3. මහාඋක්කුසජාතකවණ්ණනා 486 අට්ඨකථා
3. මහාඋක්කුසජාතකවණ්ණනා (486)
3. මහාඋක්කුස ජාතකය (486)
උක්කා චිලාචා බන්ධන්තීති ඉදං සත්ථා ජෙතවනෙ විහරන්තො මිත්තබන්ධකඋපාසකං ආරබ්භ කථෙසි. සො කිර සාවත්ථියං පරිජිණ්ණස්ස කුලස්ස පුත්තො සහායං පෙසෙත්වා අඤ්ඤතරං කුලධීතරං වාරාපෙත්වා “අත්ථි පනස්ස උප්පන්නකිච්චං නිත්ථරණසමත්ථො මිත්තො වා සහායො වා”ති වුත්තෙ “නත්ථී”ති වත්වා “තෙන හි මිත්තෙ තාව බන්ධතූ”ති වුත්තෙ තස්මිං ඔවාදෙ ඨත්වා පඨමං තාව චතූහි දොවාරිකෙහි සද්ධිං මෙත්තිං අකාසි, අථානුපුබ්බෙන නගරගුත්තිකගණකමහාමත්තාදීහි සද්ධිං මෙත්තිං කත්වා සෙනාපතිනාපි උපරාජෙනාපි සද්ධිං මෙත්තිං අකාසි. තෙහි පන සද්ධිං එකතො හුත්වා රඤ්ඤා සද්ධිං මෙත්තිං අකාසි. තතො අසීතියා මහාථෙරෙහි සද්ධිං ආනන්දත්ථෙරෙනපි සද්ධිං එකතො හුත්වා තථාගතෙන සද්ධිං මෙත්තිං අකාසි. අථ නං සත්ථා සරණෙසු ච සීලෙසු ච පතිට්ඨාපෙසි, රාජාපිස්ස ඉස්සරියමදාසි. සො මිත්තබන්ධකොයෙවාති පාකටො ජාතො. අථස්ස රාජා මහන්තං ගෙහං දත්වා ආවාහමඞ්ගලං කාරෙසි. රාජානං ආදිං කත්වා මහාජනො පණ්ණාකාරෙ පහිණි. අථස්ස භරියා රඤ්ඤා පහිතං පණ්ණාකාරං උපරාජස්ස, උපරාජෙන පහිතං පණ්ණාකාරං සෙනාපතිස්සාති එතෙන උපායෙන සකලනගරවාසිනො ආබන්ධිත්වා ගණ්හි. සත්තමෙ දිවසෙ මහාසක්කාරං කත්වා දසබලං නිමන්තෙත්වා පඤ්චසතස්ස බුද්ධප්පමුඛස්ස භික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වා භත්තකිච්චාවසානෙ සත්ථාරා කථිතං අනුමොදනං සුත්වා උභොපි ජයම්පතිකා සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු.
උක්කාමිලා වා බන්ධන්ති යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මිත්තගන්ධක උපාසකයා අරභයා දේශනා කළ සේක. සැවැත්නුවර පිරිහී ගිය කුලයක පුත්‍රයා වූ හෙතෙම (තමාගේ) යහළුවෙකු පිටත්කර යවා එක්තරා කුලදුවක විචාරා “ඔහුට උපන් කටයුතු පසිඳුවාලන්නට සමත් මිත්‍රයෙක් හෝ සහායකයෙක් ඇත්දැයි (විචාරා) නැතැයි (කී කල්හි) එසේ නම් පළමුව මිතුරන් ඇතිකර ගනීවායි කී කල්හි ඇයගේ අවවාදයෙහි සිට පළමුව සතරවාහල් දොරටුවෙහි පාලකයන් සමග මිතුරු බව කළේය. ඉක්බිතිව පිළිවෙලින් නගරපල්ලන් සමගද සේනාමහාමාත්යයන් සමගද මිතුරු බව කොට, සෙන්පතියා සමගද යුවරජු සමගද මිතුරු බව කළේය. ඔවුන් සමග එකතු වී රජු සමගද මිතුරු බව කළේය. අනතුරුව අසූමහා ශ්‍රාවකයන් සමගද ආනන්ද තෙරුන් සමගද එකමුතු වී තථාගතයන් වහන්සේ සමගද මිතුරු බව කළේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුව සරණාගමනයෙහිද සීලයන්හිද පිහිටවූ සේක. රජුද ඔහුට සම්පත් දුන්නේය. හෙතෙම මිත්රගන්ධක යැයිම ප්‍රකට වීය. ඉක්බිති ඔහුට මහත් වූ ගෙයක් දී ආවාහ මංගල්‍යය කරවීය. රජු ආදීකොට මහජනයා (ඔහුට) පඬුරු එවීය. ඉක්බිති ඔහුගේ බිරිඳ රජු විසින් එවන ලද පඬුරු යුවරජුටද යුවරජු විසින් එවන ලද පඬුරු සෙන්පතියාටදැයි මේ ක්‍රමයෙන් සියළු නුවරවැසියන් බැඳගත්තාය. සත්වන දවස්හි මහත් වූ සත්කාර කර දසබලධාරී බුදුරදුන්ට ආරාධනා කර පන්සියයක් පමණ වූ බුද්ධප්‍රමුඛ මහා සංඝයාට දන් දී බත්කිස අවසානයේදී ශාස්තෲන් විසින් කරන ලද අනුමෝදනාව අසා අඹුසැමි යුවළම සෝවාන් ඵලයෙහි පිහිටියාහුය.
භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, මිත්තබන්ධකඋපාසකො අත්තනො භරියං නිස්සාය තස්සා වචනං කත්වා සබ්බෙහි මෙත්තිං කත්වා රඤ්ඤො සන්තිකා මහන්තං සක්කාරං ලභි, තථාගතෙන පන සද්ධිං මෙත්තිං කත්වා උභොපි ජයම්පතිකා සොතාපත්තිඵලෙ පතිට්ඨිතා”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, ඉදානෙව සො එතං මාතුගාමං නිස්සාය මහන්තං යසං සම්පත්තො, පුබ්බෙ තිරච්ඡානයොනියං නිබ්බත්තොපි පනෙස එතිස්සා වචනෙන බහූහි සද්ධිං මෙත්තිං කත්වා පුත්තසොකතො මුත්තොයෙවා”ති වත්වා තෙහි යාචිතො අතීතං ආහරි.
දම්සභාවෙහි (මෙබඳු වූ) කථාවක් උපදවාලූහ. ඇවැත්නි, මිත්රගන්ධක උපාසකයා තමාගේ බිරිඳ නිසා ඇගේ වචනය සා සියල්ලන් සමග මිතුරුබව කොට රජු සමීපයෙන් මහත් වූ සත්කාර ලැබුවේය. ශාස්තෲන් වහන්සේ සමග මිතුරු බව කර අඹු-සැමි යුවලම සෝවාන් ඵලයෙහි පිහිටියාහුයයි (කියාය) ශාස්තෲන් වහන්සේ වැඩමකර “මහණෙනි, දැන් කිනම් කථාවකින් යුක්තව හුන්නාහු දැයි විචාරා මෙනම් වූවකනැයි කී කල්හි “මහණෙනි, මොහු මාගමක් නිසා මහත් වූ යසසට පත්වූයේ දැන් පමණක් නොවේ. පෙර තිරිසන් යෝනියෙහි ඉපදුනා වූද මෙතෙම මැයගේ වචනය නිසා බොහෝදෙනා සමග මිතුරු බව කොට පුත්‍ර ශෝකයෙන් මිදුනේය යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ එකච්චෙ පච්චන්තවාසිනො යත්ථ යත්ථ බහුං මංසං ලභන්ති, තත්ථ තත්ථ ගාමං නිවාසෙත්වා අරඤ්ඤෙ චරිත්වා මිගාදයො මාරෙත්වා මංසං ආහරිත්වා පුත්තදාරෙ පොසෙන්ති. තෙසං ගාමතො අවිදූරෙ මහාජාතස්සරො අත්ථි. තස්ස දක්ඛිණපස්සෙ එකො සෙනසකුණො, පච්ඡිමපස්සෙ එකා සෙනසකුණී, උත්තරපස්සෙ සීහො මිගරාජා, පාචීනපස්සෙ උක්කුසසකුණරාජා වසති. ජාතස්සරමජ්ඣෙ පන උන්නතට්ඨානෙ කච්ඡපො වසති. තදා සෙනො සෙනිං “භරියා මෙ හොහී”ති වදති. අථ නං සා ආහ – “අත්ථි පන තෙ කොචි මිත්තො”ති? “නත්ථි භද්දෙ”ති. අම්හාකං උප්පන්නං භයං වා දුක්ඛං වා හරණසමත්ථං මිත්තං වා සහායං වා ලද්ධුං වට්ටති, මිත්තෙ තාව ගණ්හාහීති. “කෙහි සද්ධිං මෙත්තිං කරොමි භද්දෙ”ති? පාචීනපස්සෙ වසන්තෙන උක්කුසරාජෙන, උත්තරපස්සෙ සීහෙන, ජාතස්සරමජ්ඣෙ කච්ඡපෙන සද්ධිං මෙත්තිං කරොහීති. සො තස්සා වචනං සම්පටිච්ඡිත්වා තථා අකාසි. තදා තෙ උභොපි සංවාසං කප්පෙත්වා තස්මිංයෙව සරෙ එකස්මිං දීපකෙ කදම්බරුක්ඛො අත්ථි සමන්තා උදකෙන පරික්ඛිත්තො, තස්මිං කුලාවකං කත්වා පටිවසිංසු.
අතීතයෙහි බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි පිටිසර ගම්වාසී ඇතැම්හු යම් යම් තැන බොහෝ මස් ලබත්ද ඒ ඒ තන්හි ගම්කොට වාසය කර වනයෙහි ඇවිද මුව ආදීන් මරා මස් ගෙනවුත් අඹුදරුවන් පෝෂණය කරත්. ඔවුන්ගේ ගමට නුදුරින් මහත් වූ ඉබේ හටගත් විලෙකි. ඒ විලේ දකුණුපස එක් උකුස්සෙක් වේ. බටහිර පස එක උකුස්සියක් වේ. උතුරුපස සිංහරාජයෙක් වේ. පෙරදිග කබරුස්සා නම් කුරුළු රාජයා වාසය කරයි. ස්වයංජාත විල මැද උස් වූ තැන කැසුබුවෙක් වාසය කරයි. එකල්හි ඒ උකුස්සා “මගේ බිරිඳ වව”යි උකුස්සියට විවාහ යෝජනා කළේය. ඉක්බිති ඇය ඔහුට “ඔබට යම්කිසි මිතුරෙක් වේදැ”යි විචාලාය. “සොඳුර නැතැ”යි අපට උපන් බියක් හෝ දුකක් හරනට පොහොසත් වූ යහලුවෙකු ලැබීම වටනේය. පළමුව මිතුරන් (ඇතිකර) ගනුවයි (කීවාය) “සොඳුර, කවරෙකු සමග මිතුරු බව කරම්ද?” “පෙරදිග වසන කබරුස්සා පක්ෂි රජු සමගද, උතුරුදිග වසන සිංහයා සමගද, විල මැද කැසබුවා සමගද මිතුරු බව කරවයි (කීවාය) හෙතෙම ඇයගේ වචනය පිළිගෙන එසේ කළේය. එකල්හි ඔවුහු දෙදෙනා සහවාසය කර ඒ විලෙහිම එක් දිවයිනක හාත්පස ජලයෙන් වට වූ කොළොම් ගසක් ඇත. එහි කැදැල්ලක් කර වාසය කළාහුය.
තෙසං අපරභාගෙ ද්වෙ සකුණපොතකා ජායිංසු. තෙසං පක්ඛෙසු අසඤ්ජාතෙසුයෙව එකදිවසං තෙ ජානපදා දිවසං අරඤ්ඤෙ චරිත්වා කිඤ්චි අලභිත්වා “න සක්කා තුච්ඡහත්ථෙන ඝරං ගන්තුං, මච්ඡෙ වා කච්ඡපෙ වා ගණ්හිස්සාමා”ති සරං ඔතරිත්වා තං දීපකං ගන්ත්වා තස්ස කදම්බස්ස මූලෙ නිපජ්ජිත්වා මකසාදීහි ඛජ්ජමානා තෙසං පලාපනත්ථාය අරණිං මන්ථෙත්වා අග්ගිං නිබ්බත්තෙත්වා ධූමං කරිංසු. ධුමො උග්ගන්ත්වා සකුණෙ පහරි, සකුණපොතකා විරවිංසු. ජානපදා තං සුත්වා “අම්භො, සකුණපොතකානං සූයති සද්දො, උට්ඨෙථ උක්කා බන්ධථ, ඡාතා සයිතුං න සක්කොම, සකුණමංසං ඛාදිත්වාව සයිස්සාමා”ති වත්වා අග්ගිං ජාලෙත්වා උක්කා බන්ධිංසු. සකුණිකා තෙසං සද්දං සුත්වා “ඉමෙ අම්හාකං පොතකෙ ඛාදිතුකාමා, මයං එවරූපස්ස භයස්ස හරණත්ථාය මිත්තෙ ගණ්හිම්හ, සාමිකං උක්කුසරාජස්ස සන්තිකං පෙසෙස්සාමී”ති චින්තෙත්වා “ගච්ඡ, සාමි , පුත්තානං නො උප්පන්නභයං උක්කුසරාජස්ස ආරොචෙහී”ති වත්වා පඨමං ගාථමාහ –
මෑත කාලයෙහි ඔවුන්ට පැටවු දෙදෙනෙක් ලද්දාහුය. ඔවුන් පියාපත් නොහටගත් කල්හිම එක් දිනයක ඒ දනව් වැස්සෝ දවස පුරා වනයෙහි හැසිර කිසිවක් නොලැබ “හිස් වූ අත්වලින් ගෙදරට යාමට නොහැකි වෙමු. මසුන් හෝ කැසුබුවන් හෝ ගනිමු යයි විලට බැස ඒ දිවයිනට ගොස් ඒ කොළොම් ගස මුල වැදහෙව මදුරුවන් ආදීන් විසින් කනු ලබන්නෝ ඔවුන් පලවා හැරීම පිණිස ගිනිගානා දඬු මැඩ ගිනි උපදවා දුම් ඇති කළාහුය. දුම නැගී කුරුල්ලන් මඩනා ලදි. කුරුළු පැටව් මහහඬින් කෑගැසුවාහුය. ජානපදිකයේ ඒ අසා එම්බා පුරුෂයනි, කුරුළු පැටවුන්ගේ ශබ්දයකි. නැගී සිටිව්. ගිනිහුල් බඳිව්. කුසගින්නට පත් වූවමෝ නිදන්නට නොහැකි වෙමු. කුරුළු මස් කාම නිදන්නෙමුයි කියා ගිනි දල්වා ගිනිහුල් බැන්දාහුය. කුරුල්ලෝ ඔවුන්ගේ ශබ්දය අසා “මොවුහු අපගේ පැටවුන් කනු කැමැත්තාහුය. අපි මෙබඳු වූ බිය දුරලීම සඳහා මිතුරන් ඇති කර ගතිමු. සැමියා කබරුස්ස ලිහිණි රජු වෙත යවන්නෙමියි සිතා “ස්වාමීනි, යව. අපගේ පුත්‍රයන්ට උපන් බිය ලිහිණි රජුට දන්වව”යි පළමු ගාථාව කීවාය.
“උක්කා චිලාචා බන්ධන්ති දීපෙ, පජා මමං ඛාදිතුං පත්ථයන්ති; මිත්තං සහායඤ්ච වදෙහි සෙනක, ආචික්ඛ ඤාතිබ්යසනං දිජාන”න්ති.
උක්කා මිලාවා බන්ධන්ති දීපෙ - පජා මමං ඛාදිතුං පත්ථයන්ති, මිත්තං සහායඤ්ච වදෙහි සෙනක - ආචික්ඛ ඤාතිව්යසනං දිජානන්ති
තත්ථ චිලාචාති ජානපදා. දීපෙති දීපකම්හි. පජා මමන්ති මම පුත්තකෙ. සෙනකාති සෙනකසකුණං නාමෙනාලපති. ඤාතිබ්යසනන්ති පුත්තානං බ්යසනං. දිජානන්ති අම්හාකං ඤාතීනං දිජානං ඉදං බ්යසනං උක්කුසරාජස්ස සන්තිකං ගන්ත්වා ආචික්ඛාහීති වදති.
එහි මිලාවා යනු ජනපදවැසියෝ. දපෙ යනු කුඩා දිවයිනෙහි. පජාමමං යනු මගේ පුත්‍රයන්. සෙනක යනු උකුසු පක්ෂියාට නමින් අමතයි. ඤාතිව්යසනං යනු පුත්‍රයන්ගේ විපත. දිජානං යනු අපගේ ඤාති වූ පක්ෂීන්ගේ මෙම විපත ලිහිණි රජු වෙත ගොස් කියව යයි කියයි.
සො වෙගෙන තස්ස වසනට්ඨානං ගන්ත්වා වස්සිත්වා අත්තනො ආගතභාවං ජානාපෙත්වා කතොකාසො උපසඞ්කමිත්වා වන්දිත්වා “කිංකාරණා ආගතොසී”ති පුට්ඨො ආගතකාරණං දස්සෙන්තො දුතියං ගාථමාහ –
හෙතෙම වේගයෙන් ඔහු වසන තැනට ගොස් නාදකර තමා පැමිණි බව දන්වා කරන ලද අවකාශ ඇත්තේ වෙත එළඹ වැඳ කවර කරුණක් නිසා පැමිණියේදැයි විමසන ලද්දේ දෙවන ගාථාව කීවේය.
“දිජො දිජානං පවරොසි පක්ඛිම, උක්කුසරාජ සරණං තං උපෙම; පජා මමං ඛාදිතුං පත්ථයන්ති, ලුද්දා චිලාචා භව මෙ සුඛායා”ති.
2. ළිහිණි රජාණනි, ඔබ පක්ෂීන් අතර ශ්‍රේෂ්ඨ පක්ෂියා වෙහි. ඔබ සරණ යමි. ලොල් වූ ජනපදවාසීහු මගේ දරුවන් කෑමට රිසි වෙති. (ඔබ) මගේ හිතසුව පිණිස වේවා!
තත්ථ දිජොති ත්වං දිජො චෙව දිජානං පවරො ච.
එහි දිජා යනු ඔබ පක්ෂියෙක් වූයේද පක්ෂීන් අතර ශ්‍රේෂ්ඨ වූයේද වෙයි.
උක්කුසරාජා “සෙනක මා භායී”ති තං අස්සාසෙත්වා තතියං ගාථමාහ –
ළිහිණි රජු, උකුස්සා “බිය නොවවයි” අස්වසා තෙවන ගාථාව කීවේය.
“මිත්තං සහායඤ්ච කරොන්ති පණ්ඩිතා, කාලෙ අකාලෙ සුඛමෙසමානා; කරොමි තෙ සෙනක එතමත්ථං, අරියො හි අරියස්ස කරොති කිච්ච”න්ති.
3. උකුස්ස, පණ්ඩිතයෝ කල්හිද නොකල්හිද සැප සොයන්නාහු මිතුරාද සහායකයාද (ඇති) කර ගනිත්. ඔබට මෙම උපකාරය කරමි. උසස් පුද්ගලයා උසස් තැනැත්තාගේ කටයුතු කරයිමය.
තත්ථ කාලෙ අකාලෙති දිවා ච රත්තිඤ්ච. අරියොති ඉධ ආචාරඅරියො අධිප්පෙතො. ආචාරසම්පන්නො හි ආචාරසම්පන්නස්ස කිච්චං කරොතෙව, කිමෙත්ථ කරණීයන්ති වදති.
එහි කාලෙ අකාලෙ යනු දවල්ද රාත්‍රියෙහිද අරියො යනු මෙහි හැසිරීමෙහි උසස් බව අදහස් කරන ලදි. ආචාර සම්පන්න තැනැත්තා ආචාර සම්පන්න තැනැත්තහුගේ කටයුත්ත කරයිමය. කිම මෙහි කළයුතුදැයි කියයි.
අථ නං පුච්ඡි “කිං, සම්ම, රුක්ඛං අභිරුළ්හා චිලාචා”ති? න තාව අභිරුළ්හා, උක්කායෙව බන්ධන්තීති. තෙන හි ත්වං සීඝං ගන්ත්වා මම සහායිකං අස්සාසෙත්වා මමාගමනභාවං ආචික්ඛාහීති. සො තථා අකාසි. උක්කුසරාජාපි ගන්ත්වා කදම්බස්ස අවිදූරෙ චිලාචානං අභිරුහනං ඔලොකෙන්තො එකස්මිං රුක්‍ඛග්ගෙ නිසීදිත්වා එකස්ස චිලාචස්ස අභිරුහනකාලෙ තස්මිං කුලාවකස්ස අවිදූරං අභිරුළ්හෙ සරෙ නිමුජ්ජිත්වා පක්ඛෙහි ච මුඛෙන ච උදකං ආහරිත්වා උක්කාය උපරි ආසිඤ්චි, සා නිබ්බායි. චිලාචා “ඉමඤ්ච සෙනකසකුණපොතකෙ චස්ස ඛාදිස්සාමී”ති ඔතරිත්වා පුන උක්කං ජාලාපෙත්වා අභිරුහිංසු. පුන සො උක්කං විජ්ඣාපෙසි. එතෙනුපායෙන බද්ධං බද්ධං විජ්ඣාපෙන්තස්සෙවස්ස අඩ්ඪරත්තො ජාතො. සො අතිවිය කිලමි, හෙට්ඨාඋදරෙ කිලොමකං තනුතං ගතං, අක්ඛීනි රත්තානි ජාතානි. තං දිස්වා සකුණී සාමිකං ආහ – “සාමි, අතිවිය කිලන්තො උක්කුසරාජා, එතස්ස ථොකං විස්සමනත්ථාය ගන්ත්වා කච්ඡපරාජස්ස කථෙහී”ති. සො තස්සා වචනං සුත්වා උක්කුසං උපසඞ්කමිත්වා ගාථාය අජ්ඣභාසි –
ඉක්බිති ඔහු (ගෙන්) විචාළේය. යහළුව, කිම ජනපදවැසියෝ ගසට නැංගාහුද? මෙතෙක් නැංගාහු නොවෙති. ගිනිහුළු බඳිත් යයි (කීය) එසේ නම් ඔබ වහා ගොස් මගේ යෙහෙළිය අස්වසා මගේ පැමිණෙන බව කියව යයි (කීවේය) හෙතෙම එසේ කළේය. ළිහිණි රජුද ගොස් කොළොම් ගස නුදුරුහි ජනපද වැසියන්ගේ (ගසට) නැගීම බලමින් එක් ගසක් මත්තෙහි හිඳ එක් ජනපදවැසියෙකුගේ ගසට නැගෙන කල්හි ඒ කැදැල්ලට නුදුරෙහි නැගිවිට විලෙහි ගිලී පියාපත් වලින්ද මුවෙන්ද වතුර ගෙනවුත් ගිනිහුල මත්තෙහි ඉස්සේය. ඒ ගිනිහුල නිවුනේය. ජනපදවැසියෝ මේ උකුස්සාද ඔහුගේ පැටවුන්ද කන්නෙමුයි (ගසෙන්) බැස නැවත ගිනිහුල දල්වා නැංගාහුය. නැවතද ළිහිණි රජු නිවා දැම්මේය. මේ උපායෙන් බඳනා ලද (ගිනිහුල්) නිවන්නේම මධ්‍යම රාත්‍රිය එළඹියේය. ඔහු අතිශයින් ක්ලාන්ත වීය. යටිබඩ පෙදෙසෙහි දලබුව තුනීව ගියේ ඇස් රතු වූයේද වීය. ඒ දැක උකුසු දෙන ස්වාමියාට (මෙසේ) කීවාය. ස්වාමීනි, ළිහිණි රජු අතිශයින් ක්ලාන්ත වූයේය. මොහුට මදක් විශ්‍රාම ගැනීම සඳහා කැසුබු රජුට කියවයි (කීවාය) හෙතෙම ඇයගේ වචනය අසා ළිහිණි රජු වෙත එළඹ ගාථාවකින් (මෙසේ) කීවේය.
“යං හොති කිච්චං අනුකම්පකෙන, අරියස්ස අරියෙන කතං තයීදං; අත්තානුරක්ඛී භව මා අඩය්හි, ලච්ඡාම පුත්තෙ තයි ජීවමානෙ”ති.
4. අනුකම්පා ඇති ආචාර සම්පන්න වූවහු විසින් ආචාර සම්පන්නයාට කළයුතු යමක් වේද? එය ඔබ විසින් (මා වෙනුවෙන්) කරන ලදි. තමා ආරක්ෂා වුව මැනවි. නොදැවෙන්නේ වෙහි. ඔබ ජීවත් වන කල්හි (අපි) දරුවන් ලබමු.
තත්ථ තයීදන්ති තයා ඉදං, අයමෙව වා පාඨො.
එහි කතං තවයිදං යනු ඔබ විසින් මෙය කරන ලදි. මෙයම හෝ පෙළ වෙයි.
සො තස්ස වචනං සුත්වා සීහනාදං නදන්තො පඤ්චමං ගාථමාහ –
හෙතෙම ඔහුගේ වචනය අසා සිංහනාද කරන්නේ පස්වන ගාථාව කීවේය.
“තවෙව රක්ඛාවරණං කරොන්තො, සරීරභෙදාපි න සන්තසාමි; කරොන්ති හෙකෙ සඛිනං සඛාරො, පාණං චජන්තා සතමෙස ධම්මො”ති.
5. ඔබටම රැකවරණය කරන්නා වූ (මම) සිරුර බිඳීමෙන් (මරණයෙන්) ද තැති නොගන්නෙමි. ඇතැම් මිතුරෝ මිතුරන් නිසා සිය පණද අත්හරිති. මෙය සත්පුරුෂ ධර්මයයි.
ඡට්ඨං පන සත්ථා අභිසම්බුද්ධො හුත්වා තස්ස ගුණං වණ්ණෙන්තො ආහ –
සවන ගාථාව ශාස්තෲන් වහන්සේ බුදුවී ඔහුගේ ගුණය වර්ණනා කරන සේක් වදාළ සේක.
“සුදුක්කරං කම්මමකාසි, අණ්ඩජායං විහඞ්ගමො; අත්ථාය කුරරො පුත්තෙ, අඩ්ඪරත්තෙ අනාගතෙ”ති.
6. ආකාශචාරී වූ මේ ළිහිණි රාජ පක්ෂියා අඩ රැයක් ගෙවෙන තෙක් (මිතුරාගේ) පුතුන් වෙනුවෙන් දුෂ්කර කාර්යයක් කළේය.
තත්ථ කුරරොති උක්කුසරාජා. පුත්තෙති සෙනකස්ස පුත්තෙ රක්ඛන්තො තෙසං අත්ථාය අඩ්ඪරත්තෙ අනාගතෙ යාව දියඩ්ඪයාමා වායාමං කරොන්තො දුක්කරං අකාසි.
එහි කුරරො යනු ළිහිණි රජුය. පුත්තෙ යනු උකුස්සාගේ පුතුන් රකින්නේ. ඔවුන් වෙනුවෙන්. අඩ්ඪරත්තෙ අනාගතෙ යනු යම්තාක් යාම් එකහමාරක් වෑයම් කරන්නේ දුෂ්කර වූවක් කළේය.
සෙනොපි උක්කුසං “ථොකං විස්සමාහි, සම්මා”ති වත්වා කච්ඡපස්ස සන්තිකං ගන්ත්වා තං උට්ඨාපෙත්වා “කිං, සම්ම, ආගතොසී”ති වුත්තො “එවරූපං නාම භයං උප්පන්නං, උක්කුසරාජා පඨමයාමතො පට්ඨාය වායමන්තො කිලමි, තෙනම්හි තව සන්තිකං ආගතො”ති වත්වා සත්තමං ගාථමාහ –
උකුස්සාද ළිහිණි රජුට “යහළුව, මදක් විවේක ගනුව”යි කියා කැසුබුවාගේ සමීපයට ගොස් ඔහුට උපස්ථාන කර “යහළුව, කුමක් හෙයින් පැමිණියේ වෙහි” දැයි කී කල්හි මෙවැනි වූ බියක් උපන්නේය. ළිහිණි රජු පළමු යාමය පටන් වෑයම් කරනුයේ ක්ලාන්ත වූයේය. එහෙයින් ඔබ සමීපයට ආවේ වෙමියි කියා සත්වන ගාථාව කීවේය.
“චුතාපි හෙකෙ ඛලිතා සකම්මුනා, මිත්තානුකම්පාය පතිට්ඨහන්ති; පුත්තා මමට්ටා ගතිමාගතොස්මි, අත්ථං චරෙථො මම වාරිචරා”ති.
7. ජලයෙහි හැසිරෙන යහළුව, ඇතමෙක් යසසින් හෝ ධනයෙන් හෝ ගිලිහුනාහු නමුත් සිය කටයුතුවලින් පැකිලුනාහු මිතුරන්ට අනුකම්පාවෙන් පිහිට වෙති. මගේ පුත්‍රයෝ විපතට පත්වූවාහුය. ඔවුන්ට පිළිසරණ පතා ආවේ වෙමි. (ඔවුන්ගේ) වැඩ පිණිස යෙදෙනු මැනවි.
තස්සත්ථො – සාමි, එකච්චෙ හි යසතො වා ධනතො වා චුතාපි සකම්මුනා ඛලිතාපි මිත්තානං අනුකම්පාය පතිට්ඨහන්ති, මම ච පුත්තා අට්ටා ආතුරා, තෙනාහං තං ගතිං පටිසරණං කත්වා ආගතොස්මි, පුත්තානං ජීවිතදානං දදන්තො අත්ථං මෙ චරාහි වාරිචරාති.
එහි අර්ථය නම් ස්වාමීනි, ඇතැම්හු යසසින් හෝ ධනයෙන් හෝ පිරිහුනාහුද සිය කටයුතුවලින් පරාජයට පත්වූවාහුද නමුත් මිතුරන් පිළිබඳ අනුකම්පාවෙන් පිහිට වෙති. මගේ පුත්‍රයෝද දුකට පත් වූවාහුය. ගිලන් වූවාහුය. එහෙයින් ඔවුන්ට පිළිසරණ පතා ආවේ වෙමි. (මගේ) පුත්‍රයන්ට ජීවිත දානය දෙන්නේ මට හිතසුව පිණිස හැසිරෙනු මැනවි යනුයි.
තං සුත්වා කච්ඡපො ඉතරං ගාථමාහ –
ඒ අසා කැසුබුවා අනික් ගාථාවක් කීවේය.
“ධනෙන ධඤ්ඤෙන ච අත්තනා ච, මිත්තං සහායඤ්ච කරොන්ති පණ්ඩිතා; කරොමි තෙ සෙනක එතමත්ථං, අරියො හි අරියස්ස කරොති කිච්ච”න්ති.
8. පණ්ඩිතයෝ ධනයටද ධාන්යයටද තමාටද වඩා මිතුරාටද සහායකයාටද උදව් කරති. උකුස්සාණනි, ඔබගේ මේ කාර්යය කරමි. උසස් තැනැත්තා උසස් තැනැත්තාගේ කාර්යය ඉටු කරයි.
අථස්ස පුත්තො අවිදූරෙ නිපන්නො පිතු වචනං සුත්වා “මා මෙ පිතා කිලමතු, අහං පිතු කිච්චං කරිස්සාමී”ති චින්තෙත්වා නවමං ගාථමාහ –
ඉක්බිති ඔහුගේ පුතා නුදුරෙහි හොත්තේ පියාගේ වචනය අසා මගේ පියා නොවෙහෙසේවා! මම පියාගේ කාර්යය කරන්නෙමියි සිතා නවවන ගාථාව කීවේය.
“අප්පොස්සුක්කො තාත තුවං නිසීද, පුත්තො පිතු චරති අත්ථචරියං; අහං චරිස්සාමි තවෙතමත්ථං, සෙනස්ස පුත්තෙ පරිතායමානො”ති.
9. පියාණනි, ඔබ වෙහෙස නොවුව මැනවි. හිඳුව. පුත්‍රයා පියාගේ වැඩ පිණිස වූ කාර්යයෙහි හැසිරෙයි. මම උකුස්සාගේ පුත්‍රයන් රකිමින් ඔබගේ මේ කාර්යයෙහි හැසිරෙන්නෙමි.
අථ නං පිතා ගාථාය අජ්ඣභාසි –
ඉක්බිති පියා ඔහුට ගාථාවකින් මෙසේ කීවේය.
“අද්ධා හි තාත සතමෙස ධම්මො, පුත්තො පිතු යං චරෙ අත්ථචරියං; අප්පෙව මං දිස්වාන පවඩ්ඪකායං, සෙනස්ස පුත්තා න විහෙඨයෙය්යු”න්ති.
10. දරුව, පුත්‍රයා යම් හෙයකින් පියාගේ කාර්යයෙහි නිරත වේයයි යම් දෙයක් වේද එය ඒකාන්තයෙන් සත්පුරුෂ ගුණයකි. බොහෝ වැඩුන සිරුරැති මා දැක (ඔවුහු) උකුස්සාගේ පුත්තු නොනස්නාහු නම් යෙහෙක.
තත්ථ සතමෙස ධම්මොති පණ්ඩිතානං එස ධම්මො. පුත්තාති සෙනස්ස පුත්තෙ චිලාචා න හෙඨයෙය්යුන්ති.
එහි සතමෙස ධම්මො යනු මේ පණ්ඩිතයන්ගේ ස්වභාවයයි. පුත්තා යනු ජනපදවැසියෝ උකුස්සාගේ පුතුන් නොවෙහෙස කරන්නාහුය.
එවං වත්වා මහාකච්ඡපො “සම්ම, මා භායි, ත්වං පුරතො ගච්ඡ, ඉදානාහං ආගමිස්සාමී”ති තං උය්යොජෙත්වා උදකෙ පතිත්වා කලලඤ්ච සෙවාලඤ්ච සංකඩ්ඪිත්වා ආදාය දීපකං ගන්ත්වා අග්ගිං විජ්ඣාපෙත්වා නිපජ්ජි. චිලාචා “කිං නො සෙනපොතකෙහි, ඉමං කාළකච්ඡපං පරිවත්තෙත්වා මාරෙස්සාම, අයං නො සබ්බෙසං පහොස්සතී”ති වල්ලියො උද්ධරිත්වා ජියා ගහෙත්වා නිවත්ථපිලොතිකාපි මොචෙත්වා තෙසු තෙසු ඨානෙසු බන්ධිත්වා කච්ඡපං පරිවත්තෙතුං න සක්කොන්ති. කච්ඡපො තෙ ආකඩ්ඪන්තො ගන්ත්වා ගම්භීරට්ඨානෙ උදකෙ පති. තෙපි කච්ඡපලොභෙන සද්ධිංයෙව පතිත්වා උදකපුණ්ණාය කුච්ඡියා කිලන්තා නික්ඛමිත්වා “භො එකෙන නො උක්කුසෙන යාව අඩ්ඪරත්තා උක්කා විජ්ඣාපිතා, ඉදානි ඉමිනා කච්ඡපෙන උදකෙ පාතෙත්වා උදකං පායෙත්‍වා මහොදරා කතම්හ, පුන අග්ගිං කරිත්වා අරුණෙ උග්ගතෙපි ඉමෙ සෙනකපොතකෙ ඛාදිස්සාමා”ති අග්ගිං කාතුං ආරභිංසු. සකුණී තෙසං කථං සුත්වා “සාමි, ඉමෙ යාය කායචි වෙලාය අම්හාකං පුත්තකෙ ඛාදිත්වා ගමිස්සන්ති, සහායස්ස නො සීහස්ස සන්තිකං ගච්ඡාහී”ති ආහ. සො තඞ්ඛණඤ්ඤෙව සීහස්ස සන්තිකං ගන්ත්වා “කිං අවෙලාය ආගතොසී”ති වුත්තෙ ආදිතො පට්ඨාය තං පවත්තිං ආරොචෙත්වා එකාදසමං ගාථමාහ –
මහ කැසුබුවා මෙසේ කියා “යහළුව, බිය නොවව. ඔබ පෙරටුව යව. මම දැන්ම එමියි ඔහු පිටත්කර යවා ජලයෙහි පැන මඩද එකතු කරගෙන කුඩා දිවයිනට ගොස් ගින්න නිවා හොත්තේය. ජනපදවැසියෝ අපට උකුසු පැටවුන්ගේ කවර ප්‍රයෝජනයක්ද? මේ කණ කැස්බෑවා මරන්නෙමු. මොහු අප හැමදෙනාටම ප්‍රමාණවත් වන්නේ යයි වැල් උදුරා දුනුදිය ගෙන හැඳ සිටි රෙදිද මුදා ඒ ඒ තන්හි බැඳ කැසුබුවා පෙරළන්නට නොහැකි වෙත්. කැසුබුවා ඔවුන් අදිමින් ගොස් ජලයෙහි ගැඹුරු තැනෙක්හි වැටුනේය. ඔවුහුද කැසුබුවා පිළිබඳ ආසාවෙන් ඌ සමගම වැටී කුසෙහි ජලය පිරීමෙන් ක්ලාන්ත වූවාහු නික්මුනාහු එම්බා පුරුෂයනි, එක් කබරුස්සෙකු විසින් මධ්‍යම රාත්‍රිය දක්වා අපගේ ගිනිහුල් නිවන ලදහ. දැන් මේ කැසුබුවා විසින් ජලයෙහි හෙලා ජලය පොවා මහත් වූ උදර ඇත්තවුන් කරන ලද්දෝ වෙමු. නැවත ගිනි දල්වා (ඇති කර) අරුණ නැගුන කල්හි මේ උකුසු පැටවුන් කන්නෙමුයි ගිනි කරන්නට පටන් ගත්තාහුය. කුරුල්ලෝ ඔවුන්ගේ ශබ්දය අසා ස්වාමීනි, මොවුහු යම්කිසි වේලාවක අපගේ පුතුන් කා යන්නාහුය. අපගේ යහළු වූ සිංහයාගේ සමීපයට යවයි කීවේය. හෙතෙම එකෙනෙහිම ඔහු සමීපයට ගොස් නොකල්හි කවර හෙයින් පැමිණියේදැයි කී කල්හි මුල පටන් ඒ ප්‍රවෘත්තිය දන්වා එකොළොස්වන ගාථාව කීවේය.
“පසූ මනුස්සා මිගවීරසෙට්ඨ, භයට්ටිතා සෙට්ඨමුපබ්බජන්ති; පුත්තා මමට්ටා ගතිමාගතොස්මි, ත්වං නොසි රාජා භව මෙ සුඛායා”ති.
11. මෘගයන් අතර සියල්ලන්ට වඩා වීර්යය ඇති ශ්‍රේෂ්ඨය, තිරිසන්නුද මිනිස්සුද බියට පත්වූවාහු ශ්‍රේෂ්ඨයෙකු කරා එළඹෙති. මගේ පුත්‍රයෝ පීඩාවට පත්වූවාහු වෙති. පිහිටක් සොයා ආවේ වෙමි. ඔබ අපගේ රජු වෙහිය. මාගේ සැප පිණිස (උපකාරී) වෙහි.
තත්ථ පසූති සබ්බතිරච්ඡානෙ ආහ. ඉදං වුත්තං හොති – “සාමි, මිගෙසු වීරියෙන සෙට්ඨ, සබ්බලොකස්මිඤ්හි සබ්බෙ තිරච්ඡානාපි මනුස්සාපි භයට්ටිතා හුත්වා සෙට්ඨං උපගච්ඡන්ති, මම ච පුත්තා අට්ටා ආතුරා. තස්මාහං තං ගතිං කත්වා ආගතොම්හි, ත්වං අම්හාකං රාජා සුඛාය මෙ භවාහී”ති.
එහි පසු යනු සියළු තිරිසනුන් ගැන කීය. මෙය කියන ලද්දේ වෙයි. මෘගයන් අතර ශ්‍රේෂ්ඨ වීර්යය ඇති ස්වාමීනි, ලොව සියළු තිරිසනුන්ද මිනිස්සුද බියෙන් තැතිගත්තෝ වී ශ්‍රේෂ්ඨයන් වෙත එළඹෙත්. මගේ පුත්‍රයෝද පීඩාවට පත්වූවාහුය. එහෙයින් මම ඒ පුරුද්ද කොට ආවේ වෙමි. අපගේ රජු වූ ඔබ මගේ සැප පිණිස පිහිට වෙවයි.
තං සුත්වා සීහො ගාථමාහ –
ඒ අසා සිංහයා (මේ) ගාථාව කීවේය.
“කරොමි තෙ සෙනක එතමත්ථං, ආයාමි තෙ තං දිසතං වධාය; කථඤ්හි විඤ්ඤූ පහු සම්පජානො, න වායමෙ අත්තජනස්ස ගුත්තියා”ති.
12. උකුස්සාණනි, ඔබගේ මේ කාර්යය කරමි. ඔබගේ ඒ සතුරා නසන්නට යමු. නුවණැති තැනැත්තා සතුරු බිය දැක මිතුරන්ගේ ආරක්ෂාව සඳහා කෙසේ නම් වෑයම් නොකරන්නේද?
තත්ථ තං දිසතන්ති තං දිසසමූහං, තං තව පච්චත්ථිකගණන්ති අත්ථො. පහූති අමිත්තෙ හන්තුං සමත්ථො. සම්පජානොති මිත්තස්ස භයුප්පත්තිං ජානන්තො. අත්තජනස්සාති අත්තසමස්ස අඞ්ගසමානස්ස ජනස්ස, මිත්තස්සාති අත්ථො.
එහි තං දිසතං යනු ඒ සතුරු සමූහයා. ඒ ඔබගේ පසමිතුරු සමූහයා යයි යන අර්ථයි. පහු යනු සතුරන් නසන්නට සමර්ථ වූයේ. සම්පජානො යනු මිතුරාගේ බියට පැමිණීම දන්නේ. අත්තජනස්ස යනු තමා හා සමාන වූ තම අවයවයන් හා සමාන වූ ජනයාගේ, මිත්‍රයාගේ යන අර්ථයි.
එවඤ්ච පන වත්වා “ගච්ඡ ත්වං පුත්තෙ සමස්සාසෙහී”ති තං උය්යොජෙත්වා මණිවණ්ණං උදකං මද්දමානො පායාසි. චිලාචා තං ආගච්ඡන්තං දිස්වා “කුරරෙන තාව අම්හාකං උක්කා විජ්ඣාපිතා, තථා කච්ඡපෙන අම්හෙ නිවත්ථපිලොතිකානම්පි අස්සාමිකා කතා, ඉදානි පන නට්ඨම්හා, සීහො නො ජීවිතක්ඛයමෙව පාපෙස්සතී”ති මරණභයතජ්ජිතා යෙන වා තෙන වා පලායිංසු. සීහො ආගන්ත්වා රුක්ඛමූලෙ න කිඤ්චි අද්දස. අථ නං කුරරො ච කච්ඡපො ච සෙනො ච උපසඞ්කමිත්වා වන්දිංසු. සො තෙසං මිත්තානිසංසං කථෙත්වා “ඉතො පට්ඨාය මිත්තධම්මං අභින්දිත්වා අප්පමත්තා හොථා”ති ඔවදිත්වා පක්කාමි, තෙපි සකඨානානි ගතා. සෙනසකුණී අත්තනො පුත්තෙ ඔලොකෙත්වා “මිත්තෙ නිස්සාය අම්හෙහි දාරකා ලද්ධා”ති සුඛනිසින්නසමයෙ සෙනෙන සද්ධිං සල්ලපන්තී මිත්තධම්මං පකාසමානා ඡ ගාථා අභාසි –
මෙසේද කියා ඔබ යව, දරුවන් සනසවයි ඔහු පිටත්කර යවා නිල් මැණී පැහැ ඇති ජලය මඩමින් ගියේය. ජනපදවැසියෝ එන්නා වූ ඌ දැක කබරුස්සා විසින් අපගේ ගිනිහුල් නිවන ලද, කැසුබුවා විසින් අප හැඳි වස්ත්රයන්ටද අහිමිකරුවෝ කරන ලදහ. දැන් නැසුනෝ වෙමු. සිංහයා අප ජීවිතක්ෂයටම පමුණුවන්නේයයි මරණ බියෙන් බියපත් වූවෝ ඒ මේ තන්හි පලා ගියාහුය. සිංහයා අවුත් ගසමුල කිසිවෙකු නොදුටුවේය. ඉක්බිති කබරුස්සාද කැස්බෑවාද ඔහු වෙත එළඹ (ඌට) වැන්දාහුය. හෙතෙම ඔවුන්ට මිතුරන්ගේ අනුසස් කියා මෙතැන් පටන් මිත්රධර්මය නොබිඳ අප්‍රමාද වව් යයි අවවාද කර ගියේය. ඔවුහු සිය තැන්වලට ගියෝය. උකුසු ධේනුවද තමාගේ පුතුන් බලා මිතුරන් නිසා අප විසින් දරුවන් ලදැයි සතුටුව හුන් කල්හි උකුස්සා සමග කථා කරන්නී මිත්‍ර ධර්මය ප්‍රකාශ කරන්නී ගාථා සයක් කීවාය.
“මිත්තඤ්ච කයිරාථ සුහදයඤ්ච, අයිරඤ්ච කයිරාථ සුඛාගමාය; නිවත්ථකොචොව සරෙභිහන්ත්වා, මොදාම පුත්තෙහි සමඞ්ගිභූතා.
13. මිතුරු බවද සුහද බවද ස්වාමි බවද කරව්. ස්වාමි වූ තැනැත්තේ සුව ලබන්නෙහිය. හඳනා ලද සන්නාහ ඇති තැනැත්තා හීවලින් පහර ලැබ පීඩාවට පත් නොවන්නාක් මෙන් පුත්‍රයන් සමග එකතු වූවා වූ (අපි) සතුටු වෙමු.
“සකමිත්තස්ස කම්මෙන, සහායස්සාපලායිනො; කූජන්තමුපකූජන්ති, ලොමසා හදයඞ්ගමං.
14. සිය මිත්‍රයාගේ කටයුත්තේදී පලා නොයන්නා වූ මිත්‍ර වූ සිංහයාගේ වික්‍රමය නිසා (අපගේ පැටව්) (අපගේ) සිත් සතුටු කරමින් හෘදයංගමව නාද කරන්නා වූ අප අනුව නාද කරත්.
“මිත්තං සහායං අධිගම්ම පණ්ඩිතො, සො භුඤ්ජතී පුත්ත පසුං ධනං වා; අහඤ්ච පුත්තා ච පතී ච මය්හං, මිත්තානුකම්පාය සමඞ්ගිභූතා.
15. පණ්ඩිතයෝ හිතැති මිතුරෙකු ලබයිද? හේ පුත්‍රයන්ද සිවුපාවුන්ද ධනයද පරිහරණය කරයි. මම ද මගේ පුත්‍රයෝද ස්වාමියාද මිතුරන්ගේ අනුකම්පාව නිසා එක් වූවෝ වෙමු.
“රාජවතා සූරවතා ච අත්ථො, සම්පන්නසඛිස්ස භවන්ති හෙතෙ; සො මිත්තවා යසවා උග්ගතත්තො, අස්මිංධලොකෙ මොදති කාමකාමී.
16. රාජ බලය ද සූර බලය ද ඇති අයගෙන් ප්‍රයෝජන ඇත. මිත්‍ර ධර්මයෙන් යුක්ත වූවහුට මොවුහු වෙති. කාමකාටිය මිතුරන් ඇත්තා වූද යසස් ඇත්තා වූද උසස් පැවතුම්වලින් යුක්ත වූද (ඔහු) මෙලොවදී සතුටු වේ.
“කරණීයානි මිත්තානි, දලිද්දෙනාපි සෙනක; පස්ස මිත්තානුකම්පාය, සමග්ගම්හා සඤාතකෙ.
17. උකුස්ස, දිළින්දා විසින්ද මිත්‍රයෝ කටයුත්තාහ. බලනු මැනවි. මිතුරන්ගේ අනුකම්පාව නිසා ඤාතීන් සහිත වූවෝ එකතු වූවෙමු.
“සූරෙන බලවන්තෙන, යො මිත්තෙ කුරුතෙ දිජො; එවං සො සුඛිතො හොති, යථාහං ත්වඤ්ච සෙනකා”ති.
18. උකුස්ස, යම් පක්ෂියෙක් දක්ෂ වූ බලවන්තයෙකු සමග මිතුරුකම් කෙරේද හෙතෙම මමද ඔබද යම් සේද සේ සුවපත් වේ.
තත්ථ මිත්තඤ්චාති යංකිඤ්චි අත්තනො මිත්තඤ්ච සුහදයඤ්ච සුහදයසහායඤ්ච සාමිකසඞ්ඛාතං අයිරඤ්ච කරොථෙව. නිවත්ථකොචොව සරෙභිහන්ත්වාති එත්ථ කොචොති කවචො. යථා නාම පටිමුක්කකවචො සරෙ අභිහනති නිවාරෙති, එවං මයම්පි මිත්තබලෙන පච්චත්ථිකෙ අභිහන්ත්වා පුත්තෙහි සද්ධිං මොදාමාති වදති. සකමිත්තස්ස කම්මෙනාති සකස්ස මිත්තස්ස පරක්කමෙන. සහායස්සාපලායිනොති සහායස්ස අපලායිනො මිගරාජස්ස. ලොමසාති පක්ඛිනො අම්හාකං පුත්තකා මඤ්ච තඤ්ච කූජන්තං හදයඞ්ගමං මධුරස්සරං නිච්ඡාරෙත්වා උපකූජන්ති. සමඞ්ගිභූතාති එකට්ඨානෙ ඨිතා.
එහි මිත්තඤ්ච යනු යම්කිසිවෙක් තමාගේ මිත්‍රයාද සහෘදයාද සහෘදයාගේ යහළුවාද ස්වාමි තනතුරෙහි පිහිටියෙකු ප්‍රධානියෙකු කරව්මය. නිවත්ථකොජොව සරෙභිහනත්වා යන මෙහි කොජො යනු සන්නාහයයි. යම් සේ පැළඳ ගත් සන්නාහය හීතල නසයිද? වලක්වයිද? මෙසේ අපි මිත්‍රයන්ගේ බලයෙන් පසමිතුරන් නසා පුත්‍රයන් සමග සතුටු වෙමුයි කියයි. සකමිත්තස්ස කම්මෙන යනු සිය මිත්‍රයාගේ පරාක්‍රමයෙන්. සහායස්සා පලායිනො යනු යහළු වූ (එමෙන්ම) විපතෙහිදී පලා නොයන්නා වූ මෘගරාජයාගේ. ලොමසා යනු පක්ෂීහු. අපගේ කුඩා නාද කරන්නා වූ මාද ඔබද අනුව හෘදයංගමව මිහිරි ස්වරයෙන් අනුව නාද කරති. සමංගිභූතා එක්තැනක සිටියාහු.
රාජවතා සූරවතා ච අත්ථොති යස්ස සීහසදිසො රාජා උක්කුසකච්ඡපසදිසා ච සූරා මිත්තා හොන්ති, තෙන රාජවතා සූරවතා ච අත්ථො සක්කා පාපුණිතුං. භවන්ති හෙතෙති යො ච සම්පන්නසඛො පරිපුණ්ණමිත්තධම්මො, තස්ස එතෙ සහායා භවන්ති. උග්ගතත්තොති සිරිසොභග්ගෙන උග්ගතසභාවො. අස්මිංධලොකෙති ඉධලොකසඞ්ඛාතෙ අස්මිං ලොකෙ මොදති. කාමකාමීති සාමිකං ආලපති. සො හි කාමෙ කාමනතො කාමකාමී නාම. සමග්ගම්හාති සමග්ගා ජාතම්හා. සඤාතකෙති ඤාතකෙහි පුත්තෙහි සද්ධිං.
රාජාවතා සූරවතා ච අත්ථො යනු යමෙකුට සිංහයා සමාන රජකුද, ලිහිණි රජා හා කැසුබුවා හා සමාන ශූරයෝද මිත්‍රයෝ වෙත්ද ඒ රාජබලයද ශූර බලයද ඇත්තහු විසින් අභිමතාර්ථය කරා පැමිණීමට හැකිය. භවන්ති හෙතෙ යනු යමෙක් ප්රත්යක්ෂ හිතවත් බැවින් යුක්තද, පිරිපුන් මිත්‍ර ධර්මයෙන් යුක්තද ඔහුට මොවුන් සහාය වෙත්. උග්ගතත්තො යනු ශ්‍රී සෞභාග්‍යයෙන් ආඪ්‍ය ස්වභාවයයි. අසමිංච ලොකෙ යනු මෙලොව සංඛ්‍යාත වූ මේ ලෝකයෙහි. මොදති කාමකාමී යනු ස්වාමියා අමතයි. හෙතෙම කාමයන් කැමති වන හෙයින් කාමකාමී නම් වේ. සමග්ගම්හා යනු සමගි වූවෝ වෙමු. ඤාතකෙ යනු නෑදෑයන් පුත්‍රයන් සමග.
එවං සා ඡහි ගාථාහි මිත්තධම්මස්ස ගුණකථං කථෙසි. තෙ සබ්බෙපි සහායකා මිත්තධම්මං අභින්දිත්වා යාවතායුකං ඨත්වා යථාකම්මං ගතා.
මෙසේ ඇය ගාථා සයකින් මිත්‍ර ධර්මයෙහි ගුණ කීවාය. ඔවුහු සියල්ලෝම යහළුවෝ වූවෝ මිත්‍ර ධර්මය නොබිඳම ආයු ඇති තෙක් සිට කම් වූ පරිදි මියපරලොව ගියහ.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න, භික්ඛවෙ, ඉදානෙව සො භරියං නිස්සාය සුඛප්පත්තො, පුබ්බෙපි සුඛප්පත්තොයෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා සෙනො ච සෙනී ච ජයම්පතිකා අහෙසුං, පුත්තකච්ඡපො රාහුලො, පිතා මහාමොග්ගල්ලානො, උක්කුසො සාරිපුත්තො, සීහො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා, මහණෙනි! මෙතෙම භාර්යාව නිසා සුවයට පත්වූයේ දැන් පමණක් නොවේ. පෙරද සැපයට පත්වූයේම යයි කියා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි උකුස්සාද උකුසු ධේනුවද දම්පතීහු වූහ. පුත් වූ කැසුබුවා රාහුල විය. පියා මුගලන් තෙර වීය. කබරුස්ස ළිහිණි රජු සැරියුත් තෙර වීය. සිංහයා මම ම වීමි යයි වදාළ සේක.
මහාඋක්කුසජාතකවණ්ණනා තතියා.