2. චන්දකින්නරීජාතකවණ්ණනා 485 අට්ඨකථා
2. චන්දකින්නරීජාතකවණ්ණනා (485)
2. චන්දකින්නර ජාතකය (485)
උපනීයතිදං මඤ්ඤෙති ඉදං සත්ථා කපිලවත්ථුපුරං උපනිස්සාය නිග්රොධාරාමෙ විහරන්තො රාජනිවෙසනෙ රාහුලමාතරං ආරබ්භ කථෙසි. ඉදං පන ජාතකං දූරෙනිදානතො පට්ඨාය කථෙතබ්බං. සා පනෙසා නිදානකථා යාව ලට්ඨිවනෙ උරුවෙලකස්සපසීහනාදා අපණ්ණකජාතකෙ කථිතා, තතො පරං යාව කපිලවත්ථුගමනා වෙස්සන්තරජාතකෙ ආවි භවිස්සති. සත්ථා පන පිතු නිවෙසනෙ නිසීදිත්වා අන්තරභත්තසමයෙ මහාධම්මපාලජාතකං (ජා· 1.10.92 ආදයො) කථෙත්වා කතභත්තකිච්චො “රාහුලමාතු නිවෙසනෙ නිසීදිත්වා තස්සා ගුණං වණ්ණෙන්තො චන්දකින්නරීජාතකං (ජා· 1.14.18 ආදයො) කථෙස්සාමී”ති රාජානං පත්තං ගාහාපෙත්වා ද්වීහි අග්ගසාවකෙහි සද්ධිං රාහුලමාතු නිවෙසනට්ඨානං පායාසි. තදා තස්සා සම්මුඛා චත්තාලීසසහස්සනාටකිත්ථියො වසන්ති තාසු ඛත්තියකඤ්ඤානංයෙව නවුතිඅධිකසහස්සං. සා තථාගතස්ස ආගමනං ඤත්වා “සබ්බා කාසාවානෙව නිවාසෙන්තූ”ති තාසං ආරොචාපෙසි. තා තථා කරිංසු. සත්ථා ආගන්ත්වා පඤ්ඤත්තාසනෙ නිසීදි. අථ තා සබ්බාපි එකප්පහාරෙනෙව විරවිංසු, මහාපරිදෙවසද්දො අහොසි. රාහුලමාතාපි පරිදෙවිත්වා සොකං විනොදෙත්වා සත්ථාරං වන්දිත්වා රාජගතෙන බහුමානෙන සගාරවෙන නිසීදි. රාජා තස්සා ගුණකථං ආරභි, “භන්තෙ, මම සුණ්හා ‘තුම්හෙහි කාසාවානි නිවත්ථානී’ති සුත්වා කාසාවානෙව නිවාසෙසි, ‘මාලාදීනි පරිච්චත්තානී’ති සුත්වා මාලාදීනි පරිච්චජි, ‘භූමියං සයතී’ති සුත්වා භූමිසයනාව ජාතා, තුම්හාකං පබ්බජිතකාලෙ විධවා හුත්වා අඤ්ඤෙහි රාජූහි පෙසිතං පණ්ණාකාරං න ගණ්හි, එවං තුම්හෙසු අසංහීරචිත්තා එසා”ති නානප්පකාරෙහි තස්සා ගුණකථං කථෙසි. සත්ථා “අනච්ඡරියං, මහාරාජ, යං එසා ඉදානි මම පච්ඡිමෙ අත්තභාවෙ මයි සසිනෙහා අසංහීරචිත්තා අනඤ්ඤනෙය්යා භවෙය්ය. එසා තිරච්ඡානයොනියං නිබ්බත්තාපි මයි අසංහීරචිත්තා අනඤ්ඤනෙය්යා අහොසී”ති වත්වා තෙන යාචිතො අතීතං ආහරි.
උපනීයතිදං මඤ්ඤෙ යන මෙය ශාස්තෲන් වහන්සේ කිඹුල්වත් නුවර ඇසුරුකොට නිග්‍රෝධාරාමයෙහි වාසය කරන සේක් රජ මාළිගයෙහි රාහුල මාතාවන් අරභයා දේශනා කළ සේක. මේ ජාතකය දූරෙ නිදානයෙහි පටන් කිව යුතුය. යම් මේ නිදාන කථාවක් වේද එය යම් තාක්, ලට්ඨි වනයෙහි උරුවෙල් කාශ්‍යපගේ සිංහනාදය තෙක් අපණ්ණක ජාතකයෙහි කියන ලද අනතුරුව යම්තාක් කිඹුල්වත් පුර ගමන වේද ඒ තාක් වෙස්සන්තර ජාතකයෙහි ප්‍රකට වන්නේය. ශාස්තෲන් වහන්සේ පියාගේ මාළිගයෙහි වැඩහිඳ දන් වැළඳීම් අතර කාලයෙහි මහා ධම්මපාල ජාතකය වදාරා කරන ලද බත්කිස ඇත්තේ රාහුල මාතා (යසෝදරා)වන් වසන තැන වැඩහිඳ ඇයගේ ගුණ වර්ණනා කරන සේක් චන්දකින්නර ජාතකය දේශනා කරමියි රජුගෙන් පාත්‍රය ගෙන්වාගෙන අග්‍රශ්‍රාවකයන් දෙදෙනා සමග රාහුල මාතාවන් වසන තැනට වැඩි සේක. එකල්හි ඇය ඉදිරියෙහි සතළිස් දහසක් නළඟනෝ වසති. ඔවුන් අතර ක්ෂත්රිය කන්‍යාවන්ගේ සංඛ්‍යාව එක්දහස් අනූවකි. ඇය තථාගතයන් වහන්සේ වැඩමවීම දැන සියල්ලෝම කෂාය වස්ත්රයන්ම හඳිව් යයි ඈලාට දැන්වීය. ඈලා එසේ කළාහුය. ශාස්තෲන් වහන්සේ වැඩමවා පනවන ලද ආසනයෙහි හුන් සේක. ඉක්බිති ඈලා සියල්ලෝම එකවරම මහ හඬින් හැඬූහ. මහත් වූ විලාප ශබ්දයක් වීය. රාහුල මාතාව වැලපී ශෝකය දුරුකොට ශාස්තෲන් වහන්සේට වැඳ රාජකීය වූ බුහුමනින් හා ගෞරව සහිතව හුන්නීය. රජු ඇයගේ ගුණ කථාව ආරම්භ කළේය. ස්වාමීනි, මගේ ලේලිය තොප විසින් කසාවත් හඳනා ලදැයි අසා කසාවත්ම ඇන්දාය. මල් මාලාදිය හරනා ලදැයි අසා මල් මාලාදිය අතහැර බිම හොවන්නීම වූවා, ඔබ පැවිදි වූ කල්හි වැන්දඹු වූවා අන් රජුන් විසින් එවන ලද පඬුරු නොගත්තාය. මෙසේ මැය ඔබ වහන්සේ කෙරෙහි ස්නේහයෙන් යුත් සිත් ඇත්තී වූවාය යි ඇයගේ නන්විරූ ගුණකථාව කීවේය. ශාස්තෲන් වහන්සේ, මහරජතුමනි, යම් හෙයකින් මැය දැන් මගේ අවසන් ආත්මභාවයෙහි මා කෙරෙහි සෙනෙහෙ සහිත වූවා ඇළුන සිත් ඇත්තී වූවා අනිකෙකු විසින් පාවා ගත නොහැකි වූවා අසිරිමත් නොවේ. මැය තිරිසන් යෝනියෙහි උපන්නීද මා කෙරෙහි ඇළුන සිත් ඇත්තී අනිකෙකු විසින් පාවා ගත නොහැකි වූවාම වී යයි වදාරා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ බාරාණසියං බ්රහ්මදත්තෙ රජ්ජං කාරෙන්තෙ මහාසත්තො හිමවන්තපදෙසෙ කින්නරයොනියං නිබ්බත්ති, චන්දා නාමස්ස භරියා. තෙ උභොපි චන්දනාමකෙ රජතපබ්බතෙ වසිංසු. තදා බාරාණසිරාජා අමච්චානං රජ්ජං නිය්යාදෙත්වා ද්වෙ කාසායානි නිවාසෙත්වා සන්නද්ධපඤ්චාවුධො එකකොව හිමවන්තං පාවිසි. සො මිගමංසං ඛාදන්තො එකං ඛුද්දකනදිං අනුසඤ්චරන්තො උද්ධං අභිරුහි. චන්දපබ්බතවාසිනො කින්නරා වස්සාරත්තසමයෙ අනොතරිත්වා පබ්බතෙයෙව වසන්ති, නිදාඝසමයෙ ඔතරන්ති. තදා ච සො චන්දකින්නරො අත්තනො භරියාය සද්ධිං ඔතරිත්වා තෙසු තෙසු ඨානෙසු ගන්ධෙ විලිම්පන්තො පුප්ඵරෙණුං ඛාදන්තො පුප්ඵපටෙ නිවාසෙන්තො පාරුපන්තො ලතාදොලාහි කීළන්තො මධුරස්සරෙන ගායන්තො තං ඛුද්දකනදිං පත්වා එකස්මිං නිවත්තනට්ඨානෙ ඔතරිත්වා උදකෙ පුප්ඵානි විකිරිත්වා උදකකීළං කීළිත්වා පුප්ඵපටෙ නිවාසෙත්වා පාරුපිත්වා රජතපට්ටවණ්ණාය වාලුකාය පුප්ඵාසනං පඤ්ඤපෙත්වා එකං වෙළු දණ්ඩකං ගහෙත්වා සයනෙ නිසීදි . තතො චන්දකින්නරො වෙළුං වාදෙන්තො මධුරසද්දෙන ගායි. චන්දකින්නරී මුදුහත්ථෙ නාමෙත්වා තස්ස අවිදූරෙ ඨිතා නච්චි චෙව ගායි ච. සො රාජා තෙසං සද්දං සුත්වා පදසද්දං අසාවෙන්තො සණිකං ගන්ත්වා පටිච්ඡන්නෙ ඨත්වා තෙ කින්නරෙ දිස්වා කින්නරියා පටිබද්ධචිත්තො හුත්වා “තං කින්නරං විජ්ඣිත්වා ජීවිතක්ඛයං පාපෙත්වා ඉමාය සද්ධිං සංවාසං කප්පෙස්සාමී”ති ඨත්වා චන්දකින්නරං විජ්ඣි. සො වෙදනාප්පත්තො පරිදෙවමානො චතස්සො ගාථා අභාසි –
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි මහබෝසත් තෙමේ හිමවත පෙදෙසෙහි කින්නර යෝනියෙහි උපන්නේය. ඔහුගේ භාර්යාව චන්දා නම් වූවාය. ඔවුහු දෙදෙනාම චන්ද නම් රිදී පර්වතයෙහි වාසය කළාහුය. එකල්හි බරණැස් නුවර රජු පංචායුධයෙන් සන්නද්ධව හුදකලාව හිමවතට පිවිසියේය. හෙතෙම මුව මස් කමින් එක් කුඩා නදියක් සිහිකරමින් (නදිය හාත්පස බලමින්) මත්තට නැංගේය. චන්ද පර්වත වැසි කිඳුරෝ වැසි කාලයෙහි (පර්වතයෙන්) නොබැස පර්වතයෙහිම වසත්. ග්‍රීෂ්ම කාලයෙහි බසිත්. එකල්හි ඒ සඳකිඳුරා තමාගේ භාර්යාව සමග පර්වතයෙන් බැස ඒ ඒ තන්හිදී සුවඳ ගල්වමින් මල්මාලා හඳිමින් පොරවමින් ලියවැල් නැමති දෝලාවන්හි ක්‍රීඩා කරමින් මිහිරි හඬින් ගායනා කරමින් ඒ කුඩා නදියට පැමිණ එක් වක් වූ තැනක (නදියට) බැස ජලයෙහි මල් විසුරුවා ජලක්‍රීඩා කොට මල්මාලා හැඳ පොරවා රන්පටක් වන් වැල්ලෙහි මල් යහනාවක් පනවා එක් බටනලාවක් ගෙන යහනෙහි හුන්නේය. ඉක්බිති සඳකිඳුරා බටනලාව වාදනය කරනුයේ මිහිරි ශබ්දයෙන් ගායනය කළේය. සඳකිඳුරිය මෘදු වූ අත් නමා ඔහු සමීපයෙහි සිටිමින්ම නැටුවාය. ගායනය කළාය. ඒ රජු ඔවුන්ගේ ශබ්දය අසා පිරිවර ශබ්දය නොඅස්වමින් වහා අවුත් පිළිසන් තැනක සිට ඒ කිඳුරන් දැක කිඳුරිය පිළිබඳව බැඳුන සිත් ඇත්තේ ඒ කිඳුරාට විද ජීවිත්කෂයට පත්කරවා මැය සමග වාසය කරන්නෙමියි සිතා සඳකිඳුරාට විද්දේය. හෙතෙම වේදනාවෙන් මඩනා ලද්දේ හඬමින් ගාථා සතරක් කීවේය.
“උපනීයතිදං මඤ්ඤෙ, චන්දෙ ලොහිතමද්දනෙ; අජ්ජ ජහාමි ජීවිතං, පාණා මෙ චන්දෙ නිරුජ්ඣන්ති.
උපනීයතිදං මඤ්ඤෙ - චන්දෙ ලොහිත මදෙන මජ්ජාමි, විජහාමි ජීවිතං පාණා - මෙ චන්දෙ නිරුජ්ක්ධන්ති
1. චන්ද්රාවෙනි, මේ ජීවිතය විනාශය කරා යේ යයි සිතමි. (වැගිරෙන) ලෙයෙහි ගිලෙමි. ජීවිතය අත්හරිමි. මගේ ප්‍රාණයෝ නිරුද්ධ වෙති.
“ඔසීදි මෙ දුක්ඛං හදයං, මෙ ඩය්හතෙ නිතම්මාමි; තව චන්දියා සොචන්තියා, න නං අඤ්ඤෙහි සොකෙහි.
2. මගේ ජීවිතය (නැවතී) හිඳියි. මට දුකකි. මගේ හදවත දැවෙයි. අතිශයින් ක්ලාන්ත වෙමි. (මගේ මේ ශෝකය) ශෝක කරන්නා වූ චන්ද්‍රාවගේ ශෝකය කරණ කොටගෙනය. එය අන් කරුණු නිසා නොවේ.
“තිණමිව වනමිව මිලායාමි, නදී අපරිපුණ්ණාව සුස්සාමි; තව චන්දියා සොචන්තියා, න නං අඤ්ඤෙහි සොකෙහි.
3. රත් වූ ගලක් මත දමන ලද තණ මෙන්ද, මුලින් සිඳිනා ලද වනය මෙන්ද මිලාන වෙමි. දිය නොපිරුන නදියක් මෙන් වියලෙමි. (මේ ශෝකය) ශෝක කරන්නා වූ වන්ද්රාවගේ ශෝකය නිසාය. අන් කරුණු නිසා නොවේ.
“වස්සමිව සරෙ පාදෙ, ඉමානි අස්සූනි වත්තරෙ මය්හං; තව චන්දියා සොචන්තියා, න නං අඤ්ඤෙහි සොකෙහී”ති.
4. පර්වත පාදයෙහි වැසිදිය මෙන් මගේ මේ කඳුළු නොසිඳ ගලයි. (මේ ශෝකය) ශෝක කරන්නා වූ චන්ද්‍රාවගේ ශෝකය නිසාය. අන් කරුණූ නිසා නොවේ.
තත්ථ උපනීයතීති සන්තතිවිච්ඡෙදං උපනීයති. ඉදන්ති ජීවිතං. පාණා මෙති භද්දෙ, චන්දෙ මම ජීවිතපාණා නිරුජ්ඣන්ති. ඔසීදි මෙති ජීවිතං මෙ ඔසීදති. නිතම්මාමීති අතිකිලමාමි. තව චන්දියාති ඉදං මම දුක්ඛං, න නං අඤ්ඤෙහි සොකෙහි, අථ ඛො තව චන්දියා සොචන්තියා සොකහෙතු යස්මා ත්වං මම වියොගෙන සොචිස්සසි, තස්මාති අත්ථො. තිණමිව වනමිව මිලායාමීති තත්තපාසාණෙ ඛිත්තතිණමිව මූලඡින්නවනමිව මිලායාමීති වදති. සරෙ පාදෙති යථා නාම පබ්බතපාදෙ පතිතවස්සං සරිත්වා අච්ඡින්නධාරං වත්තති.
එහි උපනීයති යනු ජීවිත සන්තනිය විනාශයට යේ. ඉදං යනු ජීවිතයයි. පාණාමෙ යනු සොඳුරිය චන්ද්රාවෙනි, මගේ ජීවිත ප්‍රාණයෝ නිරුද්ධ වෙති. ඔසධි මෙ යනු මගේ ජීවිත එකතැන හුන්නේ වෙයි. නිතම්මාමි යනු අතිශයින් ක්ලාන්ත වෙමි. තව චන්දියා යනු මගේ මේ දුක අන් ශෝක කරුණු නිසා නොවේ. තවද තව චන්දියා සොචන්තියා ශෝකයට හේතුව වූ කලී යම් හෙයකින් ඔබ මගේ වියෝගයෙන් ශෝක කරන්නෙහිද එනිසාය යි අර්ථයි. තිණමිව වනමිව යනු රත් වූ ගලක් මත හෙළන ලද තණ මෙන්ද, මුල් සිඳන ලද වනය මෙන්දැයි කියයි. සරෙ පාදෙ යනු යම් සේ පර්වත පාදයෙහි වැටුන වැස්ස ගලාගොස් නොසිඳුන ධාරා ඇතිව පවතීද (එසේයි)
මහාසත්තො ඉමාහි චතූහි ගාථාහි පරිදෙවිත්වා පුප්ඵසයනෙ නිපන්නොව සතිං විස්සජ්ජෙත්වා පරිවත්ති. රාජා පතිට්ඨිතොව. ඉතරා මහාසත්තෙ පරිදෙවන්තෙ අත්තනො රතියා මත්තා හුත්වා තස්ස විද්ධභාවං න ජානාති, විසඤ්ඤං පන නං පරිවත්තිත්වා නිපන්නං දිස්වා “කිං නු ඛො මෙ පියසාමිකස්ස දුක්ඛ”න්ති උපධාරෙන්තී පහාරමුඛතො පග්ඝරන්තං ලොහිතං දිස්වා පියසාමිකෙ උප්පන්නං බලවසොකං සන්ධාරෙතුං අසක්කොන්තී මහාසද්දෙන පරිදෙවි. රාජා “කින්නරො මතො භවිස්සතී”ති නික්ඛමිත්වා අත්තානං දස්සෙසි. චන්දා තං දිස්වා “ඉමිනා මෙ චොරෙන පියසාමිකො විද්ධො භවිස්සතී”ති කම්පමානා පලායිත්වා පබ්බතමත්ථකෙ ඨත්වා රාජානං පරිභාසන්තී පඤ්ච ගාථා අභාසි –
මහබෝසත් තෙමේ මේ ගාථා සතරින් වැළපී මල් යහනෙහිම හොත්තේ සිහිය අතහැර පෙරළී මහබෝසතුන් වැලපෙන කල්හිද තමාගේ ඇල්මෙන් මත් වී ඔහුට (හීයෙන්) විදින ලද බව නොදන්නීය. සිහිමුලා වූ ඔහු පෙරලී හොත් බව දැක කිම මගේ ස්වාමියාට දුකක් දැයි විමසන්නී හී පහර ලද මුවෙන් වැගිරෙන්නා වූ ලේ දැක ප්‍රිය වූ ස්වාමියා කෙරෙහි උපන් බලවත් ශෝකය දරන්නට නොහැකි වන්නී මහත් වූ ශබ්දයෙන් හැඬුවාය. රජ කිඳුරා මළේ වන්නේ යයි (හුන් තැනින්) නික්මී තමා දැක්වීය. චන්ද්‍රා තොමෝ ඔහු දැක මේ සොරා විසින් මගේ ප්‍රිය සැමියා විදින ලද්දේ යයි කම්පාවට පත් වූවා පලාගොස් පර්වත මත්තෙහි සිට රජුට අවමන් කරමින් ගාථා පහක් කීවාය.
“පාපො ඛොසි රාජපුත්ත, යො මෙ ඉච්ඡිතං පතිං වරාකියා; විජ්ඣසි වනමූලස්මිං, සොයං විද්ධො ඡමා සෙති.
5. රාජපුත්‍රය, යමෙක් දිළිඳු වූ මාගේ කැමති (ප්‍රිය) වූ ස්වාමියා වනයෙහිදී විද්දේද? (ඒ ඔබ) පාපියෙක් වෙහිය. (ඔබ විසින්) යමෙකුට විදින ලදද හෙතෙම බිම හොත්තේය.
“ඉමං මය්හං හදයසොකං, පටිමුඤ්චතු රාජපුත්ත තව මාතා; යො මය්හං හදයසොකො, කිම්පුරිසං අවෙක්ඛමානාය.
6. රාජපුත්‍රය, කිඳුරා බලන්නී වූ මාගේ හදවතෙහි යම් ශෝකයක් වේද, මේ මගේ හිතෙහි හටගත් ශෝකය තොපගේ මව ලබාවා.
“ඉමං මය්හං හදයසොකං, පටිමුඤ්චතු රාජපුත්ත තව ජායා; යො මය්හං හදයසොකො, කිම්පුරිසං අවෙක්ඛමානාය.
7. රාජපුත්‍රය, කිඳුරා බලන්නී වූ මාගේ හදවතෙහි යම් ශෝකයක් වේද? මේ මගේ හිතෙහි හටගත් ශෝකය තොපගේ බිරිඳ ලබාවා.
“මා ච පුත්තං මා ච පතිං, අද්දක්ඛි රාජපුත්ත තව මාතා; යො කිම්පුරිසං අවධි, අදූසකං මය්හ කාමා හි.
8. රාජපුත්‍රය, යමෙක් මා කැමැත්තෙන් නිරපරාධී වූ කිඳුරා මැරීද ඒ ඔබගේ මව දූදරුවන් නොදකීවා. සැමියාද නොදකීවා!
“මා ච පුත්තං මා ච පතිං, අද්දක්ඛි රාජපුත්ත තව ජායා; යො කිම්පුරිසං අවධි, අදූසකං මය්හ කාමා හී”ති.
9. රාජපුත්‍රය, යමෙක් මා කැමැත්තෙන් නිරපරාධී වූ කිඳුරා මැරීද ඒ ඔබගේ බිරිඳ දූදරුවන් නොදකීවා. සැමියාද නොදකීවා.
තත්ථ වරාකියාති කපණාය. පටිමුඤ්චතූති පටිලභතු ඵුසතු පාපුණාතු. මය්හ කාමා හීති මය්හං කාමෙන.
එහි වරාකියා යනු දිළිඳු වූ. පටිමුඤ්චතු යනු ලබාවා. ස්පර්ශ කෙරේවා. පැමිණේවා. මය්හකාමා යනු මා කැමැත්තෙන්.
රාජා නං පඤ්චහි ගාථාහි පරිභාසිත්වා පබ්බතමත්ථකෙ ඨිතංයෙව අස්සාසෙන්තො ගාථමාහ –
රජු, ගාථා පහකින් අපහාස කර පර්වත මුදුනෙහිම සිටි ඇය අස්වසවන්නේ
“මා ත්වං චන්දෙ රොදි මා සොපි, වනතිමිරමත්තක්ඛි; මම ත්වං හෙහිසි භරියා, රාජකුලෙ පූජිතා නාරීභී”ති.
10. ගිනෙර මල්බඳු ඇස් ඇත්තී වූ චන්ද්රාවෙනි, තොප නොහඬව. ශෝක නොකරව. තී රජමාලිගයෙහි පිදුම් ලද ස්ත්‍රිය වූ මගේ භාර්යාව වෙහි යයි යන ගාථාව කීවේය.
තත්ථ චන්දෙති මහාසත්තස්ස පරිදෙවනකාලෙ නාමස්ස සුතත්තා එවමාහ. වනතිමිරමත්තක්ඛීති වනතිමිරපුප්ඵසමානඅක්ඛි. පූජිතා නාරීභීති සොළසන්නං ඉත්ථිසහස්සානං ජෙට්ඨිකා අග්ගමහෙසී හෙස්සසි.
එහි චන්දෙ යනු මහබෝසතුන් වෙනුවෙන් හඬනා කල්හි (නම) අසන ලද හෙයින් මෙසේ කීය. වනතිමිරමත්තක්ඛී යනු ගිනෙර මල් හා සමාන ඇස් ඇත්තී. පූජිතා යනු සොළොස් දහසක් ස්ත්රීන්ට ප්‍රධාන වූ අගමෙහෙසිය වන්නෙහිය.
චන්දා තස්ස වචනං සුත්වා “ත්වං කිං මං වදෙසී”ති සීහනාදං නදන්තී අනන්තරගාථමාහ –
චන්ද්‍රා තොමෝ ඔහුගේ වචනය අසා ඔබ මට කවරක් කියහිදැයි සිංහනාද කරන්නී අනතුරු ගාථාව කීවාය.
“අපි නූනහං මරිස්සං, නාහං රාජපුත්ත තව හෙස්සං; යො කිම්පුරිසං අවධි, අදූසකං මය්හ කාමා හී”ති.
11. රාජපුත්‍රය, යමෙක් මා කැමැත්තෙන් නිරපරාධී වූ කිඳුරා නැසුවේද? මම මිය යන්නෙම් නමුදු තොපගේ භාර්යාව නොවන්නෙමි.
තත්ථ අපි නූනහන්ති අපි එකංසෙනෙව අහං මරිස්සං.
එහි අපිනූනහං යනු ඒකාන්තයෙන්ම මම මැරෙන්නෙම් නමුදු,
සො තස්සා වචනං සුත්වා නිච්ඡන්දරාගො හුත්වා ඉතරං ගාථමාහ –
හෙතෙම ඇයගේ වචනය අසා රාග නැත්තෙක් වී අනික් ගාථාවක් කීවේය.
“අපි භීරුකෙ අපි ජීවිතුකාමිකෙ, කිම්පුරිසි ගච්ඡ හිමවන්තං; තාලීසතගරභොජනා, අඤ්ඤෙ තං මිගා රමිස්සන්තී”ති.
12. තලිස් පතුරු තුවරලා අහර කොට ඇති බියසුළු කිඳුරිය ජීවත් වනු කැමැත්තෙහි නම් හිමවතට යව. වනයෙහිදී මෘගයෝ තී රමණය කරන්නාහ.
තත්ථ අපි භීරුකෙති භීරුජාතිකෙ. තාලීසතගරභොජනාති ත්වං තාලීසපත්තතගරපත්තභොජනා මිගී, තස්මා අඤ්ඤෙ තං මිගා රමිස්සන්ති, න ත්වං රාජකුලාරහා, ගච්ඡාති නං අවච, වත්වා ච පන නිරපෙක්ඛො හුත්වා පක්කාමි.
එහි අපි භීරුකෙ යනු බියසුළු ස්වභාව ඇති. තාලිස්සතගර භොජනෙ යනු තී තලිස් පතුරු තුවරලා අහරකොට ඇති මෘග ධෙනුවක. එහෙයින් වනයෙහි මෘගයෝම තී රමණය කරත්. තී රජකුලයට නුසුදුසුය. යව යි ඇයට කීවේය. කියාද අපේක්ෂා රහිතව පිටත්ව ගියේය.
සා තස්ස ගතභාවං ඤත්වා ඔරුය්හ මහාසත්තං ආලිඞ්ගිත්වා පබ්බතමත්ථකං ආරොපෙත්වා පබ්බතතලෙ නිපජ්ජාපෙත්වා සීසමස්ස අත්තනො ඌරූසු කත්වා බලවපරිදෙවං පරිදෙවමානා ද්වාදස ගාථා අභාසි –
ඇය ඔහු ගිය බව දැන (පර්වතයෙන්) බැස මහබෝසතුන් වැළඳ පර්වතය මතට නංවා පර්වතය මතුපිට හොවා ඔහුගේ හිස තමාගේ කලවාහි කොට බලවත් ලෙස හඬන්නී දොළොස් ගාථාවක් කීවාය.
“තෙ පබ්බතා තා ච කන්දරා, තා ච ගිරිගුහායො තථෙව තිට්ඨන්ති; තත්ථෙව තං අපස්සන්තී, කිම්පුරිස කථං අහං කස්සං.
13. කිඳුරාණනි, (අප එකලාව සතුටු වූ ඒ) පර්වතයෝද කඳුරැලිද කඳුගුහාද ඇත. ඒ තන්හිදී ඔබ නොදකින්නී වූ මම කුමක් කරම්? (කෙසේ සැනසෙම්ද?)
“තෙ පණ්ණසන්ථතා රමණීයා, වාළමිගෙහි අනුචිණ්ණා; තත්ථෙව තං අපස්සන්තී, කිම්පුරිස කථං අහං කස්සං.
14. කිඳුරාණනි, වන මෘගයන් විසින් හැසිර පුරුදු සිත්කළු කොළ ඇතිරිලි ඇත. ඒ තන්හිදී ඔබ නොදකින්නී වූ මම කුමක් කරම්ද? (කෙසේ සැනසෙම්ද?)
“තෙ පුප්ඵසන්ථතා රමණීයා, වාළමිගෙහි අනුචිණ්ණා; තත්ථෙව තං අපස්සන්තී, කිම්පුරිස කථං අහං කස්සං.
15. කිඳුරාණනි, වනමෘගයින් විසින් හැසිර පුරුදු රමණීය වූ මල් ඇතිරිලි ඇත. ඒ තන්හිදී ඔබ නොදකින්නී වූ මම කුමක් කරම්ද? (කෙසේ සැනසෙම්ද?)
“අච්ඡා සවන්ති ගිරිවනනදියො, කුසුමාභිකිණ්ණසොතායො; තත්ථෙව තං අපස්සන්තී, කිම්පුරිස කථං අහං කස්සං.
16. කිඳුරාණනි, පිරිසිදු වූ දිය ඇති, මල් විසිරුණු දියදහර ගලා බසී. එහි ඔබ නොදකින්නී වූ මම කුමක් කරම්ද? (කෙසේ සැනසෙම්ද?)
“නීලානි හිමවතො පබ්බතස්ස, කූටානි දස්සනීයානි; තත්ථෙව තං අපස්සන්තී, කිම්පුරිස කථං අහං කස්සං.
17. කිඳුරාණනි, හිමවතෙහි නිල්වන් වූ (එහෙයින්ම) දර්ශනීය වූ ගිරිමුදුන් වේ. එහි ඔබ නොදක්නී වූ මම කුමක් නම් කරම්ද? (කෙසේ සැනසෙම්ද?)
“පීතානි හිමවතො පබ්බතස්ස, කූටානි දස්සනීයානි; තත්ථෙව තං අපස්සන්තී, කිම්පුරිස කථං අහං කස්සං.
18. කිඳුරාණනි, හිමවතෙහි රන්වන් වූ (එහෙයින්ම) දර්ශනීය වූ ගිරිමුදුන් වේ. එහි ඔබ නොදකින්නී වූ මම කුමක් කරම්ද? (කෙසේ සැනසෙම්ද?)
“තම්බානි හිමවතො පබ්බතස්ස, කූටානි දස්සනීයානි; තත්ථෙව තං අපස්සන්තී, කිම්පුරිස කථං අහං කස්සං.
19. කිඳුරාණනි, හිමවතෙහි තඹවන් වූ (එහෙයින්ම) දර්ශනීය වූ ගිරිමුදුන් වේ. එහි ඔබ නොදකින්නී වූ මම කුමක් කරම්ද? (කෙසේ සැනසෙම්ද?)
“තුඞ්ගානි හිමවතො පබ්බතස්ස, කූටානි දස්සනීයානි; තත්ථෙව තං අපස්සන්තී, කිම්පුරිස කථං අහං කස්සං.
20. කිඳුරාණනි, හිමවතෙහි දර්ශනීය වූ උස් වූ ගිරිමුදුන් වේ. එහි ඔබ නොදකින්නී වූ මම කුමක් කරම්ද? (කෙසේ සැනසෙම්ද?)
“සෙතානි හිමවතො පබ්බතස්ස, කූටානි දස්සනීයානි; තත්ථෙව තං අපස්සන්තී, කිම්පුරිස කථං අහං කස්සං.
21. කිඳුරාණනි, හිමවතෙහි සුදුවන් වූ දර්ශනීය වූ ගිරිමුදුන් වේ. එහි ඔබ නොදකින්නී වූ මම කුමක් කරම්ද? (කෙසේ සැනසෙම්ද?)
“චිත්‍රානි හිමවතො පබ්බතස්ස, කූටානි දස්සනීයානි; තත්ථෙව තං අපස්සන්තී, කිම්පුරිස කථං අහං කස්සං.
22. කිඳුරාණනි, හිමවතෙහි විසිතුරු වූ දර්ශනීය වූ කඳුමුදුන් වේ. එහි ඔබ නොදකින්නී වූ මම කුමක් කරම්ද? (කෙසේ සැනසෙම්ද?)
“යක්ඛගණසෙවිතෙ ගන්ධමාදනෙ, ඔසධෙභි සඤ්ඡන්නෙ; තත්ථෙව තං අපස්සන්තී, කිම්පුරිස කථං අහං කස්සං.
23. කිඳුරාණනි, හිමවතෙහි බූමාටු දෙවියන් විසින් සෙවුනා වූ ඖෂධයෙන් ගැවසුන ගන්ධමාදන පර්වතයෙහි ඔබ නොදකින්නී වූ මම කුමක් කරම්ද? (කෙසේ සැනසෙම්ද?)
“කිම්පුරිසසෙවිතෙ ගන්ධමාදනෙ, ඔසධෙභි සඤ්ඡන්නෙ; තත්ථෙව තං අපස්සන්තී, කිම්පුරිස කථං අහං කස්ස”න්ති.
24. කිඳුරාණනි, කිඳුරන් විසින් සෙවුනා වූ ඖෂධයෙන් ගැවසුන ගන්ධමාදන පර්වතයෙහි ඔබ නොදකින්නී වූ මම කුමක් කරම්ද? (කෙසේ සැනසෙම්ද?)
තත්ථ තෙ පබ්බතාති යෙසු මයං එකතොව අභිරමිම්හ, ඉමෙ තෙ පබ්බතා තා ච කන්දරා තා ච ගිරිගුහායො තථෙව ඨිතා. තෙසු අහං ඉදානි තං අපස්සන්තී කථං කස්සං, කිං කරිස්සාමි, තෙසු පුප්ඵඵලපල්ලවාදිසොභං තං අපස්සන්තී කථං අධිවාසෙතුං සක්ඛිස්සාමීති පරිදෙවති. පණ්ණසන්ථතාති තාලීසපත්තාදිගන්ධපණ්ණසන්ථරා. අච්ඡාති විප්පසන්නොදකා. නීලානීති නීලමණිමයානි. පීතානීති සොවණ්ණමයානි. තම්බානීති මනොසිලමයානි. තුඞ්ගානීති උච්චානි තිඛිණග්ගානි. සෙතානීති රජතමයානි. චිත්‍රානීති සත්තරතනමිස්සකානි. යක්ඛගණසෙවිතෙති භුම්මදෙවතාහි සෙවිතෙ.
එහි තෙ පබ්බතා යනු යම් පර්වතයන්හිදී අපි එකතුව රමණය කළෙමුද ඒ මේ පර්වතයෝද කඳුරැලිද පර්වත ගුහාවෝද එසේම සිටියෝය. ඒවාහිදී දැන් මම ඔබ නොදකින්නී කථං කාසං කුමක් කරන්නෙම්ද? ඒ මම ඒවායේ මල් ගෙඩි ළපලු ආදිය දකින්නෙම් කෙසේ නම් ඉවසන්නට හැකි වෙම්දැයි හඬයි. පණ්ණ සන්ථතා යනු තලිස් කොළ ආදී සුවඳවත් කොළ අතුරන ලද. අච්ඡා යනු පිරිසිදු ජලය ඇති. නීලා යනු මැණික්මය වූ. පීතා යනු රන්මුවා වූ. තම්බානි යනු රත්සිරියල් මුවා වූ. තුංගාණි යනු උස් වූ. සියළු අග් ඇති. සෙතානි යනු රිදීමය වූ. චිත්‍රානි යනු සත්රුවන් මිශ්‍ර වූ. යක්ඛගණසෙවිතෙ යනු බූමාටු දෙවියන් විසින් සෙවුනා ලද.
ඉති සා ද්වාදසහි ගාථාහි පරිදෙවිත්වා මහාසත්තස්ස උරෙ හත්ථං ඨපෙත්වා සන්තාපභාවං ඤත්වා “චන්දො ජීවතියෙව, දෙවුජ්ඣානකම්මං කත්වා ජීවිතමස්ස දස්සාමී”ති චින්තෙත්වා “කිං නු ඛො ලොකපාලා නාම නත්ථි, උදාහු විප්පවුත්ථා, අදු මතා , තෙ මෙ පියසාමිකං න රක්ඛන්තී”ති දෙවුජ්ඣානකම්මං අකාසි. තස්සා සොකවෙගෙන සක්කස්ස ආසනං උණ්හං අහොසි. සක්කො ආවජ්ජෙන්තො තං කාරණං ඤත්වා බ්රාහ්මණවණ්ණෙන වෙගෙනෙව ආගන්ත්වා කුණ්ඩිකතො උදකං ගහෙත්වා මහාසත්තං ආසිඤ්චි. තාවදෙව විසං අන්තරධායි, වණො රුහි, ඉමස්මිං ඨානෙ විද්ධොතිපි න පඤ්ඤායි. මහාසත්තො සුඛිතො උට්ඨාසි. චන්දා පියසාමිකං අරොගං දිස්වා සොමනස්සප්පත්තා සක්කස්ස පාදෙ වන්දන්තී අනන්තරගාථමාහ –
මෙසේ දොළොස් ගාථාවකින් වැළපී මහබෝසතුන්ගේ පපුවෙහි අත තබා උණුසුම් සහිත බව දැන “සඳකිඳුරා ජීවත්වේ” යයි දැන එකෙණෙහි දොස් කීම හැර ඔහුට ජීවිතය දෙමියි සිතා කිම? ලෝකපාලක දෙවියෝ නැත්ද? නැතහොත් වෙනත් තැනක වාසයට ගියෝද? එසේත් නැතහොත් මළාහුද? යම් හෙයකින් මගේ ප්‍රිය වූ සැමියා නොරකිත්දැයි දෙවියන්ට උජ්ක්ධායනය (දොස් පැවරීම) කළාය. ඇයගේ ශෝකය කරණ කොටගෙන ශක්‍රයාගේ අසුන උණු විය. හෙතෙම (කවරක් නිසාදැයි) විමසා බලන්නේ එකරුණ දැන බ්‍රාහ්මණයකුගේ වේශයෙන් පැමිණ කෙණ්ඩියෙන් ජලය ගෙන මහබෝසතුන් වෙත ඉසීය. එකෙනෙහි විස අතුරුදහන් වීය. තුවාලය වැඩුනේය. (වැසුනේය) මෙතන්හි විදිනා ලදැයි විදපු තැනක් හෝ නොපෙනුනේය. මහබෝසත් තෙමේ සුවපත් වූයේ නැගී සිටියේය. සඳකිඳුරිය නිරෝගී වූ ප්‍රිය සැමියා දැක සොම්නසට පත් වූවා ශක්‍රයාගේ පා වඳින්නී අනතුරු ගාථාව කීවාය.
“වන්දෙ තෙ අයිරබ්රහ්මෙ, යො මෙ ඉච්ඡිතං පතිං වරාකියා; අමතෙන අභිසිඤ්චි, සමාගතාස්මි පියතමෙනා”ති.
25. උතුම් බමුණාණනි, යමෙක් අසරණ වූ මාගේ ප්‍රිය සැමියා අමාදියෙන් ඉස්සේද? (එනිසාම) ප්‍රිය සැමියා සමග එක්වීම ලදිමි. ඒ ඔබගේ පාදයන් වඳිමි.
තත්ථ අමතෙනාති උදකං “අමත”න්ති මඤ්ඤමානා එවමාහ. පියතමෙනාති පියතරෙන, අයමෙව වා පාඨො.
එහි අමතෙන යනු ජලය අමාව යයි සිතමින් මෙසේ කීවාය. පියතමෙන යනු අතිශයින් ප්‍රිය ඇති, පියතරෙන යන මෙම පෙළයි.
සක්කො තෙසං ඔවාදමදාසි “ඉතො පට්ඨාය චන්දපබ්බතතො ඔරුය්හ මනුස්සපථං මා ගමිත්ථ, ඉධෙව වසථා”ති. එවඤ්ච පන වත්වා තෙ ඔවදිත්වා සකට්ඨානමෙව ගතො. චන්දාපි “කිං නො සාමි ඉමිනා පරිපන්ථට්ඨානෙන, එහි චන්දපබ්බතමෙව ගච්ඡාමා”ති වත්වා ඔසානගාථමාහ –
ශක්‍රයා ඔවුන්ට අවවාද දුන්නේය. එතැන් පටන් චන්ද්‍ර පර්වතයෙන් බැස මිනිස් පියසට නොයව්. මෙහිම වසව් යයි මෙසේ අවවාද දී සිය ස්ථානයටම (දෙව්ලොවටම) ගියේය. චන්ද්රාවද ස්වාමීනි, අපට මේ උවදුරු සහිත ස්ථානයෙන් කවර ප්‍රයෝජනයක්ද? එම චන්ද්‍ර පර්වතයටම යමු යයි කියා අවසාන ගාථාව ප්‍රකාශ කළාය.
“විචරාම දානි ගිරිවනනදියො, කුසුමාභිකිණ්ණසොතායො; නානාදුමවසනායො, පියංවදා අඤ්ඤමඤ්ඤස්සා”ති.
26. (අපි) දැන් මලින් ගැවසුන, දියපහරවල් ඇත්තමෝ නොයෙක් ගස් නමැති වස්ත්‍රයන් ඇත්තමෝ පර්වතයන්ගෙන් ඇදහැලෙන දියපහරවල් ඇත්තමෝ, එකිනෙකා ප්‍රිය වූ වචන කියමින් හැසිරෙමු.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “න ඉදානෙව, පුබ්බෙපෙසා මයි අසංහීරචිත්තා අනඤ්ඤනෙය්යා එවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා රාජා දෙවදත්තො අහොසි, සක්කො අනුරුද්ධො, චන්දා රාහුලමාතා, චන්දකින්නරො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මෙම ධර්මදේශනාව ගෙනහැර දක්වා, දැන් පමණක් නොවේ. මැය පෙරද මා පිළිබඳ බැඳුන සිත් ඇත්තී අනිකෙකු විසින් පාවාගත නොහැකි වූවාම යයි වදාරා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි රජු අනුරුද්ධ හිමි වීය. චන්ද්‍රාව රාහුල මාතාව වූවාය. සඳකිඳුරා වනාහි මම ම වූයෙමි යයි වදාළ සේක.
චන්දකින්නරීජාතකවණ්ණනා දුතියා.