6. සුරුචිජාතකවණ්ණනා 489 අට්ඨකථා
6. සුරුචිජාතකවණ්ණනා (489)
6. සුරුචි ජාතකය (489)
මහෙසී සුරුචිනො භරියාති ඉදං සත්ථා සාවත්ථිං උපනිස්සාය මිගාරමාතුපාසාදෙ විහරන්තො විසාඛාය මහාඋපාසිකාය ලද්ධෙ අට්ඨ වරෙ ආරබ්භ කථෙසි. සා හි එකදිවසං ජෙතවනෙ ධම්මකථං සුත්වා භගවන්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙන ස්වාතනාය නිමන්තෙත්වා පක්කාමි. තස්සා පන රත්තියා අච්චයෙන චාතුද්දීපිකො මහාමෙඝො පාවස්සි . භගවා භික්ඛූ ආමන්තෙත්වා “යථා, භික්ඛවෙ, ජෙතවනෙ වස්සති, එවං චතූසු දීපෙසු වස්සති, ඔවස්සාපෙථ, භික්ඛවෙ, කායං, අයං පච්ඡිමකො චාතුද්දීපිකො මහාමෙඝො”ති වත්වා ඔවස්සාපිතකායෙහි භික්ඛූහි සද්ධිං ඉද්ධිබලෙන ජෙතවනෙ අන්තරහිතො විසාඛාය කොට්ඨකෙ පාතුරහොසි. උපාසිකා “අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්ර හි නාම ජාණුකමත්තෙසුපි ඔඝෙසු වත්තමානෙසු කටිමත්තෙසුපි ඔඝෙසු වත්තමානෙසු න හි නාම එකභික්ඛුස්සපි පාදා වා චීවරානි වා අල්ලානි භවිස්සන්තී”ති හට්ඨා උදග්ගා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පරිවිසිත්වා කතභත්තකිච්චං භගවන්තං එතදවොච “අට්ඨාහං, භන්තෙ, භගවන්තං වරානි යාචාමී”ති. “අතික්කන්තවරා ඛො, විසාඛෙ, තථාගතා”ති. “යානි ච, භන්තෙ, කප්පියානි යානි ච අනවජ්ජානී”ති. “වදෙහි විසාඛෙ”ති. “ඉච්ඡාමහං, භන්තෙ, භික්ඛුසඞ්ඝස්ස යාවජීවං වස්සිකසාටිකං දාතුං, ආගන්තුකභත්තං දාතුං, ගමිකභත්තං දාතුං, ගිලානභත්තං දාතුං, ගිලානුපට්ඨාකභත්තං දාතුං, ගිලානභෙසජ්ජං දාතුං, ධුවයාගුං දාතුං, භික්ඛුනිසඞ්ඝස්ස යාවජීවං උදකසාටිකං දාතු”න්ති.
මහෙසී රුචිනො භරියා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ඇසුරුකොට මිගාර සිටුතුමාගේ මව විසින් කරවන ලද ප්‍රාසාදයෙහි වාසය කරන සේක් විශාඛා මහෝපාසිකාව විසින් ලබන ලද වර අට අරභයා දේශනා කළ සේක. ඇය එක් දිනයක ජේතවනාරාමයෙහිදී ධර්මකථාව අසා භික්ෂු සංඝයා සමග භාග්‍යවතුන් වහන්සේට හෙට දිනයේ දානය සඳහා ආරාධනා කර ගියාය. එම රාත්‍රිය ඇවෑමෙන් සිව්මහ දිවයිනෙහිම පැතිරුන මහ වැස්සක් වැස්සේය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි, යම් සේ ජේතවනයෙහි වැසි වස්නේද මෙසේ සිව් දිවයින්හිද වසී. මහණෙනි, සිරුර තෙමව්. මේ සිව් දිවයින පුරා පවතින අන්තිම වැස්ස යයි වදාරා තෙමන ලද සිරුරු ඇති භික්ෂූන් සමග සෘද්ධියෙන් ජේතවනයෙහි අතුරුදහන් වූයේ විශාඛාවගේ දොරටුවෙහි පහළ වූ සේක. උවැසිය පින්වත්නි, තථාගතයන් වහන්සේගේ මහත් වූ සෘද්ධි ඇති බව මහත් වූ ආනුභාව ඇති බව ආශ්චර්යය. අද්භූතය. යම්තැනක දනක් පමණ දියදහර පවත්නා කල්හි තුනටිය පමණ තෙක් දියපහර පවතින කල්හි එක භික්ෂුවකගේ හෝ පාදයන්ද සිවුරුද තෙත් වූයේ නොවේ යයි සතුටු වූවා. ඔදවැඩුනී බුදුන් ප්රමුඛ වූ භික්ෂු සංඝයා වළඳවා බත්කිස අවසානයේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාය. ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගෙන් වර අටක් යදිමියි. විශාඛාවනි, තථාගතයන් වහන්සේලා ඉක්මවන ලද වර ඇත්තෝය. ස්වාමීනි, යමක් කැපද යමක් නිවැරදිද (එවැනි වර යයි කීවාය) විශාඛා වෙත කියවයි වදාළහ. ස්වාමීනි, මම දිවි ඇති තෙක් භික්ෂු සංඝයාට වැසිසළු දෙන්නට කැමැත්තෙමි. ආගන්තුක බත් දෙන්නටද, ගමික බත් දෙන්නටද, ගිලනුන්ට බත් දෙන්නටද, ගිලනුන්ට උපස්ථාන කරන්නවුන්ට බත් දෙන්නටද, ගිලනුන්ට බෙහෙත් දෙන්නටද නිරතුරුව කැඳ දෙන්නටද භික්ෂුණීන්ට දිවිහිමියෙන් නානාකඩ දීමටද කැමැත්තෙමි යි කීවාය.
සත්ථා “කං පන ත්වං, විසාඛෙ, අත්ථවසං සම්පස්සමානා තථාගතං අට්ඨ වරානි යාචසී”ති පුච්ඡිත්වා තාය වරානිසංසෙ කථිතෙ “සාධු සාධු, විසාඛෙ, සාධු ඛො ත්වං, විසාඛෙ, ඉමං ආනිසංසං සම්පස්සමානා තථාගතං අට්ඨ වරානි යාචසී”ති වත්වා “අනුජානාමි තෙ, විසාඛෙ, අට්ඨ වරානී”ති අට්ඨ වරෙ දත්වා අනුමොදනං කත්වා පක්කාමි. අථෙකදිවසං සත්ථරි පුබ්බාරාමෙ විහරන්තෙ භික්ඛූ ධම්මසභායං කථං සමුට්ඨාපෙසුං “ආවුසො, විසාඛා මහාඋපාසිකා මාතුගාමත්තභාවෙ ඨත්වාපි දසබලස්ස සන්තිකෙ අට්ඨ වරෙ ලභි, අහො මහාගුණා”ති. සත්ථා ආගන්ත්වා “කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා”ති පුච්ඡිත්වා “ඉමාය නාමා”ති වුත්තෙ “න, භික්ඛවෙ, විසාඛා ඉදානෙව මම සන්තිකා වරෙ ලභති, පුබ්බෙපෙසා ලභියෙවා”ති වත්වා අතීතං ආහරි.
ශාස්තෲන් වහන්සේ “විශාඛාවෙනි, ඔබ සංඝයා පිළිබඳව කවරනම් ප්‍රයෝජනයක් දකින්නී තථාගතයන් වහන්සේගෙන් වර අටක් ඉල්ලහි දැයි විමසා ඇය විසින් වරයන්හි අනුසස් කී කල්හි යහපති යහපති විශාඛාවෙනි, යහපති විශාඛාවෙනි ඔබ මේ ආනිසංසයන් දකින්නී තථාගතයන් වහන්සේගෙන් වර අටක් ඉල්ලහි යයි වදාරා විශාඛාවෙනි, වර අට අනුදනිමියි වර අට දී අනුමෝදනා කර වැඩි සේක. ඉක්බිති එක් දවසක් බුදුරදුන් පූර්වාරාමයෙහි වාසය කරන කල්හි දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, විශාඛා මහ උවැසිය ස්ත්‍රී බැව්හි සිට දසබලධාරීන් වහන්සේ වෙතින් වර අටක් ලැබුවාය. පුදුමයි. මහා ගුණ ඇත්තියක යැයි කියාය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, විහාඛාව මගේ සමීපයෙන් වර ලැබුවා දැන් පමණක් නොවේ. පෙරද ලැබුවාම යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතෙ මිථිලායං සුරුචි නාම රාජා රජ්ජං කාරෙන්තො පුත්තං පටිලභිත්වා තස්ස “සුරුචිකුමාරො”ත්වෙව නාමං අකාසි. සො වයප්පත්තො “තක්කසිලායං සිප්පං උග්ගණ්හිස්සාමී”ති ගන්ත්වා නගරද්වාරෙ සාලායං නිසීදි. බාරාණසිරඤ්ඤොපි පුත්තො බ්රහ්මදත්තකුමාරො නාම තථෙව ගන්ත්වා සුරුචිකුමාරස්ස නිසින්නඵලකෙයෙව නිසීදි. තෙ අඤ්ඤමඤ්ඤං පුච්ඡිත්වා විස්සාසිකා හුත්වා එකතොව ආචරියස්ස සන්තිකං ගන්ත්වා ආචරියභාගං දත්වා සිප්පං පට්ඨපෙත්වා න චිරස්සෙව නිට්ඨිතසිප්පා ආචරියං ආපුච්ඡිත්වා ථොකං මග්ගං එකතොව ගන්ත්වා ද්වෙධාපථෙ ඨිතා අඤ්ඤමඤ්ඤං ආලිඞ්ගිත්වා මිත්තධම්මානුරක්ඛණත්ථං කතිකං කරිංසු “සචෙ මම පුත්තො ජායති, තව ධීතා, තව පුත්තො, මම ධීතා, තෙසං ආවාහවිවාහං කරිස්සාමා”ති. තෙසු රජ්ජං කාරෙන්තෙසු සුරුචිමහාරාජස්ස පුත්තො ජායි, “සුරුචිකුමාරො”ත්වෙවස්ස නාමං කරිංසු. බ්රහ්මදත්තස්ස ධීතා ජායි, “සුමෙධා”තිස්සා නාමං කරිංසු.
අතීතයෙහි මිථිලා නුවර සුරුචි නම් රජු රාජ්‍යය කරවන්නේ පුතෙකු ලැබ ඔහුටද සුරුචි කුමාරයා යයිම නම් කළේය. සුදුසු වයසට පත් හෙතෙමේ තක්ෂිලාවෙහි ශිල්ප උගන්නෙමියි ගොස් නුවර දොරටුවෙහි ශාලාවෙහි හුන්නේය. බරණැස රජුගේ පුත්‍ර වූ බ්‍රහ්මදත්ත නම් කුමාරයාද එසේම ගොස් සුරුචි කුමාරයා හුන් ලෑල්ලෙහිම හුන්නේය. ඔවුහු ඔවුනොවුන් විමසා විශ්වාස ඇත්තෝ වී එකතු වී ආචාර්යයන් වහන්සේ සමීපයට ගොස් ආචාර්ය භාගය දී ශිල්ප හදාරා නොබෝ දිනකින්ම නිමවන ලද ශිල්ප ඇත්තාහු ආචාර්යවරයා විමසා මද දුරක් මග එකතු වී අවුත් මංසන්ධියෙහි සිටියාහු ඔවුනොවුන් වැළඳ මිතුරුදම ආරාක්ෂා කිරීම සඳහා කතිකා කළාහුය. ඉදින් මට පුතෙක් උපදීද ඔබට දුවක උපදීද (නැවත) ඔබට පුතෙක්ද මට දුවකද උපදීද ඔවුන් අතර ආවාහ විවාහ කරන්නෙමුයි කියාය. ඔවුන් රාජ්‍යය කරවන කල්හි සුරුචි මහරජුට පුතෙකු උපන්නේය. ඔහුට සුරුචි කුමාරයා යයිම නම කළාහුය. බ්‍රහ්මදත්ත හට දුවක ලැබුවාය. ඇයට සුමේධායි නම් කළාහුය.
සුරුචිකුමාරො වයප්පත්තො තක්කසිලායං ගන්ත්වා සිප්පං උග්ගණ්හිත්වා ආගච්ඡි. අථ නං පිතා රජ්ජෙ අභිසිඤ්චිතුකාමො හුත්වා “සහායස්ස කිර මෙ බාරාණසිරඤ්ඤො ධීතා අත්ථි, තමෙවස්ස අග්ගමහෙසිං කරිස්සාමී”ති තස්සා අත්ථාය බහුං පණ්ණාකාරං දත්වා අමච්චෙ පෙසෙසි. තෙසං අනාගතකාලෙයෙව බාරාණසිරාජා දෙවිං පුච්ඡි “භද්දෙ, මාතුගාමස්ස නාම කිං අතිරෙකදුක්ඛ”න්ති? “සපත්තිරොසදුක්ඛං දෙවා”ති. “තෙන හි, භද්දෙ, අම්හාකං එකං ධීතරං සුමෙධාදෙවිං තම්හා දුක්ඛා මොචෙත්වා යො එතං එකිකමෙව ගණ්හිස්සති, තස්ස දස්සාමා”ති ආහ. සො තෙහි අමච්චෙහි ආගන්ත්වා තස්සා නාමෙ ගහිතෙ “තාතා, කාමං මයා පුබ්බෙ මය්හං සහායස්ස පටිඤ්ඤා කතා, ඉමං පන මයං ඉත්ථිඝටාය අන්තරෙ න ඛිපිතුකාමා, යො එතං එකිකමෙව ගණ්හාති, තස්ස දාතුකාමම්හා”ති ආහ. තෙ රඤ්ඤො සන්තිකං පහිණිංසු. රාජා පන “අම්හාකං රජ්ජං මහන්තං, සත්තයොජනිකං මිථිලනගරං, තීණි යොජනසතානි රට්ඨපරිච්ඡෙදො, හෙට්ඨිමන්තෙන සොළස ඉත්ථිසහස්සානි ලද්ධුං වට්ටතී”ති වත්වා න රොචෙසි.
සුරුචි කුමාරයා සුදුසු වයසට පත්වූයේ තක්ෂිලාවට ගොස් ශිල්ප ඉගෙන පැමිණියේය. ඉක්බිති පියා ඔහුව රාජ්‍යයෙහි අභිෂේක කරනු කැමැත්තේ “මගේ යහළු වූ බරණැස් රජුට දුවක ඇත. ඇයම ඔහුට අගමෙහෙසිය කරන්නෙමියි ඔහු සඳහා බොහෝ පඬුරු දී අමාත්‍යයන් යැවීය. ඔවුන් නොපැමිණි කල්හිදීම බරණැස් නුවර රජු දේවියගෙන් “සොඳුර, ස්ත්‍රියට වූ කලී ඉතා දුක් නම් කවරේදැ”යි විචාළේය. දේවයන් වහන්ස! සපත්ති රෝස දුක (සමාන භාර්යාවන් ඇති බැවින් වන වන දුක)යි කීවාය. සොඳුර එසේ වී නම් අපගේ එකම දියණිය වූ සුමේධා දේවිය ඒ දුකින් මුදවා යමෙක් මැය තනිවම ගන්නේද ඔහුට දෙන්නෙමුයි කීවේය. හෙතෙම ඒ අමාත්‍යවරුන් විසින් ඇයගේ නම් ගත් කල්හි (විචාළ කල්හි) දරුවනි, ඒකාන්තයෙන්ම මා විසින් පෙරදීම මගේ යහළුවාට ප්‍රතිඥා කරන ලද්දෙමි. අපි මේ දැරිය ස්ත්‍රී සමූහයා මැද හෙලනු නොකැමැත්තෝ වෙමු. යමෙක් මැය එකලාවම ගනීද ඔහුට දෙනු කැමැත්තෙමුයි කීය. ඔවුහු රජුගේ සමීපයට ඒ බව (කියා) යැවූහ. රජු අපගේ රාජ්‍යය මහත් වූවෙක. මිථිලා නුවර සත් යොදුන්ය. රාජ්‍ය සීමාව යොදුන් තුන්සියයකි. යටත් පිරිසෙයින් ස්ත්‍රීන් සොළොස් දහසක් ලබන්නට වටනේ යයි කියා නොකැමති වීය.
සුරුචිකුමාරො පන සුමෙධාය රූපසම්පදං සුත්වා සවනසංසග්ගෙන බජ්ඣිත්වා “අහං තං එකිකමෙව ගණ්හිස්සාමි, න මය්හං ඉත්ථිඝටාය අත්ථො, තමෙව ආනෙන්තූ”ති මාතාපිතූනං පෙසෙසි. තෙ තස්ස මනං අභින්දිත්වා බහුං ධනං පෙසෙත්වා මහන්තෙන පරිවාරෙන තං ආනෙත්වා කුමාරස්ස අග්ගමහෙසිං කත්වා එකතොව අභිසිඤ්චිංසු. සො සුරුචිමහාරාජා නාම හුත්වා ධම්මෙන රජ්ජං කාරෙන්තො තාය සද්ධිං පියසංවාසං වසි. සා පන දස වස්සසහස්සානි තස්ස ගෙහෙ වසන්තී නෙව පුත්තං, න ධීතරං ලභි. අථ නාගරා සන්නිපතිත්වා රාජඞ්ගණෙ උපක්කොසිත්වා “කිමෙත”න්ති වුත්තෙ “රඤ්ඤො දොසො නත්ථි, වංසානුපාලකො පන වො පුත්තො න විජ්ජති, තුම්හාකං එකාව දෙවී, රාජකුලෙ ච නාම හෙට්ඨිමන්තෙන සොළසහි ඉත්ථිසහස්සෙහි භවිතබ්බං, ඉත්ථිඝටං ගණ්හ, දෙව, අද්ධා තාසු පුඤ්ඤවතී පුත්තං ලභිස්සතී”ති වත්වා “තාතා, කිං කථෙථ, ‘අහං අඤ්ඤං න ගණ්හිස්සාමී’ති පටිඤ්ඤං දත්වා මයා එසා ආනීතා, න සක්කා මුසාවාදං කාතුං, න මය්හං ඉත්ථිඝටාය අත්ථො”ති රඤ්ඤා පටික්ඛිත්තා පක්කමිංසු.
සුරුචි කුමාරයා සුමේධාවගේ රූප සම්පත්තිය අසා ඇසීමෙන් වූ බැඳීමෙන් බැඳි මම ඇය එකලාවම ගන්නෙමි. ස්ත්‍රී සමූහයකින් මට ප්‍රයෝජනයක් නැත. ඇයම ගෙන එත්වායි මව්පියන්ට (කියා) යැවීය. ඔවුහු ඔහුගේ වචනයට සතුටු වී බොහෝ ධනය යවා මහත් වූ පිරිවර සමග ඇය කැඳවාගෙන අවුත් කුමාරයාගේ අගමෙහෙසිය කර එකලාවම අභිෂේක කළාහුය. හෙතෙම සුරුචි මහරජ නම් වී ධර්මයෙන් රාජ්‍යය කරන්නේ ඇය සමග ප්‍රිය වූ එක්ව විසීම විසුවේය. ඇය අවුරුදු දසදහසක් ඔහුගේ මාලිගාවෙහි වසන්නී පුතෙකු හෝ දුවක නොලැබුවාය. ඉක්බිති නුවරවැසියෝ රැස් වී රජ මිදුලෙහි දොස් නගා මේ කවරක්දැයි කී කල්හි අන් දොසක් නැත. ඔබට පරපුර රකින්නා වූ පුතෙක් නැත. තොපට එකම දේවී කෙනෙක. රජමාලිගය යටත් පිරිසෙන් ස්ත්‍රීන් සොළොස් දහසකින් විය යුතුය. දේවයන් වහන්ස, ස්ත්‍රීන් සමූහයා (අන්තඃපුරය) ගනුව. පින්වත් වූ එකියක පුතෙකු ලබන්නේ යයි කියා දරුවනි, කුමක් කියවුද? මම අනිකෙකු නොගන්නෙමි යි ප්‍රතිඥා කර මැය ගෙන එන ලද්දී වෙමි. බොරු කරන්න නොහැකිය. මට ස්ත්‍රීන් සමූහයකින් ප්‍රයෝජනයක් නැතැයි රජු විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ පෙරළා ගියාහුය.
සුමෙධා තං කථං සුත්වා “රාජා තාව සච්චවාදිතාය අඤ්ඤා ඉත්ථියො න ආනෙසි, අහමෙව පනස්ස ආනෙස්සාමී”ති රඤ්ඤො මාතුසමභරියට්ඨානෙ ඨත්වා අත්තනො රුචියාව ඛත්තියකඤ්ඤානං සහස්සං, අමච්චකඤ්ඤානං සහස්සං, ගහපතිකඤ්ඤානං සහස්සං, සබ්බසමයනාටකිත්ථීනං සහස්සන්ති චත්තාරි ඉත්ථිසහස්සානි ආනෙසි. තාපි දස වස්සසහස්සානි රාජකුලෙ වසිත්වා නෙව පුත්තං, න ධීතරං ලභිංසු. එතෙනෙවුපායෙන අපරානිපි තික්ඛත්තුං චත්තාරි චත්තාරි සහස්සානි ආනෙසි. තාපි නෙව පුත්තං, න ධීතරං ලභිංසු. එත්තාවතා සොළස ඉත්ථිසහස්සානි අහෙසුං. චත්තාලීස වස්සසහස්සානි අතික්කමිංසු, තානි තාය එකිකාය වුත්ථෙහි දසහි සහස්සෙහි සද්ධිං පඤ්ඤාස වස්සසහස්සානි හොන්ති. අථ නාගරා සන්නිපතිත්වා පුන උපක්කොසිත්වා “කිමෙත”න්ති වුත්තෙ “දෙව, තුම්හාකං ඉත්ථියො පුත්තං පත්ථෙතුං ආණාපෙථා”ති වදිංසු. රාජා “සාධූ”ති සම්පටිච්ඡිත්වා “තුම්හෙ පුත්තං පත්ථෙථා”ති ආහ. තා තතො පට්ඨාය පුත්තං පත්ථයමානා නානාදෙවතා නමස්සන්ති, නානාවතානි චරන්ති, පුත්තො නුප්පජ්ජතෙව. අථ රාජා සුමෙධං ආහ “භද්දෙ, ත්වම්පි පුත්තං පත්ථෙහී”ති. සා “සාධූ”ති පන්නරසඋපොසථදිවසෙ අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං සමාදාය සිරිගබ්භෙ සීලානි ආවජ්ජමානා කප්පියමඤ්චකෙ නිසීදි . සෙසා අජවතගොවතා හුත්වා පුත්තං අලභිත්වා උය්යානං අගමංසු.
සුමේධා දේවිය ඒ කථාව අසා රජ වූ කලී සත්‍යවාදී බව නිසා අන් ස්ත්‍රීන් නොගෙන එයි. මම ම ඔහුට ගෙන එන්නෙමියි රජුට මව හා සමාන භාර්යා තනතුරෙහි සිට තමාගේ කැමැත්ත පරිදි ක්ෂත්රිය කන්‍යාවන් දහසක් ද අමාත්‍ය පවුල්වල කන්‍යාවන් දහසක් ද ගෘහපති කන්‍යාවන් දහසක් ද සියළු කුලවලින් නාටක ස්ත්‍රීන් දහසක්දැයි ස්ත්‍රීන් සිව්දහසක් ගෙන ආවාය. ඈලාද අවුරුදු දසදහසක් රජ මාලිගයෙහි වාසය කර පුතෙකු නොලැබුවාය. දුවක ද නොලැබුවාය. මේ ක්‍රමයෙන් සොළොස් දහසක් ස්ත්‍රීන් වූවාහුය. අවුරුදු සතලිස් දහසක් ඉක්ම ගියේය. ඒ අවුරුදු ප්‍රමාණය එකලාව ඇය සමග හුන් දසදහසක් අවුරුදු සමග අවුරුදු පනස් දහසක් වීය. ඉක්බිති නුවර වැස්සෝ රැස් වී දොස් නගා මේ කවරක්දැයි කී කල්හි දේවයන් වහන්ස, ඔබගේ ස්ත්රීන්ට පුතෙකු පතන්නට අණ කරව යයි කීවාහුය. රජු මැනවයි පිළිගෙන තෙපි පුතෙකු පතව් යයි කීය. ඈලා එතැන් පටන් පුතෙකු ප්‍රාර්ථනය කරන්නාහු නොයෙක් දේවතාවන් නමස්කාර කරන්නාහුය. නොයෙක් ව්රතයන්හි හැසිරෙත්. පුතෙක් නූපදන්නේමය. ඉක්බිති රජු සුමේධාවට කීවේය. සොඳුර, පුත්‍රයෙකු පතවයි කියාය. ඇය මැනවයි පසළොස්වක පොහෝදින අංග අටකින් යුත් පෙහෙවස් සමාදන් වී සිරියහන් ගැබහි සිල් ආවර්ජනය කරමින් කැප වූ ඇඳෙක්හි හුන්නීය. සෙස්සෝ අජ ව්‍රත, ගෝව්‍රත ආදිය ඇත්තෝ වී උයනට ගියාහුය.
සුමෙධාය සීලතෙජෙන සක්කස්ස භවනං කම්පි. තදා සක්කො ආවජ්ජෙන්තො “සුමෙධා පුත්තං පත්ථෙති, පුත්තමස්සා දස්සාමි, න ඛො පන සක්කා යං වා තං වා දාතුං, අනුච්ඡවිකමස්සා පුත්තං උපධාරෙස්සාමී”ති උපධාරෙන්තො නළකාරදෙවපුත්තං පස්සි. සො හි පුඤ්ඤසම්පන්නො සත්තො පුරිමත්තභාවෙ බාරාණසියං වසන්තො වප්පකාලෙ ඛෙත්තං ගච්ඡන්තො එකං පච්චෙකබුද්ධං දිස්වා දාසකම්මකරෙ “වපථා”ති පහිණි. සයං නිවත්තිත්වා පච්චෙකබුද්ධං ගෙහං නෙත්වා භොජෙත්වා පුන ගඞ්ගාතීරං ආනෙත්වා පුත්තෙන සද්ධිං එකතො හුත්වා උදුම්බරභිත්තිපාදං නළභිත්තිකං පණ්ණසාලං කත්වා ද්වාරං යොජෙත්වා චඞ්කමං කත්වා පච්චෙකබුද්ධං තත්ථෙව තෙමාසං වසාපෙත්වා වුත්ථවස්සං ද්වෙ පිතාපුත්තා තිචීවරෙන අච්ඡාදෙත්වා උය්යොජෙසුං. එතෙනෙව නියාමෙන සත්තට්ඨ පච්චෙකබුද්ධෙ තාය පණ්ණසාලාය වසාපෙත්වා තිචීවරානි අදංසු. “ද්වෙ පිතාපුත්තා නළකාරා හුත්වා ගඞ්ගාතීරෙ වෙළුං උපධාරෙන්තා පච්චෙකබුද්ධං දිස්වා එවමකංසූ”තිපි වදන්තියෙව.
සුමේධාගේ සිල් තෙදින් ශක්‍රයාගේ භවනය කම්පා වීය. ශක්‍රයා විමසා බලා සුමේධා දේවිය පුතෙකු ප්‍රාර්ථනය කරයි. ඇයට පුත්‍රයෙකු දෙන්නෙමි. යම් ඒ කිසිවෙකු දෙන්නට නොහැකිය. ඇයට සුදුසු පුත්‍රයෙකු සොයා බලන්නෙමියි සලකා බලන්නේ නලකාර දෙව්පුතු දුටුවේය. ඔහු වූ කලී පිනෙන් යුක්ත වූ සත්ත්වයෙකි. පෙර ආත්ම භාවයෙහි බරණැස් නුවර වසන්නේ වැඩිවියට පත් කළ කුඹුරට යන්නේ එක් පසේ බුදුවරයෙකු දැක දාස කම් කරුවන් “වපුරවු” යයි පිටත් කර යවා තෙමේ නැවතී පසේබුදුන් (ගෙට) පමුණුවා වළඳවා නැවත ගංතෙරට පමුණුවා පුතු සමග එකතු වී දිඹුල් කඳින් කළ බිත්ති පාද (අත්තිවාරම) ඇති උණ දඬුයෙන් කළ බිත්ති ඇති පන්සලක් කරවා දොර යොදා සක්මන් මළුව කර පසේ බුදුරදුන් එහි තෙමසක් වසවා වසන ලද වස් ඇති පසේ බුදුන් පියපුතු දෙදෙනාම තුන්සිවුරෙන් හඳවා පිටත්කර යැවුවාහුය. මේ පිළිවෙලින් පසේ බුදුවරුන් සත් නමක් ඒ පන්සලෙහි වාසය කරවා සිවුරු දුන්නාහුය. පිය පුතු දෙදෙනාම බට කර්මාන්තකරුවෝ වී ගංතෙර උණගස් සොයන්නා වූ පසේ බුදු කෙනෙකු දැක මෙසේ කළාහු යයි කියත්මය.
තෙ කාලං කත්වා තාවතිංසභවනෙ නිබ්බත්තිත්වා ඡසු කාමාවචරසග්ගෙසු අනුලොමපටිලොමෙන මහන්තං දෙවිස්සරියං අනුභවන්තා විචරන්ති. තෙ තතො චවිත්වා උපරිදෙවලොකෙ නිබ්බත්තිතුකාමා හොන්ති. සක්කො තථා ගතභාවං ඤත්වා තෙසු එකස්ස විමානද්වාරං ගන්ත්වා තං ආගන්ත්වා වන්දිත්වා ඨිතං ආහ – “මාරිස, තයා මනුස්සලොකං ගන්තුං වට්ටතී”ති. “මහාරාජ, මනුස්සලොකො නාම ජෙගුච්ඡො පටිකූලො, තත්ථ ඨිතා දානාදීනි පුඤ්ඤානි කත්වා දෙවලොකං පත්ථෙන්ති, තත්ථ ගන්ත්වා කිං කරිස්සාමී”ති. “මාරිස, දෙවලොකෙ පරිභුඤ්ජිතබ්බසම්පත්තිං මනුස්සලොකෙ පරිභුඤ්ජිස්සසි, පඤ්චවීසතියොජනුබ්බෙධෙ නවයොජනආයාමෙ අට්ඨයොජනවිත්ථාරෙ රතනපාසාදෙ වසිස්සසි, අධිවාසෙහී”ති. සො අධිවාසෙසි. සක්කො තස්ස පටිඤ්ඤං ගහෙත්වා ඉසිවෙසෙන රාජුය්යානං ගන්ත්වා තාසං ඉත්ථීනං උපරි ආකාසෙ චඞ්කමන්තො අත්තානං දස්සෙත්වා “කස්සාහං පුත්තවරං දම්මි, කා පුත්තවරං ගණ්හිස්සතී”ති ආහ. “භන්තෙ, මය්හං දෙහි, මය්හං දෙහී”ති සොළස ඉත්ථිසහස්සානි හත්ථෙ උක්ඛිපිංසු. තතො සක්කො ආහ – “අහං සීලවතීනං පුත්තං දම්මි, තුම්හාකං කිං සීලං, කො ආචාරො”ති. තා උක්ඛිත්තහත්ථෙ සමඤ්ඡිත්වා “සචෙ සීලවතියා දාතුකාමො, සුමෙධාය සන්තිකං ගච්ඡාහී”ති වදිංසු. සො ආකාසෙනෙව ගන්ත්වා තස්සා වාසාගාරෙ සීහපඤ්ජරෙ අට්ඨාසි.
ඔවුහු කළුරිය කොට තව්තිසා දෙව්ලොව ඉපදී කාම සුගතීන් සයෙහි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මහත් වූ දිව්‍යමය සම්පත් අනුභව කරන්නාහු හැසිරෙති. ඔවුහු එදවස චුත වී මත්තෙහි වූ දෙව්ලොව ඉපදෙනු කැමැත්තෝ වූහ. ශක්‍රයා ඒ බව දැන ඔවුන් අතර එක් දෙවියෙකුගේ විමන් දොරට ගොස් තමන් වෙතට අවුත් වැඳ සිටියහුට මෙසේ කීවේය. නිදුකාණනි, ඔබ මිනිස් ලොව යන්නට වටී යයි. මහරජුනි, මිනිස් ලොව නම් පිළිකුල් කටයුතු වූවකි. අප්‍රිය වූවකි. එහි සිටියෝ දානාදී පිං කර දෙව්ලොව පතත්. එහි ගොස් කුමක් කරන්නෙමිද?යි. නිදුකාණනි, දෙව්ලොව අනුභව කළ යුතු සම්පත මිනිස්ලොවදී අනුභව කරහි. පස්විසි යොදුනක් උස් වූ රත්න ප්‍රාසාදයෙහි වසව. ඉවසුවයි කීය. හෙතෙම (ඉල්ලීම) ඉවසීය. ශක්‍රයා ඔහුගේ ප්‍රතිඥාව ගෙන තවුස් වේශයෙන් රජ උයනට ගොස් ඒ ස්ත්රීන්ගේ මත්තෙහි අහස්හි සක්මන් කරනුයේ තමා දක්වා කවරියකට පුත්‍ර වරයක් දෙමිද? කවරෙක් පුත්‍ර වරයක් ගන්නෙහිදැයි කීවේය. ස්වාමීනි මට දෙව. මට දෙවයි අත් දහසක් ඔසවූවාය. අනතුරුව (ශක්‍රයා) මෙසේ කීවේය. මම සිල් ඇත්තියනට පුත්‍රයෙකු දෙමි. ඔබලාගේ ශීලය කුමක්ද? පැවැත්ම කුමක්දැයි ඇසීය. ඈලා ඔසවන ලද අත් හකුලා ඉදින් සිල් ඇත්තියකට දෙනු කැමැත්තේද සුමේධාවගේ සමීපයට යවයි කීවාහුය. හෙතෙම අහසින්ම ගොස් ඇගේ යහන් ගැබහි කවුළුවෙහි සිටියේය.
අථස්සා තා ඉත්ථියො ආරොචෙසුං “එථ, දෙවි, සක්කො දෙවරාජා ‘තුම්හාකං පුත්තවරං දස්සාමී’ති ආකාසෙනාගන්ත්වා සීහපඤ්ජරෙ ඨිතො”ති. සා ගරුපරිහාරෙනාගන්ත්වා සීහපඤ්ජරං උග්ඝාටෙත්වා “සච්චං කිර, භන්තෙ, තුම්හෙ සීලවතියා පුත්තවරං දෙථා”ති ආහ. “ආම දෙවී”ති. “තෙන හි මය්හං දෙථා”ති. “කිං පන තෙ සීලං, කථෙහි, සචෙ මෙ රුච්චති, දස්සාමි තෙ පුත්තවර”න්ති. සා තස්ස වචනං සුත්වා “තෙන හි සුණාහී”ති වත්වා අත්තනො සීලගුණං කථෙන්තී පන්නරස ගාථා අභාසි –
ඉක්බිති ඇයට දැන්වූහ. දේවියනි, මේ එක් දෙව්රජෙක් ඔබට පුත්‍ර වරයක් දෙමියි අහසින් අවුත් සීමැදුරු කවුළුවෙහි සිටියේය යනුවෙනි. ඇය ගෞරව පෙරදැරිව අවුත් සීමැදුරු කවුළුව විවෘත කර ස්වාමීනි, ඔබ සිල් ඇත්තියකට පුත්‍ර වරයක් දෙන්නහු ඇත්තදැයි කීවාය. දේවියනි, එසේය. එසේ නම් මට දෙවයි කීවාය. ඔබගේ ශීලය කුමක්දැයි කියව. ඉදින් මට රුචි වේ නම් දෙන්නෙමි. ඇය ඔහුගේ වචනය අසා එසේ නම් අසවයි කියා තමාගේ සිල් ගුණයන් කියන්නී ගාථා පසළොසක් කීවාය.
“මහෙසී සුරුචිනො භරියා, ආනීතා පඨමං අහං; දස වස්සසහස්සානි, යං මං සුරුචිමානයි.
මහෙසී රුචිනො භරියා - ආනීතා පඨමං අහං, දසවස්ස සහස්සානි - යං මං සුරුචිමානයී
1. පළමුව ගෙන ආ මම සුරුචි රජුගේ බිරිඳ වූ අගමෙහෙසිය වෙමි. යම්දිනයක සුරුචි රජු මා ගෙන ආවේද (දැනට) අවුරුදු දසදහසක් වේ.
“සාහං බ්‍රාහ්මණ රාජානං, වෙදෙහං මිථිලග්ගහං; නාභිජානාමි කායෙන, වාචාය උද චෙතසා; සුරුචිං අතිමඤ්ඤිත්ථ, ආවි වා යදි වා රහො.
2. බ්‍රාහ්මණය, ඒ මම විදේහ රට මියුලු නුවර සුරුචි රජතුමන් කයින් වචනයෙන් යළි සිතින් හෝ ප්‍රසිද්ධියේ හෝ නැවත රහසිගතව හෝ ඉක්මවා සිතූ බව නොදනිමි.
“එතෙන සච්චවජ්ජෙන, පුත්තො උප්පජ්ජතං ඉසෙ; මුසා මෙ භණමානාය, මුද්ධා ඵලතු සත්තධා.
3.සෘෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙකු උපදීවා. බොරු කියන්නී නම් මගේ හිස සත්කඩකට පැලේවා.
“භත්තු මම සස්සු මාතා, පිතා චාපි ච සස්සුරො; තෙ මං බ්රහ්මෙ විනෙතාරො, යාව අට්ඨංසු ජීවිතං.
4. බ්‍රාහ්මණය, ස්වාමියාට ප්‍රිය වූ (එමෙන්ම) ස්වාමියාගේ මව ද පියා ද යන ඔවුහු යම්තාක් ජීවත්ව සිටියාහුද ඒ තාක් මා හික්මවන්නෝ වූහ.
“සාහං අහිංසාරතිනී, කාමසා ධම්මචාරිනී; සක්කච්චං තෙ උපට්ඨාසිං, රත්තින්දිවමතන්දිතා.
5. ඒ මම අහිංසාවෙහි ඇලුනේ වෙමි. ඒකාන්තයෙන් දහම්හි හැසිරෙන්නී වෙමි. රෑ දවල් අනලස්ව ඔවුන්ට සකසා උවටැන් කළෙමි.
“එතෙන සච්චවජ්ජෙන, පුත්තො උප්පජ්ජතං ඉසෙ; මුසා මෙ භණමානාය, මුද්ධා ඵලතු සත්තධා.
6. සෘෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් පුතෙක් උපදීවා. (ඉදින්) මා බොරු කියන්නී නම් මගේ හිස සත්කඩකට පැලේවා!
“සොළසිත්ථිසහස්සානි, සහභරියානි බ්‍රාහ්මණ; තාසු ඉස්සා වා කොධො වා, නාහු මය්හං කුදාචනං.
7. බ්‍රාහ්මණය, (මට) සමාන භාර්යාවෝ සොළොස් දහසක් වෙත්. ඈලා කෙරෙහි කෙදිනකවත් මා තුල ඊර්ෂ්‍යාවක් හෝ ක්‍රෝධයක් හෝ නොවීය.
“හිතෙන තාසං නන්දාමි, න ච මෙ කාචි අප්පියා; අත්තානංවානුකම්පාමි, සදා සබ්බා සපත්තියො.
8. ඈලාට හිතවත් වූ කරුණින් සතුටු වෙමි. කිසිවෙකුත් මට අප්‍රිය නොවූවාය. හැමදා සියළු සපත්නීන්ට තමාට මෙන් අනුකම්පා කරමි.
“එතෙන සච්චවජ්ජෙන, පුත්තො උප්පජ්ජතං ඉසෙ; මුසා මෙ භණමානාය, මුද්ධා ඵලතු සත්තධා.
9. සෘෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා! (ඉදින්) මම බොරු කියන්නී නම් මගේ හිස සත්කඩකට පැලේවා.
“දාසෙ කම්මකරෙ පෙස්සෙ, යෙ චඤ්ඤෙ අනුජීවිනො; පෙසෙමි සහධම්මෙන, සදා පමුදිතින්ද්රියා.
10. දාසයන්, කම්කරුවන්, පණිවුඩකරුවන් හා වෙනත් සේවකයන් වෙත් ද හැමකල්හි සතුටු වූ ඉඳුරන් ඇත්තී වූ මම ඔවුන් ධර්මානුකූලව පෝෂණය කරමි.
“එතෙන සච්චවජ්ජෙන, පුත්තො උප්පජ්ජතං ඉසෙ; මුසා මෙ භණමානාය, මුද්ධා ඵලතු සත්තධා.
11. සෘෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. (ඉදින්) මම බොරු කියන්නී නම් මගේ හිස සත්කඩකට පැලේවා.
“සමණෙ බ්රාහ්මණෙ චාපි, අඤ්ඤෙ චාපි වනිබ්බකෙ; තප්පෙමි අන්නපානෙන, සදා පයතපාණිනී.
12. පිරිසිදු අත් ඇත්තී වූ මම ශ්‍රමණයන්ද, බ්‍රාහ්මණයන්ද, අන් යාචකයන්ද හැමදා ආහාර පානයෙන් සන්තර්පණය කරමි.
“එතෙන සච්චවජ්ජෙන, පුත්තො උප්පජ්ජතං ඉසෙ; මුසා මෙ භණමානාය, මුද්ධා ඵලතු සත්තධා.
13. සෘෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. (ඉදින්) මම බොරු කියන්නී නම් මාගේ හිස සත්කඩකට පැලේවා.
“චාතුද්දසිං පඤ්චද්දසිං, යා ච පක්ඛස්ස අට්ඨමී; පාටිහාරියපක්ඛඤ්ච, අට්ඨඞ්ගසුසමාගතං; උපොසථං උපවසාමි, සදා සීලෙසු සංවුතා.
14. හැමකල්හි සීලයෙහි සංවර වූ මම තුදුස්වක පසළොස්වක (පුර-අව) පක්ෂයේ අටවක හා ප්රාතිහාර්ය පක්ෂය යන දවස්හි පෙහෙවස් සමාදන් වෙමි.
“එතෙන සච්චවජ්ජෙන, පුත්තො උප්පජ්ජතං ඉසෙ; මුසා මෙ භණමානාය, මුද්ධා ඵලතු සත්තධා”ති.
15. සෘෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. (ඉදින්) මම බොරු කියන්නී නම් මාගේ හිස සත්කඩකට පැලේවා.
තත්ථ මහෙසීති අග්ගමහෙසී. සුරුචිනොති සුරුචිරඤ්ඤො. පඨමන්ති සොළසන්නං ඉත්ථිසහස්සානං සබ්බපඨමං. යං මන්ති යස්මිං කාලෙ මං සුරුචි ආනයි, තතො පට්ඨාය අහං දස වස්සසහස්සානි එකිකාව ඉමස්මිං ගෙහෙ වසිං. අතිමඤ්ඤිත්ථාති මුහුත්තම්පි සම්මුඛා වා පරම්මුඛා වා අතිමඤ්ඤින්ති ඉදං අතික්කමිත්වා මඤ්ඤනං න ජානාමි න සරාමි. ඉසෙති තං ආලපති.
එහි මහෙසී යනු අග මෙහෙසියයි. රුචිනො යනු සුරුචි රජුගේ. පඨමං යනු ස්ත්‍රීන් සොළොස් දහසක් අතර සියල්ලන්ට පළමු. යං මං යනු යම්කලෙක සුරුචි රජු මා ගෙන ආවේද, එතැන් පටන් අවුරුදු දස දහසක් හුදකලාවම මේ මාලිගයෙහි වාසය කළෙමි. අතිමඤ්ඤිත්ථො යනු අභිමුඛයෙහි හෝ අනභිමුඛයෙහි හෝ මොහොතකුදු ඉක්මවා සිතීමි යයි මොහු ඉක්මවා සිතීමක් නොදනිමි. සිහි නොකරමි. ඉසෙ යනු ඔහු අමතයි.
තෙ මන්ති සසුරො ච සස්සු චාති තෙ උභොපි මං විනෙතාරො, තෙහි විනීතා අම්හි, තෙ මෙ යාව ජීවිංසු, තාව ඔවාදමදංසු. අහිංසාරතිනීති අහිංසාසඞ්ඛාතාය රතියා සමන්නාගතා. මයා හි කුන්ථකිපිල්ලිකොපි න හිංසිතපුබ්බො. කාමසාති එකන්තෙනෙව. ධම්මචාරිනීති දසකුසලකම්මපථෙසු පූරෙමි. උපට්ඨාසින්ති පාදපරිකම්මාදීනි කිච්චානි කරොන්තී උපට්ඨහිං.
තෙ මං යනු මාමණ්ඩිය හෝ නැන්දම්මා හෝ දැයි ඒ දෙදෙනාම මා හික්මවන්නෝය. ඔවුන් විසින් හික්මවන ලද්දී වෙමි. ඔවුහු යම්තාක් ජීවත් වූවාහුද ඒතාක් මට අවවාද දුන්නාහුය. අහිංසා රතිනී යනු අහිංසා සංඛ්‍යාත වූ ඇල්මෙන් යුක්ත වූවාම ඇය විසින් කිසිතැනකදී කුහුඹුවෙකුදු හිංසා කරන ලද්දේ නොවේ. කාමසා යනු ඒකාන්තයෙන්ම. ධම්මචාරිණී යනු දසකුසල කර්මපථයන් පුරමි. උපට්ඨාසිං යනු පා පිරියම් කිරීම් ආදී කටයුතු කරන්නී උපස්ථාන කළෙමි.
සහභරියානීති මයා සහ එකසාමිකස්ස භරියභූතානි. නාහූති කිලෙසං නිස්සාය ඉස්සාධම්මො වා කොධධම්මො වා මය්හං න භූතපුබ්බො. හිතෙනාති යං තාසං හිතං, තෙනෙව නන්දාමි, උරෙ වුත්ථධීතරො විය තා දිස්වා තුස්සාමි. කාචීති තාසු එකාපි මය්හං අප්පියා නාම නත්ථි, සබ්බාපි පියකායෙව. අනුකම්පාමීති මුදුචිත්තෙන සබ්බා සොළසසහස්සාපි තා අත්තානං විය අනුකම්පාමි.
සහභරියානි යනු මා සමග එකම ස්වාමියෙකුට භාර්යාවන් වූ. නාහු යනු කෙලෙස් නිසා ඊර්ෂ්‍යා ස්වභාවයක් හෝ කෝපී ස්වභාවයක් හෝ මට නොවූ විරූය. හිතෙන යනු යමක් ඈලාට හිතවත් වූයේද එයින්ම සතුටු වෙමි. කාචි යනු ඈලා අතර එකියකුදු මට අප්‍රිය යයි නම් නැත. සියල්ලෝම කරුණාවට පාත්‍ර වූවෝම වෙත්. අනුකම්පාමි මෘදු සිතින් සොළොස් දහසක් වූ ඒ සියල්ලන්ම තමාට මෙන් අනුකම්පා කරමි.
සහධම්මෙනාති නයෙන කාරණෙන යො යං කාතුං සක්කොති, තං තස්මිං කම්මෙ පයොජෙමීති අත්ථො. පමුදිතින්ද්රියාති පෙසෙන්තී ච නිච්චං පමුදිතින්ද්රියාව හුත්වා පෙසෙමි, “අරෙ දුට්ඨ දාස ඉදං නාම කරොහී’ති එවං කුජ්ඣිත්වා න මෙ කොචි කත්ථචි පෙසිතපුබ්බො. පයතපාණිනීති ධොතහත්ථා පසාරිතහත්ථාව හුත්වා. පාටිහාරියපක්ඛඤ්චාති අට්ඨමීචාතුද්දසීපන්නරසීනං පච්චුග්ගමනානුග්ගමනවසෙන චත්තාරො දිවසා. සදාති නිච්චකාලං පඤ්චසු සීලෙසු සංවුතා, තෙහි පිහිතගොපිතත්තභාවාව හොමීති.
සහධම්මෙන යනු නියමානුකූලව, ක්‍රමිකව යමෙක් යටත් කරන්නට හැකි වේද ඔහු ඒ කටයුත්තෙහි යොදමි’යි යන අර්ථයි. පමුදිතින්ද්රියානි යනු (යමකට) පිටත්කර හරින්නීද නිතර සතුටු වූ ඉඳුරන් ඇතිවම පිටත් කර හරිමි. එම්බා දුෂ්ඨ දාසය, මෙය කරව යයි මෙසේ කිපී මවිසින් කිසිවෙක් කිසිතැනක පිටත්කර නොහරින විරූය. පයතපාණී යනු සෝදන ලද අත් ඇතිව දිගුකරන ලද අත් ඇතිවම වී. පාටිහාරිය පක්ඛඤ්ච යනු අටවක තුදුස්වක පසළොස්වක යන දිනයන්හි පෙර ගමන් හා අනුගමන් වශයෙන් සිව් දිනයන්. සදා යනු නිතර පන්සිල්හි සංවර වූවා ඒවා කරණකොට වසන ලද ආරක්ෂා කරන ලද සිත් ඇත්තී වූවා වෙමි යි.
එවං තස්සා ගාථාය සතෙනපි සහස්සෙනපි වණ්ණියමානානං ගුණානං පමාණං නාම නත්ථි, තාය පන්නරසහි ගාථාහි අත්තනො ගුණානං වණ්ණිතකාලෙයෙව සක්කො අත්තනො බහුකරණීයතාය තස්සා කථං අවිච්ඡින්දිත්වා “පහූතා අබ්භුතායෙව තෙ ගුණා”ති තං පසංසන්තො ගාථාද්වයමාහ –
මෙසේ ගාථා සියයකිනුදු දහසකිනුදු වර්ණනා කරනු ලබන්නේ නමුත් ඇයගේ ගුණයන්ගේ ප්‍රමාණයක් නම් නැත. ඇය විසින් ගාථා පසළොසකින් තමාගේ ගුණ වර්ණනා කළ කල්හිම ශක්‍රයා තමාගේ බොහෝ කටයුතු ඇති බැවින් ඇගේ කථාව සිඳ “ඔබගේ ගුණයෝ බොහෝය. ආශ්චර්යමත්ය යයි ඇයට ප්‍රශංසා කරන්නේ ගාථා දෙකක් කීවේය.
“සබ්බෙව තෙ ධම්මගුණා, රාජපුත්ති යසස්සිනි; සංවිජ්ජන්ති තයි භද්දෙ, යෙ ත්වං කිත්තෙසි අත්තනි.
16. කීර්තිමත් රාජ දුවණියනි, ඔබ යම් ගුණ රැසක් තමා වෙත ඇතැයි ප්‍රකාශ කළාද? සොඳුර ඒ සියළු යහපත් ගුණයෝ ඔබ කෙරෙහි විද්‍යමාන වෙති.
“ඛත්තියො ජාතිසම්පන්නො, අභිජාතො යසස්සිමා; ධම්මරාජා විදෙහානං, පුත්තො උප්පජ්ජතෙ තවා”ති.
17. ක්ෂත්රියවංශික වූ උසස් ජාතියට අයත්, අභිජාත වූ, කීර්තිමත් වූ, විදේහ රටවැසියන්ට ධර්මරාජ වූ පුතෙක් ඔබට උපදින්නේය.
තත්ථ ධම්මගුණාති සභාවගුණා භූතගුණා. සංවිජ්ජන්තීති යෙ තයා වුත්තා, තෙ සබ්බෙව තයි උපලබ්භන්ති. අභිජාතොති අතිජාතො සුද්ධජාතො. යසස්සිමාති යසසම්පන්නෙන පරිවාරසම්පන්නෙන සමන්නාගතො. උප්පජ්ජතෙති එවරූපො පුත්තො තව උප්පජ්ජිස්සති, මා චින්තයීති.
එහි ධම්මගුණා යනු සත්‍ය වූ ගුණයෝ, පැවති ගුණයෝ. සංවිජ්ජන්ති යනු යමක් ඔබ විසින් කියන ලදද ඒ සියල්ල ඔබ කෙරෙහි ලබනු ලබත්. අභිජාතො යනු උසස්ම ජන්ම ඇති. යස්සිමා යනු කීර්තියෙන් යුක්ත වූ පිරිවරින් සමන්විත වූ. උප්පජ්ජතෙ යනු මෙබඳු වූ පුත්‍රයෙක් ඔබට උපදින්නේය. නහමක් නොසිතවයි.
සා තස්ස වචනං සුත්වා සොමනස්සජාතා තං පුච්ඡන්තී ද්වෙ ගාථා අභාසි –
ඇය ඔහුගේ වචනය අසා සොම්නසට පත් වූවා ඔහුගෙන් විමසන්නී ගාථා දෙකක් කීවේය.
“දුම්මී රජොජල්ලධරො, අඝෙ වෙහායසං ඨිතො; මනුඤ්ඤං භාසසෙ වාචං, යං මය්හං හදයඞ්ගමං.
18. අඳුන් ගෑම් ආදියෙන් තොරව, රජස් දැලි ආදියෙන් යුක්තව හිස් වූ අහසෙහි සිට මගේ සිත් ගන්නා වූ මනහර වචනයක් යමෙක් කියයිද?
“දෙවතානුසි සග්ගම්හා, ඉසි වාසි මහිද්ධිකො; කො වාසි ත්වං අනුප්පත්තො, අත්තානං මෙ පවෙදයා”ති.
19. ඒ ඔබ දෙව්ලොවින් පැමිණි දෙවියෙක්ද? මහත් වූ සෘද්ධි ඇති සෘෂිවරයෙක්ද? මෙහි පැමිණි ඔබ කවරෙක් වෙහිද? මට තමා කියව (හඳුන්වා දෙව)
තත්ථ දුම්මීති අනඤ්ජිතාමණ්ඩිතො සක්කො ආගච්ඡන්තො රමණීයෙන තාපසවෙසෙන ආගතො, පබ්බජිතවෙසෙන ආගතත්තා පන සා එවමාහ. අඝෙති අප්පටිඝෙ ඨානෙ. යං මය්හන්ති යං එතං මනුඤ්ඤං වාචං මය්හං භාසසි, තං භාසමානො ත්වං දෙවතානුසි සග්ගම්හා ඉධාගතො. ඉසි වාසි මහිද්ධිකොති යක්ඛාදීසු කො වා ත්වං අසි ඉධානුප්පත්තො, අත්තානං මෙ පවෙදය, යථාභූතං කථෙහීති වදති.
එහි රුම්මි යනු අඳුන් නොගල්වන ලද්දේ. නොසරසන ලද්දේ. එහි එන්නා වූ ශක්‍රයා සිත්කළු තාපස වේශයෙන් පැමිණියේය. පැවිදි වේශයෙන් පැමිණි හෙයින් ඇය මෙසේ කීවාය. අසෙ යනු ගැටීම් නැති තන්හි - යං මය්හං යනු මෙලෙස මට මනෝඥ වූ වචනයක් යමෙක් කියහිද එය කියන්නා වූ ඔබ දෙව්ලොවින් මෙහි පැමිණි දෙවියෙක් වෙහිද? ඉසීවාසි මහිද්ධිකො යනු මෙහි පැමිණි ඔබ යක්ෂ ආදීන් අතර කවරෙක් වෙහිද? අත්තානං මෙ පවෙදය ඇති තතු කියවයි කියයි.
සක්කො තස්සා කථෙන්තො ඡ ගාථා අභාසි –
හෙතෙම ඇයට කියන්නේ ගාථා සයක් කීවේය.
“යං දෙවසඞ්ඝා වන්දන්ති, සුධම්මායං සමාගතා; සොහං සක්කො සහස්සක්ඛො, ආගතොස්මි තවන්තිකෙ.
20. සුධර්මා නම් දේව සභාවට පැමිණි දේව සමූහයා යමෙකුට වඳිත්ද, දහසක් ඇස් ඇති ශක්‍රයා නම් වූ ඒ මම ඔබගේ සමීපයට ආවේ වෙමි.
“ඉත්ථියො ජීවලොකස්මිං, යා හොති සමචාරිනී; මෙධාවිනී සීලවතී, සස්සුදෙවා පතිබ්බතා.
21. (මේ) ජීව ලෝකයෙහි දැහැමි පැවතුම් ඇති, බුද්ධිමත්, සිල්වත් නැදි මයිලනුවන් දෙවියන් මෙන් සලකන, පතිව්රතා ගුණයෙන් යුත් යම් ස්ත්‍රීහු වෙත්ද?
“තාදිසාය සුමෙධාය, සුචිකම්මාය නාරියා; දෙවා දස්සනමායන්ති, මානුසියා අමානුසා.
22. එබඳු වූ මනා නුවණැති, පවිත්‍ර කටයුතු කරන මිනිස් ස්ත්‍රීන් දැකීමට අමනුෂ්‍ය වූ දෙවියෝ පැමිණෙත්.
“ත්වඤ්ච භද්දෙ සුචිණ්ණෙන, පුබ්බෙ සුචරිතෙන ච; ඉධ රාජකුලෙ ජාතා, සබ්බකාමසමිද්ධිනී.
23. සොඳුර, පෙර පුරුදු පුහුණු කරන ලද සුචරිතයෙන් යුක්ත වූ ඔබ මේ රාජ කුලයෙහි උපන්නී සියළු සම්පත්වලින් පොහොසත් වූවාය.
“අයඤ්ච තෙ රාජපුත්ති, උභයත්ථ කටග්ගහො; දෙවලොකූපපත්තී ච, කිත්තී ච ඉධ ජීවිතෙ.
24. රාජ දුවණිය, මේ ජීවිතයෙහි මෙම කීර්තියද, දෙව්ලොව ඉපදීමද ඔබගේ දෙලොව ජයග්‍රහණය වෙයි.
“චිරං සුමෙධෙ සුඛිනී, ධම්මමත්තනි පාලය; එසාහං තිදිවං යාමි, පියං මෙ තව දස්සන”න්ති.
25. සුමේධාවනි, (ඔබ) සැපවත් වූවා බොහෝ කලක් තමා වෙත ගුණදහම් ආරක්ෂා කරව. මේ මම දෙව්ලොව යමි. ඔබගේ දැක්ම මට ප්‍රිය වේ.
තත්ථ සහස්සක්ඛොති අත්ථසහස්සස්ස තංමුහුත්තං දස්සනවසෙන සහස්සක්ඛො. ඉත්ථියොති ඉත්ථී. සමචාරිනීති තීහි ද්වාරෙහි සමචරියාය සමන්නාගතා. තාදිසායාති තථාරූපාය. සුමෙධායාති සුපඤ්ඤාය. උභයත්ථ කටග්ගහොති අයං තව ඉමස්මිඤ්ච අත්තභාවෙ අනාගතෙ ච ජයග්ගාහො. තෙසු අනාගතෙ දෙවලොකුප්පත්ති ච ඉධ ජීවිතෙ පවත්තමානෙ කිත්ති චාති අයං උභයත්ථ කටග්ගහො නාම. ධම්මන්ති එවං සභාවගුණං චිරං අත්තනි පාලය. එසාහන්ති එසො අහං. පියං මෙති මය්හං තව දස්සනං පියං.
එහි සහස්සක්ඛො යනු එමොහොත ප්‍රයෝජන දහසක් දැක්වීම් වශයෙන් සහස්සක්ඛො නම්ය. ඉත්ථියො යනු ස්ත්‍රීන්. සමචාරිණී යනු තුන්දොරින් දැහැමි පැවැත්මෙන් යුක්ත වූවා. තාදිසාය යනු එබඳු වූ. සුමෙධාය යනු මනා වූ නුවණ ඇත්තියට. උභයත්ථ කටග්ගහො යනු මේ ඔබගේ මේ ආත්ම භාවයෙහිද අනාගතයෙහිද ජයග්‍රහණයයි. එයින් අනාගතයෙහි දෙව්ලොව උපතද මේ ජීවිතය පවත්නා කල්හි කීර්තියදැයි මේ දෙතන්හිම ජයග්‍රහණය නම් වේ. ධම්මං යනු මෙසේ යහපත් ගුණය දිගුකලක් තමා කෙරෙහි අපේක්ෂා කරව. එසාහං යනු මේ මමයි. පියම්මෙ යනු ඔබගේ දැක්ම මට ප්‍රිය වේ.
දෙවලොකෙ පන මෙ කිච්චකරණීයං අත්ථි, තස්මා ගච්ඡාමි, ත්වං අප්පමත්තා හොහීති තස්සා ඔවාදං දත්වා පක්කාමි. නළකාරදෙවපුත්තො පන පච්චූසකාලෙ චවිත්වා තස්සා කුච්ඡියං පටිසන්ධිං ගණ්හි. සා ගබ්භස්ස පතිට්ඨිතභාවං ඤත්වා රඤ්ඤො ආරොචෙසි, රාජා ගබ්භස්ස පරිහාරං අදාසි. සා දසමාසච්චයෙන පුත්තං විජායි, “මහාපනාදො”තිස්ස නාමං කරිංසු. උභයරට්ඨවාසිනො “සාමිපුත්තස්ස නො ඛීරමූල”න්ති එකෙකං කහාපණං රාජඞ්ගණෙ ඛිපිංසු, මහාධනරාසි අහොසි. රඤ්ඤා පටික්ඛිත්තාපි “සාමිපුත්තස්ස නො වඩ්ඪිතකාලෙ පරිබ්බයො භවිස්සතී”ති අග්ගහෙත්වාව පක්කමිංසු. කුමාරො පන මහාපරිවාරෙන වඩ්ඪිත්වා වයප්පත්තො සොළසවස්සකාලෙයෙව සබ්බසිප්පෙසු නිප්ඵත්තිං පාපුණි. රාජා පුත්තස්ස වයං ඔලොකෙත්වා දෙවිං ආහ – “භද්දෙ, පුත්තස්ස මෙ රජ්ජාභිසෙකකාලො, රමණීයමස්ස පාසාදං කාරෙත්වා අභිසෙකං කරිස්සාමී”ති. සා “සාධු දෙවා”ති සම්පටිච්ඡි. රාජා වත්ථුවිජ්ජාචරියෙ පක්කොසාපෙත්වා “තාතා, වඩ්ඪකිං ගහෙත්වා අම්හාකං නිවෙසනතො අවිදූරෙ පුත්තස්ස මෙ පාසාදං මාපෙථ, රජ්ජෙන නං අභිසිඤ්චිස්සාමා”ති ආහ. තෙ “සාධු, දෙවා”ති භූමිප්පදෙසං වීමංසන්ති.
මට දෙව්ලොවෙහි කළයුතු කටයුතු ඇත. එහෙයින් යමි. ඔබ අප්රමාදී වවයි ඇයට අවවාද දී ගියේය. නලකාර දෙවියා අළුයම් කාලයෙහි චුත වී ඇයගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. ඇය (ඒ බව) දැන රජුට දැන්වීය. රජු ගැබ ආරක්ෂාව දුන්නේය. ඇය දසමසක් ඇවෑමෙන් පුතෙකු වැදුවාය. ඔහුට මහාපනාද යයි නම් කළාහුය. දෙරට වැසියෝ අපගේ ස්වාමි පුත්‍රයාගේ කිරි මිල යයි එක එක කහවනුව (බැගින්) රජ මිදුලෙහි දැම්මාහුය. මහත් රැසක් වීය. රජු විසින් ප්‍රතික්ෂේප කළේද ස්වාමීනි, අපගේ පුත්‍රයා වැඩුන කල්හි වියදම වන්නේ යයි නොගෙනම ගියාහුය. කුමාරයා මහත් පිරිවරින් වැඩී වැඩිවියට පත් වූයේ සොළොස් වයස් කාලයෙහිම සියළු ශිල්පයෙහි නිමාවට පත්වීය. රජු පුත්‍රයාගේ වයස බලා දේවියට කීවාය. සොඳුර, මෙය මගේ පුතාගේ රාජ්‍යාභිෂේක කාලයයි. ඔහුට සිත්කළු ප්‍රාසාදයක් කරවා අභිෂේක කරන්නෙමුයි. ඇය ස්වාමීනි, මැනවයි පිළිගත්තේය. රජු වාස්තු විද්‍යාවෙහි ආචාර්යවරුන් කැඳවා දරුවෙනි, වඩුවෙකු ගෙන අපගේ මාළිගයට නුදුරෙහි මගේ පුතුට ප්‍රාසාදය තනවව්. ඔහු රාජ්‍යයෙන් අභිෂේක කරවන්නෙමුයි කීවේය. ඔවුහු මැනවයි බිම් පෙදෙස විමසා බලති.
තස්මිං ඛණෙ සක්කස්ස භවනං උණ්හාකාරං දස්සෙසි. සො තං කාරණං ඤත්වා විස්සකම්මං ආමන්තෙත්වා “ගච්ඡ, තාත, මහාපනාදකුමාරස්ස ආයාමෙන නවයොජනිකං, විත්ථාරතො අට්ඨයොජනිකං, උබ්බෙධෙන පඤ්චවීසතියොජනිකං, රතනපාසාදං මාපෙහී”ති පෙසෙසි. සො වඩ්ඪකීවෙසෙන වඩ්ඪකීනං සන්තිකං ගන්ත්වා “තුම්හෙ පාතරාසං භුඤ්ජිත්වා එථා”ති තෙ පෙසෙත්වා දණ්ඩකෙන භූමිං පහරි, තාවදෙව වුත්තප්පකාරො සත්තභූමිකො පාසාදො උට්ඨහි. මහාපනාදස්ස පාසාදමඞ්ගලං, ඡත්තමඞ්ගලං, ආවාහමඞ්ගලන්ති තීණි මඞ්ගලානි එකතොව අහෙසුං. මඞ්ගලට්ඨානෙ උභයරට්ඨවාසිනො සන්නිපතිත්වා මඞ්ගලච්ඡණෙන සත්ත වස්සානි වීතිනාමෙසුං. නෙව නෙ රාජා උය්යොජෙසි, තෙසං වත්ථාලඞ්කාරඛාදනීයභොජනීයාදි සබ්බං රාජකුලසන්තකමෙව අහොසි. තෙ සත්තසංවච්ඡරච්චයෙන උපක්කොසිත්වා සුරුචිමහාරාජෙන “කිමෙත”න්ති පුට්ඨා “මහාරාජ, අම්හාකං මඞ්ගලං භුඤ්ජන්තානං සත්ත වස්සානි ගතානි, කදා මඞ්ගලස්ස ඔසානං භවිස්සතී”ති ආහංසු. තතො රාජා “තාතා, පුත්තෙන මෙ එත්තකං කාලං න හසිතපුබ්බං, යදා සො හසිස්සති, තදා ගමිස්සථා”ති ආහ. අථ මහාජනො භෙරිං චරාපෙත්වා නටෙ සන්නිපාතෙසි. ඡ නටසහස්සානි සන්නිපතිත්වා සත්ත කොට්ඨාසා හුත්වා නච්චන්තා රාජානං හසාපෙතුං නාසක්ඛිංසු. තස්ස කිර දීඝරත්තං දිබ්බනාටකානං දිට්ඨත්තා තෙසං නච්චං අමනුඤ්ඤං අහොසි.
එකෙනෙහි ශක්‍රයාගේ ආසනය උණු වූ බවක් දැක්වීය. හෙතෙම ඒ කරුණ දැන විශ්ව කර්මයා අමතා දරුව, යව. මහාපනාද කුමාරයාට දිගින් පළලින් අඩ යොදුනක් වූ උසින් පස්විසි යොදුන් වූ රුවන් පහයක් මවව යයි පිටත්කර හැරියේය. හෙතෙම වඩුවෙකුගේ වේශයෙන් වඩුවන් සමීපයට අවුත් තෙපි උදය ආහාරය අනුභව කර එව් යයි ඔවුන් පිටත් කර යවා දණ්ඩකින් පොළොවට ගැසුවේය. එකෙනෙහි කියන ලද අයුරු වූ සත්බුමු ප්‍රාසාදය නැංගේය. මහාපනාදගේ ප්‍රාසාද මංගල්‍යයද සේසත් නැගීමේ මංගල්‍යයද ආවාහ මංගල්‍යයද යන තුනම එකටම වීය. මංගලෝත්සව තැනට දෙරට වැසියෝ රැස්වී මඟුල් සැණකෙළියෙන් සත්වසක් ගෙවූහ. රජු ඔවුන් පිටත්කර නොහැරීය. ඔවුන්ගේ වස්ත්‍ර ආභරණ, කෑම්-පීම් ආදී සියල්ල රජමැදුර සතු වූයේම වීය. (රජ මැදුරෙන්ම විය). ඔවුහු සත් අවුරුද්දක් ඇවෑමෙන් දොස් නගා මේ කුමක්දැයි සුරුචි මහරජු විසින් විමසන ලද්දෝ මහරජතුමනි, මඟුල් කන්නවුනට අවුරුදු හතක් ඉක්ම ගියේය. කවදා මඟුලෙහි අවසානය වන්නේදැයි විමසූහ. දරුවනි, මගේ පුතු විසින් මෙපමණ කලක් නොසිනාසුන විරූය. යම්දිනක හෙතෙම සිනාසෙයිද, එකල්හි යව් යයි කීය. ඉක්බිති මහජනයා බෙර හසුරුවා නළුවන් රැස් කරවීය. නළුවන් දහසක් රැස්වී කොටස් හතක් වී නටන්නාහු රජු සිනා ගන්වන්නට නොහැකි වූහ. ඔහු දිව්‍යමය නළුවන් දුටු බැවින් ඔවුන්ගේ නැටුම සිත් ගන්නක් නොවීය.
තදා භණ්ඩුකණ්ඩො ච පණ්ඩුකණ්ඩො චාති ද්වෙ නාටකජෙට්ඨකා “මයං රාජානං හසාපෙස්සාමා”ති රාජඞ්ගණං පවිසිංසු. තෙසු භණ්ඩුකණ්ඩො තාව රාජද්වාරෙ මහන්තං අතුලං නාම අම්බං මාපෙත්වා සුත්තගුළං ඛිපිත්වා තස්ස සාඛාය ලග්ගාපෙත්වා සුත්තෙන අතුලම්බං අභිරුහි. අතුලම්බොති කිර වෙස්සවණස්ස අම්බො. අථ තම්පි වෙස්සවණස්ස දාසා ගහෙත්වා අඞ්ගපච්චඞ්ගානි ඡින්දිත්වා පාතෙසුං, සෙසනාටකා තානි සමොධානෙත්වා උදකෙන අභිසිඤ්චිංසු. සො පුප්ඵපටං නිවාසෙත්වා ච පාරුපිත්වා ච නච්චන්තොව උට්ඨහි. මහාපනාදො තම්පි දිස්වා නෙව හසි. පණ්ඩුකණ්ඩො නටො රාජඞ්ගණෙ දාරුචිතකං කාරෙත්වා අත්තනො පරිසාය සද්ධිං අග්ගිං පාවිසි. තස්මිං නිබ්බුතෙ චිතකං උදකෙන අභිසිඤ්චිංසු. සො සපරිසො පුප්ඵපටං නිවාසෙත්වා ච පාරුපිත්වා ච නච්චන්තොව උට්ඨහි. තම්පි දිස්වා රාජා නෙව හසි. ඉති තං හසාපෙතුං අසක්කොන්තා මනුස්සා උපද්දුතා අහෙසුං.
එකල්හි භණ්ඩ කණ්ණ හා පණ්ඩු කණ්ණ නම් ප්‍රධාන නළුවෝ දෙදෙනෙක් අපි රජු සිනහ ගන්වමුයි කියා පළමුකොට භණ්ඩු කර්ණයා රජ දොරටුවෙහි අතුල නම් අඹගසක් මවා නූල් බෝලයක් විසිකර ඒ ගසේ අත්තක එල්ලා නූලෙන් අතුල අඹ ගසට නැංගේය. අතුල අඹගස වූ කලී වෛශ්රවණගේ අඹ ගසයි. ඉක්බිති වෛශ්රවණගේ දාසයෝ ඔහු ගෙන අඟපසඟ සිඳ බිම හෙලූහ. සෙසු නළුවෝ ඒවා ගලපා ජලයෙන් ඉස්සාහුය. හෙතෙම මල් වස්ත්‍රයක් හැඳ පොරොවා නටමින්ම නැගී සිටියේය. මහාපනාද තෙමේ එය දැකද නොසිනාසුනේමය. පණ්ඩු කර්ණ නම් නළුවා රජ මිදුලෙහි දැවමුවා සෑයක් කරවා තමාගේ පිරිස සමග ගින්නට පිවිසියේය. එය නිවුන කල්හි සෑය ජලයෙන් ඉස්සාහුය. පිරිස සහිත වූ හෙතෙම මල් වස්ත්‍රයක් හැඳ පොරොවා නටමින් නැගී සිටියේය. රජු එය දැකද නොසිනාසුනේමය. මෙසේ ඔහු සිනා ගන්වන්ට නොහැකි වන්නා වූ මිනිස්සු උපද්‍රවයට පත්වූවෝ වූහ.
සක්කො තං කාරණං ඤත්වා “ගච්ඡ, තාත, මහාපනාදං හසාපෙත්වා එහී”ති දෙවනටං පෙසෙසි. සො ආගන්ත්වා රාජඞ්ගණෙ ආකාසෙ ඨත්වා උපඩ්ඪඅඞ්ගං නාම දස්සෙසි, එකොව හත්ථො, එකොව පාදො, එකං අක්ඛි, එකා දාඨා නච්චති චලති ඵන්දති, සෙසං නිච්චලමහොසි. තං දිස්වා මහාපනාදො ථොකං හසිතං අකාසි. මහාජනො පන හසන්තො හසන්තො හාසං සන්ධාරෙතුං සතිං පච්චුපට්ඨාපෙතුං අසක්කොන්තො අඞ්ගානි විස්සජ්ජෙත්වා රාජඞ්ගණෙයෙව පති, තස්මිං කාලෙ මඞ්ගලං නිට්ඨිතං. සෙසමෙත්ථ “පනාදො නාම සො රාජා, යස්ස යූපො සුවණ්ණයො”ති මහාපනාදජාතකෙන වණ්ණෙතබ්බං. රාජා මහාපනාදො දානාදීනි පුඤ්ඤානි කත්වා ආයුපරියොසානෙ දෙවලොකමෙව ගතො.
ශක්‍රයා ඒ කරුණ දැන දරුව, යව මහාපනාද සිනාගන්වා එවයි දේවනාටකයා යැවීය. හෙතෙම අවුත් රජ මිදුලෙහි අහසේ සිට අර්ධ රංගනය නම් නෘත්‍යයක් දැක්වීය. එක අතක්ද එක පයක්ද එක ඇසක්ද එක දතක්ද නටයි. සෙලවෙයි. කම්පා වෙයි. අනික නිසල වීය. එය දැක මහාපනාද රජු මද සිනා කළේය. මහජනයා සිනාසෙන්නේ සිනහව දරන්නට සිහිය එළවා ගන්නට නොහැකි වන්නේ අවයව විහිදුවා රජ මිදුලෙහිම වැටෙයි. එකල්හි මංගල්‍යය නිමවූයේ වෙයි. මෙහි ඉතිරිය, පනාදො නාම සො රාජා යස්ස යූපො සුවණ්ණයො යයි මහාපනාද ජාතකයෙන් විස්තර කටයුතුය. මහාපනාද රජු දන් දීම් ආදී පින් කර ආයු කෙළවර දෙව්ලොවටම ගියේය.
සත්ථා ඉමං ධම්මදෙසනං ආහරිත්වා “එවං, භික්ඛවෙ, විසාඛා පුබ්බෙපි මම සන්තිකා වරං ලභියෙවා”ති වත්වා ජාතකං සමොධානෙසි – “තදා මහාපනාදො භද්දජි අහොසි, සුමෙධාදෙවී විසාඛා, විස්සකම්මො ආනන්දො, සක්කො පන අහමෙව අහොසි”න්ති.
ශාස්තෲන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා මහණෙනි, මෙසේ විශාඛා උවැසිය පෙරද මා සමීපයෙන් වර ලැබුවාම යයි වදාරා ජාතකය ගලපා වදාළ සේක. එකල්හි මහාපනාද භද්දජි තෙර වීය. සුමේධා දේවිය විශාඛාවය. විශ්ව කර්මයා ආනන්ද වීය. ශක්‍රයා මම ම වීමි යයි වදාළ සේක.
සුරුචිජාතකවණ්ණනා ඡට්ඨා.