යෙදුමෙන් කියවන්න

4. උද‍්දාලකජාතකං

1994. ඛරාජිනා ජටිලා සඞ‍්කදන‍්තා දුම‍්මුඛරූපා යෙ මෙ ජපන‍්ති, කච‍්චින‍්නු තෙ මානුසකෙ පයොගෙ ඉදං විදූ පරිමුත‍්තා අපායා.

1994. රළු අඳුන්දිවිසම් පොරොවාගත් මැලියම් සහිත දත් ඇති අපවිත්‍ර මුහුණත් පෙනුමත් ඇති යම් දුළුල්ලෝ මන්ත්‍ර පිරුවහත් ද, මිනිසුන් කටයුතු දෙයෙහි ව්‍යාවෘත වූ, ඔවුහු කිම අවාදුකින් මිදුණෝ ද?

1995. පාපානි කම‍්මානි කරොථ රාජ බහුස‍්සුතො චෙ න චරෙය්‍ය ධම‍්මං, සහසසවෙදාපි න තං පටිච‍්ච දුක‍්ඛා පමුච‍්චෙ චරණං අපත්‍වා.

1995. මහරජතුමනි, බහුශ්‍රුත වුවත් කුසල් දහම්හි නො හැසිරේ නම් පව්කම් කරන්නේ නම් දහසක් වේද දතුවත් අෂ්ට සමාපත්ති නො ලබා අපාදුකින් නො මිදෙන්නේ ය.

1996. සහස‍්සවෙදොපි න තං පටිච‍්ච දුක‍්ඛා පමුච‍්චෙ චරණං අපත්‍වා මඤ‍්ඤාමි වෙදා අඵලා භවන‍්ති සසංයමං චරණඤ‍්ඤෙව සච‍්චං.

1996. දහසක් වේද හදාළේ නමුදු චරණ ධර්‍මයට නො පැමිණ ඒ වේද නිසා දුකින් නො මිදෙන්නේ යි. හදාළ වේද (නිවන් මග නොවන හෙයින්) නිෂ්ඵල යයි හඟිමි. සංයම සහිත චරණ ධර්‍ම ම සත්‍ය වෙයි.

1997. නහෙව වෙදා අඵලා භවන‍්ති සසංයමං චරණඤ‍්ඤෙව සච‍්චං, කිත‍්තිං හි පප‍්පොති අධිච‍්ච වෙදෙ සන‍්තිං පුණොති චරණෙන දන‍්තො.

1997. වේද හැදෑරීම නිෂ්ඵල යයි නො කියමි. සංයමය සහිත චරණධර්‍ම ම සත්‍ය වේ. වේදය හදාරා කීර්තියට පැමිණෙයි. චරණ ධර්‍මයෙන් දාන්ත වූයේ නිවනට පැමිණේ.

1998. භච‍්චා මාතා පිතා බන්‍ධූ යෙන ජාතො සයෙව සො, උද‍්දාලකො අහං භොතො සොත්‍ථියාකුලවංසකො.

1998. මව ද පියා ද නෑයෝ ද පෝෂණය කටයුතු වෙත්. යමකු නිසා උපන්නේ ද හේ ද හේ මැ යැ. උද්දාලක නමැති මම ඔබගේ කුලවංශය ඇත්තෙම් වෙමි.

1999. කථං භො බ්‍රාහ‍්මණො හොති කථං භවති කෙවලී, කථඤ‍්ච පරිනිබ‍්බානං ධම‍්මට‍්ඨො කින‍්ති වුච‍්චති.

1999. පින්වත, බ්‍රාහ්මණ වන්නේ කෙසේ ද? කේවලී (සියල්ල සම්පූරණ වූවෙක්) වන්නේ කෙසේ ද? පරිනිර්‍වාණය කෙසේ වේ ද? කුමකින් ධම්මට්ඨ (ධර්‍මයේ පිහිටියේ) යි කියනු ලැබේ ද?

2000. නිරං කත්‍වා අග‍්ගිමාදාය බ්‍රාහ‍්මණො ආපොසිජං යජමුස‍්සෙති යූපං, එවං කරො බ්‍රාහ‍්මණො හොති ඛෙමී ධම‍්මෙ ඨිතං තෙන අමාපයිංසු.

2000. බමුණ, නිතර ගිනි පුදා ද ස්නාන කෙරේ ද යාගස්තම්භය ඔසොවා ද මෙසේ කරන්නේ බ්‍රාහ්මණ වෙයි. ඛේමී (ක්‍ෂේම ඇති) වෙයි. එහෙයින් ඔහු ධර්‍මයෙහි සිටියහු කොට කීහු.

2001. න සුද‍්ධි සෙචනෙනත්‍ථි නපි කෙවලී බ්‍රාහ‍්මණො, න ඛන‍්ති නපි සොරච‍්චං නපි සො පරිනිබ‍්බුතො.

2001. ස්නානයෙන් පිරිසුදුබවෙක් නැත. ගිනි පිදීම් ආදියෙන් කේවලී නො වෙයි, බ්‍රාහ්මණ නො වෙයි, ඉවසීම නො වෙයි, සුරත බව ද නො වෙයි, පිරිනිවියේ ද නො වේ.

2002. කථං සො බ්‍රාහ‍්මණො හොති කථං භවති කෙවලී, කථඤ‍්ච පරිනිබ‍්බානං ධම‍්මට‍්ඨො කින‍්ති වුච‍්චති.

2002. හේ කෙසේ බ්‍රාහ්මණ වන්නේ ද? කෙසේ කේවලී (සියල්ලෙන් පිරිපුන්) වන්නේ ද? පරිනිර්‍වාණය වන්නේ කෙසේ ද? කුමකින් ධම්මට්ඨ (ධම්යෙහි පිහිටියේ) යි කියනු ලැබේ ද?

2003. අක‍්ඛෙත‍්තබන්‍ධූ අමමො නිරාසො නිල‍්ලොභපාපො භවලොභඛීණො, එවං කරො බ්‍රාහ‍්මණො හොති ඛෙමී ධම‍්මෙ ඨිතං තෙන අමාපයිංසු.

2003. යමෙක් කෙත් හා නෑයන් නැත්තෙක් වේ ද මමායනය හා ලාභයෙහි නිරපේක්‍ෂකයෙක් වේ ද, භවරාගය ක්‍ෂය කළ කෙනෙක් වේ ද මෙසේ කළා වූ බමුණු ආරක්‍ෂා සහිතයෙක් වේ. එහෙයින් ඔහු ධර්‍මයේ පිහිටියේ යයි කීහ.

2004. ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා සද‍්දා චණ‍්ඩාල පුක‍්කුසා, සබ‍්බෙව සොරතා දන‍්තා සබ‍්බෙව පරිනිබ‍්බුතා. සබ‍්බෙසං සීතිභූතානං අත්‍ථි සෙය්‍යොව පාපියො.

2004. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණය, වෛශ්‍ය, ශුද්‍ර, චණ්ඩාල සහ පුක්කුස යන සියල්ලෝ සුරත වැ දමිත වැ පිරිනිවියාහු වෙත් නම්, මේ සියල්ලන්ගෙන් මෙ ශ්‍රේෂ්ඨ ය මෙ හීන යයි වෙනසෙක් වේ ද?

2005. ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා සුද‍්දා චණ‍්ඩාල පුක‍්කුසා, සබ‍්බෙව සොරතා දන‍්තා සබ‍්බෙව පරිනිබ‍්බුතා. සබ‍්බෙසං සීතිභූතානං නත්‍ථි සෙය්‍යොව පාපියො.

2005. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, චණ්ඩාල සහ පුක්කුස යන සියල්ලෝ සුරත වැ දමිත වැ පිරිනිවියාහු වෙත් නම් මේ සියල්ලන්ගෙන් මෙ ශ්‍රේෂ්ඨ ය මේ හීන යයි වෙනසෙක් නැත.

2006. ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා සද‍්දා චණ‍්ඩාල පුක‍්කුසා, සබ‍්බෙව සොරතා දන‍්තා සබ‍්බෙව පරිනිබ‍්බුතා.

2006. ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, චණ්ඩාල සහ පුක්කුස යන සියල්ලෝ සුරත වැ දමිත වැ සියල්ලෝ ම පිරිනිවියෝ ය.

2007. සබ‍්බෙසං සීතිභූතානං නත්‍ථි සෙය්‍යොව පාපියො. පනට‍්ඨං චරසි බ්‍රහ‍්මඤ‍්ඤං සොත්‍ථියා කුලවංසතං.

2007. සැනැසුණ සියල්ලන්ගෙන් මෙ ශ්‍රේෂ්ඨය මෙ හීනය යි වෙනසෙක් නැත්තේ නම් බමුණන්ගේ කුලපරපුරෙන් පැවැත ආ බමුණු බව නැති කොට සැඩොලුන් සමාන ව හැසිරෙන්නේ ය.

2008. නානාරත‍්තෙහි වත්‍ථෙහි විමානං භවති ඡාදිතං, න තෙසං ඡායාවත්‍ථානං සො රාගො අපනුජ‍්ජථ.

2008. නොයෙක් පාට ඇති වස්ත්‍රයෙන් ගෙයක් වසන ලද්දේ වේ ද, වැසූ වස්ත්‍රයෙහි පැහැය සෙවනැල්ලට යම්සේ නො ඒ ද.

2009. එවමෙව මනුස‍්සෙසු යදා සුජ‍්ඣන‍්ති මානවා, න තෙසං ජාතිං පුච‍්ඡන‍්ති ධම‍්මමඤ‍්ඤාය සුබ‍්බතා’ති.

2009. මෙසේ මනුෂ්‍යයන් අතරේ මනුෂ්‍යයෝ යම් කලෙකැ පිරිසුදු වෙත් ද (එකලැ) සිල්වත්හු දහම් දැනැ ඔවුන්ගේ ජාතිය නො විචාරති.

4. උද‍්දාලකජාතකං.

4. උද්දාලක ජාතක යි.