොපගේ බිරිඳ දරුවන් නො දකීවා. සැමියා ද නො දකීවා යි සාප කළා ය.
1959. මා තුවං චන්‍දෙ රුජ‍්ජි මා සොචි මනතිමිරමත‍්තික‍්ඛි, මම ත්‍වං හොහිසි භරියා රාජකුලෙ පූජිතා නාරී.
1959. චන්‍ද්‍රාවෙනි, නො හඬන්න. දුක් නො වන්න. තී මානෙල් මල් බඳු ඇස් ඇත්තීය. තෙපි රජකුලයේ ස්ත්‍රීන්ගෙන් පිදුම් ලබන්නී මාගේ භාර්‍ය්‍යාව හෙවත් අගමෙහෙසිය වන්නහු ය.
1960. අපිනූනහං මරිස‍්සං නචපනාහං රාජපුත‍්ත තව හෙස‍්සං යො කිම‍්පුරිසං අවධි අදූසකං මය‍්හකාමාහි.
1960. රාජපුත්‍රය, අහිංසක වූ මට ප්‍රිය වූ කිඳුරා යමෙක් මැරී ද, මම මිය යතත් (ඒ) තොපගේ භාර්‍ය්‍යා නො වෙමි.
1961. අපි භීරුකෙ අපිජීවිතුකාමිකෙ කිම‍්පුරිසි ගච‍්ඡ හිමවන‍්තං, තාලිස‍්සතගරභොජනෙ අරඤ‍්ඤෙ තං මිගා රමිස‍්සන‍්ති.
1961. තලිස් පතුරු හා තුවරලා ආහාර කොට ගන්නා බියසුලු කිඳුරිය, ජීවත් වන්නට කැමැති නම් හිමවතට යව. වනයෙහි මෘගයෝ තී රමණය කරන්නාහ.
1962. තෙ පබ‍්බතා තාච කන්‍දරා තා ච ගිරිගුහායො, තත්‍ථ තං අපස‍්සන‍්තී කිංපුරිස කථං අහං කාසං
1962. කිඳුරාණෙනි, ඒ පර්‍වත ද ඒ කඳුරැලි ද ඒ පර්‍වත ගුහා ද ඇත. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1963. තෙ පණ‍්ණසත්‍ථතා රමණීයා වාළමිගෙහි අනුචිණ‍්ණා, තත්‍ථ තං අපස‍්සන‍්තී කිංපුරිස කථං අහං කාසං
1963. කිඳුරාණෙනි, ව්‍යාල මෘගයන් හැසිරැ පුරුදු කොළ ඇතිරී ඇත. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1964. තෙ පුප‍්ඵසන්‍ථාරමණියා වාළමිගෙහි අනුචිණ‍්ණා, තත්‍ථ තං අපස‍්සන‍්තී කිංපුරිස කථං අහං කාසං
1964. කිඳුරාණෙනි, ව්‍යාල මෘගයන් හැසිරැ පුරුදු රමණීය වූ මල්ඇතිරී ඇත. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1965. අච‍්ඡා සවන‍්ති ගිරිවරනදියො කුසුමාභිකිණ‍්ණසොතායො, තත්‍ථ තං අපස‍්සන‍්තී කිංපුරිස කථං අහං කාසං
1965. කිඳුරාණෙනි, පිරිසුදු දිය ඇති කුසුම් විසුරුණු දියදහර ඇති ගිරිනදීහු මෙහි ගලා බසිති. එහි තොප නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1966. නීලානි හිමවතො පබ‍්බතස‍්ස කූටානි දස‍්සනෙය්‍යානි, තත්‍ථ තං අපස‍්සන‍්තී කිම‍්පුරිස කථං අහං කාසං
1966. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ නිල්පැහැති පර්‍වතකූටයෝ වෙති. එහි තොප නො දක්නා මම කුමක් කරම් ද?
1967. පීතානි හිමවතො පබ‍්බතස‍්ස කූටානි දස‍්සනෙය්‍යානි, තත්‍ථ තං අපස‍්සන‍්තී කිම‍්පුරිස කථං අහං කාසං
1967. කිඳුරාණෙනි, හිමවතෙහි දැකුම්කලු රන්වන් පර්‍වතකූටයෝ වෙති. එහි තොප නො දක්නා මම කුමක් කරම් ද?
1968. තම‍්බානි හිමවතො පබ‍්බතස‍්ස කූටානි දස‍්සනෙය්‍යානි, තත්‍ථ තං අපස‍්සන‍්තී කිම‍්පුරිස කථං අහං කාසං
1968. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ තඹපැහැති පර්‍වත කූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1969. තුඞ‍්ගානි හිමවතො පබ‍්බතස‍්ස කූටානි දස‍්සනෙය්‍යානි, තත්‍ථ තං අපස‍්සන‍්තී කිම‍්පුරිස කථං අහං කාසං
1969. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ උස් වූ පර්‍වතකූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1970. සෙතානි හිමවතො පබ‍්බතස‍්ස කූටානි දස‍්සනෙය්‍යානි, තත්‍ථ තං අපස‍්සන‍්තී කිම‍්පුරිස කථං අහං කාසං.
1970. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ සුදුපැහැති පර්‍වතකූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1971. චිත්‍රානි හිමවතො පබ‍්බතස‍්ස කූටානි දස‍්සනෙය්‍යානි, තත්‍ථ තං අපස‍්සන‍්තී කිම‍්පුරිස කථං අහං කාසං.
1971. කිඳුරාණෙනි, හිමවතෙහි දර්‍ශනීය වූ විසිතුරු පර්‍වතකූටයෝ වෙති. එහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1972. යක‍්ඛගණසෙවිතෙ ගන්‍ධමාදනෙ ඔසධෙහි සඤඡන‍්නෙ, තත්‍ථ තං අපස‍්සන‍්තී කිම‍්පුරිස කථං අහං කාසං
1972. කිඳුරාණෙනි, ඔසුයෙන් ගැවැසුණු බූමාටුදෙවියන් සෙවුනා ගඳමහන් පව්වෙහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1973. කිම‍්පුරිසසෙවිතෙ ගන්‍ධමාදනෙ ඔසධෙහි සඤඡන‍්නෙ, තත්‍ථ තං අපස‍්සන‍්තී කිම‍්පුරිස කථං අහං කාසං
1973. කිඳුරාණෙනි, ඔසුයෙන් ගැවැසුණු කිඳුරන් සෙවුනා ගඳමහන් පව්වෙහි ඔබ නො දක්නා මම කුමක් කෙරෙම් ද?
1974. වන්‍දෙ තෙ පාදෙ අයිර බ්‍රහ‍්මෙ යො මෙ ඉච‍්ඡිතපතිං වරාකියා, අමතෙන අභිසිඤ‍්චි සමාගතස‍්මිං පියතමෙන
1974. උතුම් බමුණාණෙනි, යමෙක් දුක්පත් මාගේ සැමියා අමාදියෙන් ඉස්සේ ද, (එ හෙයින්) ප්‍රියතම සැමියා හා එක්වීම් ලදිමි. ඒ ඔබ වඳිමි.
1975. විචරාම දානි ගිරිවරනදියො කුසුමාභිකිණ‍්ණසොතායො, නානාදුමවසනායො පියංවදා අඤ‍්ඤමඤ‍්ඤස‍්සාති.
1975. අපි දැන් මලින් ගැවැසුණු දියදහර ඇති නන්වැදෑරුම් තුරුසෙවණ නැමැති වස්ත්‍ර ඇති ගිරිමතින් ඇද හැලෙන නදීන්හි ඔවුනොවුනට ප්‍රිය බස් බෙණෙමින් හැසිරෙම්හ.