යෙදුමෙන් කියවන්න

5. භිසජාතකං

2010. අස‍්සං ගවං රජතං ජාතරූපං භරියඤ‍්ච සො ඉධ ලභතං මනාපං, පුත‍්තෙහි දාරෙහි සමඞ‍්ගි හොතු භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

2010. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම අශ්වයකු ගවයකු සහ රන්රිදී ද මනවඩන බිරිඳක ද ලබාවා. පුත්‍රයන් සමගත් බිරියන් සමගත් එක්වේවා.

2011. මාලඤ‍්ච සො කාසිකචන්‍දනඤ‍්ච ධාරෙතු පුත‍්තස‍්ස බහූ භවන‍්තු, කාමෙසු තිබ‍්බං කුරුතං අපෙක‍්ඛං භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

2011. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම මල්දම් ද කසීසඳුන් ද දරාවා. ඔහුට දරුවෝ ද බොහෝ වෙත්වා. හෙතෙම කාමයන්හි තීව්‍ර වූ අපේක්‍ෂා කෙරේවා.

2012. පහූතධඤ‍්ඤො කසිමා යසස‍්සී පුත‍්තෙ ගිහී ධනිමා සබ‍්බකාමෙ, වයං අපස‍්සං ඝරමාවසාතු භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

2012. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම බොහෝ ධාන්‍ය ඇති, සී සාන, පිරිවර ඇති පුතුන් ද, හැම කම්සුවයක් ම ලබන ධනවත්, වයස නො පෙනෙන ගිහියෙක් ව වාසය කෙරේවා.

2013. සො ඛත‍්තියො හොතු පසය‍්හකාරී රාජාභිරාජා බලවා යසස‍්සී, සචාතුරන‍්තං මහිමාවසාතු භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

2013. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම රජුන්ටත් රජ වූ පිරිවර ඇති බලාත්කාරකම් කරන ක්‍ෂත්‍රියයෙක් වේවා. සිවු මුහුදු හිම් කොට තිබෙන පෘථිවියට අධිපති ව වෙසේවා.

2014. සො බ්‍රාහ‍්මණො හොතු අවීතරාගො මුහුත‍්තනක‍්ඛත‍්තපථෙසු යුත‍්තො, පූජෙතු නං රට‍්ඨපතී යසස‍්සී භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසා.

2014. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම (ශුභ) මුහුර්‍තයන්හි හා නක්‍ෂත්‍රයෙහි පහ නො වූ ආශා ඇති බමුණෙක් වේවා. පිරිවර ඇති රජතෙම ඔහු පුදාවා.

2015. අජ‍්ඣායකං සබ‍්බසමත‍්තවෙදං තපස‍්සිනං මඤ‍්ඤතු සබ‍්බලොකො, පූජෙන‍්තු තං ජානපදා සමෙච‍්ච භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

2015. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද, හෙ මන්ත්‍ර හදාරන වේදය සම්පූර්‍ණයෙන් හදාළ තවුසෙකැ යි ලෝවැසියා සිතාවා. දනවුවැසියෝ එක් වැ ඔහු පුදත්වා.

2016. චතුස‍්සදං ගාමවරං සමිද‍්ධං දින‍්නං හි භුඤ‍්ජතු වාසවෙන, අවීතරාගො මරණං උපෙතු භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

2016. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම කරුණු සතරෙකින් උත්සන්න වූ ශක්‍රයා දුන්නා වැනි සමෘද්ධ වූ ගම්වරය අනුභව කෙරේවා. පහ නො කළ ආශා ඇත්තෙක් ව මරණයට පැමිණේවා.

2017. සො ගාමණී හොතු සහායමජ‍්ඣෙ නච‍්චෙහි ගීතෙහි පමොදමානො, මා රාජතො ව්‍යසනමලත්‍ථකිඤ‍්චි භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

2017. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම මිතුරන් මැද නැටුම් ගැයුම් වලින් ප්‍රීතවන ගම්දෙටුවෙක් වේවා. රජුගෙන් විපත් කිසිත් නො ලබාවා.

2018. යං එකරාජා පඨවිං විජෙත්‍වා ඉත්‍ථි සහස‍්සස‍්ස ඨපෙතු අග‍්ගං සීමන‍්තිනීනං පවරා භවාතු භිසානි තෙ බ්‍රාහ‍්මණ යා අහාසි.

2018. බමුණාණෙනි, යම් ස්ත්‍රියක් තොපගේ නෙලුම් අල සොරකම් කළා ද ඇය ප්‍රධාන රජෙක් පොළොව දිනා ස්ත්‍රීන් දහසකට ප්‍රධාන තනතුරෙහි තබාවා. ඕ ස්ත්‍රීන්ගේ උතුම් තැනැත්තියක් වේවා.

2019. ඉසීනං හි සා සබ‍්බසමාගතානං භුඤ‍්ජෙය්‍ය සාදුං අවිකම‍්පමානා, චරාතු ලාභෙන විකත්‍ථමානා භිසානි තෙ බ්‍රාහ‍්මණ යා අහාසි.

2019. බමුණාණෙනි, යම් ස්ත්‍රියක් තොපගේ නෙලුම් අල සොරකම් කොට කෑවා නම් ඕ තොමෝ රැස් වූ අධිපතීන් (ස්වාමිවරුන්) මැද හිඳ පැකිලීම් රහිතව රසය බුදීවා. ලාභය සඳහා කුහකකම් කෙරේවා.

2020. ආවාසිකො හොතු මහාවිහාරෙ නවකම‍්මිකො හොතු කජඞ‍්ගලායං, ආලොකසන්‍ධිං දිවසා කරොතු භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

2020. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙලුම් අල සොරකම් කෙළේ ද හෙතෙම කජංගල නගරයේ මහ වෙහෙරෙක නවම් කරන තෙර කෙනෙක් වේවා. දවසකින් එක් කවුළුවක් කෙරේවා.

2021. සො බජ‍්ඣතං පාසසතෙහි ඡම‍්හි රම‍්මා වනා නීයතු රාජධානිං, තුත‍්තෙහි සො හඤ‍්ඤතු පාචනෙහි භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

2021. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙලුම් අල සොරකම් කෙළේ ද හෙ ස තැනෙකැ සිය ගණන් බැමි වලින් බැඳේවා. රම්‍ය වූ වනයෙන් රාජධානියට ගෙන යේවා. හෙතෙම කටුසැමිටියෙන් හා කෙවිටින් පෙළනු ලබාවා.

2022. අලක‍්කමාලී තිපුකණ‍්ණවිද‍්ධො ලට‍්ඨිහතො සප‍්පමුඛං උපෙතු, සක‍්කවචබද‍්ධො විසිඛං චරාතු භිසානි තෙ බ්‍රාහ‍්මණ යො අහාසි.

2022. බමුණාණෙනි, යමෙක් තොපගේ නෙළුම් අල සොරකම් කෙළේ ද හෙතෙම වරාමල් මාලාවක් ගෙල පැළැඳ ඊයම් කන් පළදනා පැළඳැ යටියෙන් පහර දෙමින් සපුන් ඉදිරියට පමුණුවාවා. මනා කොට බඳින ලද්දේ මාර්‍ගයේ හසුරුවාවා.

2023. යො චෙ අනට‍්ඨං නට‍්ඨන‍්ති චාහ කාමෙච සො ලභතං භුඤ‍්ජතඤ‍්ච, අගාරමජ‍්ඣෙ මරණං උපෙතු යො චා භොන‍්තො සඞ‍්කති කඤ‍්චිදෙව.

2023. යමෙක් නැති නො වූ දෙය නැති වී යයි කී ද, යමෙක් තොපගෙන් කෙනකු සැක කෙළේ ද හේ පංචකාමය ලබාවා. එය අනුභව කෙරේවා. ගිහිගෙහි දී මරණයට පැමිණේවා.

2024. යදෙසමානා විචරන‍්ති ලොකෙ ඉට‍්ඨඤ‍්ච කන‍්තඤ‍්ච බහුන‍්නමෙතං, පියං මනුඤ‍්ඤං ඉධ ජිවලොකෙ කස‍්මා ඉසයො නප‍්පසංසන‍්ති කාමෙ

2024. ලෝකයෙහි සත්‍වයන් යමක් සොයමින් හැසිරෙද්ද මේ සම්පත බොහෝ දෙනාට ඉෂ්ට ද කාන්ත ද ප්‍රිය ද කැමති ද වෙයිද, කවර හෙයින් ඉසිවරයෝ (ඒ) කම්සුව නො පසසත් ද?

2025. කාමෙසු චෙ හඤ‍්ඤරෙ බජ‍්ඣරෙ ච කාමෙසු දුක‍්ඛඤ‍්ච භයඤ‍්ච ජාතං, කාමෙසු භූතාධිපතී පමත‍්තා පාපානි කම‍්මානි කරොන‍්ති මොහා.

2025. ශක්‍රය, කාම සම්පත් නිසා සත්ත්‍වයෝ නසනු ලබත්. බඳිනු ලබත්. කාමයන් නිසා දුක හා බිය හට ගනී. කාම සම්පත නිසා පමාවූවෝ මෝහය නිසා පව් කරති.

2026. තෙ පාපධම‍්මා පසවෙත්‍වා පාපං කායස‍්ස භෙදා නිරයං වජන‍්ති, ආදීනවං කාමගුණෙසු දිස‍්වා තස‍්මා ඉසයො නප‍්පසංසන‍්ති කාමෙ.

2026. ඒ පාපස්වභාවය ඇත්තෝ පව් කොට මරණයෙන් පසු නිරා වදිති. මෙසේ කම්සැපයේ දොස් දැකැ ඉසිවරයෝ කාමයන් නො පසසති.

2027. වීමංසමානො ඉසිනො භිසානි තීරෙ ගහෙත්‍වාන ථලෙ නිධෙසිං, සුද‍්ධා අපාපා ඉසයො වසන‍්ති එතානි තෙ බ්‍රාහ‍්මචාරී භිසානි.

2027. බඹසැරියාණෙනි, ඉසිවරයන් විමසන්නා වූ මම ඉවුරෙහි වූ නෙළුම් අල ගොඩ සැඟවීමි. ඉසිවරු පවිත්‍ර වැ පව් රහිත වැ වෙසෙත්. මෙය තොපගේ නෙළුම් අල වේ.

2028. න තෙ නටා නො පන කීළනෙය්‍යා න බන්‍ධවා නො පන තෙ සහායා, කිස‍්මිං පරත්‍ථම‍්භ සහස‍්සනෙත‍්ත ඉසීහි ත්‍වං කීළසි දෙවරාජ.

2028. සහස්‍රනේත්‍රයාණෙනි, අපි තොපගේ නළුවෝ නො වෙමු, ක්‍රීඩකයෝ නො වෙමු, නෑයෝ ද නො වෙමු, මිතුරෝ ද නො වෙමු, දෙව් රජුනි, තෙපි තවුසන් සමග කුමක් නිසා ක්‍රීඩා කරවු ද?

2029. ආචරියො මෙසි පිතා ච මය‍්හං එසා පතිට‍්ඨා ඛලිතස‍්ස බ්‍රහ‍්මෙ, එකාපරාධං ඛම භූරිපඤ‍්ඤ න පණ‍්ඩිතා කොධබලා භවන‍්තී

2029. මහාප්‍රාඥය, තෙපි මාගේ ගුරුතුමා වවු. මාගේ පියා ද වවු. මා කළ වරදට ඔබ වහන්සේගේ පා සෙවණ පිහිට වේවා. මා කළ වරදට කමා කරන්නේ මැනැවි. නුවණැත්තෝ ක්‍රෝධය බලය කොට ඇත්තෝ නො වෙති.

2030. සුවොසිතං ඉසිනං එකරත‍්තං යං වාසවං භූතපතිං අද‍්දසාම, සබ‍්බෙව භොන‍්තො සුමනා භවන‍්තු යං බ්‍රාහ‍්මණො පච‍්චපාදී භිසානි.

2030. තවුසන්ගේ මේ වනයෙහි එකරැයක් විසීම නිසා භූතාධිපති ශක්‍රයා දුටුමු. එහෙයින් යහපත් විසීමකි. ඔබගේ ඇදුරු බමුණා නෙළුම් අල පසුව ලදුයෙන් පින්වත් ඔබ හැම සතුටු සිත් ඇත්තෝ වෙත්වා.

2031. අහඤ‍්ච සාරිපුත‍්තො ච මොග‍්ගල‍්ලානො ච කස‍්සපො, අනුරුද‍්ධො පුණ‍්ණො ආනන්‍දො තදාසුං සත‍්ත භාතරො.

2031. මම ද සැරියුත් මුගලන් කසුප් අනුරුදු පුණු සහ අනඳ යන මොහු ද එකලැ සත් සොහොයුරෝ වූම්හ.

2032. භගිනී උප‍්පලවණ‍්ණා දාසී ඛුජ‍්ජුත‍්තරා තදා, චිත‍්තො ගහපති දාසො යක‍්ඛො සාතාගිරො තදා.

2032. එකලැ නැගැණියෝ උපුල්වන් වූහ. දාසිය බුජ්ජුත්තරා වූවා ය. එකලැ දාසයා චිත්ත ගහපතියා විය. එකලැ යක්‍ෂ ව සිටියේ සාතාගිර ය.

2033. පාරිලෙය්‍යො තදා නාගො මධුදො සෙට‍්ඨවානරො, කාළුදායී තදා සක‍්කො එවං ධාරෙථ ජාතකන‍්ති.

2033. එකලැ ඇත් තෙම පාරිලෙය ඇතා ය. වඳුරා නම් මී දුන් වඳුරා ය. එකලැ ශක්‍රයා කාළුදායි තෙරණුවෝ ය. ජාතකය මෙලෙස දරා ගනිවු.

5. භිසජාතකං.

5. භිස ජාතක යි.