යෙදුමෙන් කියවන්න

6. සුරුචිජාතකං

2034. මහෙසි රුචිනො භරියා ආනීතා පඨමං අහං. දසවසස‍්සහසසානි යං මං සුරුචිමානයි.

2034. ඍෂිතුමනි, සියලු දෙනාට පළමු වැ ගෙනෙන ලද මම සුරුචි රජුගේ බිරිඳ වන අගමෙහෙසිය වෙමි. යම් කලෙක මා සුරුචි රජ ගෙනායේ ද එ තැන් සිට දසදහසක් අවුරුදු තනි ව මෙහි විසීමි.

2035. සාහං බ්‍රාහ‍්මණ රාජානං වෙදෙහං මිථිලග‍්ගහං නාභිජානාමි කායෙන වාචාය උදචෙතසා සුරුචිං අතිමඤ‍්ඤිත්‍ථො ආවිවා යදිවා රහො.

2035. ඍෂිතුමනි, ඒ මම විදේහ ඊට මියුලු නුවර සුරුචි රජතුමා කයින්, වචනයෙන් හෝ සිතින් ඉදිරියේ හෝ රහසිගත ව ඉක්මවා සිතූබව නො දනිමි.

2036. එතෙන සච‍්චවජ‍්ජෙන පුත‍්තො උප‍්පජ‍්ජතං ඉසෙ, මුසා මෙ භණමානාය මුද‍්ධා ඵලතු සත‍්තධා.

2036. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මාගේ හිස සතට පැළේවා.

2037. භත‍්තුමනාපස‍්ස පිතා මාතා චාපි සුවාමිනො, තෙ මං බ්‍රහ‍්මෙ විනෙතාරො යාව අට‍්ඨංසු ජීවිතෙ.

2037. ඍෂිතුමනි, මන වඩන මාගේ සැමියාගේ මව්පියන් මා හික්මවමින් යම්තාක් කල් ජීවත් ව සිටියාහු ද, (ඒ තාක්)

2038. සාහං අභිංසාරතිනී කාමසො ධම‍්මචාරිණි, සක‍්කච‍්චං තෙ උපට‍්ඨාසිං රත‍්තින්‍දිවමතන්‍දිතා.

2038. ඒ මම අහිංසාවෙහි ඇලුණී කුශල ධර්‍මයන්හි හැසිරෙන්නී දිවා රැයේ ලැසි නො වී සකසා ඔවුන්ට උවටැන් කෙළෙමි.

2039. එතෙන සච‍්චවජ‍්ජෙන පුත‍්තො උප‍්පජ‍්ජතං ඉසෙ, මුසා මෙ භණමානාය මුද‍්ධා ඵලතු සත‍්තධා.

2039. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මගේ හිස සතට පැළේවා.

2040. සොළසිත්‍ථිසහස‍්සානි සහභරියානි බ්‍රාහ‍්මණ, තාසු ඉස‍්සා වා කොධො වා නාහු මය‍්හං කුදාචනං.

2040. ඍෂිතුමනි, සමාන බිරියෝ සොළොස් දහසක් වෙත්. කිසිකලෙක ඔවුන් කෙරේ ඊර්‍ෂ්‍යාවක් හෝ ක්‍රෝධයක් මට නො වීය.

2041. හිතෙන තාසං නන්‍දාමි නච මෙ කාචි අප‍්පියා අත‍්තානං වානුකම‍්පාමි සදා සබ‍්බා සපත‍්තියො.

2041. ඔවුන්ට හිත සිතින් සතුටු වෙමි. මට කිසිවකුත් අප්‍රිය නො වීය. හැම ද සියලු සපත්තීන්හට මට මෙන් අනුකම්පා කරමි.

2042. එතෙන සච‍්චවජ‍්ජෙන පුත‍්තො උප‍්පජ‍්ජතං ඉසෙ, මුසා මෙ භණමානාය මුද‍්ධා ඵලතු සත‍්තධා.

2042. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මාගේ හිස සතට පැළේවා.

2043. දාසෙ කම‍්මකරෙ පෙස‍්සෙ යෙ චඤ‍්ඤෙ අනුජීවිනො, පොසෙමි සහධම‍්මෙන සදා පමුදිතින්‍ද්‍රියා

2043. දාසයන් කම්කරුවන් පණිවිඩ කරුවන් සහ තමා නිසා ජීවත්වන සෙස්සන් ද හැම කල්හි සතුටු ඉඳුරන් (ප්‍රිය බැල් ම හා කතා) ඇති වැ (ඔවුන්ගේ) සත්‍යභාවය දැනැ පෝෂණය කරමි.

2044. එතෙන සච‍්චවජ‍්ජෙන පුත‍්තො උප‍්පජ‍්ජතං ඉසෙ, මුසා මෙ භණමානාය මුද‍්ධා ඵලතු සත‍්තධා.

2044. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුත්‍රයෙක් උපදීවා. බොරු කියන්නී නම් මාගේ හිස සතට පැළේවා.

2045. සමණෙ බ්‍රාහ‍්මණෙ චාපි අඤ‍්ඤෙ වාපි වණිබ‍්බකෙ, තප‍්පෙමි අන‍්නපානෙන සදා පයතපාණිනී.

2045. ශ්‍රමණයන් ද බමුණන් ද සෙසු යාචකයන් ද පිරිසුදු සිතැති ව හැම කල්හි ආහාර පානයෙන් සංග්‍රහ කරමි.

2046. එතෙන සච‍්චවජ‍්ජෙන පුත‍්තො උප‍්පජ‍්ජතං ඉසෙ, මුසා මෙ භණමානාය මුද‍්ධා ඵලතු සත‍්තධා.

2046. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මගේ හිස සතට පැළේවා.

2047. චාතුද‍්දසී පණ‍්ණරසි යාව පක‍්ඛස‍්ස අට‍්ඨමී, පාටිහාරියපක‍්ඛඤ‍්ච අට‍්ඨඞ‍්ගසුසමාහිතං. උපොසථං උපවසාමි සදා සීලෙසු සංවුතා.

2047. දිනපතා පන්සිල්හි පිහිටි මම, තුදුස්වක, පසළොස්වක, අටවක සහ ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය යන දවස්හි අංග අටකින් යුතු පෙහෙවස් සමාදන් වෙමි.

2048. එතෙන සච‍්චවජ‍්ජෙන පුත‍්තො උප‍්පජ‍්ජතං ඉසෙ, මුසා මෙ භණමානාය මුද‍්ධා ඵලතු සත‍්තධා.

2048. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මගේ හිස සතට පැළේවා.

2049. සබ‍්බෙව තෙ ධම‍්මගුණා රාජපුත‍්ති යසස‍්සිනි, සංවිජ‍්ජන‍්ති තයි භද‍්දෙ යෙ ත්‍වං කිත‍්තෙසි අත‍්තනි.

2049. යසස් ඇති රාජපුත්‍රිය, (රාජදේවිය) ඔබ යම් ගුණ රැසක් ප්‍රකාශ කළෝ ද ඒ සියලු ගුණයෝ ඔබ කෙරේ විද්‍යාමාන වෙති.

2050. ඛත‍්තියො ජාතිසම‍්පන‍්නො අභිජාතො සසස‍්සිමා, ධම‍්මරාජා විදෙහානං පුත‍්තො උප‍්පජ‍්ජතෙ තවං,

2050. ක්‍ෂත්‍රිය වූ කුලීන වූ අතිජාත වූ පිරිවර සහිත වූ විදේහ රටවාසීන්ට ධර්‍මරාජ වූ (දැහැමිව රාජ්‍යය කරන) පුත්‍රයෙක් ඔබට උපදින්නේ ය.

2051. රුම‍්මි රජොජල‍්ලධරො අඝෙ වෙහාසයං ඨිතො, මනුඤ‍්ඤං භාසසි වාචං යං මය‍්හං හදයඞ‍්ගමං.

2051. තවුස් වෙස් ගත් රජස්දැලි සහිත වූ සිරුර ඇති ව හිස් වූ අහසේ සිටැ යමෙක් මගේ සිත් ගන්නා මනහර බස් බෙණේ ද.

2052. දෙවතානුසි සග‍්ගම‍්හා ඉසිවාසි මහිද‍්ධිකො, කොවාසි ත්‍වං අනුප‍්පත‍්තො අත‍්තානං මෙ පවෙදය.

2052. ඔබ දෙව්ලොවින් පැමිණි දෙවියෙක් ද? මහත් ඍද්ධි ඇති ඍෂිවරයෙක් ද, මෙහි පැමිණි ඔබ කවර කෙනෙක් දැ යි තමා මට කියව.

2053. යං දෙවසඞ‍්ඝා වන්‍දන‍්ති සුධම‍්මායං සමාගතා, සොහං සක‍්කො සහස‍්සක‍්ඛො ආගතොස‍්මි තවන‍්තිකෙ.

2053. සුධර්‍ම දිව්‍ය සභාවට රැස් වූ දේව සමූහයා යමකු වඳිත් ද දහසක් ඇස් ඇති ශක්‍ර නම් වූ ඒ මම තොප වෙත ආවෙමි.

2054. ඉත්‍ථියො ජීවලොකස‍්මිං යා හොන‍්ති සමචාරිනී, මෙධාවිනී සීලවතී සස‍්සුදෙවා පතිබ‍්බතා.

2054. මේ ලෝකයෙහි දැහැමි පැවතුම් ඇති ව නුවණින් හා සීලයෙන් යුතුව නැදිමයිලන් දෙවියන් ලෙස සිතා බුහුමන් දක්වන පතිව්‍රතා ගුණයෙන් යුක්ත ඒ ස්ත්‍රීහු වෙත් ද.

2055. තාදිසාය සුමෙධාය සුවිකම‍්මාය නාරියා, දෙවා දස‍්සනමායන‍්ති මානුසියා අමානුසා.

2055. එ බඳු ගුණ ඇති නැණවත් පවිත්‍ර ක්‍රියා ඇති මනුෂ්‍ය ස්ත්‍රිය දැකීමට අමනුෂ්‍ය වූ දෙවියෝ පැමිණෙත්.

2056. ත්‍වඤ‍්ච භද‍්දෙ සුචිණ‍්ණෙන පුබ‍්බෙ සුචරිතෙන ච, ඉධ රාජකුලෙ ජාතා සබ‍්බකාමසමිද‍්ධිනී.

2056. සොඳුර ඔබ ද පෙරැ පුරුදු කළ සුචරිත ධර්‍ම නිසා මෙ ලොවැ රජ කුලයේ ඉපිදැ සියලු සම්පතින් දියුණු වූවාහු ය.

2057. අයඤ‍්ච තෙ රාජපුත‍්ති උභයත්‍ථ කටග‍්ගහො, දෙවලොකූපපත‍්තී ච කිත‍්ති ච ඉධ ජීවිතෙ.

2057. රාජපුත්‍රිය, ඔබ දෙව්ලොවෙහි ඉපදීම ද මෙලොවැ මනුෂ්‍ය වැ කීර්තිධර වීම ද යන මෙය දෙ ලොවැ ජයග්‍රහණය වේ.

2058. චිරං සුමෙධෙ සුඛිනී ධම‍්මං පාලයමත‍්තනි, එසාහං තිදිවං යාමි පියම‍්මෙ ත ව දස‍්සනන‍්ති.

2058. නැණවතිය, ඔබ සැපවත් ව තම ගුණදම් බොහෝ කල් රකුව. ඒ මම දෙව්ලොව යමි. ඔබේ දැක්ම මට ප්‍රිය ය.

6. සුරුචිජාතකං.

6. සුරුචි ජාතක යි.