යෙදුමෙන් කියවන්න

4. උද‍්දාලකජාතකවණ‍්ණනා 487 අට‍්ඨකථා

4. උද‍්දාලකජාතකවණ‍්ණනා (487)

4. උද්දාලක ජාතකය (487)

ඛරාජිනා ජටිලා පඞ‍්කදන‍්තාති ඉදං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො එකං කුහකභික‍්ඛුං ආරබ‍්භ කථෙසි. සො හි නිය්‍යානිකසාසනෙ පබ‍්බජිත්‍වාපි චතුපච‍්චයත්‍ථාය තිවිධං කුහකවත්‍ථුං පූරෙසි. අථස‍්ස අගුණං පකාසෙන‍්තා භික‍්ඛූ ධම‍්මසභායං කථං සමුට‍්ඨාපෙසුං “ආවුසො, අසුකො නාම භික‍්ඛු එවරූපෙ නිය්‍යානිකසාසනෙ පබ‍්බජිත්‍වා කුහනං නිස‍්සාය ජීවිකං කප‍්පෙතී”ති. සත්‍ථා ආගන‍්ත්‍වා “කාය නුත්‍ථ, භික‍්ඛවෙ, එතරහි කථාය සන‍්නිසින‍්නා”ති පුච‍්ඡිත්‍වා “ඉමාය නාමා”ති වුත‍්තෙ “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස කුහකොයෙවා”ති වත්‍වා අතීතං ආහරි.

ඛරාජිනා ජටිලා පංකදන්තා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් එක් කුහකයෙකු අරභයා දේශනා කළ සේක. හෙතෙම නෛර්යාණික ශාසනයෙහි පැවිදි වීද සිව්පසය සඳහා ත්‍රිවිධ කුහක වස්තූන් පිරුවේය. ඉක්බිති භික්‍ෂූහු ඔහුගේ අගුණ ප්‍රකාශ කරන්නාහු දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. “ඇවැත්නි, අසවල් භික්‍ෂුව මෙබඳු වූ නෛර්යාණික බුද්ධ ශාසනයෙහි පැවිදි වී කුහකකම ඇසුරුකොට ජීවිකාව කරයි” යනුවෙනි. ශාස්තෲන් වහන්සේ වැඩමවා මහණෙනි, දැන් කවර නම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා මෙනම් වූවෙකනැයි කී කල්හි මහණෙනි, මෙතෙම කුහක වූයේ දැන් පමණක් නොවේ. පෙරද කුහකයෙක් වූයේම යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.

අතීතෙ බාරාණසියං බ්‍රහ‍්මදත‍්තෙ රජ‍්ජං කාරෙන‍්තෙ බොධිසත‍්තො තස‍්ස පුරොහිතො අහොසි පණ‍්ඩිතො බ්‍යත‍්තො. සො එකදිවසං උය්‍යානකීළං ගතො එකං අභිරූපං ගණිකං දිස‍්වා පටිබද‍්ධචිත‍්තො තාය සද‍්ධිං සංවාසං කප‍්පෙසි. සා තං පටිච‍්ච ගබ‍්භං පටිලභි. ගබ‍්භස‍්ස පතිට‍්ඨිතභාවං ඤත්‍වා තං ආහ – “සාමි, ගබ‍්භො මෙ පතිට‍්ඨිතො, ජාතකාලෙ නාමං කරොන‍්තී අස‍්ස කිං නාමං කරොමී”ති? සො “වණ‍්ණදාසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තත‍්තා න සක‍්කා කුලනාමං කාතු”න‍්ති චින‍්තෙත්‍වා “භද‍්දෙ, අයං වාතඝාතරුක‍්ඛො උද‍්දාලො නාම, ඉධ පටිලද‍්ධත‍්තා ‘උද‍්දාලකො’තිස‍්ස නාමං කරෙය්‍යාසී”ති වත්‍වා අඞ‍්ගුලිමුද‍්දිකං අදාසි. “සචෙ ධීතා හොති, ඉමාය නං පොසෙය්‍යාසි, සචෙ පුත‍්තො, අථ නං වයප‍්පත‍්තං මය‍්හං දස‍්සෙය්‍යාසී”ති ආහ. සා අපරභාගෙ පුත‍්තං විජායිත්‍වා “උද‍්දාලකො”තිස‍්ස නාමං අකාසි.

අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්ත්වයෝ ඔහුගේ පුරෝහිතයා වූහ. (හෙතෙම) පණ්ඩිතය. කීමෙහි බිණීමෙහි බුහුටිය. හෙතෙම එක් දිනයක උද්‍යාන ක්‍රීඩාවට ගියේ එක් මනා රූ ඇති ගණිකාවක දැක ඇය පිළිබඳ සිත් ඇත්තේ ඇය සමග සංවාසය කළේය. ඇය ඔහු නිසා ගැබක් ලැබුවාය. ගැබක ලද බව දැන ඔහුට (මෙසේ) කීවාය. ස්වාමීනි, මට ගැබක් පිහිටියේය. (දරුවා) උපන් කල්හි නම් කරන්නෙම් ස්වාමීන්ගේ නම කරමියි යනුවෙනි. හෙතෙම වෛශ්‍යාවගේ කුසෙහි උපන්නහුට කුලනාමය කරන්නට නොහැකියයි සිතා සොඳුර, මේ එරහැන්ද ගස උද්දාල නම් වේ. මෙහිදී ලබන ලද හෙයින් මොහුට උද්දාලක යයි නම් කරන්නෙහි යයි කියා ඇඟිලි මුද්ද දුන්නේය. ඉදින් දියණියක වේද මෙයින් ඇය පෝෂණය කරව. ඉදින් පුතෙක් වේද අනතුරුව වැඩිවියට පත් ඔහුව මට දක්වන්නෙහි යයි කීවේය. ඇය මෑත කාලයෙහි පුතෙකු වදා ඔහුට උද්දාලක යයි නම් කළේය.

සො වයප‍්පත‍්තො මාතරං පුච‍්ඡි – “අම‍්ම, කො මෙ පිතා”ති? “පුරොහිතො තාතා”ති. “යදි එවං වෙදෙ උග‍්ගණ‍්හිස‍්සාමී”ති මාතු හත්‍ථතො මුද‍්දිකඤ‍්ච ආචරියභාගඤ‍්ච ගහෙත්‍වා තක‍්කසිලං ගන‍්ත්‍වා දිසාපාමොක‍්ඛාචරියස‍්ස සන‍්තිකෙ සිප‍්පං උග‍්ගණ‍්හන‍්තො එකං තාපසගණං දිස‍්වා “ඉමෙසං සන‍්තිකෙ වරසිප‍්පං භවිස‍්සති, තං උග‍්ගණ‍්හිස‍්සාමී”ති සිප‍්පලොභෙන පබ‍්බජිත්‍වා තෙසං වත‍්තපටිවත‍්තං කත්‍වා “ආචරියා මං තුම‍්හාකං ජානනසිප‍්පං සික‍්ඛාපෙථා”ති ආහ. තෙ අත‍්තනො අත‍්තනො ජානනනියාමෙනෙව තං සික‍්ඛාපෙසුං. පඤ‍්චන‍්නං තාපසසතානං එකොපි තෙන අතිරෙකපඤ‍්ඤො නාහොසි, ස‍්වෙව තෙසං පඤ‍්ඤාය අග‍්ගො. අථස‍්ස තෙ සන‍්නිපතිත්‍වා ආචරියට‍්ඨානං අදංසු. අථ නෙ සො ආහ – “මාරිසා, තුම‍්හෙ නිච‍්චං වනමූලඵලාහාරා අරඤ‍්ඤෙව වසථ, මනුස‍්සපථං කස‍්මා න ගච‍්ඡථා”ති? “මාරිස, මනුස‍්සා නාම මහාදානං දත්‍වා අනුමොදනං කාරාපෙන‍්ති, ධම‍්මිං කථං භණාපෙන‍්ති, පඤ‍්හං පුච‍්ඡන‍්ති, මයං තෙන භයෙන තත්‍ථ න ගච‍්ඡාමා”ති. “මාරිසා, සචෙපි චක‍්කවත‍්තිරාජා භවිස‍්සති, මනං ගහෙත්‍වා කථනං නාම මය‍්හං භාරො, තුම‍්හෙ මා භායථා”ති වත්‍වා තෙහි සද‍්ධිං චාරිකං චරමානො අනුපුබ‍්බෙන බාරාණසිං පත්‍වා රාජුය්‍යානෙ වසිත්‍වා පුනදිවසෙ සබ‍්බෙහි සද‍්ධිං ද‍්වාරගාමෙ භික‍්ඛාය චරි, මනුස‍්සා මහාදානං අදංසු. තාපසා පුනදිවසෙ නගරං පවිසිංසු මනුස‍්සා මහාදානං අදංසු. උද‍්දාලකතාපසො දානානුමොදනං කරොති, මඞ‍්ගලං වදති, පඤ‍්හං විස‍්සජ‍්ජෙති, මනුස‍්සා පසීදිත්‍වා බහුපච‍්චයෙ අදංසු. සකලනගරං “පණ‍්ඩිතො ගණසත්‍ථා ධම‍්මිකතාපසො ආගතො”ති සඞ‍්ඛුභි, තං රඤ‍්ඤොපි කථයිංසු.

හෙතෙම වයසට පැමිණියේ මෑණියනි, මගේ පියා කවරෙක්දැයි මවගෙන් විචාළේය. දරුව, පුරෝහිතයායි (ඇය කීවාය) ඉදින් මෙසේනම් වේදයන් ඉගෙන ගන්නෙමියි මවගේ අතින් මුද්ද ද ගුරුපඬුරු වශයෙන් දියයුතු කොටසද ගෙන තක්‍ෂිලාවට ගොස් දිසාපාමොක් ආචාර්යයන්ගේ සමීපයෙහි ශිල්ප ඉගෙන ගන්නේ එක් තවුස් සමූහයක් දැක මොවුන් වෙත උතුම් ශිල්පයක් වන්නේය. ඉගෙන ගන්නෙමියි ශිල්පයන් පිළිබඳ ආශාවෙන් පැවිදි වී ඔවුන්ට වත්පිළිවෙත් කර ආචාර්යවරුනි, මට ඔබලා දන්නා ශිල්පය උගන්වවයි කීවේය. ඔවුහු තමන් දන්නා පමණින් ඔහුට ඉගැන්වූහ. පන්සියයක් තවුසන් අතර එකකුදු මොහුගෙන් වැඩි නුවණ ඇත්තෙක් නොවීය. ඔහුද ඔවුන් අතර ප්‍රඥාවෙන් අග්‍ර වීය. ඉක්බිති ඔවුහු රැස්වී ඔහුට ආචාර්ය තනතුර දුන්නාහුය. ඉක්බිති හෙතෙම ඔවුන්ට (මෙසේ) කීය. පින්වත්නි, තෙපි නිතර වනමුල් ගෙඩි ආහාර කොට ඇත්තෝ වනයෙහිම වසන්නහුය. කුමක් හෙයින් මිනිස් පියසට නොයවුදැයි. පින්වත, මිනිස්සු දන් දී අනුමෝදනා කරවත්. දැහැමි කථා කියවත්. ප්‍රශ්න විචාරත්. අපි ඒ පිළිබඳ බියෙන් එහි නොයමු යයි (කීහ) පින්වත්නි, ඉදින් සක්විති රජුද වන්නේද (ඔහුගේ) සිත ගෙන කථා කිරීම මට භාරය. තෙපි බිය නොවව් කියා ඔවුන් සමග චාරිකාවෙහි යන්නේ පිළිවෙලින් බරණැසට පැමිණ රජ උයනෙහි වාසය කර දෙවන දවස්හි සියල්ලන් සමග දොරටු ගම්හි පිඬු පිණිස හැසුරුනේය. මිනිස්සු මහදන් දුන්හ. තාපසයෝ දෙවන දවස්හි නුවරට පිවිසියාහුය. මිනිස්සු මහදන් දුන්නාහුය. උද්දාලක තාපසයා අනුමෝදනා කරයි. යහපත පවසයි. පැණ විසදයි. මිනිස්සු පැහැදී බොහෝ ප්‍රත්‍යයන් දුන්නාහුය. සියළු නුවර පණ්ඩිත වූ සමූහයාට ගුරු වූ දැහැමි තවුසෙක් ආවේයයි කැළඹුනේය. එය රජුටද කීවාහුය.

රාජා “කුහිං වසතී”ති පුච‍්ඡිත්‍වා “උය්‍යානෙ”ති සුත්‍වා “සාධු අජ‍්ජ තෙසං දස‍්සනාය ගමිස‍්සාමී”ති ආහ. එකො පුරිසො ගන‍්ත්‍වා “රාජා කිර වො පස‍්සිතුං ආගච‍්ඡිස‍්සතී”ති උද‍්දාලකස‍්ස කථෙසි. සොපි ඉසිගණං ආමන‍්තෙත්‍වා “මාරිසා, රාජා කිර ආගමිස‍්සති, ඉස‍්සරෙ නාම එකදිවසං ආරාධෙත්‍වා යාවජීවං අලං හොතී”ති. “කිං පන කාතබ‍්බං ආචරියා”ති? සො එවමාහ – “තුම‍්හෙසු එකච‍්චෙ වග‍්ගුලිවතං චරන‍්තු, එකච‍්චෙ උක‍්කුටිකප‍්පධානමනුයුඤ‍්ජන‍්තු, එකච‍්චෙ කණ‍්ටකාපස‍්සයිකා භවන‍්තු, එකච‍්චෙ පඤ‍්චාතපං තපන‍්තු, එකච‍්චෙ උදකොරොහනකම‍්මං කරොන‍්තු, එකච‍්චෙ තත්‍ථ තත්‍ථ මන‍්තෙ සජ‍්ඣායන‍්තූ”ති. තෙ තථා කරිංසු. සයං පන අට‍්ඨ වා දස වා පණ‍්ඩිතවාදිනො ගහෙත්‍වා මනොරමෙ ආධාරකෙ රමණීයං පොත්‍ථකං ඨපෙත්‍වා අන‍්තෙවාසිකපරිවුතො සුපඤ‍්ඤත‍්තෙ සාපස‍්සයෙ ආසනෙ නිසීදි. තස‍්මිං ඛණෙ රාජා පුරොහිතං ආදාය මහන‍්තෙන පරිවාරෙන උය්‍යානං ගන‍්ත්‍වා තෙ මිච‍්ඡාතපං චරන‍්තෙ දිස‍්වා “අපායභයම‍්හා මුත‍්තා”ති පසීදිත්‍වා උද‍්දාලකස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා පටිසන්‍ථාරං කත්‍වා එකමන‍්තං නිසින‍්නො තුට‍්ඨමානසො පුරොහිතෙන සද‍්ධිං සල‍්ලපන‍්තො පඨමං ගාථමාහ –

රජු කොහි වසත්දැයි විමසා උයනෙහි යයි අසා මැනවි අද ඔවුන් දැකීම පිණිස යන්නෙමියි කීවේය. එකෙක් ගොස් “රජු ඔබ දකින්නට පැමිණේය” යි උද්දාලකට කීවේය. හෙතෙම තවුස් සමූහයා කැඳවා පින්වත්නි, රජු පැමිණෙන්නේය. ඉසුරුමතෙකු එක්දිනයක සතුටු කිරීම දිවි ඇතිතාක් ජීවත් වීමට ප්‍රමාණවත් වේය (කීවේය). ආචාර්යතුමනි, කුමක් නම් කළයුතුද? හෙතෙම මෙසේ කීවේය. ඔබලා අතර ඇතමෙක් වවුල් ව්‍රතය රකිව්. (හැසිරෙව්) ඇතමෙක් උක්කුටිකයෙන් හිඳිව්. ඇතමෙක් යකඩ හුල් එබ්බූ ලෑල්ලෙහි හිඳුව. ඇතමෙක් පඤ්චතපස් කරව්. ඇතමෙක් ජලමත නැගීම කරව්. ඇතමෙක් ඒ ඒ තන්හි මන්ත්‍රයන් හදාරව්යි (කීය) ඔවුහු එසේ කළාහුය. තෙමේ අටක් හෝ දහයක් පණ්ඩිතවාදීන් ගෙන මනහර ආධාරකයක සිත්කළු පොතක් තබා අතවැසියන් විසින් පිරිවරන ලද්දේ මනාව පනවන ලද සුවපහසු අසුනක හුන්නේය. එකෙනෙහි රජු පුරෝහිතයා රැගෙන මහත් වූ පිරිවර සමග උයනට අවුත් බොරු තපස් රකින්නා වූ ඔවුන් දැක අපාය බියෙන් මිදුනාහු යයි පැහැදී උද්දාලකගේ සමීපයට ගොස් පිළිසඳර කථාකොට එකත්පස්හි හුන්නේ සතුටු සිත් ඇත්තේ පුරෝහිත සමග කථා කරන්නේ පළමු ගාථාව කීවේය.

“ඛරාජිනා ජටිලා පඞ‍්කදන‍්තා, දුම‍්මක‍්ඛරූපා යෙ මන‍්තං ජප‍්පන‍්ති; කච‍්චින‍්නු තෙ මානුසකෙ පයොගෙ, ඉදං විදූ පරිමුත‍්තා අපායා”ති.

ඛරාජිනා ජටිලං පංකදන්තා, දුම්මුඛරූපා යෙ මෙ ජපන්ති, කච්චින්නු තෙ මානුසකෙ පයොගෙ, ඉදං විදූ පරිමුත්තා අපායාති

1. රළු අඳුන් දිවිසම් පොරොවා ගත් මැලියම් සහිත දත් ඇති අපිරිසිදු මුහුණ ඇති යම් මේ ජටිලයෝ මන්ත්‍ර ජප කරත්ද කිම? මිනිසුන් විසින් කළයුතු කාර්යයෙහි නිරත මේ පණ්ඩිතයෝ අපායෙන් මිදුනෝද?

තත්‍ථ ඛරාජිනාති සඛුරෙහි අජිනචම‍්මෙහි සමන‍්නාගතා. පඞ‍්කදන‍්තාති දන‍්තකට‍්ඨස‍්ස අඛාදනෙන මලග‍්ගහිතදන‍්තා. දුම‍්මක‍්ඛරූපාති අනඤ‍්ජිතක‍්ඛා අමණ‍්ඩිතරූපා ලූඛසඞ‍්ඝාටිධරා. මානුසකෙ පයොගෙති මනුස‍්සෙහි කත‍්තබ‍්බවීරියෙ. ඉදං විදූති ඉදං තපචරණඤ‍්ච මන‍්තසජ‍්ඣායනඤ‍්ච ජානන‍්තා. අපායාති කච‍්චි ආචරිය, ඉමෙ චතූහි අපායෙහි මුත‍්තාති පුච‍්ඡති.

එහි ඛරාජිනා යනු රළු අඳුන් දිවිසමින් යුක්ත වූවාහු. පංකදන්තා යනු දැහැටි නොකෑමෙන් මලබැඳුන දත් ඇත්තාහු. දුම්මුඛරූපා යනු අඳුන් නොගානා ලද ඇස් ඇත්තාහු. අලංකාර නොකරන ලද සිරුරු ඇත්තාහු රළු සඟළ සිවුරු දරන්නාහු. මානුසකෙපයොගෙ යනු මිනිසුන් විසින් කළයුතු කාර්යයෙහි. ඉදං විදූ යනු මේ තවුස්දම් රැකීමද මන්ත්‍ර අධ්‍යයනයද දන්නාහු. අපායා යනු ආචාර්යයෙනි, කිම මේ සිවු අපායෙන් මිදුනාහුදැයි විමසයි.

තං සුත්‍වා පුරොහිතො “අයං රාජා අට‍්ඨානෙ පසන‍්නො, තුණ‍්හී භවිතුං න වට‍්ටතී”ති චින‍්තෙත්‍වා දුතියං ගාථමාහ –

ඒ අසා පුරෝහිතයා මේ රජු නොතන්හි පැහැදුනේය. නිශ්ශබ්ද වීමට නොවටී යයි සිතා දෙවන ගාථාව කීවේය.

“පාපානි කම‍්මානි කරෙථ රාජ, බහුස‍්සුතො චෙ න චරෙය්‍ය ධම‍්මං; සහස‍්සවෙදොපි න තං පටිච‍්ච, දුක‍්ඛා පමුච‍්චෙ චරණං අපත්‍වා”ති.

2. රජතුමනි, ඉදින් බහුශ්‍රැත වූයේද පවිටු කර්මයන් කෙරේද දහම්හි නොහැසිරේද දහසක් වේද දන්නේද (නමුත්) සමාපත්ති නොලබා ඒ බහුශ්‍රැත බව ආදිය නිසා අපාය දුකින් නොමිදෙන්නේය.

තත්‍ථ බහුස‍්සුතො චෙති සචෙ මහාරාජ, “අහං බහුස‍්සුතොම‍්හී”ති පගුණවෙදොපි දසකුසලකම‍්මපථධම‍්මං න චරෙය්‍ය, තීහි ද‍්වාරෙහි පාපානෙව කරෙය්‍ය, තිට‍්ඨන‍්තු තයො වෙදා, සහස‍්සවෙදොපි සමානො තං බාහුසච‍්චං පටිච‍්ච අට‍්ඨසමාපත‍්තිසඞ‍්ඛාතං චරණං අප‍්පත්‍වා අපායදුක‍්ඛතො න මුච‍්චෙය්‍යාති.

එහි බහුස්සුතො චෙ යනු මහරජතුමනි, ඉදින් බහුශ්‍රැත වූ ප්‍රගුණ කරන ලද ත්‍රිවේද ඇති තැනැත්තාද දසකුසල කර්මයන්හි නොහැසිරෙන්නේද තුන්දොරින් පවිටු ක්‍රියාව කරන්නේද ත්‍රිවේදය සිටීවා! දහසක් වේද දන්නේද නමුත් ඒ බහුශ්‍රැත බව නිසා, අෂ්ඨ සමාපත්ති සංඛ්‍යාත චරණයට නොපැමිණ අපාය දුකින් නොමිදෙන්නේය යි.

තස‍්ස වචනං සුත්‍වා උද‍්දාලකො චින‍්තෙසි “රාජා යථා වා තථා වා ඉසිගණස‍්ස පසීදි, අයං පන බ්‍රාහ‍්මණො චරන‍්තං ගොණං දණ‍්ඩෙන පහරන‍්තො විය වඩ‍්ඪිතභත‍්තෙ කචවරං ඛිපන‍්තො විය කථෙසි, තෙන සද‍්ධිං කථෙස‍්සාමී”ති. සො තෙන සද‍්ධිං කථෙන‍්තො තතියං ගාථමාහ –

උද්දාලකයා ඔහුගේ වචනය අසා (මෙසේ) සිතීය. රජු කෙසේ හෝ තවුස් සමූහයාට පැහැදුනේය. මේ බ්‍රාහ්මණයා කැමති සේ කන්නා වූ ගොනාහට හොස්සෙන් පහර දෙයි. පිළියෙල කළ බතෙහි කසල දමයි. ඔහු සමග කථා කරන්නෙමියි හෙතෙම ඔහු සමග කථා කරනුයේ තෙවන ගාථාව කීවේය.

“සහස‍්සවෙදොපි න තං පටිච‍්ච, දුක‍්ඛා පමුච‍්චෙ චරණං අපත්‍වා; මඤ‍්ඤාමි වෙදා අඵලා භවන‍්ති, සසංයමං චරණඤ‍්ඤෙව සච‍්ච”න‍්ති.

3. දහසක් වේදයන් හදාළ නමුත් ඒ නිසාම අෂ්ඨ සමාපත්ති නම් චරණ ධර්මයට නොපැමිණ දුකින් නොමිදෙන්නේය. හදාල වේද නිෂ්පල යයි හඟිමි. සමයම සහිත චරණ ධර්මයම සත්‍ය වේ.

තත්‍ථ අඵලාති තව වාදෙ වෙදා ච සෙසසිප‍්පානි ච අඵලානි ආපජ‍්ජන‍්ති, තානි කස‍්මා උග‍්ගණ‍්හන‍්ති, සීලසංයමෙන සද‍්ධිං චරණඤ‍්ඤෙව එකං සච‍්චං ආපජ‍්ජතීති.

එහි අඵලා යනු ඔබගේ වචනයෙහි වේදයන් ද සෙසු ශිල්පයන්ද ඵලරහිත ඒවා බවට පත් වෙයි. ඒවා කවර කරුණින් උගනිත්ද? සීල සංයමය සමග සමාපත්ති නම් චරණ ධර්මය නම් වූ එකම සත්‍යයට පත් වන්නේය.

තතො පුරොහිතො චතුත්‍ථං ගාථමාහ –

අනතුරුව පුරෝහිතයා ගාථාවක් කීවේය.

“න හෙව වෙදා අඵලා භවන‍්ති, සසංයමං චරණඤ‍්ඤෙව සච‍්චං; කිත‍්තිඤ‍්හි පප‍්පොති අධිච‍්ච වෙදෙ, සන‍්තිං පුණාති චරණෙන දන‍්තො”ති.

4. වේදයෝ ඵල රහිත නොවෙත්මය. සංයමය සහිත චරණ ධර්මයම සත්‍යයි. වේදයන් හදාරා යසසට පත් වේ. දැමුණු තැනැත්තා චරණ ධර්මයෙන් නිවනට පැමිණේ.

තත්‍ථ න හෙවාති නාහං “වෙදා අඵලා”ති වදාමි, අපිච ඛො පන සසංයමං චරණං සච‍්චමෙව සභාවභූතං උත‍්තමං. තෙන හි සක‍්කා දුක‍්ඛා මුච‍්චිතුං. සන‍්තිං පුණාතීති සමාපත‍්තිසඞ‍්ඛාතෙන චරණෙන දන‍්තො භයසන‍්තිකරං නිබ‍්බානං පාපුණාතීති.

එහි නහෙවා යනු මම වේදයෝ ඵලරහිතයහයි නොකියමි. එතකුදු වුවත් සංයමය සහිත චරණ ධර්මයම සත්‍ය වේ. ඇති තතු වේ. උතුම් වේ. ඒ කරණකොට ගෙන දුකින් මිදීමට හැකි වේ. සන්තිං පුණොති යනු සමාපත්ති සංඛ්‍යාත වූ චරණ ධර්මයෙන් දැමුණු තැනැත්තා බිය සන්සිඳින්නා වූ නිවනට පැමිණෙයි.

තං සුත්‍වා උද‍්දාලකො “න සක‍්කා ඉමිනා සද‍්ධිං පටිපක‍්ඛවසෙන ඨාතුං, ‘පුත‍්තො තවාහ’න‍්ති වුත‍්තෙ සිනෙහං අකරොන‍්තො නාම නත්‍ථි, පුත‍්තභාවමස‍්ස කථෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා පඤ‍්චමං ගාථමාහ –

උද්දාලකයා එය අසා මොහු සමග විරුද්ධකරුවෙකු වශයෙන් සිටින්නට නොහැක. (මම) ඔබගේ පුතු වෙමියි කී කල්හි ආදරය නොකරන්නෙක් නම් නැත. පුත්‍රභාවය ඔහු කියන්නෙමියි සිතා පස්වන ගාථාව කීවේය.

“භච‍්චා මාතා පිතා බන්‍ධූ, යෙන ජාතො සයෙව සො; උද‍්දාලකො අහං භොතො, සොත‍්තියාකුලවංසකො”ති.

5. මවද පියාද නෑයෝද පෝෂණය කළයුතු වෙත්. යමෙකු නිසා උපන්නේද හේද ඔහුම වේ. උද්දාලක නම් වූ මම ඔබගේ කුලවංශය ඇත්තෙම් වෙමි.

තත්‍ථ භච‍්චාති මාතා ච පිතා ච සෙසබන්‍ධූ ච භරිතබ‍්බා නාම. යෙන පන ජාතො, සොයෙව සො හොති. අත‍්තායෙව හි අත‍්තනො ජායති, අහඤ‍්ච තයාව උද‍්දාලකරුක‍්ඛමූලෙ ජනිතො, තයා වුත‍්තමෙව නාමං කතං, උද‍්දාලකො අහං භොති.

එහි භච්චා යනු මවද පියාද සෙසු නෑදෑයෝද පෝෂණය කළ යුත්තෝ වෙති. යමෙකු නිසා උපන්නේ වේද හෙතෙම හෙතමේම වෙයි. තමාම තමාට උපදී. මමද ඇයට එරහැන්ද ගස මුලදී උපන්නේ වෙමි. මම උද්දාලක යයි නම් කරන ලදැයි ඇය විසින් කියන ලද්දේමය.

සො “එකංසෙන ත්‍වං උද‍්දාලකොසී”ති වුත‍්තෙ “ආමා”ති වත්‍වා “මයා තෙ මාතු සඤ‍්ඤාණං දින‍්නං, තං කුහි”න‍්ති වුත‍්තෙ “ඉදං බ්‍රාහ‍්මණා”ති මුද‍්දිකං තස‍්ස හත්‍ථෙ ඨපෙසි. බ්‍රාහ‍්මණො මුද‍්දිකං සඤ‍්ජානිත්‍වා නිච‍්ඡයෙන “ත්‍වං බ්‍රාහ‍්මණධම‍්මං පජානාසී”ති වත්‍වා බ්‍රාහ‍්මණධම‍්මං පුච‍්ඡන‍්තො ඡට‍්ඨං ගාථමාහ –

හෙතෙම, ඒකාන්තයෙන් මම උද්දාලක දැයි කී කල්හි එසේ යයි කියා, මා විසින් ඔබගේ මවට සළකුණක් දෙන ලදි. එය කොහිදැයි (විමසීය) බමුණ, මේ එම මුද්දයයි ඔහුගේ අතෙහි තැබීය. බමුණා මුද්ද හැඳින නිශ්චය වශයෙන් ඔබ බ්‍රාහ්මණයෙකි. බ්‍රාහ්මණ ධර්මයන් දන්නෙහිදැයි කියා බ්‍රාහ්ම ධර්මයන් විමසන්නේ සවන ගාථාව කීය.

“කථං භො බ්‍රාහ‍්මණො හොති, කථං භවති කෙවලී; කථඤ‍්ච පරිනිබ‍්බානං, ධම‍්මට‍්ඨො කින‍්ති වුච‍්චතී”ති.

6. පින්වත, කෙසේ නම් බ්‍රාහ්මණයෙක් වේද? කෙසේ සියල්ල සම්පූර්ණ වූවෙක් වේද? නිර්වාණය කෙසේ වේද? කුමකින් ධර්මස්ථ වූයේ දැයි කියයිද?

උද‍්දාලකොපි තස‍්ස ආචික‍්ඛන‍්තො සත‍්තමං ගාථමාහ –

උද්දාලක ඔහුට කියන්නේ සත්වන ගාථාව කීය.

“නිරංකත්‍වා අග‍්ගිමාදාය බ්‍රාහ‍්මණො, ආපො සිඤ‍්චං යජං උස‍්සෙති යූපං; එවංකරො බ්‍රාහ‍්මණො හොති ඛෙමී, ධම‍්මෙ ඨිතං තෙන අමාපයිංසූ”ති.

7. බමුණා නිතර ගිනි රැගෙන යාග ස්ථම්භය අභිසේවන කර්මය (ස්නානය) කරමින් යාගස්ථම්භය ඔසවන්නේද මෙසේ කරන්නේ බ්‍රාහ්මණ වෙයි. නිර්භය (ක්‍ෂෙම) වූයේද වෙයි. ඒ කරුණින් ධර්මයෙහි සිටියහු යයි කීහ.

තත්‍ථ නිරංකත්‍වා අග‍්ගිමාදායාති නිරන‍්තරං කත්‍වා අග‍්ගිං ගහෙත්‍වා පරිචරති. ආපො සිඤ‍්චං යජං උස‍්සෙති යූපන‍්ති අභිසෙචනකකම‍්මං කරොන‍්තො සම‍්මාපාසං වා වාජපෙය්‍යං වා නිරග‍්ගළං වා යජන‍්තො සුවණ‍්ණයූපං උස‍්සාපෙති. ඛෙමීති ඛෙමප‍්පත‍්තො. අමාපයිංසූති තෙනෙව ච කාරණෙන ධම‍්මෙ ඨිතං කථයිංසු.

එහි නිරං කත්‍වා අග්ගිමාදාය යනු නිරතුරුකොට ගින්න ගෙන හැසිරෙයි. ආපො සිජං යජමුස්සෙති යූපං යනු අභිසේවන කර්මය (ස්නානය) කරමින් සම්මාපාස, වාජපෙය්‍ය, නිරග්ගල යන යාග හෝ කරන්නේ රනින් කළ යූප ස්ථම්භය ඔසවයි. ඛෙමී යනු නිර්භය බවට පැමිණියේ. අමාපයිංසු යනු ඒ කරුණින්ම ඔහු ධර්මයෙහි සිටියෙකු කොට කීවාහුය.

තං සුත්‍වා පුරොහිතො තෙන කථිතං බ්‍රාහ‍්මණධම‍්මං ගරහන‍්තො අට‍්ඨමං ගාථමාහ –

පුරෝහිතයා එය අසා ඔහු විසින් කියන ලද බ්‍රාහ්මණ ධර්මයට ගර්හා කරමින් අටවන ගාථාව කීවේය.

“න සුද‍්ධි සෙචනෙනත්‍ථි, නාපි කෙවලී බ්‍රාහ‍්මණො; න ඛන‍්තී නාපි සොරච‍්චං, නාපි සො පරිනිබ‍්බුතො”ති.

8. ස්නානයෙන් පිරිසිදු බවක් නැත. සියල්ල සම්පූර්ණ (කේවලී) වීමක්ද නැත. බ්‍රාහ්මණයෙක්ද නොවේ. (යමෙකුට) ඉවසීම නොවේද සුරත බව නොවේද හෙතෙම පිරිනිවියේද නොවේ.

තත්‍ථ සෙචනෙනාති තෙන වුත‍්තෙසු බ්‍රාහ‍්මණධම‍්මෙසු එකං දස‍්සෙත්‍වා සබ‍්බං පටික‍්ඛිපති. ඉදං වුත‍්තං හොති – “අග‍්ගිපරිචරණෙන වා උදකසෙචනෙන වා පසුඝාතයඤ‍්ඤෙන වා සුද‍්ධි නාම නත්‍ථි, නාපි එත‍්තකෙන බ්‍රාහ‍්මණො කෙවලපරිපුණ‍්ණො හොති, න අධිවාසනඛන‍්ති, න සීලසොරච‍්චං, නාපි කිලෙසපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතො නාම හොතී”ති.

එහි සෙචනෙන යනු ඔහු විසින් කියන ලද බ්‍රාහ්මණ ධර්මයන් අතර එකක් දක්වා සියල්ල ප්‍රතික්‍ෂෙප කළේය. මෙය කියන ලද්දේ වෙයි. ගිනි පිදීමෙන් හෝ ජලස්නානයෙන් හෝ සිවුපාවුන් ඝාතනය කෙරෙන යාගයෙන් හෝ පිරිසිදු බවක් නම් නැත. බ්‍රාහ්මණයා මෙපමණකින් හැම අතින් සම්පූර්ණ වූයේද නොවේ. ඉමසීම සංඛ්‍යාත ක්‍ෂාන්තිය නොවේද සිල්වත් බව සුරත බව නොවේද එවැන්නා කෙලෙස් නිවීමෙන් පිරිනිවියේ නම් නොවේමයි යි.

තතො නං උද‍්දාලකො “යදි එවං බ්‍රාහ‍්මණො න හොති, අථ කථං හොතී”ති පුච‍්ඡන‍්තො නවමං ගාථමාහ –

අනතුරුව උද්දාලකයා ඔහුට (කියනුයේ) ඉදින් මෙසේ බ්‍රාහ්මණයා නොවේනම් කෙසේ වේදැයි විමසන්නේ නවවන ගාථාව කීවේය.

“කථං සො බ්‍රාහ‍්මණො හොති, කථං භවති කෙවලී; කථඤ‍්ච පරිනිබ‍්බානං, ධම‍්මට‍්ඨො කින‍්ති වුච‍්චතී”ති.

9. හෙතෙම කෙසේනම් බ්‍රාහ්මණයෙක් වේද? කෙසේ නම් සියල්ලෙන් සම්පූර්ණ (කේවලී) වේද කෙසේනම් පිරිනිවීම වේද කවරක් ධර්මස්ථ යයි කියයිද?

පුරොහිතොපිස‍්ස කථෙන‍්තො ඉතරං ගාථමාහ –

පුරෝහිතයා ඔහුට කියන්නේ වෙනත් ගාථාවක් කීවේය.

“අඛෙත‍්තබන්‍ධූ අමමො නිරාසො, නිල‍්ලොභපාපො භවලොභඛීණො; එවංකරො බ්‍රාහ‍්මණො හොති ඛෙමී, ධම‍්මෙ ඨිතං තෙන අමාපයිංසූ”ති.

10. (යමෙක්) කුඹුරු නැත්තෙක්ද, නෑයන් රහිතයෙක්ද? මමත්වයෙන් තොරද ආශා රහිතද විෂම ලෝභ නැත්තෙක්ද, භව තෘෂ්ණාව ක්‍ෂය කළේද මෙසේ කරන්නා වූ බමුණා නිර්භය වූයේ වෙයි. එහෙයින් ඔහු ධර්මයෙහි සිටියෙකු කර කියන ලදහ.

තත්‍ථ අඛෙත‍්තබන්‍ධූති අක‍්ඛෙත‍්තො අබන්‍ධු, ඛෙත‍්තවත්‍ථුගාමනිගමපරිග‍්ගහෙන චෙව ඤාතිබන්‍ධවගොත‍්තබන්‍ධවමිත‍්තබන්‍ධවසහායබන්‍ධවසිප‍්පබන්‍ධවපරිග‍්ගහෙන ච රහිතො. අමමොති සත‍්තසඞ‍්ඛාරෙසු තණ‍්හාදිට‍්ඨිමමායනරහිතො. නිරාසොති ලාභධනපුත‍්තජීවිතාසාය රහිතො. නිල‍්ලොභපාපොති පාපලොභවිසමලොභෙන රහිතො. භවලොභඛීණොති ඛීණභවරාගො.

එහි අක්ඛෙත්තබන්‍ධු යනු කුඹුරු නැත්තේ ඤාතීන් නැත්තේ කෙත්, වත්, ගම්, නියම්ගම් අල්වා ගැනීමෙන් හෝ ඤාතීන් වශයෙන් බැඳීම් හෝ යහළු බැඳීම් හෝ ශිල්පීය බැඳීම් හෝ වශයෙන් අල්ලා ගැනීමෙන් රහිත වූයේ. අමමො යනු සත්ත්ව සංස්කාරයන්හි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් මමායනයෙන් තොර වූයේ. නිරාසො යනු ලාභ, ධන, පුත්‍ර, ජීවිත යන මේවායෙහි ආශාවෙන් තොර වූයේ. නිල්ලොභ පාපො යනු පවිටු වූ ලෝභයෙන් විෂම ලෝභයෙන් තොර වූයේ. භවලොකඛීණො යනු භවරාගය ක්‍ෂය කළ.

තතො උද‍්දාලකො ගාථමාහ –

අනතුරුව උද්දාලක ගාථාවක් කීවේය.

“ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා, සුද‍්දා චණ‍්ඩාලපුක‍්කුසා; සබ‍්බෙව සොරතා දන‍්තා, සබ‍්බෙව පරිනිබ‍්බුතා; සබ‍්බෙසං සීතිභූතානං, අත්‍ථි සෙය්‍යොථ පාපියො”ති.

11. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන සැඩොල් හා පුක්කුස යන සියල්ලෝම සුජාත වූවාහුද දැමුනෝද (ඒ) සියල්ලෝම පිරිනිවියෝය. සංසිඳුන සියල්ලන් අතර (මොහු) ශ්‍රේෂ්ඨය. (මොහු) පවිටු යයි (වෙනසක්) වේද?

තත්‍ථ අත්‍ථි සෙය්‍යොථ පාපියොති එතෙ ඛත‍්තියාදයො සබ‍්බෙපි සොරච‍්චාදීහි සමන‍්නාගතා හොන‍්ති, එවං භූතානං පන තෙසං අයං සෙය්‍යො, අයං පාපියොති එවං හීනුක‍්කට‍්ඨතා අත්‍ථි, නත්‍ථීති පුච‍්ඡති.

එහි අත්‍ථි සෙය්‍යොව පාපියො යනු මේ ක්‍ෂත්‍රිය ආදී සියල්ලෝම සුරත බව ආදියෙන් යුක්ත වූවාහු වෙත්ද? එබඳු වූ මොවුන් අතර මෙතෙම ශ්‍රේෂ්ඨය. මෙතෙම පවිටු යයි මෙසේ හීන ශ්‍රේෂ්ඨ බවක් ඇත්දැයි නැත්දැයි විමසයි.

අථස‍්ස “අරහත‍්තුප‍්පත‍්තිතො පට‍්ඨාය හීනුක‍්කට‍්ඨතා නාම නත්‍ථී”ති දස‍්සෙතුං බ්‍රාහ‍්මණො ගාථමාහ –

ඉක්බිති රහත් බවට පැමිණීමේ පටන් ඔහුගේ පහත් උසස් බවක් නම් නැතැයි දක්වන්නට බ්‍රාහ්මණයා ගාථාවක් කීවේය.

“ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා, සුද‍්දා චණ‍්ඩාලපුක‍්කුසා; සබ‍්බෙව සොරතා දන‍්තා, සබ‍්බෙව පරිනිබ‍්බුතා; සබ‍්බෙසං සීතිභූතානං, නත්‍ථි සෙය්‍යොථ පාපියො”ති.

12. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, සැඩොල්, පුක්කුස යන මේ සියල්ලෝම සුරත වූවාහු දැමුනෝ වූවාහුද (ඒ) සියල්ලෝම පිරිනිවියෝය. සංසිඳුන සියල්ලන් අතර ශ්‍රේෂ්ඨය. පවිටුයයි (වෙනසක්) නැත.

අථ නං ගරහන‍්තො උද‍්දාලකො ගාථාද‍්වයමාහ –

ඉක්බිති උද්දාලකයා ඔහුට ගර්හා කරමින් ගාථා දෙකක් කීවේය.

“ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා, සුද‍්දා චණ‍්ඩාලපුක‍්කුසා; සබ‍්බෙව සොරතා දන‍්තා, සබ‍්බෙව පරිනිබ‍්බුතා.

13. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, සැඩොල් පුක්කුස යන මේ සියල්ලෝම සුරත වූවාහුද දැමුනෝද ඒ සියල්ලෝම පිරිනිවියෝය.

“සබ‍්බෙසං සීතිභූතානං, නත්‍ථි සෙය්‍යොථ පාපියො; පනට‍්ඨං චරසි බ්‍රහ‍්මඤ‍්ඤං, සොත‍්තියාකුලවංසත”න‍්ති.

14. සංසිඳුන සියල්ලන් අතර මේ ශ්‍රේෂ්ඨය. මේ හීන යයි වෙනසක් නැත්තේ නම් බමුණන්ගේ කුල පරපුරෙන් ආ බ්‍රාහ්මණ බව නසා (සැඩොලෙකු මෙන්) හැසිරෙන්නෙහිය.

තස‍්සත්‍ථො – යදි එතෙහි ගුණෙහි සමන‍්නාගතානං විසෙසො නත්‍ථි, එකො වණ‍්ණොව හොති, එවං සන‍්තෙ ත්‍වං උභතො සුජාතභාවං නාසෙන‍්තො පනට‍්ඨං චරසි බ්‍රහ‍්මඤ‍්ඤං, චණ‍්ඩාලසමො හොසි, සොත‍්තියකුලවංසතං නාසෙසීති.

එහි අර්ථය, ඉදින් මේ ගුණයන්ගෙන් යුක්ත වූවන් අතර විශේෂයක් නැත්ද එකම වර්ණයක් වේද මෙසේ ඇති කල්හි උභය කුලයෙන් වූ සුජාත භාවය නසන්නේ, පනට්ඨං චරසි බ්‍රහ්මඤ්ඤං සැඩොලෙක් මෙන් වෙහිද? බ්‍රාහ්මණ කුලය නසහිද?

අථ නං පුරොහිතො උපමාය සඤ‍්ඤාපෙන‍්තො ගාථාද‍්වයමාහ –

ඉක්බිති පුරෝහිතයා ඔහුට උපමාවකින් දැනුවත් කරන්නේ ගාථා දෙකක් කීය.

“නානාරත‍්තෙහි වත්‍ථෙහි, විමානං භවති ඡාදිතං; න තෙසං ඡායා වත්‍ථානං, සො රාගො අනුපජ‍්ජථ.

15. නොයෙක් පාට ඇති වස්ත්‍රයන්ගෙන් නිවසක් වසන ලද්දේ වේද? ඒ (වැසූ වස්ත්‍රයෙහි) පැහැය ඒ වස්ත්‍රයන්ගේ සෙවනැල්ලට නොපැමිණෙන්නේය.

“එවමෙව මනුස‍්සෙසු, යදා සුජ‍්ඣන‍්ති මාණවා; තෙ සජාතිං පමුඤ‍්චන‍්ති, ධම‍්මමඤ‍්ඤාය සුබ‍්බතා”ති.

16. එසේම යම්දිනක මනුෂ්‍යයන් අතර (යම්) මනුෂ්‍යයෙක් පිරිසිදු වෙත්ද (එවිට) යහපත් ව්‍රත ඇත්තෝ දහම් දැන ඔවුන්ගේ ජාතිය නොවිමසත්

තත්‍ථ විමානන‍්ති ගෙහං වා මණ‍්ඩපං වා. ඡායාති තෙසං වත්‍ථානං ඡායා සො නානාවිධො රාගො න උපෙති, සබ‍්බා ඡායා එකවණ‍්ණාව හොන‍්ති. එවමෙවාති මනුස‍්සෙසුපි එවමෙව එකච‍්චෙ අඤ‍්ඤාණබ්‍රාහ‍්මණා අකාරණෙනෙව චාතුවණ‍්ණෙ සුද‍්ධිං පඤ‍්ඤාපෙන‍්ති, එසා අත්‍ථීති මා ගණ‍්හි. යදා අරියමග‍්ගෙන මාණවා සුජ‍්ඣන‍්ති, තදා තෙහි පටිවිද‍්ධං නිබ‍්බානධම‍්මං ජානිත්‍වා සුබ‍්බතා සීලවන‍්තා පණ‍්ඩිතපුරිසා තෙ සජාතිං මුඤ‍්චන‍්ති. නිබ‍්බානප‍්පත‍්තිතො පට‍්ඨාය හි ජාති නාම නිරත්‍ථකාති.

එහි විමානං යනු ගෙයක් හෝ මණ්ඩපයක් ඡායා යනු ඒ වස්ත්‍රයන්ගේ සෙවනැල්ල ඒ විවිධ වූ පැහැය බවට නොඑළඹේ. වස්ත්‍රයන්ගේ සියළු ඡායාවන් එකම පාටක්ම වෙයි. එවමෙව යනු ඇතැම් මෝඩ බ්‍රාහ්මණයෝ මෙසේම හේතු යුක්තීන් නොමැතිවම මිනිසුන් අතරද චාතුර්වර්ණය පාරිශුද්ධිය පනවත්. මෙවැනි පැනවීමක් ඇතැයි නොගනුව. යම්දිනක මානවයෝ ආර්ය මාර්ගයෙන් පිරිසිදු වෙත්ද එකල්හි ඔවුන් විසින් පිවිසෙන ලද නිර්වාණ ධර්මය දැන මනා සිල් ඇති පණ්ඩිත පුරුෂයෝ ඔවුන්ගේ ජාතිය නො විමසත්. නිවනට පැමිණීමේ පටන් ජාතිය නම් නිරර්ථක වූවෙකි.

උද‍්දාලකො පන පච‍්චාහරිතුං අසක‍්කොන‍්තො අප‍්පටිභානොව නිසීදි. අථ බ්‍රාහ‍්මණො රාජානං ආහ – “සබ‍්බෙ එතෙ, මහාරාජ, කුහකා සකලජම‍්බුදීපෙ කොහඤ‍්ඤෙනෙව නාසෙන‍්ති, උද‍්දාලකං උප‍්පබ‍්බාජෙත්‍වා උපපුරොහිතං කරොථ, සෙසෙ උප‍්පබ‍්බාජෙත්‍වා ඵලකාවුධානි දත්‍වා සෙවකෙ කරොථා”ති. “සාධු, ආචරියා”ති රාජා තථා කාරෙසි. තෙ රාජානං උපට‍්ඨහන‍්තාව යථාකම‍්මං ගතා.

උද්දාලකයා නැවත (කරුණු) ගෙන එන්නට නොහැකි වන්නේ නොවැටහෙන්නේ හුන්නේය. ඉක්බිති බමුණා රජුට මෙසේ කීවේය. මහරජතුමනි, මේ සියල්ලෝම කුහකයෝය. සියළු දඹදිව කුහකකමින් නසන්නෝය. උද්දාලකයා උපැවිදි කරවා උප පුරෝහිතයා කරව. සෙස්සන් උපැවිදි කරවා පලිහ හා ආයුධ දී සේවකයන් කරව්යි. ආචාර්යයෙනි, මැනවයි රජු එසේ කරවීය. ඔවුහු රජුට උපස්ථාන කරන්නෝම කම් වූ පරිදි (මිය පරලොව) ගියාහුය.

සත්‍ථා ඉමං ධම‍්මදෙසනං ආහරිත්‍වා “න, භික‍්ඛවෙ, ඉදානෙව, පුබ‍්බෙපෙස කුහකොයෙවා”ති වත්‍වා ජාතකං සමොධානෙසි – “තදා උද‍්දාලකො කුහකභික‍්ඛු අහොසි, රාජා ආනන්‍දො, පුරොහිතො පන අහමෙව අහොසි”න‍්ති.

ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මොහු කුහක වූයේ දැන් පමණක් නොවේ. පෙරද කුහක වූයේමැයි වදාරා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි උද්දාලකයා කුහක භික්‍ෂුව විය. රජු ආනන්ද තෙරයි. පුරෝහිතයා මම ම වූයෙමියි වදාළ සේක.

උද‍්දාලකජාතකවණ‍්ණනා චතුත්‍ථා.