3. මහාඋක්කුසජාතකං
1976. උක්කා මිලාචා බන්ධන්ති දීපෙ පජා මමං ඛාදිතුං පත්ථයන්ති, මිත්තං සහායඤ්ච වදෙහි සෙනක ආචික්ඛ ඤාතිව්යසනං දිජානං
1976. උකුස්සාණෙනි, මාගේ දරුවන් කන්නට රිසිඇති දනවු වැස්සෝ අප වසන දූපතෙහි හුළු බඳිති. එක් වැ හැසිරෙන මිතුරකුට කියව. පක්ෂී වූ අපගේ ඥාති ව්‍යසනය උකුසුරජුට කියනු මැනැවි.
1977. දිජො දිජානං පවරොසි පක්ඛි, උක්කුසරාජ සරණං තං උපෙමි, පජා මම ඛාදිතුං පත්ථයන්ති ලුද්දා මිලාචා භව මෙ සුඛාය.
1977. උකුසුරජාණෙනි, ඔබ පක්ෂීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ පක්ෂි වෙති. මම ඔබ සරණ යමි. රුදුරු ජනපද වාසීහු මාගේ දරුවන් කන්නට රිසි වන්නාහ. ඔබ මට සැප පිණිස වෙත්වා.
1978. මිත්තං සහායඤ්ච කරොන්ති පණ්ඩිතා කාලෙ අකාලෙ සුකමෙසමානා, කරොමි තෙ සෙනක එතමත්ථං අරියො හි අරියස්ස කරොති කිච්චං.
1978. උකුස්සාණෙනි, ප්‍රාඥයෝ කල්හි දු නො කල්හි දු සැපය සොයන්නාහු උපකාර කරන මිතුරන් සහායයන් ඇති කර ගනිති. එහෙයින් මම ඔබට මේ උපකාරය කරමි. ආචාරසම්පන්න පුද්ගල ආචාරසම්පන්න පුද්ගලහට කටයුතු දෑ කෙරෙයි.
1979. යං හොති කිච්චං අනුකම්පකෙන අරියස්ස අරියෙන කතං තවයිදං, අත්තානුරක්ඛී භව මා අඩය්හ ලච්ඡාම පුත්තෙ තයි ජිවමානෙ.
1979. අනුකම්පා ඇති ආචාරසම්පන්න ඔබ විසින් කටයුතු යමක් ඇත් ද, ආචාරගුණ ඇති මට මේ උපකාරය කරන ලදී. තමා රැකෙන්නේ මැනැවි. නො දැවෙන්නේ මැනැවි. ඔබ ජීවත් වන කලැ (අපි) දරුවන් ලබන්නමු.
1980. තවෙව රක්ඛාවරණං කරොන්තො සරීරභෙදාපි න සන්තසාමි, කරොන්ති හෙකෙ සඛිනං සඛාරො පාණං චජන්ති සත මෙසධම්මෙ.
1980. (මිතුර,) ඔබගේ ම රැකවරණ සඳහා ක්‍රියා කරන මම මැරෙතු දු සන්ත්‍රාසයට පත් නො වෙමි. ඇතැම් මිතුරෝ මිතුරන් නිසා සිය පණ ද අත් හරිති. මෙය සත්පුරුෂ ධර්ම යි.
1981. සුදුක්කරං කම්මමකා අණ්ඩජායං විහඞ්ගමො අත්ථාය කුරරො පුත්තෙ අඩ්ඪරත්තෙ අනාගතෙ.
1981. ආකාශචාරී මේ උකුසු පක්ෂි තෙමේ අඩරැයක් ගෙවෙන තාක් මිතුරාගේ පුතුන් සඳහා ඉතා දුෂ්කර කාර්ය්යයක් කෙළේ ය.
1982. චුතාපි එකෙ ඛලිතා සකම්මුනා, මිත්තානුකම්පාය පතිට්ඨහන්ති, පුත්තා මමට්ටා ගතිමාගතොස්මි අත්ථං චරෙථ මම චාරිඡන්න.
1982. දියෙහි වසන මාගේ මිත්‍රය, ඇතැම් කෙනෙක් යසසින් හා ධනයෙන් පිරිහෙත් නමුදු මිතුරනට අනුකම්පාවෙන් පිහිට වෙති. මාගේ පුත්හු කරදරයට පත් වැ සිටිති. පිළිසරණ සොයා පැමිණියෙමි. හිතචර්ය්යායෙහි යෙදෙනු මැනැවි.
1983. ධනෙන ධඤ්ඤෙන ච අත්තනා ව මිත්තං සහායඤ්ච කරොන්ති පණ්ඩිතා, කරොමි තෙ සෙනක එතමත්ථං අරියො හි අරියස්ස කරොති කිච්චං.
1983. නුවණැත්තෝ ධනධාන්යයට ද ජීවිතයට ද වඩා මිතුරාට සහායයාට උදව් කෙරෙති. උකුස්සාණෙනි, ඔබගේ මේ කාර්ය්යය කරමි. ආචාරසම්පන්නයා ආචාරසම්පන්නයාගේ කාර්ය්යය ඉටු කෙරෙයි.
1984. අප්පොස්සුක්කො තාත තුවං නිසීද පුත්තො පිතු චරති අත්ථචරියං, අහං චරිස්සාමි තවෙතමත්ථං සෙනස්ස පුත්තෙ පරිතායමානො.
1984. පියාණෙනි, ඔබ වෙහෙස නො වනු මැනවි. පුත්‍රයා පියාගේ කාර්‍ය්‍යයෙහි නියුක්ත ව හැසිරෙයි. උකුස්සාගේ දරුවන් රකිමින් මම ඔබගේ මේ කාර්‍ය්‍යයෙහි හැසිරෙන්නෙමි.
1985. අද්ධා හි තාත සතමෙස ධම්මො පුත්තො පිතු යං චරෙථ අත්ථචරියං, අප්පෙව මං දිස්වා පවඩ්ඪකායං සෙනස්ස පුත්තෙ න විහෙඨයෙය්යුං.
1985. දරුව, පියාගේ කාර්‍ය්‍යයෙහි පුත්‍රයා නියුක්ත වීම ඒකාන්තයෙන් සත්පුරුෂ ගුණයෙකි. බොහෝ වැඩී ගිය මා දැකැ දනව් වැසියෝ උකුස්සාගේ පුතුන් වෙහෙස නො කරන්නාහු නම් මැනැවි.
1986. පසූ මනුස්සා මිගවිරියසෙට්ඨ භයද්දිතා සෙට්ඨමුපබ්බජන්ති, පුත්තා මමට්ටා ගතිමාගතොස්මි ත්වං නොසි රාජා භව මෙ සුඛාය.
1986. මෘගයන් අතරේ වීර්‍ය්‍යය ඇති ශ්‍රේෂ්ඨ රජතුමනි, තිරිසන්නු ද මනුෂ්‍යයෝ ද බියට පත් වූවෝ ශ්‍රේෂ්ඨයකු කරා එති. මාගේ දරුවෝ පීඩිතයහ. පිළිසරණ සොයා ආයේ වෙමි. ඔබ අප රජ වෙති. මාගේ සැපත පිණිස උපකාර වුව මැනැවි.
1987. කරොමි තෙ සෙනක එතමත්ථං ආයාම තෙ තං දිසතං වධාය, කථං හි විඤ්ඤූ පහු සම්පජානො න වායමෙ අත්තජනස්ස ගුත්තියා.
1987. උකුස්සාණෙනි, ඔබගේ මේ කාර්ය්යය කරමි. ඔබගේ ඒ සතුරන් නසන්නට යමු. නුවණැත්තේ සතුරු බිය දැකැ මිතුරන්ගේ ආරක්ෂාව සඳහා කෙසේ නම් වෑයම් නො කෙරේ ද?
1988. මිත්තඤ්ච කයිරාථ සුභද්දයඤ්ච අයිරඤ්ච කයිරාථ සුඛෙහි අයිරො, නිවත්ථකොජො ව සරෙභිහන්ත්වා මොදාම පුත්තෙහි සමඞ්ගිභූතා.
1988. යමෙක් සැපත සඳහා මිතුරකු හෝ හිතෛෂියකු හෝ ස්වාමියකු හෝ ඇති කරන්නේ ද හේ සන්නාහය පැළැඳ ගත්තෙක් ඊපහර වළකන්නා සේ සතුරු කරදර වළකා ගනියි. (රැකුණා වූ) අපි දරුවන් හා එක්ව ප්‍රීත වෙමු.
1989. සකමිත්තස්ස කම්මෙන සහායස්සාපලායිනො, කූජන්තමුපකූජන්ති ලොමසා හදයඞ්ගමං.
1989. ස්වකීය මිත්‍රයා වූ, බියෙන් පැන නොයන්නා වූ සිංහයාගේ වික්‍රමය නිසා, අපේ කුරුලු පැටව් අපේ සිත් තුටු කරමින් නාදයට අනුව නාද කරති.
1990. මිත්තං සහායං අධිගම්ම පණ්ඩිතො සො භුඤ්ජති පුත්තපසුං ධනං වා, අහඤ්ච පුත්තා ච පතී ච මය්හං මිත්තානුකම්පාය සමඞ්ගිභූතා.
1990. ප්‍රාඥයා හිතෛෂී මිත්‍රයකු ලබා ද හේ පුත්‍රයන් ද සිවුපාවන් ද ධනය ද ලැබැ පරිහරණය කරයි. මම ද මගේ පුත්‍රයෝ ද සැමියා ද යන අපි මිතුරන්ගේ අනුකම්පාව නිසා එක් වැ වසමු.
1991. රාජාවතා සූරවතා ච අත්ථො සම්පන්න සක්ඛිස්ස භවන්ති හෙතෙ, සො මිත්තවා යසවා උග්ගතත්තො අස්මිඤ්ච ලොකෙ මොදති කාමකාමී.
1991. රාජබලය ද සූරබලය ද ඇති මිතුරන්ගෙන් ප්‍රයෝජන ඇත. මිත්රධර්ම ඇත්තාට මෙබඳු මිතුරෝ වෙත්. මිතුරන් සහ යසස් ඇති උසස් ගතිපැවැතුම්වලින් යුතු හේ මෙලොව දී ද ප්‍රීත වේ.
1992. කරණීයානි මිත්තානි දළිද්දෙනාපි සෙනක, පස්ස මිත්තානුකම්පාය සමග්ගම්භා සඤාතකෙ.
1992. උකුස්සාණෙනි, දිළින්දා විසිනුදු මිතුරෝ කටයුත්තාහ. (හෙවත් මිතුරෝ සෙවිය යුතුවෙති.) මිතුරන්ගේ අනුකම්පාව නිසා සිය දරුවන් හා එක්වීමු. එය බලනු මැනැවි.
1993. සූරෙන බලවන්තෙන යො මෙත්තිං කුරුතෙ දිජො, එවං සො සුඛිතො හොති යථාහං ත්වඤ්ච සෙනකාති.
1993. උකුස්සාණෙනි, යම් පක්ෂියෙක් සූරයකු සමග ද බලවතකු සමග ද මිතුරුකම් කෙරේ ද, හේ මාත් ඔබත් සුවපත් වූ සේ සුවපත් වෙයි.